13th Chapter 💥

1K 282 84
                                    

හේමී ඕන කරන බඩු ටික පැක් කර ගත්තට පස්සේ ජන්ග්කුක් කෙල්ලගෙන් අතින්ම අල්ලන් කාර් එක ලගට ගිහින් ලැගේජ් එක කාර් එකට දාලා වාහනේ අරන් කෙළින්ම ගෙදරට ගියා..... ජන්ග්කුක් හේමී එක්ක ඉන්නවා දැක්කම ජිමින්ගේ රිඇක්ශන් එක මොන වගේ වෙයිද කියන එක  ජන්ග්කුක්ට වගේම හේමීටත් හිතට වද දුන්නත් දෙන්නම ඒ බව නොපෙන්වා හිටියා...

ජන්ග්කුක් හේමී එක්ක ගේ ඇතුලට යද්දී ජිමින් හිටියේ living room එකේ පොතක් බල බල..

" කුකී ඔයා ආවද.... ඕ හේමීයා ? 😯 "

" හ්යොන්ග් ... ඔයා නිදිනැද්ද තවම? "

" දේ.. මට නින්ද ගියේ නෑ.. ඒත් හේමී ඇයි මෙහේ ?.. මොනවා හරි කරදරයක් වුනාද ? "

ජිමින් ඇහුවේ හේමී ලගට කිට්ටු වෙන ගමන්.. ඒත් ජන්ග්කුක් ජිමින් හේමීට ලං වෙනවත් එක්කම හේමීගේ අල්ලන් හිටිය අත තවත් තද කරලා අල්ල ගත්තේ හේමීගේ අයිතිය හගවන්න වගෙයි....

" අනී ඔප්පා මේ..."

" හ්යොන්ග් .. එහෙම ප්‍රශ්නයක් නෙවේ.. අද මං හේමී ඉන්න තැනට ගියා.. එතන මෙයාට ඉන්න සුදුසු තැනක් නෙවේ. ඒකයි මං එක්කන් ආවේ.. "

ජන්ග්කුක් හේමී උත්තර දෙන්න යද්දී ඒකට ඉඩ නොදී  හේතුව කිව්වේ හේමී මොනවගේ දෙයක් කියයිද කියලා හිතා ගන්න බැරි වුන නිසයි..

" හේමී අපි එක්ක හිටියට ප්‍රශ්නයක් නෑ නේද හ්යොන්ග් ?.. "

" ආ දේ දේ.. එහෙම ප්‍රශ්නයක් නෑ... මේක හේමීගේ ගෙදර වගේම තමයි.. ඒත්... ඔය දෙන්න ඔච්චර ලං වුනේ කවද්ද ? 😆 "

ජිමින් ඇහුවේ ජන්ග්කුක් හෙමීගේ අතින් අල්ලන් ඉන්න දිහා බලන ගමන් හිනා වෙවී...

" ආ.. මේ... හ්යොන්ග් ... මං ඔයාට කියන්න හිටියේ.. මං හේමීට ආදරේ කරනවා.. "..

ජන්ග්කුක් කීවේ ජිමින්ගේ ඇස් දිහා කෙලින් බලන ගමන්.. මෙච්චර වෙලා හිනා වෙවී දිළිසී  දිළිසි තිබ්බ ජිමින්ගේ ඇස් එහෙන්ම මැලවිලා ගියා වගේ වෙද්දී ජිමින් කෙළින්ම බැලුවේ හේමී දිහා...

" එතකොට හේමී ?"

ජිමින් හේමීගෙන් අහද්දී කෙල්ල ඔව් කියන්න ඔලුව හෙල්ලුවේ බිම බලාගෙන..

ANYTHING WRONG  ⁉️️🚫( Completed  ) Where stories live. Discover now