🚫 chapter 5 🚫

Bắt đầu từ đầu
                                    

"ජනා මම කැබ් එකක් බුක් කරන්නද?"
දෙව් ඇහුවෙ ෆෝන් එකත් උස්සන් මගේ ලඟට ඇවිත්.

"ආ......... මට පුලුවන් ඔය දෙන්නව අපාර්ට්මන්ට් එක ලගින් දාන්න.."
දේව් කියන දේ අහගෙන හිටපු කුකී අපි ලඟට ආව....
මම ඔලුව වැනුවෙ හා කියන්න.... ඉස්සර අපි දෙන්නට කියවන්න කොච්චර දේවල් තිබුනද...... රන්ඩු වෙන්න කොච්චර දේවල් තිබුනද......... ඒත් දැන්.... අපේ ජීවිත සීතලෙන් පිරිල ගිහිල්ල.......

බලන් ඉඳල බැරිම තැන නම්ජුන් ගිහින් සුගාව ඇදගෙන ආව.... අපි හැමෝම අන්තිම වතාවටත් හැරිල බැලුවෙ හොබියගෙ සොහොන දිහා...........

වාහනේ එනකන්ම අපි තුන්දෙනාගෙන් කිසි කෙනෙක් කතා කලේ නෑ..... අපාර්ට්ම්න්ට් එක ලඟට ඇවිත් වාහනේ නවත්තල කුකී මගෙ දිහාවට හැරුන...

"හෙට උදේටත් මම එන්නන්..... පරිස්සමට ඉන්න......."

මට එයාට කියන්න දෙයක් තිබුනෙ නෑ
"හ්ම්......... පරිස්සමින්........"

මමයි දේව්‍ යි බලන් හිටියෙ කුකීගෙ කාර් එක නොපෙනී යනකන්. මගේ හිතේ ඇති උනේ ලොකු දුකක්...... අපිට ඉස්සර වගේ ඉන්න තිබුනන්...... සතුටින්....

"ඒයි .......මේ  අර කොල්ල නේද ඉස්සර උඹෙ පස්සෙන් ආවෙ"
දේව් මට වැලමිටෙන් ඇන ඇන ඇහුවෙ මාව බයිට් කරන්න හිතාගෙන. ඒත් කෙල්ලගෙ වෙලාව නරකයි කොහේදෝ ඉඳල මිසිස් අන් කඩන් පාත් උනා.......

"ඕ.......... දෙන්නත් එක්ක ඇවිද්දින්න ගියාද????"
මෙහෙම කලු ඇඳගෙන ඇවිදින්න යනවද අනික මේ වැස්සෙ.. මේ ගෑනිට පිස්සු....... කියන්න හොඳ ඒව කටට ආවත් මම කට තද කරගෙන හිනා උනා.......

වැස්ස එන්න එන්නම තද කලේ මගෙයි දේව්ගෙයි වාසනාවට වගේ.....

"මිසිස් අන් වැස්ස තදයි.... ඉක්මනට ගෙදරට යන්න....... අපි දෙන්නත් යනව....... මගෙ යාලුව තෙමිල ඉන්නෙ.... එයාට සීතල අල්ලන්නෙ නෑ."
මම දෙකට නැමිල ආචාර කරල දේව්වත් ඇදගෙන දුවගෙන ආව......

"ඈ බන් අර ගෑනි බැලුවොත් වටේ ඇවිදින එකමනෙ කරන්නෙ...."
දේව් කියද්දි මටත් ඒකම හිතුන.

දවස ගෙව්නෙ පුදුම ඉක්මනට. රෑ වෙද්දි මට මතක් උනේ අද රෑත් මට නිදාගන්න ලැබෙන්නෙ නෑ නේද කියල. දේව් වරුවක් තිස්සෙ අම්මල එක්ක කෝල් එහෙක. තාමත් එක දිගටම වහිනව... මම බැල්කනි එකට ඇවිත් පොඩි ගැට්ටකින් වාඩි උනා.  ඇස් ඉස්සරහ වැටෙන වැහි බිංදු  මට මතක් කරල දුන්නෙ ලස්සන අතීතයක්........ ඒත් ඒ සුන්දර අතීතෙ හිටපු සමහරු යන්නම යන්න ගිහින්. පත්තු කර ගත්තු සිගරට් එක තොල් අතරට හිර වෙද්දි මගේ සීතලත් ටිකක් අඩු උනා...

Hanging Tree (Completed )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ