Chapter 38

85 17 3
                                    

Taehyung pov

මැණික ඒ අය ඔයාව මැරුවද..... මට බලාගන්න බැරි වුන ඒ අපේ ලවුස්ටෝරි එකේ අවසානේ මම ජන්ග්කුක්ව නින්දට යවලා බැලුවා. මම බලාපොරොත්තු වුන අවසානේ ඒක නොවුන නිසාම ⁣එයා ආයෙම මගේ ලග හිටියත් මට ලොකු වේදනවක් දැනෙන්න ගත්තා... එදා රෑ පුරාම මම ජන්ග්කුක් ව හග් කරන් නිදා ගත්තත් පහුවදා මම ඇහැරෙද්දි ජන්ග්කුක් අායෙමත් ගිහින් හිටියා.. එයා යනවා කියන්නෙවත් නැතුව එයා ගිහින් තිබුනා.... මට හිතා ගන්න බැරි වුනා ඒ දේට හේතුව.... ෆෝන් එක අරන් මම චෙක්කරේ එයාගෙන් මැසේජ් එකක් හරී ඇතී කියලා
ඒත් නෑ.. මම ඒ නිසාම එයාගේ ඉන්ස්ටර් අකවුන්ට් එකට ගිහින් බැලුවා. ඒ්ක පුරාම තිබුනේ අපි දෙන්නගේ පොටෝස්. ඒවට ආව කමෙන්ට්ස් බලද්දි මාව සීතල වෙලා ගියා.. මේ හැමදේම හිතේ තියන් එයා මට හැංගුවා.. මට කියන්න කිසිම දෙයක් තේරුනේ නෑ... මම කාර් එකත් අරන් එයාගේ ගෙදරට ගියත් මට ඇතුලට යන්න පුලුවන් වුනේවත් සෙකියුරිටී ට හැර වෙන් කෙනෙක්ට කතා කරන්නවත් පුලුවන් කමක් තිබුනේ නෑ....

පොඩි දේටත් ඩිප්ප්‍රෙස්ඩ් වෙන ජන්ග්කුක් මේ දේ හංගන් මොන තරම් විදිවන්න ඇතිද.. අපි ආදරේ කරන්නේ මෙහෙම වෙන් වෙන්නමද. මැණික ආයෙමත් මිනිස්සු ඔයාට ඔයා වෙනස් හැගීම් දැනීම තියෙන වෙනස් කෙනෙක් කියද්දි කොහොමද දරා ගත්තේ... ඇයි තාමත් ඔයාගේ එකවුන්ට් එකෙන් ඒවා අයින් කරලා නැත්තේ කවුද මේ දේ කරේ මගේ ඔලුවට ප්‍රශ්න ගොඩක් එක දිගට ආවත් ඒ කිසිම දේකට දෙන්න මට උත්තරයක් තිබුනේ නෑ.. ම⁣ට ඕනි වුන එකම දේ ඔයාව හම්බවෙන එක වුනත් ඒ දේටත් මට කිසිම අවසරයක් තිබුනේ නෑ.... ඔයාගේ තාත්තා ඔයාව හිර කරාද.... මේ හැමදේටම හේතුව ඒකද.... මැණික මේක වෙනස් දෙයක් නෙමේ... අායෙනම් මට ඔයාව නැති වෙන්න දෙන්න එපා... ඔයාට ආයෙම මාව නැති වෙන්නත් එපා... මේ විදියට විදවන්න නෙමේ අපි ආයේ ආයෙම ඉපදෙන්නේ...

දින සති මාස ගෙවිලා ගියා... මගේ ලගට වෙලා මට කොච්චර ආදරේයිද කියලා නිතරම කියවන හ්‍යුන්ග් මාව දාලා යන්නෑ නේද කියලා හැමදාම අහන මම වෙනස් කෙනෙක් වුනත් මාව මම විදියට ඇක්සෙප්ට් කරාට හැමවෙලාවෙම ස්තූති කරන ආදරෙන් මම දිහා බලන ඒ බෝල ඇස් මට මගෑරුනා. කොච්චර බිසී වුනත් ෆෝන් එක අරන් මැසේජ් එකක් හරි ඇති කියලා බලන්න මම අමතක කරේ නැතත් ඒකත් බලාපොරොත්තුවක් ම වෙලා ගියා. වචනයක්වත් කියන්නැතුව මේ විදියට ඈත් වෙලා ගියේ මගේ හිත රිදවන්න බැරි කමට කියලා ඔයා හිතුවනම් නෑ බේබී රිදෙන්න පුලවන් උපරිම විදියට ඔයාගේ හ්‍යුන්ග්ට රිදිලා ඉවරයි.. ඔයාට අමතක කරවපු මම විතරක් දන්න අපේ කතාවට මට හැපී එන්ඩින්ග් එකක් ඕනි. ඒත් මම කොහෙන් හොයන්නද කාගෙන් අහන්නද මට මේ කිසිම දේකට උත්තර නෑ... සතියකට පස්සේ ඔයාගේ අකවුන්ට් එකක් තියා ඉන්ටර්නෙට් එකේ ඔයාගේ පොටෝ එකක්වත් හොයාගන්න බැරි වුනා. මම එන්ටර්ටේන්මන්ට් එකටත් ගියා.. ඒත් ඔයා ඇග්‍රීමන්ට් එක අයින් කරගෙන කිව්වා. ගෙදරට ගියා යුනිවර්සිටි එකට ගියා මට ඒ කොනදිවත් ඔයා⁣ ගැන කිසිම තොරතුරක් ගන්න බැරි වුනා. අඩුම මම දැන් දන්නේ නෑ ඔයා ඉන්නේ කොරියාවෙද කියලවත්....

It's Alright to be Different ☑Where stories live. Discover now