Chapter 03

184 37 4
                                    


නොට් අගෙන්..... ඇයි මේහෙම හීන... මට ඇති දැන්. මට මතක ඇති කාලෙක ඉදන් පේනවා මේ විදියේ හීන. උදේම මම ඇහැරුනේ පුරුදු විදියටම පෙනුන මම කොහෙදෝ ලෝකයක් හොයන් යන හීනයක් එක්ක. මේ මනස්ගාත හීනම මාව මානසික ලෙඩෙක් ගානට දාන්න ලොකු කාලයක් ගියේ නෑ. මට ඒ හීන අමතක කරන්න ඕනි වුන නිසාම මම ෆෝන් එක අරන් ඩේ අවුට්ස් ගැන සර්ච් කරා. කවදාවත් ඒ දෙයක් ගැන හිතලවත් තිබුනේ නැති මම ඩොක්ටර් ටේහ්‍යුන්ග්ගේ ඊයේ කෝල් එකත් එක්ක ඩේ අවුට් එකක් මොන වගේද කියන දේ බැලුවා. මට පේන හීන එක්ක මම වෙනස් කෙනෙක් මම සාමාන්‍ය මනුස්සයෙක් වගේ නෙමේ මට ලෙඩක් තියෙනවා කියලා හිතෙන ගානට මම මිනිස්සුගෙන් ඈත් වුන එකත් එක්ක මිනිස්සු මම දිහා බලන විදියත් එක්ක ඩේටින් ලව් එෆයාස් ගැන මගේ හිතෙන් අයින් වෙලාම ගියා. ඒ කවමදාකවත් මට ඒ වගේ දෙයක් කරන්න තරම් ශක්තියක් නැති නිසා. මොකද මගේ මේ ඇත්ත ස්වරූපේ මිනිස්සු විහිලුවට ගන්නවට මම කැමති වුනේ නෑ. ඒත් මම ෆෝන් එකෙන් ඒ දෙවල් බලද්දි මට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ලොකු උවමනාවක් දැනුනා. ඒත් බයක් හිතුනා. අද ස්කූල් යන්නැතුව ⁣ප්‍රැක්ටිස් කරන්න යන්න වෙනවා කියලා උදේම ගෙදර ⁣වැඩට ඉන්න කෙනා ඇවිත් කිව්වාම මම එන්ටර්ටේන්මන්ට් එකට යන්න රෙඩි වුනා. ඒත් මගේ හිතේ තිබුනේ ඩේ අවුට් එකක් කොහොම වෙයිද කියන දේ..

Msg

'ගුඩ් මෝනින් ජන්ග්කුක් '

ෆෝන් එකට ආව මැසේජ් එකත් එක්ක මම බැලුවේ ඒක කාගෙන්ද කියලා. ඒ සේව් කරලා නැති නම්බර් එකක් වුනත් මට නිකමට හිතුනා ඒ ඩොක්ටර් ටේහ්‍යුන්ග් ද කියලා. ඒ නිසාම මම ඊයේ ගත්ත කෝල් එකේ නම්බර් එක චෙක් කරා. ඔව් ඒ ටේහ්‍යුන්ග්. ජීවිතේ පලවෙනි වතාවට මට දැනෙන්න ගත්තා අමුතුම හැගීමක්. ඒක මොකක්ද කියන්න තේරුනේ නැතත්. මම මුනේ හිනාවක් එක්ක ඒකට රිප්ලයි කරා.

msg

'අද යුනි යනවද?'

ටේහ්‍යුන්ග් ආයෙමත් එවපු මැසේජ් එක නිසා මම ඇදේ වාඩි වෙලා එයා එක්ක මැසේජ් කරන්න පටන් ගත්තා.

'නෑ අද එන්ටර්ටේන්මන්ට් එකට යනවා.'

'අරක ගැන හිතුවද?'

It's Alright to be Different ☑Where stories live. Discover now