Chapter 11

119 23 1
                                    

Chapter 11

"කියන්න බේබී ඔයා මොනවද දැක්කේ....."

"එයාලා මාව එක්ක ගියා...  ඇල්ෆා ලඟට. එයාගොඩක් ලස්සනයි.. එයාගේ නළලට කොන්ඩේ වැටිලා තිබුනා. එයාට තිබුනේ ඩාර්ක් බ්‍රවුන් ඇස් දෙකක්. එයාගේ ඇහැක මෝල් එකක් තිබුනා තව නහයෙත් තිබුනා. එයාට තිබුනේ ගොඩක් ගැඹුරු කටහඩක්.  එයා ලඟ සුවදයි. ඒ සුවද හරියට ඩේසී මල් වල වගේ. ලුආන් කිව්වේ එහෙම. ඇල්ෆා කිව්වා ලුආන් ලගත් සුවදයි කියාලා. ජස්මින් සුවදයි කිව්වා. තව කිව්වා මේට් කියලා. ඒ සුවද දැනෙන්නේ ඒ හින්දා කිව්වා...  ඒත් ලුආන් සාමාන්‍ය කෙනෙක් කිව්වා. සාමාන්‍ය මනුස්සයෙක් කිව්වා. ඒ දේට ඇල්ෆාට කේන්ති ගියා. එයා මාව හිර කරා කාමරේක.
..........................................................................

ලුආන් එයා ගැන හිත හිතම පසුතැවෙන්න ගත්තා. ඒ එයා විශ්වාස කරපු විදියට එයා ශැඩෝ වර්ල්ඩ් එකේ කිසිම පුරුකකට අයිති නැති කෙනෙක් කියලා එයාට දැනුන නිසා. එයා එයා හිටපු කාමරේන් ඈත පේන කන්ද දිහා එයා බලාගෙන කල්පනා කරන්න ගත්තා. එයාටවත් දැනෙන්නැතුව එයාගේ ඇස් වලින් කදුලු එන්න ගත්තා. එයා මේ ගමන එන්න කලින් හිටපු එයාගේ ජීවිතේ ගැන ආයේ ආයෙම හිතන්න පටන් ගත්තා. අවුරුදු දහඅටෙන් පස්සේ එයාට දැනුන වෙනස් කම් එයාට එකින් එක මතක් වුනත් එයාට ඒ දෙවල් වලට හේතුව විදියට පෙනුනේ එයා වෙනුවෙන් ඉපදුන එයාගේ ආදරේ වෙනම ලෝකෙකට අයිති කෙනෙක් නිසා එහෙම වුනා  කියලා. එයාට හිතෙන්න ගත්තා එයා මනුස්ස ලෝකෙදි එයාගේ ආදරේ වෙනුවෙන් එයාට ලන් වුන අයව ඈත් කරන්න හේතුවත් ඇල්ෆා වෙන්න ඇති කියලා. ලුආන්ට දිගින් දිගටම හිතුනේ ඇල්ෆා තමයි එයාගේ ආත්ම ගත සහකරු කියලා. මේ ලෝකේ හොයන් එන ගමනෙදි වගේම එයාට වෙනස් කම් දැනෙන්න පටන් ගත්ත කාලේ ඉදන් ලුආන් සමහර දවස් වලට  හිතුවත් එයාට මානසික ලෙඩක් තියෙනවා කියලා ඒ දේ ⁣එහෙම නෙමේ එයා හොයපු ඒ මනඃකල්පිත ලෝකේ ඇත්තක්  කියන ⁣දේ ලුඅාන්ට සහනයක් ගෙනාවා. ඒත් ඒ ලෝකේ ලුආන් ජීවත් වුන ලෝකෙට වඩා හාත්පසින්ම වෙනස් වෙද්දි ලුආන්ට ආයෙම යන්නෝන වුනා එයාට මේ ලොකෙට හැඩ ගැහෙන්න බය හිතුනා.   ඒත් එයා ආයේ හැරීමක් නැති ඒ දේ සිතවිල්ලක් විතරමයි කියලා හිතන් ඈත කන්ද දිහා බලන් හිටියා. මොකද ලුආන්ට ආය යන්න බෑ. එයාව යවන්න කීයටවත් මේ අය ලෑස්තිත් නෑ කියන දේ ලුආන්ට තේරෙන්න ගත්තා. මොකද මේ ලෝකෙට ආව කෙනෙක් ආයේම මනුස්ස ලෝකෙට සාමාන්‍ය විදියට යන එක මේ ලෝකෙ පැවැත්මට බලපෑමක් වගේම ආයේ යන්න පාරක්වත් ලුආන් දැනගෙන හිටියේ නැ. මොකද එයාට මතක් වුනා ඇල්ෆා කිව්ව දේ. එයාට ෆයින් කැලෑවෙදි හම්බවුන වෝලෝක් ලුආන් වෙනුවෙන් මෙ ලෝකෙට එන දොර ඇරියා කියන දේ. ගත්ත තීරනේ ගැන පසු තැවි තැවීම ආයෙම එයා එයාගේ ලෝකෙට ආවා කියන සිතුවිල්ලෙන් සතුටු වෙවී වගේම කනස්සලෙන් ලුආන් ඈත කන්ද දිහා බලන් හිටියා. එයා එයාගේ අනාගතේ ගැන හිතන්න පටන් ගත්තා. එයාගේ හිතට ආයෙම වේදනාවක් දැනෙන්න ගත්තා. ඒ එයා ඇත්තටම ටේහ්‍යුන්ග් ගේ මේට් නම් එයාට ජීවිත කාලෙම ටේහ්‍යුන්ග් ගේ හස්බන් විදියට ඉන්න වෙනවා කියලා. වෙන කිසිම දෙයක් නැතුව.

It's Alright to be Different ☑Where stories live. Discover now