Chapter 05

134 38 3
                                    

Msg

"ජන්ග්කුක් අද මට එලියට යන්න එන්න නම් විදියක් නෑ. ඔයාට එන්න පුලුවන්ද මගේ ගෙදරට."

එයාගේ මැසේජ් එකත් එක්ක මට හිතට වෙනසක් දැනුනනත් මම එයාව හම්⁣බවෙන්න එයාගේ ගෙදරට යන්න හිතා ගත්තා.

"හරී හ්‍යුන්ග් මට එඩ්‍රස් එක එවනවද?"

ටේහ්‍යුන්ග් ගේ ගෙදරට යන්න හිතන් මම රෙඩි වෙලා ගෙදරින් එලියට බැස්සා..

ඒත් මගේ ඉස්සරහට ඩැඩා හම්බවුන නිසා මම එහෙමම අඩියක් පිටිපස්සට ගියේ මේ ගමන මට යන්න එයා දෙන්නේ නැති වෙයිම හිතලා..

"කොහෙද යන්නේ...?"

"ල්ලයිබ්‍රී එකට..."

"හහ් ඔව් ඉතිං වෙන වැඩක් නැනේ තමුන්ට. මේ ගෙදර හැමෝටම වැඩ තිබුනත් තමුන්ට වැඩ නෑනේ..."

"ම්මම යන්නද?"

"යනවා යනවා.... මට ලයිබ්‍රී එකේ ඉදන් පොටෝස් ටිකක් ගහලා එවනවා..."

"ඒ මොකටද?"

"ඇත්තටම තමුන් ලයිබ්‍රී ද ගියේ බලන්න."

"හරී...."

"ජන්ග්කුක්..."

"ඇයි?"

"තමුන්ට ඇයි යාලුවෝ නැත්තේ... මම යුනිවර්සිටි එකේ තමුන් ගැන හොයල බැලුවා.. ඇයි කිසිම කෙනෙක් ආස්‍රේ කරන්නැත්තේ..."

"මම කැමති නැ ඒකයි..."

"තමුන් අකමැති වුනට මට කරන්න දෙයක් නෑ.... හැමෝම එක්ක අකමැත්තෙන් හරි හිනා වෙලා ඉන්නවා... මොකද ම⁣ට තමුන් නිසා මගේ වෝට් අඩු කරගන්න බෑ...."

මම මොකුත්ම කියන්නැතුව ගෙදරින් එලියට ආවා. පලවෙනි වතාවට මම ඩ්‍රයිවර් නැතුව ගමනක් යන්න ගෙදරින් එලියට ආවාත් ඩැඩා මාව නතර කරේවත් ඩ්‍රයිවර් එක්ක යන්න කියලවත් කිසිම දෙයක් කිව්වේ නෑ. ඒත් මට එකේ වෙනසක් තේරුනේ නෑ. මොකද එයාට ඕනි වුනෙ මම මිනිස්සු එක්ක එකට ගැටෙනවා බලන්න මම මටම කියලා මිනිස්සු හදා ගන්නවා දකින්න. මොකද මාව ෆේමස් කරන එක එයාගේ එකම අරමුණ වුනේ මට හැදෙන ෆෑන් බේස් එකෙන් එයාට ඉලෙක්ශන් එකට වෝට් ගන්න.

Msg

"කාත් එක්කද එන්නේ...."

"ටැක්සි එකක?"

It's Alright to be Different ☑Where stories live. Discover now