Chapter 02

233 42 2
                                    

අයි හේට් දිස් ලයිෆ් අයි හේට් එව්රිතින් ඇන්ඩ් එව්රිවන්... අැයි මට මෙහෙම වෙන්නේ ඇයි මට මෙහෙම කරන්නේ.. ඩැඩා මොනවා දන්නවටද මට මෙහෙම බල කරන්නේ මම ආස නැති දේකට. මම ගැන ඇත්ත දැනගත්තොත් මිනිස්සු මොනවා වෙයිද? ඒක ඩැඩාගේ ජීවිතේටමයි ප්‍රශ්නයක් වෙන්නේ.... මට බෑ මේක කරන්න අයි හේට් ⁣මියුසික්. අයි ඩෝන්ට් වොන්ට් ටූ බී අැන් අයිඩල්. ඇයි මම මෙහෙම පවුලක ඉපදුනේ. ඇයි මම මේ වගේ ජීවිත් වෙන්නේ. ඇයි ඇයි අැයි.......

ජන්ග්කුක් ප්‍රැක්ටිස් කරන්න එන්ටර්ටේන්මන්ට් එකට යන්නැතුව කලින් ගෙදර ආව නිසාම එයාගේ තාත්තා එයාට කෑ ගහන්න ගත්ත එකත් එක්ක ජන්ග්කුක් ⁣කාමරෙට ඇවිත් එයාගේ කාමරේ බඩු පොලේ ගහ ගහා කෑ ගහන්න ගත්තා. එයාට එයාගේ ජීවිතේ කිසිම තීරණයක් තාත්තාගේ අවසරයක් නැතුව ගන්න බැරි වුනා. එයා ආස මොනවටද එයාට ජීවිතේ තියෙන ප්‍රශ්න මොනවද මේ කිසිම දෙයක් ජන්ග්කුක් ගේ තාත්තා දැ⁣නගෙන හිටියෙත් නෑ ජන්ග්කුක් ඒ කිසිම දෙයක් කියන්න ගියෙත් නෑ. එයා හැමදාම කරේ තාත්තා එක්ක රණ්ඩු කරන එක වගේම එහෙම රණ්ඩු වෙන දවසට එයාගේ කාමරේ බඩු විනාස කරන එක. ඒත් ආයෙම එයාම ඒ දෙවල් අස් කරලා හිත හදා ගත්තා.

ඇයි මම මේ විදියට ඉපදුනේ. මම මේ ලෝකෙට අයිති කෙනෙක් නෙමේ. අද යුනිවර්සිටි එකෙන් යුමී කිව්ව කතාව ඇත්ත. වෙනස් කෙනෙක්ට අයිඩල් කෙනෙක් වෙන්න බෑ. මිනිස්සු එක්ක කතා කරන්න මම බයයි. එහෙම කතා කරන්න වෙද්දි මට බයයි ඒ අය මම ගැන දැන ගනී කියලා. ඇත්තටම එහෙම දැනගත්තොත් ඒ අය මට මොනවා කරයිද? තාත්තා මට මොනවා කරයිද? මම මනුස්සයෙක් නෙමේ.. මට අැයි හැමවෙලාවකම දැනෙනනේ මම මනුස්සයෙක් නෙමේ කියලා. මම අයිති ලෝකේ මේක නෙමේ. මට එහෙම දැනෙන්නේ ඇයි.

මම අදත් පුරුදු විදියටම මට බැන බැන මම හැඩි කරපු කාමරේ අස් කරන්න ගත්තා. එහෙ මෙහේ විසි කරපු මගේ පෙයින්ටින්ග්ස් අායෙම පිලිවලකට මම අස් කරා. ඒ ගමන් මම ඒ හැම එකක් දිහාම අායේ ආයෙම බැලුවා. ඒ හැම පේන්ටින්ග් එකක්ම තිබුනේ මගේ හිතේ ඇදුන මම රෑට හීන වලදි දැකපු ඒ අමුතු ලෝකේ ගැන. මම ඒ හැම පේනටින් එකක්ම පොටෝස් අරන් මගේම ඉන්ස්ටර් අකවුන්ට් එකක අප්ලෝඩ් කරා. ඒත් කිසිම කෙනෙක් ඒ මම කියන්නවත් මට මේ වගේ පේන්ටින්ග්ස් කරන්න පුලුවන් ටැලන්ට් එකක් තියෙනවා කියලවත් දැනගෙන හිටියේ නෑ. මම මේ හැමදේම කරේ මට ඒ දෙවල් ආයේ ආයෙම මතක තියාගන්නෝන නිසා වගේම ඒ දෙවල් කරද්දි මගේ මනස නිදහස් වුන නිසා. ඒත් අන්තිමට ඒ දෙවල් දිහා ආයෙම හැරිලා බලද්දි මම දැක්කේ ඒ කිසිම දේකින් මට කිසිම වෙනසක් වෙලා නැ වගේම මම මගේ ලෝකේ හිර වෙලා කියලා. ඇයි මට මෙහෙම වෙන්නේ කාටවත් කියන්න බැරි ඇයි මේ දෙවල්. මට මාව එපා වෙලා මේ ජීවිතේ එපා වෙලා මාව තේරුම් ගන්න කෙනෙක් නෑ... මම ඩැඩාට කොච්චර කිව්වත් මට අයිඩල් කෙනෙක් වෙන්න බෑ කියලා එයා ඒ දේ පිලිගත්තේ නෑ. එයාට හැමදේටම වඩා වටින දේ වුනේ ඊලඟට එන ඉලෙක්ශන් එක.

It's Alright to be Different ☑Where stories live. Discover now