Chapter 04

164 38 5
                                    

ලුආන්ට මහන්සියක් දැ⁣නුනේ නැති තරම්. එයා කිලෝමිටර් කීයක්ද කියන්න බැරි තරම් දුරක් ඇවිදගෙන ආවා. කෑලෑව දිගේ  ගොඩක් ඈතට වෙනකන් ඇවිත් ලුආන් ෆෝන් එක අතට අරන් බැලුවා. ඒ අම්මාගෙන් පණිවිඩයක් හරි තියෙයි කියලා. ඒත් ලුආන් හිටියේ සිග්නල් බින්දුවක්වත් නැති ඝන ෆයින් කැලෑවක් මැද. ලුආන් එයාටම ප්‍රාර්ථනාවක් කරා. ඒ එයාගේ අම්මයි තාත්තායි පරිස්සමෙන් ජීවත්වෙන්නෝන කියලා. පොඩි කාලේ ඉදන් ජීවත් වුන ප්‍රදේශේ වෙලත් ලුආන් කවදාවත් දැනන් හිටියේ නෑ මේ තරම් වීශාල ෆයින් කෑලැවක් තියෙනවා කියලා.. එයා ඇවිදන් ගියා එයාට ටිකෙන් ටික දැනෙන්න ගත්තා එයාගේ ඇගට වෙනස් කම් වෙනවා. හරියට දවල් වුනත් ලොකු සීතලක්. සීතල දැනෙන සිසිර සමේ නොවුනත් ලුආන්ට සැප පහසූ සීතලක් දැනෙන්න ගත්තා. ලුආන්ගේ ගතට විතරක් නෙමේ හිතටත් ලොකු සැප පහසුවක් දැනුනා. ඒත් ලුආන්ට හිතා ගන්න බැරි වුනා එක පාරටම ඒ දැනුන වෙනෙස.

ෆයින් කැලෑව ඉවරවෙනකන් ඇවිදන් යන්න හිතුවත් ලුආන් හිතලම නතර වුනේ එයාට විවේකයක් ඕනි කියලා හිතුන නිසා. බෑග් එකෙන් වතුර බෝ⁣තලෙත් අරන් වතුර බීලා එයා ගහක් යට වාඩි වුනේ අවසානේ මොකක්ද කියලා දන්නැති එයා පටන් ගත්ත ගමන ගැන ආයෙමත් හිතන ගමන්.

Luan pov

මට සාමාවෙන්න අම්මේ.. මට මේ දේ කරන්න අමාරුයි. අම්මලාට ඕනි වුනා මම හොදට ඉගෙන ගෙන ලස්සනට ජීවත් වෙනවා දකින්න. ඒත් මමවත් දන්නෑ මට වුන දේ. අන්තිමට මට මගේ යාලුවෝ නැති වුනා. මම ඒ අයගෙන් අයින් වුනා. මට මේ දෙවල් අම්මලට හරියටම කියන්න බෑ. මොකද ඒ දෙවල් තේරුම් ගන්න ඔයාලට බෑ අඩුම මටවත් බෑ අම්මේ. ඒක විකාරයක්.  මම පොත් අතර තනි වෙන්න ගත්තා. මම මගේ වෙනසකම් වලට හේතු හෙව්වා. හීන වලට හේතු හෙව්වා. ඒ හැම දේම අවසානේ මම නතර වුනේ ප්‍රබන්ධ කියලා හිතපු ලෝකෙක. ඉතිං මම කොහොමද කියනනේ අම්මේ මම මේ ලෝකෙට අයිති නැති කෙනෙක් කියලා මට දැනෙනවා කියලා. ඔයාලා පිලිගනීද එහෙම පැරරල් ලෝකයක් තියෙනවා කියලා. නෑ අම්මේ මම මගේ හීනෙදි මට කිව්ව ඒ ලෝකේ හොයන් යන්නම්.

ලුආන් තනියම එයාගේ අම්මා ගැන හිතන්න ගත්තා. එයා වැඩිපුරම මේ ලෝකේ ආදරේ කරපු කෙනා. එයාගේ අම්මා. ලුආන් අම්මා ගැන හිතහිත ඉන්න ගමන්ම නින්දට වැටුනා. ලුආන්ගේ ඇගට මහන්සි යක් දැනුනේ නැතත් එයාට නින්ද ගියා කොච්චරද කියලා වෙලාවක් කියන්න බැරි තරම්. එයා අායෙම ඇහැරෙද්දි කැලෑව අදුරු වෙලා ඉර බැහැලා ගිහින් තිබුනා. ලුආන් නැගිටලා අායෙම යන්න පටන් ගත්තා. ලුආන්ට තේරුනේ හරියට එයාව යන්නෝන පැත්තට කවුරු හරිම එක්ක යනවා වගේ.  අන්තිමට ලුආන් නතරවුනේ කදු පාමුලක් යට. එයා කන්ද දිහා බලන් හිටියා. පුරුදු විදියටම කලින් දැනුන සීතල වැඩියෙන් දැනෙන්න ගත්තත් ලුආන්ට දැනුනේ එයාගේ ඇග ඇතුලෙන් ඒ සීතලට රස්නයක් පිටකරනවා වගේ. එයා වැඩි මහන්සියක් නැතුවම කන්ද නැන්ගා. අවසානේට ලුආන්ට එයා හොයන් අාව හරියට පාරක් ⁣දන්නැතුව ආව ගමනේ අවසානයක් පෙනුනා. ඒ ගිණිමැලයක්. කන්දේ අනිත් පාමුල ඇවිලෙන ගිණිමැලේ දිහා බලන් ලුආන් සැනසුසම් සුසුම් හෙලුවා.

It's Alright to be Different ☑Where stories live. Discover now