Chapter 24

67 16 2
                                    

After 4 days

Jungkook pov

"මට බෑ"

"ජන්ග්කුක් මගේ යකා අවුස්සන් නැතුව කිව්ව වැඩේ කරනවා. යනවා ගිහින් ලෑස්ති වෙනවා "

"ඩැඩා මට මේක කරන්න.බෑ. මගේ ෆෝන් එක දෙන්න. මට කතා කරන්න කෙනෙක් ඉන්නවා "

"තමුන් මේ කොන්සර්ට් එකට ගියාට පස්සේ මම ෆෝන් එක දෙන්නම්. දැන් යනවා මගේ යකා අවුස්සනැතුව ගිහින් ලෑස්ති වෙලා කම්පැනි එකට යනවා..."

තාත්තාගේ බල කිරිමටම මම ගිහින් වොශ් දාලා ලෑස්ති වුනේ අද හවස තියෙන කොන්සර්ට් එකට යන්න. දවස් හතරකට කලින් වුන සිදුවීමත් එක්ක මගේන් ෆෝන් එක අයින් කරා වගේම මාව ඩැඩා එයාට ඕනි ඕනි විදියට නටවන්න පටන් ගත්ත එකත් එක්ක මට ටේහ්‍යුන්ග් ව හොදටම මගෑරුනා. එයාට කියන්න දෙවල් කොච්චර තිබුනත් මට ඒ කිසිම දෙයක් එයාට දනවන්නවත් බැරි වුනා.

මට සමාවෙන්න හ්‍යුන්ග්. මට ඕනි ඔයා ලගට එන්න. සති තුනක් ඉදන් මම ඔයාව දැකලවත් නෑ. ඔයාගේ කිස් ටච් වගේම ඔයාගේ සුවද මට මේ හැමදේම මිස් වෙලා. මට ඔයා ඕනි ඒත් මට එන්න බෑ. ඔයා දන්නවනම් මම මේ දවස් හතර ගෙව්වේ කොහොමද කියලා ඔයා එනවා හ්‍යුන්ග් මාව හොයගෙන. මට ආයෙම නපුරු හීන පෙනුනා. මම අම්මව හීනෙන් දැක්කා හ්‍යුන්ග් ඒත් එයා මට ගැහුවා. ඒ එයාව මම රිද්දුවා කියාලා. හ්‍යුන්ග් මම තාත්තාගෙන් ඇහුවා මගේ අම්මා කවුද ඇයි එයා මාව එයා ලගට ගන්නැත්තේ කියලා. මට ඇත්තටම අම්මාගේ ආදරේ ඕනි හ්‍යුන්ග්. මම හීන වලදි දකිනවා එයා මට ගොඩක් ආදරෙන් සලකනවා. හ්‍යුන්ග් ඒත් ඇත්තටම එක එහෙමද? මම අයිඩල් කෙනෙක් වෙන්න සුදුසු නෑ හ්‍යුන්ග්. යුනි එකෙදි ගොඩක් ළමයි ඒක කිව්වා. මම ගුප්ත ළමයෙක් කිව්වා. මම වගේ කෙනෙක්ට අයිඩල් කෙනෙක් වෙන්න බෑ කිව්වා හ්‍යුන්ග්. අනේ මට මේ දෙවල් ඔයාට කියන්න ඕනි. මම ඔයා නිසා වෙනස් කෙනෙක් කියලා හිතන් නැතුව සාමාන්‍ය කෙනෙක් වගේ ඉන්න හැදුවා. හැමදාම හූඩී එකෙන් හෙඩ් කවර් කරලා හිටපු මම ඔයා නිසාම කලු හූඩි එක අයින් කරත් ආයෙමත් මම ඒ දේ කරන්න පටන් ගත්තා හ්‍යුන්ග්. මම ආයෙමත් අර හිටපු ජන්ග්කුක් ම වුනා මට එහෙම වෙන්න ඕනි නෑ හ්‍යුන්ග්.

It's Alright to be Different ☑Where stories live. Discover now