Chapter 34

67 15 1
                                    

"ලුආන් ලුආන් මොකක්ද වුනේ.... "

"ජැකී ........ ජැකි........"

මම දැනුන ලේ සුවද නිසාම ගෙදර ඇතුලට ගියේ ආයෙම ජෝන් ගේ බොඩි එකට ආර්චි මොනවම හරි කරලා ඇති කියලා හිතලා වුනත් මගේ ඇගට පණ නැති වෙලා මම එතනම බිම වැටුනේ මං ඉස්සරහා ලේ විලක් මැද ජැකී වැටිලා ඉන්න විදිය දැක්කාම. ලුආන් පැත්තකට වෙලා ඉදගෙන අඩ අඩ හිටියේ එයාට කරගන්න දෙයක් නැති වුනා කියලා කියවන ගමන්. එයාගේ ඇස් වල ලොකු ආසරණකමක් පිරිලා තිබුනා. මට එයා ලගට යන්නවත් හිතුනෙ නැති තරම්. මට මතක ඇති කාලෙක ඉදන් මගේ ලග ඉන්න ජැකී ලේ විලක් මැද වැටිලා හිටියා.

"ලුආන් ඇයි මෙහෙම කරේ. එයා විතරයි අපිට උදව් කරන කෙනෙක්ට හිටියේ. ඔයා ඇයි මගේ හොදම යාලුවා වගෙම මට හිටපු සහෝදරයව මරලා දැම්මේ ලුආන් ඇයි.. ආර්චි මෙච්චර නපුරු ඇයි ලුආන් මේ වගේ කෙනෙක් මරන්න තරම්. මම ප්‍රශ්නේ විසදලා එනකන් ඔයාට ඉන්න බැරි වුනේ ඇයි ආර්චි. දැන් මම ඇලෙක්ට මොකක්ද කියන්නේ ⁣එයා මේක කොහොම බාර ගනීද මට කියන්න ඇයි මෙහෙම දෙයක් කරේ...."

"හ්‍යුන්ග් මම එපා කිව්වා. මම කෑ ගහලා කිව්වා එපා කියලා. මම ජැකීට කිව්වා යන්න කියලා මාව හිර කරලා යන්න කිව්වා. ඒත් ආර්චි මට කීකරු නෑ මාව ශිෆ්ට් වෙන එකවත් මට පාලනේ කරන්න බෑ හ්‍යුන්ග්. එයා එක පාරටම පැන්නා ජැකීට හිතන්නවත් වෙලාවක් දුන්නෑ. හ්‍යුන්ග් තේරෙන්වද මම ඉන්න තත්වේ. ඔයා ආකි දෙන්නම එක පැත්තක එකට. හැමදේම කරන්නේ. ඒත් මගේ වොල්ෆ් මට විරුද්ධ ව වැඩ කරන්නේ. ජැකී කලින් කිව්ව හැමදේම ආර්චි අහගෙන හිටියා. මාව මරන්න කිව්ව එකට තරහට එයා ජැකිව මැරුවේ. ජැකි කිව්ව කතාව හරී හ්‍යුන්ග් මාව මරන්න. මාව මරලා දාන්න හ්‍යුන්ග්....

Archie- කට වහගන්නවා ලුආන් තමුසෙට පිස්සු ද......

"හ්‍යුන්ග් ප්ලීස් හ්‍යුන්ග්. මගේ අතින් තවත් නම් කාවවත් මරන්න දෙන්න එපා හ්‍යුන්ග්. ප්ලීස්... "

මම කිසිම දෙයක් කියන් නැතුව බිම තියෙන ජැකීගේ බොඩි එක දිහා බලන් හිටියා. පොඩි කාලේ ඉදන් මාත් එක්ක හිටපු හැටි මට එකින් එක මැවිලා පේන්න ගත්තා. මට මේට් කෙනෙක් නෑ කියලා පැක් එකේ අය එක එක දෙවල් කියද්දි එයා ම⁣ගේ හිත හදපු හැටි ම⁣ගේ මේට් මේ ලෝකේ ඉන්න ආදරණියම මේට් වෙනවා කියලා එයා ගැරන්ට් කරපු විදිය වගේම එයා පැක් එකේ ලූනා වුනාම පැක් එකට ආදරෙන් සලකන විදිය ගැන කිය කිය මගේ හිතේ ම⁣ගේ මේට් ගැන ආද⁣රේ පරවපු විදිය මට එකින් එක මතක් වෙන්න ගත්තා. ඇත්තටම මොකක්ද කරන්න ඕනි. මගේ සහොදරයා වගේ හිටපු කෙනා ⁣මරපු එකට මගේ මේට් මරණ එකද එහෙමත් නැතිනම් අනිත් අය කිව්ව විදියට මාර්ක් කරන එකද හිර කරන එකද මම මොකක්ද කරන්න ඕනි. මට මේ කිසිම දෙයක් තේරෙන්නෑ.
මම රූම් එකෙන් එලියට ආවා ලුආන් දිහා බලන්නවත් මට ඕනි වුනේ නෑ. ඒ වෙලා තිබුන දේට ආකිට වුනත් තරහක් වගේම එයා ගැනම කලකිරීමක් දැනිලා තිබුනා. පැක් එකේ කෙනෙක් මැරිලා පැය බගක් ඇතුලත ඒක මුලු පැක් එකටම දැනෙන නිසා මම එලියට එද්දි සීමාව ආරක්ෂා කරන වොල්ෆ්ලාගේ ඉදන් හැමෝම මගේ කුටිය ඉස්සරහා හිටගෙන හිටියා. ඉස්සර ඉදන්නම ජැකීට කැමැත්තෙන් හිටපු පීටර් ඇස් වල කදුලු පුරවන් මම දිහා බලන් හිටියා. ඒ අයට දෙන්න පුලුවන් උත්තරයක් මම ලග තිබුනේ නෑ. හැමෝගෙම අස් වල බයක් තිබුනා. මේ දේ වෙනුවෙන් සටන් කරන්න ඒ අයට බයක් තිබුනා. ඒ නිසාමයි එයාලා මට ලුආන්ව අර විදියට මාර්ක් කරන්න කිව්වේ. එයාව ඔමේගා කෙනෙක් කරන්න කිව්වේ. ඒ වෙනකන් එ් කිසිම කෙනෙක්ට ලුආන්ට විරුද්ධ ව නැගිටින්න බැරි වුනා.

It's Alright to be Different ☑Where stories live. Discover now