Chapter 31

82 17 1
                                    

එදත් ඔයා ⁣වෙනස් කෙනෙක් බේබී... ඇයි අදත් ඔයා ඒ විදයටම හිතන්නේ....

"හ්‍යුන්ග්........
හ්‍යුන්ග්........."

ටේහ්‍යුන්ග් හිටියේ කිචන් එකට වෙලා කල්පනා ලෝකෙක අතරමං වෙලා... එයාට ජන්ග්කුක් ඇවිත් දෙතුන් පාරක්ම කතා කරනකන් ඇහුනේ නෑ....

"හ්‍යුන්ග් ඔයා මොන ලෝකෙද අතරමං වෙලා ඉන්නේ......"

"ආහ් බේබී...... ඔයා ඇහැරුනා ද?"

"ඔව් හ්‍යුන්ග්..... කෑම කපපු තැන වල එහෙමමයි..මොනවද කල්පනා කරන්නේ.... එන්න අපි දෙන්නම හදමූ මේවා....."

"බේබී දන්නවද උයන්න...."

"ට්‍රයි කරලා බලමූ....."

කලින් අත්මේ මතක අස්සේ හිර වෙලා හිටපු ටේහ්‍යුන්ග් ට ජන්ග්කුක් එනවවත් ගානක් ගියේ නෑ. එයා ජන්ග්කුක් ගෙ සද්දෙට හරි සෙන්ස් එකට ආවත් එයාගේ ඔලුවේ තිබුනෙම එයාගේ කලින් ආත්මේ මතක.  නෙගටිව් කමෙන්ට්ස් නිසා අවුලෙන් නිදා ගත්ත ජන්ග්කුක් අායෙම ෆ්‍රෙශ් විදියට ඉන්නවා දැක්කාම ටේහ්‍යුන්ග් ආයෙම සාමාන්‍ය විදියට හිතන්න ගත්තා.. ඒත් එයාට ජන්ග්කුක් ව දකින ගානට එයාගේ කලින් ආත්මේ මතක් වෙන එක නතර කර ගන්න බැරි වුනා.

"ඒ හැමදේම වුනෙ ඊට පස්සේ බේබී...... "

"මොකක්ද හ්‍යුන්ග්....."

"නැ බේබී.... වෙනස් වුනාට කමක් නෑ.... මේ ලෝකේ ලස්සන වෙනස් අය ඉද්දි......."

"නෑ හ්‍යුන්ග්.... මේ ලෝකේ සමහර නපුරු දෙවල් වෙනවා වෙනස් අය ඉද්දි....."

"ඇයි බේබි එහෙම කියන්නේ...."

"මට නිකන් හිතුනා. බලන්න තාත්තටත් මම නිසා ප්‍රශ්නයක් වුනා. ලෝකෙටම මාව ප්‍රශ්නයක් වෙලා වෙනස් කෙනෙක් කියලා. ඒත් ඔයා විතරක් මාව මම විදියට පිලිගන්නවා.. මම නිසා ඔයාටත් ප්‍රශ්නයක් වෙයිද හ්‍යුන්ග්...."

"නෑ බේබී.. කවදාවත් එහෙම වෙන්න වෙන්නෑ...."

"ඒත් හ්‍යුන්ග් ඇයි එකපාරටම එහෙම කතාවක් කිව්වේ.. ඒ හැමදේම එහෙම වුනේ ඊට පස්සේ කියලා....."

"අහ්.... මම මම එහෙම දෙයක් කිව්වාද? නිකන් කියන්නැති බේබි. මම හිටියේ පේශන්ට් කෙනෙක්ගේ සිහියෙන්...."

It's Alright to be Different ☑Where stories live. Discover now