Chapter 28

71 18 1
                                    

"ලුආන්...."

"ලුකස් කියන්න මට මගේ ඇත්ත අම්මායි තාත්යි කවුද ඒක කොහොමද වුනේ.....?"

"ලුආන් අපි යන්නෝන දැන්"

"ලූකස්.... අම්මා....."

"එයා ඇහැරෙද්දි හැමදේම හරියයි ලුආන්... අපි යන්නෝන දැන්. අපි කිව්වේ දවස් දෙක තුනකින් එනවා කියලා එත් අපි සති දෙකක් හිටියා. අැල්ෆා බලන් ඇති"

"හරි ලුකස් අපි යමු"

ජන්ග්කුක් අවසාන වතාවට අම්මා ලගට ගිහින් අම්මාගේ ඔලුව අතගෑවා.

"අම්මේ මට සමාවෙන්න මම දන්නවා අම්මා මට ගොඩක් ආදරෙයි කියලා. වගේම මාව බලාගත්ත විදිය. මේ හැමදේම මම දන්නවා. ඒත් ලුආන් අයිති වෙනම ලෝකෙකට අම්මේ. අම්මා මේ දේ තේරුම් ගනී කියලා හිතුවා ඒත් නෑ අම්මේ. ඒ නිසා ම⁣ට ආයේ එන්න වෙන්නෑ අම්මේ. මම ඒ ලෝකේ දැකපු නිසා දන්නවා මට දැන් මෙහෙම ජීවත් වෙන්න අමාරුයි කියලා. මම අයිති එහෙට. අම්මේ ලුආන්ට සමාව දෙන්න. මට බර්ත් එක දුන්නේ අම්මා නොවුනත් මගේ අම්මා ඔයා විතරයි අම්මේ ඔයා කිව්ව විදියට බර්ත් එක දෙන්න ඕනිම නෑ අම්මා කෙනෙක් වෙන්න. ඒත් මට සමාවෙන්න අම්මේ. දවසක මම ඔයාව බලා ගන්නවා ඒ දේ එහෙම කරනවමයි. ඔයා තනි වෙන්නෑ අම්මේ ලුආන් ඉන්නවා. ඒත් ඔයාට ලන් වෙලා වෙනදා වගේ ඉන්න බැරි වෙයි. අම්මේ
මට සමාවෙන්න...."

ලුආන් මිසිස් යෙරීන් ගේ ඔලුව අතගාන ගමන් කතා කරා. එයාගේ ඇස් වලින් කදුලු වැටෙන විදිය ලූකස් බලන් ඉදලා ලගට ඇවිත් එයාව නැගිට්ටවලා එතනින් එක්කන් ගියා.

"ලුආන්.. අපි යන්නෝන. ටේහ්‍යුන්ග් බලාගෙන ඇති.. "

"ලූකස් අද පුර හඳ දවසක්... "

"ඔව් ලුආන් මේ පුර හද දවසට එයාව තනි කරන්නෙපා එයා ලගට යන්න... "

"අපි යමූ ලුකස්..."

"ලූකස් ෆයින් කැලේ මැදට ලුආන්ව එක්ක ඇවිත් එයාගේ මායා බලෙන් ඩෝ එක ඕපන් කරා."

"ලූකස් මම මෙතනින් එහාට යන්නම් මට ඕනි ටේහ්‍යුන්ග් ලගට යන්න..."

"ඔයා දන්නවද එයා ඉන්න තැන. "

"ගෙදර ඇති ලූකස් "

It's Alright to be Different ☑Where stories live. Discover now