Chapter 06

150 36 1
                                    

"මගේ තාත්තා මගේ තාත්තා පොලිටීශියන් කෙනෙක්.. එයා දැන් එක දිගට තිබුන ඉලෙක්ශන් ඔක්කොම වින් කරත් මේ පාර එයා මාව පාවිච්චි කරන්න හදනවා. මොකද එයා එක එක කාලෙට එක එක දෙවල් කරලයි වින් කරේ. මේ පාර එයාගේ ඉත්තා වෙලා ඉන්නේ මම හ්‍යුන්ග්. මට අපේ ගෙදර හැමදාම තිබුනෙ හරිම වෙනස් පරිසරයක්. අම්මා කවදාවත් අපි එක්ක හිටියේ නෑ. මම ගෙදර වැඩ කරන මමා එක්ක හිටියේ. මම එයාට මමා කියන්න හේතුවත් ඒක හ්‍යුන්ග්. මාව බලාගත්තේ එයා.

මම ඉපදුනාම අම්මට මාව ළමයෙක් විදියට බාර ගන්න ඕනි වුනේ නෑ. එ් නිසාම මම ගෙදර ඉන්නවනම් එයාට ඉන්න බැ කියලා එයා ගියා. මට සාමාන්‍යයෙන් තේරෙන කාලයක් වෙද්දි. මම අම්මට කවදාවත් වෛර කරන්නෑ. ඒත් අනිත් අය එයාලගේ අම්මලා එක්ක ඉද්දි තාත්තලා එක්ක ඉද්දි මට පොඩි කාලේ ලොකු දුකක් දැනුනා මටත් හිටියනම් කියලා හිතුනා.

මම ගෙදර ඇවිත් තාත්තාට කිව්වාම මට අම්මා ඕනි කියලා තාත්තා මට හැමදාම කෑ ගැහුවා. අම්මා ගෙදරින් ගියේ මම නිසා කියලා. ඉතිං පොඩි කාලෙදි මට තේරුනේ නෑ ඇයි අම්මා ගියේ කියලා. ඒත් ටිකෙන් ටික ලොකු වෙද්දි මම දැනගත්තා ඒකට හේතුව. ඒ හේතුවත් එක්ක මම ළමයින්ගෙන් අයින් වුනා කොහොමත් මට යාලුවෝ හිටියේ නෑ. මොකද මට අව්වෙ සෙල්ලම් කරන්න පර්මිශන් තිබුනේ නෑ. ස්කූල් ඇරෙන වෙලාවට ඩ්‍රයිවර් එනවා උදේට දාන්න එනවා. ඉතිං ළමයි මාව ආස්‍රේ කරේ නෑ. මම හැදුනේ තනියම. ඉතිං මම පොඩි කාලේ ඉදන් මේ දෙවල් වලට හුරුවුනා.

ජන්ග්කුක් ගේ කතාවත එක්ක ටේහ්‍යුන්ග් ගේ හිතට ලොකු වේදනාවක් දැනෙන්න ගත්තා. අවුරුදු විසි දෙකක ⁣තරුණ පිරිමි ළමයෙක් වෙලත් ජන්ග්කුක්ට ඒ වයස ළමයෙක්ට තියෙන්න ඕන් අත්දැකීම් කිසිම දෙයක් නැතුව යාලුවෙක්වත් නැතුව එයා හැදුන විදිය වගේම එයා⁣ට අම්මාගේ ආදරේ නෑ කියලා දැනේද්දි දැනෙන වේදනාව ජන්ග්කුක් ගේ ඇස් වලින් දකිද්දි ටේහ්‍යුන්ග් ට කියන්න තේරෙන්නැති ලොකු වේදනාවක් දැනෙන්න ගත්තා.

"මොකක්ද ජන්ග්කුක් හේතුව අම්මා ඈත් වුන ඔයා ඒක දන්නවද?"

"ම්ම්ම්ම් මගේ අම්මාට වෙන එෆයාර් එකක් තියෙනවා. ඒකෙන් එයාට තව ළමයෙක් ඉන්නවා. ඉතිං දවසක් ඕක ළමයි දැනගත්තා ඒ මගේ මල්ලිගේ ඒ කියන්නේ අම්මාගේ අනිත් ළමයාගේ ⁣⁣රැස්වීමකට අම්මායි එයාගේ තාත්තයි ආවා. එදා මම අම්මව ස්කූල් එකේදි දැකලා කතා කරා. ඒත් අම්මා මාව දන්නැති ගානට ගියා හ්‍යුන්ග්. එදා ළමයි ඒක දැනගෙන මට ගොඩක් විහිලු කරා. වගේම මගේ මල්ලිට යාලුවෝ ගොඩක් හිටියා. මම ඒ වෙනකන් දැනගෙන හිටියේ නෑ ඒ මගේ මල්ලි කියලා. මොකද එයා ස්කූල් එකේ හිටපු ගොඩක් දඟ වගේම කියන දේ අහන්නෙම නැති ළමයෙක්. හැමදාම එයාගේ දෙවල් වලට ආවේ එයාගේ තාත්තා වුනත් එදා මගේ අම්මත් ආවාම මට කියන්න තේරෙන්නැති ⁣දුකක් දැනුනා. ඒ මගේ දෙවල් වලට කවදාවත් අම්මවත් තාත්තාවත් ඇවිත් නැති නිසා. එදාත් ළමයි මට එක එක විහිලු කරා. මාව කොන් කරා. මම ඉතිං ළමයින්ගෙන් ඇත් වුනා."

It's Alright to be Different ☑Where stories live. Discover now