Chapter 18

77 19 3
                                    


ජන්ග්කුක් ව හග් කරන් මාත් නිදා ගත්තේ අද එයා රෑට නතර වෙනවා කිව්ව නිසාම වුනත් මට නින්දක් ආවේ නැත්තේ ජන්ග්කුක්ව මෝහනේ කරාලා දැන ගත්ත දේත් එක්ක මට මතක් වුන මගේ කලින් ආත්මේ විස්තර නිසා. ඒ ලුආන් අද ජන්ග්කුක් වෙලා මගේ ලගටම ඇවිල්ලා. එදා පලවෙනි පාරට මම පැක් එකට අදුන්වලා දුන්නට පස්සේ පැක් එකම විරුද්ධ වුන මන්ඩේන් ඒ මගේ තුරුලට වෙලා නිදා ගෙන ඉන්න ජන්ග්කුක් කියලා දැනෙද්දි මට කියන්න තේරෙන්නැති හැගීම් ගොඩක් දැනුනා.

ආත්ම ගානක් මම ඔයාට ආදරේ කරනවා මම ඔයත් එක්ක එනවා කියලා කතාවට මිනිස්සු කිව්වත් මම ඒ දෙවල් විශ්වාස කරේ නෑ. ඒත් ඇත්ත ආදරේ වෙනුවෙන් එකතු වෙන්න බැරි වුනොත් ආත්ම ගානක් වුනත් ඒ අය එනවා. . ඒ ආදරේට සැනසීම අරගෙනම ලබා ගන්න බැරි වුන සැනසීම එකතු වෙන්න බැරි වුන විදගන්න බැරි වුන ආදරේ මොනම හරි ආත්මෙක එකට විදගන්න බලන් ඒ අය එනවා. ඒ තමයි ඇත්තම ආදරේ. එහෙම නැතිනම් සදාතනික ආදරේ වෙනුවෙන් ඒ අය ආත්ම ගනන් එක දිගට ඉපදෙනවා. මම මේ වෙනකන් විශ්වාස කරේ නැති ඒ දේ ජන්ග්කුක් නිසාම මට විශ්වාස කරන්න වුනා. මොකද මේ අපේ අාදරේ ආත්ම ගනන් එක දිගට අපි අපිවම හොයන් ඇවිත්.

අහම්බෙන් වෙනස් කෙනෙක් නිසා වෙනස මොකක්ද කියලා දැන ගන්න තිබුන කුතුහලේටම එයාට ලං ⁣වුනත් එයාගේ කතාව දැනගන්න තියෙන ඕනි කමට එයාට මුලදි ආදරෙයි කියලා පෙන්නුවත් මේ හැමදේම වෙලා තියෙන්නේ මට මගේ කලින් ආත්මේ ආදරේ ආයෙම ලං කරලා දෙන්න නේද කියලා මට හිතුනා. මුලදි ලොකු ආදරයක් දැනුනෙ නැතත් හාවෙක් වගේ මගේ ලග ඉන්න ජන්ග්කුක් මගේ කලින් ආත්මෙත් ආදරේ කියලා දැන් දැනෙද්දි මට කියන්න තේරෙන් නැති හැගීම් ගොඩක් හිතට දැනුනා.

Flashback

ටේහ්‍යුන්ග් පහුගිය දවස් ටිකම ලුආන්ව ලග තියන් ආරක්ෂා කරේ අඩුම මදුරුවෙකුටවත් ලුආන්ගේ ඇගේ වහන්න බැරි වෙන්න. එයා බලන් හිටියත් එයාට පැක් එකේ අයගෙන් ඇටෑක් එකක් එයි කියලා. මේ දවස් ටිකටම එහෙම කිසිම වෙනසක් නැතුව පැක් එකේ වැඩ කෙරීගෙන ගියා. ඒත් කෙවින් ජැකීට පස්සේ ටේහ්‍යුන්ග් එක්ක හිටපු බීටා එයා ටේහ්‍යුන්ග් හම්බෙන්නවත් පැක් එකේ වෙන වැඩකටවත් ආවේ නෑ. ටේහ්‍යුන්ග් ට ඒක දැනුනත් එයා ඒ ගැන හොයන්න ගියේ නැත්තේ එයාට මේ වෙද්දි ඒ අය වෙනම කන්ඩායමක් විදියට එකතු වෙලා කියලා තේරුණ නිසයි.

It's Alright to be Different ☑Where stories live. Discover now