⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETE...

By Masha_Wang

6.9K 1.5K 835

ආදරේ හරි පුදුමයි..කෙනෙක්ගෙ හිතක් සම්පූර්ණයෙන් අනිත් පැත්ත පෙරලන්නත් පුලුවන් තරම් බලවත්...මේ කතාවත් ඒ වගේ...දඟ... More

100 ways...❤️💟❤️
100 ways chapter 2❤️
100 ways chapter 3💟
100 ways chapter 4💟
100 Ways chapter 5💟
100 Ways chapter 6💟
100 Ways chapter 7💟
100 Ways chapter 8💟
100 Ways chapter 9💟
100 Ways chapter 10💟
100 Ways chapter 12💟
100 Ways chapter 13 💟
100 Ways chapter 14💟
100 Ways chapter 15💟
100 Ways chapter 16💟
100 Ways chapter 17💟
100 Ways chapter 18💟
100 Ways chapter 19💟
100 Ways chapter 20💟 THE LAST STORY
100 WAYS - VALENTINE SPECIAL❤️

100 Ways chapter 11💟

266 72 19
By Masha_Wang

100 ways 11

Chun mei ශිල්පිනියනි...ඔබ කුමක්ද සිදුකරන්නේ...lun ha විමසුවේ උදයෙන්ම මුලුතැන්ගෙයි ආහාර සකසන chun mei දෙස බලමින්....
ආ...මේ ඔබ...නමුත් එසේ අමතන්න එපා lun ha..මට දුරස් බවක් දැනෙනවා..chun mei පැවසුවා...
නමුත් ඔබ මගේ මිතුරියනෙ..උසස්වීම ගැන සතුටුයි...lun ha chun meiව වැලඳගෙන පැවසුවා...
එය නොවේ...ඔබ ඔය කුමක්ද සිදුකරන්නේ...lun ha විමසුවා...
ආ...මේ කැවිලි විශේෂයක්...chun mei පැවසුවා...
කා හටද....
මා මෙය...මේ....chun mei ගොතගැසුවා...
ආ....වැටහුනා..jia er සේනාධිපතිතුමාට නොවේද...lun ha සිනාසෙමින් විමසුවා..
එසේයි...මා මෙසේ කරන්නෙ ඔහුට කළගුණ සැලකීමක් ලෙසටයි...ඔහු මා වෙනුවෙන් බොහෝ දේ සිදුකලා...මගෙ වැරදිවලට සමාවද ලබාදුන්නා..ඉතින් මෙසේ සිදුකිරීම මගෙ යුතුකමක් නොවේද...chun mei පැවසුවා...
එය නම් එසේ තමයි...නමුත්..මට ඊට වඩා දෙයක් හැඟෙනවා chun mei...lun ha සිනාසුනා...
කුමක්ද ඔබගේ සිනාවෙහි අර්ථය...chun mei විමසුවා...
ශිල්පිනිය සේනාධිපතිතුමාට කැමැත්තක් දක්වනවාදැයි සැක පහලවෙනවා...lun ha පැවසුවේ chun meiගේ ඇඟේ හැපෙමින්....
එසේ නැහැ...chun mei ලැජ්ජාවෙන් මෙන් සිනාසුනා...
හ්ම් හ්ම්...අපි බලමුකෝ...ඉන්න මාත් ඔබට උපකාර කරන්නම්...lun ha ද උපකාරයට පැමිණියා...

දහවල උදාවුනා...chun mei මාලිගයේ රාජකාරියට පිටත් වූයේ සැකසූ ආහාරද රැගෙනයි...අහස් නිල් පැහැ නව නිල ඇඳුම ඇයව තවත් සුන්දරකලා...
විශේෂ රාජකාරියක් නොතිබූ බැවින් ඇය ආහාරද රැගෙන ආරක්ෂක අංශය වෙත පිටත් වූවා...

ඇය එහි ඇතුලු වූයේ තරමක බියෙන්...
සෑම තැනම ආයුධ අතින් ගත් සෙබලුන් සැරිසරමින් සිටියා...
ඇය වටපිට බලමින් සිටියදී එහි පැමිණි wen cheng නිලධාරී ඇයව දුටුවා...

ඔබ නොවේද උතුරු ප්‍රදේශයේ රාජකාරි සඳහා ගිය තරුණිය...?එහි පැමිණි cheng විමසුවා...
ඔහුගේ හඬට ඇය තිගැස්සී ගියා...
එහෙමයි නිලධාරීතුමා...ඇය පිලිතුරු දුන්නා..
නමුත් ඔබ කුමක්ද මෙහි තනිව සිදුකරන්නේ...
මට jia er සේනාධිපතිතුමා මුණ ගැසිය හැකිද...ඈ විමසුවා...
ඔහු මේ අවස්ථාවේ නම් නවක සෙබලුන්ට සටන් පුහුණුකිරීමෙහි යෙදෙනවා...මඳ වේලාවකින් අවසන් වෙයි...මා සමඟ පැමිණෙන්න...wen cheng පැවසුවා...
එහෙමයි...

අසිපත ඉදිරියට...පිටුපසට...දකුණට...නැවත ඉදිරියට.....
සෙබලුන් පුහුණු වන හඬ ඔවුන්ට ඇසුනා...
ඔවුන් එම ස්ථානයට ගියා...

නවක සෙබලුන් අතර ඇවිදිමින් jia er ඔවුන්ව මෙහෙයවමින් සිටියා...
නවත්වන්න...jia er පැවසුවා...

කුමක්ද ඔබ සිදුකරන්නේ...නිවැරදිව සිදුකරනවා...මෙතරම් පුහුණු වී ඔබට මෙයවත් සිදුකල නොහැකිද....jia er උස් හඬින් පැවසුවා...
ඔහුගේ හඬට chun mei තිගැස්සී ගියා...
පිලිතුරු දෙනවා...ඔහුගේ කෝපාන්විත හඬ chun mei බියට පත්කලා...

කමාකරන්න සෙන්පතිතුමනි...සෙබලුන් එක හඬින් පැවසුවා..
නැවත...මුලසිට අරඹනවා...සියල්ලන්ම...jia er නැවතත් උස් හඬින් පැවසුවා...

Cheng නිලධාරීතුමා...මා වෙනත් දිනයක පැමිණෙන්නම්...jia er කෝපයෙන් බව සිතූ chun mei නැවත පිටවීමට සූදානම් වූවා...
අහ්...බියවන්න එපා...ඔහු සැබවින්ම කෝපයෙන් නොවේ...මොවුන් නවකයින්...එබැවින් ඔවුන්ව නිවැරදි ලෙස පුහුණු කිරීමටයි ඔහු බැණ වදින්නෙ..මා ඔහුට ඔබ පැමිණි බව දන්වන්නම්...cheng පැවසුවා...

නෑ...මා පසුව එන්නම්...chun mei පවසනවිට පුහුණුකිරීමෙහි යෙදීඋන් jia er ඔවුන්ව දුටුවා...
දිගටම පුහුණු වන්න...ඔහු සෙබලුන්ට අණ කර ඔවුන් අසලට ගියේ කුතුහලයෙන්...දින ගණනාවකට පසුව නැවත ඇය දුටුවිට ඔහුගේ සිතේ ඇතිවූයේ යම් තිගැස්මක්...

ඔබ කුමක්ද මෙහි සිදුකරන්නේ...jia er ඇගෙන් විමසුවා...
ඇය පැමිණ තිබෙන්නේ ඔබතුමා හමුවීමටයි සෙන්පතිතුමනි...cheng පැවසුවේ jia er දෙස බලා සිනාසෙමින්...
ඒ කුමකටද...jia er විමසුවා...

මා පැමිණියේ ඔබට ස්තූති කිරීමටයි..ඔබ මට කල සියලු උපකාරයන්ට...chun mei පැවසුවා...
එතරම් දෙයක් නැහැනෙ...මා ඔබ ආරක්ෂිතව රැගෙනගොස් නැවත රැගෙන ආවා පමණයිනෙ...jia er පැවසුවා...

එසේ නොවේනෙ...ඔබ මට දඬුවම් නොදෙන බව පැවසුවා...මා චෙරිමල් යායට රැගෙන ගියා...නගරයේ රසකැවිලි රැගෙන දුන්නා..තව අර වෙලෙන්දාගෙන් මුදවාගෙන මා ජලයෙන්ද ගොඩ ගත්තා...ඇයි ඔබ මට පාවහන් රැගෙන දුන්නේ...එමෙන්ම නගර සැණකෙලියේ ප්‍රාර්ථනා පහන්...........
ඇති....chun mei පවසාගෙන යන විට jia er ඇයව වැලකුවේ cheng නිලධාරී අමුතු ආකාරයකට ඔහු දෙස බලමින් සිනාසුනු නිසාවෙන්...

Cheng ඔබ නවකයින්ව මඳක් පුහුණු කරන්න....ඔබ මා සමඟ පැමිණෙන්න..jia er පැවසුවා...
Jia er ඇය සමඟ ඔහුගේ කාර්යාලයට ඇතුලු වූවා...ඒතුල ඇති දේවල් දුටු ඈ මඳක් තැතිගත්තා...
අසිපත්,විවිධ අවි,දුනු හී,අපරාධකරුවන් බැඳ තබන යදම් ආදිය කුටිය පුරාවට තිබුනා...
මෙහි තිබෙන දේ දැක බිය වන්න එපා...ඔබේ මෙන් වාද්‍ය භාණ්ඩ මෙහි නැහැ...ඇගේ හැඟීම් වටහාගත් jia er පැවසුවා...
එහෙමයි...
අසුන් ගන්න...ඔහුද අසුන් ගනිමින් පැවසුවා..

ඉතින් පැමිණීමට හේතුව...jia er විමසුවා...
මා ඔබට කෘතඥ වෙනවා...ඉතින් මා සුලු ආහාරයක් සැකසුවා...මෙය පිලිගන්න කරුණාකර...ඇය රැගෙන ආ පාර්සලය මේසය මත තබමින් chun mei පැවසුවා...
මෙය ආහාරයට ගැනීමෙන් මා මියයන එකක් නැහැනේ...jia er සරදමට මෙන් විමසුවා...
මා එයට විෂ දැමුවෙ නැහැ...බිය වීමට අවශ්‍ය නැහැ...chun mei කෝපයෙන් මෙන් පැවසුවා...
ආ...මං සරදමක් සිදු කලේ කෝප ගතයුතු නැහැ...රවන්න එපා ඉතින්..jia er පැවසුවේ සිනාසෙමින්...
ඔබේ ඔය සරදම් ඔබම තබාගන්න...මා පිටත් වනවා...chun mei නැගී සිටියා...
ඒයි...සරදමක්වත් වටහාගත නොහැකිද...jia er නැවත විමසුවේ සිනාසෙමින්...
නොහැකියි...මා අඥාන බව ඔබමනෙ පැවසුවේ...chun mei පැවසුවා...

ආ...මෙය නව නිල ඇඳුමක් නොවේද..උසස්වීමක් ලැබූ බව ආරංචි වූවා...සුබපැතුම් ඔබට...jia er පැවසුවා...
ඔබේ සුබපැතුම් අවශ්‍ය නැහැ...තවමත් කෝපයෙන් සිටි chun mei ආහාර පාර්සලයද නැවත රැගෙන කුටියෙන් පිටතට යාමට තැත් කලා...

නමුත් එක්වරම නැගී සිටි jia er ඇගේ අතින් අල්ලා ඇදගත් අතර chun mei ඇදීවිත් ඔහුගේ දෑත් අතර රැඳුනා...
දෙදෙනාගේම හද ගැස්ම පිටතට ඇසෙන තරම් වේගවත්...
Jia er තම තියුණු දෑස්වලින් ඇය දෙස එක එල්ලේ බලා සිටියා...ඔහුගේ දෑස්වල වූ හැඟීම chun mei ට වටහාගැනීමට අපහසු වූයේ නැහැ...ඇගේ සුන්දර මුව ලැජ්ජාවෙන් රතුවූවා....
ඔහු ඒ ආකාරයට තමා දෙස බලනවිට ඉතා කඩවසම් බව chun mei ට සිතුනා...

ඔබ කොහිද යාමට තැත් කරන්නේ...jia er තම හඬ අවදි කලා....
මා...පිටතට...යාමට...chun mei වදන් පටලවමින් පැවසුවා....
එසේද...ඔබ යනවනම් මට ගෙන ආදේ ලබාදී යන්න...jia er එසේ පවසමින් ඈ රැගෙන ආ පාර්සලය ඔහු අතට ගත්තා...
මා දැන් පිටවෙන්නම්...පුහුණුවීම් තිබෙනවා...chun mei කලබලයෙන් මෙන් යාමට සූදානම් වී මඳ දුරක් ගමන් කලා...

ඒයි....අඥාන කෙල්ල...jia er ඈ ඇමතුවා...
Chun mei නැවත හැරී බැලුවා...
ඔබට දැන් අවශ්‍යනම් චෙරිමල් නිම්නයෙහි පුහුණු විය හැකියි....jia er පවසා සිටියා...
එසේයි....chun mei ඔහු දෙස බලා සිනාසුනා...
Jia erද සිනාසෙමින් ඈ යන දෙස බලා සිටියා...

Chun mei ඔබ ඇත්තෙන්ම පුදුමයි....මෙතරම් කලකට කිසිදු තරුණියකට මා සිත් ගන්නට නොහැකි වූවා...නමුත් ඔබ....ඔබ මගේ හදවත ස්පර්ශ කර අවසන්....අවසානයේ මේ දරදඬු Wang jia er තරුණියකට සෙනෙහස දක්වන්නට පටන් ගෙන නොවේද.................
ඇය යන දෙස බලාසිටි jia er තනිව කල්පනා කලා.......
         
Chun mei රාජකාරි නිමකොට නිවසට පැමිණියා...ඇයට නැවත නැවතත් සිහි වූයේ jia er තමා දෙස බැලූ ආකාරයයි...

මේ සිතිවිලි නවතාගන්න chun mei...එය වැරදීමකින් සිදුවූ දෙයක් පමණයි...ඔහු වැනි නිලධාරීන් අප ගැන සිතන්නේ නැහැ...ඈ තනිව කල්පනා කලා...
නමුත්...ඔහු වෙනස් පුද්ගලයෙක්....ඔහුගේ දෑස්වල තිබූ ඒ බැල්ම...ආහ්...මේවා සිතීමෙන් මා උමතුවේවි....chun mei තමාටම පවසා ගත්තා...
එක්වරම ඇය දුටුවේ ඔහු විසින් තමාට රැගෙන දුන් අලංකාර පාවහන් යුගලයයි...

නමුත්...මෙතරම් අලංකාර පාවහන්‍ රැගෙන දීමට තරම්...ඔහුට මා විශේෂද...ඇය කල්පනා කරමින්ම නිවසින් පිටතට ගියා...

රෑ අහසේ සඳ හොඳින් පායලා...ඇය නිවසින් පිටත වාඩිවී සඳ දෙස බලා සිටියා...ඇගේ දෑතේ රැඳී තිබුනේ jia er රැගෙන දුන් පාවහන් යුගලයයි...
ඔහු සැබවින්ම අපූරු තරුණයෙක්...
කෙදිනක හෝ ඔහුගේ සෙනෙහස ලබන තරුණිය ඉතාමත් වාසනාවන්ත තැනැත්තියක් වේවි....ඈ සඳ දෙස බලාගෙන කල්පනා කලා...

නමුත් තවත් අයෙක් ඇය ලෙසින්ම සඳ දෙස බලාගෙන ඔහු සිත්ගත් තරුණිය සිහි කරන බවක් නම් ඈ දැනසිටියේ නැහැ........

ඊලඟ කොටසෙදි මොනව වේවිද...කතාව ගැන හිතෙන දේ කියාගෙන යන්නකො...ඔයාලගෙ අදහස් වලින් තමයි අපි සතුටු වෙන්නෙ....පුංචි comment එකක් වුනත් ඒක ලොකු සතුටක්...🌹🌹🌹

Continue Reading

You'll Also Like

35.4K 5.4K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
17.2K 1.6K 15
"හෂ්..." "මොකද?" හෂ් අහන්නේ පුප්පන්. "මේ කටු ගලවනෝකෝ..." "උඹට ඕන්නම් ගලෝගනින්." හෂ්ධ කීවෙ කෙල්ලව සත පහකට ගණන් නොගෙන. "මට ගෙදර යන්නෝනෙ..." අඬන්න වගේ ම...
12K 2.1K 20
ආදරේට කරන්න බැරි දෙයක් නැහැ....මේ ලෝකෙ කරන්න බෑ කියල හිතන සමහර දේවල් ආදරේ නිසා කරන්න පුලුවන් වෙලා තියෙනව...හැබෑ ආදරේ කියන්නෙ හරියට MIRACLE එකක් වගේ...
11.7K 1.2K 27
ජීවිතය යදින්නී ආදරය පතන්නී සෙනෙහස මවන්නී ඔහුවමව සොයන්නී... 💚💚💚