⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETE...

By Masha_Wang

6.9K 1.5K 835

ආදරේ හරි පුදුමයි..කෙනෙක්ගෙ හිතක් සම්පූර්ණයෙන් අනිත් පැත්ත පෙරලන්නත් පුලුවන් තරම් බලවත්...මේ කතාවත් ඒ වගේ...දඟ... More

100 ways...❤️💟❤️
100 ways chapter 2❤️
100 ways chapter 3💟
100 ways chapter 4💟
100 Ways chapter 5💟
100 Ways chapter 6💟
100 Ways chapter 8💟
100 Ways chapter 9💟
100 Ways chapter 10💟
100 Ways chapter 11💟
100 Ways chapter 12💟
100 Ways chapter 13 💟
100 Ways chapter 14💟
100 Ways chapter 15💟
100 Ways chapter 16💟
100 Ways chapter 17💟
100 Ways chapter 18💟
100 Ways chapter 19💟
100 Ways chapter 20💟 THE LAST STORY
100 WAYS - VALENTINE SPECIAL❤️

100 Ways chapter 7💟

278 72 20
By Masha_Wang

100 ways 7

කුමක්ද ඔබ කල්පනා කරන්නේ...chun mei විමසුවා...
කිසිවක් නැහැ..දැන් අප යායුතුයි...jia er පැවසුවා..
අනේ...දැන්ම යායුතුද...chun mei දුකෙන් පැවසුවා...
ඔව්...නැතිනම් බොහෝ රෑ බෝවේවි...jia er පැවසුවා...
එසේද...chun mei දුක්බර මුහුණින්ම පැවසුවා...jia er ඈ දෙස බැලුවා...
දුක් වන්න එපා...අප නැවත පැමිණෙන විටත් මෙම ස්ථානයෙහි නවතිමු...දැන් පිටවෙමු..පමා වූවා...jia er පැවසුවා...
එහෙමයි...chun mei තම ගමන් මල්ල රැගෙන පැමිණියා...

මෙය මා රැගෙන යන්නම්...jia er ගමන් මල්ල ඉල්ලා සිටියා...
අවශ්‍ය නෑ...මා රැගෙන යන්නම්...chun mei පැවසුවද එය රැගෙන යාම අපහසුයි...
ඔබ වැනි කෙසඟ තරුණියකට මෙවැනි විශාල ගමන් මල්ලක් රැගෙන යාම අපහසුයි...මෙහෙ දෙන්න...jia er එය උදුරාගෙන ඔහුගේ කරේ එල්ලාගත්තා...
දැන් යමු....

ගමන බොහෝ නිහඬයි...එක් අයකු වත් කතා කරන්නේ නැහැ...jia erට ඈ හා කතා කිරීමට සිත් දුන්නත් ඔහු එය කලේ නැහැ...

"හමුවෙන්න කල් එලඹියත්...
ඔහු තවම නැහැ...
වසත් සමයද පැමිණියා...
එයද නිමවී යාවී..
පිපී හුන් මල්...
පරවී යාවි....
නමුත් ඔහු තවම නැහැ....
කොපමණ කල් ගෙවී ගියත්...
මා කොතරම් මහලු වුවත්...
තවමත් ඔබ වෙනුවෙන් බලා සිටිමි....."

එක්වරම ඇසුනු මිහිරි ගීයක් නිසා jia er chun mei දෙස හැරී බැලුවා...
වාදනය මෙන්ම ඇගේ ගායනයද විශිෂ්ටයි...
ගීය ගයා නිමවූ ඈ jia er දෙස බැලුවා...

ඇයි ඔබ ඔය ලෙසට බලා සිටින්නේ....ඇය විමසුවා...
අහ්...කිසිවක් නැහැ...කනට ඉතා අමිහිරි ශබ්දයක් ඇසුනු නිසයි මා බැලුවේ...jia er පැවසුවා...
ඔබ නම් ඉතා නපුරුයි...chun mei රවන විට jia er සිනාසුනා...
කුමක් නිසාද හදිසියේ ගී ගැයුවෙ...ඔහු විමසුවා...
මේ ගමන ඉතා කම්මැලියි...ඔබත් කිසිදු වදනක් නොපවසා ගොලුවෙකු මෙන් ගමන් කරන්නේ...ඉතින් මා ගීයක් ගැයුවා...ඇය පැවසුවා...

ඉතින්...ඔබේ සහකරු නැවත පැමිණියෙ නැතිද...jia er විමසුවා...
කුමන සහකරුද...
ඔබ ගීතයේ පැවසූ පුද්ගලයා...
ආ...එය ගීතයක් පමණයි...මට සහකරුවෙකු නැහැ...chun mei ලැජ්ජාවෙන් මෙන් පැවසුවා...

එය නොවේ...ඔබට...ආදරවන්තියක් සිටිනවාද...chun mei විමසුවා...
කුමක්ද...jia er පැවසුවා...
ඔබ සෙනෙහස දක්වන තරුණියක් නොමැතිද...ඇය නැවත විමසුවා...
අප වැනි ආරක්ෂක නිලධාරීන් තරුණියකට සෙනෙහස දැක්වීමට බියයි...ඔහු පැවසුවා...
ඒ කුමක් නිසාද....chun mei විමසුවා...
කුමන අවස්ථාවක කැරැල්ලක් ඇතිවේවිද,යුද්ධයක් ඇතිවේවිදැයි පැවසිය නොහැකියි ...ඉතින් එවැන්නකදී අප මියගියහොත්...jia er පැවසුවා...
එසේ වන්නේ නැහැ...අසුබ දේ පවසන්න එපා...chun mei පැවසුවා...
අසුබ වුවත් එයයි සත්‍යය...අප වැන්නවුන්ගේ ජීවිත ඉතා අවිනිශ්චිතයි...
Jia er සිනාසුනා...

නමුත්...ඔබ සෙනෙහස දක්වන තරුණියක් නැතිද...chun mei විමසුවා...
එසේ නැහැ...jia er වෙනතක් බලාගෙන පැවසුවා...
මුසාවක්....ඔබ ඇයි වෙනතක් බලා ඉන්නේ...chun mei සිනාසෙමින් පැවසුවා...කවුරුන්ද ඒ තරුණිය...
එවැන්නියක් නැහැ...ඔහු පැවසුවා...
මා හට නම් විශ්වාස නැහැ...chun mei පැවසුවා...
Jia er සිනාසුනා...
ආ......ඔය සිනාසෙන්නේ....එවැන්නියක් සිටිනවා නොවේද...chun mei jia erගේ අතකට ගසමින් පැවසුවා...
එසේ නැහැ....ඔහු නැවත පැවසුවා...
හ්ම්ම්............එසේද...මා එය විශ්වාස කරන්නේ නම් නැහැ ඉතින්...chun mei පැවසුවා...ඔබ සැබැවින්ම කාටහෝ සෙනෙහස දක්වනවානම් එය ඇයට පවසන්න...සමහර විට ඇය ඔබ වැන්නෙකුගේ ආදරවන්තිය වීමට නිර්භීත වේවි...chun mei පැවසුවා...

නමුත්...මා...සත්‍ය වශයෙන්ම ඇයට සෙනෙහස දක්වනවාද...කුමක්ද මට මේ සිදුවී ඇත්තේ....කිසිවක් වැටහෙන්නේ නැහැ...jia er තනිව කල්පනා කලා...
තනිව ජීවත් වෙනවාට වඩා ඔබත් සහකාරියක් සොයා ගැනීම වැදගත්....chun mei පැවසුවා...

නමුත් ඔබට එවැනි කෙනෙකු සෙනෙහස දැක්වූවොත්...එය බාරගැනීමට තරම් නිර්භීතද...jia er එක්වරම විමසුවා...
කුමක්ද මා ඒ විමසුවේ...jia er ඔබ මෙතරම් අඥානද...ඔහු කල්පනා කලා...

ඔව්...මා ඒ සෙනෙහස බාරගන්නවා..හේතුව නම්...මා කැමතියි වීරයකුගේ සහකාරිය වීමට..එමෙන්ම ඔවුන් නිරතුරුවම හැඟීම් සඟවනවා...chun mei පැවසුවේ jia er කිසිවිට නොසිතූ දෙයක්...
එයත් එසේද...jia er පැවසුවා...ඉක්මන් කරන්න...සවස්වීමට පෙර නගරයට ඇතුල්විය යුතුයි ...ඔහු ඉස්සර වූවා...

කුමක් වුවත් ඔබ වැන්නෙක් තේරුම් ගැනීම නම් පහසු නැහැ...ඉතා නපුරෙකු ලෙස හැසිරුනත් ඔබ එසේ නොවන බව මා දන්නවා...chun mei පැවසුවා...
Jia er ඇයට නොපෙනෙන සේ සිනාසෙමින් ඉදිරියට ගමන් කලා...

මඳ වෙලාවකින් ඔවුන් නගරයේ දොරටුව වෙත පැමිණියා....
සෙන්පතිතුමනි...දොරටු ආරක්ෂක නිලධාරීන් වහා පැමිණ jia er ට ආචාර කලා...

ඔබේ කටයුතු හොඳින් සිදුකරගෙන යන්න...jia er නිලධාරියෙකුගේ පිටට තට්ටු කර පැවසුවා...
එහෙමයි සෙන්පතිතුමනි...ඔවුන් පැවසුවා...

නගරයේ වෙලඳපොල තවම විවෘතයි...ජනතාව ඒ මේ අත යමින් භාණ්ඩ මිලදී ගන්නවා...වෙලඳුන් නොයෙකුත් විසිතුරු දේ එහි විකිනීමට තබා තිබුනා...

මෙහි වෙලඳපොල අගනුවරටත් වඩා විසිතුරුයි ..chun mei පුදුමයෙන් පැවසුවා...
ඔබ දන්නවාද මෙම නගරය අලංකාර ආභරණ වලට ප්‍රසිද්ධයි...මෙය වෙලඳ නගරයක්..බිසෝවරුන් පවා මෙහි ආභරණයි පලඳින්නෙ...jia er පැවසුවා...
එසේද....

පැමිණෙන්න..ඔබ අතරමං වෙයි..jia er පැවසුවා...නමුත් chun mei ඔහුද පසුකරමින් ඉදිරියට ගියේ බොහෝ සතුටින්...
කුඩා දැරියක් සේ සිනාසෙමින් යන chun mei පසුපසින් jia er ගමන් කලා...

නමුත් jia er තවමත් සිතමින් සිටියේ chun mei දඬුවම් දේවි යැයි බියවූ ආකාරයයි...එම අවස්ථාවේ ඇගේ කඳුලින් පිරි දෑස් දුටු ඔහුට දැනුනේ තමා වැරැද්දක් කලා යැයි හැඟීමක්...

විවිධ ආභරණ,රස කැවිලි ආදිය වීදි දෙපස අලෙවි කලත් ඒවා මිලදී ගැනීමට chun mei සතුව මුදල් තිබුනේ නැහැ...
එබැවින් ඇය ඒවා බලමින් ඉදිරියට ගියා...

Chun mei...මඳක් නවතින්න...ඇය නැවතී හැරී බැලුවා...
ඔහු මට නම කියා ආමන්ත්‍රණය කලා...මේ ප්‍රථම වතාවයි...
Jia er ඈ වෙත පැමිණියා...
ඔබ මේ මාර්ගය නොදැන නේද ඉදිරියට යන්නේ..මෙහි අතරමං විය හැකියි...මා සමඟ යමු...jia er පැවසුවා...
එහෙමයි...

ඔවුන් දෙදෙනා ඉදිරියට ගමන් කලා..
ආ...මෙය ගන්න...jia er chun mei වෙත කුඩා පාර්සලයක් දිගු කලා...
මේ කුමක්ද...ඇය එය විවර කර බැලුවා...
ආ...රසකැවිලි....මේ මටද...chun mei සතුටින් පැවසුවා...
හ්ම්....ඕවා මෙම ප්‍රදේශයේ ප්‍රසිද්ධ කැවිලි විශේෂයක්...jia er පැවසුවා...
ස්තූතියි ඔබට...නමුත් කුමක් නිසාද ඔබ මට මේවා මිලදී ගත්තේ...ඇය විමසුවා.....
යමු නවාතැන්පල මේ ආසන්නයෙයි තිබෙන්නේ...ඔහු chun mei ගේ පැනය මඟහැරියා....

සෙන්පතිතුමනි...මා අදද එහි වාදනය කල යුත්තේ...
නැහැ...හෙට සවස්‍ යාමයේදියි....
එවිට අපි එතෙක් කොහිද සිටින්නේ...
මා හට නම් රාජකාරි සඳහා යායුතුයි...ඔබට නතරවීමට මෙහි ස්ථානයක් තිබෙනවා....
ඒ කොහිද...
මා හඳුනන මිත්තණියක් මෙහි සිටිනවා...ඈ තනිවමයි ජීවත් වෙන්නේ...ඔබට එහි සිටිය හැකියි....jia er පැවසුවා...
එහෙමයි....chun mei පැවසුවා...
ඔබ ඈට කැමති වේවි...ඈ බොහෝ ආදරණීයයි...jia er පැවසුවා...

මඳ වේලාවකින් ඔවුන් පැමිණියේ කුඩා නිවසක් වෙතටයි...එය කුඩා වුවද පිලිවෙල සහිත බව chun mei ගේ සිත් ගත්තා...
Jia er කිසිවෙකුට කතා නොකරම නිවසේ මුලුතැන්ගෙය  අසලට ගියා...chun mei ද ඔහු පිටුපසින් පැමිණියා...
Jia er එහි සිටි මහලු තැනැත්තියකගේ ගෙලවටා අත් යවා පිටුපසින් ඈව වැලඳ ගත්තා....

ඇය හැරී බැලුවා...
Jia er...පුතණුවනි...ඔබව බොහෝ කලකින් දුටුවේ.....ඇය jia er ගේ දෑතින් අල්ලමින් පැවසුවා...
මිත්තණිය බැලීමට නොඒම ගැන මට සමාව දෙන්න කරුණාකර...jia er පැවසුවා...
එයට කමක් නෑ දරුවෝ...මා දන්නවා ඔබට රාජකාරි බහුල බව...නමුත්...මේ දියණිය කවුරුන්ද...ඔබ විවාහ වුනාද ?....ඇය විමසුවා...

ආ....හ්.....එසේ නොවේ මිත්තණියනි...මැය මා හා රාජකාරියක් සඳහායි පැමිණියේ....jia er පැවසුවා...
Chun mei සිනාසෙමින් බලා සිටියා....
මිත්තණියනි...මා පැමිණියේ උපකාරයක් බලාපොරොත්තුවෙන්....jia er පැවසුවා...
කුමක්ද දරුවෝ...
හෙට දින අපට රාජකාරියක් යෙදී තිබෙනවා...ඉතින් අද මැයට මෙහි නවාතැන් දිය හැකිද...කරුණාකර....jia er විමසුවා...
අනේ.....එය මට සිදුකල හැකියිනෙ...එක් දිනක් නොවේ ඕනෑම කාලයක් මා ඇයව තබාගන්නම්....මිත්තණිය පැවසුවා...
ස්තූතියි ඔබට....chun mei පැවසුවා..

දෙදෙනාම පැමිණෙන්න...මා ආහාර සූදානම් කරන්නම්....
තිදෙනාම නිවස තුලට ගියා...
දියණිය...මේ කුටියේ ඔබේ ගමන් මල්ල තබන්න...
ස්තූතියි...

මඳ වේලාවකින් ඇය ආහාර රැගෙන පැමිණියා...
ඔබගේ ආහාර රසවිඳින්නේ බොහෝ කලකින්...jia er පැවසුවා...
පුතණුවනි...ඔබේ රාජකාරි කටයුතු කෙසේද...
මොංගෝලියාව සමඟ යුද්දයෙන් අප ජයගත්තා...එහි සේනාව හොඳින් මෙහෙයවීම හේතුවෙන් මා සේනාධිපති තනතුරට උසස් කලා මිත්තණියනි......jia er පැවසුවා....
කුමක්ද...මට බොහෝ සතුටුයි පුතණුවනි...ඔබ කුඩා කල සිටි jia erමද...මේ හැඩිදැඩි කඩවසම් සේනාධිපතිතුමා..ඔබත් ඔබේ පියාණන් මෙන්ම...නැහැ ඊටත් වඩා දක්ෂයෙක්.....මිත්තණිය පැවසුවා...

එවිට ඔබ කවුද...ඇය chun meiගෙන් විමසුවා...
මා chun mei..රාජකීය වාද්‍ය අංශයේ ශිල්පිනියක්...රාජකාරියක් සඳහා සෙන්පතිතුමා හා පැමිණියා...chun mei පිලිතුරු දුන්නා...
ඔබ ඉතාම හුරුබුහුටියි...සුන්දරයි...මිත්තණිය පැවසුවා ..
ඔබට ස්තූතියි....

ආහාර ගෙන අවසන් වූවා....
මා wen cheng හා අනෙකුත් නිලධාරීන් හමුවට යායුතුයි...ඔබ මෙහි සිටින්න...jia er chun meiට පැවසුවා...
මිත්තණියනි මා නැවත පැමිණෙන්නම්...
ඔහුත් සමග chun meiද පිටතට පැමිණියා...
ඔබට හැකිනම් මිත්තණිය හා මඳක් කතා කරන්න...ඈ ඔබට කැමති බවයි පෙනෙන්නේ..jia er chun mei ට පැවසුවා...
එහෙමයි මා එසේ කරන්නම්...
මා පිටත්වනවා එසේනම්...
Jia er මඳදුරක් ගමන් කලා.....

Jia er සෙන්පතිතුමා.....
ඔහු නැවත හැරී බැලුවා....
ප්‍රවේශම් වන්න....chun mei පැවසුවා...
Jia er ඈ දෙස බලා සිනාසුනා...

දෙන්න දැන් ටික ටික friendly වේගෙන වගේ එන්නෙ..jia er කෙල්ලට රසකැවිලිත් අරන් දුන්නා.🌸..බලමු මොනව වේවිද කියලා...







Continue Reading

You'll Also Like

231K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
308K 8.4K 40
Y/n has been traumatized by her past, she doesn't like getting close to people. She's a very lonely person but she doesn't really care, as long she h...
65.9K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
23.7K 1.8K 32
බිඳුනු හදවත් දෙකක හමුවක්... එකිනෙකාගේ සිත් සුවපත් කරමින් අරඹන සංසාරගත බැඳීමක්... 💛💛💛