⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETE...

By jackygirl_sl

7K 1.5K 835

ආදරේ හරි පුදුමයි..කෙනෙක්ගෙ හිතක් සම්පූර්ණයෙන් අනිත් පැත්ත පෙරලන්නත් පුලුවන් තරම් බලවත්...මේ කතාවත් ඒ වගේ...දඟ... More

100 ways...❤️💟❤️
100 ways chapter 2❤️
100 ways chapter 3💟
100 ways chapter 4💟
100 Ways chapter 5💟
100 Ways chapter 7💟
100 Ways chapter 8💟
100 Ways chapter 9💟
100 Ways chapter 10💟
100 Ways chapter 11💟
100 Ways chapter 12💟
100 Ways chapter 13 💟
100 Ways chapter 14💟
100 Ways chapter 15💟
100 Ways chapter 16💟
100 Ways chapter 17💟
100 Ways chapter 18💟
100 Ways chapter 19💟
100 Ways chapter 20💟 THE LAST STORY
100 WAYS - VALENTINE SPECIAL❤️

100 Ways chapter 6💟

282 72 26
By jackygirl_sl

100 ways 6

ඔවුන් දෙදෙනා නැවත මාර්ගයට පිවිස ගමන් ආරම්භ කලා...
ඇය ඉතාමත් කරුණාවන්තයි නේද...chun mei විමසුවා...
එසේයි...ඇය chengට මෙන්ම මටද ඇගේම දරුවෙකු ලෙසයි සලකනු ලැබුවේ...su yin ද මා ඇගේම සොයුරෙකු ලෙස සිතුවා...jia er පැවසුවා...

එවිට ඔබේ දෙමාපියන්ට කුමක්ද සිදුවූයේ...chun mei නැවත විමසුවා...
ඔවුන් මිය ගිහින්....
අනේ...සමාවෙන්න....chun mei පැවසුවා..
එයට සමාව ඉල්ලිය යුතු නැහැ....jia er පැවසුවා...
කුමක්ද ඔවුන්ට සිදුවූයේ...
මගේ පියාණන් රාජකීය විමර්ශන නිලධාරියෙක්ව සිටියා...වසර 15ට පෙර ඇතිවූ යුද්ධයක් නිසා ඔහු මියගියා...
වසර 10ට පමණ පෙර මෑණියන් හදවත් රෝගයක් හේතුවෙන් මියගියා....ඔහු පැවසුවා...
එවිට ඔබ...?
මා එතැන් සිට තනිවමයි ජීවත් වූයේ...jia er පැවසුවා...
නමුත් ඔබ රජ පවුල සමඟ බොහෝ සමීප බව මා දුටුවා...chun mei පැවසුවා..
ඔව්...මා කුඩාකල පියාණන් සමඟ මාලිගයට යනවා...පෙරසිටි රජු මගේ පියාණන් හා සමීපයි... එහිදී මට කිරුල හිමි කුමරු මුණ ගැසුනා...අප මිතුරන් බවට පත් වුනා...පසුව මමත් ආරක්ෂක අංශයට පැමිණියා...කුමරු රජු බවට පත්වූ පසු මමයි එතුමන්ගේ ප්‍රධාන ආරක්ෂක වූයේ...එබැවින් මවුබිසවද මට ඉතා සමීපයි.....jia er පැවසුවා....

ඔබ දන්නවද...මගෙත් දෙමාපියන් දෙදෙනාම දැන් මා අසල නැහැ...chun mei පැවසුවා..
ඔවුන්ට කුමක්ද සිදුවූයේ...jia er විමසුවා...
ඔබේ පියාණන් අහිමි වූ යුධ සමයේදී සාමාන්‍ය වැසියන් බලහත්කාරයෙන් ඒ සඳහා රැගෙන ගියා...මගේ පියාත් ඔවුන් රැගෙන ගියා...ඔහුද යුධබිමේදි මියගියා...
මගෙ මෑණියන්වද වහලියක ලෙස සේවය කිරීමට රැගෙනයනු ලැබුවේ ඉතා අමානුෂික ලෙසයි...එහිදී වූ පීඩාවන් නිසාම ඇයද මට අහිමි වූවා..ඉන් පසුවයි මා වාද්‍ය ශිල්පිනියක් වීමට මාලිගයට පැමිණියේ.......chun mei පවසන විට ඇගේ දෑස්වල රැඳි කඳුලු ඔහු දුටුවා.....

ඔබ...හඬන්න එපා...jia er පැවසුවා...
කොතරම් තද සිතැත්තෙකු වුවත් කාන්තාවකගේ කඳුලු ඔහුව සසල කිරීමට සමත්.........

දැන්...ඒ සියල්ල සිදුවී අවසන්....දැන් හැඬීමෙන් ඇති ඵලයක් නැහැ....chun mei පැවසුවේ කඳුලු පිසදා ගනිමින්...
එසේයි...පෙර සිදුවීම් අපව කෙතරම් රිදෙව්වත් ඒ මතම ඇලී සිටීමෙන් තවත් දුකක් මිස ලැබෙන කිසිවක් නැහැ...jia er පැවසුවා...

ඔවුන් පාගමනින් ඉදිරියට ඇදුනා...jia erට වෙහෙසක් නොදැනුනත් chun mei නම් ඔහු සමඟ හති දමමින් ඉදිරියට ඇවිද ගියා...නමුත් jia er තරම් ඇය වේගවත් වූයේ නැහැ...

ඔබට මඳක් සෙමින් ගමන් කල නොහැකිද....මඟ නතරවූ chun mei උස් හඬින් විමසා සිටියා...
ඔබ තරුණියක් නේද...මැහැල්ලක් නොවේනෙ...ඉක්මනින් පැමිණෙන්න...jia erද පැවසුවා...
මට නොහැකියි...මා තවත් ගමන් කරන්නේ නැහැ...ඇය බිමින් වාඩිවුයේ ගමනට විරුද්ධ වෙමින්...
ඇගේ මුරණ්ඩු කම් jia erව කෝප ගැන්වූයේ නම් නැහැ...ඔහු පහසුවෙන් ගමන් කලද මෙවැනි තරුණියකට ගමන තරමක් අපහසු බව ඔහුට වැටහුනා...නමුත් ඔවුන් පසුකරමින් සිටියේ නැවතීමට සුදුසු ස්ථානයක් නොවන බවත් jia er දැන සිටියා...

ඔබ එසේ නම් තනිව අසුන්ගෙන සිටින්න...මෙම වනාන්තරයේ වෘකයින් ඔබව රාත්‍රී ආහාරයට ගන්නා බව නිසැකයි...මා පිටත් වනවා...jia er ගමන් කරමින්ම පැවසුවා...
කුමක්ද......වෘ..වෘකයින්.....බියවූ chun mei වහා නැගිට jia er අසලටම දිව ගියා...
සැබැවින්ම මෙහි වෘකයින් සිටිනවාද..ඇය විමසුවා...
එසේයි...මෙම වනයෙහි වෘකයින් බහුලයි...මා නොනැවතුනේ තව මඳ වේලාවකින් ඔවුන් පැමිණිය හැකි නිසයි....
Jia er පැවසුවා...

සෙන්පතිතුමනි....
පවසන්න....
ඔබ මෙම රාජකාරියෙන් පසු මාහට සත්‍ය වශයෙන්ම දඬුවම් ලබාදෙනවද...ඇය විමසුවා...
එසේයි...ලබාදෙනවා....jia er පිලිතුරු ලබා දුන්නා....
මට දැන්ම මියයා නොහැකියි....chun mei පැවසුවා...
නමුත් ඔබට මියයාමට සිදුවෙයි...jia er ඇයව බියට පත් කලා...
මට කමා කරන්න...මා ඔබතුමා කවුරුන්දැයි නොදැනයි පහර දුන්නේ...ඇය කෙඳිරිලි හඬකින් පවසා සිටියා....

එසේ වුවත් ඔබ දැන්............jia er chun mei දෙසට හැරුනා...
ඇය ඔහු දෙස බලාසිටියේ බියපත් වූ සාවෙකු ඔහු දෙස බලාසිටින අයුරින්...
විශාල කරගත් දෑස රත් පැහැවූ කම්මුල් හා වෙව්ලන දෙතොල් සහිතව ඈ බලා සිටියේ හැඬීමට සූදානම් වූ ළදැරියක් ලෙසයි...

Chun mei....ඔයලෙස බලන්න එපා...කරුණාකර....මට මා පාලනය කර ගත යුතුයි...කරුණාකර නවතන්න....jia er සිතින් නොකඩවා පැවසුවා......

කුමක්ද කරන්නේ...ඉක්මනින් යමු.... ඉවත බලාගෙනම පවසමින් ඔහු මඳක් ඉදිරියට ගියා...
Jia er ඇය පැමිණෙනවාදැයි නැවත හැරී බැලුවා...නමුත් ඇය එම බැල්මෙන්ම බලා සිටියා...සෙන්පතිතුමාගේ හද ගැස්ම පිටතටත් ඇසෙන ලෙසින් වේගවත් වෙලා...

මෙහි පැමිණෙන්න...දඬුවම් ගැන මාලිගයට නැවත ගිය පසු කතාකරමු...ඔහු පැවසුවා...
ඇය එහෙත් බලාසිටියා මිස පැමිණියේ නැහැ..
හුස්මක් හෙලූ jia er ඇය වෙත ගියා...
පැමිණෙන්න...ඒ ගැන නැවත සිතිය යුතු නැහැ...ඔහු chun mei ගේ අතකින් අල්ලාගත්තා...
දැන් පිටත් වෙමු....ගමනේ ඉදිරියට මීට වඩා සුන්දරයි...
එහෙමයි....

මඳ වේලාවකින් ඔවුන් පැමිණියේ දෙපස මලින් පිරුණු චෙරි ගස් සහිත මාර්ගයකටයි...එය ඉතාමත් සුන්දරයි....සුලඟ නිසා චෙරිමල් පියලි ඒ මේ අත පාවෙමින් තිබුනා...

ඉතාමත් සුන්දරයි....chun mei පාවෙන මල් පියලි අතින් අල්ලමින් පැවසුවා...
ඔබට වෙහෙස නම් මෙහි මඳක් නවතිමු....jia er පැවසුවා...
ඔබ පෙරදී නොනැවතී පැමිණියේ මෙම ස්ථානයේම නැවතීමට නොවේද සෙන්පතිතුමනි....chun mei විමසුවා....
ගමනේ ඉදිරියට සුන්දර බව මා පැවසුවා නොවේද....jia er සිනාසෙමින් පැවසුවා....
ඔහු සිනාසෙන විට ඉතා කඩවසම්...නමුත් මොහු සිනාසෙන්නේ බොහෝ කලාතුරකින්...chun mei ඔහු දෙස බලමින් කල්පනා කරා....

Chun mei තම ගමන් මල්ල විශාල චෙරි ගසක් පාමුල තබා ඇයද අසුන් ගත්තා....
ඔබතුමා කුමක්ද සිදුකරන්නේ...chun mei වටපිට බලමින් සිටින jia er ගෙන් විමසුවා...
මෙහි පෙන්වීමට අපූරු දෙයක් තිබෙනවා..ඔහු පැවසුවා...
කුමක්ද....ඇය විමසුවා...

පැමිණෙන්න මා සමඟ....jia er ඇයට පෙන්වූයේ ගෙඩිවලින් පිරුනු ඇපල් ගසක්...
ගියවර මා පැමිණෙන විට මෙහි මල් පිරී තිබුනා..දැන් පල දරලා...ඔහු පැවසුවා...
ගස අසලට ගිය jia er පහල අත්තක පිහිටි ගෙඩි දෙකක් කඩාගත්තා...

මෙන්න....ඔහු එක ගෙඩියක් chun mei අත තැබුවා...
දෙදෙනාම නැවත ගොස් චෙරි ගස මුල අසුන් ගත්තා...
මා ඔබෙන් යමක් විමසන්නද...chun mei ඇසුවා...
විමසන්න...
ඇයි ඔබ නිතරම ඔය අසිපත අතැතිව සිටින්නේ...මා කිසිදා අසිපතක් අතේ නොමැතිව ඔබව දැක නැහැනේ...ඇය විමසුවා....
මා ඉතින් ආරක්ෂක නිලධාරියෙක්නේ...අසිපත මගේ ශරීරයේ කොටසක් වැනියි...ඔහු පැවසුවා....
මෙය අලංකාර අසිපතක්...chun mei පැවසුවා...
සැබැවින්ම එය අලංකාරයි.එහි කලු පැහැ පසුබිමක රතු හා රන් පැහැයෙන් මකර රුවක් නිර්මාණය කර තිබුනා...
මෙය මට ලබාදුන්නේ මගෙ පියාණන් විසින්...එබැවින් මට එය බොහෝ වටිනවා...ඔහු පැවසුවා...

මා එය මඳක් අල්ලා බලන්නද...chun mei අසිපත වෙත අත දිගු කලා...
නැහැ...එය අල්ලන්න එපා...jia er ඇයව වැලැක්වුවා....
මහ නපුරෙක්...ඇය මිමිණුවා....

Chun mei ඇපල් ගෙඩිය කමින් ඉවත බලා සිටියා...
ඇය දෙස බලාසිටි jia er ඇගේ හිසට උඩින් පහත් වී ඇති චෙරි මල් ඉත්තක් දුටුවා...
Jia erගෙ දඟකාර සිත අවදි වූවා...
අසිපත අතට ගත් ඔහු ඉන් චෙරි මල් ඉත්ත සෙලෙව්වා....එයින් ගිලිහුනු මල් පියලි වලින් chun meiගේ හිසේ සිට මුලු සිරුරම නැහැවී ගියා...

ඇය සිනාසෙමින් jia er දෙස බැලුවා...ඔහුද දඟකාර සිනාවකින් බලා සිටියා...
දරදඬු බව පෙනුනත් ඔහුත් දඟකාරයෙක්...chun mei කල්පනා කලා...
කුමක්ද කල්පනා කරන්නේ...මා අසිපත ඇල්ලීමට නොදුන් නිසා නපුරු යැයි සිතනවා විය හැකියි...ඔහු සිනාසෙමින්ම පැවසුවා...
එසේ නොවේ...ඔබ මා සිතූ තරම් නපුරෙකු නොවේ....chun mei පැවසුවා...
නමුත් මා ඔබට මරණ දඬුවම ලබා දීමට සිටින පුද්ගලයෙක්නෙ...මා සමඟ තරහක් නැතිද...ඔහු විමසුවා...
නමුත් සේනාධිපති තුමනි....ඔබ මේ හැසිරෙන ආකාරයට සිතෙන්නේ ඔබ මට දඬුවම් නොකරාවි කියායි..chun mei පැවසුවා..
එසේ සිදු නොකරාවි කියාද සිතන්නේ...මට සිදුකල දේට මා පලිය ගන්නවා...ඔහු පැවසුවා...
එසේද...එහෙනම් පලිය ගන්න...chun mei සිනාසෙමින් ඇගේ අතෙහි සඟවා සිටි මල් පෙති අහුරකින් ඔහුට දමා ගැසුවා...

Jia er සේනාධිපතිතුමා පෙන්වන තරම් නපුරෙක් නොවේලු..........chun mei නැගිට හඬනගා පැවසුවා...
ඔහුට පහරදුන්නත් දඬුවමක් නම් නොදෙන්නේලු......ඇය තවත් පැවසුවා...
එසේ නොවේ මා නපුරෙක්....jia er වාඩිවී සිටි තැනින් නැගී සිටියා...
Chun mei විවිධ දේ පවසමින් සිනාසුනා...

මා ඔබගේ දඬුවම වැඩි කරනවා...jia er සිනාසෙමින් පැවසුවා...
එසේ කරන්න...ඇය පැවසුවා...
ඔබ නම් උමතු තරුණියක්...jia er පැවසුවා...
එසේයි......

Chun mei පාවී එන චෙරිමල් හා සෙල්ලම් කලා....
ඇයත් එක් චෙරි මලක් වගෙයි....jia er කල්පනා කලා...රෝස පැහැ ඇඳුම...සුන්දර මුහුණ...ඇය නම් සැබැවින්ම සුන්දර චෙරි මලක්......දඟකාර chun mei කෙරෙහි සිත ඇදීයාම වලක්වාගැනීමට අසමත් වූ සෙන්පති jia er ඈ දෙස බලාසිටියා......


Jia er සේනාධිපතිතුමාට මොනව වෙලාද...දැන් හැබැයි දෙන්න හිටියට වඩා යාලුයි වගේ නේද...බලමුකො...මොනව වෙයිද කියලා ....හොඳ නරක ඔයාල කියාගෙන යන්නකො...ඒව මට ගොඩක් වටිනවා💕🌷

Continue Reading

You'll Also Like

7.6K 824 69
දිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡
1.7M 105K 49
" ရေစက်မပြတ်လို့ တစ်ပတ်ပြန်လည်လာတဲ့ သံသရာဟာ သံသယနဲ့ အစပြုရတာမျိုးတော့ ဘယ်တော့မှမဖြစ်စေချင်ပါ ။ ချစ်ခြင်းအားဖြင့် တစ်ခါလောက်တော့ ငြိမ်းချမ်းချင်မိပါ...
721K 122K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!