හුස්මක් දුරින්...

AVIBNLeogirl द्वारा

27.8K 4.6K 6.2K

හිතින් අල්ලා දෑත් අත්හැරි ප්‍රේමයක්... अधिक

ආරම්භයට පෙර ~❤️
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
අවසානයට පෙර~❤️
අවසාන කොටස~♥
පසුවදන~ ♥

52 කොටස

333 65 82
AVIBNLeogirl द्वारा


"උඹට ශුවර්ද ධනුක අයියව?"

"නෑ...ඒත් නැන්දව හොයාගන්න මට අයියගෙ උදව් ඕන...මම ශර්ට් එකට කැම් එක සෙට් කරන ගමන් කියද්දි කවියා ස්ටියරින් වීල් එකට අතින් තට්ටු කර කර හෙමීට විස්ල් කළා...

"හරි...මම යන්න ඕන මොන ටේබල් එකටද?"

"බා කවුන්ටර් එක ළඟ ඉඳලා බිත්තිය අයින දිගේ තුන්වෙනි එක...එතන සීසීටීවී ක්ලියර් නෑ..."

"හ්ම්...උඹ අවධානෙන් ඉඳපන්... කෙල්ල එද්දි මට කියපන්..."
මම කවියට එහෙම කියලා සම්පූර්ණයෙන් ම කර්ල් කරලා තිබුණ කොණ්ඩෙත් අතින් හදාගෙන කවියා කිව්ව ටේබල් එකට ගියා...කාලෙකින් ක්ලබ් එකකට ආවාම මගෙ හිතට ආව පළවෙනි ප්‍රශ්නෙ මම ඉස්සර මේක අස්සෙ රෑ දෙක තුන වෙනකන් ඔලුව පුපුරලා මැරෙන්නෙ නැතුව හිටියෙ කොහොමද කියලා...හතර වටේට පාට පාට ලයිට් වදිද්දි කාලෙකට කලින් මගෙත් එක්ක හුරතල් වුණ ගෑණු ළමයි අද වෙන බර අතුවල එල්ලිලා ඉන්නවා දකිද්දි මට හිනා ගියා...

ඒත් ෆෝන් එක දකින පමාවට මගෙ හිනාව අතුරුදහන් වුණා...මම එහෙම ඇවිත් දෙක තුන වෙනතන් විකාර කරලා ගෙදර ගිය හැමදාම අක්ෂිගෙන් ඔයා ගෙදර ආවද ශාලුක කියලා මැසේජ් එකක් නොවැරදීම ඇවිත් තිබුණා...ඒවා මතක් වෙද්දි මම මහ තිරිසනෙක් කියලා හිතුණත් දැන් කරන්න පුළුවන් එකම දේ හුස්මක් පහත දාලා ඇස් පියා ගන්න එක වෙද්දි මම ආයෙත් බර හුස්මක් අදින ගමන් ආපු මැසේජ් එක බැලුවා...

'දැන් කවුන්ටර් එක ළඟ ඉන්න කළුපාට ශෝට් එක ඇදන් ඉන්න කෙල්ල...'

"අකා?"
කෙල්ල අතේ තිබුණ ග්ලාස් එකත් අරගෙන ඉස්සරහට එන ගමන් මගෙත් එක්ක අයි කන්ටැක් තියලා තොල් හොලවද්දි මම ඇස්වලින් කෙල්ලට වාඩිවෙන්න කියලා කිව්වා...

"මල්ලි බබෙක්?ඉන්ට්‍රස්ටින්..."
ඒකා මට ඇහැක් ගහලා තොලක් හපාගෙන වාඩිවෙද්දි මම ඒ ඇස් දිහා බලාගෙන හිටියත් ඒ ඇස්වල පුංචිම ගැස්මක්වත් තිබුණෙ නෑ...ඒ ඇස් මගෙ ඇඟ පුරා දුවලා ග්ලාස් එක අල්ලගෙන ඉන්න අතේ නතර වුණා...මම මුද්ද දාගෙන ආවෙ... දේවේන්ද්‍ර ආරච්චි පරම්පරාවේ උරුමක්කාරයා කියන්න පරම්පරාවෙන් පරම්පරාවට ආව නිල් මැණිකක් අල්ලලා තිබුණ ලොකු මුද්දක් ඒක...

සීයප්පච්චිට අනුව ලොකු ආඩම්බරයක්....ඒත් මට අනුව නම් සාපයක්!

"ඉතින්...මිස්ට දේවේන්ද්‍ර ආරච්චි මං වගේ කෙනෙක් ළඟට එන්න හේතුවක් ඇතිනෙ නේද?"

"කෙනෙක්ගෙන් විස්තර ටිකක් ගන්න ඕනෙ..."
මම කියද්දි කෙල්ල ගානක් නැතිව මම ටේබල් එකට ඕඩර් කරපු බොට්ල් එකෙන් බොන්න ගත්තෙ මම බලාගෙන ඉද්දි ම වගේ...

"නම?"

"අහ්...යශේන්ද්‍ර ආර්යයන්..."

"මණිචන්ද්‍ර පවුල අතුගාලා දැම්මෙ අකාගෙ එවුන් වෙද්දි අකා ඇයි ඒ පවුලෙ අන්තිම උරුමක්කාරයා ගැන හොයන්නෙ?"

"කොහොමද මණිචන්ද්‍රන් පවුල ගැන දන්නෙ?"

"මමත් දෙමළ ඩේ...කොළඹ මුඩුක්කු වල අපා දුක් වින්ද අපට ඒ මනුස්සයා දෙවියෙක්! තමුන්ගෙ පවුලෙ කුමන්ත්‍රණ නිසා මිනිස්සුන්ට නැති වුණේ දෙවියෙක්!"
කෙල්ල වීදුරුව මිරිකගෙන කියද්දි මම කට කොනින් හිනා වුණා...

"මණිචන්ද්‍රන් පවුල එක්ක මට මගෙ අප්පච්චි නැති වුණා... සල්ලි...ඉල්ලන ගානක් ඕකේ...මට ප්‍රශ්න කීපෙකට උත්තර ඕනෙ?"

"මොනවා කිව්වත් ලේ වතුරට වඩා ඝනකමයි කොල්ලෝ..."

"තමන්ගෙ ලේවලට සාප කරන එකෙක්ට..ඉපදුණාට පසුතැවෙන එකෙක්ට... ලේට ලේ උණු වෙන කතාව වලංගු නැති වෙයි...ලෑස්තිද?"

"හ්ම්...මට ඩීල් එක පාස් වෙනවා නම්...ප්‍රශ්නයක් නෑ..."

"ඕකේ දෙන්...යසස්වි ආර්යා මණිචන්ද්‍ර... කොහෙද ඉන්නෙ..."

"ඒකි මැරුණා..."

"මම ඇහුවෙ ඉන්න තැන... ඉන්නවද මැරිලද කියලා නෙවෙයි..."
මම මේසෙ උඩ තිබුණ අත මිට මොලවලා කියද්දි කෙල්ල කට කොණින් හිනා වුණා...

"මම ජාතිය පාවලා දෙන්නෙ නෑ!"

"මම හොයන්-"

"රෝසි? මම හරිනෙ?"
කවිනු ඇවිත් අපෙ ටේබල් එකෙන් වාඩි වෙද්දි මම පපුවට අත් දෙක බැඳ ගත්තා...

"ඔව්ද නැද්ද කියලා විතරක් කියන්න..."
කවියා ටේබල් එකට තට්ටුවක් දාලා කියද්දි මම බලාගෙන හිටියා...

" ධනුක දේවේන්ද්‍ර ආරච්චි ආර්යා මණිචන්ද්‍රව ගෙනත් භාර දුන්නෙ උඹෙ අතට?"

"ඔව්..."
කවියා පන්දහෙ නෝට්ටුවක් මේසෙ උඩ තියද්දි කෙල්ල ඇස් රෝල් කළා...

"උඹ ඒකි එක්ක අවුරුදු විස්සක් වෙනකන් අවුරුදු පහක් ඩෙල්ෆ්වල ඉඳන් බෝට්ටුවක යන දුරේ තියෙන දූපතක හැංගිලා හිටියා..."

"හ්ම්..."
කෙල්ල ටිකක් ඇස් නටවලා ඔව් කියද්ධි කවියා තව පන්දහෙ නෝට්ටු දෙකක් මේසෙ උඩ තිබ්බා...

"ඒකිට උගන්නන්න කොළඹ ඇවිත් උඹ මොහොමඩ් ළඟ වැඩට ආවා?"

"ඔව්..."

"උඹ ලෙස්බියන්?"

"ඒක අදා-"

"මම කිව්වෙ ඔව්ද නැද්ද කියන්න විතරයි..."
කවියා කිසි කලබලයක් නැතුව කියද්දි ඒකි ටිකක් ඉඳලා ඔව් කියන්න ඔලුව වැනුවා...

"President's lawyer ශ්‍රැතී රාජේශ්වරන් තවම මැරි කරලා නැති හේතුව උඹ?"

"තමුසෙ හැමදේම දැන-"

"මට හැම වෙලේම මතක් කරන්න බැහැ...මම උඹෙන් ඇහුවෙ ඔව්ද නැද්ද කියන්න විතරයි..."

"හ්ම්....ඒ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්..."
කවියා සෑහෙන උනන්දුවෙන් ඔලුව වනලා උගුර පාදද්දි  මම කතා කළේ කවියා කට කොනින් හිනාවෙන දිහා බලාගෙන...

"එතකොට ආර්යා මණිචන්ද්‍රව රට පෙරලලා හොයලත් සේපාල දේවේන්ද්‍ර ආරච්චිට හොයා ගන්න බැරි වුණේ ඒ මිනිහගෙ දකුණු අත වගේ ඉන්න රෝසි නිසා? අපෙ අගමැතිතුමා නොදැනම එයාගෙ මේන් ලෝය ඉන්නෙ අවස්ථාව ලද සැනින් පිහියෙන් අනින්න?"

"හ්ම්...මං හිතුවෙ නෑ මේ ගේම් එකට ගිම්හාන්ගෙ ලේ එකතු වෙයි කියලා..."
කෙල්ල මට අතට අත දෙන ගමන් කියද්දි මම හිනාවුණා...

"පහන් දේවේන්ද්‍ර ආරච්චි..."

"ජෙසිකා රාජේශ්වරන්...Just call me Jesh..."

"මට නැන්දාව මීට් වෙන්න ඕනෙ..."

"දැන්ම බෑ!"
කවියා කාටත් කලින් කියද්දි ජෙෂ් හිනාවුණා...

"ශ්‍රැතී සතුටු වෙයි ධනුකට වඩා පහන්ට මොලේ තියෙන එකට නම්... අවුරුදු ගානක් ශ්‍රැතී එක්ක වැඩ කරලත් ඌ අඳුරගත්තෙ නැ..."

"එයාට වැරදුණ තැන හිතාගන්න බෑ..."

"Anyway... let's meet somewhere more private....කතා කරගන්න ගොඩක් දේවල් තියෙනවා..."
ජෙෂ් යන්න නැඟිටලා සැලියුට් එකක් ගහගෙන කළුවරේම මාරුවෙලා යද්දි මායි කවියයි ටිකක් වාඩිවෙලා හිටියෙ එකපාර විසිරුණොත් සැක හිතෙන නිසා...ටිකකින් කවියා නැඟිටලා ජෙෂ් ගිය පැත්තෙන් එළියට යද්දි මම තව පැය භාගයක් විතර ඉඳලා ක්ලබ් එකෙන් එළියට බහිද්දි රෑ එක පහු වෙලා...

දැන් දරුවා නිදි ඇති...

"මාව අපාට්මන්ට් එකෙන් හලාගෙන පලයන්...උඹට කිව්වට නතර වෙන්නෑනෙ..."

"අද ඉන්න බෑ බං...අම්මා සනීප නෑ...අද අයියයි අප්පච්චියි දෙන්නම ගෙදර නෑ..."
මම ඌට හා කියලා ක්ලබ් එකේ වුණ දේවල් හිත හිත එන්න ආවා...කෙල්ල සල්ලි ගත්තෙ නෑ...ඒකි කිව්වෙ නැන්දට සාධාරණයක් වෙන්න ඕනෙ කියලා...

මම අපාට්මන්ට් එකට ඇවිත් වොශ් එකක් දාගෙන ආත්තම්මට තුරුල් වෙලා ඉන්න මගෙ පොඩි ඇට්ටරයවත් බලලා ලිවින්ග් රූම් එකේ සෝෆා එකට ආවා...අක්ෂිගෙ ඇඳේ නිදාගන්න හිතෙන්නෙ නෑ...ඒ ඇඳ එයාගෙ සුවඳයි...මෙතනට ආව තාක් ඇඳට හේත්තු වෙලා බිම වාඩිවුණා මිසක මම ඇඳෙන් වාඩිවෙලා නෑ...

"ඔයා පේන්න නැතිව පාළුයි මැණික..."ඇස් දෙක පියාගෙන හෙමීට මිමිණුව මම මොන වෙලාවක හරි නින්ද යනකල් කියලා හාන්සි වෙලා හිටියත් ආත්තම්මා හතරට නැඟිටලා එළියට එද්දිත් මම හිටියෙ අවදියෙන්...

හෙට නිවාඩුවක් දාලා දරුවා එක්ක ඉන්නවා...

මම එහෙම හිතාගෙන ඇඳට ගිහින් ටී ශර්ට් එක ගලවලා පැත්තකට දාලා දරුවව පපුව උඩින් තියා ගත්තා ම පොඩි එකා මගෙ රස්නෙට හීනෙන් ගුළි වෙලා හිනාවුණේ මම දරුවගෙ පිටට තට්ටු කර කර ඇස් පියාගනිද්දි... හීනෙන් බය නොවී නින්ද ගිය එකම රැයක් හරි තිබුණා නම්...ඒ මම දරුවව තුරුල් කරගෙන හිටිය දවස් විතරයි...

.

.

.

.

"ඕකේ චෑම්ප්...එපා! අතින් ගහන්න එපා වතුර එකට!"
බාත්ටබ් එක පිරෙන්න ලාවට රස්නෙ වතුර පුරවලා දරුවා එක්ක පැයක් විතර වතුරෙ නටලා මම හිටියෙ හොඳට නාලා...පොඩි යක්සයා ටිකක් මගෙ මූණ දිහා බලන් ඉඳලා හයියෙන් ගහගෙන යනවා වතුරට... නිකනුත් නෙවෙයි වතුර විසිවෙන ඒවට මහ සද්දෙට හිනාවෙවී...

"උපන් ඇදුමෙන් පස්සත් එළියෙ දාගෙන...හූහ් ලැජ්ජාවෙ බෑ...බ්‍රර්ර්ර්හ්..."

"ආආ!! ආආආ!! අප්-ම්හ්..තීහ්! අ-පා.. තීහ්!"
දරුවා අත කටේ දදා හප හප කියන්න හදන්නෙ අප්පච්චි කියලා වෙද්දි මට තියන්න නොතේරෙන අමුතු හැඟීමකින් පපුව පිරිලා යනවා වගේ දැනුණා...වටේ කතාව මොකක් වුණත් මේ මගෙ දරුවා නේද කියලා මතක් වෙද්දි මට ලොකු වගකීමක් තියෙනවා කියන පපුව බර කරන හැඟීම මට හොඳට ම දැනුණා...

මම දරුවගෙයි මගෙයි ඩීඑන්ඒ ටෙස්ට් එකක් කළා.... මගෙ නෙවෙයි කියලා විසි කරන්න නෙවෙයි ..අයියා දරුවා ඉල්ලුවොත් කියලා බයට... අසෙනි ප්‍රෙග්නට් කියලා අපි දැන ගද්දි මාස හතරක් විතර... ඉතින් දවස් හිතලා බැලුවත් ගැළපෙනවා...ඒත් ටෙස්ට් එකත් පොසිටිව්...ඒ කියන්නෙ මේ මගෙ දරුවා... කාටවත් අයිතිවාසිකම් කියන්න බෑ මේ මගෙ ලේ...

"ආයෙ කියන්න වස්තුව...චූටි මැණික කියන්න අප්පච්චි කියලා..."

"ප-ත්තීහ්..."
පොඩි එකා මගෙත් එක්ක හිනාවෙවී එහෙම කියලා මගෙ පපුවට තුරුල් වෙලා මට අතින් තට්ටු කළා...

"අප්-පත්-තීහ්!"
පපුව මැද තියෙන කැළල උඩ අත එහෙමෙහෙ කරන ගමන් දරුවා පළවෙනි වතාවට මට අප්පච්චී කියද්දි මං කොලු පැටියගෙ ඔලුවට හාද්දක් දීලා හිනාවුණා...

අප්පච්චි උඹට ආදරෙයි මගෙ වස්තුව... අප්පච්චිට ඉන්නෙ උඹ විතරනෙ බං...

.

.

.

.

.

.

"ලූ-දරුවා නිදිද?"

"හ්ම්...එළියට යමන්..."
මං කවියව ආපස්සට හරවගෙන එළියට ආවෙ මාත් එක්ක නටලා නටලා ඇඳ පෙරලලා පොඩි එකා නිදා ගත්තෙ විනාඩි පහකට විතර කලින් නිසා...මම ඇඳ උඩ තිබුණ ටෙඩි බෙයාලයි සෙල්ලම් බඩුයි බෝලයි සේරම අස් කරලා ඉවර වෙද්දි තමයි කවියා ආවෙ...අත්තම්මා මේ ටිකේ නෑ එයා බදුල්ලෙ ගිහින්...උදේ අම්මා ඇවිත් ගියා...දැන් මම තනියම පුරුදු වෙලා මට දරුවගෙ වැඩ එක්ක මගෙ වැඩ බැලන්ස් කර ගන්න පුළුවන්...

ඔෆිස් දවසට තමයි පොඩ්ඩක් ප්‍රශ්නෙ...ඒත් දරුවව අරන් ගියොත් එරාශා නංගි බලාගන්නවා...ඒකි ඇසිස්ටන්ට් මගෙ සෙකට්‍රි තියෙන්නෙ පොඩි පොඩි වැඩ නිසා දරුවව බලා ගන්නවා කෙල්ල...චෑම්ප්ටත් එරාශා දැක්කාම මම කැලේ...

"මොකෝ අවුල.."

"ධනුක අයියා ඩිනර් එකකට ඉන්වයිට් කරලා...දරුවගෙ උපන්දිනේලු අද..."

"ආහ්...දැන් වෙලාව...හතරයි? උඹටත් එන්න කියලද? "

"හ්ම්...වෙන ගේමක් යනවා වගේ...අද හැමෝම එනවා...උඹලයි නැන්දා එක්ක අසෙනිත් එයි සමහරවිට..."

"අයියා සෑහෙන්න ප්ලෑන් කරලා වැඩේ?"

"හ්ම්..."
කවියා කල්පනාව පිට ෆෝන් එක දිහා බලාගෙන කියද්දි මම ඌ දිහා බලාගෙන හිටියා...

"මොකෝ කේස් එක?"

"නවී දැන් කෝල් කෝල් කරලා ඇඬුවා බං...අර කෙල්ල එනවලු අද...එයා කැමති නෑ ගෙදර අය එයාව හිර කරනවට....ඒත් ඌ අම්මටයි තාත්තටයි ආදරෙයි..."

"උඹ ගිහින් කොල්ලා අරන් වරෙන්..."

"බලෙන් ගෙනල්ලා මට ඌ හූල්ලනවා බලන් ඉන්න බෑ..."

"දැන් හිනාවෙනවද ඌ?"

"අනේ ම-"
ෆෝන් එක රින්ග් වුණ නිසා කවියා කෝල් එක ආන්ස්වර් කරන්නත් කලින් මට තේනුකගෙ සද්දෙ ඇහුණා...

'අකී මාව ගන්න එන්න!'

"බබා-"

'කිව්වාම එනවා මිනිහෝ!'
කෝල් එක කට්වෙලා ගියාම මට හිනා ගියා...ඒ තේනුකගෙ හැටි...අඬලා හැන්ඩ්ල් කරන්න බැරි නම් ඊළඟ ඌ කෙලින්ම කරන්නෙ පුපුරන එක...

"ගිහින් අරන් වරෙන්...නැත්තන් ඕකා උඹටත් හොයා ගන්න බැරි තැනක යයි...එහෙමට පුත්‍රයෙක් විදානගමගේ සර්ට ඉන්නෙ!"
මං කවියගෙ උරහිසට තට්ටුවක් දාලා කියද්දි ඌ ඔලුව කස කස හිනාවෙලා එළියට දිව්වා...

අයියා මොකටද එන්න හදන්නෙ...

.

.

.

රෑ කේක් කපලා ඒව මේව කරලා කට්ටිය ඇතුළෙ බොන්න තියා ගනිද්දි මම දරුවා වඩාගෙන ගාඩ්න් එකට ආවෙ කවියට කෝල් එකක් ගන්න ගමන්...කේශව් අයියා මාව පේන දුරින් ඉන්නවා දැක්ක නිසා මම එච්චර වටේ ගැන සැලකිල්ලක් නැතිව දරුවට ළඟ තිබුණ බිත්තියට තට්ටු කරන්න දීලා කවියා ආන්ස්වර් කරනකල් බලාගෙන හිටියා...

          ....මනෙතු හිරණ්‍ය දේවේන්ද්‍ර ආරච්චි....

"අහ් මචං මොකෝ වුණේ තේනුක?"

'අන්න උයනෝ රෑට අපෙ අම්මත් එක්ක කියව කියව...'

"දැන් එතකොට ඌ ආවද උඹ එක්ක?"

'හ්ම්....උගෙ පූස් කුමාරයව මට බලාගන්න කියලා සද්දයක් දාලා ගියේ...'

"අඩෝ පූසත් අරන් ඇවිත්ද? මූට නං ඔලුව හොඳ නෑ බං"

'මූ වගේ එකයි ලෝකෙට ඉන්නෙ...'

"ඒක තමයි පූසත් අරන් පැනලා යන එකෙක් දැක්කාමයි..."

'ඔය කාගෙන ඉන්නවා හරිද...ඔහොම ඉඳලා පුපුරලා ගියාම මටත් අඬන්න වෙනවා ඕයි...'

"අපි මොකක්හරි බලමු...සමහර ප්‍රශ්න විසඳෙන්න කල් ඕනෙ බං... ඒත් ඒ ප්‍රශ්න අස්සෙ සමහර අත් අතාරින්න හොඳ නෑ...

උඹට අත්දැකීමෙන් කියන්නෙ...එදා පරක්කු නොවුණා නම් කියලා හිතෙන තැනට වැටුණා ම මැරෙන්න හිතෙනවා බං...මම කරපු වැරැද්ද උඹත් කරන්න එප්-චූටි මැණික ඇයි?"

"හාආආආආආආහ්...අප්-තීහ්හ්හ්හ්...හ්හ්...ආආආආ!"
මෙච්චර වෙලා බිත්තියට අතින් ගගහා අනිත් අත කටේ දාගෙන එයාට විතරක් හරියට තේරෙන මට සීයට හතළිහක් විතර තේරෙන එයාගෙ භාෂාවෙන් මොකද්ද දිග විස්තරයක් කිය කිය හිටිය පුංචි එකා අඬන්න ගනීද්දි මම ගැස්සිලා පැත්තකට වුණත් මට පිටිපස්සෙන් හිටගෙන ඉන්න අසෙනිව දැක්කා ම මට කේන්ති ගියා...

"කවියා මම පස්සෙ ගන්නම් දරුවා අඬනවා බං...උඹත් කේන්ති ගන්න එපා..."
මම කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාලා දරුවගෙ පිටට තට්ටු කරන ගමන් හෙමින් දෙපැත්තට පැද්දෙද්දි පුංචි එකා මගෙ බෙල්ල බදාගෙන උරහිසේ මූණ ගහගෙන හිටියා...ඒ කළු ඇස්වල කඳුළු පිරිලා තියෙනවා දැක්කාම මට මාරයා ආවේස වුණා...

මොන කට්ට කාලා තනියම දුක් විඳලා බලාගත්තත් මම ඒ ඇස්වලට කදුළු පුරවලා නෑ...මේ ගෑනි මගෙ දරුවව ඇඬෙව්වා...

"තමුසෙ මොකද මෙතන?"

"මම මගෙ දරුවව බලන්න ආවෙ..."

"තමුසෙගෙ ළමයි මෙහෙ නෑ අසෙනි... පව් නොදී පලයන් තමුසෙ දරුවව ඇඬෙව්වා!"
මම දත්කූරු කාගෙන කියද්දි අසෙනි යන්තමට හිනා වෙලා දරුවගෙ අත අල්ලන්න හැදුවත් මම ඒකිගෙ අත පැත්තකට තල්ලු කරලා දරුවව ඒකිගෙ කවර් කර ගත්තා...

"පහන් අයියෙ ඔය මගෙත් දරුවා!"

"තමුසෙ ඉපදුණ ගමන් දරුවට කිරි දෙන්න බෑ කිව්ව ගෑනී අසෙනි! දරුවා එදා බෑගිරි තියලා අඬද්දි නංගි ඇවිත් නළවනකල් අඬන්න දීලා තමුසෙ ෆෝන් එක බැලුවා...එහෙම අම්මෙක් මගෙ දරුවට ඕන නෑ! මැරිලා පලයන්!"
මම අසෙනිට බැනලා එන්න හැරෙද්දි ඒකි සද්දෙට හිනාවුණා...

"ඔයා ආදරේ කරපු හැමෝම ඔයාට නැති වෙනවා පහන් අයියේ! විහස්ට වුණෙත් ඒ ටිකනෙ! ඔය ළමයටත් ඒ ටිකම තමයි...මම ළමයව මගෙ ළඟට ගන්නවා! කොහොමහරි! ඒකා හැදෙන්න ඕනෙ මට ඕන විදියට..."

"හීන මවන් ඉන්නවා අසෙනි... තමුසෙගෙ හෙවනැල්ලක් වත් මගෙ දරුවට වැටෙන්න මම තියන්- සීයප්පච්චි?"
අසෙනිට බැන බැන හිටියත් මැන්ශන් එකේ හිටිය සීයප්පච්චි සෑහෙන කලබලේකින් වාහනේ පැත්තට යද්දි එයාගෙ ගාඩ්ස්ලත් එයා පස්සෙ යන විදිය මට ඉක්මනට ම නෝට් වුණා... මම අසෙනිව හිටි තැනම දාලා ඇතුළට එන්න ආවෙ මොකක්හරි කලබලයක් කියලා තේරුණ නිසා...මම මඟක් දුර යද්දි ම කේශව් අයියා මගෙ ළඟට ආවා...

"මොකද්ද බං වෙලා තියෙන්නෙ?"

"අනේ චූටි පුතා!"
අම්මා ඇවිත් මගෙ අතින් අල්ලගනිද්දි මම අම්මා දිහා බැලුවා...ලොකු අම්මා චූටි නංගිව ළං කරගෙන වාඩි වෙලා ටීවී එක දිහා බලාගෙන ඉන්නවා ශොක්වෙලා වගේ...ලොකු අක්කත් බයවෙලා වගේ...චූටි අක්කා ගානක් නැතිව බලාගෙන ඉන්නවා....ටීවි එකේ පෙන්නුවෙ ඇක්සිඩන්ට් එකක්...

"-සිදු වූ රිය අනතුරින් පාර්ලිමේන්තු අමාත්‍ය තුෂාර දේවේන්ද්‍ර ආරච්චි මහතා බරපතල තුවාල ලබා ඇති අතර ඔහුගේ රියදුරු හා පෞද්ගලික ආරක්ෂකයා එම ස්ථානයේ දී ම..."
වාහනේ දැක්කා ම තේරෙනවා ලොකු අප්පච්චි ඕකෙන් ගොඩ එන්නෙ නැති බව තේරුම් ගිය නිසා ඒ ගැන නොහිතා මම ලොකු අයියා දිහා බලද්දි එයා හිටියෙ මගෙ දිහා බලාගෙන...එයා හිනාවෙලා කිචන් එක පැත්තට ගිය නිසා මමත් දරුවගෙ කට පිහද පිහද ඒ පැත්තට ගියා...

"අයියේ..."

"සමහර මිනිස්සු ඉක්මනට මැරිලා යන්න වටිනවා චූටි...සමහරවිට ඩ්‍රයිවර්ට නින්ද ගිහින් කියලා කියයි..."
අයියා එහෙම කියලා කට කොනින් හිනාවෙද්දි එයාගෙ ඇස්වල ලියවිලා තිබුණෙ වෛරයක් එක්ක පැටලුණ වියරුවක්....කාලයක් තිස්සෙ නිහඬව ම පවුලෙ පව් ගෙව්ව එයා හැමදේට ම පලිගන්න අරගෙන ද කියලත් තත්පර ගානකට හිතෙද්දි මම සද්ද නැතුව අත තෙමලා දරුවගෙ කට පිහිදුවා...

"ඒ ගාඩ්ලා දෙන්නා?"

"උන් දෙන්නම අපි එක්ක ඉඳන් කුලසිංහට කඩේ ගියපු උන්...කාගෙ ළඟ වුණත්...ද්‍රෝහියෝ බොරුකාරයො ඉන්න හොඳ නෑ!"
අයියා උරහිස් අකුළලා ගානක් නැතුව කියද්දි මම කිසි හැඟීමක් නැතිව ඒ දිහා බලාගෙන හිටියා....

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

හායි බබාලා....
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

අනේ මට කමෙන්ට් වලට රිප්ලයි කරන්න වෙලාව නෑ පැටවු....මම හදිස්සි දෙයක් අහලා තිබුණොත් එවෙලෙම රිප්ලයි කරනවා....රිප්ලයි නොකලා කියලා මට වටින්නෙ නැත්තෙ නෑ ඒවා හරිද...මම අප්ඩේට් එක දීලා බලාගෙන ඉන්නෙ ඔයාලා කමෙන්ට් කරනකල්...මම වෝට් ගාන බලන්නෙම නෑ වගේ ඒත් කමෙන්ට්ස් හැම එකක්ම මම කියවනවා හොඳද...

මුලදි මම ෆ්‍රී එකේ හිටියෙ...දැන් වෙලාව නෑ අප්පා...වැඩ වැඩි වීගෙන එන්නෙ ආපහු...යුනි පටන් ගනීවි ලබන සතියෙ වගේ...ඊටපස්සෙ කොහොමත් ෆ්‍රී නෑ...මම පරක්කු නොකර අප්ඩේට් දෙනවා කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි වෙයි මට....එහෙමයි කියලා සද්ද නැතුව කියවලා යන්නෙපා පැටවු...ඔයාලා දාන එක ඉමෝජියක් වුණත් මට සෑහෙන්න වටිනවා හොඳද🥺💗

සන්ශයින් ආදරෙයි බබාලා💚💚❤️❤️

ආආ ඔයාලා කවුරුහරි අහලා තිබුණා මේකෙ චැප්ටර්ස් කීයක් විතර තියෙයි ද කියලා කලින් දවසක...හැට පහකට වඩා වැඩි වෙන එකක් නෑ සුදූලා🥰🥰

To be continued...

Bye🌹
Sunshine 💖

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

21.6K 4.6K 50
YiZhan💚❤️ "අපි දෙන්නා ආපහු පාරක් මුණගැහුනොත්, මන් පොරොන්දු වෙනවා ආය කවදාවත්ම ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා කියලා." "Maybe i'll see y...
5.8K 152 5
he loves me , he loves me not i do not own rights to Euphoria.
14.9K 1.5K 64
• මිනී මැරුමක සුළමුල සොයා ගිය තරුණයෙක් • වලව්වක උරුමකරුවෙක් • ලේ බැදීමක් නොමැති සහෝදරයන් තිදෙනෙක් • සල්ලි බලය නිසා රජ කරනා ව්‍යාජ පවුලක් • යුක්තිය උද...
නසරාණියා H&P Sisters द्वारा

कथेतर साहित्य

192K 20.4K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...