හුස්මක් දුරින්...

By AVIBNLeogirl

16.3K 2.9K 5.3K

හිතින් අල්ලා දෑත් අත්හැරි ප්‍රේමයක්... More

ආරම්භයට පෙර ~❤️
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස

44 කොටස

180 41 52
By AVIBNLeogirl


〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

පාර දෙපැත්තෙ මුලදි මුලදි පහුවුණ උස ගොඩනැඟිලි වෙනුවට කොළපාට ගස්කොළන් කොට තාප්පවලින් වට වුණ පුංචි ගෙවල් කුඹුරු යායවල් පහුවෙන්න ගනිද්දි මම ශටර් එකට ඔලුව තියාගෙන එළිය බලාගෙන හිටියා... අයියා තනි අතින් ඩ්‍රයිව් කරන ගමන් කෝල් එකක... කම්පනි එකේ මොනවාහරි දෙයක් නිසා මම ඒකට අවධානෙ නොදී ඉන්න උත්සාහ කළා... ඒ නිසාම ද මන්දා වාහනේ ඇහෙන නෑහෙන ගානට දාලා තිබුණ සින්දුව මට ඕනිවට වඩා සද්දෙට ඇහුණා...

නෙලා ගැනුමට...නොහැකි වූවද...
අත්හැරීමත්...නොවේ ප්‍රේමයි...
බලා දුර හිඳ...කතා නොකර ම...
සුසුම් පපුවක....සිර කිරීමය...

ඒ වචන මට මම ජීවිතේ ආදරේ කරපු එකම කෙනාව ආයෙ ආයෙ මතක් කරද්දී මම ඇස් පියා ගත්තා...

.

.

.

"දේව් එපා! එපා !! වතුර ගහන්න එපා!!යාආහ්!!"
මාව නෑවිලා යද්දි ශාලුකට රැව්ව මම ලොකු රැල්ලක් එනකල් බලලා එයාගෙ බෙල්ල වටේ අත් දෙක දාලා පිටිපස්සෙන් එයාගෙ කරේ එල්ලෙද්දි ශාලුක බැලන්ස් නැතුව පිටිපස්සට වැටෙන්න ගියත් එයා මාව ඇදගෙන ම අනිත් පැත්තට වැටුණා...කලින් විදියට වැටුණා නම් මාව යට වෙනවා එයාට...ඒත් දැන් මම එයාගෙ ඇඟ උඩ වැටිලා ඉන්නෙ... හිතන්නත් කලින් අපි දෙන්නව යට කරගෙන ලොකු රැල්ලක් වෙරළ පැත්තට ඇදෙද්දී මම අතින් ඇස් දෙක පිහිදුවත් රැල්ල ආපස්සට යද්දි අපි දෙන්නව ආයෙ නෑවුණා...බීච් එකේ...මේ හරිය පාළුයි... මෙතන නිකන්...අපේ රහස් තැනක් වගේ දෙපැත්තෙන් ම ගල්පර නිසා කවුරුත් එන්නෙ නෑ මේ පැත්තට...ඒත් පාර පැත්තට පේන කන්ද පිටිපස්සෙ ලස්සන වැල්ලක් තිබුණෙ...මේ හරියෙ පුදුම විදියට සිප්පි කටු තියෙනවා...

"දැන් සතුටුද? තෙමිලා කුකුල්ලු වගේ!"
ශාලුක මාව ඇඟ උඩ හාන්සි කරගෙන ම මගෙ වටේ අත් දෙක දාගෙන මම හිනාවෙලා ඔව් කියන්න ඔලුව වැනුවා ම එයා මගෙ ඔලුවට රිදෙන්නෙ නැති වෙන්න ඔලුවෙන් ගැහුවා...

"ඌයි!"

"ඔයාට රඟපාන්න බෑ අක්ෂී..."

"විශ්වාස ද?"

"ම්හ්...නෑ... රඟපාන්න බෑ කියලා කරන්නෙත් රඟපෑමක් ද කවුද දන්නෙ?"
එයා මට ඇහැක් ගහලා හිනා වෙද්දි මම එයාගෙ උරහිස කෙනිත්තුවා...

"අක්ෂී..."

"ම්ම්..."

"ම්හ්... මොනවත් නෑ..."

"මොනවද කල්පනා කරන්නේ..."
මම ශාලුකගෙ පපුවට කන තියාගෙන අපි ළඟට ම ඇවිත් ආයෙ මුහුද පැත්තට ඇදෙන රැල්ලෙ සුදු පාට පෙණ වලට ඇඟිල්ලෙන් අනින ගමන් අහද්දි එයා මගෙ මූණට වැටිලා තියෙන කොණ්ඩෙ ටික ඇඟිල්ලෙන් පැත්තකට කරලා මගෙ දිහා බලාගෙන හිටියා...

"සූරියකාන්ත මල... කවදාවත් ම අහක බලන එකක් නැද්ද?"

"ඇයි එහෙම හිතුණෙ?"

"නෑ ඉතින්... මිනිස්සු කියන විදියට ඉර වෙනුවෙන් අහසත් බලන් ඉන්නවා... හඳත් බලන් ඉන්නවා...මුහුදත් බලන් ඉන්නවා... සූරියකාන්ත මලත් බලන් ඉන්නවා... ඒත් ඉර... සූරියකාන්ත මල විතරක් නොසලකා ම හරිනවා...ඉතින් සූරියකාන්ත මලට දවසක ඉර එපාවෙන එකක් නැද්ද?"
ශාලුක මගෙන් අහද්දි මම අහසෙ පලාතක් දම්පාට තැඹිලි පාට රතුපාට කරගෙන මුහුදෙ ගිලෙන ඉර දිහා බලාගෙන හිටියා...

"ඉර දවස පුරාම අහස එක්ක ඉඳලා...රෑට අතාරිනවා... අහස අතෑරලා දාන්න ඉර මුහුද නිදහසට කාරණාවක් කර ගන්නවා...දවස ගානෙ ඉර අහසටත් රිද්දනවා... මුහුදටත් රිද්දනවා...මාස අවුරුදු ගානකට සැරයක් සූර්යග්‍රහණයක් වෙලාවට තත්පර ගානකට හඳට ළංවෙලා ලෝකෙන් හැංගිලා ආයෙම හඳත් ඇතෑරලා දානවා....ඒත් සූරියකාන්ත මල...ඉර කවදාවත් ඒ මල පාවිච්චි කරලා අතෑරලා දැම්මෙ නෑ...දවසම පුළුවන් විදියට ඉර එළිය දීලා බැරි වෙද්දි යන්න යනවා...අයිති නැති බව දැනගෙන ඉර ළංවෙන්න උත්සාහ කළෙ නෑ... ඒත් ඉර සූරියකාන්ත මල නොසලකා හැරියෙ නෑ..."
මම කියද්දි ශාලුක ලොකු අවධානෙකින් අහගෙන හිටියා...

"ඒත් මල හිතන්නෙත් මිනිස්සු වගේ නම්... සූරියකාන්ත මල හිතන්නෙත් එයා ඉර මත්තෙ නැහෙන එක ගැන විතරක් නම්? එතකොට මොකද වෙන්නෙ? එතකොටවත් මල වෙන පැත්තක් බලයිද අක්ෂී?"
ශාලුක මගෙ පිට දිගේ අත උඩට පහලට කරන ගමන් අහද්දි මට හිනා ගියා...

"ම්හ්...ඉර නිසා එච්චරට බලන් ඉන්න සූරියකාන්ත මලත් අනිත් අය බලන විදියට ම ඉර දිහා බලනවා ඇති කියලා හිතුව තැන...ඔයාට වැරදිලා ශාලුක...

When it comes to Love...ownership is not important...Love is all about trust and loyalty...

As long as the sunflower trusts and loyal to the sun....that means the flower loves the sun...

දවසක මල අහක බැලුවොත් බලන්නෙ දේව්...ඉර වෙනස් වුණ නිසා නෙවෙයි...මලට ඉර ගැන තිබුණ විශ්වාසය...මලේ පක්ෂපාතිත්වය වෙනස් වුණ නිසා විතරයි..."
මම එහෙම කියද්දි එයා මගෙ ඔලුව අතකින් එයාගෙ පපුවට තද කරගෙන මගෙ ඔලුව අතගෑවා...ඈත මුහුදෙ සද්දෙ හොඳට ඇහෙනවා...

"මට සූරියකාන්ත මල එක්ක තරහයි අක්ෂී...ඇයි මල තේරුම් නොගන්නෙ එයා ඉර මත්තෙ නැහිලා යන්න තරම් වටිනවා වැඩියි කියලා...

That f#cking sun doesn't deserve such a pure soul Akshi!"
ශාලුක මගෙ ඔලුව මුදුනට හාද්දක් දීලා මුමුණද්දි මම ඒක ඇහුණෙ නෑ වගේ ඇස් පියාගෙන හිටියා...

ඔයාගෙ මල...අහක බලන්නෙ නෑ...

.

.

.

"චූටි! චූටී!!? ඒ පාර මොකද්ද?"

"අහ්?"
මම ගැස්සිලා අයියා දිහා බලද්දි තමයි මට දැනුණෙ කම්මුල් දෙක තෙතයි කියලා...

"ඇයි අඬන්නෙ ආපහු අර යකා මතක් වුණාද?"

"ම්හ්..."
මං නහය උඩට අදින ගමන් කම්මුල් දෙක පිහිදගෙන බිම බලන් හිනා වෙද්දි අයියා මගෙ කකුලට තට්ටුවක් දැම්මා..

"උඹව මඟෑර ගත්ත එක උගෙ පව...ඇරත් තව ටික දවසකින් කොහොමත් ඌ මැ-"

"අයියේ!!"

"හරි හරි! අපි දෙන්නම කාවහරි හොයනවනෙ...තව කල් තියෙනවා.. බොරුවට කඳුළු පෙරා ගන්නැතුව හිටපන්..."
අයියා මට රවලා පාර දිහා බලාගනිද්දි මමත් සද්ද නැතුව හා කියන්න ඔලුව වැනුවා...

"ග්‍රැනී...තනියමද ඉන්නෙ ගෙදර?"

"ග්‍රැනීට උදව්වට ඉන්න ආන්ටි ඉන්නවා...ලතා නැන්දා තමයි ග්‍රෑන්පා නැති වෙන්න කලින් ඉඳලා ම එයාලගෙ තනියට හිටියෙ..."

"හ්ම්...අරවින්ද අංකල්ට වෙන කවුරුත් සිබ්ලින්ග්ස්ලා නැද්ද?"

"එයාට මල්ලි කෙනෙක් හිටියා..."
අයියා මගෙ දිහා නොබල ම උත්තර දෙද්දි මම ඒක ගානක් නැතුව පහුවුණ කුඹුරෙ හිටපු පිල් විදහගත්ත මොනරගෙ දිහා හැරිලා බැලුවා...

"ඇයි නතර කළේ?"

"බහින්න..."

"අයි-"

"ඉක්මනට එනවා...ඌ ජීවිත කාලෙම පිල් විදාගෙන ඉන්නෙ නෑ..."
අයියා කා එක අයින් කරලා නතර කරලා මගෙ පැත්තෙ දොර ඇරලා මගෙ අතින් ඇදගෙන දිව්ව නිසා මාත් එයා පස්සෙන් දිව්වා...ශූස් දෙකත් ගලවලා හිටියෙ මම... හැබැයි මෙහෙ පාර රස්නෙ නෑ...වටේ ගස් නිසා වෙන්න ඇති...

"යෝහ්...මෙතන මාර හුළඟයි නෙ! අර රිදම් එක ලස්සනයි නේ?"
මම එක ගානට වැවිලා තියෙන ගොයම් පැල උඩින් හුළඟ නිසා රැළි යනවා වගේ පේන පැත්තට අත දික් කරලා කියලා සද්දයක් නැති නිසා අයියා දිහා බලද්දි ඒකා පිස්සෙක් වගේ හිනාවෙවී මගෙ දිහා බලන් ඉන්නවා දැක්කා ම මාව ටිකක් විතර ගැස්සුණා...

"අයියෙ?ඕයි අයියෙ!?"
මම අයියගෙ බඩට එකක් ගහලා කෑ ගහද්දි අයියා ඇස් හීන් කරගෙන හිනා වෙවීම ඉස්සරහට නැවිලා ටිකක් වෙලා මගෙ දිහා බලාගෙන ඉඳලා මගෙ කොණ්ඩෙ අවුස්සලා දැම්මා...

"තමුසෙ පොඩි එකෙක් වගේ විහස්... හෙන හුරතල්..."

එක්කො මුට සයිකො ද?

"එන්න යන්න...මඟ බොඩි බන්ට් එකක් තියෙනවා... එතන ඇළ මැද්දෙ බෝධියක් තියෙනවා...ඒ වටේ ඉබ්බො ඉන්නවා...මාළුත් ඉන්නවා...එතන නතර වෙනවා නම් දැන් ඉක්මනට යන්න ඕන..."
මම සද්දයක් නැති නිසාද කොහෙද අයියම ආයෙ කතා කරලා වාහනේ පැත්තට යද්දි මම ආයෙම පිල් විහදගෙන ඉන්න මොනරගෙ දිහයි ඒ ළඟම ඉන්න සෙබඩු කීපදෙනායි දිහා බලලා අයියගෙ පස්සෙන් දිව්වා...

.

.

.

.

"ඔහ්...සුදුපුතා...මේ ඉලන්දාරියා රෑ වුණානෙ! රස්තියාදුවෙ ගියාද!?"
කළු පාට රටාවක් තිබුණ නිල් පාට කොට බතික් ගවුමක් ඇඳලා කළුපාට ෆ්‍රේම් එකක් තියෙන කණ්ණාඩි දෙකක් දාලා හිටිය අවුරුදු හැටක් විතර පෙනුණ ලස්සන ගෑණු කෙනෙක් අයියගෙ උරහිසට ගහන ගමන් අහද්දි අයියා අතේ තිබුණ බෑග් එක වැරෙන්ඩා එකේ පුටුවක් උඩට අතෑරලා එයාව අත් දෙකෙන් ම බදා ගත්තා...

"යෝ මගේ ක්වීන් බලාගෙන හිටියද මං එයි කියලා? ඇස් රිදෙනකන්?"
අයියා හෙන හුරතල් කරන වොයිස් එකකින් අහන ගමන් ග්‍රැනීව බදාගෙන අහද්දි ග්‍රැනී ආයෙමත් අයියට ගහලා රැව්වා...

"කෙල්ලෙක් ඉන්න ඕන ඉලන්දාරියෙක් මේ නාකි ගෑනි හුරතල් කර කර ඉන්නවා! මම කිව්වා මේ පාර එද්දි මට ඩෝටර් ඉන් ලෝ කෙනෙක් හොයාගෙන ෆොටෝ එකක් ගහගෙන එන්න කියලා...කෝ පෙන්නන්න බලන්න!"
ග්‍රැනී ඉණට අත් දෙක තියන් ඇහිබැමක් උස්සලා අහද්දි අයියා ඔලුව කසපු විදිය දැකලා හිනා යන්න ආව නිසා මම තොල් දෙක තද කරගත්තා...

"ඒක...මේ...ආව්...හරි ඉතින් ගහන්නෙපා...ඌයි... අනේහ්!! ඔයාගෙ ලිට්ල් ප්‍රින්ස්ට හරිය-ආආව්!!ග්‍රැනී!"

"තමුනුත් ඩැඩාගෙ පාරෙම යනවා ශාන්! ඒකත් හිත කැමති එකක් කසාද බැන්දෙ පනහ පේනමානෙදි නේ!"
ග්‍රැනී අයියට බැන බැන පාර පැත්ත බලන්න හැරිලා මාව දැකලා ගැස්සිලා ගියා...එයාගෙ මූණෙ තිබුණ හිනාව එක තත්පරෙන් අතුරුදහන් වෙලා ගිහින් ඇස්වලට ලාවට කඳුළු ඇවිත් තිබුණා... මෙච්චර වෙලා වෙලා අයියා එක්ක විකාර කර කර හිටිය එයා හරි හෙමීට මගෙ ළඟට ඇවිදන් ඇවිත් ටික වෙලාවක් බලාගෙන ඉඳලා හෙමිහිට මගෙ කම්මුලට අත තිබ්බා...

"සමින්ද..."

"අම්මා..."
අරවින්ද අංකල් කතා කරන්න හැදුවත් මමා එපා කියලා එයාගෙ අතින් අල්ලගනිද්දි මම ග්‍රැනීගෙ වගේම කහපාට බතික් ගවුමක් ඇඳලාතීරු තීරු තඹ කරලා ලේයර් කරලා තියෙන කොණ්ඩෙ පෝනිටේල් එකක් දාගෙන ඉන්න මමා දිහා බැලුවා...එයා පොඩි කෙල්ලෙක් වගේ... මගෙ අම්මා කියන්න බැහැ...තද කහපාට ඇදුමට මමාව පෙනුණෙත් කහපාටට...

එයා ලස්සනයි...ඇත්තටම...ගොඩක්...

ඒත් දැන් බලන් ඉන්න විදියට නම් එයාගෙන් වෙනදා පෙනුණ මම අකමැති හිතුවක්කාර අහංකාර නිලිය පෙනුණෙ නෑ...එතන හිටියෙ මං ගැන... පවුල ගැන කෙයා කරන අම්මා කෙනෙක්...

"සමින්ද...වගේමයි..."

"අහ්...ග්-ග්‍රෑන්මා මම..."

"අහ්...ඔව්...මේ අපේ චූටි පුතානෙ ඉතින්...යස ඉලන්දාරියෙක්නෙ... ඉන්න නසරාණියට වඩා අහිංසක පාටයි..."
ග්‍රැනී අතකින් ඇස් දෙක පිහිදගෙන කියලා අයියට රවද්දි බයවෙලා අපි දිහා බලාගෙන හිටිය අයියා දෙතුන් පාරක් ට්‍රයි කරලා හිනා වුණා...

කවුද සමින්ද....ඇයි මම එයා වගේ...ඒ කිව්වෙ ඩැඩා ගැනද?

"දෙන්න ම එන්න ඇතුලට ළමයි... දැන් කන්න වෙලාවත් ළඟයිනෙ..."

"කවුද.... සමින්ද කියන්නෙ?"
මම අහද්දි ගේ ඇතුළට යන්න හැරුණ ග්‍රැනී එහෙම ම නතර වුණත් එයා බැලුවෙ අරවින්ද අංකල් දිහා...

"අංකල් ඔයා දන්නවා...ඒ කවුද...ඇයි මම එයා වගේ... වැරදිලා හරි..."

"පුතූ...ඒක ඩැඩා වෙන්න ඕනි නැද්-"

"එයා මාව පිළිගත්ත දවසක මට ඒ විදියට කතා කරයි... don't force him to accept me in that place Keshi...

පුතා එක්ක කතා කරන්න දෙයක් තියෙනවා...බට් මෙහෙම නෙවෙයි... අපි කෑම කාලා ඉවර වෙලා කතා කරමු...දැන් මහන්සි ඇතිනෙ... දෙන්නම වොශප් වෙන්න...ඔයාලා දෙන්නට තියෙන්නෙ එක රූම් එකක් විතරයි හැබැයි..."

"ඒක කමක් නෑ ඩැඩා..."
මම අංකල්ට හා කියලා යන්තන් ඔලුව වනද්දි අයියා මගෙ බෙල්ල වටේ අත දාලා බිම තියපු එයාගෙ ඇඳුම් බෑග් එකත් අහුලගෙන මාවත් ඇදන් ග්‍රැනීගෙ කම්මුලට කිස් එකකුත් දීගෙන ඇතුළට ගියා ම මාත් ඒ පස්සෙන් ඇදිලා ගියා...

සමින්ද...අරවින්ද...දේවින්ද...ඔක්කොම එක වගේ...

.

.

.

.

"චූටි පුතාට නින්ද යන්නෙ නැද්ද?"
වැරෙන්ඩා එකේ ගැට්ටෙන් වාඩිවෙලා තරු පිරිලා තියෙන අහස දිහා බලාගෙන හිටිය මම ගැස්සිලා ගෙයේ මගෙ පිටිපස්සෙන් ඇහුණ ග්‍රැනීගෙ කටහඬට...මම හැරිලා බලලා එයා එක්ක හිනා වුණාම එයා පුටුවක් අරන් ඇවිත් මගෙ එහා පැත්තෙන් තියාගෙන වාඩිවුණා...

"මට අවුරුදු විස්සකට විතර පස්සෙ මම සතුටින් වගේ දැනෙනවා පුතේ... උඹට පින් මේ නාකි ගෑනි මැරෙන්න කලින් ඒ රූපෙ අරන් මගෙ ඉස්සරහට ආවට..."
ග්‍රැනී මගෙ ඔලුව අතගාලා කියද්දි මම සද්ද නැතුව අහස දිහා ම බලාගෙන හිටියා...

"ඉලන්දාරි වයසෙන් කොල්ලෙක් මැරෙන්න යනවා කියලා කල්තියා දැනගෙන ඌ ටික ටික මැරෙන දිහා බලන් ඉන්න එක අම්මෙක්ට දරාගන්න බෑ පුතේ...මම දන්නවා ඒ වේදනාව... ඒ මගෙ ළඟ හුරතල් වෙවී හැදුණ කොල්ලා...

මගෙ අහිංසකයා ජීවිතේ පටන් ගන්න හිතන්නත් කලින් ඌට යන්න වුණා පුතේ...

පව් මගෙ අහිංසකයා දැනගෙන හිටියා ඌට දරුවගෙ මූණ බලන්න ඉන්න බැරිවෙනවා කියලා...ඌ සෑහෙන්න ඇඬුවා ඒකා තාත්තෙක් වෙලා කියලා දැනගත්ත වෙලාවෙ...ඒක කිව්ව වෙලාවෙ මගෙ කොල්ලා සතුටට ඇඬුවා...මාව බදාගෙන අම්මෙ මම තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ කිය කිය ඇඬුවා...පස්සෙ අත් දෙකෙන් ම ඔලුව බදාගෙන ඇඬුවා ළඟදිම දවසක ඒ දරුවට තාත්තා නැති වෙනවා නේද අම්මෙ කිය කිය...ඔයාගෙ තාත්තා ඔයාට ගොඩක් ආදරේ කළා පුතේ...

ඒත් ඔයාගෙ අම්මා...තාත්තා නැති වුණාට පස්සෙ අතුරුදහන් වුණා...සමින්දගෙ හත් දවසෙ දානෙටවත් ඔයාගෙ අම්මා හිටියෙ නෑ...ඒ කාලෙත් ඔය කෙල්ල හෙන ආඩම්බරයි...කාටවත් මෙල්ල නෑ...මගෙ කොල්ලා ඒකි හුරතල් කරනවා වෙනුවට ගොඩක් වෙලාවට ඒකි කළේ මගෙ කොල්ලව හුරතල් කරන එක...ඔයාගෙ තාත්තව බඳිද්දි ඔයාගෙ අම්මා ෆැෂන් ඩිසයිනර් කෙනෙක්... කොල්ලෙක්ට ළං වෙන්න හිතන්නවත් බැරි අහංකාර කෙල්ල... ඒකි දරුවා එක්ක ම අතුරුදහන් වුණා...

අවුරුදු පහකට විතර පස්සෙ කෙශිනි ද සිල්වා කියලා නිළියක් ප්‍රසිද්ධ වෙද්දි තමයි මම දැනගත්තෙ ඒ මගේ චූටියගෙ වයිෆ් කියලා...ඒත් මම ගිහින් හම්බවුණාම මේ කෙල්ල කිව්වෙ දරුවව නැත් කළා කියලා... මම එදා සාප කළා ඔයාගෙ අම්මට... බලා ගන්න බැරි නම් මට දෙන්න තිබුණා කියලා අඬා වැටුණා...පස්සෙ පස්සෙ ඒකි එක එක මිනිස්සු එක්ක නටන්න ගනිද්දි මම ඒකිට දුවෙක් වගේ සැලකුව බව මම අමතක කරලා දැම්මා...ඒත් අරවින්ද ලෑස්ති වුණෙ නෑ කෙශිනිව අතාරින්න..."
මම ඇයි අහන්න වගේ ඇස් ලොකු කරගෙන ග්‍රැනී දිහා බලද්දි එයා හිනාවෙලා මගෙ ඔලුව එයාගෙ කකුලෙන් තියාගෙන ඔලුව අතගෑවා...

"මුලදිම කෙශිනි ඇහැ ගැටිලා තියෙන්නෙ ලොකු එකාටනෙ ඉතින්... දැන් සුදුපුතාට කෑ ගැහුවට ඌත් ඒ කාලෙ ඔය වගේ...මල්සරා වගේ බැලූ බැලූ අත කෙල්ලො හැමදාම මහත්තයා බෙල්ට් පාරවල් දෙද්දි මම තමයි බේරගන්නෙ කෑ ගහලා අඬලා..."
ග්‍රැනී ඇස්වල කඳුළු පිහිදගෙන ඈත බලාගෙන හිනා වුණා...

"ඉතින් අයියා මලෝ කෙල්ල පාරෙ ගිහින් තියෙන්නෙ අයියට...ඒත් ඒ නාහෙට නාහන කෙල්ල කැමති වෙලා තියෙන්නෙ මගෙ අහිංසකයට...මේකි ඒ කොල්ලගෙත් හංගගෙන හිටිය සෙල්ලක්කාර චරිතෙ ඇහැරවලා තිබුණා...

ලොකූ මගෙන් ඇවිත් ඇහුවා ඒ දවස්වල අපි කරන්න ඕන හීලෑ වෙන්නෙ නැති වෙළඹක් ජීවිත කාලෙට කොටු කරන එකද ඒකිව හීල කරන්න පුළුවන් කෙනෙක්ට දෙන එකද කියලා...මම ඉතින් කිව්වා කොටු කළොත් වෙළඹ දවසක පැනලා යන නිසා හීලෑ වෙන තැනකට දෙන එක හොඳයි කියලා...

මම දැනන් හිටියා අහන්නෙ කෙල්ලෙක් ගැන වග... ඒත් මම දැනන් හිටියෙ නෑ අයියා මලෝ එක කෙල්ලට පැටලිලා කියලා...පොඩි එකා බැන්ද දවසෙ මූ මාව තුරුල් කරගෙන ඇඬුවා මම වෙළඹව හීලෑ කරන්න පුළුවන් කෙනෙක්ට දුන්නා අම්මේ කිය කිය...ඊට පස්සෙ අවුරුදු තිහක් විතර වෙලා තාත්තා බලෙන් බන්දලා දෙනකන් ම ලොකූට කෙල්ලෙක් එක්ක කියන්න කිසිම සම්බන්ධයක් තිබුණෙ නෑ...ඒ සෙල්ලක්කාර කොල්ලා මැරිලා ගිහින් ඌ තනියම ආදරේ කරන්න අරන් තිබ්බා.... ඒකත් මල්ලිගෙ කසාද ගෑනිට...ඒක වැරදි බව දන්න නිසා ම වෙන්නැති ඌ පවුල මඟෑරියා... බිස්නස් එක්ක ම හිටියා... අරවින්ද තිස් එකෙන් බැඳලා අවුරුදු හතරකට විතර පස්සෙ සුදුපුතා ඉපදුණා...එදා මෙදායින් පස්සෙ හශාන්ට අම්මා කෙනෙක් ඉඳලා නෑ චූටිපුතා...ඒ ගෑනි කොල්ලට ඉස්පිරිතාලෙදිවත් කිරි දුන්නෙ නෑ...ළමයා එපාම කිවිවා.. වැරදීමක් කිව්වා...

මම තමයි සුදුපුතාට කවලා පොවලා මගෙ අත් අස්සෙ උස් මහත් කළේ... ඒ ගෑනි අරවින්ද ව දාලා ගියාට අරවින්ද ඩිවෝස් එක දුන්නෙ නෑ...අර කෙල්ලව මෙල්ල කර ගත්තට පස්සෙ තමයි මේකා කැමති වුණෙ අර ගෑනිව අතෑරලා දාන්න...

මම මැරෙන්න ඉන්න ගෑනි තව අවුරුදු කීපෙකින්...මට සතුටුයි මගෙ දරුවො නැතත් මුනුපුරෝ සතුටෙන් ඉන්න එකට...පුතා අරවින්ද ව තාත්තා විදියට පිළිගන්න අකමැති නම් ඒකට්-"

"නෑ ග්‍රැනී මං උදේට ඩැඩා එක්ක කතා කරන්නම්...මමා මැරි කරලා ඉන්න කෙනාව...මගෙ මමාව බලාගන්න කෙනාට ඩැඩා කිව්වා කියලා මට මොනවත් නැති වෙන්නෙ නැනෙ ග්‍රැනී... හිත් රිද්ද ගෙන ඈත් වෙලා ඉන්න තරම් ජීවිතේ දිග නෑ ග්‍රැනී..."
මම ග්‍රැනීගෙ දිහා බලලා හිනා වෙලා කියද්දි ග්‍රැනී මගෙ නළලට හාද්දක් දුන්නා...එයා ගාව අමුතු හිත නිවෙන සුවඳක් ආවෙ...

"ග්‍රැනී ඇයි ඇහැරගෙන..."

"මට නින්ද යද්දි රෑ දෙකවත් වෙනවා චූටිපුතා...පුතා නිදියන්න...මාත් කාමරේට යන්නම්..."

"ගුඩ් නයිට් ග්‍රැනී..."
මම ග්‍රැනී වාඩිවෙලා හිටිය පුටුව තිබුණ තැනින් තියලා එයා ඇතුළට යනකල් ඉඳලා දොරත් වහලා කාමරේට ගියා...

.

.

.

.

"උඹ කීය වෙනකන් ජනේලෙන් එළිය බලන් ඉන්න ද හදන්නෙ?"
අයියගෙ කටහඬ ඇහුණාම මම ගැස්සිලා ගියේ මම එයා නිදි කියලා හිතාගෙන හිටිය නිසා...

"අහ්?"

"උඹ කවදා වෙනකන් හොරාට අඬනවද?"

"හ්හ්...ජීවිත කාලෙම?"

"පිස්සුද යකෝ?"
අයියා බදාගෙන හිටිය කොට්ටෙ පැත්තකට විසි කරලා ඇඳෙන් බැහැලා ඇවිත් මගේ එහා පැත්තෙන් හිටගෙන අත් දෙක පපුවට බැඳගෙන අහස දිහා බලාගත්තා...

"උඹ අපරාදෙ නාස්ති වෙනවා බං..."

"හ්හ්...දවසක බැඳපු නැති බාප්පා කෙනෙක් ඉද්දි උඹෙ බබාලා කැමති වෙයි..."
මම හිනාවෙවී කියද්දි අයියා යන්තමට හිනාවෙලා අහස දිහා බලාගත්තා...

"ම්හ්...උඹ හිතනවද මගෙ අම්මයි තාත්තයි ගෙවපු කසාද ජීවිතේ දැක දැක මම කසාද බඳීවිය කියලා?"

"ඉස්සරහට අදහස වෙනස් වෙයි..."
මම හිනාවෙවී කියද්දි අයියා මගෙ ඔලුවට ගැහුවා...

"උඹව හරහට අරන් නළවන්න බෑ! නිදා ගන්න වරෙන්...උදේට පන්සල් යන්න ඕන..."

"ඩැඩා මාව අතෑරලා දාලා නෑ...එයා මට ආදරේ කරලා? "
මම ඈත බලාගෙන ම හෙමින් කියද්දි අයියා මගෙ පිටට තට්ටුවක් දැම්මා...

"තමුසෙ හිතන් ඉන්නවට වඩා මිනිස්සු තමුසෙට ආදරෙයි චූටී...ප්‍රශ්නෙ තියෙන්නෙ තමුසෙ ලැබෙන ආදරේ මඟෑරගෙන ආදරේ හොයන්නෙ ලැබෙන්නෙ නැති තැන්වල..."

"සද්දෙ ඇහෙන්නෙ...ග්‍රැනී ඇහැරලාද? "

"ම්ම්...මේ දානෙ...ග්‍රැනී වෙන කාටවත් උයන්න දෙන්නෙ නෑ... අවුරුදු විස්සකට කිට්ටුව එයා තමයි ලතා නැන්දා එක්ක ඔක්කොම කරන්නෙ..."

"අපිත් යන්?"
මං අයියගෙ අතින් අදින ගමන් අහද්දි අයියා මාව ආපස්සට ඇද්දා...

"නිදාගන්නවා...යන වෙලාවට කතා කරයි අපිට..."

"ඔයා නිදා ගන්න... මං යනෝ ග්‍රැනීට උදව් කරන්න..."
මං අයියාගෙන් අත අතාරගෙන කාමරෙන් එළියට දිව්වෙ කිචන් එකට යන්න...

"ඒයි...චූටි...යාහ් තමුසෙ මහ වදයක් ඕයි!"
අයියා කෑ ගහනවා ඇහුණාම මම හිනාවෙවී කිචන් එකට ගියා...ග්‍රැනී එක්ක මමා කෑම ලෑස්ති කරනවා... පත්තර කොළ වලින් වහලා හට්ටි දෙක තුනක් තිබුණා... ග්‍රැනී බෝංචි සුද්ද කරනවා...මමා මාව දැකලා ගුඩ් මෝනින් කියලා කෙට්ල් එක තියලා ආයෙම ළූණු සුද්ද කරන්න ගත්තත් එයා හිටියෙ බාගෙට ඇඬිලා...

"ඕක මම කරන්නම්...ඔයා තේ එකක් හදන්න...ආ දෙකක් ඕනෙ...අයියත් ඇහැරලා ඉන්නෙ..."

"මෙන්න වහින වැඩක්!"
ග්‍රැනී දොර පැත්ත හැරිලා එහෙම කියද්දි මට නිදිමතේ ඇස් පොඩි කර කර ඉන්න අයියව දැකලා හිනා ගියා...

"ඕවට කදුළු එනවනෙ පුතූ...ලොකූටත් මල්ලිට වගේ කොෆී ඕනද නැත්තන් ඔයාගෙ සුදු කිරි එකම හදන්නද?"

"සුදුකිරි එකක් දෙන්න මමා...ග්‍රැනී ඔයාගෙ අහිංසකයා මට නිදාගන්න දුන්නෙ නෑ..."

"මේ ටිකේ පොතු ඇරලා දෙන්න සුදුපුතා.."
ග්‍රැනී අයියා කිව්ව එක ඇහුණෙ නෑ වගේ එහෙම කියද්දි අයියා මට රවාගෙන ගිහින් ග්‍රැනී ළඟින් වාඩිවෙලා ග්‍රැනී එක්ක කෝළමක් කරන්න ගත්තාම මම ළූණු ටික හීනියට ලියන්න පටන් ගත්තා...

"ඔයා...ආයෙ කොළඹ යනවද පුතූ?"

"ම්හ්...යන්න ඕනනෙ...වැඩ ටිකක් තියෙනවා...ඒ ටික ඉවර කරලා මම පේරාදෙණියෙ යනවා..."

"හ්හ්...රිසල්ට් එනකල් ඉන්න...බැරිද? ඔයා දන්නවා අපි දෙන්නම ජීවිතේ..."

"ඔයාව බලාගන්න කෙනෙක් ඉන්නවනෙ මමා දැන්...දැන් මගෙ වගකීම ගොඩක් දුරට අඩුයි...මට මාව බලාගන්න පුළුවන්...මට ටිකක් ඈත් වෙලා ඉන්නයි ඕනෙ..."
මම කියද්දි මමා තොල් හපාගෙන හා කියන්න ඔලුව වැනුවා...

"ප්‍රශ්නයක් අහන්නද?"
ඒකට මමා තොල් හපාගෙන ම ඇස් ලොකු කරගෙන මගෙ දිහා බලද්දි මට හිනා ගියා ඒකක කියුට් නිසා...මේ මනුස්සයට හතළිස් පහකට කිට්ටුයි කියන්නෙ බොරුවට ද මන්දා!!

"ඇයි එහෙම කළේ..."

"පුතූ?"
මම ආයෙ හැරිලා මේසෙ ළඟ අයියා එක්ක මොකද්ද කිය කිය හිනාවෙන ග්‍රැනී දිහා බලලා පිහිය දිහා බලා ගත්තා...

"ඇයි...ඩැඩා නැති වුණාට පස්සෙ හිතෙන හිතෙන මනුස්සයා එක්ක..."

"මම හෙව්වෙ සමින්දව අමතක කරන්න පුළුවන් කෙනෙක්..."
මමා විස්ල් එක වදින කෙට්ල් එක ඕෆ් කරන ගමන් බිම බලාගෙන කියද්දි මම ටිකක් වෙලා එයා දිහා බලාගෙන හිටියා...

"ඉතින් හම්බවුණාද?"
ඒකට මමා නෑ කියන්න ඔලුව වනලා දෙතුන් වතාවක් ඇහිපිය ගැහුවා...

"නෑ...හැමෝම කළේ ප්‍රයෝජනය අරන් පැත්තකට වුණ එක...පහුවෙද්දි මාත් ඇඩික්ට් වුණා...අරවින්ද තමයි පෙන්නුවෙ ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ව රිප්ලේස් කරන්න බෑ කියලා...ඒ වගේ අය හිතේ ගන්න තැන... එයාලා ගියාම හිස්තැනක් වෙනවා පුතූ....ඒ පළාතම කළු කුහරයක් වගේ වෙනවා...

Already full....but always feel empty...

හ්හ්...මම ඒක තේරුම් ගත්තෙ නෑ තනියම..."
මමා මගෙ තේ එකත් එක්ක මට මුං කැරලි තුනක් දීලා අයියගෙ කිරි එක ගෙනිහින් දීලා ඔලුව අතගාලා ආවා...

"ඇයි ග්‍රැනීට මං ගැන හැංගුවෙ?"

"ඔයා ඔයාගෙ තාත්තා වගේ පුතූ...මට ඔයාව දකින හැමවෙලාවකම ඔයාගෙ ඩෑඩ්ව මතක් වුණේ...ඒ දවස්වල ඉඳලාම...ග්‍රැනී මාව හොයාගනිද්දි ඔයාට අවුරුදු හතරක් විතර...මම බය වුණා එයාලා ඔයාව උදුර ගනීවි කියලා...ඉතින් මම බොරු කිව්වා... දැන් හිතෙනවා මම ලොකු වැරැද්දක් කළේ කියලා...හ්හ්..."
මමා ලොකු හුස්මක් පහත දාලා මගෙ කම්මුල දිගේ බේරෙන කඳුළක් ඇඟිල්ලෙන් පිහදලා දැම්මා...

"ළූණු සැර එපාවෙනවනේ පුතූ...කඳුළු එනවා.."
මමා එහෙම කියද්දි මම ලාවට හිනා වුණත් ඒ කඳුළු ආවෙ ළූණු සැරට නෙවෙයි...

Already full...but always feel empty... හරියට දැන් මගෙ හිත වගේ....

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

ඇත්තටම සයිකොත👉👈😂

To be continued....

Bye🌹
Sunshine💖

Continue Reading

You'll Also Like

24.2K 1K 13
➵ random drabbles ・ all bts members ; a handful of fleeting ideas and jotted down drabbles. most of these have evolved from a game played on my tumb...
76K 12.7K 129
අවිනිශ්චිත හැගීම් ජාලාවක විනිශ්චය
13.2K 1.4K 59
• මිනී මැරුමක සුළමුල සොයා ගිය තරුණයෙක් • වලව්වක උරුමකරුවෙක් • ලේ බැදීමක් නොමැති සහෝදරයන් තිදෙනෙක් • සල්ලි බලය නිසා රජ කරනා ව්‍යාජ පවුලක් • යුක්තිය උද...
36.7K 1.5K 28
What gonna happen if Seven mafia kidnapped seven normal boys what if they did mistake that will let them lost the most precious person in their life...