හුස්මක් දුරින්...

AVIBNLeogirl द्वारा

27.7K 4.6K 6.2K

හිතින් අල්ලා දෑත් අත්හැරි ප්‍රේමයක්... अधिक

ආරම්භයට පෙර ~❤️
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
අවසානයට පෙර~❤️
අවසාන කොටස~♥
පසුවදන~ ♥

40 කොටස

309 54 81
AVIBNLeogirl द्वारा

"මට මේක තවත් කරන්න බෑ විහා.... ඇයි අම්මලා තේරුම් ගන්නෙ නැත්තෙ?"

"දැන් ආන්ටි දන්නවද කවියා ගැන..."

"නෑ...ඒත් මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දන්නවා...අම්මා මාව දකින දකින වතාවට කෑ ගහනවා ඕක විකාරයක් ඔය කාලෙට ඔහොම හිතෙනවා පුතා මට තේරුම් ගන්න පුළුවන්...ඒත් ඕක ආදරේ නෙවෙයි... ඕව කල් තියෙන දේවල් නෙවෙයි කියලා...

මම දන්නවා අම්මා සාධාරණයි... එයාලට එකම දරුවා මම වුණාම මං ගැන හීන කන්දක් ඇති....ඒත් ඒ හීනවලට පණ දෙන්න ගිහින් මට මැරෙන්න බෑ බං!

අකීව අතාරින්න වුණ-"

"හිතන්නවත් එපා!"
මේන් ඩෝ එක පැත්තෙන් ඇහුණ සද්දෙට අපි දෙන්නම ගැස්සිලා ගියා... ඇවිත් හිටියෙ කවිනු එක්ක ශාලුක... යෙහාත් අද උදේ ඉඳලා මෙහෙ...

"නවී..."
මෙච්චර වෙලා සෝෆා එකේ පිලෝ එකක් බදාගෙන කදුළු පිහදදා කියව කියව හිටිය තේනුවා දුවගෙන ගිහින් කවියගෙ ඇඟේ එල්ලුණාම කවියා ඌව තනි අතින් බදාගෙන සෝෆා එක ළඟට ආවා...

යෙහා සද්ද නැතුව ම ශාලුකට නොඩ් එකක් දීලා වින්ඩෝ එකෙන් එළිය බලාගෙන හිටියා...ඌ නංගිව ආලියා එක්ක ශොපින් යවලා මෙහෙ ඇවිත් තිබුණෙ...මගෙන් බලු පැටවු ගැන ඇහුවා නංගිට පාළුවට එක්කෙනෙක් ගෙනත් දෙන්න කියලා...

දැන් දවස් දෙකක විතර ඉඳලා තේනුකගෙ අම්මා කියන දේවල් නිසා තේනුවා අඬාගෙනමයි...ඒ මදිවට පෙරේදා මොකකට හරි මල පැනලා කවියත් තේනුට බැනලා තිබුණා...ඌ එදා රෑ එළි වෙනකල් ම අපාට්මන්ට්  එකට වෙලා මාව බදාගෙන කියව කියව ඇඬුවා...

"මම දැන් වතාවක් දෙකක් තුනක් ඇහුවා බබා...මම ගෙදරට ඇවිත් කතා කරන්නද? එහෙම බැරි වෙන්න කොන්ද පණ නැති නෑනෙ මගේ...මට බැරි නෑ ඔයාට වියදම් කරන්න...මට අපේ අප්පච්චි ඕනත් නෑ...ඔයා ඒක දන්නවා...ඉතින් ඇයි බොරුවට අඬ අඬ ඉන්නෙ? ඔයා දන්නවා මට කේන්ති යන එක වෙන්නෙ ඔයා ඔහොම අඬද්දි..."
කවියා තේනුකගෙ උරහිසට තට්ටුවක් දාලා කියද්දි අපි තුන් දෙනාම තේනුක දිහා බලන් හිටියෙ...

"මට එයාලාට රිද්දන්න බෑ..."

"දැන් තමුසෙට මේක නවත්තන්නද ඕන නවීෂ්?"
කවියා අත මිටි කරලා සෝෆා එකට ගහලා කෑ ගහද්දි ශාලුක කවියව අල්ලගත්තත් ඒ සද්දෙට තේනු ගැස්සිලා පැත්තකට වුණා...

"න්-නෑ...මට ඔයා...වත් ඕනෙ..."
තේනුක අඬන්න ගනිද්දි මම ඌව මගෙ ඇඟට හේත්තු කර ගත්තා...

"කෑ ගහන්න එපා කවියා...උඹ දන්නවා තේනුවා මොන වගේද කියලා...උඹත් ඔහොම වුණාම මූ පව් නැද්ද?"
මම අහද්දි කවියා උරහිස ගස්සලා ශාලුකගෙ අතත් අතෑරගෙන අත් දෙකේ ඔලුව ගහගත්තා...

"ඇයි බං මුන්ගෙ ගෙදර උන්ට තේරෙන්නෙ නැත්තෙ!? මම හොඳ මිනිහෙක් නෙවෙයි ලෝකෙට! ඒත් නවීට...මං එයාගෙ අකමැත්තෙන් අතක්වත් තියලා නෑ මෙච්චර කාලෙකට!! වෙන කොල්ලො කෙල්ලෙක්වත් අවුරුදු හත අටක් රූම් එකකට අදින්නෙ නැතුව පරිස්සම් කරන්නෑ ඕයි!!

තව මොනවද? මැරෙන්නද කියන්නෙ!!? ඒකත් කරනවා මූ නිසා කරන්න වුණොත්... ඇයි ඇයි බැරි ගිනි පත්තු නොකර ඉන්න!!? හාහ්...මූව නැති වෙයි කියලා හිතෙද්දි කඳුළු එනවා ඕයි! හුස්ම හිර වෙනවා!! මම කැමති නෑ මෙහෙම වීක් වෙන්න!"
කවියා ඇස් දෙකත් රතු කරගෙන කෑ ගහද්දි තේනුක මට තුරුල් වෙලා ඉකි ගැහුවා...

"අහපන්...දැන් දෙන්නම දෙපැත්තට වෙලා ඔහොම කරලා හරියන්නෑ... මුලින් ම තේනුවා අඬන එක නවත්තපන්...කොල්ලෙක් නෙ බං... ගැම්මට ඉදපන්... දැන් ආන්ටිනෙ කේස්... අනිවා අංකල් ඕක දන්නවා... ටික දවසක් උඹ අම්මා කියන ඒව ඇහෙන්නෑ වගේ ඉඳපන්... නෝමලි එදා එදා වැඩ කරගෙන ඉඳපන්...මූව හම්බවෙන ඒවත් අඩු කරන්න එපා... ආන්ටියි අංකලුයි ළමයි එක්ක ම ඉන්න අයනෙ බං...ඕක නොතේරෙන්න විදියක් නෑ... ටික කාලයක් විතරයි ඕන...මම නම් කියන්නෙ උඹලා දඟලන්නෙ නැතුව ඉඳපන්..."
යෙහෙන් කවියගෙ උරහිසට තට්ටුවක් දාලා තේනුකගෙ දණහිසටත් තට්ටුවක් දාලා කියද්දි ශාලුකත් ඔලුව වැනුවා...

"හ්ම්...රිසල්ට්ස් එනකල් උඹලා දෙන්නා සද්ද නැතුව ඉඳහන්...කියන ඒව ඇඟේ ඇලෙන්නෑනෙ...හිත වට්ටගන්නෙ නැතුව ඉඳපන්...අපි දැක්කනෙ උඹලා හිටිය හැටි...ඕක නතර කරලා කාටවත් සැනසීමෙ ඉන්න බෑ... ආන්ටි කැමති නෑ තේනුවා දුකෙන් ඉන්නවට...පස්සෙ ටිකක් සෙට්ල් වුණාම කවියා උඹ අංකල් එක්ක කතා කරපන් ගෙදරින් පිටකදි...අංකල්ගෙ රිඇක්ශන් එක බලලා ඊළඟට වෙන දෙයක් කරමු..."

"බෑ! මට ආයෙ ගෙදර යන්න බෑ! අකී මාව එක්කරගෙන යන්න ප්ලීස්...අම්මා හැමතිස්සෙ-"

"ම්හ්...මම හොරෙන් පන්නගෙන ගිහින් දෙකයි පනහෙ වැඩ කරන්නෙ නෑ නවී...මම ඔයාව එක්කරගෙන යනවා නම් ඔයාලගෙ ගෙදරින් එළියට බහින්නෙ ඔයාගෙ අත අල්ලගෙන... ඔයා ගෙදර යන්න...අවුලක් නම් මට කෝල් කරන්න මම විනාඩි පහෙන් එනවා...ඒ අවුල ඇති...මොන දේවල් කොහොම වුණත්...ඔයා මගේ... එච්චරයි...ටිකක් ඉවසලා ඉන්න හොඳද?"
කවියා තේනුවා ව බදාගෙන නළලට හාද්දක් දීලා කියද්දි මම ලන්ච් රෙඩි කරන්නම් කියලා යන්න හැදුවත් ශාලුක මාව නතර කළා...

"ඇයි?"

"බිරියානි ඕඩර් කළා අක්ෂී..."

"අපි ෆිල්ම් එකක් බලමු තියෙන අවුල් අමතක වෙන්නත් එක්ක..."
යෙහා එහෙම කියලා නැඟිටලා ටීවි එක ළඟට යද්දි මම හිනාවෙලා කෝක් කෑන් කේස් එකක් අරන් එන්න කිචන් එකට ගියා...තඩියට කාලෙකින් අයියලා ටික සෙට් වෙලා උඩ පැන පැන දුවනවා ලිවින්ග් ඒරියා එක පුරාම...

.
.
.
.
.
.

"දැන් නංගි මොකද කරන්නෙ යෙහා? කෙල්ල ගෙදරට ම වෙලාද ඉන්නෙ?"
මම අහද්දි යෙහා හිනාවුණා...

"එයා මේ ටිකේ ඉංග්ලිශ් මැත්ස් දෙක ඉගෙන ගන්නවා විහා...කෙල්ල ඉස්කෝලෙ යවලා තියෙන්නෙ අට වසරට විතරනෙ...මුලින් ඕලෙවල්ස් දාලා දීලා ඊට පස්සෙ කම්පියුටර් සයිඩ් එක හදවන්න ඕනි... ඊටපස්සෙ පුළුවන් දෙයක් බලනවා...මට එයා ජොබ් කරන්න ඕනෙ නෑ...මම ආස නෑ එයා අපෙ අය ඉස්සරහ එම්බැරස් වෙනවට...සඳූ මෝඩ ළමයෙක් නෙවෙයි...අවස්ථාවක් නොලැබුණ එක විතරයි ප්‍රශ්නෙ...මම කෙල්ලට උගන්නනවා..."
යෙහා එහෙම කියද්දි ශාලුකත් ඒකට ඔලුව වැනුවා...

"ඒ බං මට වැඩක් තියේ අප්පච්චි එන්න කිව්වා එකොළහට...අපි දෙන්නා යන්නම් හොඳේ..."

"අවුලක් නැද්ද උඹ මූව ගෙදර ළඟට..."

"මං එක්ක නවී ගෙදර යන්නෙ පළවෙනි වතාවට නෙවෙයිනෙ බං...අවුලක් නෑ...  එකපාර මම අයින් වුණොත් තමයි හයිලයිට් වෙන්නෙ...අපි යනවා එහෙනම් හොඳේ..."
කවියා තේනුකගෙ කර වටේ අතක් දාගෙන එළියට යද්දි යෙහායි ශාලුකයිත් යන්න නැඟිට්ටා...

"අපි දෙන්නා අද ප්‍රැක්ටිස් රවුන්ඩ් එකක් දාගත්තා අක්ෂී.. ට්‍රැක් එකට යනවා...ඔයත් එනවද?"

"ම්හ්...එන්න විදියක් නෑනෙ ශාලුක... හෙට දෙන්න භාර ගත්ත පේන්ටින්ග්ස් දෙකක් තියේ...ඒක ඉවර කරන්න ඕනෙ මම..."

"ඕකේ දෙන්... ටේක් කෙයා අක්ෂි... චිත්‍ර අඳිනවා කියලා නොකා නොබී ඒකම කරන්න එපා හොඳද?"

"ඒනම් බොසා...අපි ගියා!"
යෙහෙන් මට සැලියුට් එකකුත් ගහගෙන හිනාවෙලා එළියට යද්දි මම ශාලුකගෙ පස්සෙන් යන්න හදන තඩියවත් ඇදගෙන ඇතුළට ආවා...

.

.

.

.

.

.

.

"හෙලෝ?"

"ඕ මචං...විහස් තමයි...මොකෝ අවුල?"

"ආලියා? ඇක්සිඩන්ට් වෙලා? තුවාලද කෙල්ලො දෙන්නට?"

"ආහ් හරි හරි මම කියන්නම්...දැන් කෙල්ලො දෙන්නා අරන් ගියාද?"

"හරි මං යෙහාට හොස්පිට්ල් එකට එන්න කියන්නම්... ශොක් එක ඇත්තෙ ඒ කෙල්ල පොඩිනෙ බං...තෑන්ක්ස් මචෝ!"
ඉස්කෝලෙ ක්‍රිකට් ටීම් එකේ කොල්ලෙක් මට කෝල් කරලා ආලියාගේ කා එක ඇක්සිඩන්ට් වෙලා කිව්ව නිසා මම දිගටම යෙහාට කෝල් කළත් ඌ ආන්ස්වර් කරන්නෙ නෑ... ශාලුක ෆෝන් එක ගන්නෙත් නෑ...ඒ නිසා මම ඇඳගෙන හිටිය ටී එකයි ශෝට් එකයි උඩින් ම ඕවසයිස් හූඩි එකක් දාගෙන කා එකට නැග්ගෙ ට්‍රැක් එකට ගිහින් හරි යෙහාට විස්තරේ කියන්න ඕන නිසා...

"ශාලුක?යෙහා?"
මම එයාලා දෙන්නටම කතා කරගෙන කැබින් එකට ආවත් ඇතුළෙ කවුරුත් හිටියෙ නෑ...

"සර්?"

"අහ්...අයියෙ...ශාලුක ට්‍රැක් එකේද?"

"වික්‍රමනායක සර්ගෙ වයිෆ් ඇක්සිඩන්ට් වෙලා කියලා සර්ලා දෙන්නා හොස්පිට්ල් එකට ගියා සර්... පහන් සර් නම් විනාඩි දහයකින් වගේ එනවා කියලා ගියේ..."

"අයියා ඇයි මෙතන?"

"අනිත් ගාඩ් ගියා...පහන් සර් මට මෙතන ඉන්න කිව්වා... සර් වාඩිවෙලා ඉන්න...තව ටිකකින් යාළුවො දෙන්නා එයි..."
කේශව් අයියා මට පුටුවක් පෙන්නලා එහෙම කියලා එළියට ගියා... මමත් පුටුවෙන් වාඩිවෙලා ෆෝන් එක අතට ගත්තත් ශාලුකගෙ රේසින් කිට් එකක පොකට් එකේ තිබුණ මෙඩිකල් රිපෝට් එකක් දැකලා මට ඒක අමුතුයි වගේ හිතුණා...

රේසින් ට්‍රැක් එකේ කැබින් එකේ ඇයි මෙඩිකල් රිපෝට් එකක්?

මම හෙමිහිට ඒක අතට අරගෙන බැලුවාම මාව ආපස්සට පුටුවට වැටුණා... මම ආයෙත් හුස්මක් අරගෙන රිපෝට් එක බලලා බොඳ වෙන්නෙ නැති වෙන්න පිටු පහ හයේම ෆොටෝස් ගහගෙන රිපෝට් එක ආයෙ තිබුණ විදියට ම ජැකට් එකේ පොකට් එකට දාලා වෙව්ලන අත් දෙක එකට තද කරගෙන ටිකක් වෙලා වාඩිවෙලා හිටියා...මාව ගැහෙනවා...

බොරු...බොරු...ඒක ඇත්ත වෙන්න බෑ...

මගෙ ඇස් දෙකෙන් කඳුළු බේරෙද්දි මම කම්මුල් දෙක අත් දෙකෙන් තද කරලා පිහදගෙන පුටුවෙන් නැඟිට්ටා... මම කේශව් අයියට යනවා කියන්නෙවත් නැතුව ආපහු නොබලා කා එක නතර කරපු තැනට දිව්වෙ මට ඇඬෙන නිසා...

.

.

.

.

"මේක...වෙන්න බෑ...බොරු!"

"මෙතුකි අක්කා බොරු කියන්නෑනෙ චූටි...කාගෙද රිපෝට් එක?"

"ශ්-ශාලුකගෙ..."

"මොකක්!!?"

"හ්හ්...අනේ.බොරුනෙ අයියෙ... මෙහෙම වෙන්න බැහැනෙ!!"
මම අත් දෙක අස්සෙ ඔලුව ගහගෙන කියද්දි දේවින්ද මගෙ උරහිස මිරිකලා තට්ටුවක් දැම්මා...

"අවුරුදු දෙකක් විතරයි? බොරුනෙ! ශාලුකට තාම විස්සයි!!එහෙම වෙන්න බැහැනෙ!! ගෙදරින් දන්නෙ නැතුවද!? ඇයි මට නොකිව්වෙ!?"

"ශ්ශ්...අහන්න චූටි...ඔයා වටෙන් අහලා බලන්න ශාලුකගෙන්...උගෙ කොහොමත් නහරයක් වැඩීනෙ බක පණ්ඩිතකමට ඇති! එකටම අර කවිනු දන්නවා ඇති ඕක...ඌ අරූගෙ නොදන්න එකක් නෑනෙ...වටෙන් අහලා ශාලුක කිව්වොත් විතරක් කතා කරන්න නැත්තන් අත දාන්න යන්-"

"එහෙම කොහොමද!? එයාට මොනවාහරි වුණොත්! මට බෑ! අයියෙ මොකක්හරි විදියක් ඇතිනෙ!"

"තත්වෙ තව වර්ස් වෙලා හාට් එක වැඩ කරන්න බැරිම වෙද්දි ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් විතරයි සොලූශන් එකක් කියලා මෙතුකි අක්කා නම් කිව්වෙ...ඒකට තව කල් තියෙනවා කිව්වා...ඒ කාලෙ ඇතුළත ඩොනර් කෙනෙක් හොයා ගත්තොත් ප්‍රශ්නයක් නෑ...ඒත් ශාලුක කැමති වෙන්න ඕනෙ ස'ජරි එකට..."
අයියා කියවගෙන යද්දි මම අහගෙන හිටියා...

"කොහොමද හාට් එක ඉන්ෆෙක්ට් වෙන්නෙ හරි විකාරයක් නෙ!!"

"බැක්ටීරියල් ඉන්ෆෙක්ශන් එකක් කියලා කිව්වෙ...මට ලොකුවට ඔය මඟුල් තේරෙන්නෙ නෑ බං...උඹත් අහගෙන නෙ හිටියා...මොකක්හරි හාට් මසල්ස් ඝන වෙන කතාවක් කිව්වෙ..."

"එයාට මොනවා හරි වුණොත් මම මැරිලා යයි..."

"චූටි!"

"මම දන්නෙ එච්චරයි අයියෙ...මම මැරෙයි ශාලුකට මොනවාහරි වුණොත්!!"
මම ආයෙත් හුස්මක් පාත දාලා කියද්දි අයියා මගෙ උරහිස් දෙකෙන් අල්ලගෙන මූණට එබුණා...

"තමුසෙට ඔච්චරට පිස්සුද බං!? තොට ආදරේ එවුන් ළඟ පාතම ඉද්දි ඔච්චර ඇයි අරූ මත්තෙ නැහෙන්නේ? ඌ එක බින්දුවක් හිතනවද තමුසෙ ගැන?? නෑනෙ!? ඌ හැමදාම ඕන වුණාම එනවා...ඇති කියලා හිතුණාම යනවා!!?

ඔච්චරට මිනිස්සු ඉල්ලලා අඬා වැටෙන්නෙපා බං!! හැමදාම මුල්ම කෝල් එක තමුසෙගෙ...මුලින් මැසේජ් කරන්නෙ තමුසෙ!! බලාගෙන ඉන්නෙත් තමුසෙ! උගෙ හැම නොසණ්ඩාල වැඩක්ම ඉවසන්නෙත් තමුසෙ!! ඇයි?? ආආ ඌට වඩා හොඳ කොල්ලො ඕන තරම් ඉන්නවා යකෝ!! ඇස් ඇරලා වටේ බලපන් ටිකක්!!

තමුසෙ හැමදාම නහින්නෙ තමුසෙ ආදරේ එකා මත්තෙ!! නැතුව තමුසෙට ආදරේ එකෙක් මත්තෙ නෙවෙයි විහස්! විහින් විඳවන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ!

දැන් ඒ කාලක##යා මැරිලා යයි! තමුසෙ ඒත් විඳවනවා! මොන විකාරයක් ද බං!?"

"අයියෙ..."
මම කතා කළත් අයියා කළේ ඉණට අත් දෙක තියාගෙන අනිත් පැත්තට හැරුණා....

"තරු වුණත් අහසෙ බලෙන් අල්ලගන තියන් ඉන්න බෑ... අහස කොච්චර ආස වුණත්...දවසක කැමතිම තරුවත් කඩන් වැටෙනවා...එහෙමයි කියලා තරුව පස්සෙන් අහස කඩන් වැටුණද!?නෑනෙ!!

ඇයි තමුසෙට බැරි ඌව අමතක කරලා දාන්න!? ආආ?? ඌ මොනවා කළාටද ඔච්චර ඌ ගැනම නහින්නෙ? මැරෙනවා නම් මැරිලා ගියාව්-"

"ඉනෆ්!! ඇති අයියෙ! මම දන්නවා ඔයා ශාලුක එක්ක තරහයි...මම දන්නවා ඔයා කැමති නෑ මම අඬනවට... ඒත් මට මගෙ හිත එතනින් හොලව ගන්න බැරි නම් මම මොනවා කරන්නද? මම ආවෙ ටිකක් හිත නිදහස් කර ගන්න...

මට ඕන නිදහස කවදාවත් මගෙ වටේ ඉන්න අය ළඟ තිබුණෙ නෑ...හැමෝටම මාව ටිශූ එකක් විතරයි...අඬද්දි ළඟට අරගෙන කඳුළු පිහදලා විසි කරනවා... කවුරුත් හිතුවෙ නෑ මට දුක හිතෙනවා..මටත් කියන්න දේවල් තියෙනවා...මාව අහන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් කියලා මටත් හිතෙනවා කියලා...කමක් නෑ...මට තනියම අඬලා කඳුළු පිහිදගෙන පුරුදුයි....ඒකෙ අළුත් දෙයක් නෑ...

මම යනවා...මේක ගැන පුළුවන් නම් කාටවත් නොකියා ඉන්න...මම ඔයාව විශ්වාස කරලා ආවෙ..."
මම එහෙම කියලා එතනින් නැඟිටලා එද්දි මම දැක්කා මෙච්චර වෙලා මට කෑ ගහපු දේවින්ද අත් දෙකෙන් කොණ්ඩෙ ඇද ගන්න ගමන් පුටුවෙන් වාඩිවෙනවා...

මම එහෙම ම කා එක අරන් ඇවිත් කට්ටිය නැති තැනක් බලලා බීච් එක අයිනෙන් දාලා සිමෙන්ති බැම්ම උඩින් වාඩිවෙලා මුහුද දිහා බලාගෙන හිටියා...

මම සතුටින් ඉන්න ලබලාම නැත්ද මන්දා...මම හිත හදාගන්න ට්‍රයි කළේ ශාලුක අසෙනි එක්ක සතුටින් ඉඳීවි කියලා...ඒත් දැන් මේක...හාට් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කියන්නෙ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ශාලුකලගෙ පව්ලෙ අයට...එයාගෙ සීයා කවුරුත් ම බැරි නම් මිනිහෙක් මරලා හරි ඒ වැඩේ කරනවා...එයාට ශාලුකව ඕනෙ...

ශාලුකගෙන් මේක අහන්නෙ කොහොමද කියලා හිතා ගන්නත් බෑ...එයා මට කිව්වෙත් නෑ...මාව එච්චරවත් වටින්නෙ නැද්ද?

"ච්-කඳුළුත් හිතුවක්කාර වෙනවා!"
මම කඳුළුවලට බැන බැන කඳුළු පිහදදා කකුල් දෙක පද්ද පද්ද හිටියා... එක සෙරෙප්පුවක් වතුරට වැටුණා... මම ආවෙත් ගෙදරට දාගෙන ඉන්න බාටා දෙක දාගෙන...

ඒක ඊළඟ රැල්ලට ආපහු එයිද?

දන්නෑ...මම අනිත් සෙරෙප්පුව ගලවලා අතට අරගෙන ටික වෙලාවක් තෙමිලා තියෙන කළුපාට සෙරෙප්පුව දිහා බලාගෙන හිටියා...

සෙරෙප්පු ජෝඩුවක්...දෙකම තියෙන කල් ප්‍රයෝජන එමටයි...ඒත් එකක් නැති වුණාම අනිත් සෙරෙප්පුව නිකන් ම රිජෙක්ට් වෙනවා..අසාධාරණයි... ඒත් ඒක තමයි ඇත්ත...ගැළපෙන දේවල් එක ළඟට නොවී දෙපැත්තක තිබුණාම නාස්ති වෙලා යනවා...

"හ්හ්..."
මම ටිකක් වෙලා බලාගෙන ඉඳලා මගෙ පැත්තට පාවෙලා ආව අනිත් සෙරෙප්පුවත් අතට අරගෙන ඇවිත් කා එකට නැඟලා වාහනේ ආයෙත් පාරට දැම්මා...තුනට කිට්ටුයි...තඩියා බඩගින්නෙ...

.

.

.

.

.

.

"නංගිට ප්‍රශ්නයක් නැද්ද ශාලුක?"
මම කිචන් එකට ආව ශාලුකගෙන් අහද්දි එයා මාව එයාගෙ පැත්තට හරවගෙන අත් දෙකෙන් ම තුරුල් කර ගත්තා...

"ශාලුක ඇයි මේ?"

"ඔයාව මතක් වුණා...ගොඩක්...."

"ම්ම්...මම මේ ඉන්නෙ ඉතින්..."

"ඔයා ට්‍රැක් එකට ආවද මාව හොයාගෙන අක්ෂි? "
ශාලුක බූල් එකෙන් පැනලා තිබුණ මගෙ කොණ්ඩ තීරු කීපයක් ඇඟිල්ලෙන් කන පිටිපස්සෙ රඳවලා අහද්දි මම එයාගෙ ශර්ට් එකේ බට්න්ස් ටික හෙමිහිට පන්නන ගමන් හිනා වුණා...

"ඔව්නෙ...කේශව් අයියා ඔයා එනකල් ඉන්න කිව්වා...මම ටික වෙලාවක් ඉඳලා ආවා වැඩ තියෙන නිසා ශාලුක..."

"සොරි ඔයාව බය කළාට..."
එයා මගෙ ඔලුව අතගාලා නළලට තොල් තද කරද්දි මං එයාගෙ සුදුපාට බැනියමට උඩින් පපුව මැද්දට තොල් තද කළා...

"දේව්..."

"ම්ම්..."

"මං ආදරෙයි හොඳද..."
මං එහෙම කියද්දි ශාලුක මගෙ උරහිසකින් නළල තියා ගත්තා...

"මම ඔයාට කලිනුත් කිව්වා දේව්... මට ඔයා ගැන පිටින් දැන ගන්න තියන්න එපා...ඒක රිදෙනවා..."
මම එයාගෙ නළල කෙළවරකට හාද්දක් දීලා කියද්දි එයා මාව චප්ප වෙන්න ම බදා ගත්තා...

"ඔයා ළඟට එන හැම වතාවකම ඔයාව දාලා යන්න ලෝභ හිතෙනවා අක්ෂී...ඒත් හැමදාම මට යන්න ම වෙනවා..."
එයා හෙමින් මුමුණලා මගෙ බෙල්ලට තොල් තද කරද්දි මම ඇස් දෙක පියා ගත්තා...

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

හෙහේ වැඩේ මාට්ටු හැබැයි සාලුක පුතේ...💥💥

To be continued...

Bye🌹
Sunshine💖

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

දඬු මොණරු yuchi द्वारा

कथेतर साहित्य

50.8K 6.6K 55
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
Out of Control AGPEEX द्वारा

कथेतर साहित्य

20.1K 46 22
This is the second instalment to my 3 Part series of Books about a Young Blonde Teen Girl who suddenly starts to loose control of her bladder and bow...
නසරාණියා H&P Sisters द्वारा

कथेतर साहित्य

191K 20.4K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...
54.2K 7.6K 21
අත් හැරෙන්න ගිය ඔය අත අත් හැරෙන්න නොදී අල්ල ගන්න පුළුවන් උනේ මගේ පෙර පිනකට. "පුළුවන් නම් එක පාරක් මට සමාව දෙන්න මැණික. ජීවිත් කාලෙටම ආදරේ එක අංශු මාත...