හුස්මක් දුරින්...

By AVIBNLeogirl

16.5K 2.9K 5.3K

හිතින් අල්ලා දෑත් අත්හැරි ප්‍රේමයක්... More

ආරම්භයට පෙර ~❤️
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස

32 කොටස

223 34 122
By AVIBNLeogirl

"උඹ දැන් ආයෙ ආන්ටිව බලන්නවත් යන්නෙ නැද්ද?"

"අනේ මන්දා බං...පහුගිය ටිකේ මමායි අයියයි මෙහෙ ඇවිත් ගිහින් ම මට දැන් එයාලා නැතුවත් බෙල් එක වදිනවද කියලා හිතෙනවා...

පහුගිය ටිකේ...මම ඇත්තටම හිතුවෙ තනියම ඉන්න ලයිෆ් එකට වඩා පවුලක් තියෙද්දි හරි කරදරයක් කියලා...ඒත් දැන් හිතෙනවා තනියම ගෙවෙන ජීවිතේ පාළුයි කියලා...තමන් අයිතියි කියලා පෙන්නන්න තැනක් නැති මිනිස්සු අන්තිමට තනිවෙනවා තේනුක...

මට හිතාගන්න බෑ... කොහොමත් ටික දවසනෙ...රිසල්ට් ආවට පස්සෙ ඔය අවුල් නෑනෙ..."
මම කියාගෙන යද්දි තේනුක ඇඳේ පෙරලිලා මගේ අළුතෙන් ගෙනාව පේන්ටින් අයිටම්ස් ටිකක් ඇද ඇද අහගෙන හිටියා...

"අපි දෙන්නම කොළඹ තේරෙයිනේ...ඒ වුණාට ඒකත් කොළඹ ම වුණාම ඊයා හලෝ!"
තේනුක කියද්දි මම හිනාවුණා...මම ඌට තාම කිව්වෙ නෑ මෙඩිකල් දාන්නෙ නෑ කියලා...

"ඒ වුණාට අපෙ මනුස්සයා කැමති නෑ මාව දුර යවන්න..."
තේනුක කට ඇද කරගෙන කියද්දි මම අතේ තිබුණ ශර්ට් එකකින් තේනුගෙ ඔලුවට ගැහුවා...

"කවියා උඹට ආදරෙයිනෙ බං! ඒකයි ඒ..."

"එයා කැමති නැත්තෙ නෑනෙ ඉතින්... මමනෙ එයා දාලා යන්න බෑ කිව්වෙ... වැරදිලා හරි පේරා යන්න වුණොත් එයා එහෙ එනෝ කියලා ප්‍රොමිස් වුණා ඉතින්..."
තේනුවා මගෙ දිහා හොරට බල බල කියද්දි මම ඒකගෙ පස්සට එකක් ගැහුවා...

"ආව් රිදෙනවා! ඕව අන්සතුයි හරිද... තට්ටු දාන්න එන්නෙපා...පොදු දේපළ නෙවෙයි!"

"අපෝ හරි හරි ඉතින්...අපිට එපා...ඕව ඇවිත් විජේසූරිය ප්‍රොප'ටීස් නේ!"

"අසලියා නංගිට යෙහාලගෙ තාත්තා මොනවත් කියලා නෑනේ..."

"ම්ම්.."
තේනුවා අහද්දි මම හූමිටි තිබ්බා.. අංකල් මොනවත් කියලා නෑ...එයාට ඇත්තටම යෙහාව එච්චර වැදගත් නෑ...ඒ කියන්නෙ...අනේ මන්දා...වියදම් කරනවා... කන්ට්‍රෝල් කරන්නෙ නෑ...එයත් ඔය හා කියන්න ඇත්තෙ ඇති වුණාම අතාරියි කියලා...

ඒත් ශාලුක කිව්වා යෙහාගෙ අයියා එයා එක්ක ගොඩක් වෙලා කතා කළා කියලා...සස්මිත අයියා තමයි අක්කවයි යෙහාවයි දෙන්නව ම තාත්තා වගේ බලාගන්නෙ...යෙහා අම්මට වඩා ආදරේ අක්කට...ඌ කොහෙහරි යද්දි වැඳලා යන්නෙ අයියටයි අක්කටයි... අම්මා තාත්තා කියන්නෙ ඌට වැදගත් ටොපික් නෙවෙයි...අයියා යෙහාට වඩා අවුරුදු දාහතරක් වැඩිමල්...අක්කා මූට වඩා දහයක් වැඩිමල්...ඒ දෙන්නම ලංකාවට එන්නෙ යන්නෙ හරි යෙහා නිසා...

අක්කා මැරි කළේ ඕස්ට්‍රේලියන් අයියා කෙනෙක්...අක්කට බබාලා දෙන්නෙක් ඉන්නවා...ලොකු එක්කෙනා නර්සරි... චූටියට දැන් තුනයි...

අයියා බැන්දෙ මෙහෙ හොඳම හොටෙල් චේන් එකක අයිතිකාරයෙක්ගෙ එකම දුව...දැන් දෙන්නම ඉන්නෙ ඇමෙරිකාවල... අයියට බබාලා තුන් දෙනෙක් ඉන්නවා... එහෙ ලොකූ දැන් මිඩ්ල් ස්කූල්...චූටියා ප්‍රයිමරි...දෙවනි චූටිට වඩා අවුරුද්දයි වැඩිමල්...උන් දෙන්නා තනිකරම එක වගේ...ගොඩක් අයට පැටලෙනවා ට්වීන්ස්ලා කියලා...

ඉතින් ඒ පවුලෙ සල්ලිවත් දරුවොවත් පරම්පරාව අරන් යන ප්‍රශ්නවත් නෑ... හැමදේම කම්ප්ලීට්...ඇත්තටම යෙහා කවුරු පෙන්නලා ඕන කිව්වත් එයාලට හිතන්න දෙයක් නෑ...ඒත් අයියට ඕන මූව මනුස්සයෙක් කරන කෙනෙක්...

අයියා මටත් කෝල් කළා...මම විස්තරේ කිව්වාම අයියා ඇහුවෙ පොර කෙල්ල නිසා මනුස්සයෙක් වගෙ ඉඳියිද කියලා විතරයි...අයියා කියනෝ ලංකාවෙ තියෙන දේවල් බලාගන්න යෙහා හරියට ඉන්න ඕනෙලු...හෙඩ් ඔෆිස් එහෙට ගත්තට මෙහෙ නෙට්වර්ක් එක වැටුණොත් එයාලා බංකොළොත් වෙනවා කියලා...මූ පිස්සු කෙලින නිසි තමයි අයියා සැර කරන්නෙත්...

මම ඉතින් කිව්වා ඇත්තටම වෙනසක් තියෙනවා කියලා..ඊටපස්සෙ අයියා කිව්වා මූ පිස්සු නැටුවොත් කෙල්ලට රටකට යන්න හරි උදව් කරන්න බලාගෙන එන්ගේජ් කරලා දෙනවා කියලා...

මිනිහා ඔයා මොකක්වත් දන්නෑ...ඌ මේ දවස්වල අසලියා නංගිට ඉංග්ලිශ් උගන්නනවා...කෙල්ලට යන්තන් සිංහල ලියන්න කියවන්න පුළුවන් විතරයි... ඉතින් යෙහා මේ ටිකේ ඇල්පබෙට් ප්‍රින්ටවුට් ගන්නවා... පින්තුර එකතු කරනවා...කෙල්ල එක්ක ඒකි නතර කරලා ඉන්න රූම් එකේ බිම පුරාම පොත් දිගෑරගෙන දෙන්නා එක්ක වැඩ...අපි ගියත් කෑ ගහන්න දෙන්නෑ...

මම හිතුවෙ නෑ හීනෙන්වත් යෙහා ඔහොම වෙයි කියලා.. මිනිහට දැන් රේස් ට්‍රැක් එක පළාතෙ යන්න වෙලාවක් නෑ...නංගිව එක්කරගෙන ඇවිත් තාම මාසයක් නෑ... යෙහා නිකන් තාත්තා කෙනෙක් වෙච්ච ගානයි...අපි ගැන හොයන්නෙත් මහ රෑ එකට දෙකට කෝල් කරලා... නංගිත් දක්ෂයි හැබැයි...මූ කියලා දෙන වේගෙටම කෙල්ල අල්ලගන්නවා හැමදේම...දැන් කොණ්ඩෙ එහෙමත් හදලා යෙහා බබා වගේ තියන් ඉන්නවා කෙල්ලව...

ඒකිගෙත් වාසනාව ඉතින්... වැරදිලා හරි එදා ඒකිව තාත්තගෙන් බේරෙන්න බැරි වුණා නම් මේ වෙද්දි ඒ කෙල්ල එක්කො බඩක් උස්සගෙන ඉදියි නැත්තන් කොහෙහරි බාල්කෙක එල්ලිලා ඉඳියි... යෙහා සෑහෙන පිනක් කළේ ඒකිව බේරගෙන...

කෙල්ල එක එක කෑම ජාති හදනවා... යෙහා ඉල්ලන ඉල්ලන ජාති ගෙනත් දිදී හදලා දෙන්නා එක්ක අපිටත් අරන් එනවා...යෙහා ජීවිතේ ආසාවට තේකක්වත් හැදුවෙ නැති එකා දැන් ඒප්‍රන් දාගෙන කුස්සියේ... කෙල්ලව දවල්ට මැන්ශන් එකට එක්කරගෙන එනවා... රෑට තියාගන්නෙ නෑ හොටෙල් එකට එක්කරගෙන යනවා...

ආදරේ හිතාගන්න බැරි කෝණවලින් ජීවිත වෙනස් කරනවා...හොඳම උදාහරණයක් යෙහෙන්...

මේ ටිකේ නම් මිනිහට ෆ්ලෑශ් වැහිලා ඉන්නෙ...තියෙන තදියමට ඉක්මනට එන්ගේජ් වෙන්න ගිහින් දැන් උගෙ අයියයි අක්කයි දෙන්නම එනවා... අයියා කිව්වෙ මැරි කරනවා නම් කලබල වෙලා බෑ එයා ඇවිත් තීරණයක් ගන්නවා කියලා...ඉතින් මේ ටිකේ මිනිහා පෙර වැරදි හරි ගස්සනවා...

යෙහා පැත්තකට වුණ එකෙන් ලොකුම පාලුව තියෙන්නෙ මේ දැන් මගෙ ඇද උඩ ඉන්න එකාට... එතකොට ලොකුම පාඩුව මට...

හැමතිස්සෙම යෙහා එක්ක වලි දාගෙන හිටිය තේනුකට යෙහා ටිකක් වෙන වැඩවලට ෆෝකස් වුණ නිසි පාළුයි වගේ එකක් තියේ...ඉතින් ඩාන්සින් ඇකඩමි එකේ වැඩක් නැති වෙලාවක කවියා එහෙ මෙහෙ වුණොත් ඊළඟ තත්පරේ ම මිනිහා මගෙ අපාට්මන්ට් එකේ... තේනුක සාමාන්‍යයෙන් මාරම ඇක්ටිව්...ඇක්ටිව් කියන්නෙ ඒකා හයිපරැක්ටිව්... අපාට්මන්ට් එකේ කරන්න ම දෙයක් නැත්තන් තඩියට පේන්න උඩ පැනලා තඩියව හරි අවුස්සගන්නවා...

මම රෙදි ටික නවලා ක්ලෝසෙට් එකේ තට්ටුවලට බෙදලා වෙන වෙනම දාලා මම යන යන පැත්තට මගෙ පාරෙ උඩ පැන පැන දුවන තඩියවත් බිම පෙරලගෙන ටිකක් චප්ප කරලා කිති කවලා දාලා කියව කියව ඉඳලා නින්ද ගිහින් තියෙන තේනුවට ඒසී එකත් ඔන් කරලා තඩියව අඬ ගහගෙන එළියට ආවෙ කෑම මොනවාහරි හදන්න ඕන නිසා...

.

.

.

.

.

.

" ටහු-#&"
මම යන්තන් බයික් එක මගෙ ඉස්සරහට කපපු ජිප් එකේ නොවදින්න බ්‍රේක් ගහගත්තෙ කටින් හොඳ වචන දෙක තුනකුත් පනිද්දි...

"අගමැතිතුමාගෙ මුනුපුරාගෙ සෑහෙන්න රැස් නැද්ද බං!!?"
ජිප් එකෙන් බැහැපු එකෙක් යකඩ බටයක් තියාගෙන අරහෙ මෙහෙ හරවන ගමන් අහද්දි මම ෆෝන් එකේ කවියට රින්ග් කරලා ආයෙම ටෑන්ක් එකේ තියෙන පොකට් එකට දාන ගමන් බයික් එකෙන් බැස්සා...

එතන හයක් ඉන්නවා...මම තනියම... හවස් වෙලා නිසා පාරෙත් කවුරුත් නෑ...මේ හරිය කොහොමත් පාළුයි...

"මට පරක්කු වෙනවා...තොපි එක්ක පිස්සු කෙලින්න වෙලාව නෑ..."
මම එහෙම කියද්දි ඇවිත් හිටිය සෙට් එකේ ලොක්කා නෝන්ඩියට හිනා වුණා...

"කන්ට්‍රැක් එකක් ලැබුණා කොල්ලෝ... දේවේන්ද්‍ර ආරච්චි වලව්වෙ උරුමක්කාරයගෙ දකුණු අතයි දකුණු කකුලයි ඇට කුඩු වෙන්න ගහපන් කියලා කිව්වෙ හැබැයි...

අපරාදෙ ලස්සන කොල්ලා..."
ඌ අතේ තිබුණ සිගරට් එක ළඟ කාණුවට විසි කරලා සරම දෙකට නමලා අරන් ගැට ගහගත්තා...

"මොකාද ඒ කොන්ද පණ නැති පො####යා?"
මම අහද්දි උන් හිනාවුණා...

"පුංචි හාමු දන්න කෙනෙක් වෙන්න ඇති..."
එකෙක් මට අතේ තිබුණ පොල්ලකින් ගහද්දි මම ඒ අත බ්ලොක් කළා...මට ගොඩක් වෙලා නෑ...කවියා දැන් එයි දැන් එයි කියලා හිතේ හයියට මම අල්ලගෙන හිටියෙ...

"ආර්හ්!"
මගෙ බෙල්ල හරියට වැදුණ පොලු පාරකට මට ඇස් දෙක බොඳවෙලා යද්දි ආයෙත් වෙන එකෙක් අතේ තිබුණ බැට්න් පොල්ලක් මගෙ පැත්තට පහත් වෙනවා දැක්කත් මට හරියට හිටගන්නවත් පුළුවන්කමක් තිබුණෙ නෑ...

දැන් නැතුවට දැන් ආයෙත් පාරක් වදී කියලා මං ඇස් තද කරගත්තත් කවුරුහරි මාව ඇදලා ගන්නවා දැනුණා...

"පස්සට වෙලා ඉඳහන්!"

"ද්-දේවි-න්ද?"
ඌ හිටියෙ මාව පස්සට කරලා කවර් කරගෙන...උගෙ අතෙත් මොකක්හරි තිබුණා...බැට් එකක් ද?මූ ක්‍රිකට් ගහනවද?

"කාටහරි කෝල් එකක් දීපන් හු## ! මැරෙන්නද හදන්නෙ!?"
දේවින්ද කෑ ගහද්දි ම වගේ ඇවිත් අපි ළඟින් නතර කරපු කළුපාට ජීප් දෙක නිසා ඇවිත් හිටිය උන් ආව වාහනේම එල්ලිලා යද්දී මම පපුවට අතක් තද කරගෙන දෙකට නැවුණා...

"කාහ්...ක්හැහ්...හහ්..."
මට හැමදේම පේන්නෙ බොඳවෙලා වුණත් දේවින්ද මාව අල්ලගනිද්දී මම ඌව තල්ලු කරන්න ට්‍රයි කළා...

"මුන් විජේසූරියගෙ ද?"
දේවින්ද ඇවිත් ඉන්න කවියගෙ ගාඩ්ස්ලා පෙන්නලා අහද්දි මම ඔව් කියන්න ඔලුව වැනුවත් මාව කකුල් දෙක වෙව්ලලා වැටෙන්න යද්දී දේවින්දයා ආයෙත් මාව අල්ලගත්තා..

"#කේ ලොකු ලයින් නැතුව යමන් හොස්පිට්ල්...තොට ඇවිදින්න බෑනෙ තනියම! බොරුව නොදා ඉඳහන්!"
දේවින්ද මාව පැසෙන්ජර් සීට් එකට දාලා ඩ්‍රයිවින් සීට් එකට ඇවිත් වාහනේ පාරට දාද්දි මම සීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තා...මඟට මඟට මට කීප වතාවක් සිහි නැති වුණා මම හිතන්නෙ...මට වුණ කිසි දෙයක් ගැන පැහැදිලි මතකයක් තිබුණෙ නෑ...

.

.

.

.

"ඔයාගෙ අත ආයෙම...අනේ මන්දා අයියෙ තවුසෙ මහ ගුටිකන නැකතක ඉපදිලා තියෙන්නෙ!"

"ආ දැන් මමද වැරදි....අහක බලන් ගියා නම් මං ගුටි කන්නෑ යකෝ! බල්ලෙක් වුණත් මසියා නේද කියලා මතක් වුණ නිසා බේරන්න ගියේ...තමුසෙත් බනින්න එපා දැන් මමා ආවමත් බනිනවා ඊටපස්සෙ ඩැඩාත් බනිනවනේ!"

"මම ශේප් කරන්නම්..."

"මොනවා කියලද?"

"මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ව බේරන්න ගිහින් තියෙන්නෙ කියලා..."

"මමා කේස් අදින එකක් නැද්ද?"

"I don't care...එයා හිතන දේවල් මට වැදගත් නෑ..."

"උඹ මමා එක්ක ආයෙ කවදාවත්...."

"අයෙ කවදාවත් කියන්න අපි කවදාවත් හොඳින් හිටියෙ නෑ දේවින්ද! ඒ ගැන කතා කරන්න එපා මට පවුලක් ඕන නෑ!!"
සිහිය ඇවිල්ලත් ඇස් අරින්නෙ නැතුව අක්ෂියි දේවින්දයි කතා කරන ඒව අහගෙන හිටිය මම අක්ෂි කියන එක අහගෙන ම ඇස් පියාගෙන හිටියා...ඒ දෙන්නා මම හිතුවට වඩා ළඟයි...

"උඹ ඇයි මට අයියා කියන්නෙ පවුලක් එපා නම්?"

"ආහ්..මට පොඩි කාලෙ ඉඳලා හිතුණා.. අයියා කෙනෙක් හිටියා නම් කියලා..."

"දැන් ඉන්නවනෙ...මූණ ඇද කරගන් නැතුව හිටපන්... පටන් ගත්ත විදිය චොර නිසා උඹට මාව ශුවර් නැතුව ඇති තාම....කමක් නෑ කැමති දවසක විශ්වාස කරපන් ඕන දේකට උඹ එක්ක අයියා ඉන්නවා කියලා..."

"කට වහන් හිටපන් බූරුවා! මහලොකු අයියා...හැම මඟුලටම මගෙ ඔලුව කනවා!"
අක්ෂි දේවින්දට රවනවා ඇති කියලා හිතුණ නිසා මම හෙමින් ඇස් ඇරියා...

"ම්හ්..."
සද්දයක් නැති වුණත් අක්ෂි මගෙ ඇඳ අයිනෙන් වාඩිවෙලා එ දිහා බලාගෙන හිටියෙ...ටිකකට කලින් දේවින්ද එක්ක බොරුවට රණ්ඩු කර කර හිටිය එයාගෙ ඇස්වල කදුළු පිරිලා...

එක අතකට මම මහ පව්කාරයෙක්... මම නිසා ඒ ඇස්වලට ලැබුණ තරමක් ලැබුණෙ කඳුළු...එයා හිනා වෙවී හිටියත් මගෙ දිහා බලන්නෙ කඳුළු පුරවගෙන...

ඇයි...එහෙම? එක අතකට එයාට වැරදි කියන්නත් බෑ... මම හිතලා නොකරත් කරන දේවල් දහයක් ගත්තාම නවයක් ම නිසා අක්ෂි අඬනවා...අනේ මන්දා... මම එයාට ළං වුණත් එයා අඬනවා...එයා ගැන හොයන්නෙ නැතුව හිටියත් ඒත් එයා අඬනවා...අම්මා නිසත් අඬනවා...එයා හොයන්නෙ මාව...ඒත් මං නිසත් වෙන්නෙ එයාට දුක හිතෙන එක....මම දන්නෑ...මට ම තේරෙන්නෙ නෑ මං මොනවද කරන්න ඕන කියලා..

මට අක්ෂි මං දිහා බලන් ඉන්න විදියට මතක් වුණේ එදා දේවින්ද එක්ක ගහ ගත්ත දවසෙ එයා මගෙ කම්මුලට තොල් තද කරලා පරිස්සමට ඉන්න කිව්ව විදිය...

"අ-අක්ෂි..."

"ඔලුව රිදෙනවද ශාලුක?"

"ම්හ්...ටිකක්...ඔයා...තනියම ද ආවෙ?"
මම දොර පැත්ත බලලා අහද්දි අක්ෂිත් ඒ පැත්ත බලලා ආයෙ මගෙ දිහා බැලුවා...

"නෑ කවිනු එක්ක ආවෙ..."

"ම්හ්...මං...එළියට ගිහින් එන්නම්..."
දේවින්ද එහෙම කියලා මගෙ දිහාවත් අක්ෂි දිහාවත් නොබල එළියට ගියා... මට දැනුණෙ මීට ටිකකට කලින් මටත් හිනාවෙන්න ඕන වුණ අමුතු සතුටක් එක්ක පොඩි පොඩි රණ්ඩු තිබුණ රූම් එක මම ඇස් ඇරියට පස්සෙ පාළු කනත්තක් වෙලා ගියා වගේ...අක්ෂි වුණත් කතා කළාට ඒ වචන හරි හිස් වගේ දැනුණා...

මම පපුව පිරෙන්න හුස්මක් අරගෙන ඇඳ මිට්ටමට ඔලුව හේත්තු කර ගනිද්දිත් අක්ෂි සද්ද නැතුව මගෙ දිහා බලාගෙන හිටියා...එයාගෙ මූණෙ හැඟීම් මට කියවන්න තේරුණේ නෑ...

ඒක කේන්තියක් නෙවෙයි...දුකකුත් නෙවෙයි...බයක් ද? නැත්තන්...සෝ ඩන් විත් දිස් ෆීලින්ග් එකක් ද? එයා එපා කියන දේවල් ම කරලා එයාව රිද්දන නිසා මාව එපා වෙලාද එයාට?

"අ-අක්ෂී...ඔයාට කේන්ති නම්... බනින්න..."

"හ්ම්..."
එයා ලොකු හුස්මක් පහත දාලා ඇඳෙන් නැඟිටලා ගිහින් රූම් එක කෙළවරේ තිබුණ පුංචි ටේබල් එක උඩ තියලා තිබුණ ජග් එකෙන් වීදුරුවකට වතුර එකක් පිරෙව්වා...

"අක්ෂි ප්ලීස්...ඔහොම ඉන්න එපා... මම කැමති නෑ මේ දැනෙන හුස්ම හිරවෙන ගතියට...ඔයාට කේන්ති නම් බනින්න...ගහන්න...ඕන දෙයක්... ඔය විදියට දුරස් වෙලා ඉන්න එපා..."
මම අතකින් කොණ්ඩෙ ඉස්සරහ ටික අදින ගමන් කියද්දි එයා ඇඳ ළඟට ඇවිත් වතුර එක මට දුන්නා...

"ම්ම්..."
මම වතුර එක අතට අරගෙන එයා දිහා බලාගෙන හිටියා....එයාගෙ ඇස් හිස් වෙලා...වෙනදා තිබුණ මට පුරුදු දිලිසෙන ගතිය අඩුවෙලා වගේ මට දැනුණා...

"ශාලුක..."

"ම්?"

"ඇයි මම බනින්න ඕන?"
එයා අහද්දි මම වීදුරුව අතට හිර කරගෙන ම එයා දිහා බලාගෙන හිටියා...එයාගෙ අත්වල තාමත් තීන්ත පාරවල් තියෙනවා...එයා මේ ටිකේ ඉවරයක් නැතිව චිත්‍ර අඳිනවා...

"ඇයි කවදාවත් මගෙ එකම වචනයක් වත් කනකට ගත්තෙ නැති කෙනෙක්ට මම බනින්න ඕන ඇයි ශාලුක?"
එයාගෙ කටහඬ අන්තිම හරියෙ වෙව්ලද්දි මම තොල් තද කරගෙන එයා දිහා බලාගෙන හිටියා...

"හ්හ්...මම හැමදාම කියනවා මට මේ කරුම ජීවිතේ හුස්ම අල්ලගෙන ඉන්න මහ හේතු ගොඩක් නෑ ශාලුක! එකයි... එකම එක හේතුවයි තියෙන්නෙ...ඔයා විතරයි!!

මම ඔයාට මගෙ හැමදේම නැති කරන්න දුන්නා...අඩුම මගෙ හිතට මම වැරදි නෑ කියලා හිතන්න තිබුණ විශ්වාසෙ පවා ඔයාට නැති කරලා දාන්න දීලා මම බලාගෙන හිටියා ශාලුක!

තව...තව මොනවද දෙයියනේ ඕන!! මට දෙන්න දෙයක් නෑ!! ඔයා මට මාවවත් ඉතිරි කරලා නෑ...එහෙම තියාගෙන ඇයි!! මම අහන්නෙ ඇයි මට ජීවත් වෙන්න තියෙන අන්තිම හේතුවත් උදුරන්නෙ!!

ඇයි ඔයාව කරදරේ දාගන්නෙ ශාලුක!!? අද දේවින්ද ආවෙ නැත්තන්? ගාඩ්ස්ලා පරක්කු වුණා නම්!!? ඒ පාරකට ඔයාට මොනවා හරි වුණා නම්!!?

හිතුවද....හිතුවද නිකමට හරි මට මොනවා වෙයිද කියලා!!? හිතුවද ඔයා නැතුව මම කොහොම ජීවත් වෙයිද කියලා!? එක තත්පරේකට හරි මතත් වුණාද මම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා කියලා!!?

කිසි තේරුමක් නැතුව ආසාවට කවුද ශාලුක මරාගන්න රේස් පදින්නෙ!? අද දින්නොත් හෙට මැරයො ටිකක් පස්සෙන් එන බව දැනගෙන...දැන දැන ඇයි යන්නෙ!!?මේ පළවෙනි වතාව නෙවෙයි!!"

"අක්ෂී...අහ-"

"බෑ!! බෑ...අහන් ඉන්න බෑ!! මට කියන්න ඕනෙ රේසින් නතර කරන්න කියලා! ඔයාට කියලා වැඩක් නෑ... එච්චර ලොකු දෙයක් කියන්න තරම් ඔයාගෙ ජීවිතේ මම කවුරුත් නෙවෙයි ශාලුක!! මට මං ගැන ම දුකයි ශාලුක!!

දවසක් හිනා වුණොත් මම මාසයක් අඬනවා!! ඇයි මට ම....හ්හාආහ්...මට මහන්සියි ශාලුක...මට මැර්-"

"ඉනෆ්!! ඇති...දැන් ඇති අක්ෂී...ඔයාට අඬන්න ඕනෙ නම්...අඬන්න...ඒකට කමක් නෑ...මැරෙන කතා කියන්න එපා! ඔයාට මාව දාලා යන්න බෑ!ඔයා නැති වුණාම හැදෙන හිස්තැනට මම කැමති නෑ!!"
මම එයාව අතින් ඇදලා ඇඳෙන් ඉන්දගෙන පපුවට තුරුල් කරගනිද්දි එයා ඉකි ගගහා ඇඬුවා...මම පිට අතගාන්න අතගාන්න එයා තව හයියෙන් ඇඬුවා...

මේ අඬන්නෙ...මම තුවාල කරගත්ත එකට විතරක් ම නෙවෙයි... එයා ගොඩක් දවස් තිස්සෙ මට එයාව වදයක් කියලා හිතාගෙන ඉන්න බව මට තේරුණේ නැතුව නෙවෙයි...ඒත් එයා ඇහුවෙ නැතුව මට කියන්න ඕනෙ කියලා හිතුණෙ නෑ...එයා එක්ක කතා කර කර ඉද්දි මම ජිම් ටයිම් හදලා තිබ්බ වෙලාවක මම චැට් එකේ ඉන්න පුළුවන් විනාඩි දහයයි ඊටපස්සෙ වැඩ තියේ කිව්ව එක එයා ඔලුවට ගත්තෙ වැරදියට...මට එයා වැදගත් නෑ වගේ...

මම තනියම ප්‍රැක්ටිස් කරන එකක් නම් මම ඒක ඇතෑරලා එයා එක්ක කතා කරනවා...ඒත් ආවෙ ෆැමිලි ඩොක්ටර්.. ළඟක ඉඳන් ඉක්මනට හති වැටෙනවා වගේ එකක් දැනුණ නිසා මම එයාට ඒක කිව්වාම එයා එනවා කියලා තිබුණා එක්සර්සයිස් වගයක් ශෙඩූල් කරන්න... ඒකයි එදා ගියේ...දැන් සතියක් විතර...ඕක නිසා සතියම මාව මඟෑර මඟෑර වගේ ඉඳලා දැන් ඔක්කොම එකතු කරගෙන අඬනවා...

පිස්සු කෝළමක්...

"අක්ෂී...දැන් ඇති...කෝ..."
මම එයාව මගෙ ළඟින් ඈත් කරන්න හැදුවත් එයා මුරණ්ඩු කමට මගෙ අස්සෙම ගැන්නිලා හිටියා...

"මම දන්නවා මූණ රතුවෙලා බව දැන්... කෝ ඉතින්..."

"ම්හු...බෑ..."
එයා තව ටිකක් මගෙ පපුවට ගුළි වෙද්දී මම එයාගෙ ඔලුව අතගාලා කොණ්ඩෙට උඩින් හාද්දක් තිබ්බා...

"ඔයා කැමති නැද්ද මම රේස් වලට යනවට?"
ම්හ්...සද්ද නෑ...

"මම නතර කරන්නද ඒක?"
ඒත් සද්ද නෑ...

"ඔයාට මාව වදයක්ද?"
ඔය ඇහුවෙ...එයා මගෙ බෙල්ල අස්සෙ ගහගෙන හිටිය මූණ උස්සලා අහද්දි මට රතුවෙලා තියෙන එයාගෙ මූණ දැකලා හිනා ගියා...

"ඕක අහන්න හිටියෙ දැන් ගොඩක් දවස් ඉදල නේ?"

"ම්හ්...අනේ!!"
ආයෙම බෙල්ල අස්සෙ මූණ ඔබා ගත්තා...

"එදා මම ගියේ මගෙ ඉන්ස්ට්‍රක්ටර් ආව නිසා අක්ෂි...මම තනියම කරන දෙයක් මට කැන්සල් කරලා ඔයා එක්ක චැට් කරන්න පුළුවන් වුණාට ඒ මනුස්සයට බලන් ඉන්න තියලා මට චැට් කරන්න බෑනෙ අක්ෂි..."

"ම්ම්හ්..මම හිතුවෙ..."

"මොකද්ද හිතුවෙ..."

"මම ඕනවට වඩා වදයක් වුණාද දන්නෙ නෑ කියලා හිතුණා...ඒ නිසා ටිකක් ඈත් වෙලා ඉන්න හැදුවෙ... එතකොට ඔයාව වැඩියෙන් මතක් වෙනවා ශාලුක!!"

"මූණෙ හැටි බලන්න දැන්! ඕක කලින් ම ඇහුව නම් අඬන්න ඕන නෑනෙ...

තනියම කතාව හිතාගෙන තනියම දුක හිතාගෙන එයාම තරහා වෙලා එයාම අඬනවා...මට දිවැස් නෑ ළමයෝ..."
මම එයාගෙ නහය චුට්ටක් මිරිකලා කියද්දි එයා මට රවලා බිම බලා ගත්තා...

"ඊළඟ දවසෙ තරහ වෙන්න කලින් මට කියන්න... එතකොට අඬන්න කලින් යාළු කරගන්න හරි පුළුවන් නෙ මට!"
මම එයාව පපුවට හේත්තු කරගෙන ම නළලට තොල් තද කරද්දි අක්ෂි මගෙ උරහිසට ගැහුවා...

"ශාලුක!!"
කෑ ගැහුවට එයට ඒකට හිනා ගියා...

"7 billion smiles...but only yours pours life in me...it really hits different Akshi...ඒ නිසා හිනාවෙලා ඉන්න... මම ආස නෑ ඔයා ඇස්වල කඳුළු පුරවගන්නවට...

මට ටික දවසක් දෙන්න..මම මේ දේවල් හරිගස්සනවා.."

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

අද එක කම්මැලී අනේ...

තව එකක් ඕනිද👉👈🙄

බොරුවට ඇහුවෙ හුම්...🤭

සන්ශයින් ආදරෙයි ළමයි❤️❤️

Bye 🌹
Sunshine 💖

Continue Reading

You'll Also Like

224 49 9
WILL YOU BE MY LOVER "There is nothing like love exists in this world its just attraction or its just 0.1% where those song writers or poet who fall...
35.8K 826 22
[Book 1] Inspired by tenirockz's Justice League vs Teen Titans 2. Let's just say the Titan's are in for a huge surprise.
32K 1.3K 18
Ishita-A beautiful girl of middle-class family..! Raman-A handsome boy of rich family..! Ashok-Raman's best frnd..! Shagun-Ishita's best frnd..! Pihu...
8.9K 176 19
A year after the last season of a hit show, the cast reunites. They haven't talked after a while and they start bonding once again. But Caroline reme...