හුස්මක් දුරින්...

By AVIBNLeogirl

16.8K 3K 5.4K

හිතින් අල්ලා දෑත් අත්හැරි ප්‍රේමයක්... More

ආරම්භයට පෙර ~❤️
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස

30 කොටස

269 48 230
By AVIBNLeogirl


"අපි කොහෙද යන්නෙ ශාලුක?"
අහද්දි එයා මගෙ දිහා බලලා ඇස් දෙක චූටි කරලා හිනාවුණා...

"සූටි කාලෙ ගිය තැනකට..."

"තැනට නමක් නෑ ඉතින්?"

"තියෙනවනේ..."

"ඉතින් කියන්න බෑද?"

"ඔයා මොන විකාරයක් ද ශාලුක අපි යන් කිව්වොත් යන්න වෙන්නෑනෙ?"

"එතකොට ඔයා දැන් මේ මාව බලෙන් එක්කරගෙන යනවද?"

"නෑ ඉතින්..ඔයා බෑ කියන්නෑනෙ..." ශාලුක පොඩි එකාවගෙ හිනාවෙලා කියද්දි මම එයා දිහා බලාගෙන හිටියා... සමහර දේවල් එයාගෙ වැරැද්ද ම නෙවෙයි... එයාව උස් මහත් කරපු මිනිස්සු එයාට දීපු ආදර්ශවල වැරැද්ද...

එයාට දෙයක් ඕනෙ නම් ඕනමයි... එයාට මේ ගමන මං එක්ක යන්න ඕනෙ...කියලා මම අකමැති වුණොත් එයාට යන්න බැරි නිසා නොකිය ම එක්කරගෙන යනවා...ඒත් ඒක හරිද?

අනේ මන්දා කවදා හැදෙයි ද මේ මනුස්සයා කියලා...

"අක්ෂී..."

"ම්ම්..."

"ඇයි ඔහොම බලන්නෙ...මම වැරදි වැඩක් කළාද? "

"ම්ම්...ඔව්නෙ..."

"මොකද්ද?"

"මේකනෙ දේව්...දැන් ඔයා මම අකමැති වුණොත් කියලා යන තැන මට නොකියා මාව එක්කරගෙන යනවා... ඒක නිකන් ඔයාට ඕන දේ බලෙන් කරවනවා වගේනෙ...ඔයා හිතලා නෑනෙ එතනට ගිහින් මම අපහසුතාවට පත් වෙයිද...ඒක නිසා මට දුක හිතෙයි ද කියලා...ඕන දේ කොහොමහරි කර ගන්න යන්න එපා ශාලුක...එතකොට ඔයා වටේ ඉන්න මිනිස්සුන්ට දුක හිතෙනවා..."
මම ස්ටියරින් වීල් එක උඩ තියෙන එයාගෙ අත උඩින් අත තියලා කියද්දි එයා ටිකක් දුර ඇවිත් පාරෙ අයිනෙ පාකින් එකක වාහනේ නතර කළා...

"සොරි අක්ෂී...මම එච්චර හිතුවෙ නෑ ඒක ගැන... ඇත්තටම ඒක වැරදියි නේද....ගොඩක්... මම ඔයාව එක්කරගෙන යන්න හැදුවෙ සූ එකට...පුංචි ළමයි යන තැනක් කියලා ඔයා බෑ කියයිද කියලා හිතුණා...ඒකයි.... එක්කො ඕන නෑ අපි ආ-"

"මම ගිහින් නෑ..."

"මොකද්ද?"

"මාව චූටි කාලෙ ග්‍රැනී නර්සරි ට්‍රිප්ස් වලට යැව්වෙ නෑ...ඒ කාලෙ මම පොඩ්ඩ ඇත්තන් අඬනවලු...ඉතින් මම ගිහින් නෑ...මට මෙහෙ ඉද්දි යන්න තිබුණා...ඒත් තනියම ඒ වගේ තැනක යන්න කම්මැලි හිතුණා...ඉතින් මම කවදාවත් ගිහින් නෑ...මම අකමැති නෑ..."

"මම හිතුවෙ ඔයා මට හිනාවෙයි කියලා...එහෙ යන්න අපි පොඩි ළමයි නෙවෙයි කියලා..."

"වෙල්...කලින් ගිහින් තිබුණත්...ඔයා යමු කිව්වා ම මම බෑ කියන්නෙ නෑ ශාලුක..."
මම කිව්ව එකට එයා මගෙ ලිහලා දාලා තියෙන කොණ්ඩෙ අවුස්සලා නළලට පෙක් එකක් තිබ්බා...එයා දැන් මං එක්ක ඉද්දි ඉස්සරට වඩා හිනා වෙනවා... කාලෙකින් කිසිම කෙල්ලෙක් එක්කරගෙන ආවෙ නෑ මේ දවස්වල ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා...මට ඕනවට වඩා ළං වුණෙත් නෑ...

එයා වෙනස් වෙලා වගේ...හ්හ්...මම දන්නෑ... වෙලාවකට හිතෙනවා මුලදි මම තනියම කියලා හිතාගෙන දැක්ක හීනෙට දැන් ශාලුකත් ඇවිත් කියලා...

මගෙ ජීවිතේ කවදාවත් 'All is well' කියන දවස් තිබුණෙ නෑ...මේ විදියට හැමදේම හොඳින් වෙද්දි මට බය හිතෙනවා...

"අක්ෂී..."

"ම්ම්..."

"ඇයි දේව් කියන්නෙ?"
මම ඒක තේරුණේ නැති නිසා එයා දිහා බලාගෙන හිටියා...

"මම ඇහුවෙ නම් දෙකම පැත්තක දාලා ඔයා මට දේව් කියන්නෙ කියලා..."

"ආහ්...ගෙදර අය ඔයාට පහන් කියනවා...මම ඒ බුම්මගෙන ඉන්න ආඩම්බර හාමු මහත්තයට කැමති නෑ...

මෙහෙ හැමෝම ඔයාට ශාලුක කියනවා...ඒ දකින දකින එකා එක්ක පැටලෙන බීලා නාස්ති වෙන හිතුවක්කාර නහරයක් වැඩි කොල්ලටත් මම කැමති නෑ...

මම කැමති දවසෙ විනාඩි ගානකට හරි ඔයයි මමයි විතරක් ඉද්දි එතන ඉන්න ඔයාට...අනිත් වෙලාවට වඩා හිනා වෙලා රිලැක්ස් එකේ ඉන්න ඔයාට... මට අක්ෂී කියලා කතා කරන හුරතල් ආඩම්බර නපුරට....එයාට කියන්න නමක් නෑනෙ ඉතින්...ඒ නිසා මම හිතුවා එයාට දේවේන්ද්‍ර කියන එක කොට කරලා අරන් දේව් කියන්න...

ඔයාට දේව් කියන අය ඉන්නෙ මම විතරයිනෙ ශාලුක.. ඒ කියන්නෙ ඔයා දේව් වෙන්නෙ මං ළඟ විතරයි..."
මම හිනාවෙලා කියද්දි එයා පාර දිහා බලාගෙන ම මගේ අතේ ඇඟිලිවල එයාගෙ ඇඟිලි පටලගෙන මගෙ අතේ පිටි අල්ලට තොල් තද කළා...

"එක්කෙනෙක් ගැන විතරක්.... ඇත්තටම කෙයා කරන ෆීලින්ග් එක හරි ලස්සනයි නේද අක්ෂී..."

"ම්ම්...හැමදේකම දෙපැත්තක් තියෙනවා ශාලුක... ආදරේ අනුපාතෙ හරි වෙනස්...දුකට සතුට 9:1 ක් වගේ... ඒත් මිනිස්සු අර දහයෙන් එක නිසා ඉතිරි දහයෙන් නවය ම අමතක කරනවා..."

"පණ්ඩිතයි...මොනවා හරි කෑම ටිකක් අරගෙන යමු? අපිට පැය හතරක් වගේ තියේ...ඔයාට වැඩක් පෙන්නන්නත් තියේනෙ..."

"අද අලි සෙල්ලම්...එහෙම නේද කියන්නෙ අර අලියො සර්කස් පෙන්නන එකට? ඒවා තියේවිද?"
එයා බැහැලා ඇවිත් මගෙ පැත්තෙ දොර අරිද්දි මම කා එකෙන් බහින ගමන් ඇහුවාම එයා හිනාවුණා...

"ම්ම්...ඔයා දන්නවා නේ ඒව ගැන...මම උඩ පේළියක් බුක් කළා ඇතුළෙ අදුරන අයියා කෙනෙක්ට කියලා..."

"ඔයා ගොඩක් ප්ලෑන් කරලනෙ..."
මම එයාගෙ අතේ එල්ලිලා කියද්දි එයා මට ඇහැක් ගැහුවා...

"මගෙ උවමනාවට යන පළවෙනි ඩේට් එක වුණාම...මම ඒක ප්ලෑන් කරන්න ඕනිනෙ අක්ෂි..."
එයා මගෙ අතත් දෙපැත්තට පද්දලා මං එක්ක ෆුඩ්සිටි එක ඇතුළට ගිහින් මට කැමති දෙයක් ගන්න කියලා අතට අහුවෙන ඇවිදින ගමන් කන්න පුළුවන් කියලා හිතෙන හැමදේම ගෙනත් ට්‍රොලි එකට දැම්මා...

"මෙච්චර වැඩියි ශාලුක!"

"එතන තව මිනිස්සු ඉන්නවනෙ..."

"ඔයා මුළු දෙහිවල සූ එකේම අයට ස්නැක්ස් ගෙනියන්න ද හදන්නෙ?"

"ඔයාට ඕනෙ නම් පුළුවන් ඉතින්?"

"අමෝ අමෝ හාමු මහත්තයට හම්බ කරලා මහන්සි ඇති ගැම්මට වියදන් කරන්නෙ!"
මම එයාට අතේ තිබුණ පොටෑටො චිප් පැකට් එකෙන් ගහලා කියද්දි එයා ට්‍රොලි එක බදන් දෙකට නැමිලා හිනා වුණා...

"අක්ෂී...හිනාවෙන්න..."
රැක් එකේ තිබුණ මම හැමදාම සයිට ගෙනෙහින් දෙන බිස්කට් එකේ අලුත් ෆ්ලෙවර් එක බල බල ඉද්දි එයා ඇවිත් මගෙ කරවටේ අත දාගෙන සෙල්ෆි එකක් ගැහුවා...

අද නම් ඔලුව කොහෙහරි වැදිලා මෙයාගෙ!

.

.

.

.

"ශාලුක! ඔයා එයා විදියට ඩාන්ස් කරන එක නතර කරන්න!!"
මම කීවෙනි පාරටද මන්දා ශාලුකට පිටට ගහලා කියද්දි වලස්සු ඉන්න තැන කණ්ණාඩිය දිහා බලන් කකුල් දෙකෙන් හිටගෙන නටන්න වගේ එහෙට මෙහෙට පැද්දි පැද්දි හිටිය වලහව ඉමිටේට් කරන එක නතර කරලා කට ඇද කරගෙන මගෙ දිහා බැලුවා...

පිස්සුද මන්දා මේ මනුස්සයට...බෙල්ල අතපය නටව නටව ඒ වලහා වගේ ද අහනවා! මම හිටියෙ හිනාවෙලා ම කම්මුල් දෙක දැවිල්ල අරගෙන...ඇයි වදේ මෙයා එක්ක බැහැනෙ...

මුලින්ම කොක්කු වගේකට කෑම දෙන්න ගිහින් එක කොකෙක් ශාලුකගෙ ඔලුවට ඇන්නා..කොණ්ඩෙනුත් ඇදලා ලෝක අමාරුවෙන් බේරගත්තෙ...දැන් මෙතන වලහව ඉමිටේට් කරනවා...සර්ප විමන මැද්දෙන් යන්න ගිහින් කකුල පාටලිලා වැටිලා අක්කා කෙනෙක් හූ කිව්වා ටෑන්ක් එකේ ඉන්න පත සයිස් ඇනකොන්ඩා කකුලෙ එතිලා කියලා හිතාගෙන...ශාලුක අයින් වෙලා සොරි කියලත් ඒ අක්කා ඇස් දෙක පියාගෙන විනාඩි පහක් විතර කෑ ගැහුවා... යන්තන් එතනින් ගුටි නොකා එළියට ඇවිත් ඉබ්බො බලන්න ගිහින් එතන වළේ හිටිය කිඹුලා මැරිලද නැද්ද කියලා ගෙස් කර කර පැයක් විතර ගියා...

පස්සෙ අපි දෙන්නා මුවෝ ඉන්න තැනට උඩින් තියෙන ලොකු පඩිපෙළේ වාඩිවෙලා පැයභාගයක් විතර කියව කියව හිටියා...අපිට ඕන වුණෙ ඔක්කොගෙම ඇවිදින්න නෙවෙයි... පොඩි ෆන් එකක් ගන්න විතරයි...අපි දෙන්නා එතන මුවොන්ට නම් දැම්මා... අන්තිමේ නම් පැටලිලා මුවෝ හොයා ගන්න බැරුව අපි මුවෝ සේරටම ඩොට් ඩොට් කියලා නම දැම්මා...එතනට වෙලා බඩ කොර වෙනකන් ම එක එක විකාර කියව කියව හිනාවෙලා අලි සෙල්ලම් පටන් ගන්න වෙලාව කිට්ටු නිසා අපි එතනට යන්න ආවෙ....මේකව වලහා ළඟින් හොලව ගන්න බෑ...සිංහයො ඉන්න තැන පාරට දුරයිනෙ...ඒ වෙලත් ඒකෙ ඉන්න කම්මැලි සිංහයා හොඳට නිදි... ශාලුක ඌට බැනලා බැනලා දිවත් ඇදලා ආවෙ...මම ඒක රෙකෝඩ් කළා...

"එන්නකො ළමයො යන්න!"

"ම්හ්...මම වෙන දවසක එන්නම් බ්‍රෝ... අපෙ මැණිකෙ පුපුරනවා බොසා... ඒනම්... මං ගියා!"
ශාලුක වලහට සැලියුට් එකකුත් ගහගෙන එන්න හැරුණත් අපේ පාර බ්ලොක් වුණා අපි ළඟට දුවගෙන ආව කෙල්ලො ටිකක් නිසා...ශාලුක මාව ළඟට අරගෙන වටපිට බැලුවා... අනිවාර්යයෙන්ම අර කේශව් කියන හයේ හතරෙ පොර ඇති ළඟ පාතක...

එයා කවියා ට්‍රේන් කරපු ගාඩ් කෙනෙක්...ඒ නිසා ඒ අයියා ශුවර් ඕන මඟුලකට...මැරුවත් ශාලුකට ඕන නැති දේවල් සීයගෙ කනට යන්නෙ නෑ...

" ඔයා නේද The Dream Art Gallery එක කරන්නෙ...VAs සයින් එක ඔයාගෙ නේද!?

Oh! My godd!! Owner of the art gallery also a perfect art himself!!"
ඒ කෙල්ලො දහ අතේ ඇඹරෙද්දි ඒ ශාලුකගෙ කවර් සෝන්ග්ස් වල ෆෑන්ස්ලා කියලා හිතන් රවාගෙන හිටිය මම චුට්ටක් හිනාවුණත් ශාලුක නම් රවාගත්තා...

"මේ ඔයාගෙ අයියද? අනේ...අනේ ප්ලීස්! අපිට ඔයාගෙ මල්ලි එක්ක සෙල්ෆි එකක් ගන්න පුළුවන්ද?"
කෙල්ලො ටික මගෙ වටේ පොර කන්න ගද්දි මම අත් දෙක උස්සගෙන චුට්ටක් පස්සට වුණේ ශාලුක මාව එයාගෙ පිටිපස්සට කර ගනිද්දී...

"ටිකක් ඉන්න...දඟලන එකෙන් එයාටත් වදේ ඔයාලටත් ලේට් වෙනවා!"
ශාලුක රවලා කියද්දි කෙල්ලො ටික පැත්තකට වුණත් ඒ අතරෙ එතන හිටිය දහ පාළොස් දෙනාගෙන් එකෙක් දෙන්නෙක් සූස් ගානවත් ඇහුණා..

"ඔයා...Luke...ද...කවර් සෝන්ග් ආටිස්ට්?"
එක ගෑනු ළමයෙක් සැකෙන් වගේ අහද්දි ශාලුකට කට කොනින් හිනා ගියාම මාත් එක්ක හතර අතේ සෙල්ෆි අරන් ඒ පැත්තට හැරුණ එක කෙල්ලෙක් කලන්තෙ දාන්න වගේ යාළුවගෙ ඇඟට බර වුණාම මට හිනා ගියා..

"කියුට් අනේ~...Are you taken or still single darling? Wha-"

"Sorry...I'm already taken and it's permanent..."
මම කෙල්ල කියලා ඉවර වෙන්නත් කලින් දෙපාරක් නොහිතා එහෙම කියද්දි ශාලුකගෙ ඇස් දිලිසෙනවා මම දැක්කා...

.
.
.
.

"හාහ්...වැහැලා පෑව්වා වගේ!"

"අපි යමුද?"

"Already taken? Mwah...cutie..."
නළලෙ දාඩිය පිහිදලා වැහැලා පෑව්වා වගේ කිව්ව ශාලුකගෙන් මම යමුද ඇහුවාම එයා මගෙ කම්මුලකින් ඇදලා ඒ කම්මුලට ම පෙක් එකක් තිබ්බාම මම එයාව තල්ලු කරලා දැම්මා...

"පිස්සුද!!? වටේ තව මිනිස්සු ඉන්නවා!"

"හැමදාම හැංගි හැංගි ඉන්නද කල්පනාව?"

"ම්හ්...හීන දකින්න බය වෙන්න ඕන නෑ ශාලුක...හීන ඇතුළෙ හිනාවෙන්න බය වෙන්න ඕන නෑ...ඒත් හීන ඕනවට වඩා රියලිස්ටික් වෙද්දි අපි බය වෙන්න ඕනෙ... ඇහැරුණාම රිදෙන නිසා..."

"ම්හ්...හීන ඕනවට වඩා රියලිස්ටික් වෙද්දි හිතා ගන්න හීන හැබෑ වෙන්නයි යන්නෙ කියලා..."
ශාලුක මගෙ අතින් ඇදගෙන අනිත් උරහිසේ අපි ගෙනාව බෑග් එකත් එල්ලගෙන මැප් එකේ කියලා තියෙන පැත්තට යද්දි මමත් එයා එක්ක ගියා...

සූ එකේ ඉන්න අලි හතර පස් දෙනෙක් ම පේළියට එක්කරගෙන එද්දි මම ඒ දිහා පුදුම වෙලා බලාගෙන හිටියා... මම වීඩියෝස් බලලා තියේ...ඒත් ඇත්තට දැකලා නෑනෙ...එයාලා හරි හුරතල් අනේ...නට නට ඉන්නවා පැද්දි පැද්දි...එයාල සමහර අයට ඇඳුම් අන්දලත් තිබුණා...

මම ශෝ එක පටන් ගන්නකල් ම කළේ එතනට පාරෙන් අනිත් පැත්තෙ තියෙන අර දුඹුරු පාට ලෝම ගොඩක් තියෙන තඩි වඳුරා දිහා බලන් ඉන්න එක...

"ආආආආ...ගොට් ඉට්! අර රැම්පේජ් එකේ ඉන්නෙ එයා කෙනෙක්ද ශාලුක?"

"කවුද දැන් ඔය කියන එයා කෙනා? වචනත් පටලනවා පොඩි එකා වගේ!"
චිලි චිප්ස් පැකට් එකක් කඩාගෙන ඒක කකා වටේ බල බල හිටිය ශාලුක මගෙන් නහය අකුළලා අහද්දි මට හිනා ගියා...

"අර අරයා අනේ!"
මම අත දික් කරලා පෙන්නද්දි ශාලුක බාගෙට ඒ පැත්ත බලලා හිනාවුණා...

"Orangutan...එයාගෙ නම ඒක... රැම්පේජ් එකේ ඉන්නෙ ගෝරිල්ලා කෙනෙක්!මේ ගෝරිල්ලා කළු පාටයි.."

"ඒත් රැම්-"

"ඒක කතාවක් ළමයෝ..ඒ නැතත් ඕන සතෙක්ගෙ සුදු අය ඉන්නවනෙ... ඇ-ඇලි නේද වචනෙ?"

"ම්ම්..."
ශාලුක මට ගෝරිල්ලා කළුයි කියලා පෙන්නලා ෆෝන් එක පැත්තකින් තියලා කියද්දි මම ඒකට ඔලුව වැනුවෙ මියුසික් ඔන් වුණ නිසා...පටන් ගන්න යන්නේ!!

.

.

.

.

.

.

"කෝ...දැන් තාමත් යන්න බැරිද?"
ශාලුක හිස් බිස්කට් කවරයි බීම බෝතලුයි තියෙන බෑග් එක කරේ දාගෙන අහද්දි හිස් පඩිපෙළේ එහෙට මෙහෙට පැන පැන හිටිය මම ගිහින් එයාගෙ අතේ එල්ලුණා..

"යන්..."

"මල කෝළං..."
ශාලුක ඇස් රෝල් කරලා මගෙ මූණට වැටිලා තියෙන කොණ්ඩෙ ටික අනිත් අතින් අයින් කරලා නිකටෙන් අල්ලලා මූණ හෙමිට හොලවලා හිනාවුණා...

"තව බීච් එකට යන්නත් තියේ අක්ෂී.. අපි යමු...දැන් ඇතිනෙ?"

"ම්ම්...ඇති..."
එයා මගෙ කර වටේ අත දාගෙන ගේට් එක ළඟට එනකල් ම කියව කියව ආවා...

මොනවාහරි කනවද අහලා මම බෑ කිව්ව නිසා එයා ඕන වුණොත් මඟින් ගමු කියලා වාහනේ පාරට දාද්දි මම පැසෙන්ජර් සීට් එකට වෙලා කකුල් දෙකත් උඩට අරගෙන අද ගත්ත ෆොටෝස් බලන්න ගත්තාම ශාලුකත් ඒවට එක එක ඒව කිය කිය ඩ්‍රයිව් කරගෙන ගියා...

එයා ඇවිත් වාහනේ නතර කළේ අපි වෙනදට යන හරියෙ නෙවෙයි...මේ හරියෙ රැල්ල පාගන්න බෑ...ගලක් උඩට වෙලා වතුරට කකුල දාන් ඉදලා ලොකු රැල්ලක් ආවාම නාන්න විතරයි පුළුවන්...

එයා වාහනෙන් බැස්ස නිසා මමත් බැස්සා...වාහනේ පාක් කළාම එතන ඉස්සරහ සිමෙන්ති ගැට්ටෙන් පස්සෙ තිබුණෙ ලොකු ගල් ගොඩක්...ඒ ළඟට ම මුහුද...මේ හරියෙ වැලි නෑ...සමහර වෙලාවට ගල් අතරෙ සිප්පි රැඳිලා තියෙනවා...ගොඩක් හදිස්සියෙන් තමයි ඉතින්... එක රැල්ලකට සිප්පි ගහගෙන ආවත් ඒවා ඊළඟ රැල්ලට ආයෙ මුහුදටම ගහගෙන යනවා.... හිතුවක්කාර වෙලා ගල් අතරෙ රැඳෙන එකක් විතරයි කලාතුරකින් අහුවෙන්නෙ...

"කෝ...එන්න..."
ශාලුක සපත්තු ගලවලා ඩෙනිම උඩට ඇදගෙන ගලක් උඩට නැගලා මට අත දෙන ගමන් එහා පැත්තෙ ගලට මාරු වුණා...එයා මගෙ අත අල්ලගෙන ම යන්තමට වගේ තෙමිලා තියෙන ගලක් උඩින් වාඩිවුණා ම මාත් වාඩිවුණා...

අපි දෙන්නා සෑහෙන වෙලාවක් මොනවත් නොකියා මුහුද දිහා බලාගෙන හිටියා...මම නම් කල්පනා කළේ අද දවස ගැන...තනිකරම හීනයක් වගේ...ජීවිතේ හැම දවසක්ම මේ විදිය නොවුණත්...මට සතුටු හිතුණා මේ වගේ දවස්වලටත් ඉර පායන බව තේරුම් ගියාම...

මගෙ ජීවිතේ මම සතුටින් කියන්න පුළුවන් දවස් ගාන මේ අවුරුදු විස්සට ම තාමත් අතේ ඇඟිලි ගානට අඩු වෙද්දි අද දවස වෙනුවෙනුත් ඇඟිල්ලක් නවන්න පුළුවන් එකට මම සතුටු වුණා...

හැමදේම විසඳලා සතුටු වෙන්න බෑ... ප්‍රශ්න ඉවරවෙලා හිනාවෙන්න හිටියොත් කවදාවත් හිනාවෙන්න වෙන්නෙ නෑ... ඉතින් මම දැන් හිතන විදියට නම්...අපි මේ මොහොත විඳින්න ඕන...

මම පහුගිය දවසෙ දැක්කා පෝස්ට් එකක්...පොතක තිබුණ කොටසක් ඒක...මම වැඩිය පොත් කියවන්නෙ නෑ... මල් කිණිත්තක පුරාවෘත්තය හරි මොකක් හරි...නිල් පාට පොතක්...

ඒකෙ තිබුණා...

'යුමී සං...මම අන්තිමේදි දෙයක් තේරුම් ගත්තා...අපි සදාකාලිකව ම කරන්නෙ සතුටු වෙන්න දේවල් එකතු කරන එක...

අපි සතුටු වෙන එක හෙටට කල් දානවා,අනිද්දට,ඉන් අනිද්දට,ඊටත් පස්සෙ දවසට....

හිතන්න,අන්තිමට එකතු කරලාම මහන්සි වෙලා...පොඩ්ඩක් සතුටින් ඉන්න ඕනෙ කියලා...

එකතු කරපු දේවල් බලද්දි...ඒවා පරණ වෙලා,දිරලා,පුස්කාලා,බොඳවෙලා...
පැහැදිලිව ම මටත් උනෙ ඒකයි...'

(Forget me not..)

ඒක දැක්ක දවසෙ ඉදලා මම හිතා ගත්තා මමත් මට උනේ ඒක කියන්නෙ නැතිව ඒ මොහොතෙ ලැබෙන දෙයින් ඒ මොහොතෙ සතුටු වෙන්න...

ඉතින්...ඒ ජීවිතේ ඇත්තටම ඉස්සරට වඩා සැහැල්ලුයි...

"ශාලු-"

"අක්-"

"ඔයා මුලින්-"

"You go fir-"
අපි දෙන්නම එකම එක කියද්දි අපි දෙන්නටම හිනා ගියා...ළඟින් වාඩිවෙලා හිතලා තියෙන්නෙත් එකම දේද මන්දා...

"හ්ම්...අද දවසට තැන්ක්‍යු ශාලුක.... ගොඩක්...."

"ඔයාටත්...ගොඩක් කාලෙකින් සතුටෙන් හිටියා වගේ දැනෙනවා..."
ශාලුක වතුරට කකුල් දෙක දාගෙන අහස දිහා බලාගෙන කිව්වාම මම හිනාවෙලා ඈත රැළි ගහන මුහුද දිහා බලාගෙන හිටියා...ඉර බහින්න ළඟ නිසා අහස තැඹිලි පාට වෙලා...පේන දුරක අපි දෙන්නා විතරයි හිටියෙ...

"අපි යමුද? දැන් රෑ වෙන්න ළඟයිනෙ අක්ෂි..."
ශාලුක ඉන්න තැනින් නැඟිටින ගමන් අහද්දි මම එයාට අත දුන්නාම එයා මාව එකපාර ඇදලා ගත්තෙ මට කෑ ගැස්සෙද්දි...

"වැටෙයි!"

"මම මොනවා කළත්... මෙච්චර කාලෙකට ඔයාට වැටෙන්න දීලා නෑ අක්ෂි...You can trust me on that topic...No matter what... I'll never let you get hurt..."
ශාලුක එහෙම කියලා මගෙ අතින් අල්ලගෙන ම ආයෙ වාහනේ ළඟට ආවත් මම සපත්තු දාන්න කලින් එයා මාව උස්සලා වාහනේ බොනට් එක උඩින් වාඩි කළා...

මේක උසයිත් එක්ක...අද ඇවිත් තියෙන්නෙ එයාගෙ කළු පාට වෙස්ල් එකේ නෙවෙයි... අයියගෙ රේන්ජ් රෝවර් එකේ...ඒක කවදා බැලුවත් දූවිලි බිදක් නොවදින්න කිරි සුදු පාටයි...මට ලෝභ හිතුණා මම වාඩිවුණ එකටත්...

"ශා-"

"ඕකෙ මට අහන විදිය හිතාගන්න බැරි ප්‍රශ්න දෙකක් තියේ...මට උත්තරයක් ඕනෙ අක්ෂි...මම දැනටම දන්නවා... එ්ත් මට පර්මිශන් ඕනෙ..."
ශාලුක එහෙම කියලා මගෙ අතට හතරට නවපු කොලයක් දීලා මගෙ දෙපැත්තෙන් වාහනේට අත් දෙක බර කරගෙන මගෙ මූණට එබුණා...

"Do you...still trust me Akshi?

Do you think I can change?"
මම ප්‍රශ්න දෙක බලලා හිනා වෙලා එයා දිහා බැලුවා...

"ම්ම්..ඔව්..."

"එච්චර ද?"

"ඔව්..."

"හ්හ්...I know I'm not a good guy...I know that I'm not perfect.. I'm not the best for you...But,

Just trying to love you made me a better person Akshi...Will you let me keep trying for the rest of this journey?"
ශාලුක මගෙ අත් දෙක අල්ලගෙන අහද්දි මම හිනා වුණා...ඇත්තටම මට කියන්න දෙයක් නෑ...මම මුළු හිතින්ම එයාගෙ වෙලා සෑහෙන කල්...

අඩු තරමෙ එයා උත්සාහ කරනවනෙ...

"හ්ම්.."
මම එහෙම ම එයාගෙ ටී ශර්ට් එකෙන් ඇදලා එයාව ළඟට අරගෙන ශාලුකගෙ තොල් අල්ලගනිද්දි ශාලුකගෙ ඇස් ලොක් වුණත් මම යන්තමට හිනා වෙලා ඇස් පියා ගත්තා...ටික වෙලාවකින් එයාගෙ අත්දෙක මගෙ ඉණ වටේ එතිලා එයා මාව ළඟට ඇදලා ගනිද්දී මම පළවෙනි වතාවට කිසිම ඩ්‍රග් එකක් නැතිව ඇස් ඇරගෙන ඉන්න බැරි ගානට මත් වුණා...

"ම්ම්හ්..."
ශාලුක කිසිම කලබලයක් නැතිය මගෙ යටි තොල අතෑරලා උඩු තොලට මාරු වෙද්දි මට කෙඳිරි ගෑවුණ නිසාම ද මන්දා මෙච්චර වෙලා මගෙ ඉණට තද වෙලා තිබුණ එයාගෙ එක අතක් උරහිස් වටේ ගිහින් මාව තව ටිකක් එයාගෙ ඇඟට හිර කරගත්තා... එයාගෙ අත මගෙ සිනිඳු කොණ්ඩෙ අතරින් යද්දි මට දැනුණා මගෙ බූල් එක ටිකින් ටික ලූස් වෙලා ගැලවිලා යනවා...දිගට වැවිලා තියෙන සිනිදු කොණ්ඩෙ මූදු හුළඟ එක්ක මූණ පුරාම අමුතු කිතියක් මවද්දි ශාලුකගෙ අත් අතරෙ විනාඩි ගාණකට මම සම්පූර්ණයෙන්ම පැරලයිස් වෙලා හිටියා...අඩුම හුස්ම ගන්නත් අමතක වුණ තරම්....

"හ්ආආහ්!"
අන්තිමේ විනාඩි හය හතකට පස්සෙ ශාලුක මාව රිලීස් කරද්දි මම හිටියෙ සම්පුර්ණයෙන්ම මත් වෙලා...ඇස් ඇරගෙන ඉන්න බැරි ගානට හිරි වැටිලා...මම ලොකු හුස්මක් ගනිද්දි ශාලුකත් වේගෙන් හුස්ම ගන්න ගමන් මගෙ කොණ්ඩෙ මූණෙන් අයින් කරන්න තේරුමක් නැත් උත්සාහයක් ගත්තා...

"මම මේ වතාවෙ මෝඩ වැඩ කරන්නෙ නෑ..."
ශාලුක එහෙම කියලා මට බොනට් එක උඩම ඉන්න දීලා මගෙ ඉස්සරහ දණ ගහද්දි මගෙ ඇස් ලොකු වුණා...

මම මෙච්චර දේවල් බලාපොරොත්තු වුණෙ නෑ!!

"මේක චූටි රිමයින්ඩර් එකක් විතරයි අක්ෂී..."
ශාලුක මගෙ වළලුකර වටේ සීතලට දැනෙන්න ඇන්ක්ලට් එකක් දාලා එයාගෙ දණහිස උඩ තියාගෙන හිටිය මගෙ කකුලෙ වළලුකර ළඟට තොල් තද කළා ම එයා එපා කියන්න හැදුව මාව ආයෙත් හිරි වැටිලා ගියා...

"ඔයා තමයි ඉගැන්නුවෙ...එක හිතකට ආදරේ කරන්න උත්සාහ කරන එකත් හරි ලස්සන හැඟීමක් කියලා අක්ෂී... මට ආසයි ඒ හැඟීම මොන තරම් ගැඹුරු ද බලන්න...උදව් කරනවා නේද?"
එයා දණගහගෙන හිටිය තැනින් නැඟිටලා මගෙ කම්මුලක්  මහපටැඟිල්ලෙන් සිනිඳුවට අතගාලා අහද්දි මම ඔව් කියන්න ඔලුව වැනුවා ම එයා මාව චප්ප වෙන්න ම පපුවට තුරුල් කරගත්තෙ මම එයාගෙ පපුව වේගෙන් ගැහෙනවා අහගෙන ඇස් පියා ගනිද්දි...

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

හිත නිදහස් කර ගන්න ආව තැනින් ප්‍රශ්න එද්දි කලකිරෙනවා ළමයි...දැනට මේ පොතට මොකක්වත් අවුලක් වුණෙ නෑ...

ඒත් ජීවිතේ දරුණුම කලකිරීම් හිත් රිදීම් චූටි චූටි දේවල් නිසා උඩ එනවා...මම මේක කියන්නෙ කාටවත් වදින්න හින්ට් එකට නෙවෙයි... වේලාසන කියලා තියන්න හිතුණ නිසා කියන්නෙ... මම හුස්මක් දුරින් එකේ දිග දිග ඕතර් නෝට් දාලා වද දුන්නෙ නෑ...ඒත් කියලා තියන්න හිතුණා මේ කතාවට මොනවා හරි වුණොත් මම ආයෙ කතා ලියන්නෙ නෑ කියලා හිතාගෙනයි පටන් ගත්තෙ...

කලින් වතාවෙ වුණ දේ ආයෙ වෙලා මම තනියම වුණොත්... මට මගෙ පොත නැති වුණොත් මාව ආයෙ මෙතන හොයන්න බැරි වෙයි...

මං එක්ක ඉන්න බබාලට මං ආදරෙයි හොඳද... ඔයාලට නෙවෙයි මම කිව්වෙ...❤️❤️❤️

වැඩිය හිතන්න එපා...

බලම්න ඉතින් සාලුක ළමයා දිගට ම ට්‍රයි කර කර ඉඳලා අක්ෂී මැරුණ දවසට ආදරෙයි කියයි ද දම්නෑ

විහිළුවක් කළේ...හෙහේ...👉👈😌

සන්ශයින් ආදරෙයිඊඊඊ 💚❤️

To be continued....

Bye🌹
Sunshine 💖

Continue Reading

You'll Also Like

8.9K 176 19
A year after the last season of a hit show, the cast reunites. They haven't talked after a while and they start bonding once again. But Caroline reme...
13.8K 400 9
When the Marauder era got a letter from golden era saying that there is second wizarding war, and they are going to watch the life of two Potter in o...
35.8K 826 22
[Book 1] Inspired by tenirockz's Justice League vs Teen Titans 2. Let's just say the Titan's are in for a huge surprise.
1.5K 453 27
Clouds of dust kicked up, temporarily blinding me as Lola reared back and raised her front hooves. I coughed and blinked my stinging eyes, gripping h...