Bloody Moon - Taekook Nonfic

By IJJKTHV

6.9K 965 4.4K

Werewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power)... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
New Stories
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 22
Dear Readers..
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30

Chapter 21

193 27 392
By IJJKTHV

"සුදු කුමාරයෝ..."

"ම්ම්"

"මට ඒක තේරුන්නැනේ අනේ"

"ම්ම් ටිකක් ඉන්න රත්තරන් මං කියලා දෙන්නම්"

"හුම්ම්"

තොලත් උල් කරලා මම එහෙම කිව්වම එයා මගේ දිහා බලලා හිනාවෙලා එයාගේ නහය ඇකිලෙව්වා..

මමත් ඉතින් එයාගේ කලවයක් උඩින් දාගෙන හිටපු මගේ දකුණු කකුල එහාටයි මෙහාටයි පද්දන ගමන් ආපහු ඉස්සරහ බලාගත්තා..

අපි මේ ඉන්නේ අකව්න්ටින්ග් ක්ලාස් එකේ.. ක්ලාස් එක පිරෙන්න ළමයි දාහක් විතර ඉන්න නිසා අපිට කිසිම විශේශ අවධානයක් එල්ල උනේ නැ..

ඒකෙන් ඉතින් මං උපරිම ප්‍රයෝජනේ ගත්තේ ඩෙස්ක් එක යටින්, බංකුව උඩ තිබ්බ එයාගේ අතේ ඇගිලි එක්ක මගේ ඇගිලි පටලවගෙන.. ක්කුල් නම් ඉතින් කොහොමත් පේන්නේ නෑනේ..

අපි වෙනදා වගේම අදත් හිටියේ ක්ලාස් එකේ මැද හරියට වෙන්න, කොනේම ඩෙස්ක් එකේ.. බිත්තිය අයිනේ තෙහස්,එයාට එහාපැත්තේ ම්ම, ඊටපස්සේ ශෙවෝන්.. අද හිමාශ නෑ.. හිටියනම් ඌ ඉන්නේ ශෙවෝන්ගේ එහා පැත්තේ..

හැබැයි ඇයි දන්නෑ පොර අද නැත්තේ.. අද කොහොමත් සෙනසුරාදා නිසා ඉස්කෝලේ දවසකුත් නෙවේ.. තෙහස්ගෙන් වත් ඒක අහගන්න බැරි උනේ එයා එද්දිත් පරක්කු උන හින්දා.. කතාකරන්න කියලා වෙලාව හම්බුනේ නෑ අපිට.. ආපු වෙලේ ඉදන් උගන්නවා..

මම එදා එයාට මගේ හැගීම් කියලා, එයා මටත් එයාගේ හැගීම් කියලා, අපි දෙන්නා මේ සම්බන්ධේ පටන් අරගෙන දැනට සතියක් විතර වෙනවා..

මේ ටික කාලෙට මං තේරුම් ගත්තු දෙයක් තමයි තෙහස් කියලා කියන්නේ පුදුම තරම් ආදරණීය මනුස්සයෙක් කියන එක.. සමහරවෙලාවට මට එයාගේ ආදරේ දරාගන්න බැරිම තරම්..

එයාගේ වචන,එයාගේ වැඩ විතරක් නෙවෙයි එයාගේ එක බැල්මක පවා මදි නොකියන්න ආදරේ උතුරනව..

මම හෙමින් සැරේ කාටවත් නොදැනෙන්න මගේ නහය එයාගේ උරහිසක ඇතිල්ලුවේ පහුගිය සතිය මට මතක් වෙච්ච නිසා..

කොච්චර සර්ට අවධානේ දීගෙන හිටියත්, මම ඒ කරපු දේ එක්ක එයා එයාගේ මහපටගිල්ලෙන් මගේ අත පිරිමැද්දා..

"හරි ළමයි දැන් මේක ලියාගන්න.."

සර් එහෙම කියන ගමන් ස්ටේජ් එකෙන් බැහැල ගියාම මම බලන් හිටියේ පතරංග ජාතකේ වගේ තියන බෝඩ් එක දිහා..

"මේ බලන්න බබා.. මේක මෙහෙමයි.. ජංගම ගිණුම හර කරානම් ඒක ප්‍රාග්ධන ගිණුමට බැර කරන්න ඕනේ. නැත්තන් ශේශය බැලන්ස් වෙන්නේ නෑ.. තේරුනාද..?"

එයා සර් ස්ටේජ් එකෙන් බැහැපු ගමන් කලේ මගේ පොතට එයගේ ඇගිලි තිය තිය ජංගම ගිනුමේ හර වෙලා තියෙන ශේෂයයි, ප්‍රාග්ධන ගිණුමට බැර නොකරපු ශේෂයයි පෙන්නලා ඒක කියලා දීපු එක..

"ආ... හරි.. මට ඒක පැටලෙනවා අප්පා.."

මම එහෙම කිව්වම එයා මා එක්ක හිනාවෙලා එයාගේ පොතට අවධානය දුන්නා.. අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවක් නම් එයා අනිවාරෙන් මෙහෙම හිනාවෙලා නිකන් ඉන්නේ නෑ..

එහෙම උනානම් එයා මගේ කොන්ඩේ අවුස්සලා දාලා මගේ නහයට තට්ටුවක් දානවා.. සමහරවිට මගේ හිස් මුදුනෙන් හාදුවක් තියනවා..

ඒත් මෙතන එහෙම බෑනේ.. අපි දෙන්නම දන්නවා පිට තැන් වලදි අපේ ලිමිට් එක තියාගන්න විදිහ.. ඒකයි එයා සාමාන්‍ය විදිහට හැසිරුනේ..

මමත් ඉතින් ජාතකේ තේරුනු නිසා සීරුවට වගුව ගහලා ගාන හදන්න පටන් ගත්තා..

"මේ.. ස්ස්..ස්ස්.. හැකරැල්"

ශෙවෝන් රහසෙන් වගේ මට කතා කරන ගමන් මගේ වැලමිටට තට්ටු කලා..

"මොකද උබ"

මං ඔලුව බිමට හරවගෙන, එහෙමම ශෙවෝන් දිහා බලන ගමන් ඇහුවා..

"ඇයි අද හිමාශ ආවේ නැත්තේ..?"

"මං දන්නේ කොහොමද ඒක"

මං හිනාවෙලා එහෙම කිව්වේ මූ අහන්නෙත් මාර ප්‍රශ්නනේ..

"තෝ නොදන්න වග මාත් දන්නවා පොල් බූරුවෝ.. අරූගෙන් අහපන් ඇයි නාවේ කියලා ගොන් කාවයියා"

ශෙවෝනයා ඒ කිව්ව දේට නම් මගේ කනෙන් දුන් පිට උනා.. පගයා..

"සුදුමහත්තයා මේ මූ මොකක්ද අහනව"

මම උට රවල තෙහස්ට කතා කලාම තෙහස් මගේ දිහා බලලා, ශෙවෝන් දිහා බැලුවා..

"මොකක්ද"

තෙහස් ඔලුව උඩට උස්සන්නේ නැතුව පොතට අවධානේ දීගෙන ඇහුවා..

සිරාවට මූ තෙහස්ට කතාකලේ ඇයි කියලා මං දන්නෑනේ.. ඉතින් මං ශෙවෝන් දිහා බැලුවම ඌ තොල් මැතිරුවා..

"ඇයි අද හිමාශ නැත්තේ අහපන්"

අහ්.. ඔය ඇහුවේ.. මං හිතුවා ඕක ගැන තමා අහන්නේ කියලා..

"ඇයි අද හිමාශ නැත්තේ අහනවා"

මං තෙහස්ට කිව්වම එයා පොතෙන් ඔලුව උඩට ඉස්සුවා..

"උට සනීප නෑ ශෙවෝන්.."

"සනීප නෑ..?? ඇයි මොකද??"

ශෙවෝන් පැන්න ගමන් එහෙම ඇහුවේ මාවත් බය කරලා..

"පොඩ්ඩක් උන ගතිය තියනවා.. මමත් එන්න පරක්කු උනේ ඒකයි.."

"අනේ.. ජානක මාමා නැද්ද ගෙදර..?"

ශෙවෝන් දුකෙන් වගේ එහෙම ඇහුවම මම උගේ පිටට තට්ටුවක් දැම්මා..

"නෑ ශෙවෝන්.. කෝල් කලා අපි.. එයාට හදිසි මීටින් එකක් වැටිලා එන්න විදිහක් නෑ කිව්වා.. ටිකක් හවස් වෙයිලු.. මාමා එන්න තමා හැදුවේ ඒවුනාට අරූ එපා කිව්වා.. මමත් ඉන්න හැදුවේ.. ඒවුනාට මටත් බැනලා පැන්නුව මාව"

තෙහස් එහෙම කියලා ආපහු පොතට අවධානේ දුන්නා..

"හසරැලෝ...මයේ කුඩාම්මියා"

"හ්ම්ම්?"

මූ මේ ගාපු බටර් ටිකේ හැටියට මගේ කුනාටුවක් තරම් යක්සාරූඩ මොල රාජයට තේරුනු දෙයක් තමයි...

"අනේ උබේ කුඩාත්තිගෙන් අහපන්කො හිමාශව බලන්න යමුද කියලා.. නෑ ඉතින් එයා පව් නේ.. තනියෙන්නේ.. ඔයාගේ කුඩාත්තිත් පව්නේ හලෝ තනියෙන් හිමාශව බලාගන්න අමාරුයිනේ.."

ශෙවෝන් මගේ අත බදාගෙන මගේ උරහිසේ නැති දූවිලිත් පිහිද පිහිද කියපු දෙයින් මගේ මොලරාජයට අහු වුනු දේ හරියි කියලා මං තේරුම් ගත්තා..

"සුදුමහත්තයා.."

මොනා උනත් ශෙවෝන් පව්.. මටත් ඉතින් තෙහස් එක්ක සෙට් වෙන්න මූ නේ බොක්කෙන් සපෝට් කලේ.. ඒනිසා තමා මං හෙල්ප් එකක් දෙන්න තීරනේ කරේ..

"කියන්න බබා"

මම තෙහස්ට කතා කලාම, එයා කිව්ව දේ ඇහිලා මට ලාවට හිනහත් ගියා.. එයා ඔහොමමයි.. මගෙත් ඉතින් වෙනසක් නෑ තමා..

අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්ත දවසේ ඉදන් මේ වෙනකන්, අපි අපේ නම් කියලා අපිව අමන්ත්‍රනේ කරගන්න ඇත්තේ ඕන්නම් උපරිම හතර පාරයි.. ඒකත් පලවෙනි දවස් කීපයේ විතරයි..

මම නම් සමහරවෙලාවට ඉදලා හිටලා එයාගේ නම කිව්වත් එයා මගේ නම නොකිව්ව තරම්.. ඒ වෙනුවෙන් එයා පාවිච්චි කලේ මැනික,බබා,රත්තරන් වගේ හරි ලස්සන වචන..

මටත් දැන් දැන් තෙහස් කියලා එයාට කතා කරන්න හිතෙන්නේ නෑ.. ඒක නිකන් වැරැද්දක් වගේ දැනෙන්නේ.. ඒහින්දමයි මම එයාට සුදුමහත්තයා,සුදුකුමාරයා වගේ වචන වලින් කතා කරන්නේ..

අම්බෝ ඔයාලට කියන්න.. මම ඒ වචන පලවෙනි පාරට කිව්ව දවසේ එයාගේ ඇස් දිලිසුනු විදිහ... හනෙව් ඉතින් මගේනේ..

හෝව් හෝව් නෙතුන්... ට්‍රැක පන්නගන්න එපා.. ශෙවෝන්ගේ ප්‍රශ්නේ විසදලා ඉදපන් මුලින්..

ම්ම් නෙතුන් කපු සේවය.. අනර්ඝයි උත්කෘෂ්ටයි විශිෂ්ටයි.. මනා සහකාරයෙක් සෙට් කරගැනීම ඔබත් අදම අමතන්න..

පැන්න ට්‍රැකෙන් නෝමල් ට්‍රැකට ආපු මම ශෙවෝන් දිහා බලාගෙනම එයාට කතා කලා..

"මේ ශෙවෝන් අහනවා අද ඔයාලගේ ගෙදර එන්නද කියලා.."

"ඒ ඇයි"

එයා පොතෙන් ඔලුව ඉස්සුවේ නෑ.. ම්ම් සුදුමහත්තයා දාගෙන ගිණුම බැලන්ස් කරනවා..

"ඇයි අහනව"

මං ශෙවෝන් දිහා බලලා ඇහුවා..

"හිමාශව බලන්න කියපන්"

ශෙවෝන් එහෙම කිව්වම මං තෙහස් දිහාට හැරුනා..

"හිමාශව බලන්න ලු"

"කීයට වගේද එන්නේ"

මොන මගුලක්ද මේ.. මම නිකන් තැපල් සේවේ වගේනේ එහෙන් මෙහෙට මෙහෙන් එහෙට.. මලපැන්න පාර මං කටත් ඉරක් කරන් හැරුණේ ශෙවෝන් දිහාට..

"කීයටද එන්නේ අහන්වා"

මං ඕනවට එපාවට කියලා දැම්මා..

"මේ ක්ලාස් එක ඉවර උනාම කියපන්"

"අනේ මේ මම තැපැල් කාර්‍යංශෙ වගේ පේනවද.. උබම කියාගනින් රෙද්ද මට ගාන හදන්න තියනවා.."

ඒ පැත්තටයි මේ පැත්තටයි කැරකිලාම එපා වෙච්ච මං එහෙම කිව්වම ශෙවොන් මට විරිත්තුවා.. හැටි විතරක් පුප රතු වදුරෙක් වගේ..

"මේ ක්ලාස් එක ඉවර උනාම එන්නද තෙහස්.. අම්මට කියලා එන්නම් එයා ශේප්.."

"අහ් හරි.. එන්න එහෙනම්.. බබා ඔයත් යන්"

"ඇහ්.. මම??"

තෙහස් අන්තිමට කිව්ව දේත් එක බෝඩ් එක දිහා බලන් හිටපු මං ටාර් ගාලා තෙහස් දිහාට හැරුනා.. ඒ වෙද්දි එයා ඔලුව උස්සගෙන මං දිහා බලන් ඉන්නවා..

"ඔව් යං"

"කමක් නැද්ද..?"

මං මගේ අතේ ඇගිලි පොඩි කරන ගමන් පැකිලෙමින් එහෙම ඇහුවේ මොනා උනත් ඉතින් හරිනෑනේ නේද.. එහෙම එකක් නෑ තමා ඉතින් මොකෝ නොගිය තැනක්‍ යෑ.. ඒවුනාට ඉතින් හරිනෑනේ.. එහෙ ගිය බව ඇත්ත.. අනේ මේ.. එහෙම හරි නෑ එච්චරයි..

මං ඇස් කොනෙන් එයා දිහා බලාගෙන එහෙම කිව්වම එයා මගේ පැත්ත හැරිලා, බිත්තියට පිට දීලා, එයාගේ එක අතක වැලමිටක් ඩෙස්ක් එක උඩින් තියලා ඒ අතේ ඇගිලි වලින් එයාගේ යටිතොල පිරිමදින ගමන් අනික් අතේ ඇගිලි වලින් බංකුවට තට්ටු දැම්ම..

මම ඉතින් දැක්කේ නෑ වගේ ඇස් කොනෙන්ම එයා දිහා බලන් හිටියේ දැන් එයාගේ පැත්තට හැරෙන්න තිබ්බ ලැජ්ජාවට..

ම්හ්ක් ලැජ්ජයිනේ අනේ.. එයා මෙහෙම හොට් විදිහය මං දිහා බලන් ඉද්දි.. ලැජ්ජයි මට.. මගේ කන් දෙක රත් වේගෙන එනවා මට දැනෙනවා..

"ඇස් කොනෙන් බලන බව පේනවා බබා"

එයා නෝන්ජල් විදිහට එහෙම කිව්වම මට මේ පොළව පලන් යන්න හිතුනා..

මන් ඉතින් ශේප් එකේ වේලුනු තොල් තෙත් කරගෙන එයා දිහා බැලුවම එයා කටකොනෙන් හිනා උනා..

"යමුද?"

එයා ඒ කටකොනේ හිනාව රදවගෙනම මගෙන් එහෙම ඇහුවේ මට බෑ කියන්න බැරි කරලා..

"ම්ම්ම්ම්ම්ම්"

මම තාමත් පැකිලෙනවා කියලා දැකපු එයා ලාවට හිනාවෙලා මගේ කනට ළන් උනා..

"බොයිෆ්‍රෙන්ඩ්ගේ ගෙදර යන එකේ... වරදක් මට නම් පේන්නේ නෑ ම්ම්..?"

"හ්-හරි ඉතින්... මං එන්නම්.."

මගේ කනට ලන් වෙලා එයා එහෙම කිව්වහම මං උඩබිම බැලුවේ එයාගේ බැල්මෙන් බේරෙන්න..

මම අන්තිමට කැමති උනාම එයා එකපාරම හිනාවෙලා ආපහු ඉස්සරහ් හැරුනා.. යකඩෝ මූඩ් චේන්ජ් කරගත්තු ඉක්මන.. කටුස්සෙක් වගේනේ.. කටුසු කුමාරයෙක්..

.

.

"ඔහොම ඉදපන් මං අම්මට කෝල් එකක් අරන් එන්නම්.."

අපි හිටියේ ක්ලාස් එක ඉස්සරහ.. දැන් වෙලාව එකට වගේ ඇති.. අක්ව්න්ටින්ග් ක්ලාස් එක ඉවරයි.. දැන් ආයේ වෙන ක්ලස්ස් එක්කුත් නැති නිසා අපි මේ හදන්නේ හිමාශව බලන්න යන්න...

අම්මට කෝල් එකක් දෙන්නම් කියපු ශෙවෝන් ටිකක් දුරට ගිහින් ෆෝන් එක කනෙන් තියාගත්තා..

"ඉන්ටවල් එකේදි කිව්වා නේද..?"

තෙහස් ශෙවෝන් දිහා බලලා, මගේ දිහා බලලා ඇහුවම මම ඔව් කියන්න ඔලුව හෙලෙව්වා.. මම ඉන්ටවල් එකේදි නැන්දට කතාකරලා විස්තරේ කිව්වම නැන්දා එපා කිව්වේ නෑ..

"හරි යමන්"

ශෙවෝන් එහෙම කියාගෙන අපි ගාවට ආවම අපි හෝල්ට් එකට ගියා..

"අම්මෝහ් අව්ව සැරාආආආආයි.."

හෝල්ට් එකට ආපු ගමන් අව්ව සැරයි කියලා කෑගහපු ශෙවෝන් පැන්න ගමන් හෝල්ට් එක ඇතුලේ බංකුවේ අන්තිම ඉඩේ ගිහින් ඉදගත්තා..

හෝල්ට් එකේ මහා ලොකුවට සෙනගක් නොහිටියත් සාමාන්‍ය සෙනගක් හිටියා..

ඒ හින්දා හෝල්ට් එක ඇතුලේ ඉන්න ඉඩ නොතිබ්බයින් අපි දෙන්නා හිටියේ එලියේ..

ශෙවෝන් ගේ කතාව ඇත්ත.. මාරම අව්ව්ක් තියෙන්නේ..

"ෆුෆ්..."

මම කටින් සද්දයක් පිටකලේ තිබ්බ අව්ව සැරත් එක්ක දැනුනු මහන්සියට..

අව්ව සැරෙන් බේරෙන්න හිතාගෙන මම මගේ අතකින් මගේ මූන කවර් කරගෙන බස් එක එනකන් පාර දිහා බලන් හිටියා..

ඒත් එකපාරම මූනට විතරක් වැටිලා තිබ්බ මගේ හෙවනැල්ල වෙනුවට මගේ මුලු ඇගම හෙවනැල්ලකින් වැහිලා ගියේ මම පුදුම වෙලා මගේ ඉස්සරහ බලද්දි..

ඒ හිටියේ තෙහස්.. මගේ වම් පැත්තේ හිටපු තෙහස් මගේ දකුනු පැත්තෙන් ඉස්සරහට ඇවිත් මගේ ඉස්සරහම හිටගෙන හිටියේ හරියට මාව ඉර එලියෙන් ආරක්ශා කරන්න වගේ..

එයාගේ ඇගට කවර් වෙච්ච ඉර එලියත් එක්ක එයාගේ හෙවනැල්ලෙන් මාව වැහිලා ගියා..

මම මූන ලගට කරගෙන හිටිය අත ඉබේම පහල වැටුනේ මම එයා දිහා බලාගෙන ඉද්දිමයි..

මම කිව්වේ... තෙහස් කියන්නේ හරි ආදරනීය මනුස්සයෙක් කියලා.. වෙලාවකට මට ඒ ආදරේ දරාගන්න බෑ කියලා ඒ මෙන්න මේ වගේ අවස්තා..

එයා මාව කවර් කරන්න හිතාගෙන මගෙ ඉස්සරහට ආවත් ඒකෙන් එයා පීඩා විදිනවා.. ඒත් ඒක එයාට ගානක් නෙවෙයි..

එයාට ඒක ගානක් නැති උනත් මං කොහොමද නිකන්ම ඒ දිහා බලාගෙන ඉන්නේ..

"තෙහස්.."

මම එයාගේ උරහිසෙන් අල්ලලා එයාගේ නමෙන් කතාකලේ මෙතන ගැවසෙන සෙනඟ එක්ක මං එයාට සුදුකුමාරයා කිව්වොත් එහෙම වෙන දේ දන්න නිසා..

මම එයාගෙ උරහිසෙන් අල්ලල එයාට කතාකලාම එයා මගේ දිහා බලලා හිනාවෙලා මට ඇහැක් ගහලා ආපහු ඉස්සරහ බලාගත්තා..

අනේ මන්දා මෙයානම්.. ඔහොම කරන්න එපා මගේ තෙහස්.. මගේ හිතට උබේ මේ ආදරේ බර වැඩියි..

තව වචනයක් කතා නොකරපු මම එයාගේ අතෙන් ඇදගෙන අමාරුවෙන් රින්ගලා කොහොමහරි හෝල්ට් එක ඇතුලට ආවා..

"ඇයි එහෙම කලේ..?"

මගේ එහාපැත්තෙන් ඉන්න තෙහස්ගෙන් මම රහසෙන් වගේ එහෙම ඇහුවම එයා මං දිහා බැලුවා..

"මට රකින්න කියලා ඉන්නේ උබ විතරක් නිසා.."

එයා හරිම මෘදු විදිහට මගේ කනට කෙදිරුවාම මට දැනුනා මගේ ඇස් තෙත් වේගෙන එනව..

"ඒත්.. අනේ එහෙම කරන්න එපා.. මට දරාගන්න් බැනේ.."

මං බිම බලාගෙන කිව්වා..

"එහෙනම් ඒවා දරාගන්න පුරුදු වෙන්න වෙයි.."

ආපහු ඇහැක් ගහපු එයා එහෙම කියලා මගේ කරවටේට අත දාගත්තා.. ඒක සාමාන්‍ය දෙයක්.. ක්ලාස් යන කොල්ලො දෙන්නෙක් කරට අත් දාගෙන ඉන්නවා කියන එක කවුරුත් වපර ඇහෙන් බලන්නේ නෑනේ..

ඊට ටික වෙලාවකට පස්සේ බස් එක ආවම අපි දෙන්නටත් කලින් ශෙවෝන් බස් එකට නැග්ගා.. ඌ දිහා බලන් ඉදපු මමත් හිනාවේගනම බස් එකට නැග්ගම මගේ පිටිපස්සෙන් තෙහස් නැග්ගා..

බස් එකෙ ලොකු සෙනගක් නොවුනත් හැම ශීට් එකක්ම වගේ පිරිලා තිබ්බේ..

ඒත් ශෙවෝන්ටනම් ශීට් එකක් හම්බෙලා තිබ්බා ටිකක් මැදට වෙන්න.. ඔව් ඉතින් එහෙම වෙන්න එපෑ මූ ඔක්කොටම කලින් නැග ගත්තනේ.. ආ.. පොඩ්ඩක් හිටු.. උගේ එහා පැත්තේ ශීට් එක හිස්..

ශෙවෝන් මට දාගෙන අත වනනවා එතෙන්ට එන්න කියලා.. මමත් තෙහස්ව ඇදගෙන එතනට යන්න හැදුවත් පිටිපස්ස දොරෙන් නැග්ග ආච්චි කෙනෙක් ඇවිත් එකපාරම එතනින් ඉදගත්ත නිසා මම ගමන නැවැත්තුවා.. මට ඉතින් එතෙන් ට ගිහින් අනේ ආච්චි පොඩ්ඩක් නැගිටින්නකො මට ඉදගන්න කියන්න යැ..

මම කරබාගෙන එතනම තිබ්බ ශීට් එකට අත් තියාගෙන පැත්තට හිටගත්තත් මට ඇහුනා එයාගේ කටහඩ..

"Excuse me, could you plz take your bag away..?"

මම හැරිලා බැලුවේ මෙයා මේ කා එක්කද ඉංග්‍රිසියෙන් කතා කරන්නේ කියලා...

එතන ශීට් එකේ ඉදගෙන හිටියේ foreign boy කෙනෙක්.. එයා handfree දෙකක් කනේ ඔබාගෙන ජනේලෙන් පිටත බලන් හිටිය හින්දා වෙන්නැති සෙනඟ නොදැක්කේ.. ඒකනේ එහා ශීට් එකේ තිබ්බ බෑග් එක නොගත්තේ..

තෙහස් ඒ කෙනාට බාධාවක් නොවෙන්න මාරම gentle විදිහට එහෙම ඇහුවම මට කටකොනෙන් හිනාවක් රැදුණේ තෙහස් ගැන ආඩම්බර හිතිලා.. එයා දන්නවා තැනට අනුව වැඩ කරන්න ඕනේ හරිම විදිහ..

තෙහස් එහෙම ඇහුවම ඒ කෙනා හිනාවෙලා සොරි කියන ගමන් බෑග් එක එයාගේ ඔඩොක්කෙට ගත්තම තෙහස් ඒ මනුස්සයට හිනා වෙලා මගේ පැත්ත හැරුනා..

"එන්න.."

"ආහ්?"

"වාඩිවෙන්න.."

අනේ.. එයා එතකොට ඒ ශීට් එක හරිගැස්සුවේ මටද..?

"මොකද බයවෙලා වගේ? වෙන මුකුත් කරන්න කියලා නෙමේ වාඩිවෙන්න කියලා කිව්වේ බබා.."

එයා වටපිට බලලා මගේ කනට කරලා කිව්වත් මම හිටියේ එයාගේ ඇස් අස්සේ හිරවෙලා.. කෙනෙක් කොහොමද මේ තරමටම ආදරය දෙන්නේ..?? අනේ මට මේ දේවල් ඇත්තටම බර වැඩියි තෙහස්.. ඔයා හරියට සිනමාවේ වීරයෙක් වගේ.. නවකතාවක ප්‍රේමවන්තයක් වගේ..

"එ..එපා මගේ තෙහස්.... ඔයා වාඩිවෙන්න.."

මමත් හීන් සැරේ එයාගේ කනට කෙදිරුවා..

මම හිටියේ වම් පැත්තට හැරිලා,එයා හිටියේ දකුණු පැත්තට හැරිලා ශීට් එක කවර් කරන්..

"කෝ එන්න.. වාඩිවෙන්න.."

තෙහස් මගේ වැලමිටෙන් අල්ලන ගමන් එහෙම කිව්වත් මට ඒ ශීට් එක දෙන්න ඕනේ උනේ එයාට..

"එපා සුදුමහත්තයෝ.. ඔයා වාඩිවෙන්න.."

මම එහෙම කිව්වහම නම් තෙහස් මට රැව්වා.. ඒක එදා පලවෙනි දවසේ වගේ රැවීමක්..

ඒ රැවිල්ලටනම් මං බය උනේ නෑ කිව්වොත් බොරුවක්..

"හරි එහෙනම් මගේ ඔඩොක්කේ වාඩි වෙන්න"

"මොකක්"

"ඔයාට ශීට් එකේ වාඩිකරවන්න ඕනේ මාවනම්, ඔයා මගේ ඔඩොක්කුවේ වාඩි වෙන්න"

එයා හෙනම සැහැල්ලු විදිහට ඒක කිව්වේ.. ඒවුනාට මම නම් හිටියේ රත් වෙලා..

"එකගද?"

"නෑ එපා මං වාඩිවෙන්නම්.."

එයාගේ ඔඩොක්කේ වාඩි වෙලා යන්න මං කැමති එක වෙනම කතාවක්... තාම එකවතාවක්වත් එයාගේ ඔඩොක්කේ ඉදලා නැති එකත් වෙනමම කතාවක්.. ඒත් මෙතන බස් එකක මට එයාගේ ඔඩොක්කේ යන්න බෑනේ.. ආයේ කවුරුහරි ඕකේ ෆොටෝ එකක් ගහලා

'ප්‍රේමය ඇත්තේ ශීට් එක මත නොව උකුල මතයි'

'හෙන ගහන ප්‍රේම කතා'

කියලා fb එකේ viral උනොත් එහෙම කාලා හමාරයිනේ.. ඒහින්දම මම තෙහස්ට රවාගෙනම ශීට් එකෙන් වාඩි උනා..

"බෑග් එක දෙන්න"

මම රවාගෙනම එහෙම කිව්වම එයා හිනාවෙලා මට බෑග් එක දුන්නා..

මුලු ගමන පුරාවටම,බස් එකට කොහෙන් කොහොම සෙනඟ ගොඩ උනත් එයා මං ගාවින් අඩියක් හෙල්ලුන්නෑ.. එයා ශීට් එක ලගම හිටගෙන හිටියේ හරියට හැමදේකින්ම මාව රැකගන්න වගේ..

එයා මුලු වෙලාවෙම එහෙම මාව රකිද්දි, ඒ මුලු වෙලාවෙම මගේ ඇස් නැවතිලා තිබුනේ එයා ගාව.. සමහරවෙලාවට අපේ ඇස් එකට ගැටුනා.. ඒ හැමවෙලාවකම ඒ දුඹුරු ඇස් අස්සේ එයාගේ උතුරන ආදරේ මදි නොකියන්න පිරිලා තිබුනා..

ඔයාලට රහසක් කියන්නද.. තෙහස් කියන්නේ flirting king කෙනෙක්.. ඒක මම ඇයි කියලා පහදන්න ඕනේ නෑ.. තව ඉස්සරහට යද්දි ඔයාලටම තේරෙයි...

කොහොම්හරි අන්තිමේට අපි බහින හෝල්ට් එකෙන් බස් එක නැවැත්තුවම අපි තුන්දෙනාම බස් එකෙන් බැහැලා පයින් ඇවිදන් යන්න ගත්තා..

අපි තුන්දෙනාම ඇවිදන් ආවේ තෙහස්ලගේ ගෙදරට.. ගේට් එකත් ඇරපු තෙහස් බෑග් එකේ තිබ්බ key එකක් අරගෙන දොරගුලට දාලා කැරකෙව්වම දොර ඇරුණා..

ශෙවෝනුයි මායිත් තෙහස්ගේ පිටිපස්සෙන් ගෙට ඇතුල් උනා..

"කෝ..?"

ශෙවෝන් රහසෙන් වගේ එහෙම ඇහුවම තෙහස් ඇස් වලින් එයාලගේ කාමරේ පෙන්නුව..

ශෙවෝන් හෙමින් හෙමින් බෑග් එකත් තුරුල් කරන් කාමරේට ගියාම මමත් තෙහස්ට බැල්මක් දීලා ශෙවෝන් පස්සෙන් ගියා..

ඒ කාමරේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලොකුයි.. සුදු බිත්ති, සුදු ටයිල් පොළව, සුදු තිර රෙදි වලින් තිබ්බ ඒ කාමරේ හැම භාණ්ඩයක් පාහේම ක්ළු පාටයි..

ඒක අමුතුම වයිබ් එකක්...ලස්සනයි..

ඒ කාමරේ ඇදන් දෙකක්, පාඩම් කරන මේස දෙකක්, ඇදුම් රාක්ක දෙකක් වගේ හැමදේකින්ම දෙක ගානේ තිබ්බේ තෙහසුයි හිමාශයි දෙන්නම ඉන්නේ මේ කාමරේ නිසා..

ඇදන් දෙකක් තිබ්බ ඒ කාමරේ කොනේම ඇදේ හිමාශ නිදාගෙන හිටියේ.. ශෙවෝන් බයවෙලා වගේ බලන් ඉන්නවා..

දොරකඩ ගාව හිටපු මං ශෙවෝන් ඉන්න විදිහ දැක්ක නිසා කාමරේට ඇවිත් ශෙවෝන්ව ඉස්සරහට තල්ලු කරගෙන ඇද ගාවට ගිහින් තෙහස්ගේ ඇද උඩ වාඩි උනා..

"නිදිද බන්.."

ශෙවෝන් රහසෙන් වගේ මගෙන් එහෙම ඇහුවේ හිමාශ ඉන්නේ නින්දෙනම් එයාට බාධාවක් නොවෙන්න..

මම දන්නෑ කියන්න උරහිස් ඇකිලුවම මට ඇහුනා තෙහස්ගේ අඩි සද්දේ.. එයා කාමරේට ඇවිත් හිමාශගේ ඇදන් ඉදගෙන හිමාශගේ නලලට අත තිබ්බා..

"දැන් නම් ටිකක් අඩුයි වගේ.."

තෙහස් එහෙම කියලා ආපහු එයාගේ අත අරගත්තේ හිමාශ කෙඳිරි ගාන ගමන් එහාටයි මෙහාටයි ඇබරෙන්න ගද්දි..

"හිමාශ.. නැගිටපන්.. දැන් උබ කන්නත් එපැයි.."

තෙහස් මෘදු විදිහට එහෙම කියන ගමන් හිමාශගේ උරහිසකට තට්ටුවක් දැම්මම හිමාශ ඇස් ඇරලා වටපිට බැලුවේ ශෙවෝන් අත් එකට මිරිකගද්දි.. හැපූ මුගෙත් කට විතරයි..

මම ශෙවෝන්ට කට ඇද කරලා ආපහු හිමාශට අවධානේ දුන්නා..

"මේ.. උබේ.."

අපිටත් ඇහෙන්නම එහෙම කියපු තෙහස් ඊලග ටික කිව්වේ හිමාශගේ කනට කරලා නිසා අපිට ඒක ඇහුන්නෑ.. ඒත් තෙහස් කිව්වේ මොකක් උනත්, හිමාශ උඩ ගිහින් මේ ලෝකෙට ආවේ අඩවන්ව තිබ්බ ඇසුත් ලොකු කරගෙන..

"මං බොන්න මොනාහරි අරන් එන්නම්.."

හිමාශට හිනාවෙවී හිටපු තෙහස් අපි දෙන්නා දිහා බලලා එහෙම කියලා කාමරෙන් එලියට ගියා..

"හිමාශ.. උබට අමාරුද බන්.."

ශෙවෝන් කතා කරන්නෑ කියලා තේරුනු තැන මම හිමාශගෙන් ඇහුවා..

"දැන් නම් ටිකක් අඩුයි"

"මොනා කරන්න ගිහින්ද උන ගත්තේ.. ඊයෙත් හොදට ඉස්කොලෙ හිටියනේ.."

ඇති යන්තම් ශෙවෝන් කට ඇරියා..

"ඊයේ රෑ නෑවා බන්.. ඒක නිසා වෙන්නැති.."

හිමාශ නලල පිරිමදින ගමන් එහෙම කිව්වම ශෙවෝන් උට හැටට හැටේ රවන්න ගත්තා.. යකො මුට අසනීපයි පගෝ..

"රෑ කිව්වේ..? කීයට වගේද.."

"එකොලහ හමාරට වගේ.."

"තෝව හමගහලත් මදි පුස් නාම්බා"

එතනින් පස්සේ ශෙවෝන් වයින් කරපු මොකක්ද එක වගේ හිමාශට බැනගෙන ගිහින් අන්තිමේදි ආයේ රෑ නාන්න එපා කියලා අවවාද කලේ හිමාශ ඒ ඔක්කොම කරබාගෙන අහන් ඉද්දි..

"මං පොඩ්ඩක් අරයව බලල එන්නම්.."

බීම ගේනම් කියලා ගියපු තෙහස් තාම නැති හින්දා වගේම මෙතන මේ ඩ්‍රාමා එක බලලා කම්මැලි හිතුනු මං මගේ ප්‍රේම කුමාරයා සොයා කුස්සිය වෙත පියමැන්නා..

මම හොරාට අඩි තිය තිය ගිහින් හොරෙන්ම දොර රෙද්දෙන් ඔලුව දාලා බැලුවේ එයා මොනාද කරන්නේ බලන්න..

අහ්.. දාගෙන ජොග්ගුවකට දෙහි මිරිකනවා..

මම හිනාවෙලා හෙමින් සීරුවේ එයාට නොදැනිම කුස්සිය ඇතුලට ගිහිල්ලා පැන්ට්‍රි එකට හේත්තු උනා.. එයා මාව දැක්කේ නෑ මොකද එයා හිටියේ මට පිටුපාලා..

"මම ඇමසන් වල හිකනලෙක් උනත් ඔයා මට ආදරෙයිද හලෝ..?"

මම පැන්‍ට්‍රි එකට අල්ලල තිබ්බ ටයිල් කැටයක් හූරන ගමන් එහෙම ඇහුවම මට ඇහුනා එයා බකස් ගාලා හිනාවෙනවා..

"මොකක්ද අනේ.. හිනාවෙන්න ප්‍රශ්නයක්ද මං ඇහුවේ.."

"උබටත් ඉදල ඉදල මාර ඒවා තමා අහන්න මතක් වෙන්නේ"

එයා තාම හිනාවෙනවා.. මං දිහා බලලා එහෙම කියපු එයා ආපහු හිනාවීගෙනම ජොග්ගුවට සීනී,ලුණු දාලා ඒක හැන්දකින් කලවම් කරන්න ගත්තා..

බීම එක හැන්දිගාන ගමන් එයා මගේ දිහා ආපහු බැලුවත් මම කලේ එයාට රවලා අහක බලාගත්තු එක.. ඇයි අනේ ආදරෙයි කියන්න එපැයි..

මට ඇහුණු හැන්ද, ජග් එකේ වදින සද්දේ නැතිවෙනවත් එක්කම මට ඇහුණේ එයා මගේ ලගට එන්න තියන අඩි වල සද්දේ.. මං ඒත් ඇහුන්නෑ වගේ අත් දෙකත් පපුව හරහා බැදගෙන අහක බලාගෙන හිටියේ..

එයා මගේ ගාවටම ඇවිත් මගේ ඉස්සරහින් නැවතුනා..

"දැන් තරහ වෙලාද ම්ම්..?"

එයා එයාගේ සාක්කු අස්සට අත් ඔබාගන්න ගමන් විලුබෙන් ඉස්සිලා එහෙම කියලා මගේ මූනට එබුනා..

මම එයා දිහා ලාවට වගේ බලලා සද්දෙන්ම රවලා ආපහු අහක බලාගත්තා..

"කෝ බලන්න.."

"ම්හ්ක් මටෝන්නෑ මහ නරකයි ඔයා"

එයා මගේ නිකටෙන් අල්ලලා මූන උඩට කරන්න හැදුවත් මම කලේ ගස්සලා අහක බලාගත්ත එක..

"ඒකියන්නේ තරහද මං එක්ක..?"

"ඔව් මං තරහයි.. පුලුවන් නම් යාලුකරගන්න එකයි ඇත්තේ"

මම පපුව හරහා අත් බැදගෙනම එයා දිහා බලලා ලොකුකමෙන් වගේ එහෙම කිව්වම එයා හිනා උනා..

"අනේ මගේ චූටි මැනික තරහද මා එක්ක ම්ම්..?"

ඔන්න ඔන්න ඉතින්.. ඕකනේ බැරි.. මම කිව්වේ මෙයා දහයට ගනින්න බෑ වගේ හිටියට flirting king කෙනෙක් කියලා..
ඒවුනාට එහෙම සටන පාවා දෙන්නත් බෑනේ..

"ඔව් තරහයි"

"ආ.. එහෙමත් එකක්දා.. ඒත් ඉතින් එක අතකට කල්පනා කරලා බැලුවම...."

තෙහස් එහෙම කිව්වම නම් මං රබර් ඇහ දාලා එයා දිහා බැලුවේ.. එයා නිකටට අතක් තියාගෙන කල්පනා කරනවා..

"හිකනලෙක්ට ලව් කරලා මට ලැබෙන දේයක් නෑ.."

"සුදුමහත්තයා!!"

ඒපාරනම් මං ටිකක් හයියෙන් කෑගැහුවා.. පෙනේද මේකගේ තියන වල්කම.. වල් කුමාරයා..

"එහෙනම් මාත් හිකනලෙක්ම වෙනවා.."

නිකටට තියන් හිටිය අත පාතට අරන් මගේ  එහාපැත්තෙන් පැන්ට්‍රියට තියන ගමන් එයා එහෙම කිව්වම නම් ඔන්න මං චුට්ටක් විතර යාලු උනා..

"තාම තරහද..?"

"චුට්ටක් විතර යාලුයි.."

මම උඩ බිම බල බල එහෙම කිව්වම එයා එයාගේ අනික් අත මගේ අනිත් පැත්තෙන් පැන්ට්‍රියට තියලා මට ලන් උනා..

මට මතක් උනේ ඒ දවස.. එදා වොශෲම් එකෙත් මං මේ විදිහටම එයාට මැදිවෙලා හිටිය විදිහ මට මතක් උනා..

"තාමත්..?"

එයා තව ටිකක් මගේ බිමට හරවන් හිටිය මූනට ලන් වෙලා එහෙම ඇහුවා..

"තව චුට්ටක් යාලුයි.."

මම හෙමින් සැරේ එහෙම කිව්වාම එයා මට තවත් ලන් වෙලා මගේ කනට කිට්ටු උනා..

"උබ මොන විදිහේ ස්වරූපෙකින් මගේ ඉස්සරහට ආවත්.. මම උබට ආදරෙයි.. මොකද මං ආදරේ උබේ ඔය දඩබ්බර හිතට මිස උබේ රූපෙට නෙවෙයි.."

මගේ කනට කොදුරපු එයා එහෙමම නැවිලා මගේ කම්මුලකට හාද්දක් දුන්නාම නම් මාව රතුවෙල ගියේ එයාගේන් පිට වුනු ඒ වචනයි, නොහිතපු වෙලාවකට හම්බුනු කිස් එකයි නිසා..

"තාම තරහද...?"

එයා ආපහු ඇහුවම මම නෑ කියන්න ඔලුව දෙපැත්තට කරලා කට පුරවලා හිනාවෙන ගමන් එයා දිහා බැලුවා..

"ඕක ඉතින් කලින්ම කිව්වනම් මම් තරහ වෙන්නෑනේ..."

මන් ආපහු බොරුවටත් එක්ක එයාට රවන ගමන් එහෙම කිව්වා.. ඇත්තනේ ඉතින්.. මට ඕන උනේ ආදරෙයි කියන එක අහගන්නනේ..

"මට ආදරෙයි කියලා කියන්න කිව්වනම් මං කෙලින්ම කියනවා.. ඒක අහගන්නනේ මෙච්චරවෙලා දැගලුවේ.."

තෙහස් ඇගටනොදැනී එහෙම කිව්වත් මගේ නම් මොලේ ඉදන්ම ලැජ්ජාවෙන් රතු වෙලා ගියා.. එයාට මාට්ටු... මම තාමත් හිටියේ පැන්ට්‍රියටයි එයාගේ අත් අතරටයි මැදි වෙලා..

"හරි ඉතින්.."

මම හෙනම අහින්සක බැල්මක් දාලා එයා දිහා බැලුවම එයා හිනාවෙලා මගේ කොන්ඩේ ඇවිස්සුවා..

"උබ නම් පිස්සු කෝලමක් මැනික.."

එහෙම කියපු එයා ඉස්සරහට බරවෙලා මගේ නලල උඩින් එයාගේ තොල් තද කරාම මගේ ඇස් ඉබේම පියවෙලා ගියා..

ටික වෙලාවක් මගේ නලල එයාගේ තොල් වල ආදරනීය ස්පර්ශයෙන් සනසපු එයා පියවුනු මගේ ඇස් පියන් වලට බර උනේ සුපුරුදු වචන පෙල රහසෙන් කියන ගමන්මයි..

"මේ මන්දාකිණි ඇස්.."

එයා මගේ ඇස් දෙකම සිප ගෙන ඊලගට පාත් උනේ මගේ නහයට..

"මේ බොත්තම් නහය..."

මගේ නහය උඩින් හාදුවක් තවරපු එයා ඊලගට තොල් තිබ්බේ මගේ කම්මුලට..

"මේ බෝල කම්මුල්.."

මගේ කම්මුල් දෙකම සිපගත්තු එයා ආපහු එයාගේ ඔලුව උඩට උස්සලා මගේ නලල සිපගත්තේ හැමදාම වගේම එයාගේ මේ හාදු ක්‍රියාවලියේ අවසානෙට ලන් වෙමින්..

මගේ හදවත උඩින් එයාගේ අත තියපු එයා මගේ නලල සිපගත්තා..

"මේ හදවතේ මං වෙනුවෙන් උතුරන ආදරේ.."

මගෙන් නලලෙන් එයා ඈත් වුනාම.. මම පියාගෙන හිටපු ඇස් දෙක ඇරියා..

මේ වෙද්දි මගේ මූනේ හරිම ආදරනීය හිනාවක් ඇදිලා තිබ්බේ එයාගේ කටින් පිටවෙච්ච වචන, එයාගේ තොල් වලින් ලැබුනු ආදරනීය ස්පර්ශ වගේම ඊලගට එයා කියන්නේ මොකක්ද කියලා මම සතියක අත්දැකීමෙන් දැනන් හිටපු නිසා..

"මම උබට ආදරෙයි මගේ රත්තරන්.."

අවසානෙට මගේ ඇස් දෙක දිහාම බලාගෙන කියපු එයාගේ ඇස් වලත් ඒ ආදරේ ඒ විදිහටම ලියවෙලා තිබුණා..

ඒ වචන පෙල එක්ක මගේ ඇස් පිය උනේ සැනසිලිදායක විදිහට.. එහෙමම මම මගේ ඉස්සරහ හිටපු මගේ තෙහස්ගේ පපුවට පැනලා තුරුල් උනේ එයා ආපිට මාව එයාට තුරුල් කරගනිද්දි..

"මමත් ඔයාට ගොඩ ගොඩාරියක් ආදරෙයි මගේ කුමාරයෝ.."

මම එයාගේ කන ගාව ඉදන් රහසෙන් කෙදිරුවා..

සතියක ඉදන් මේ දේවල් වෙන එක මට හුරුපුරුදු එකක් උනා.. තෙහස් අපි දෙන්නා තනිවෙන හැම වෙලාවකම වගේ ඒ විදිහට ඒ වචන මුමුනන ගමන් මගේ මූනට හාදු තිබ්බේ දවසින් දවස එයා ගැන මගේ හදවතේ තියන ආදරේ වැඩිවෙද්දි..

හැබැයි ඒ එකදවසකවත් එයා මගේ තොල් සිපගත්තේ නෑ.. ඔව්.. එයා මට,මම එයාට කොච්චර හාදු දුන්නත් ඒ හාදු කම්මුල්,නලල,නාහේ මුදුනටම විතරක් සීමා උනා..

සමහරවෙලාවට එයාගේ මේ හාදු ක්‍රියාවලියට ලිප්කිස් එකකුත් එකතු කරගන්න මට ඕන උනත් මම ඒ ගැන එයාට නොකිව්වේ එයාම ඒක දෙනකන්..

මං දන්නවා.. තෙහස් ඒ හාදුව හරිම වෙලාවෙදි,හරිම තැනකදි මට දේවි..

මම ඒ මොහොත වෙනුවෙන් බලන් ඉන්නවා.. උබේ ඇස් අස්සේ අතරමං වෙනවා වගේම උබේ තොල් අස්සේ අතරමං වෙන්නත් මං නොඉවසිල්ලෙන් බල්න් ඉන්නවා..

ටික වෙලාවක් එයාට තුරුල් වෙලා හිටපු මං එයාට නොදැනෙන්න එයාගේ ශර්ට් එකට උඩින් එයාගේ පපුවට හාද්දක් දුන්නේ මට ඒක කරන්නම ඕන වෙච්ච නිසා..

ඊටපස්සේ මං හෙමින් සැරේ එයාගෙන් ඈත් වෙල, මගේ කකුලේ ඇගිලි වලින් ඉස්සෙන ගමන් එයාගේ නලලට හාද්දක් දුන්නා..මම දැක්කා ඒ හාදුවත් එක්ක එයාගේ ඇස් පියවිලා ගිය විදිහ..

"ඒවුනාට කුමාරයෝ.. ඔයා හිකනලෙක් උනොත් නම් මං ඔයාට ආදරේ නෑ.."

මං ශේප් එකේ එහෙම කිව්වේ එයා මොනාද කියන්නේ බලන්න..

ඒත් එයා කලේ මගේ ඉන වටේට අත දාලා එයාගේ ලගට ඇදලා ගත්තු එක වෙද්දි මාව ගැස්සිලා ගියා.. මොකද මේ විදිහට එයා මගේ ඉනෙන් අල්ලලා තියෙන්නේ දෙපාරක් විතරයි..

ඒත් වෙනසක් නොපෙන්නපු මම එහෙමම එයාගේ උරහිස් උඩින් අත් යවලා එයාගේ කොන්ඩේ පිරිමදින්න ගත්තා..

"ඒ ඇයි"

එයා ඔලුව ලාවට ඇල කරලා මගේ දිහා බලාගෙන එහෙම ඇහුවම මම ඇස් උඩට කලේ මම කල්පනා කරන බව එයාට අගවන්න..

"එහෙම තමා.. හිකනලා පොඩි වැඩීනේ..."

මං ඇස් නටව නටව එහෙම කිව්වම තෙහස් හිනා උනා..

අපි දෙන්නා ලිප් කිස් එකක් දක්වාවත් දුර නොගිය බව ඇත්ත.. ඒත් අපි දෙන්නගෙම කතා නම් සෑහෙන දුර ගියපුවා උනා..

"ම්ම් එහෙනම් වෘකයෙක්..?"

හිනාවෙන එක නවත්තපු තෙහස් තව ටිකක් මාව එයා ගාවට ඇදලා ගන්න ගමන් එහෙම ඇහුවා..

"වෘකයෙක්..?"

"ඔව්.. මම වෘකයෙක් උනොත් ඔයා මට ආදරෙයිද..?"

"අහ් ඒකනම් ටිකක් හිතන්න ඕන.."

මම ආපහු කල්පනා කරන බව අගවන්න ඇස් උඩට කලා..

"එහෙනම් මාත් වෘකයෙක් වෙනවා.."

මම එයා දිහා බලන් කිව්වම ඒ ඇස් එකපාර ගැස්සුනත් ඒ ඇස් මොහොතකට දිලිසෙන්න ගත්තා..

"එහෙනම් ඒක ඔයාට ප්‍රශ්ණයක් නෙවෙයි..?"

"නෑ නෑ.. ඔයා වෘකයෙක් උනොත් මාත් වෘකයෙක් වෙලා ඔයාට ආදරේ කරනවා.."

මම එහෙම කිව්වහම තෙහස් ආපහු මගේ නලලට හාද්දක් දුන්නා..

"වෘකයෙක් වෙන්න ආසද..?"

"ඇයි එහෙම අහන්නේ"

"හිකනලෙක් වෙලා මට ආදරේ කරන්න බෑ කිව්ව ඔයා වෘකයෙක් වෙලා මට ආදරේ කරන්නම් කිව්වේ..?"

තෙහස් ප්‍රශ්නාර්ත බැල්මකින් මං දිහා බලන් එහෙම ඇහුවා..

ඇත්තටම ඇයි මං ඒකට කැමති උනේ..

"අනේ මන්දා.. ඒක ශෝක් කියලා හිතුනා.."

මම ඇගට නොදැනි ඔහේ ඒක කියලා දැම්මත් මගේ හිතේ මොකක්දෝ ප්‍රශ්නයක් ඇතිවෙලා තිබ්බේ..

"එහෙනම් එහෙම වෙමු"

"කොහොමද"

"වෘකයෙක් වෙමු"

තෙහස් මගේ ඇස් දිහාම බලන් එහෙම කිව්වේ.. ඒ ඇස්.. අමුතුයි..

ඒත් මං ඒ අමුත්ත ගැන වැඩිය නොහිතා හයියෙන් හිනා වෙලා හා කියන්න ඔලුව වැනුවා..

"ඇයි දැන් හිනාවෙන්නේ ආ..?"

"ඔයාට පිස්සුනේ අනේ.. ඔයා කොහොමද මාව වෘකයෙක් කරන්නේ.."

"බෑ කියලද කියන්නේ..?"

තෙහස් කටකොනෙන් හිනාවේගන එහෙම ඇහුවම නම් මගේ හිනාව කොයින් ගියාද නෑ..
එයා කට කොනෙන් හිනාවෙද්දි හරි අමුතුයි.. ඒක අමුතු රෞද්‍ර බවක් එක්ක එලි පනින රාගික හිනාවක් වගේ..

"පුලුවන් ඔයා werewolf කෙනෙක් නම්"

මම එහෙම කිව්ව්හම එයාගේ ඇස් ආපහු ගැස්සුනා..

"ඒ කොහොමද"

"ඔයා මාව මාක් කලාට පස්සේ මමත් කොජ්ජම් කොජ්ජම් වෘකයෙක් වෙනවා.."

"අහ්..කොහොමද ඒ දේවල් දන්නේ ඔයා.."

"මං කතාපොත් කියවලා තියෙනවා.. werewolf ඒවා.. ඒකාලේ මං හිතන් හිටියේ werewolf කෙනෙක් එක්ක සෙට් වෙන්න"

මම ඇසුත් කරක කරක එහෙම කිව්වහම නම් එයා ලාවට හිනාවෙලා බිම බලලා, ආපහු ම්ගේ දිහා බැලුවා..

"Werewolf කෙනෙක් එක්ක සෙට් වෙන්න මහත්තයා ආසාවෙන් ඉදලා තියෙන්නේ එහෙනම්.."

"ඔව් අනේ.. එයාලා පට්ට strong magical creatures ලා.. සමහරුන්ට එක එක විදිහේ powers පවා තියෙනවලු.. හිත් කියවන්න එහෙම පුලුවන්ලු සමහරුන්ට.. තව එයලට හද දකිද්දි අමාරුයිලු.."

මම කටත් හද හද එයාට werewolf ගැන ෆුල් ලෙක්චර් එකක් දුන්නේ එයා ඒ හැමදේම හිනාවෙවී අහන් ඉද්දි..

එයා ඒවා දන්නැද්ද කොහෙද..හහ් දැන් ඉතින් මට පින් සිද්ධ වෙන්න මගේ කුමාරයා werewolf ගැනත් දන්නවා.. කෝමතේ මගේ ගැම්ම.. පට්ටනේ...

(Werewolf prince ට එයාගේ ජාතිය ගැන කියලා දෙන නෙතුන්ට අනාගතේදි වැලලෙන්න හිතුනම එයාට ලේසි වෙන්න දැම්මම කවුරුහරි වලක් කපන්න පීස් 🔪 )

"ඇත්තද.."

මං කියපු ඔක්කොම අහන් ඉදපු එයා ඔලුව උඩ පහල කරන ගමන් ඇත්තද කියලා ඇහුවම මං ආඩම්බරෙන් ඔලුව හෙලෙව්වේ ඔව් කියන්න..

"පන්ඩිත සීයා.. මෙන්න මෙහෙ එනවා මේටික අරන් යන්න"

මාව තව ටිකක් එයාගේ ඇගට ගත්තු එයා මගේ කම්මුලට තට්ටුවක් දාන ගමන් මගේ නහයට හාද්දක් තියලා අයින් උනාමයි මටත් බීම ටික මීටර් උනේ..

මම ඔලුවත් කස කසම බීම ටික වීදුරු වලට දාලා ඒක ට්‍රේ එකක් උඩින් තියලා තෙහස්ගේ අතට දුන්නේ ඔය ට්‍රේ අරන් යන වැඩේට මං එදා ඉදන්ම බය හින්දා..

මම එයාට ට්‍රේ එක දීලා ආපහු යන්න හැරුනත් ක්ශනිකව ආපු සිතුවිල්ලකට මම ආපහු හැරිලා එයාගේ නිකටට කිස් එකක් දීලා කුස්සියෙන් එලියට දිව්වා..

"ඒයි.. ඔහොම ඉන්නවා.. ආහ් තව ටිකෙන් ඔක්කොම බිම"

හීහී. එයා ශොක් උනා මම එයාගේ නිකටට කිස් එකක් දුන්නම.. ඒ මං එහෙම කරපු පලවෙනි වතාවනේ..

එයා මටත් කෑ ගගහ මගේ පස්සෙන් ට්‍රේ එක අරන් ආවා..

මම සාලෙට ඇවිත් එයාට දත් දෙක පෙන්නලා විරිත්තලා කාමරේට යන්න හැදුවත් මම දොර රෙද්දෙන් ඔලුව විතරක් ඇතුලට දැම්මා..

අම්බේ ඉතිම්.. ශෙවෝන් හිමාශගේ ඇද උඩ ඉදගෙන උගේ ඔලුව අතගානවා.. අරූ හොදට සනීපෙට නිදි.. ඒකත් එහෙනම් ලගදිම මන මස්ත මගන් වෙයි වගේ..

මම උන් දිහා බලාගෙන පැනි පෙර පෙර ඉද්දි මගේ ඔලුව්වට උඩින් ඔලුව දාපු තෙහස් උන් දෙන්නා දිහා බලලා හිනාවෙලා මගේ අතෙන් ඇද්දා..

"දෙන්නට ටිකක් තනියෙන් ඉන්න දෙන්න.. පස්සේ බීම බොන්න කතා කරමු.."

එයා ට්‍රේ එක සෝෆා එක ඉස්සරහ තිබ්බ table එක උඩින් තියලා සෝෆා එකෙන් වාඩි උනාම මාත් ඒ අදහසට එකග වෙලා එයාගේ එහාපැත්තෙන් වාඩි උනා..

මම වාඩිවෙලා ටික වෙලාවක් යනකන්ම එයාකලේ මගේ දිහා බලන් හිටිය එක..

"මොකෝ"

මං එහෙම ඇහුවම එයා මුකුත් නෑ කියලා ඔලුව දෙපැත්තට වනලා හිනා වෙලා එකපාරම සෝෆා එකේ ඇලවෙලා මගේ ඔඩොක්කේ උඩින් එයාගේ ඔලුව තියාගෙන උඩුබැලි අතට හැරිලා එක කකුලක් උස්සලා දනිස්ස ගාවින් නවලා සෝෆා එක උඩට ගත්තා..

උන දේත් එක්ක මම එකපාර ශොක් වෙච්ච නිසා ඔඩොක්කේ උඩ තිබ්බ මගේ අත් මම එකපාර ඉස්සුවා..

තප්පරයක් දෙකක් මං දිහා බලන් හිටපු එයා ඉස්සුනු මගේ අත් අරගෙන එයාගේ කෙස් අතරින් තියලා ඇස් පියාගත්තේ සැනසිලිදායක විදිහට..

එයා මේ කියන්න හදන්නේ මොකක්ද කියලා තෙරුනු මමත් හිනාවෙලාම සිනිදුවට ඒ හිසකෙස් අතරින් මගේ අතැගිලි යැව්වේ හිත පුරා නලියන ආදරෙත් එක්ක..

ටික වෙලාවකට පස්සේ එයා ඇස් ඇරලා මගේ ඇස් දිහාම බලන් හිටියා.. ඒ එක්කම වගේ මම පාතට නැවිලා එයාගේ නලල සිපගත්තම එයා හිනා උනේ පොඩි එකෙක් වගේ..

ඒහිනාවට ආස හිතුනු නිසාම මම එයාගේ මුලු මූනම හාදු වලින් නෑව්වා.. තොල් ඇරෙන්න..

එයා ඒ හැම හාදුවක්ම පුදුම ආසාවෙන්, ආදරෙන් විදිද්දි මම හිනාවෙවීම ආපහු එයාගේ නලල සිපගත්තා..

"මැනික.."

"ඕ"

"කොහොමද උබ ඔය තරම් ලස්සන උනේ.."

එයා මගේ මූන සිනිදුවට අතගාන ගමන් මගේ ඇස් දිහාම බලන් එහෙම ඇහුවා..

"කොහොමද මේ ඇස් අස්සේ මන්දාකිණියක් හන්ගන් ඉන්නේ.."

එයා මගේ ඇහි පිහාටු අත ගාන්න ගත්තා..

"අනේ.. මං එහෙම ලස්සන නෑ අනේ.."

"නැත්තේ නෑ.. කොහොමද ඔය තරම් ලස්සන උනේ..? මගේ හිත හොල්ලන්න තරම්ම්.?"

එයා එහෙම කිව්වමනම් මට ලැජ්ජාත් හිතුනා..

එකපාර හිතුනු අයිඩියා එකක් නිසා මම එයාගේ කනගාවට පාත් උනා..

"අහ් ඒක රහසක්.."

"කියන්න බලන්න"

"මම.."

"ම්ම්ම්..?"

"හැමදාම රෑට තනකොල කනව"

"ආ මොකක්..?"

මම හෙනම රහසක් වගේ එයාගේ කනට කරලා රහසින් එහෙම කිව්වම එයා අත්පුඩියක් ගහලා හිනාවෙන ගමන් මගේ ඔඩොක්කෙන් නැගිටලා මගේ ගාවින්ම වාඩි උනා..

"මොකද හිනාවෙන්නේ"

මං බොරුවට රවලා එහෙම ඇහුවා..

"අහ්.. ඒක තමා එහෙනම්.. උබ රවද්දිත් ලස්සන.."

"ගැම්මක් නේද"

"මේ.. ඒකියන්නේ මං ඩේට් කරන්නේ වහු පැටියෙක් එක්කද.."

තෙහස් එකපාර දෙයක් මතක් වෙලා වගේ ඇස් ලොකු කරන් එහෙම කියලා මගේ දිහා බැලුවා..

"මං කියලත් වෙනසක් නෑ.."

"ආ.. එතකොට දැන් මාත් වහුපැටියෙක් කියලද කියන්නේ...?"

"ඔව්නේ..."

මම දිගට ඇදලා එහෙම කියන ගමන් ලාවට එයාගේ උරහිසක් හැපුවා..

"කෝ කියන්නකො.. කොහොමද ඔය තරම් ලස්සන උනේ කියලා.."

එයාගේ උරහිස හපලා මම එහෙමම එයාගේ උරහිසෙන් ඔලුව තියාගත්තම එයා මගේ ඔලුව එයාගේ දිහාවට හරවගන්න ගමන් එහෙම ඇහුවා..

"මම ලස්සනයි නම් තමා.. ඒත් එහෙම ලොකූ ලස්සනක් නෑ අනේ.."

"නැත්තේ නෑ.. උබ තමයි මම දැක්ක ලස්සනම රූපේ.."

"එහෙනම් ඒ මට හොදටම ඇති මගේ කුමාරයෝ.. ඔයාගේ ඇස් වලට විතරක් මම ලස්සනම උනහම මට හොදටම ඇති..."

මම එයා දිහාම බලන් එහෙම කියලා එයාගේ උරහිස උඩින් හාද්දක් තිබ්බම එයා මගේ හිස් මුදුනෙන් හාදුවක් තිබ්බා..

"බීම ටික බොමුනේ.. නැත්තන් කූල් ගතිය නැතිවෙයි.."

එයා එහෙම කියලා මගේ කරවටෙන් අත යවලා මාව පැත්තෙන් තුරුල් කරගත්තා..

"හා.."

ඊටපස්සේ එයා මගේ කොන්ඩේ අවුස්සලා සෝෆා එකෙන් නැගිටලා කාමරේට ගිහින් ශෙවෝන්වයි හිමාශවයි එක්කන් ඇවිත් ආපහු මගේ එහාපැත්තෙන් ඉදගෙන මාව එයාට තුරුල් කරගත්තා..

අපි හැමෝම බීම බොනගමන් කතා උනේ ඉස්කෝලේ අවුරුදු උත්සවේ ගැන.. තාම ඒ ගැන යන්නේ රාවයක් විතරක් උනත් හෙට අනිද්දම අපිට ඒගැන දැනුම් දේවි...

------------------------------------

Me is back 😎

4700+ 😌

කොහොමද චැපපිය්?

තෙහස් ගැන මොකද හිතෙන්නේ ඔයාලට.මට පොඩ්ඩක් ඒක කියන්න.. මම උත්සාහ කරම විදිහට ඔයාලගේ හිත් වල තෙහස් කියන චරිතේ මැවිලද කියලා මට දැන ගන්න ඕනේ..

ආදරවන්තයෙක් හැටියට තෙහස්ගේ හැසිරීම් ගැන ඔයාආ තෘප්තිමත්ද 🥹

එතකොට නෙතුන් කොහොම රිඇක්ට් කරයිද ඇත්ත දැනගත්තම..?

කපල් එක ගැන මොකද හිතන්නේ..

මට රොමෑන්ටික් සීම් ලියන්න තේරෙම්නෑනේ.. ඔලුවෙ ලස්සන අයිඩියා තියෙනවා ඒත් ලියන්න තේරෙන්නෑ.. අද සීන්ස් කොහොමද හොදද.. ෆීල් උනාද...?

කතාව ගැන අදහසක් කියන්න ළමයි..

ආ මේ.. තව දෙයක්.. ඔයාලට මේ කතාවේ ඉන්න චරිත වලින් ප්‍රශ්නයක් අහන්න පුලුවන් උනොත්.. ඔයාලා කාගෙන් මොකක්ද අහන්නේ🙄 නිකන් ඇහුවේ මට අහන්න ආස හිතුනා 😑😌


නෙතුන් ❤️

තෙහස් ❤️

එඒටික පට්ටනේ 🌝❤️  ishuBear මෙයා තමා එව්වේ මට 😌💜️

Happy Taekook Day Everyone!!💜️💚

My comfortable zone 🥺❤️

Continue Reading

You'll Also Like

43.5K 588 20
Amber Ashturn is a normal teenage girl living a dream life in the Bahamas. Everything from her amazing, cozy beach-home to her friends she's had sinc...
2.2K 286 20
E book covers for any platform Youtube thumbnails for YT fanfictions Anything!
3.7K 250 21
1889 In Net's past life, he was a vampire who fell in love with a human, which was forbidden in his world. Unfortunately, his lover and Tutor's lover...
71.7K 14.6K 119
'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල...