සංසාර සිහින | TK | Nonfiction...

By Sukii_7_

12.9K 1.5K 2K

| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි ද... More

පිවිසුම 💭
පළමුවන සිහිනය 💭
දෙවන සිහිනය 💭
තෙවන සිහිනය 💭
හතරවන සිහිනය 💭
පස්වන සිහිනය 💭
හයවන සිහිනය 💭
සත්වන සිහිනය 💭
අටවන සිහිනය 💭
නවවන සිහිනය 💭
දහවන සිහිනය 💭
එකොළොස්වන සිහිනය 💭
දොළොස්වන සිහිනය 💭
දහතුන්වන සිහිනය 💭
දාහතරවන සිහිනය 💭
පහළොස්වන සිහිනය 💭 bonus
දහසයවන සිහිනය 💭
දාහත්වන සිහිනය 💭
දහඅට වන සිහිනය 💭
දහනව වන සිහිනය 💭
විසි වෙනි සිහිනය 💭
විසි එක් වන සිහිනය 💭
විසි දෙවන සිහිනය 💭
විසි තුන්වන සිහිනය 💭
විසි හතරවන සිහිනය 💭
විසි පස්වන සිහිනය 💭
විසි හය වන සිහිනය 💭
විසි හත්වන සිහිනය 💭
විසි අට වන සිහිනය 💭
විසි නව වන සිහිනය 💭
තිස්වෙනි සිහිනය 💭
තිස් එක්වෙනි සිහිනය 💭
තිස් දෙවෙනි සිහිනය 💭
තිස් තුන්වෙනි සිහිනය 💭
තිස් හතරවැනි සිහිනය 💭
තිස් පස්වැනි සිහිනය 💭
තිස් හත් වන සිහිනය 💭
තිස් අටවන සිහිනය 💭
තිස් නව වන සිහිනය 💭

තිස් හයවැනි සිහිනය 💭

340 30 70
By Sukii_7_

"ලොකු හාමු...ලොකු හාමු....අපේ පොඩි බේබි එනවා හාමු..."

වලව් වත්තට වෙලා වත්ත සුද්ද කරමින් හිටපු බණ්ඩා මාමා මැටි පාර දිගේ පැමිණි කාරය වලව්වේ ගේට්ටුවෙන් ඇතුළට දානවත් එක්කම කෑ ගහගෙන ඉස්තෝප්පුව දිහාට දුවගෙන එද්දි ඉස්තෝප්පුවේ වාඩි වෙලා පත්තරයක් කියවමින් හිටපු කුමාරිහාමි වගේම ලොකු හාමුත් ඉදගෙන හිටපු තැනින් නැගිටලා ඉදිරියට ආවේ අවුරුදු ගාණකට පස්සෙ දකින තම පුතණ්ඩියව තවත් කල් නොයවා දැකගන්න තිබුණ නොඉවසිල්ලත් එක්ක.......

වලව්වේ කාරය වලව් දොරකඩ ඉස්සරහම නතර උනා...වලව්වේ කෝසල ලොකු හාමුත් සකුන්තලා මැණිකෙත් ඇතුළුව වලව්වේ සේවකයො පවා දෑස් දල්වාගෙන බලන් ඉද්දි කාරයේ දොර විවෘත කරගෙන වලව්වේ අනාගත මහ මුදියන්සේ කාරයෙන් බැස්සා....

"දෙවියනේ...මගෙ දරුවා!!"

ආක්ෂ කාරයෙන් බහිනකන් ඉදලා කාරයේ දොර වහපු පියතිලක දුවගොස් කාරයේ ඩිකියට පටවපු බඩු ටික එළියට අදිද්දි අතේ තිබුණ ලේන්සුව උරහිස උඩින් දා ගත්ත බණ්ඩා පියතිලකට සහය වෙමින් වාහනේ තිබුණ බඩු බාහිරාදිය ඇතුළට ගෙනියන අතරෙ ආක්ෂව දුටු කුමාරිහාමි කදුලු පිරුණ දෙනෙතින් ආක්ෂ වෙත ආවේ තම දෝතින්ම ඒ මුව වසාගෙන වෙද්දි කුඩා කල දැක්කට පසු තම පුතණ්ඩියා යස ඉලන්දාරියෙක් වෙලා තියෙන අපූරුව ගැන හිතමින්ම සකුන්තලා මැණිකෙ ආක්ෂව සිප වැළදගත්තා...

ඇය හැඩුවා...ආක්ෂව දැකගත් සතුටට වගේම මෙතරම් ලොකු ඉලන්දාරියෙක් වෙනකන් ආක්ෂ වැඩෙන හැටි දැකගන්න බැරි උන දුකට ඇගේ ඇස් වලින් කදුලු ගැලුවා....අකැමැත්තකින් උනත් තමන්ගෙන් ඈත් කරලා කොළඹ යවද්දි ආක්ෂව අවසන් වරට වැළදගත් ඇය වසර හතකට පසු ආයෙම තම දරුවව හිතේ හැටියට ආදරයෙන් වැළදගත්තා... වෙනසකට තිබුණෙ ඔවුන් වයසට ගිහින් වීම පමණයි....

"මගෙ අභිමානය!!!"

ආක්ෂ ලගට පැමිණි ලොකු හාමු ආක්ෂගෙ හිස පැත්තකින් අත තියලා ආඩම්බරය පිරුණ ඇස් වලින් ආක්ෂ දිහා බලාගෙනම එහෙම කියද්දි තම මෑණියන් දිහා මෙතෙක් වෙලා නැගුණු සිනාවකින් බලන් හිටපු ආක්ෂගෙ බැල්ම ‍යන්තම් මලානික උනා...

ආක්ෂගෙ මුවේ නැගුණෙ මලානික වූත් ව්‍යාජ හිනාවක් උවත් කිසිවෙකුටත් නොතේරුණ ඒ සිනහවෙ හැංගුණ රහස මැකීගිය හිනාවත් එක්කම යට ගියා....

"එතකොට, මේ දරුවා??"

මෙතෙක් වෙලා සිදුවන දේ සිනාමුසු මුහුණින් කාරය අසලට වෙලා බලාගෙන හිටපු විශාක දිහා බලලා සකුන්තලා මැණිකෙ එහෙම අහද්දි ආක්ෂ පිටුපස හැරුණෙ තම මිතුරාව තම නිවැසියන්ට හදුන්වා දෙන්න හිතාගෙන...

"මේ ඉන්නෙ සදෙව් වගේම මගෙ හොදම යාලුවා...විශාක දිලුම් බණ්ඩාර"

"කොහොමද දරුවෝ...ඉතින් යමු දෙන්නම ඇතුළට...කතා කරන්න නම් කොච්චර දේවල් තියෙද?? තේකක් බීලම කතා කරමු"

විශාක තම මව සහ අප්පච්චි සමග ඇතුළට යන්න යද්දි ආක්ෂ වලව්ව පුරාම ඇස් යවන ගමන් වලව් මිදුලට ගොඩ උනා... නුවර සීතල සුළං එක්ක තම උපන් පරිසරයේ සිසිල විඳින ගමන් දෑස් අඩවන් කරගත්ත ආක්ෂ දිගු සැනසුම් හුස්මක් ඉහළට ඇද්දා....

තමන් වලව්වෙන් යද්දි තිබුණට වඩා වලව්ව තරමක් නවීකරණය වෙලා තිබුණා...වලව් වත්ත පුරා පෙරටත් වඩා නෙක විසිතුරු මල් ජාති වවා තිබුණා...මේ හැම වෙනසක්ම නිරීක්ෂණය කරමින් ආව ආක්ෂගෙ ඇස් වඩාත් හුරුපුරුදු එක තැනක නතර උනා...

ජනෙල් පියන් පත සුළං පහරට යන්තම් සෙලවෙද්දි ආක්ෂගෙ ගත දවටගෙන ගිය සුළං රැල්ල ජනෙල් කවුළුවෙන් කාමරයට ගොඩ උනේ ආක්ෂගෙ හිතත් අරගෙන....

අවුරුදු හතක් තිස්සෙ වැහිලා තිබුණ තමන්ගෙ නිදන කාමරේ ජනෙල් කවුළුවෙන් පෙනුන ඇතුළත බලාගෙන හිටපු ආක්ෂට කාමරේ ජනෙල් කූරු වල එල්ලිලා සිහින එනතෙක් මග බලාගෙන උන්න පුංචි ආක්ෂව මැවිලා පෙනුනා...සැනෙකින් අතීතය සිහියට එද්දි පපුව යන්තම් හිරිවැටුණත් ඒ මතකය ආක්ෂගෙ මුවගෙ කලාතුරකින් දැකගන්න ලැබෙන සුන්දර සිනා රැල්ලක් ඇති කරන්න සමත් උනා...ආක්ෂගෙ මුවේ ඇතිවුණ ඒ අව්‍යාජ සිනහව ඒ මතකයන්ගෙ සුන්දර බව පසක් කලා...

"පුතා මොකද කරන්නෙ, එන්නෙ නැද්ද....??"

නිසොල්මනේ මතක අස්සෙ අතරමං වෙලා උන්න ආක්ෂගෙ දැහැන බිදී ගියේ ඇතුළට යන්න ගිය තම මෑණියන් ආපසු හැරී ඔහු අමතපු හින්දා වෙද්දි, නිදහසේ ගැමි පරිසරයේ ඇවිදින්න මිසක වලව්වේ පුටු රත් කරමින් සතුටු සාමිචියේ යෙදෙන්න තරම් කැමැත්තක් ඔහුට නැති උනා...

"මන් ටිකක් ඇවිදලා එන්නම් අම්මා..!!"

"ආපු හැටියෙ රස්තියාදුවේ යන්නද හදන්නෙ...මොනවහරි කාලා බීලා ඇවිදින්න බැරිය...!!"

"ඉක්මනින් එන්නම්!!"

බැරෑරුම් පෙනුමෙන් උනත් සන්සුන්ව එහෙම කියලා සාක්කුවේ අත් දෙක ඔබාගත්ත ආක්ෂ නිහඩවම වලව් වත්ත දිගේ පහළට ඇදෙන හැටි මොහොතක් බලන් උන්න කුමාරිහාමි ආපහු ගෙට ගොඩ උනේ ආක්ෂ සමග ආ අලුත් මිතුරා සමග කතා බස් කරන්න හිතාගෙන....

"කෝ නැන්දෙ ආක්ෂ???"

ගෙට ගොඩ වෙලා විශාකට වාඩි වෙන්න කියපු කෝසල ලොකු හාමුත් ලී කවිච්චියේ වාඩි වෙද්දි සකුන්තලා මැණිකෙත් ඔවුන්ට එකතු උනා....

"ආන්..ටිකක් හුළං වදින්න කියලා වත්තට ගියා..."

කුමාරිහාමි ගෙට ගොඩ උනේ තනිවම වෙද්දි තමන්ගේ අතිජාත මිතුරා තමන්ව තනිවම නුහුරු නුපුරුදු තැනක තනි කරලා යන්න ගිය එකට නම් විශාක හිත යටින් බනින්න ගත්තා...

"ඉන්න මන් බලලා එන්නම්...?"

විශාක පුටුවෙන් නැගිටින්න ගියේ ගෙට ගොඩ නොවීම ඇවිදින්න ගිය බව කියපු තමන්ගේ මුරණ්ඩු යහළුවා උන ආක්ෂ එක්කගෙන එන්න හිතලා...

"විශාක පුතා ඉන්න. ආක්ෂ ඔය ටිකක් ඇවිදලා කරලා ඒවිනෙ. එතකන් අපි මොනාහරි කාලා ඉමු.."

විශාක පුටුවෙන් නැගිට්ටත් මොකද සකුන්තලා කුමාරිහාමිගෙ වචන වලට ඔහුත් මේ මොහොතෙ පිටවෙලා යන එක එතරම් හොද නැති හින්දම විශාක යන්න ගිය ගමන අතෑරලා දැම්මා...

"කමලා...කෑම මේසෙ ලෑස්තිද...?"

"එහෙමයි මැණිකේ..."

"එන්න පුතා!!"

විශාක එක්ක කෑම කාමරේට පැමිණි දෙමහල්ලො විශාක සමගම කෑම මේසෙට වාඩි වෙලා තේ බොන ගමන්ම ආ ගිය තොරතුරු කතාබස් කලා...

.

හෙමි හෙමින් අඩි තිය තියා දෑත් පපුපසට කර බැදගෙන පොල් වත්ත මැදින් ඇවිද ආව ආක්ෂ බෑවුම පහු කරගෙන විත් පොල් වත්ත කෙළවරේ තිබුණ තැනිතලා බිම් කොටසෙ නතර වෙලා ඊට එහායින් යායට විහිදිලා තිබුණ කුඹුරු යාය දිහා බලාගෙන උන්නා....

වසර හතක් පුරාවට කොළඹ අහස යට සොයාගත නොහැකි වූ ඒ නිදහස විඳගනිමින් ආක්ෂ නිල් අහසත් කොළ පැහැ වෙල් යායත් එකට මුසු උන පරිසරය දිහා බලාගෙන හිටියා...

වතුර රැදුණ කොළ පාට වෙල් යායේ මාළු පැටව් අල්ලන්න ඇවිත් උන් සුදු කොක්කු රෑනත් හඬ නගමින් ඈතට ඉගිල්ලිලා ගියා...උදේ තිබුණ අදුරු අහසට හිරු පායලා දීප්තියෙන් බැබළෙමින් තිබුණා...

"පොඩි බේබි.."

කෝසල ලොකු හාමු ගෙ අක්කර ගණනක පොල් වත්ත මැදට වෙලා ලොකු කල්පනාවක හිටපු ආක්ෂට ඇහුණෙ හුගක් හුරුපුරුදු දයාබර කටහඬක්.

"ඔහ්. බණ්ඩා මාමා.."

දිග කලිසමේ සාක්කු දෙකට අත් දෙකත් ඔබාගෙන තමන් දිහා හරිම ලෙංගතු හිනාවකින් බලන් හිටපු බණ්ඩා මාමා ආක්ෂ දිහාවට ඇවිදගෙන ආවා.

"පොඩි බේබි මොකද මූණ නරක් කරගෙන.?"

ආක්ෂ දිහාම මොහොතක් කිසි කතාවක් නැතුව බලාගෙන හිටපු බණ්ඩා මාමා ආක්ෂ මොනාහරි කියන්න යද්දිම ඒ අදුරු වෙලා තිබුණ පෙනුමට හේතු අහලා ආක්ෂගෙ මූණ පුරාම ඇස් යැව්වා...

"එහෙම දෙයක් නෑ මාමේ. මම හොදින්."

තවමත් තමන්ගෙ ඉස්සරහට වෙලා යටහත් පහත් විදියට බලාගෙන ඉන්න බණ්ඩාට එහෙම කියලා ආක්ෂ ආයෙත් ඈත පේන වෙල් යාය දෙසට හැරුණා. එතැන් පටන් තිබුණෙ කෙටි නිහඬතාවයක්. දෙන්නම ඈත පේන පරිසරයෙන් ඇස් ගලවාගන්න බැරිවාක් මෙන් නිසොල්මනේ බලාගෙන හිටියා.

"පොඩි බේබි මොකක්දෝ ලොකු ප්‍රශ්නෙක කියලා මගෙ හිත කියනවා දරුවෝ. පුංචි කාලේ හාමුලා එක්කවත් නොකිව්ව, හැමදේම මන් එක්කම දොඩවාපු පොඩි බේබි අද වෙනස් වෙලා තියෙන තරමක්."

මොහොතක් ගිය තැන ආක්ෂ දිහා හැරිලා නොබලාම ඈත අහසේ පාවෙලා යන වලාකුළක් දිහා බලාගෙන බණ්ඩා එහෙම කිව්වා.

"කිසිම දෙයක් හැමදාම එකම විදියට තියෙන්නෙ නෑ බණ්ඩා මාමේ.."

ලොකු කලකිරීමක් හිත ඇතුළෙ පොදි ගහගෙන පිටට නොපෙන්වන්න වෙරදරමින් එහෙම කියපු ආක්ෂ දිගු සුසුමක් පහළට දැම්මේ ඈතට ඇස් අයාගෙන ඉන්න ඒ හරි අඩක් පේන මූණ දිහාම බණ්ඩා තවමත් බලාගෙන ඉන්නකොට...

"පේනවද....මාමායි මමයි ම කොච්චර නම් වෙනස් වෙලාද?"

ඒ මූණෙ හැමවෙලේම තිබුණෙ බැරෑරුම් පෙනුමක් වෙද්දි ඉස්සර හිටපු මුරණ්ඩු කොලු ගැටයා ආක්ෂ තුළ තවදුරටත් නොපෙනුනා...ඒ වගේම පෙරට වඩා පරිණත මිනිසෙක් ආක්ෂ තුළ මේ අවුරුදු ගණන ඇතුළත ගොඩනැගිලා තිබුණා..ඉතින් තවදුරටත් බණ්ඩා ඉදිරියේ හිටගෙන ඉන්නෙ අවුරුදු එකොළහක පුංචි කොලු ගැටයා නොවෙද්දි ඒ වෙනස ඒ මහළු හිතට වඩාත් තදින් දැනුනේ කුඩා කාලෙ ඉදලම ආක්ෂ ගැන ඔහුට හොඳ දැනීමක් තිබුණ නිසා...

"කොළඹ ජීවිතේ කොහොමද දරුවෝ?"

ආක්ෂ ලොකු සුසුමක් පිට කරා...ඒ සුසුම ඇතුළෙ තිබ්බෙම නොකියනා වේදනාවක් වෙනකොට ඒ සියල්ල සිනහවකින් සගවගත්ත ඔහු වසර හතක ජීවිත කතාව එක හැගීමකින් එළියට දැම්මා.....

"සිහින හොදින්ද??....සිහින...දන්නවද මන් ආවා කියලා?"

"තවම දන්නෙ නැතුවැති පොඩි බේබි.!!

"ම්ම්ම්..ඒක හොඳයි. මන්ම එයාව බලන්න යන්නම්. මන් ආව වග අගවන්නෙපා....තව දෙයක්, මන් වෙනුවෙන් සිහිනව බලාගත්තට ස්තූතියි!"

"පොඩි බේබි වෙනුවෙන් ඕනෑ දෙයක් දරුවෝ!!"

ආක්ෂ සිනාසුනා...මෙච්චර වෙලා සගවගෙන හිටිය ලස්සන හිනාවකින් යන්තම් සිනාසුන ආක්ෂ තවත් මොනවහරි කියන්න ගියත් ඈතින් ඇහුණ කටහඬට කියන්න කටට ගත් වචන අතරමග නැවතුනා...

"බණ්ඩා!!!....කඩපිළට ගිහින් වරෙන්!"

දෙන්නගෙම ඇස් යොමු උනේ ඈතින් පේන රුව දිහාවට....ඈත සිට කෑ ගහපු සිරිදාස පණිවිඩේ දුන් විගස ආයෙම හැරිලා යන්න යද්දි ආක්ෂගෙන් අවසරගත් බණ්ඩා මාමා ආපසු වලව්ව දිහාට ගාටන හැටි බලන් හිටපු ආක්ෂ ආයෙම සිතුවිලි අස්සෙ අතරමං වෙන්න හිත හදාගෙන ඈත අහසට ඇස් යොමා ගත්තා....

.

.

මුළු පරිසරයම නිහඬතාවයේ ගිලී යද්දි කාලයත් නොදැනිම ටිකෙන් ටික ගෙවී ගොස් තිබුණෙ, මොහොතකට ආක්ෂගෙ හදවත සන්සුන් කරගෙන උනත්...ඒ හදවතේ සන්සුන් බව වැඩි වෙලා නොතිබුණා...

දෙඅත් පිටුපසට කර බැදගෙන දෑස් පියාගෙන හිටපු ආක්ෂ බලාපොරොත්තු නොවුණ විදියට එක්වරම ගැස්සිලා ගියා...

පිටුපසට කර බැද සිටි ආක්ෂගෙ දෙඅත් වෙන් වෙනවත් සමගම තම බඳ වටා සිහින් දෑතක් පැටලෙනවා දැනෙද්දි තමන්ව තද කරලා බදාගත් ඒ දෑත් දිහාවට ආක්ෂගෙ ඇස් යොමු උනා....

"සුදු බෝලේ....."

ඒ උණුහුම අදුන ගන්න ආක්ෂට ගත උනේ තප්පරයකටත් අඩු කාලයක්....ආක්ෂට දැනුනා....ඔහුගෙ හදවත ඒ සිහින බැව් යළි යළිත් කි‍යද්දි පුදුමෙන් ඇස් විසල් කරගත් ආක්ෂගෙ තොල් අග කිසිවෙකුගෙත් ඇස් නොරැදුණු හුදකලා පරිසරයේ ගහ කොළට...කුරා කූඹියාට පවා නෑසෙන හඩින් ඒ වචන මිමිණුනා...

තප්පරයක් යන්නට මත්තෙන් ආක්ෂට ඇහුණෙ හීන් ඉකියක්.....

ආක්ෂගෙ පිරිමි පපුව වේගෙන් ගැහෙන්න ගත්තා... කවදාවත් වෙන කිසිවෙකුත් වෙනුවෙන් නොගැහුණ ඒ හදවත තප්පරේකට සිය දහස් වර වේගයෙන් ගැහෙන්න ගන්නකොට ආක්ෂ කිසිවක් හිතාගත නොහැකිව බලන් හිටියා....

"ම්...මගෙ අ..අභී අයියේ......"

හීන් ඉකිය අතරින්ම සිහින් හඩින් කැඩි කැඩී පිට උන ඒ වචන ආක්ෂගෙ හදගැස්ම මොහොතකට නතර කරා...උඩහට ඇද්ද හුස්ම පහළට අත් නොහැරෙනකොට ආක්ෂ තම අකීකරු පපුව එක මිටට ගුලි කරගෙන නොසෙල්වී බලා උන්නා...

ඒ හඩ අහන්න ආක්ෂ කොතරම් කලක් බලන් උන්නද ඒ තරම් ඒ හදවත ඇදුම් දුන්නා...සතුට වැඩි කමට....

මේ සියල්ල සිදුවෙන්න ගියේ මිනිත්තුවකට ලංවූ කෙටි කාලයක් වෙද්දි ඊළග තප්පරේම පිටුපසින් ඇහුණ හීන් ඉකි ගැසීම විලාපයක් බවට පෙරළුණා....

කවදාවත් මතකයෙන් ගිලිහී නොගිය ඒ පැරණි මතකයන් එකින් එක ඒ හිතට ගලාගෙන ආවා...

කුඩා කල දුව පැනපු ඇහැළ හෙවණ.....ඒ ඇහැළ හෙවණ යටම ඉස් ඉස්සෙල්ලම මුණ ගැහුණ අවුරුදු හතරෙ පුංචි කොලු පැටියව ආක්ෂට මතක් උනා....අවුරුදු හතක් පුරා තමන්ගේ හීන වල හිස්තැනක් නොතියා සක්මන් කල...මතක අස්සෙත් ඉඩක් නොතියා අරක් ගත් ඒ රුව අද තමන්ගෙ හුස්ම වදින තරම් ලගක ඉන්නවා කියලාත් ආක්ෂට අදහගන්න බැරුව ගියා....

සිහින කෑ ගගහ විලාප දෙන හඩට පපුව දාලා යනවා වගේ හැගීමක් ආක්ෂට දැනෙද්දි ආක්ෂට ඕන උනා සිහිනව තමන්ගෙ ඇස් ඉස්සරහට ඇදලා අරගෙන තම පපුව අස්සෙ හිර කරගන්න.... ආක්ෂට ඕන උනා රෝස පැහැ කම්මුල් රත් පැහැ ගන්නවන ඒ දෑස් වලට තරවටු කරන්න....ඒත් ඒ කිසිම දෙයකට ඉඩක් නොතියා ඒ සිරුරම ගල් වෙලා වගේ ආක්ෂට දැනුනා...

ආක්ෂට මොහොතකට හිතුනා....මීට අවුරුදු හතකට පෙරාතුව, තමන්ව වැළදගෙන හුරතල් උන පුංචි සිහිනද මේ ඉන්නෙ කියලා ඔහුට හිතුනා....

තමන්ගෙ දෑත් අස්සෙ හුරතල් වෙවී ඒ ඔඩොක්කුවේ දවස ගෙව්ව, රෝස කම්මුල් පුම්බගෙන දගකාර කතා කිව්ව, ඒ සුදු බෝලෙව ආක්ෂට මැවි මැවී පෙනුනා....

ඒත් ආක්ෂ කිසිවක් නොකලේ ඇයි කියලා දැනගෙන උන්නෙත් ආක්ෂගෙ හිතම තමයි....සිහිනට ඇති තරමක් හඩන්නට දීලා ආක්ෂ නිසොල්මනේ බලා උන්නා...පුංචි කාලෙ කෑ ගහලා අඩයි කියලා බයටම තමන්ගෙ තුරුලට අරන් හංගගෙන සැනසෙව්ව ඔහුම අද කෑ ගහමින් අඩද්දිත් ආක්ෂ බලන් හිටියා......

අඩ හෝරාවකටත් කිට්ටු වෙන්න ආක්ෂගෙ පිට අස්සෙම මූණ හොවාගෙන හිතේ වේදනාවන් දිය වෙලා යනකන් අඩපු සිහිනගෙ හැඩීම යන්තම් අඩු වෙලා ගියා...එකවරම ආක්ෂගෙ බඳ වටා එතුන ඒ දෑත් වල ග්‍රහණය ලිහිල් උනා...ඒ දෑත් කඩන් වැටෙද්දි මෙච්චර වෙලා බලා උන්න ආක්ෂ තවත් මොහොතක් හෝ නාස්ති නොකර ඊළග තප්පරේම මෙතෙක් කාලයක් දකින්න නොඉවසිල්ලෙන් හිටපු ඒ රුව දිහාවට හැරුණා...

ඒ දෑස් එකිනෙක පැටලුනේ හරියට කාන්දමක් වගේ.....

අඩලා අඩලා දැනුන වෙහෙසට සිහින හිටියේ වෙහෙසිලා වෙනකොට අඩවන් ඇස් වලින් උනත් සිහිනගෙ ඇස් ආක්ෂගෙ මුහුණ පුරාම දුවද්දි ඒ ඇස් ගැස්සෙනවා ආක්ෂ හොදින්ම දැක්කා....සමහරවිට ඒ තරම් කඩවසම් රුවක් මින් පෙර සිහින දැක නොතිබූ නිසා වෙන්නැති....

කදුලු පිරිලා දිලිසුන බෝල ඇස් දිගේ ඒ රත් ගැහුණ කම්මුල් වලට ඇදී ආ ආක්ෂගෙ හිතුවක්කාර දෑස් ඔහුටත් නොදැනිම ඒ ලා රෝස පැහැ දෙතොල් අතර නැවතුනා....

ජීවිතයේ කටුක බව....අමිහිරි අත්දැකීම්.... වේදනාත්මක අතීතය එක්ක මේ තාක් කල් ගල් වී ගොස් තිබූ ඔහුගේ ඒ සීතල හදවත එකම එක රුවක් නිසා ආයෙම ගැහෙන්න ගත්තේ ඔහුගේ ජීවිතයේ ගෙවුණ මේ වසර හතටම දැක නොතිබුණ සුන්දර රුවක් තමන් ඉදිරියේ හිටගෙන ඉන්න අපූරුව ආක්ෂ බලාගෙන ඉන්න අතරේ....

ඒත් ආක්ෂගෙ හිත ගැස්සුනා....සිහින එකවරම ආක්ෂගෙ පපුවට ඔලුව ගහගනිද්දි ආක්ෂ ගැස්සුනේ නෑ කිව්වොත් බොරුවක්....ඒත් ඒ බව නොපෙන්වා ඔහු පිටතින් සන්සුන්ව හිටියා...

මේ සියල්ල සිදුවන අතරවාරයේ ආක්ෂ තවමත් නැති නිසා වත්ත පහළ බෑවුම බැහැගෙන එමින් උන්න විශාක අක්කර ගානක පොල් වත්තෙ ආක්ෂව හොයාගෙන විත් හොයාගත් තම යහළුවා දැකලා අත වැනුවා...

විශාක තරමක් දුරින් හිද ආක්ෂට අත වනන අයුරු ආක්ෂගෙ ඇස් වලට හසු උනත් තම දෙතොල් මත ඇගිල්ල තියලා ආක්ෂ ඔහුව නිහඬ කරේ සිහිනට නිදහසේ ඒ දුක පිටකරගන්න දීලා වෙනකොට ආක්ෂගෙ ඉගිය තේරුම් ගත් විශාක තමන්ගෙ තොල් මත ඇගිල්ල තබාගෙනම ඒ මොහොතට බාධාවක් නොවෙන ලෙස, පයට පෑගෙන කොළ අත්තක් චර්ස් ගා නැංවෙන හඩ තරම් හෝ සද්දයක් ඇති නොකර වෙනතක ගමන් කරා....

තමන්ගෙ පපුව මට්ටම තරම් උසට උන් සිහින පපුවට ඔලුව ගහගෙන ඔහේ ඉද්දි ඒ ඇස් වලින් වැටුණු කදුලු බිදු එක එල්ලේම පොළවට වැටිලා උරා ගත්තා...ආක්ෂට කෑ ගහලා අඩන්න තරම් වේදනාවක් දැනුනා...තමන් මෙන්ම සිහිනත් මෙතරම් කාලයක් සගවගෙන සිටි දුක කොතරම්ද යන වග ඒ හදවතට දැනෙද්දි පණ පිටින් ගිනිගන්න තරම් වේදනාවක් ආක්ෂගෙ හිත වෙලා ගත්තා...

තවමත් යන්තම් ඇහෙන ඉකිය අස්සෙන් ආක්ෂගෙන් ඈත් උන සිහින දැනුන මහන්සියටම ඔහුගෙ සිහියෙන් ඈතට යන්න ගත්තා...මෙතෙක් වෙලා පෙනුන ආක්ෂගෙ රුව බොඳ වී යද්දිත් සිහින බලන් හිටියෙ ආක්ෂගෙ වේදනාවක් නොපෙනෙන ඇස් දිහා....

කදුලු අතරින් හිනා වෙලා ආක්ෂ දිහා බලන් හිටපු සිහින එක වරම පසුපසට බර උනා...

ඒ තප්පරේම ආක්ෂගෙ හිත කලබල උනා...

පසුපසට බර වෙලා වැටෙන්නට ගිය සිහිනගෙ අතකින් අල්ලගත්ත ආක්ෂ ඔහුව තම පපුව අස්සට ඇදලා ගනිද්දි පරඩැලක් මෙන් ඇදිලා ආව සිහින ඒ පපුව අස්සෙම නතර වෙද්දි දෝතින්ම සිහිනගෙ වටා දෑත් යවපු ආක්ෂ තමන්ට වඩා හුගක් පුංචි ඒ ශරීරෙ තමන්ගෙ පපුව අස්සෙම හංග ගත්තේ කවුරුහරි ආයෙම උදුරගනී කියලා බයකින් වගේ....

ඒ පුළල් පපුව අස්සෙ හංගගෙන යන්තම් සිහියත් අසිහියත් අතර උන්න සිහිනව දෝත බදලා තුරුල් කරගත්ත ආක්ෂ කිටිකිටියෙ බදාගත් තමන්ගෙ පුංචි කොල්ලව මොහොතකට වත් අත් නොහැරියා.....

මෙතෙක් වෙලා වගක් නැතිව හිටපු ආක්ෂම තමන්ව බදාගෙන ඉන්නෙ කියලවත් සිහියක් නොතිබුණ සිහින ඒ පපුව අස්සෙම හා පැටියෙක් වගෙ තව තවත් ගුලි උනේ නොදැනුවත්වම ඒ හදවත ඒ උණුහුම හොයපු නිසාම වෙනකොට ආක්ෂත් තව තවත් ඒ අත්වල ග්‍රහණය වැඩි කරා...

නොකිව්වට....නොපෙන්නුවට...ඒ පපුවටත් රිදුනා...ආක්ෂ පවා ඒ උණුහුම හෙව්වා...ඉතින් දෙන්නම ඒ උණුහුමට නොදැනිම ලෝභ උන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි....

කොතරම් දරදඩු කරගෙන උන්නත් දරාගැනීමේ උපරිමේදි ආක්ෂගෙ ඇස් වලට උනන්න බලන් වලි කෑ කදුලු බින්දු ඇස් බෝල ඇතුළෙ පිරෙන්න ගත්තා.. තමන්ගෙ පපුව තරමට උස සිහිනගෙ බෙල්ල අස්සෙ මූණ හංගගෙන ඒ නිසල ශරීරෙ පුරා ආක්ෂගෙ කදුලු ඔහේ ගලාගෙන ගියා...

"ඇති තරමක් අඩපන් මගෙ සුදු බෝලෙ....අද තමයි මේ පණ තියෙනකන් උඹ අඩන අන්තිම දවස.."

ආක්ෂ ඒ කන් පෙති අස්සෙ ගැඹුරු හඩින් මිමිණුවා...

එකිනෙකට වෙනස් හැගීම් ගොන්නක් හිත අස්සෙ හිරකරගෙන දෙන්නම හිතේ හැටියට අද හඩා වැටුණා....

"අයියට සමාවෙයන්..!!"

කාටත් හොර රහසෙ ආක්ෂගෙ මුවින් හැඩුමක් පිට උනා....ඒ ඇස් වලින් කදුලු වැටෙද්දි සිහිනව බදාගෙන උන් විදියෙන්ම ආක්ෂගෙ සිහින් තොල් පළවෙනි වරට සිහිනගෙ කම්මුලත් නලලත් අතර අතරමැද්දෙ සිහිනගෙ මුහුණ මත වේදනාව පිරුණු නමුත් ආදරය උතුරා ගිය හාදුවක් තැවරුවා...

"මගෙ ඇහැළ මල... උඹ හරි ලස්සනයි රත්තරනේ.."

ආක්ෂගෙ කටහඬ වෙව්ලුවා...ඒ හිතේ තිබුණ යම් යම් දේ ගැටගහගෙන ඔහු හැගීම් වචන කරද්දි ඒ කිසිවක් නෑසුන සිහින ආක්ෂගෙ පපුව අස්සෙම නිසොල්මන්ව ඉද්දි කිටිකිටියෙ බදාගෙන හිටපු සිහිනව කදුලු අතරින්ම ආක්ෂ අකමැත්තෙන් උනත් තමන්ගෙන් මෑත් කරා...

පරිසරය පවා අද ඔවුන්ගෙ හමුවීමට බාධා නොවී පාඩුවේ බලන් උන්නා....

"මැණික!!!"

සිහිනගෙ හිස පසුපසට කඩන් වැටුණා...ආක්ෂගෙ දෑත් ක්ෂණේකින් ඒ හිස පිටුපසින් අල්ලගෙන තම පපුවට ඔහු වාරු කරගනිද්දි බයටම ආක්ෂගෙ දෑත් වෙව්ලුවා...

"මැණික...කතා කරපන් සුදු බෝලේ"

ඒ කම්මුල් වලට තට්ටු කරමින් ආක්ෂ සිහිනට කතා කරේ කලබලෙන්...සිහිනව වාරු කරගෙනම බිම ඉන්දවුන ආක්ෂ දෙතුන්වර සිහිනගෙ සිනිදු කම්මුල් වලට තට්ටු කරේ ඒ කම්මුල් රිදෙයි කියලා බයෙන් වගේම ලෝභ කමේ....

ඒ පියවිලා තිබුණ ඇහි පිහාටු කදුලු වලටම පෙගිලා එකිනෙක ඇලී තිබුණා...කම්මුල් දිගේ පහළට රූටලා ගිය කදුලු පාරවල් කිරි සුදු පාට කොපුල් තල මත කැපිලා පෙනුනා...

කලබලෙන් සිහිනට කතා කෙරුව ආක්ෂගෙ වචන එකවර නැවතුනේ යන්තම් ඇහුණ පුංචි ගෙරවිලි සද්දෙ නිසා වෙනකොට මෙච්චර වෙලා පිට දාපු කදුලු අස්සෙන් ආක්ෂගෙ මූණෙ හරි ලස්සන හිනාවක් ඇදුණා....

සිහිනට නින්ද ගිහින් තිබුණා....

"උඹට නින්ද ගිහින්ද මැණික..මන් බය උන තරමක්."

අඩලා අඩලම මහන්සියට සිහින දිගු නින්දකට වැටිලා තියෙද්දි තමන්ගෙ තුරුල්ලෙ නිදාගෙන ඉන්න සිහින දිහා ඇස් පිය නොහෙලා ආක්ෂ බලාගෙන හිටියා...ඔහු මෙතරම් කාලයක් දැකපු හීන අද ඇස් පනාපිටම සිදු වෙමින් තිබුණ පුදුමයෙන් ආක්ෂ ඇස් පිය නොහෙළා සිහින දිහා බලන් හිටියෙ ඒ සතුට විදගන්න තිබුණ තප්පරයක් හෝ අපතෙ යවන්න තිබුණ ලෝභ කමේ.....

_______________________________________________

හායි මගෙ ඇහැළ මල්...

ඔයාලා තව කොටසක් ඉල්ලලා තිබුණ නිසාම මන් මේ කොටස ලිව්වේ ළමයි....අඩුපාඩු තිබුණොත් කියන්න...ආයෙම ලියන්නම් මොකද මේක කලබලෙනුයි ලිව්වේ...🥺

ඒ වගේම තව සති දෙකයි මට ෆයිනල් එක්සෑම් වලට...ඉතින් ආයෙම කතාව අරන් එන්නම් එක්සෑම් ඉවර උනාම හොදද...

මන් එනකන් ඔයාලා ඉදී කියලා මන් හිතනවා...❤️

හැමෝටම ආදරෙයි මම😘❤️

ඒ වගේම ඔයාලගෙ හැම කමෙන්ට් එකකටම මන් ගොඩක් ආදරෙයි...මන් ඒවා හරි ආසාවෙන් කියෙව්වේ...🥺🌹

ඉක්මනින් හමුවෙමු.....

මම
සුකී ❤️🖇️

⚜️ මේ මගේ අලුත් ස්ටෝරි එක. කැමති අය රීඩින් ලිස්ට් දාලා තියාගන්න සුදූලා....හැබැයි කතාව නම් දැම්ම දෙන්න වෙන්නෙ නෑ....ප්‍රොෆයිල් එකට ගිහින් බලන්න.

⚜️ මාව ෆලෝව් කරගෙන යන්නත් අමතක කරන්න එපා ❤😘

Continue Reading

You'll Also Like

12.5K 2K 17
ආදරේ කියන්නෙ හුත්තක්. එච්චරයි __සිතුම් ආකාෂ් ෆ්‍රනෑන්ඩෝ
16.9K 43 21
This is the second instalment to my 3 Part series of Books about a Young Blonde Teen Girl who suddenly starts to loose control of her bladder and bow...
20.8K 685 29
the story takes place in Nevermore where Wednesday meet a tribrid that is Hope's twin sister who was misplaced at birth. her name is Faith Mikaelson...
186K 20K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...