සංසාර සිහින | TK | Nonfiction...

Sukii_7_

13.3K 1.5K 2.2K

| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි ද... Еще

පිවිසුම 💭
පළමුවන සිහිනය 💭
දෙවන සිහිනය 💭
තෙවන සිහිනය 💭
හතරවන සිහිනය 💭
පස්වන සිහිනය 💭
හයවන සිහිනය 💭
සත්වන සිහිනය 💭
අටවන සිහිනය 💭
නවවන සිහිනය 💭
දහවන සිහිනය 💭
එකොළොස්වන සිහිනය 💭
දොළොස්වන සිහිනය 💭
දහතුන්වන සිහිනය 💭
දාහතරවන සිහිනය 💭
පහළොස්වන සිහිනය 💭 bonus
දහසයවන සිහිනය 💭
දාහත්වන සිහිනය 💭
දහඅට වන සිහිනය 💭
දහනව වන සිහිනය 💭
විසි වෙනි සිහිනය 💭
විසි එක් වන සිහිනය 💭
විසි දෙවන සිහිනය 💭
විසි තුන්වන සිහිනය 💭
විසි හතරවන සිහිනය 💭
විසි පස්වන සිහිනය 💭
විසි හය වන සිහිනය 💭
විසි හත්වන සිහිනය 💭
විසි අට වන සිහිනය 💭
විසි නව වන සිහිනය 💭
තිස්වෙනි සිහිනය 💭
තිස් එක්වෙනි සිහිනය 💭
තිස් දෙවෙනි සිහිනය 💭
තිස් තුන්වෙනි සිහිනය 💭
තිස් පස්වැනි සිහිනය 💭
තිස් හයවැනි සිහිනය 💭
තිස් හත් වන සිහිනය 💭
තිස් අටවන සිහිනය 💭
තිස් නව වන සිහිනය 💭

තිස් හතරවැනි සිහිනය 💭

164 24 67
Sukii_7_

වසර දෙකකට පසු,

නුවර අහස යට...........

"තීනූ.....ඔය උඩ අත්තෙ තියෙන්නෙ.....ආන් අර.....!"

ඇහැළ ගස් හෙවණට මායිම් උන ගමේ වෙල් යායට එපිටින් එහා මායිමේ, වැහි කෝඩයක් නැතුව පුරන් වී ගිය කෙත ඔහේ හූල්ලමින් ඉන්න වෙලාවක ඉස්කෝලේ ඇරුණ ඇහිල්ලෙහි පොඩි කොල්ලො දෙන්නෙක් විගහට කැලෑවට දුවගෙන ආවේ ගමේ අනෙක් කොලු ගැටව් ටිකට කලියෙන් වෙරළු කඩලා සාක්කු දෙක පුරවගන්න හිතාගෙන....වෙනද තරම් සරු සාරෙට නැතත් මල්ලක් දෙකක් පුරවගන්න තරම් වෙරළු හැදුණ ගහේ මුදුන් අත්තකට වෙලා උන්න තීනු දිහා බලලා ගහ යට උන්න සිහින කෑ ගෑවේ පැහිච්ච වෙරළු අහුරක් ඒ බෝල ඇස් වලට අහු උන හින්දා...

"ඔය ඇති තීනු දැන් ගහෙන් බහින්නකො... අනික් අයට නැති කරන්නද ඔය හදන්නෙ. අනික සත්තු කන්නෙ මොනවද ඔහොම කැඩුවම"

"හරි හරි සිහින, මේ ගහ පිරෙන්න තව ගොඩක් තියෙන්නෙ....!!"

කඩන කඩන වෙරළු අහුර තීනු තමන් අරගෙන නැගි මල්ලට ඔබන අතරෙ බිමට වැටෙන එකක් දෙකක් ඇහිදින ගමන් තීනු දිහා බලලා සිහින කෑ ගැහුවා...තවමත් අඩ හෝරාවකට තරමක් අඩුවෙන් ගත වෙලා තියෙද්දි නොයෙක් දේ කියවමින් හෙමින් සැරේ දෙන්නටම ඇති වෙන්න වෙරළු කඩාගත්ත තීනු වෙරළු පුරවලා ගහේ අත්තක එල්ලලා තිබුණ සිලි මල්ල අරගෙන සිහින අතට විසි කරලා ගහෙන් බහින්න ගත්තා....

අත් දෙක ගසා දමලා නිල් කොට කලිසමේම අත්ල දෙක පිහදාපු තීනු සිහින ලගට ගෑටුවේ අදනම් සිහිනට කියලා හොද වෙරළු අච්චාරුවක් හදවාගන්නත් හිත හිත....

අවුරුදු දෙකක් තිස්සෙ සිහිනගෙ ගෙදර ආව ගිය තීනු වෙරළු කඩන්න ආව හැම වතාවකම ගස් බඩගෑවේ සිහිනව ගස් නග්ගන්න තිබ්බ අකමැත්තට....කොච්චරක් කියලා ලොකු වෙලා උන්නත් සිහින තවමත් මල්ලිකාටයි තීනුටයි ඉස්සර හිටපු හිච්චි කොලු පැටියම වෙද්දි ඒ හැමෝගෙම ආදරේ මැද්දෙ සිහින මලක් වගේ හැදුණා...

"මේ සැරේනම් ගොඩක් තියෙනවා නේද සිහින!?"

සිහින අතට විසි කෙරුව මල්ල දිහා බලලා සිහිනගෙ උරහිසට දාලා ගිය සුදු කමිසෙ අතට අරගත්ත තීනු දෙවරක් විතර ගසා දාලා බැනියමට උඩින් කමිසෙ හැදගත්තා...

"ඔය ඉතින්...ඇදුමෙ කහට හිටීවී!!"

වෙරළු මල්ලට එබිලා මුහුණෙ සිනහවක් නගා ගත්ත සිහින තීනු දිහා බලලා ආයෙම මූණ හකුලුවා ගත්තෙ සුදු ඇදුමෙන්ම වෙරළු කඩන්න ඇවිත් කහට ගාගෙන ගෙදරින් බැනුම් අහන්න වෙන බව මතක් වෙලා...මල්ලිකා කොතරම් කිව්වත් ඇදුමක් මාරු කරගෙන බැද්දට යන්න කියලා කොල්ලො දෙන්නටනම් ඉස්කෝලේ ඇරිලා ආවම තකහනියෙ බැද්දට පනිනවා ඇරුණම වෙන දේකට වෙලාවක් නැතිවුණා...

"අන්න පොඩ්ඩෙ අයියලත් එනවා....අපි යමු....හවස් වෙන්නත් ලගයිනෙ.."

පොඩ්ඩෙ නමින්ම පොඩ් කාලේ සිහිනව තල්ලු කරලා වලව්වේ පොඩි බේබිගෙන් තර්ජන ලබපු ගමේ ඇදුම් මහන රත්නෙ මාමාගෙ වැඩිමහල් කොල්ලා උන හසිත....දැන් ඒ අමනාපකම් අමතක වෙලා ගිහින් තිබුණත් සිහින කා සමගවත් එතරම් කතා බහක් නැති ලැජ්ජාශීලී චරිතයක් උනා...

"ආ සිහින මල්ලි..!! අදත් දෙන්නා ගහම පෑහුවද??"

දෙන්නා කිට්ටුවටම ඇවිදගෙන එන ගමන් වෙරළු ගහ දිහාත් බලලා හසිත එහෙම අහද්දි සිහිනගෙන් නම් ලැබුණෙ යන්තම් හිනාවක්...

"අපි වෙරළු කැඩුවේ අපි දෙන්නට ඇතිවෙන්න විතරයි. නැද්ද සිහින!?"

කට කොනේ පුංචි හිනාවක් තියාගෙන තීනු හසිතගෙ මූණටම එහෙම කියද්දි හසිතගෙ අත් මිට මෙලවුණා...

"උඹ සිහිනද....අපේ ගමට ඇවිල්ලා අපිටම චණ්ඩි කම් දාන්න??"

තීනුගෙ මූණ තරහෙන් පිරෙන්න ගියේ තප්පරයකටත් අඩුවෙන්....තද පෙනුමකින් එහෙම කිව්ව හසිත ඇවිදගෙන ඇවිත් සිහිනගෙ ඉස්සරහම නතර උනා...තීනු හසිතට රවාගෙන බලන් හිටියත් තව වැඩි වෙලාවක් නොයා දෙන්නා රණ්ඩුවක පැටලෙයි කියන බයට සිහින යන්න හදිස්සි කරමින් හෙමින් සැරේ තීනුගෙ අතින් ඇද්දත් තීනු නෙමෙයි හෙළවුණේ වත්....

"ඕක නවත්තන්න පොඩ්ඩෙ අයියේ. තීනු මගෙ යාලුවා..."

තවමත් දෙන්නට දෙන්නා මූනෙන් මූන බලාගෙන වෙනකොට ඒ අතරෙ හසිත ගෙ යහළුවො දෙන්නා ගහ පාමුල නතර උනේ ගහට නගින්න ලෑස්ති වෙන ගමන්...

"අපි යන්නම් අයියේ. අම්මා බලාගෙන ඇති"

"බලහන් බං මුන් දෙන්නා ගහම සුද්ද කරලා....ඕයින් ටිකක් අපිටත් දියන්"

හසිත එක්ක යන්තම් හිනා වෙලා එන්න හැරුණත් මොකද හසිතගෙ යාලුවො දෙන්නා ගහ විපරම් කරලා පැහිච්ච වෙරළු ගෙඩියක් හොයාගන්න නැති තැන කෑ ගහද්දි තීනු එකවරම සිහිනගෙ අතින් ඇදගෙන දුවන්න ගත්තා...

"මන් උඹව අල්ලගන්නම් තීනු!!!"

ඈතට දුවගෙන යන කොල්ලො දෙන්නා දිහා බලාගෙන හසිත අත දිගු කරමින් කෑ ගැහුවා...ඔහුගෙ කෑ ගැසීම ඈතින් ඇහෙද්දිත් එය ගණනකට නොගෙන තීනු සිහිනව ඇදගෙන බැද්දෙන් එළිය මායිමට දිව්වා...බැද්දෙන් එපිටට ඇවිත් හැටට හැටේ දුවගෙන ආව සිහින ඇහැළ ගහ ලගින් ගලාගෙන යන දොළ පාර අයිනෙම නතර උනේ දැනුන මහන්සියට......

"පොඩ්ඩක් ඉදලා යමුකො...මට නම් හතී..."

තෙතක් නැති සැර වියළි හුළං පාර අතරින් නියර දිගේ දුවගෙන ආව සිහින දොළ පාර ගාවම කණ්ඩියක් උඩින් වාඩි වෙද්දි සිහිනට වඩා මදක් දුර දුවගෙන ගිය තීනු සිහිනගෙ කටහඬට ආයෙම හැරුණා...

"අපෝ අවුරුදු 13ක කොල්ලෙක් නේද...?"

අවුරුදු දෙකක් ගෙවිලා ගිහින් තිබුණා...කාටත් නොදැනිම මේ වසර දෙක ගෙවුණෙ ඇහිපිය ගහන ඇසිල්ලට...දැන් සිහිනට අවුරුදු දහ තුනක්...ලොකු කොල්ලෙක් උනත් තවමත් සිහින ඉස්සරහ වගේම හුරතල් අහිංසක චරිතයක් උනා....දුවපු වේගෙට හති අරින ගමන් තීනු සිහින දිහාවට ඇවිදගෙන ආවා...

"ඇයි එතකොට මහන්සි දැනෙන්නැද්ද??"

එහෙම අහලා අනික් පැත්තට කණ්ඩිය උඩ වාඩි වෙලා දොළට කකුල් දෙක ඔබාගත්ත සිහින කකුල් දෙක ගස ගස පොඩි එකෙක් වගේ සෙල්ලම් කරන හැටි බලාගෙන තීනුගෙ මූණෙ හිනාවක් ඇදුණත් සමච්චලේට මෙන් සිහිනට ඇනුම්පද කියපු තීනු සිහින ලගින්ම වාඩි වෙලා කකුල් දෙක වතුරට ඔබා ගත්තා....

"කොල්ලෙක් උනාම... ශක්තිමත්ව..... ඉන්නෝන දන්නවද?"

"එහෙනම් මොකද ඔය ඔච්චර හති දාන්නෙ...?? මහන්සි නම් පොඩ්ඩක් විවේක ගන්න. අඩන්න හිතුනොත් අඩන්න ඕන. හැගීම් හංගන් හිටියා කියලා අපිට හොදක් වෙන්නෙ නෑ තීනු...අපේ ඇතුළාන්තය නරක හැගීම් වලින් පිරෙනවා විතරයි...."

"කවුද සිහින ඔය අදහස් ඔයාගෙ ඔලුවට දාන්නෙ?"

සිහිනගෙ මූණ දිහා බලාගෙනම එහෙම අහපු තීනු කාලෙක ඉදලා සිහිනගෙ කටින් පිටවෙන පුංචි පුංචි දාර්ශනික අදහස් අදහස් දෙන්නෙ කවුද කියලා හිතුවා.

"මන් දන්නවා කවුද කියලා!!"

තප්පරයක් යන්නත් මත්තෙන් දෙයක් මතක් උනාවගේ සිහින දිහාට ඇගිල්ල දිගු කරපු තීනු සිහිනගෙ අවධානය තමන් දිහාවට ගත්තා.

"ඔයාගෙ අභී අයියානෙ?"

"හ්ම්ම්"

යන්තම් මිමිණිල්ලකින් උත්තර දුන්න සිහින බෑගයෙන් වෙරළු ගෙඩියක් අරන් දොළෙන්ම සෝදලා අරගෙන කන්න ගත්තා...

"සිහිනට අන්තිමට ලියුමක් ලැබුණෙ කවද්ද??"

"දැන් අවුරුදු එකහමාරකට උඩදි"

වෙරළු ගෙඩිය යන්තම් දත ගහන ගමන් අහස දිහා බලාගෙනම සිහින ආක්ෂගෙන් ලියුම් කඩදහියක් ලැබුණෙ අවුරුදු එකහමාරකට උඩදි බව කියද්දි සිහිනගෙ මූණ යන්තම් මැළවුණා....

"මන් හිතන්නෙ අයියා මට මේ වෙද්දින් ලියුම් දහයක් විතර එව්වා."

"ඔය දෙන්නා අතර තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක්ද සිහින! මටනම් තාමත් හිතාගන්න බෑ.."

"ඒ මගේම අයියා තීනු..."

"මටනම් එහෙම පේන්නෙ නෑ..."

"ම්ම්..මොකක්ද...??"

"නෑ මන් කිව්වෙ ඉතින්...සිහින සතුටින්ද..?"

"ඕඕ....ගොඩාක්....අයියා මට කියලා තියෙන්නෙ හැම පුංචි දේකම හැංගිලා තියෙන සතුටක් තියෙනවා කියලා... අයියා එන දවස වැඩි ඈතක නෑ කියලා මට දැනෙනවා...ඉතින් මන් සතුටින්...."

"එයා ආව දවසට සිහිනට ගොඩක් සතුටු හිතෙයි නේද. එදාට ම්..මාව අමතක වෙයිද..."

"ඔයා විකාර හිතනවා තීනු....මන් මොකටද ඔයාව අමතක කරන්නෙ?"

"හ්ම්ම්ම්"

"මෙච්චර පායලා හෙට දිහාට හොඳටම වහී වගේ....."

වැහි වළාකුලක් පේන්න නැති නිල් අහස දිහා බලාගෙන ඉර අව්වට පොඩි කරගත්ත ඇස් දෙක ඇගිලි දෙකෙන් පිහදාපු සිහින ඉදගෙන හිටපු තැනින් නැගිට්ටෙ තවත් පරක්කු නොකර ගෙදර දුවන්න හිතාගෙන....

"අවුරුදු හතක් තිස්සෙ ඔය බලන් ඉන්නෙ සහෝදරයෙක් වෙනුවෙන් කියලද සිහින ඔයා කියන්නෙ මට...!"

කණ්ඩියෙන් නැගිටලා තමන්ට පිටුපාලා නියර දිගේ ඇවිදගෙන යන සිහින දිහා බලාගෙන තීනු තමන්ටම මිමිණුවේ මොකක්දෝ කුහුලක් මූණ පුරාම ඇදිලා ක්ෂණිකව මැකිලා යද්දි...ඒ සිතුවිල්ල ඇති වූ තප්පරේම හිතෙන් මකා දාපු තීනු මවාගත්ත සිනහවකින් ඉදගෙන හිටපු තැනින් නැගිටලා හනිකට සිහින පස්සෙම දුවලා ආවා....

සිහිනගෙ ඔලුවට යන්තම් පාරක් ගහන ගමන් ගුරු පාර දිගේ තීනු දුවන්න ගනිද්දි තමන්ට ගහලා තවත් ඇද කරගෙනම ඈතට දුවගෙන යන තීනුව අල්ලගන්න හිතාගෙන සිහිනත් තීනු පස්සෙ පැන්නුවා....

"ඔන්න බලාගෙන........"

මැටිපාර දිගේ වේගයෙන් පැමිණි කාරය දූවිලි අවුස්සමින් ඉදිරියට ඇදෙද්දි දුවලා ගිය වේගෙටම මැටි පාරට ගොඩ උන තීනු ඇහි පිය ගහන ඇසිල්ලට තමන් ඉදිරියෙන් ඇදුණ මෝටර් රිය නිසා පස්සට ඇදිලා ගියේ සිහිනට ඔහුව ඇදලා ගන්න පුළුවන් උන හින්දා....සිහිනගෙ හිතේ මැවුණෙ මීට අවුරුදු දෙකකට පෙර දවසක්දා සිහිනව කාරයකට හැප්පෙන්න ගිය මොහොත...එදත් තීනු මේ වගේම තමන්ව ඇදලා ගනිද්දි බිම වැදිලා කකුළ සීරුණ හැටිත් සිහිනගෙ මතකයට ආවා....

"ඔහ්හ්.....තා ඩිංගෙන් හැප්පෙනවා...කවුද සිහින ඒ....??"

මේ අවුරුදු දෙකටම සිහිනගෙ ගෙදර ආව ගිය දෙතුන් මොහොතටම තම ඇස නොගැටුණු මෝටර් රියක් දූවිලි නංවමින් ඉදිරියට ඇදෙන දිහා බලාගෙනම තීනු තරහෙන් අහද්දි සිහිනත් ඒ දිහා බලාගෙනම උත්තර බැන්දෙ වෙනදට ඉර බහින ජාමෙට එන වලව්වේ කාරය අද මෙතරම් තකහනියෙ වලව්වට ඇදෙන්න හේතුවක් හිත හිතා....

"ඒ වලව්වේ කාර් එක තීනු. ලොකු හාමු වෙන්න ඇති."

"පුදුම තදියමකින් නෙව යන්නෙ."

"ඒයි ඒ අපේ මාමා!!.....වලව්වේ මොකක් හරි කලබලයක් ද දන්නෙ නෑ...."

වාහනය පදවන්නෙ තමන්ගේ මාමා බව තීනුට මතක් කරමින් බොරුවට තීනුට රවපු සිහිනම අනික් පැත්තට මූණ අකුලුවාගෙන කල්පනා කරන්න ගත්තා....සිහිනගෙ හිතට ආවේ යම් චකිතයක්....සිහිනගෙ පපුව තදින් ගැහෙන්න ගත්තෙ ඇති උන පුංචි බයක් හිත ඇතුළෙ දලු ලාගෙන ආ නිසාද ආක්ෂ මතක් වෙලාද කියලා හිතාගන්න බැරි වෙද්දි සිහින ඉදිරියට ඇදෙන කාරයට පිටුපාලා තම නිවස දිහාට ඇදෙන්න ගත්තා...

"සිහින හිතනවද වලව්වේ අනාගත මුදියන්සේ ඔය කියන තරම් හොඳ ඇති කියලා.???"

"ඇයි තීනු එහෙම කියන්නෙ.?"

"ඔය කියන ලොකු හාමු ඔච්චර සැරපරුෂ නම් සිහින හිතනවද එයාගෙ පුතා සිහිනට හොදින් සලකයි කියලා. එයා සිහිනට හොදින් සලකන්න ඇති, ඒත් ඒ පොඩි කාලෙ සිහින. මිනිස්සු වෙනස් වෙනවනෙ...!?"

"නෑ.....අභී අයියා එහෙම වෙනස් වෙන්නෙ නෑ...."

"සිහිනට විශ්වාසයි ද....??"

"ඕඕඕ...."

සිහිනගෙ ඇහිබැම් එකට යා වෙන තරම් ලං වෙලා තිබුණා...ඒත් ඒ කුතුහලේට නෙමෙයි ඇතිවුන පුංචි තරහකට....ආක්ෂ ගැන කවුරු වැරදි දෙයක් කිව්වත් සිහිනගෙ හිත හරි ඉක්මනට රිදුනා...

"ඉක්මනින් යමුද....දැන් අම්මා ගෙදර ඇවිල්ලත් ඇති..."

පුපුරන පුංචි ගිනිකන්දක් වගේ කෝපයකින්... කලින්ට වඩා වේගයෙන් ඉදිරියට ඇවිදගෙන යන සිහින දැන්නම් ඉන්නෙ තරහෙන් කියලා තේරුණ හැටියේ සිහින ගැන දැන් හොදින්ම දන්න තීනු තමන්ව පහු කරගෙන ඉදිරියට ඇදෙන සිහින ලගට දුවලා ඇවිත් කරට අත දා ගත්තම සිහින ඒ අත අයින් කරලා දැම්මා...

"කෝ ඉතින් ඔය තරහ වෙලාද...?"

සිහිනගෙ තොල් වෙනද වගේම උල් වෙලා තිබුණා....තරහක් පෙන්නුවත් ඒ මූණ පුරාම තියෙන්නෙ හුරතලයක් වෙද්දි තනිවම සිනාසුන තීනු ගෙදරට යනකන්ම තරහෙන් තමාව ගනනකට නොගෙන ඇවිදගෙන යන සිහිනව යාළු කරගන්න බොහෝ ඇවිටිලි කරමින් පස්සෙන්ම ආවා....

.

.

.

"මැණිකේ!!....ඩිංගකට මෙහාට ආවනම්..."

මේ අතරවාරයේ රාජකාරි වැඩකට ටවුමට ගිහින් ආව හැටියෙ තමන්ට කොන්ද නවාගෙන ආචාර කරපු සිරිදාසට වලව් වත්තෙ පොල් කඩවන්න කරෝලිස් හොයාගෙන එන ලෙසට අණ කරපු කෝසල ලොකු හාමු ගෙට ගොඩ නොවීම ඉස්තෝප්පුවේ තියා තිබුණ ලී කවිච්චියේම ඈදි ගත්තා...

අක්කර ගානක වලව් වත්ත මැදින් වත්ත පහළට ඇවිදගෙන යන සිරිදාස අඩිය ඉක්මන් කරලා ගේට්ටුව දිහාවට යන හැටි හැගීම් විරහිත ඇස් වලින් ලොකු හාමු බලන් හිටියා...

"කියන්න අපෙ මහත්තයා...!"

කුස්සියට වෙලා මල්ලිකාගෙ උයමන පරීක්ෂා කරන ගමන් කහට කෝප්පයක් තොල ගාමින් උන්න කුමාරිහාමි වෙනදට වඩා වේල පහෙන් වලව්වට ඇවිත් උන්න කෝසල ලොකු හාමු ගේ කටහඬට ඉස්තෝප්පුවට ඉක්මන් ගමනින් ආවේ හදිසියේම ලොකු හාමුගෙ පැමිණීම ගැන දැනුන කුහුලත් එක්ක.

ලොකු හාමු ගේ මූණෙ තිබුණෙ විශාල ප්‍රශ්නයකට මැදි වුන බැරෑරුම් පෙනුමක්.. ඇහි බැමි දෙක එකට පූට්ටගෙන කල්පනා කරන කෝසල ලොකු හාමු, කුමාරිහාමිගේ කටහඬට මෙතෙක් වෙලා හිටපු කල්පනාවෙන් මිදෙද්දි හිස ඔසවලා තමන් ලගම හිටගෙන උන්න තම මැණිකෙ දිහා බැලුවා.

"මෙහෙන් ඈදි ගත්තානම්."

සාරිපොට අතට ගත්ත කුමාරිහාමි තම මහත්තයා දිහා බලාගෙනම ලග තිබුණ පුටුවෙන් වාඩිඋනේ ලොකු කුතුහලයක් හිතේ තියාගෙන.

"ප්‍රශ්නයක්ද අපෙ මහත්තයා!...පුතා හොදින් නේද?"

තවමත් වලව් වත්තට ඇස් අයාගෙන කල්පනා කරන ලොකු හාමු මෙතරම් කල්පනා කරන්නෙ රාජකාරි ප්‍රශ්නයකට නොවන බව හොදින්ම දැනන් උන්න කුමාරිහාමි තමන්ගෙ පුතණ්ඩියාගෙ ප්‍රශ්නයක් වත්ද යන වග ඉවෙන් මෙන් තේරුම් ගත් බව අගවන්න තම දරුවා හොදින්ද යන වග අහලා ඔහුගෙ උරහිස් පත්ත මත අත තැබුවේ ලොකු හාමුගෙ කල්පනාවෙන් ඔහුව ගලවගන්නත් එක්ක වෙද්දි කල්පනාවෙන් මිදුන ලොකුහාමු උඩ සාක්කුවේ තිබුණ ලියුම් කඩදහි කිහිපයක් අතට ගෙන ඒ කඩදහි කිහිපය අතරින් තුන හතරට නවා තිබූ අත් අකුරින් ලියූ ලියුම් කඩදහියක් දිග හැර එය කුමාරිහාමි දෙසට දිගු කරා.

"මේ මොකක්ද අපෙ මහත්තයා!!...පුතාගෙන් ලියුමක් ද?"

කුමාරිහාමි ඇහි බැම් දෙක එකට ඝට්ටගෙන ලොකු හාමුයි ඔහු අතැති ලියුම දිහායි මාරුවෙන් මාරුවට ඇස් යවමින් අහද්දි ලොකු හාමු දිගු හුස්මක් අත හැරියා. කුමාරිහාමිගේ ඇස් ලොකු හාමුගෙ හැගීමක් නොපෙනෙන මුහුණ පුරා හැගීම් කියවන්න ගත්තා....

"මැණිකෙම අරන් බැලුවනම්."

ලොකු හාමු නැවත වරක් ලියුම ඈ දෙසට දිගු කර එහෙම කියද්දි ඇගේ හිත ගැස්සුනේ ආක්ෂට කරදරයක් දෝ කියලා වෙද්දි ගැහෙන දෑතින් ලියුම තමා අතට ගත්ත කුමාරිහාමි ලියුමෙ ලියා තිබූ දෑ එකින් එක කියවන්නට ගත්තා.

"පුතා.....!!"

ලියුමෙ මැදක් වන්නට යන විට ඇගේ දෑස් විසල් උනේ ආක්ෂගෙන් ලැබුණු පුවත නිසා වෙද්දි මේ ගෙවුණු අනෙක් අවුරුදු දෙකටම මෙතෙක් කල් ඇය බලා සිටි මොහොත උදා වෙලා තිබුණා...ඇයගෙ ඇස් කදුලෙන් දිලිසෙන අයුරු බලා සිටි ලොකු හාමු පෙර තිබූ හැගීම් විරහිත දෑසින්ම නැවතත් වලව් වත්තට ඇස් අයා ගත්තා...

"දෙවියනේ...මේක ඇත්තද අපෙ මහත්තයා...?"

කුමාරිහාමි ගේ දෑස් සතුටු කදුලෙන් දිලිසෙමින් තිබුණා. නමුත් ලොකු හාමුනම් එතරම් හිත හොඳකින් පසු නොවෙද්දි කුමාරිහාමි ගෙ මුහුණෙ තිබුණ හිනාවත් යන්‍තම් අඩු වෙලා ගියා.

"හ්ම්ම්...ඔය එනවා කියන්නෙ...."

"ඉතින් අපෙ මහත්තයට සතුටු නැතිද....?"

"සතුටු නැතිව නෙමෙයි මැණිකෙ.."

"එහෙනම් මොකද මේ කේන්තියෙන්.."

කුමාරිහාමිගේ හිතේ ඇතිවුනේ ලොකුහාමු ගැන කලකිරුමක්...අවුරුදු හතක් ගතවෙලා තමන්ට ඉන්න එකම දරුවා නැවත දකින්න ලැබෙන සතුට හිතේ උතුරමින් ඉන්න වෙලාවක ලොකුහාමුගෙ කෝපය හැරුණ විට වෙනත් කිසිදු හැගීමක් නොපෙනෙන මුහුණ දිහා බලාගෙන කුමාරිහාමි හීල්ලුවා....

"බණ්ඩා.....මල්ලිකාට කියාපන් ලොකු හාමුට තේකක් ගෙන්න කියලා..."

වලව් වත්තෙ ඉදලා ඉස්තෝප්පුව පැත්තට ගෑටුව බණ්ඩව අමතලා ලොකු හාමුට තේකක් ගෙනෙන ලෙස අණ කරපු කුමාරිහාමි නැවතත් ලොකු හාමු දිහාවට හැරුණෙ අතරමග නවතුන කතා බහ දිගටම අරගෙන යන්න හිතාගෙන.....

"මේ ලියුම එවලත් දැන් දවස් දෙකක් අපේ මහත්තයා. මේ දරුවා කෝල් එකක්වත් දුන්නෙ නෑ නෙව. හදිසියේ මොකද මේ....අක්කලත් එනවද ඉතින්....?"

"නැහැ නෙව.. කවුද කොළඹ යාලුවෙක් එක්කලු නෙව එන්නෙ."

මල්ලිකා ගෙනා තේ කෝප්පෙ අතට ගෙන එය තොල ගාන්න ගත්ත ලොකු හාමු දිහ බලලා සුසුමක් පිටකෙරුව කුමාරිහාමි පුටුවෙන් නැගිට්ටෙ කුස්සිය දිහාවට යන්න හිතාගෙන....

කුමාරිහාමි කුස්සියට එනකොටත් මල්ලිකා සියලු වැඩ අහවර කරලා බලාගෙන හිටියෙ කුමාරිහාමි එනකන් වෙනකොට ඇය ආ හැටියේ ගෙදර දුවලා එන්න බලාගෙන හිටපු මල්ලිකා බයෙන් උනත් යටහත් පහත්ව කුමාරිහාමි ඇමතුවා...

"මැණිකේ..කොල්ලා ගෙදර ඇවිත් ඇති මන් මේ කෑම එක දීලා විගහට එන්නම් ද.??"

"ම්ම්ම්...විගහට ගිහින් වරෙන්"

ලොකූ හාමු තකහනියෙ වලව්වට ආ කාරණයක් හෝ ලොකු හාමු කේන්තියෙන් ඉන්න කාරණයක් දැනගන්න කුතුහලයක් හිතේ උපන්නත් ඔව්වා අහන්න තරම් තත්ත්වයක් ඔවුනට නැති වෙද්දි මල්ලිකා කරබාගෙන ඒ කුහුල යටපත් කරගෙන ඔතාගත්ත වත් මුල අරන් පිළිකන්න පැත්තෙන් විගහට ගෙදර දුවන්න ගත්තේ සිහින මේ වෙනකොටත් ගෙදර ඇවිත් බලාගෙන ඉන්න බව දන්න නිසා.......

"අම්මේ.......මන් ආවා....!!"

තීනු එක්ක ගම පුරා රවුම් ගහලා කඩුල්ල පැනලා වත්තට ගොඩ උන තැන ඉදන්ම කෑ ගහගෙන ආව සිහින ගෙයින් එළියට බැහැපු කුසුමා නැන්දා හින්දා අතරමග නැවතුනා...

"ආන් උඹලගෙ අම්මට තද වෙලා"

එහෙම කියාගෙනම ඇය යන්න යද්දි මෙච්චර වෙලා බලන් හිටපු සිහින වෙරළු මල්ල තීනුගෙ ඇගේ ගහලා ගේ ඇතුළට දිව්වා...

"අද නම් ඉවරයි වගේ....!!"

විගහට තීනු එක්කම ගෙට රිංග ගත්ත සිහින තීනුව සාලෙ කෑල්ලෙ තනි කරලා පුංචි කාලෙ වගේම හොර අඩි තිය තිය කාමරේට රිංගගෙන අල්මාරිය ඇරලා ඇදුමක් අරගෙන අල්මාරිය වහද්දි අත් දෙකත් බැදගෙන තමන්ට එහා පැත්තෙ හිටගෙන ඉන්න තමන්ගේ අම්මව දැකලා ගැස්සිලා ගියා...

"අම්මේ......අම්මගෙ චූටි මහත්තුරු ගෙදර ආවා...."

තීනු හැමවෙලේම විහිළු කරන හා දත් දෙකත් එළියට දාගෙන මල්ලිකා දිහා බලලා හිනා උන සිහින මල්ලිකාගෙ කේන්තිය අමතක කරන්න හිතුවත් පුරුදු විදියටම ඇහුණ මල්ලිකාගෙ බැනුමත් එක්ක සිහින තොල් දෙක නොපිට පෙරළගත්තා...

"අදත් බැද්දෙ පැන්නද අර දරුවා එක්ක. කෝ අහකට වෙන්න...හඩු ගදේ බෑ...ගිහින් ඇගපත හෝදගන්න දෙන්නා එක්කම.... විගහට බත් මුලකුත් බැදගෙන වලව්වෙනුත් පැනගෙන ආවේ දෙන්නා බඩගින්නෙ ඇති කියලා...කොහෙද බැද්දෙ පැන්නම කන්න මතක් වෙනවද....විගහට නාගෙන බත් එක්ක කන්න.."

සුපුරුදු විදියටම මල්ලිකාගෙ බැනුමත් අහගෙන සිහින තීනු එක්කම ළිද ලගට ගෑටුවේ වෙරළු අච්චාරුව කන්න තිබුණ හදිස්සියත් අමතක කරලා....

නාලා කරලා මල්ලිකා ගෙනා බත් මුල දෙන්න එක්කම කෑවට පස්සෙ මල්ලිකාගෙන් තවත් බැනුම් අහන ගමන් වෙරළු අච්චාරුවකුත් හදාගත්ත දෙන්නා බඩ පැලෙනකන් වෙරළු අච්චාරු කෑවට පස්සෙ මල්ලිකාත් වලව්වට ගිය ඇසිල්ලෙම ඔහේ වැටිලා මොහොතක් හිටියේ දවසෙම දගලලා දැනුන මහන්සියට......

ගිනි කාෂ්ටක අව්වේ වේලෙන්න දාලා තිබුණ තීනුගෙ ඇදුම් දෙක යන්තම් හවස් වෙද්දි හොදහැටි වේලිලා තියෙද්දි ගෙදර යන්න ලෑස්ති උන තීනු හවස පහට හයට කිට්ටු වෙන්න සිහිනගෙ නිවසින් එළියට බැහැලා යන්න ගියේ තමන්ව ගන්න කාරයක් මගට ඇවිත් ඉන්න බව පවසලා.....

තීනු ගියායින් පස්සෙ සිහින ආවේ පුරුදු විදියටම ඇහැළ හෙවණ හොයාගෙන. නිවසෙත් කවුරුවත් නැති වෙද්දි මල්ලිකා වගේම පියතිලකත් තවමත් වලව්වේ වෙනකොට, ගෙදර ඉන්න කම්මැලි හිතුණ ඉලන්දාරියා අදුර වැටෙන ජාමේ වෙල් යාය හරහා ඇහැළ සෙවණ හොයාගෙන ආවේ පුරුද්දට වගේ ඒ හදවත ඇහැළ හෙවණ හොයාගෙනම යන්න ඒ හිතට බලකරනකොට වෙද්දි ගෙදරට තිබුණ එකම ලන්තෑරුමත් අරගෙන අඩ අදුරෙම ඇහැළ ගහ යටට ආපු සිහින අතේ ලියුම් කඩදහි මිටියක්ද රැදිලා තිබුණා..

ඇහැළ ගහ යටට ඇවිත් ලන්තෑරුම් එළියෙන් ගහ යට ඇහැදාලා බලාපු සිහින ගහේ කඳට පිට දීලා වාඩි වෙලා ලන්තෑරුම තමන් ලගින්ම තියාගත්තා....

ඈත සිට බලන කෙනෙක්ටනම් පළාතම කලුවරෙන් වැහිලා තියෙද්දි ඇහැළ ගහ යට පමණක් දීප්තියෙන් බැබළෙන හැටි පෙනුනා....

හැමදාම පාළුවක් හිතට දැනුන හැම මොහොතකම ආක්ෂගෙ මතක පිරුණ ඇහැළ ගහ යටට වෙලා ආක්ෂගෙ ලියුම් ආයෙ ආයෙත් කියවන එක මේ වෙනකොට සිහිනගෙ පුරුද්දක් වෙලා තිබුණා....කොච්චර ඉලන්දාරියෙක් උනත් තවමත් අවුරුදු පහේ සිහින ලග තිබුණ ඒ ආක්ෂ ගැන හැගීම දශමයක් හෝ අඩු නොවී සිහිනගෙ හිතේ තිබුණ බව ඇත්තටම දැනගෙන උන්නෙ සිහින ඇරුණම මල්ලිකාම විතරයි....

හද එළියෙ ඇහැළ ගහ යටම වාඩි උන සිහිනගෙ අතේ මොහොතක් වෙලා යද්දි දිගෑරුණ ලියුම් කඩදහි කිහිපයක් තිබුණා.

සිහින අතේ තිබුණ එක් ලියුම් කවරයක් විවර කරලා කඩදහිය එළියට ගත්ත සිහින ලන්තෑරුම් එළියෙන්ම ලියුම් කඩදහිය කියවන්න ගත්තා....ලියුම කියවගෙන ගිය සිහිනගෙ ඇස් හැමදාමත් වගේ එක තැනකදි කදුලු පුරවගන්න බලාගෙන උන්නා වගේ ඒ වචන පෙළ කියවගෙන ගිය සිහිනගෙ ඇස් වලින් ලියුම තෙත් කරමින් කදුලු බිදු දෙකක් කඩන් වැටුණා...

"අයියට, සිහින අයියා එක්කම ලොකු වෙන හැටි බලන්න තරම් වාසනාවන්ත වෙන්න බැරි උනා. ඒත් කොහේ හිටියත් මගෙ ඇහැළ මල, හොද ළමයෙක් විදියට ලොකු වෙන්න.."

"මන් හොඳ ළමයෙක් උනා අයියේ...." හැමදාම වගේ දීප්තියෙන් කලුවර අහස පුරා හිනැහෙමින් ඉන්න හඳ දිහා බලලා කදුලු පිරුණ ඇස් වලින් සිහින හිනා උනා....

"සිහිනට පාළුවක් දැනෙන හැම වෙලාවකම අර ඈත පේන හඳ දිහා බලන්න. මතක තියාගන්න සිහින, ඔයා වගේම තවත් කෙනෙක් මේ අහස යටම ඒ හඳ දිහා බලාගෙන ඉන්න බව..."

හිනැහි හිනැහි බලාගෙන ඉන්න හඳ ලගම අද තනි තරුවක් පායලා තිබුණා....සිහිනට මතක් උනා ඒ තනි තරුව තමන් බව ආක්ෂ කියපු බව....සමහරවිට සිහිනගෙ පුංචි අහසට ඒ තරුව පායන කාලය වැඩි ඈතක නැතුවැති.....

සිහින කල්පනා කරා මේ මොහොතෙ ආක්ෂ මොනවා කරනවා ඇතිද කියලා....

"අවාරෙත් මල් පිපෙන
ඇහැළ ගස් හෙවණ යට
ඔබේ රුව දකින තෙක්
ඔහු බලා ඉන්න ඇති....||

.

"අලු පාට හැන්දෑවේ
ගෙවූ වරු ගණන් ගැන
සිත සිතා මුළු හිතින්
ඔබට ඔහු පෙම් කරන්නට ඇති....||

"ආක්ෂ!!!"

"කියන්න සදෙව්...උඹ දැන් ද ආවේ!!!"

මිදුලට වෙලා ඈත පායපු පලුවක් උන හඳ දිහා බලාගෙනම තමන්ගෙ පිටිපස්සෙන් ඇහුණ කටහඬට ආක්ෂ උත්තර බැන්දා.....

රාත්‍රියේ හමාගෙන ආව සීතල සුළං රැල්ළට ඒ තරමක් දිගට වැඩුණ කෙහෙරැල්ලක් ගහගෙන යද්දි, දකින ඕනම කෙනෙකුට ග්‍රීක දෙවි කෙනෙක් මැවෙන තරම් කඩවසම් රූපයක් එක්ක ආක්ෂ වැඩිලා තිබුණා... පෙරටත් වඩා පිරිපුන් ශරීරය, දුඹුරු පැහැ සිහින් ඇස්....ඝනට වැඩුන කෙහෙරැල් මේ හැමදෙයක්ම ඇත්තටම ඔහු කඩවසම් තරුණයෙක් කරත් මේ වසර ගණනටම කෙල්ලන්ගෙ හිත ඇදගත් නගරයේ තරුණියන්ගේ සිහින කුමාරයා උන ආක්ෂ ගෙ හිත සොලවන්න නම් කොතරම් ලස්සන තරුණියකට වුවත් නොහැකි උනේ ආක්ෂගෙ හිත පුරාම හිස් තැනක් නොතියාම කාගෙ හෝ මතකයක් පිරී ඇති නිසා වෙන්න ඇති....

ආක්ෂ උසස් පෙළ විභාගය අවසන් කරලා මේ ගත කරන්නෙ නිවාඩු සමය......ගෙවුණ අවුරුදු දෙක පාඩම් වැඩ වලටම කැප කරපු ආක්ෂ විභාගය හොදින් අවසන් කරේ පහුගිය සතියෙ....උසස් පෙළ විභාගය අවසන් කරපු හොඳම යහළුවො තුන් කට්ටුව තම තමන්ගෙ නිදහස විදින මොහොතක ආක්ෂ තම හිතට දැනෙන එකම නිදහස හොයාගෙන ඉගිල්ලිලා යන්න මාන බලාගෙන ඉන්න හිරකරපු කුරුල්ලෙක් වගේ බලාගෙන උන්නා....

"ඔව්...මොකද මෙතන කරන්නෙ???"

"නිකන් කල්පනා කරා සදෙව්...!!!"

"ආක්ෂ ඉක්මනින්ම ආයෙ නුවර යනවා නේද?"

"ඔව් සදෙව්....අවුරුදු හතකින් මන් අම්මව දැක්කෙ නෑ.....එයාවත්..."

මුල් වචන සද්දෙන් පිට උනත් මොකද ඔහු අන්තිම වචනය තමන්ටම මුමුණගත්තා....සදෙව් දිහා බලලා ආයෙම ඈත ආකාසෙට ඇස් අයාගත්ත ආක්ෂ හඳ පලුව අතරින් පේන අවුරුදු පහක් උන සිහිනගෙ සිනහවෙන බෝල ඇස් දෙක මවාගත්තා.....

"මාමා මොකද කිව්වේ ආක්ෂ එන එක ගැන?"

ආක්ෂගෙ සිතුවිලි දැහැන බිදිලා ගියේ සදෙව්ගෙ ඊළග ප්‍රශ්නයට වෙනකොට ආක්ෂටත් නොදැනී ඔහු අකමැති මාතෘකාවක් දිහාට සදෙව් ඇවිත් තිබුණා.

"අප්පච්චිට ඕන ඉතින් මන් මෙහේම කන්තෝරුවක රස්සාවකුත් කරගෙන ඉන්නවා බලන්නනෙ"

"උඹ නිවාඩුවටවත් නුවර ගියේ නැහැනෙ. මාමා ඕන දෙයක් කියපුවාවේ. මේ අවුරුදු හතම උඹ, මාමාගෙ ඕනකම් වෙනුවෙන් කැපකරා ඇති. පරිස්සමින් ගිහින් වරෙන්.."

"මන් හෙටම නුවර යන්න හිතන් ඉන්නෙ!"

"අම්මා මට දැන් කිව්වේ...හදිසියේ යන්නෙ මොකද..?"

"හදිසියක් කොහෙද සදෙව් අවුරුදු හතක් ගෙවිලා ගිහින් තියෙද්දි..."

"හ්ම්ම්...විශාක එක්ක පරිස්සමින් යන්න. මමත් දවසක එන්නම් උඹලා ගියාම"

එහෙම කියලා සදෙව් ආක්ෂගෙ උරහිස මතින් අතක් තිබ්බෙ ඔහුව තේරුම් ගත්ත බව අගවන්න වගේ....

"මම ඉක්මනින් එනවා සුදු බෝලෙ....!!!"

හඳ දිහා බලාගෙනම හිතින් හිතුව ආක්ෂ සදෙව් දිහා බලලා හිනා උනා. ආක්ෂගෙ හිතේ සිහින ගැන තියෙන්නේ සහෝදර පෙමක්ද ඊට එහා දුව ගියපු හැගීමක්ද කියලා දැනගෙන උන්නේ ආක්ෂම වෙද්දි ඔහුගෙ හිත ඇතුළෙ පොරකාපු හැගීම් එක සුසුමකින් පිටකරපු ආක්ෂ සදෙව් එක්කම ඇතුළට ආවේ තවත් දිගු දවසක් අවසන් කරමින්.....

.

.

.

"මම ඉක්මනින් එනවා සුදු බෝලේ.....!!! ඉක්මනින් එනවා!!!! "

"අම්මාහ්හ්හ්..!!"

රෑ මැදියමේ එකවරම කෑ ගහගෙන ඇහැරුණ සිහින දාඩිය දාන නලල අත්ලෙන් පිහදාද්දි සිහිනගෙ සද්දෙට සිහින ලගම එහා පැත්තෙ ඇදේ නිදාගෙන උන්න මල්ලිකා පවා ගැස්සිලා ඇහැරුණා...සිහිනට ඇහුණෙ ආක්ෂගෙ කටහඬ...දෝංකාර දිදී හිත පුරාම දුවපු ඒ ගැඹුරු කටහඬ සිහිනගෙ හදවතේ හැම අහුමුල්ලකම දුවද්දි වේගෙන් ගැහෙන පපුව අල්ලගෙන සිහින හුස්ම අල්ලනන්න ගත්තා...

"දරුවෝ!!....නරක හීනයක් දැක්කද...?"

"හ්ම්....හීනයක්...දැක්කා...."

"ආ මේ වතුර එක බීලා නිදාගනින් පුතේ..."

මල්ලිකා ගෙනත් දීපු වතුර එක එකහුස්මට බීලා දාපු සිහින ජනෙල් කවුළු අතරින් කාමරේ ඇතුළට ගලා ගෙන ආව සඳ එළියෙම ඈත පේන හඳ දිහා බලලා අනික් පැත්ත හැරිලා ආයෙම හාන්සි උනත් මොකද නින්දත් නොනින්දත් අතර පොරකාලා ඒ හිත නින්දට වැටෙනකොට මැදියම් රැයත් ගෙවී යමින් තිබුණා......

_______________________________________________

කොහොමද රීඩර් බබාලා.......ඔයාලට කතාව අමතක වෙලා නෑ නේද?? 🥺

අදහසක් දෙන්න.....🖇️❤️

ගොඩක් පරක්කු උනා නේද....ඒකට සමාවෙන්න ඕන....🥺 වැඩ ගොඩක් අස්සෙ ලියපු නිසා අද කොටස ලස්සනයි ද දන්නෙ නෑ ළමයිනේ...

කතාව කියවන වෝට් කමෙන්ට් කරන හැමෝටම ස්තූතියි😊❤️

ඉක්මනින් ආයෙ එන්නම්...

සුකී ආදරෙයි හැමෝටම ❤️‍🩹

මම
සුකී 🖇️❤️

Продолжить чтение

Вам также понравится

4.6K 707 11
""සැනසීම"" ඒ වචනේ තේරුම මොකක්ද කියලා හොයන එකත් මට අකැප දෙයක් වෙද්දී හැමදාම මම පිටකරන ඒ බර හුස්මත් ඒ විදියටම අදත් පිට කලා.ජීවිතයේ අමාරුම සීත ඍතුව ගෙවම...
1.7K 270 7
එයා වෙනස් කොල්ලෙක් හිත හයියෙන් අල්ලන් ඇදලා තියාගන්න හදවත් අස්සෙ ගැහෙන හැගීම් අදුනාගන්න හැබැයි , දැනගෙනත් නොදැන වගෙ රගපාන්න........ ඉතිම් මට හම්බුනු...
Kaeya angst Yeqhss

Фанфик

35.1K 587 27
I never found many kaeya angst on Wattpad, so I decided to add another story myself. ! PLEASE READ ! ⬇️ Warnings ⚠️ • Suicide Attempt • Death •...
Wednesday X Tribrid Arrowcraft

Документальная проза

22.3K 699 29
the story takes place in Nevermore where Wednesday meet a tribrid that is Hope's twin sister who was misplaced at birth. her name is Faith Mikaelson...