හුස්මක් දුරින්...

By AVIBNLeogirl

17.1K 3K 5.4K

හිතින් අල්ලා දෑත් අත්හැරි ප්‍රේමයක්... More

ආරම්භයට පෙර ~❤️
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස

26 කොටස

255 49 149
By AVIBNLeogirl


"යෝහ්...අන්තිමේ අපි සෙට් එක ආයෙම ට්‍රිප් එකක් යනවාආආහ්! මේ පාර ගෙදරින් කවුරුත් නැතුව!!"

"කවුරුත් නැත්තෙ නෑ බබා...අපෙ තාත්තගෙ ගාඩ්ස්ලත් ඉන්නවා ශාලුකගෙ සීයාගෙ ගාඩ්ස්ලත් ඉන්නවා..."
කවිනු එක තැන උඩ පැන පැන දඟලන තේනුකට රවලා කියද්දි තේනු කවියට රවාගෙන මගෙ අතේ එල්ලුණා...

"හරි ඉතින්! එයාලා අපි එක්ක එන්නෙ නෑනෙ!!නැද්ද විහා?"

"හ්ම් හ්ම්..."

"මොකද්ද අනේ!"

"ටිකක් ඉඳපන් බං...මම මේ අඩු මොනවා හරි තියෙද බලනවා..."
මම ලිස්ට් එක බල බල ඉද්දි තේනුකත් ඒකට ඔලුව දැම්මා...

"හරිනෙ එහෙනම්...මුලින් ඩ්‍රයිව් කරන්නෙ මම..."
කවියා අහද්දි යෙහා ඒකට හා කියලා අන්තිමට එයාට දෙන්න කියාගෙන වෑන් එකේ දොර ඇරගෙන නැඟලා දොර ළඟම සීට් එකේ හාන්සි වුණා...

"වුබලා දෙන්නා පිටිපස්සට පලයන්... ඇයි වදේ...උඩිනුත් කපල්...යටිනුත් කපල්...මැද්දෙ-"

"මැද්දෙ බඩුවක්! කට වහන් ඉඳපන්... තමුසෙ එක වතාවක් හරි තනිකඩයි ගාගෙන ආවොත් උස්සලා විසි කරනවා වෑන් එකෙන් එළියට!!

අනන්ත කියනවා වටේ නොයා එකක් තියා ගනින් කියලා බෑනෙ උඹට! කට වහන් ඉදපන් දැන්!"
තේනුවා ඉස්සරහ සීට් එකෙන් එබිලා කියවගෙන කියවගෙන ගිහින් ඉස්සරහ බලාගත්තා ම මට වගේම මට පිටිපස්සෙන් හිටගෙන පපුවට අත් දෙක බැදන් හිටිය ශාලුකටත් හිනා ගියා...

"හාහ්...හරි ඉඳහන්...උඹලට ඇඬෙන්න කෙල්ලෙක් සෙට් කර ගන්නෝ මම! මාස තුනක් යන්න කලින් සිරාවට ම කාටහරි ලව් නොකරො-"

"බූරු කතා නොකිය ඉදපන්...හරිනෙ එහෙනම්...අපි ගියා!"
කවියා ස්ටියරින් වීල් එකට යන්තමට අත් එකතු කරලා වැඳලා වාහනේ ස්ටාට් කළා...අපි සෙට් එක මේ යන්නෙ ඉතින්...නුවර...

සාමාන්‍යයෙන් හැමෝමලා වගේ යන පැත්තක්ද? අනේ මන්දා...මම මීට කලින් ගිහින් නෑ...තනියම කකා බිබී අපාට්මන්ට් එකට වෙලා ඉඳියා මිසක මාව ට්‍රිප් එක්කරගෙන යන්න කවුරුත් හිටියෙ නෑ මට...තේනුවත් කාලෙකින් ගිහින් නෑ කිව්වා උන්ගෙ තාත්තට වෙලාව නෑනෙ...බැලුවොත් ක්ලාස් එකක... ආන්ටි විහිළු කරනවා ඔය මනුස්සයා දවසක පන්තියක ම මැරෙයි කියලා... යෙහා අන්තිමට ගියෙ අටේදි කිව්වා... කවියට තේනුවා ආසයි කිව්වොත් අපායට වුණත් හා...ශාලුක මොනවත් නොකියම හා කිව්වා...ඉතින් අන්තිමේ ඒ ගමන කන්ෆර්ම් වුණා...අපිට ඕන වුණේ කොහෙහරි කොළඹින් ඈතකට යන්න...නිදහසේ ටිකක් ඉඳලා එන්න... ඒ නිසා යන තැන එච්චර වැදගත් වුණෙ නෑ...අපි කතා කරගත්තෙ මාළිඟාවට අනිවාර්යයෙන්ම යනවා... හිතුණොත් මල් වත්තෙ යනවා...තව ඔහොම වැඩියෙන් තිබුණෙ හිතුණොත් යන තැන්...මුලින් අපි ශාලුකලගෙ වලව්වෙ නවතින්න හැදුවත් ශාලුක එයාලගෙ වලව්වෙ අපිට නිදහසේ ඉන්න බැහැ කියලා එයාලගෙ නුවර ටවුන් එකෙන් ටිකක් එහාට වෙන්න තියෙන විලා එකක් බුක් කරලා තිබුණා දවස් තුනකට...

අපි ඒකෙ නතර වෙන්න බලාගෙන යන්නෙ...තාම කළුවරයි...මගෙ අපාට්මන්ට් එකේ ඉඳන් හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි පහළොවකට වඩා නැති නිසා අපි හයිවේ දැම්මට පස්සෙ කියව කියව ගියා ඉතින්...

"ඉතින් බං උඹට කියන්නෙ අපේ...අර එහා කෙළවරේ හිටපු බුවා...ඌ පට්ට බ්‍රයිටා...ඉතින් ක්ලාස් එකේම ෆස්ට් එක ගොඩ බං!"

"ඔයත් කොපි කළාද?"

"මේකනෙ නවී...මම පාඩම් කළා...බට් වටෙන් උත්තර ඇහෙ-ආව් ගහන්නෙපා බං! "

"තොපි දෙන්නා පස්සෙ මරාගනියව් යකුනේ අපිව නොමරා!! පාර බලාගෙන පලයන් හු##"
කවියා කොපි කළා කිව්වාම තේනුක කවිනුට අත් දෙකෙන්ම පිටට ගහගෙන යද්දි කවියා එපා කිය කිය කෑ ගැහුවත් යෙහා ඊට වඩා සද්දෙට කෑ ගැහුවා පාර බලාගෙන යන්න කියලා...

"එක්කො මම ඩ්‍රයිව් කරන්නද බං? බොලා කා ගන්නව නෙ පටන් ගත්ත තැන ඉඳන්?"

"එපා!! මම තරහයි මූ එක්ක...මට පිටිපස්සට යන්න ඕන!"

"බබා වෙන්නෙපා ඕයි..."
යෙහා තේනුට කියද්දි තේනුක යෙහෙන්ට රැව්වා...මූ ඒ කොල්ලව අවුස්සනවා...

"යෙහෙන්...පාඩුවෙ ඉන්නවා! මම සින්දුවක් දානවා එකෙක් කට අරින්නෑ!! බබා...නවී, හරියට  වාඩි වෙන්න සීට් එකේ!"
කවියා සේරටම සැර කරලා සින්දුවක් දාද්දි මට හිනා ගියා...

"මට එපා ඕන්නෑ!"
තේනුවා මූණ බෙරි කරගත්තාම මම යෙහෙන්ගෙ ඔලුවට එකක් ගැහුවෙ කවියා තේනුකගෙ ඔලුවට කිස් එකක් දීලා එක අතකින් එයාගෙ අත පටල ගන්න දිහා බලාගෙන...

"උඹ දන්නවා ඌ නිදිමතේ ඉද්දි හුරතල් වෙන බව! ඇඬෙව්වනෙ දැන්..."

"කවුද ඕයි හිතුවෙ අ-හරි හරි මං වැරදී..."
මම රැව්ව නිසා ඌ එහෙම කියලා ඇස් රෝල් කළා..

"අහ්..."
ඉස්සරහ සීට් එකට එබිලා හිටිය මාව පස්සට ඇදිලා ගියාම මාව ගැස්සුණත් මගෙ පිට ශාලුකගෙ පපුවට හේත්තු වෙද්දි මට හිනා ගියා...

"ඉවරද රණ්ඩු විසඳලා ම්ම්?"

"අනේ ඉති-"

"ඔයත් ටිකක් නිදා ගන්න අක්ෂී...ඊයෙ දවසම අර බලු කෝළම බදන් හිටියනෙ දාලා යන්න බෑ ගගා..."

"ම්හ්ක්...මං එයාට ආදරෙයි ශාලුක! එයාට මුකුත් කියන්න එපා! "

"මටත් වඩා?"
ශාලුක මගෙ බෙල්ල වටේ තිබුණ අත තද කරන ගමන් මාව ඉස්සරහට ඇදගෙන මූණට එබෙද්දි මම අහක බලාගත්තා...කළුවරේ පාරෙ ලයිට් එළිවලට ශාලුකගෙ තද කළු ඇස් දිලිසෙනවා...

"මටත් වැඩිය සයිලෝට ආදරෙයිද?"

"මම ඔයාට ආදරේ නෑ! එදා වැරදිලා කිව්වෙ..."

"ආහ් එහෙනම් මාව ඕන නෑනෙ නෙ?"

"එපා!"

"හ්ම් හ්ම්...කමක් නෑ දැන් මට ඕනනෙ.. එතකොට මගේ තමයි..."

"ආආ...එහෙම ඔයාට ඕන නම් ඔයාගෙ වෙන්න හරි වැඩක්නෙ ඒක!"

"පණ්ඩිතයා...නිදා ගන්න දැන්..."
එයා මගෙ කම්මුල් දෙක මිරිකලා තොල් දෙක උල් වුණාම චූටි පෙක් එකක් දීලා මාව පපුවට තුරුල් කරගත්තා...

"හුම්ම ගන්න බෑ මිනියෝ!"

"මං දැන්ම ම මිනිහා වෙලාද?"

"යාහ් ඉපදුණ දවසෙ ඉදලා මනුස්සයෙක් කියලා හිතුවෙ මම... අමතක වුණා යකෙක් කියලා!"

"රොමෑන්ටික් යකෙක්!"

"මොන බොරු ද? වටේ යන යකෙක්!"

"හ්ම්...ඒකත් ඇත්ත..."
මම විහිළුවට කිව්ව එකට ශාලුක මාව තුරුල් කරගෙන සයිලන්ට් වුණාම මට ඒක අවුල් වගේ දැනුණා... මෙච්චර වෙලා අපි දෙන්නා අපි දෙන්නට ඇහෙන ගානට රහසෙන් කියව කියව ආවෙ...යෙහාට නින්ද ගිහින්...තේනුවා කවියට මොකක්ද දිග~ විස්තරයක් කියනවා...ශාලුක සද්ද නැතිව ගියාම වෑන් එකේ දාලා තියෙන සින්දුව සද්දෙට ඇහුණා...

"ශාලුක..."

"ම්ම්..."

"දුක හිතුණද?"

"නෑහ්...ඔයා ඇත්තනෙ කිව්වෙ..."

"සොරි..."

"මට තව පව් පුරවන්න එපා අක්ෂී... මමයි වැරදි...හ්හ්... දැන් කතා කරලා වැඩක් නෑ...නිදහසට කරුණු කියලා වැඩකුත් නෑ...පරණ හැමදේම පපුවට බරක් විතරයි...

සමහරවිට මම මගෙන් පැනලා නොගිහින් මම මාව පිළි අරගෙන උත්තර හෙව්වා නම් මෙච්චර විකාරයක් වෙන්නෙ නැතිවෙයි..."
එයා සැරින් සැරේ පපුව පුරවලා ලොකුවට හුස්ම ගන්න ගමන් කියද්දි මම එයාගෙ පපුවට අත තියලා උඩට ඇදිලා එයාගෙ කම්මුලට පෙක් එකක් තිබ්බා...

"සිද්ධ වෙලා ඉවර දේවල්...දැන් වෙනස් කරන්න බැහැ ශාලුක...ඉස්සරහට ආයෙත් ඒ දේවල් නොකර ඉන්න...

ඔයා පසු තැවෙන්නෙ මං ගැන නම්... මම තාමත් ඔයාට ආදරෙයි...මට ඔයාව එපා කියලා විහිළුවටවත් හිතිලා නෑ ශාලුක... ඒත්...ඒකෙන් කියන්නෙ නෑ එහෙම දවසක් එන්නෙ ම නෑ කියලා...පුළුවන් නම් එහෙම දවසක් එන්නෙ නැති වෙන්න වැඩ කරන්න...මොකද මට එපා වුණොත්... අම්මට වත් දෙවනි අවස්ථාවක් නෑ මම හිතන්නෙ මගේ ජීවිතේ...

You know it better than anyone Shaluka..."

"හ්ම්...තැන්ක්‍යු අක්ෂී...මම මේ වතාවෙ මම පරිස්සම් වෙන්නම්..."
එයා මගෙ වැවිලා තියෙන කොණ්ඩෙ අතින් පස්සට කරලා නළලට තොල් තද කරලා මාව තව ටිකක් ළඟට අරගෙන ඇස් පියාගත්තා...

"ඔබයි...රම්‍ය සඳ කිරණ...ඝන අන්ධකාරයේ....
ඔබයි...සෞම්‍ය තරු එළිය...ගිම්හාන කාලේ..."
එයා සින්දුවට තාලෙ අල්ලනවා යන්තමට ඇහුණත් ඊට පස්සෙ මට නින්ද ගිහින් වෙන්න ඇති ආයෙ මොනවත් කියනවා ඇහුණෙ නෑ...

.

.

.

.

Shaluka POV

"ශාලුක...අනිත් අය කෑවා...ඔයත් කන්නකෝ..."
අක්ෂි අපි දෙන්නගෙ සැන්විචස් දෙක අතේ තියාගෙන මට වැලමිටෙන් ඇනලා කියද්දි මම පාර දිහා බලාගෙන හිනා වුණා...

"ඔයා කන්න අක්-ම්හ්..."

"කට අරිනවා!"

"සැර මෙයාගෙ..."
මම ඇහිබැමක් උස්සලා අහද්දි අක්ෂි මට රවලා සැන්ඩ්විච් එක මගෙ කටට ළං කළාම මං කෑල්ලක් කටට කඩාගෙන එයාට ඇහැක් ගැහුවා...

"පාර බලාගෙන යන්න!"

"හ්ම් හ්ම්...ඔයා නේ මික්ස් එක හැදුවේ?"
මම අහද්දි එයා ඔව් කියන්න ඔලුව වනලා ආයෙම මට කවන්න ළං කරපු සැන්ඩ්විච් එක මම එයාගෙ අතින් අල්ලලා ම එයාගෙ කටට ළං කළා...

"ඔයත් කන්න අක්ෂී...ඕයි මෙතනින්?"

"මැප් එකේ හැටියට දකුණට බ්‍රෝ!"
යෙහෙන් කෑ ගහද්දි නින්ද ගහින් ඉන්න තේනුකව බදාගෙන ඉන්න කවියා ශීට් එකේ ඔලුව ගහගත්තා...

"යන තැන දන්නෙ නැතුවද දැන් මේ යන්නෙ?"
අක්ෂී එහෙම අහද්දි මට හිනා ගියා... අපි හයිවේ එකෙන් එළියට දාලා මේ විලා එකට පාර හොය හොය යන ගමන්...ඒක අපෙ වුණාට මම දන්නෙ නෑ තියෙන තැන...

"ලොකේශන් එවලා තියෙන්නෙ අක්ෂී...බය වෙන්න එපා...ඒක අවුලක් වෙන්නෙ නෑ..."

"ඔයා අවුලක් නෑ කියන්නෙ ඒක සෑහෙන්න බය වෙන්න වටින වැඩක් ශාලුක..."
අක්ෂි ඇස් රෝල් කරලා කියද්දි මම හිනාවෙලා එයාගෙ කම්මුලට පෙත් එකක් තිබ්බාම එයා මට රවාගෙන අහක බලාගත්ත විදියට මට හිනා ගියා...

මම ලෝභ වෙලා අක්ෂී....රිපෝට්ස් බලනකල් ඉවසන්න බෑ කියලා හිතෙනවා...ඒත්-

"තොපි පෙම් කෙළලා පාර ඉවරයි බ්‍රෝ කියාගෙන ලෝකාන්තෙන් පහළට වැටියව්කො!! අප්පච්චිගෙ චූටි පුතා තනිකඩව ම මැරිලා ගියාම යසෛයි!!

පාර බලාගෙන පලයන් යකෝ!! එක්කො මම ම ඩ්‍රයිව් කරන්නද?"
යෙහා මගෙ ඔලුවට අතේ තිබුණ හිස් බීම බෝතලෙන් ගහලා කෑ ගැහුවා...

" ආආ හරි...මේ ගහ ළඟින් වමට.... හරිනෙ? "

"ඕ...එහෙම ත්-ටිකක් හිටාම්! උඹට ඇයි ඒ ගහ එච්චරට මතක?"

"අපි කලින් පාර එද්දි...මම අටේ විතර... එදා තමයි මම මේ...පළවෙනි පාරට... මේ..."
අක්ෂි මගෙ දිහා බලාගෙන හිටියෙ මූට කියලා වැඩක් නෑ වගේ බැල්මකින්...

"උඹ මොනවා කළාද ගහ අස්සෙ රිංගගෙන?"

"නෑ යකෝ නෑ!! මම එදා තමයි පළවෙනි වතාවට කපල් එකක් කිස් කරනවා දැක්කෙ...එතකන් මම හෙන අහිංසක කොල්ලා!!"

"ඕ කොහොමත් උඹට මදන යකා ගහන්න ගත්තෙ දහයෙන් විතර පස්සෙනෙ!"
කවියා නෝන්ඩියට හිනාවෙලා කියද්දි මම ඌට ෆ්‍රන්ට් මිරර් එකෙන් බලාගෙන රැව්වා...

"ඒ වුණාට මම නම් කියන්නෙ බං... යකාට වුණත් බොටම් වෙන්න හොඳ නෑ!"

" මම කවද්ද යකෝ බොටම් වුණේ!!?"
මම වාහනේ පැත්තක දාලා පිටිපස්ස හැරෙද්දි අක්ෂි මගෙ අතට අතින් ගහලා ඉසස්රහ බලාගන්න කිව්වා...

"ඇයි දැන් කිව්වෙ උඹට යකා ගැහ්-"

"ආආආආ...සීතලට සේරටම ට්‍රැක් පැනලද බං!?"
ඒ සේරම අස්සෙ තේනුවා නින්දෙන් කෑ ගහනවා...

"බබා ඔයා නැඟිටින්න දැන්...ආයෙ නිදාගන්න එපා..."

.

.

.

.

අපි ආවෙ ලොකු අයියගෙ විලා එකකට..ඒක මාර ලස්සනයි...නුවර වැවයි මාළිඟාවයි ඈතින් පේන සීමාවෙ තියෙන්නේ...ඒක හදලා තිබුණෙ හරි අමුතු විදියකට.... මේන් රෝඩ් එක අයිනෙම තියෙන ලොකු ලී ගේට්ටුවෙන් වාහනේ ඇතුළට දාලා සුදු වැලි දාපු පාර දිගේ ඇවිත් වමට හැරෙව්වාම තීරු බෙදලා රූම් නම්බර්ස් වලට ගැලපෙන්න තාර දාලා ලොකුවට පාකින් ඒරියා එක තියෙනවා...මෙතන තියෙන රූම්ස් විස්සට වාහන විස්සක් ගහන්න ඉඩ තියෙනවා එතන...වටේ රතුපාටයි සුදුපාටයි අශෝක මල් වැටි කප්පාදු කරලා ලස්සනට හදලා තියේ...

වම් පැත්තට නැතිව දකුණු පැත්තට හැරුණා ම පූල් එක තියෙන්නෙ...බා ඒරියා එකයි ඕපන් කිචන් එකයි ඒ ටික...ඒක රූම්ස් සේරටම පොදුයි... මේන් රෝඩ් එක අයිනෙ දෙපැත්තටම තියෙන්නෙ රෙස්ටුරන්ට් එක...රූම් සර්විස් ගත්තෙ නැත්තන් එතනින් තමයි කෑම ගන්න පුළුවන්...සේරම ලීවලින් බට පතුරුවලින් හදලා තිබුණෙ... ටේබල් මැට්ස් පවා පන්වලින් හදලා තිබුණෙ... වහලෙට පොල් අතු සෙවිලි කරලා තිබුණා...එතන එක පැත්තක රයිස්,කොත්තු,බිරියානි තියෙද්දි තව පැත්තක කැමති විදියට බෙදාගන්න බත් එක්ක මෙහෙ අය කියන විදියට මාලු ජාති පහළොවක් විතර තිබුණා...එතන පොල්සම්බලේ ඉඳලා අඹ ව්‍යාංජන,මැලේ අච්චාරු වලට යනකල් ම ජාති තිබුණා...තව පැත්තක ආප්ප,පිට්ටු, ඉඳි ආප්ප,රොටී,කට්ලට්...ඔය ජාතිත් තිබුණා... ආයෙම ඩෙසර්ට්ස් වලට ෆෘට්සැලඩ්, අයිස්ක්‍රීම්,වටලප්පම්,පුඩිං වර්ග එක එක ජාති ගොඩක් තිබුණා... එතන නිකන් ඩිස්නිලන්තෙ කෑම වර්ශන් එක වගේ...

මේන් එන්ට්‍රන්ස් එකෙන් තියෙන පාරෙ හැරෙන්නෙ නැතිව ඉස්සරහට යද්දි තට්ටු දෙකේ බිල්ඩින් එකක් තියෙනවා මැද මිදුලක් එක්ක...මැද මිදුලෙන් බාගයක් ඕපන් ග්‍රවුන්ඩ් එකක්...අනිත් ටික ජිම් එකක්...ඒකෙ වටේ තමයි රූම්ස් ටික තිබුණෙ...

අපි උදේ ආව ගමන් බෑග්ස් ටික අපි වෙන් කරපු කාමර දෙකට දාලා ඇවිදින්න ගියා...අපි මුලින්ම මාළිඟාවෙ ගියා පාන්දර... ඊටපස්සෙ නුවර ටවුන් එක වටේ තව තැන් කීපෙකට ගිහිල්ලා වැව රවුමට වෙලා ඉඳලා එන්න හැරෙද්දි හවස හතර විතර වෙලා...ඇවිල්ලා අපි සෙට් එක චෙස් ඇද්දා...යෙහා දෙපැත්තටම සපෝට් කියලා තේනුවගෙන් ගුටිකාලා ඒකගෙ කකුලෙ පැටලිලා මම බෝඩ් එක පෙරලගෙන ඒක උඩ වැටිලා දිනන්න තිබ්බ චාන්ස් එක නැති කළා කියලා අක්ෂි මටත් බෝඩ් එකේ කේසින් එකෙන් ගහලා එක විනාසයක් වුණා අපේ රූම් එකේ...අද යෙහා නිදියනවා කිව්වෙත් අපෙ රූම් එකේ... හෙට කවියලගෙ එකට පනිනවා කිව්වා...ඌට මේ දවස්වල ඉන්න කෙල්ලව එක්කගෙන වරෙන් කිව්වාම එහෙම සෙල්ලමට තියන් ඉන්න උන් ප'මනට් මෙමරීස් වලට ඕන නෑ කිව්වා...වෙනම රූම් එකක් බුක් කරන්න ඇහුවාම තනියම කම්මැලී කිව්වා...කොහොමටත් අක්ෂියි තේනුයි කැමති නෑ යෙහාව තනියම තියන්න...

අපි කට්ටියම රූම් එකට ගෙන්නන්නෙ නැතිව පහළ රෙස්ටොරන්ට් එකෙන් කන්න යන්න හිතාගෙන වේලාසන වොශ් දැම්මා...යෙහා වොශ් එකක් දාගෙන ඇවිත් උගෙ ඔන්ලයින් පිස්සො ටිකත් එක්ක ගේම් ගහනවා...මම හිටියෙ බැල්කනි එකේ....මමත් වොශ් කරගෙන ආවට පස්සෙ අක්ෂි ගියේ... මම බේජ් කලර් ලොකු පොකට් තියෙන ශෝටකට කළුපාට හූඩියක්  දාගෙන හිටියෙ...

එක්සෑම් ඉවර නිසා කොන්ඩෙත් ටිකක් වැවිලා මගෙ කොණ්ඩෙ ඝනයි...වැවුණාම කර්ල් වෙනවා...ආත්තම්මා නම් කියන්නෙම මුතු ගොඩ වගේ කියලා...මමත් ටිකක් වැවෙන්න දුන්නා වෙනසකටත් එක්ක...

කවියා කොහොමත් කොණ්ඩෙ වවනවා කියලා හිටියෙ... ඌට දැන් බන් එකක් දාන ගානට කොණ්ඩෙ තියේ.. තීරු දෙක තුනක් තඹ කරලා ඒකා... තේනුක බබා වගේ නළලට වැටෙන්න කපනවා කිය කිය කොණ්ඩෙ වවනවා...අක්ෂිගෙ කොණ්ඩෙ අපි හැමෝටම වඩා වේගෙන් වැවෙනවා...දැන් එකතු කරලා ටිකක් ගොතන්න තරමට දිගට තියෙනවා...එයා බූල් එකක් දාගෙන ඉන්නෙ මොන වෙලාවෙත්...අක්ෂිගෙ කොණ්ඩෙ ස්ට්‍රේට්...ලාවට තඹ පාටයි... එයාගෙ ලාවට දුඹුරු පාට ඇස්වලට ලස්සනට මැච් වෙනවා...

මම බැල්කනියට වෙලා බලාගෙන හිටියෙ ස්ක්‍රීන් එක පුරා වැටිලා තියෙන අක්ෂිගෙ රූපෙ දිහා...භාවනාවක් වගේ...

වටේ බොඳ කරලා ගත්ත එයා මාළිඟාවෙ දොහොත් මුදුන් දීලා වැඳගෙන ඇස් පියාගෙන ඉන්න ෆොටෝ එකෙන් අමාරුවෙන් ඇස් අයින් කරලා මම උදේ යන්න ලෑස්ති වෙද්දි එයාට හොරාවට ගන්න ගිහින් එයා වැරදිලා දැක්ක ෆොටෝ එක දිහා බලාගෙන හිනාවුණා...

ලස්සනයි...ලස්සනට වඩා සුදු ඇඳුමට එයා පින් පාටයි... ඒ තඹට හුරු කළු පාට ඇස් ආඩම්බරයි...මගේ ළඟ විතරක් ඕනවටත් වඩා බොළඳයි...

එයා කවදාවත් අනිත් මිනිස්සුන්ට දෙන තද බැල්ම මගෙ දිහා බලද්දි ඒ ඇස්වල රඳවලා නෑ...කිසිම දවසක කෙනෙක් ඉස්සරහ නැවෙන්නෙ නැති ඔලුව මං ඉස්සරහ බිමට ම නවන්න එයා දෙපාරක් හිතන්නෙ නෑ...අනිත් උන් එක්ක ගැහුවොත් ගහනවා සීන් එකේ ඉන්න හිතුවත්කාරයා මම අක්ෂි වෙනුවට විහස් කිව්වත් ඇස්වල කඳුළු පුරවගන්නවා...වෙන කෙල්ලො කොල්ලො එක්ක වචනයක් කතා කරන්න මාසයක් විතර එයා පස්සෙ එන්න සලස්වන විහස් අක්ෂිත....මං නිසා අවුරුදු ගානක් තිස්සෙ බලන් ඉන්නවා... ඒකත් මම කරන හැමදෙයක් ඉවසගෙන... රිද්දන හැම දෙයක්ම අමතක කරලා...

වෙලාවකට හිතෙනවා ඒ වගේ පිරිසිදු ආදරයක් ලැබෙන්න තරම් මම වටිනවද කියලත්...හ්හ්....

මම එයාගෙ රූපෙ දිහා බලාගෙන ම ෆෝන් එක අතට මිරිකගෙන අනිත් අත සාක්කුවට දැම්මා...දැන් දවස් ගානක් තිස්සෙ මගෙ ළඟ හැම වෙලාවකම වගේ තිබුණ සිනිඳු සැටින් පෙට්ටිය මගෙ අතට අහු වෙද්දි මගෙ මූණෙ හිනාවක් ඇඳුණා...ඒත් එයා මොනවා කියයිද හිතාගන්න බැරි වෙද්දි මම ඒ ප්‍රශ්නෙ එයාගෙන් අහන්න පැකිළුණා... එදා එයා කිව්වා හොඳට හිතන්න කියලා... හදිස්සියෙන් හරි රිප්-

"ශාලුක?"

"අහ්..."
අක්ෂි ඇඟ සෝදගෙන ඇවිත්....එයා ළඟට ම එනකල් මට ඇහුණෙ නැති නිසා මම එයාව දකිද්දි ම ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් කරලා දැම්මා...

එයාගෙ සිනිඳු කොණ්ඩෙ බූල් එකට අහු නොවුණ තීරු තෙමිලා එකට එකතු වෙලා කූරු ගැහිලා...අක්ෂි ඇන්කල් එක ළඟින් කකුලට ෆිට් වෙන  පැත්තෙන් ලොකුවට HOLLISTER කියලා සුදු පාට අකුරෙන් ගහලා තියෙන අළුපාට ට්‍රවුසර් එකකට සුදු බැගී ටී එකක් ඇඳලා තිබුණා...මම එයාගෙ පාළුවට ගිහින් තියෙන වළලුකර දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා සාක්කුව ඇතුළෙ අතට ගුලි කරගෙන හිටිය බොක්ස් එක හෙමින් අතෑරියා...

තව ටිකක් ඉවසනවා...

"ශාලු-අහ්!"

"ලස්සනයි..."
මම ෆෝන් එක සාක්කුවට දාගෙන එයාව අතින් ඇදලා ඇඟට හේත්තු කරගෙන ඉණ වටේ අත දාන ගමන් කියද්දි එයා මූණ රතු කරගෙන බිම බලාගත්තා...

"ඔලුව තෙමාගෙන නේ...සීතල නැද්ද ළමයෝ?"
මම නිදහස් අතින් එයාගෙ බූල් එකෙන් පිට පැනලා තියෙන කොණ්ඩ කෑලි ටික හදලා අහද්දි එයා මගෙ උරහිසට අතින් ගහලා යන්න දෙන්න කිව්වාම මම එයාව තව ටිකක් ඇඟට හිර කර ගත්තා...

"ඇයි? ලැජ්ජයි ද?"

"ශාලුක! අර තුන්දෙනත් රූම් එකේ ඉන්...නවා...යන්න දෙන්...න"

"ම්හ්...ඕකේ ඕකේ...බඩගිනිද?"

"ටිකක්...."
මම එයාගෙ කම්මුලෙන් ඇදලා අනිත් කම්මුලට තොල් තද කරලා එයාව ආපහු හරවගෙන ඇතුළට ගියේ දැන් කන්න නොගියොත් කවියා මාව කන නිසා...

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

Thanks for 1K votes & 4.8K views බබාලා❤️🧡💛💚💙💜🖤♥️...

සන්ශයින් ආදරෙයි 💓💓💓💓💓

To be continued...

Bye🌹
Sunshine 💖

Continue Reading

You'll Also Like

7.3K 1K 28
දෛවයේ කදුලින් වෙන් වී නැවත එක් වීමට පෙරුම් පුරන ආදරණීය ආදරයක සිත්තමක්....❤️💚 විරාජ් යීබෝ අභිමෙවන්ගේ සහ ශියාඕ ශාන්ගේ ආදර අන්දරය....❤️💚 (අභිමේන්ද්ර ස...
13.3K 1.4K 59
• මිනී මැරුමක සුළමුල සොයා ගිය තරුණයෙක් • වලව්වක උරුමකරුවෙක් • ලේ බැදීමක් නොමැති සහෝදරයන් තිදෙනෙක් • සල්ලි බලය නිසා රජ කරනා ව්‍යාජ පවුලක් • යුක්තිය උද...
35.8K 826 22
[Book 1] Inspired by tenirockz's Justice League vs Teen Titans 2. Let's just say the Titan's are in for a huge surprise.
1.5K 453 27
Clouds of dust kicked up, temporarily blinding me as Lola reared back and raised her front hooves. I coughed and blinked my stinging eyes, gripping h...