Bloody Moon - Taekook Nonfic

By IJJKTHV

7.2K 1K 4.4K

Werewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power)... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
New Stories
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 20
Chapter 21
Chapter 22
Dear Readers..
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31

Chapter 19

201 28 513
By IJJKTHV

.

.

.

.

"තාත්තේ"

කුස්සියේ භාජන වගයක් සෝදන ගමන් හිටපු ජානක ගැස්සිලා ගියේ හිමාශගේ ආමන්ත්‍රණයත් එක්ක..

"ඇයි පුතේ"

දොරකඩ ගාව හිටන් ඉන්න හිමාශව දැක්ක ජානක ආයෙම තමන්ගේ වැඩේට අවධානය යොමු කළා..

"හෙට තෙහස්ගේ බර්ත්ඩේ එකනේ.. අපි පාටි එකක් දෙමුද එයාට.."

හිමාශ හීන් හඬකින් එහෙම කිව්වේ ඒ අදහසට තාත්තා කැමති වෙයිද නොවෙයිද කියලා එයාට හරි නිච්චියක් නොතිබ්බ නිසා..

අන්තිම භාජනෙත් හෝදලා ඉවර වුනු ජානක ඒ වලද රාක්කෙන් නමන ගමන් ඒප්‍රන් එක ගලවලා හිමාශ දිහාට හැරුණා..

"දාමු දාමු.. පව් කොල්ලා අවුරුදු ගානක් අනාථ නිවාසෙනේ පුතේ හිටියේ.. මේ පාර අපි කොල්ලට පාටි එකක් දෙමු.. දැන් තෙහස් ඔය ගැන දන්නවද"

තාත්තා තමන්ගේ අදහස ඉහටත් උඩින් අනුමත කරපු නිසා ව්ගේම මේ දේ නිසා තෙහස්ගේ මූනට හිනාවක් ගේන්න පුලුවන් කියලා දැනන් ඉදපු හිමාශ පැන්න ගමන් තාත්තව බදාගත්තේ බැලන්ස් එක නැති වෙලා ජානක වැටෙන්න් යද්දි..

"නෑ තාත්තේ එයා දන්නෑ.. මේක මේ මට හිතුනු අයිඩියා එකක්"

ජානකගේ තුරුලේ ඉදන්ම හිමාශ එහෙම කිව්වහම ජානක හිමාශගේ හිස ආදරයෙන් පිරිමැද්දා..

"අපි එයාට සප්‍රයිස් පාටි එකක් දෙමු.."

ජානක එහෙම කිව්වහම හිමාශ ඔලුව උඩට පහලට කලා.. ජානක හිමාශව තමන්ගේ තුරුලෙන් මෑත් කරලා හිමාශගෙ උරහිස් වලින් අල්ලගත්තේ හිමාශගේ උසට හරියන්න චූට්ටක් විතර පාතට නැවෙන ගමන්..

"ඔයාලගේ යාලුවොන්ටත් එන්න කියන්න.. එදා සිද්ධිය නිසා පුතාගේ උපන්දිනේ දවසේ පාටි එකක් දුන්නෙත් නෑනේ.. ඒනිසා පුතාගේ යාලුවොන්ටත් එන්න කියන්න.. ඔයාලා ඉස්කෝලේ ගියාම මම හැමදේම ලෑස්ති කරන්නම්.. හවස තෙහස්ව එලියට යවලා රෑ වෙලා පාටි එක දෙමු.. එහෙම හොදයිනේ..?"

තමන්ගේ තාත්තගේ අදහසට තමන් එකගයි කියන්න වේගෙන් ඔලුව හෙල්ලුව හිමාශ කුස්සියේ ඉදන් එයාගේ කාමරේට පියෑබුවේ යාලුවොන්ගේ නම් ලිස්ට් එක හදන්න කියලා හිතාගෙන.. ඒ දිහා බලන් ඉදපු ජානකගේ මූනෙත් හිනාවක් ඇදුනේ මේ වැඩෙන් එයාගේ කොල්ලො දෙන්නාම සතුටු වෙන විදිහ මතක් කරන්..

කාමරේට ආපු හිමාශ නිදන් ඉන්න තෙහස්ගේ පස්සටත් පාරක් ගහගෙනම ගිහින් එයාගේ මේසෙන් වාඩි උනා..

(ඔව්වා නෙතුන්ගේ දේපළ 😾)

ඊටපස්සේ එතන තිබුනු පොතක පිටිපස්ස පෙරලන ගමන් පෑනකුත් අතට ගත්තු හිමාශ පෑනත් කටේ ගහන් කල්පනා කලේ එයාලට ඉන්න යාලුවෝ කව්ද කියලා..

එකපාර නම් දෙකක් ඔලුවට ආවම හිමාශ ඒ නම් දෙක කොලේ උඩින්ම ලිව්වා..

'ශෙවෝන්'
'නෙතුන්'

"ආ තව විකුම්.. ම්ම්ම් එතකොට තව ඉන්නවා වින්දෙව්.."

පැයභාගයක් විතර හිතලා හිතලා හිමාශ ඒ කොලේ ලියලා තිබුනේ නම් දාසයක් විතරයි.. මොකද ඒදෙන්නට යාලුවෝ කියලා එහෙම මහා ගොඩක් ආශ්‍රය කරෙ නෑ..

නම් ටික දිහා ආපහු සැරයක් බලපු ශෙවෝන් ඒ කොලේ බෑග් එකේ පොකට් එක අස්සේ හන්ගලා ඇදට පැන්නේ නිදගන්න කියලා හිතන්..මොකද ඒ වෙද්දි රෑ දොලහටත් කිට්ටු කරලා තිබුනත් එක්කෙනෙක් මේ වෙද්දි එයාගේ ඇද උඩ ඉදගෙන නියපොතු ටිකට වැඩේ දෙන ගමන් එයාගේ යාලුවටත් නිදාගන්න නොදී සෑහෙන ලොකු මිශන් එකක හිටියේ...

.

.

.

"අනේ මට බෑ ඕයි"

නෙතුන් එයාගේ අත් දෙකේම තිබුණු නියපොතු දහයේ අන්තිම නියපොත්තටත් වැඩේ දෙන ගමන් ශෙවෝන්ට මැසේජ් එක සෙන්ඩ් කලා..

සෙන්ඩ් කරන පරක්කුවටම ශෙවෝන් මැසේජ් එක බැලුවේ මේ වෙලාවේ නෙතුන්ගේ මැසේජ් නොබැලුවොත් නෙතුන් කෝල් එකක් අරන් තිත්ත කුනුහරපෙන් බැනලා ඊලගට නාහෙන් අඩන්න ගන්න වග මීට විනාඩි දහයකට කලින් ලැබුනු අත්දැකීමෙන් තේරුම් ගත්තු නිසායි..

"ඉතින් බැයි නම් නොකර හිටපන්කො මට වද දෙන්නේ රෙද්ද නිදාගන්නත් නෑ"

ශෙවෝන් ආපිට රිප්ලයි එකක් එව්වත් නෙතුන් හිටියේ දෙලොවක් අතර තනිවෙලා..

"ඒත් බන් මං දොලහටම විශ් කලොත් ඌ සැක හිතයිනේ"

"ඉතින් හරකෝ තෝ ඕක හෙට කොහොමත් උට කියනවනේ"

"ඒවුනාට ඒක වෙනයි මේක වෙනයි"

"අනේ මේ නෙතුන්.. මට කියලා තොගේ ඒකයි මේකයි තලාගන්නැතුව කියන දේ කරපන්"

ඔව් ඇත්ත්ටම නෙතුන් මේ ශෙවෝන්ටත් නිදාගන්න නොදී කල්පනා කරන්නේ දොලහට තෙහස්ට විශ් කරනවද නැද්ද කියලා..

අවසානයේ පැයභාගෙකට කිට්ටු සංවාදෙකින් පස්සේ වගේම ශෙවෝන්ගේ දැඩි මරණ තර්ජන යටතේ නෙතුන් තීරනයක් ගත්තා විශ් කරනවා කියලා..

"සුඩාම්මියා විශ් කරලා මට ss එකක් එවපම් මයෙම්මා. තෝව සතේකට ශුවර් නෑ මට ඇට රිලවා"

ශෙවෝන් අන්තිමට එවපු මැසේජ් එකට හා කියලා රිප්ලයි එකක් දාලා නෙතුන් එයාගේ ඇගිලි වල හම ගලවන්න ගත්තේ හපන්න නියපොතු නැති නිසා වගේම දැන් වෙලාව 11.57යි නිසා..

විනාඩියෙන් විනාඩිය ගෙවිලා යද්දි නෙතුන්ගේ හදේ රිද්මයද වැඩි උනා.. පන්ඩිතයා වගේ මීට සතියකට කලින් ගත්තු තීරනය ගැන නෙතුන් දැන් එක අතකට පසුතැවෙනවා.. මොකද එයාට බයයි.. ප්‍රතික්ශේප වෙන්න වෙයි කියලා..

ඒත් අනික් අතට එයාට සතුටකුත් තිබ්බා.. ඒ බැරිවෙලාවත් තෙහස් එයාව පිලිගත්තොත් කියලා..

වෙලාව 11.59යි.. නෙතුන් තෙහස්ගේ චැට් එක ඕපන් කරන් මැසේජ් එක ටයිප් කරලා බලන් හිටියේ 12.00 වෙනකන්..

ඇදේ ඉදගෙන ඇද විට්ටමට හේත්තු වෙලා හිටිය නෙතුන්ගේ ඇස් ඊලගට ගිහින් නතර උනේ ඇද ඉස්සරහ තියෙන එයාගේ මේසේ උඩට..

එයා තෙහස් වෙනුවෙන් හදපු තෑග්ග ලස්සනට රැපින් කරලා බෑග් එකට දාගත්තේ හෙට ඉස්කෝලෙදි දෙනවා කියලා හිතන් උනත් එකොළහට විතර හිමාශගෙන් ආපු මැසේජ් එක නිසා එයා තීරනේ කලා ඒක පාටියෙදි දෙන්න..

ඒ නිසා බෑග් එකට දාගත්තු ඒ තෑග්ග නෙතුන් මේසේ උඩින් පරිස්සමට තිබ්බේ ලොකූ සතුටකින්.. ඒ වෙන මොකටවත් නෙවෙයි එයා පුල පුලා බලන් ඉන්න මොහොත තවත් කල් ගියපු නිසා..

ඔව්.. නෙතුන් එයාගේ තෑග්ග හරහා තෙහස්ට තමන්ගේ හැගීම් කියන්න තීරනය කරේ මීට සතියකට උඩදි..

ඒත් තෙහස් ඒ ඉඟිය තේරුම් ගනීද නැද්ද කියන එක ගැන සැකයක් නෙතුන්ගේ හිතේ තිබ්බත්, නෙතුන් ඒ ඕනම දේකට මුහුණ දෙන්න හිත හයිය කරගත්තත්, වෙලාව ගෙවන්න ගෙවෙන්න ඒ හිතේ ගැස්මත් වැඩි උනා..

වෙනම කල්පනාවක හිටිය නෙතුන් උඩගියේ දොලහට තිබ්බ එලාම් එක වැදෙද්දි.. ටක්ගාලා එලාම් එක ඕෆ් කරපු නෙතුන් හැරෙන තැපෑලෙන් මැසේජ් එකත් සෙන්ඩ් කරලා ඒකේ ss එකක් ශෙවෝන්ට යවලා ෆෝන් එක ඕෆ් කරලා දාලා ඇද අයිනට විසි කලේ කලබලේ වැඩිකමට..

නෙතුන් ඇස් කොනෙන් දැක්කා මැසේජ් එක සෙන්ඩ් උනත් ඒක ඩිලිවර් උනේ නෑ.. තෙහස් නිදි ඇති කියලා අනුමාන කරපු නෙතුන් නිදාගන්න සැරසුණේ නින්ද අහලකවත් නැති වෙලාවක..

.

.

.

.

උදේ එලාම් එකට ඇහැරුණු තෙහස් එලාම් එක ඕෆ් කරලා ආයෙම ඇදට වැටිලා ඇස් පියාගත්තේ 'මන් මේ කොහෙද ඉන්නේ? මං කව්ද' කියන ටික ඔලුවට ප්‍රොසෙස් වෙනකන්..

විනාඩි දහයක් විතර ඇදේ පෙරළි පෙරළි හිටිය තෙහස් නැගිටලා ඇසුත් පොඩි කර කර වටපිට බැලුවත් කාමරේ කවුරුත් පේන්න හිටියේ නෑ.. හිමාශ ඉන්නේ බාතෲම් එකේ කියලා ඇහෙන වතුර සද්දෙන් අනුමාන කරපු තෙහස් මේසේ උඩ තියලා තිබුනු ෆෝන් එක අරන් ඔන් කලා..

ඔන් කරනවත් එක්කම වගේ ලොක් ස්ක්‍රීන් එකේ වැටුණු මැසේජ් එක දැකපු තෙහස්ගේ ඇස් දිලිසෙන්න ගත්තේ අමුතුම හැගීමකින්.. ලොක් ස්ක්‍රීන් එකේ වැටුණේ මැසේජ් එකෙන් බාගෙකටත් වඩා අඩු කොටසක් උන නිසා තෙහස් දඩිබිඩි ගාලා ෆෝන් එක අන්ලොක් කරලා වට්සැප් එකට ගිහින් ඒ මැසේජ් එක ඕපන් කලා..

හරියටම රෑ දොලහට එවලා තිබුනු ඒ මැසේජ් එක ඇවිත් තිබ්බේ නෙතුන් කියලා සේව් කරපු නම්බර් එකෙන් වෙද්දි තෙහස් ඒ මැසේජ් එක කියෙව්වේ මූන ලොකු හිනාවකින් පුරවගෙන..

Nethun

"Happy birthday, you! I know you didn’t think I’d remember your birthday today, but how could I ever forget the birthday of a guy as great as you! I hope you have a wonderful day and know that I’m thinking of you today..

Congratulations on another year well spent!

Happy Birthday Thehas!

May your all dreams and wishes come true
Maybe mine too

Happy Birthday again and again!"

බර්ත්ඩේ විශ් එකකට පුලුවන්ද කෙනෙක්ව මේ තරම් සතුටු කරවන්න..?

මේ වෙලාවේ තෙහස්ගේ මූනේ ඇදිලා තියෙන හිනාව දකින ඕනම කෙනෙක්ට හිතෙන්නේ ඒක..

ඔව් සමහරවිට පුලුවන් ඇති.. ඒ විශ් එක එයාට ස්පෙශල් කෙනෙක්ගෙන් නම්...

"Thank you so much nethun.. I wish your dream to come true!"

නෙතුන් එයාගේ මැසේජ් එකේ අන්තිමට කියලා තිබුනු එයාගේ හිනේ ගැනත් කියවපු තෙහස් නෙතුන්ගේ හීනෙත් හැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරා... (😪)

"අඩෝ මගේ බොක්ක... හැපි බර්ත්ඩේ කොල්ලෝ"

මැසේජ් එකක් අස්සේ අතරමං වෙලා හිටිය තෙහස් මේ ලෝකෙට ආවේ මොනාහරි දෙයක් තමන්ගේ ඇගට විසි උන නිසා.. බය උනු පාරට ෆෝන් එකත් පැත්තකට දාපු තෙහස් දැක්කේ තමන්ගේ කරේ එල්ලිලා ඉන්න හිමාශව..

කට පුරවලා හිනා වෙන ගමන් හිමාශටත් ස්තූති කරපු තෙහස් හිමාශව හග් කරාමයි හිමාශ තෙහස්ගේ කරෙන් බැස්සේ..

ආයේ පාරක් මැසේජ් එක කියවපු තෙහස් හිනාවෙවීම බාතෲම් එකට ගියේ මුට මොන යකෙක් වැහුනද කියලා හිමාශ හිතද්දි..

.

.

.

.

.

.

.

"Thank you so much nethun.. I wish your dream to come true!"

"අඩෝ මෙහෙම එවලා තිබ්බා බන්"

උදේ නැගිට්ට ගමන් ඔලුවට හෙනයක් පාත් උනා වගේ නෙතුන්ට මතක් උනේ විශ් එක.. ඇදත් පෙරලගෙනම නැගිට්ට නෙතුන් ඇග වටේ පටලන් හිටිය පොරවන රෙද්ද්දේ පැටලිලා වැටිලා හොම්බත් තලාගෙනම හෙව්වේ ෆෝන් එක..

ඇද විට්ටම පල්ලේ වැටිලා තිබ්බ ෆෝන් එක අතට ගත්තු නෙතුන් ඒක ඔන් කරලා ඇගිලි වල මස් ටික කන්න ගත්තා..

තෙහස්ගේ අත්දැකීමම නෙතුන්ට ලැබෙද්දි ලොක් ස්ක්‍රීන් එකේ මැසේජ් එක බලන්න තෙහස්ගේ චැට් එක ඕපන් කරපු නෙතුන් තෙහස්ගේ රිප්ලයි දැකලා හුගක් සතුටු උනා..

ආයේ රිප්ලයි නොකළ නෙතුන් ඒ මැසේජ් එක එහෙමම ශෙවෝන්ට ෆෝවඩ් කලේ ඒ මැසේජ් එකේ අන්තිමට තිබ්බ වචන සෙට් එක නිසා..

දාපු සැනින් ශෙවෝන් මැසේජ් එක බලද්දි නෙතුනුත් එහෙමම හිටියේ රිප්ලයි එක බලන්න..

"එහෙනම් මගේ මිනිහා වෙයන් කියලා දාපන්"

"අනේ උබ නටපන්"

මැසේජ් එක සෙන්ඩ් කරපු නෙතුන් හිනාවෙවීම බාතෲම් එකට ගියේ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න..

.

.

.

"හරිනේ එහෙනම් පහ වෙද්දි වරෙල්ලා ඈ මං ලොකේශන් දාලා තියන්නම්"

හිමාශ ශෙවෝන්ටයි නෙතුන්ටයි එහෙම කිව්වේ ගේට් එකෙන් එලියට එන ගමන්..

මේ වෙද්දි ඉස්කෝලේ අවසන් වෙලා තිබ්බා වගේම උදේ ඉදන් තෙහස්ට එක එක අයගෙන් විශස් ලැබුනා.. ඒ අතර නෙතුනුත් හිටියා.. ඒත් ඒකවුරුත් තෙහස්ට තෑග්ගක් දෙන්න උත්සුක නොවුනේ හවස පාටියෙදි දෙනවා කියලා හිතන්..

එවගේම හිමාශ ඒ හැමෝටම කියලා තිබුනා මේක සප්‍රයිස් පාටි එකක් කියලා.. ඒනිසා තෙහස් කිසිම විදිහකින් ඒ බවක් දැනන් හිටියේ නෑ..

තෙහස් එහාට මෙහාට වෙනකන් මාන බලපු හිමාශ එහෙම කිව්වම දෙන්නම ඔලුව වැනුවා..

ඊට ටික වෙලාවකට පස්සේ තෙහස් අයිස් පලම් හතරකුත් උස්සන් ආවේ අව් කාස්ටකේ බස් එක එනකන් ඉන්න අතරේ කන්න.. ඒක කාලා ඉවර වෙනවා එක්කම බස් එක ආවම හතර දෙනා බස් එකේ නැගලා තම තමන්ගේ ගෙවල් වලට පිටත් උනා..

බස් එකෙන් බැහැගත්තු හිමාශයි තෙහසුයි ගේට් එක ඇරගෙන ඇතුලට එද්දි හැමදාමත් වගේ අදත් දොර ලොක් කරලා තිබුනේ ජානක ඔෆිස් යන නිසා.. පාපිස්ස යට තිබුනු යතුර ගත්ත හිමාශ දොර ඇරියම තෙහස් ගේ ඇතුලට ගිහින් සෝෆා එකේ වාඩි වෙලා ඔලුව පිටිපස්සට හේත්තු කරගත්තේ මහන්සි අරින්න හිතාගෙන..

"යමන් ලෑස්ති වෙලා කාපන් ගිහින්.. උබේ මල්ලිලා බලන්න යමු"

ඒ වචන ඇහෙනවත් එක්ක වෙඩිල්ලක් වගේ වේගෙන් සෝෆා එකෙන් නැගිට්ට තෙහස් කාලා බීලා ලෑස්ති උනේ අනාථ නිවාසෙට යන්න..

ගෙදර ඉදන් අනාථ නිවාසෙට මහලොකු දුරක් නැති උන නිසා දෙන්නා පයින්ම ඒ පැත්තට ගාටන්න ගත්තා..

"හිමාශ"

"කියපන්"

පාර අයිනේන් ඇවිදන් යන ගමන් තෙහස් හිමාශට කතාකලේ දෙයක් දැනගන්න..

"අම්මාව බලන්නත් යමුකො බන් පුලුවන්නම්.."

"තාත්තා කිව්වා යමු කියලා.. එයා අද කලින් ඒවී එතකොට යමන්"

ඒ වචනත් එක්ක තෙහස්ට සතුටු හිතුනේ පලවෙනි පාරට එයාගේ අම්මා එක්ක එයාට උපන්දිනේ සමරන්න පුලුවන් වෙන නිසා..

කතාවෙන් කතාවෙන් අනාථ නිවාසෙට ආපු දෙන්නා පැයකට ආසන්න කාලයක් පොඩ්ඩො එක්ක ගතකරලා ආපිට යන්න ලෑස්ති උනේ ජානකගෙ කාර් එක ඇවිත් ගේට් එක ළඟ නතර කරපු නිසයි..

පොඩ්ඩො ටිකට සමුදුන්න යාලුවෝ දෙන්නා ඇවිත් කාර් එකට නැග්ගම ජානක එහෙමම කාර් එක ඩ්‍රයිව් කලේ කැලෑව පැත්තට..

"පුතා අම්මව හම්බවෙලා එන්නකො.. ම්ම් දැන් වෙලාව හතරයි.. මං හයට වගේ එන්නම් පුතාව එක්ක යන්න"

එහෙම කිව්ව ජානක කැලෑවයි නගරෙයි යා කරන පාලම උඩින් වාහනේ නැවැත්තුවම තෙහස් හිස සොලවලා ඒකට එකඟ වෙලා කාර් එකෙන් බැස්සා..

කොහොමත් තෙහස් කියන්නේ වැඩිය කතාබහ නොකරන කෙනෙක් නිසා ජානකලටත් තෙහස්ගේ මේ හැසිරීම් හුරුපුරුදු ඒවා උනා..

තෙහස් කැලෑව ඇතුලට ගියාට පස්සේ ජානක බැලුවේ හිමාශ දිහා.. දෙන්නට දෙන්නා හොර හිනාවක් දාගන්න ගමන් ජානක ඊලගට නගරය පැත්තට වාහනය පැදෙව්වේ පාටි එකට ඕනේ බඩු ටික ගන්න..

වටපිට බලලාම කැලෑවට ඇතුලු වුනු තෙහස් සාමාන්‍ය විදිහට කැලෑවේ ඉදිරියටම ඇවිදගෙන ගියා..

තෙහස්ගේ පුහුනුවීම් පටන් අරන් දැන් දවස් හතකට කිට්ටු නිසා එයාට දැන් මේ කැලය අලුත් තැනක් නෙවෙයි..

පුහුණුවීම් පටන් ගත්තා උනත් තෙහස් තවමත් ඉන්නේ මුල් අදියරේ. ඒකට හේතුව අවුරුදු දාහතක් පුරා එයාගේ හැකියාවන් හිරවෙලා තිබුනු එක..

අවසානෙදි ගමට ඇතුල් උන තෙහස් ගමේ හැමෝ එක්කම සුහදව කතාබහ කරලා ඇතුල් උනේ මාළිගාවට.. සුපුරුදු විදිහටම තෙහස්ගේ අතක ස්පර්ශය එක්ක ඒ දොර ඇරෙද්දි තෙහස් ඇතුලට ගියේ හිටිය හැම සේවකයෙක්ම තෙහස්ට ආචාර කරද්දි..

"මගේ පුතේ"

තමන්ගේ පුතාව බලාපොරොත්තුවෙන් හිටිය රැජිණ ඈතින් එන තමන්ගේ පුතාව දැකලා එහෙම කතාකලාම තෙහස් දුවගෙන ඇවිත් රැජිනගේ තුරුලට පැන්නා

"සුභම සුභ උපන්දිනයක් මගේ රන් කැටියාට"

රැජින එහෙම කියලා තෙහස්ගේ නළල ආදරයෙන් සිපගත්තා..

"ඔයා හිටපු තැන අය හරියටම ඔයාගේ උපන්දිනේ අනුමාන කරලා.."

රැජින එහෙම කිව්වහම තෙහස් හිනාඋනා..

ඔව්.. අනාත නිවාසෙට තෙහස්ව හම්බෙද්දි එයාට මාස අටයි.. හම්බුනු දවසේ ඉදන් මාස අටක් ආපස්සට ගිය තැන අනාථ නිවාසයේ පාලිකාවෝ තෙහස්ගේ උපන්දිනය අනුමාන කරා.. පුදුමෙකට ඒ අනුමානේ හරියම හරි..

එතනින් පස්සේ පැයක වගේ කාලයක් අම්මයි පුතයි එකට සතුටින් ගෙවද්දි රැජින ඊලගට කිව්ව දේ එක්ක තෙහස්ගේ පපුවත් එක්කම මොකක්දෝ වෙලා ගියා..

"දැන් ඉතින් මගේ කොල්ලා පොඩි නෑ.. අවුරුදු 18ක්.. පුතා දන්නවද.. දැන් ඉදන් ගෙවන ඕනම තප්පරේක පුතාට ඔයාගේ ආත්ම සහකරු හම්බෙන්න පුලුවන් කියලා..?"

"ම්-මේට්?"

"ඔව් හරියටම හරි"

තමන් කතාපොත් වල කියවලා තියෙනවා වගේ එහෙනම් ඒකතාව ඇත්තක්! 18 පිරුනම මේට්ව හම්බෙන එක..

ඒත් මොකක්දෝ හේතුවකට මේට් කියන දේත් එක්ක තෙහස්ගේ ඔලුවට ආවේ නෙතුන්ව.. ඒ මන්දාකිණි ඇස් වලින් තමන් නිවෙන හැටි සිහියට ආපු තෙහස් හේතුවක් නොදැනෙම ඊලගට ප්‍රශ්නයක් ඇහුවා..

"අ-අම්මේ බැරිවෙලාවත් මගේ මේට් මනුස්සයෙක් උනොත්..?"

"තෙහස්ගේ ප්‍රශ්නය එක්ක රැජිනිය පුදුම උනත් ඇය සන්සුන් විදිහට හිනා උනා..

"අපේ ඉතිහාසේම එහෙම වෙලා තියෙන්නේ තුන් පාරක් විතරයි පුතේ.."

"තුන්පාරයි?"

"ඔව්.."

"ඒකියන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයිද"

අහේතුවකට තෙහස්ට දැනුනේ ලොකු සතුටක්..

"ප්‍රශ්නය්ක් නෑ.. ඒත්.."

"ඒත්..?"

"ඒ දෙන්නගේ පලවෙනි එකතු වීමේදි ඇල්ෆා එයාගේ මේට්ව මාක් කරනවා පුතේ.. සමහර මිනිස්සුන්ට ඒක දරාගන්න අමාරුයි.. ඒත් ඒක දරාගත්තොත් එතනින් එහාට ඒ මනුස්සයා සම්පූර්ණ මනුස්සයෙක් නෙවෙයි.. ඒ මනුස්සයගේ 25%ක වගේ ප්‍රමාණයක් වෘකයෙක් විදිහට වෙනස් වෙනවා.."

"හ්ම්"

"අනික ඔයා තමයි මෙතන රජ වෙන්න ඉන්න කෙනා.. හෙඩ් ඇල්ෆා.. ඉතින් ඔයාගේ මේට් මනුස්සයෙක් උනොත්.. ඒක ඒ කෙනාට වගේම ඔයාටත් ඒ තරම් ලේසි වෙන්නෑ.. ඒ කෙනාට හෙඩ් ඇල්ෆාව දරාගන්න පුලුවන් උනොත් හොදයි"

රැජිනිය විහිලුවක ස්වරයෙන් ඒ දේ කිව්වම රැජිනිය අදහස් කල දේ තෙරුම් ගත්තු තෙහස් ලැජ්ජාවෙන් අහක බලාගත්තා..

මේට් කියන වචනය ඇහෙන්න ඇහෙන්න තෙහස්ට මතක් උනේම නෙතුන්ව වෙද්දි එයා එතනින් එහාට ඒ ගැන නොහිතා ඉන්න තීරනය කලා..

'මන් කොහොමද ඒ මන්දාකිණි ඇස් දිහා බලන් එයාව රිද්දන්නේ'

හ්ම්ම්.. තෙහස් අපි හිතනවට වඩා දුර හිතලා ඉවරයි වගේ...

Nethun's POV

දැන් වෙලාව පහට විතර ඇති.. මමයි ශෙවෝනුයි පික් මී එකක් දාන් හිමාශ එවපු ලොකේශන් එකට යන ගමන් හිටියේ..

තෙහස්ට දෙන්න මං හදපු තෑග්ග මෙ වෙද්දි මගේ ඔඩොක්කේ උඩ පරිස්සමට තිබුණා...

මගේ හදවතනම් එලියට එන්න තරම් වේගෙන් ගැහෙනවා.. අනේ එයා මාව ප්‍රතික්ශේප කරයිද..?

මං බර හුස්මකුත් පාත දාලා ශීට් එකට ඔලුව හේත්තු කරගත්තම මාව තේරුම් ගත්ත ශෙවෝන් මගේ උරහිසට තට්ටු දැම්මා..

ටික්කින් හිමාශ එවපු ලොකේශන් එකෙන් අපි බැස්සහම ඩ්‍රයිවර් අන්කල්ටත් පේ කරලා අපි දෙන්නා ගේ ඇතුලට ගියා.. ගෙදර දොර ඇරිලා තිබුනේ.. ගේ ඇතුල ඔක්කොම සරසලා..

ඒක ලොකු ගෙයක් නොවුනත් ටයිල් කරපු, ලක්සරි විදිහට හදපු ගෙයක් ඒක..

බිත්තිත් සරසලා තෙහස්ගේ කේක් එකත් මේසෙකින් තියලා එතනත් සරසලා.. පන්තියේ ළමයි ටික්කුත් මේ වෙද්දි මෙතන රැස්වෙලා හිටියේ..

අපි දෙන්නත් ගේ පිටිපස්සට යනකොට හිමාශ ඉන්නවා සරමකුත් පටලන් අඹ ගහේ නැගලා..ඌව දැකලා මට බකස් ගාලා හිනාවක් කටින් පැන්න පාර මං අතේ තිබ්බ තෑග්ග ශෙවෝනයට දීලා දඩිබිඩි ගාලා ෆෝන් එක අරන් ෆොටෝ එකක් ගහගත්තා.. දෙන්නම් උබර්ට මං...

ආයේ ෆෝන් එක සාක්කුවට දාගත්තු මං තෑග්ගත් ශෙවෝන්ගෙන් අරගෙන හිමාශට කතාකරාම ඌ ගහෙන් බැහල අපි ගාවට හිනාවේගෙනම ආවා..

"උබට දොලදුකද අඹ කන්නේ"

"මට නෙමේ යකො මේ විනුකයට ඕන කියලා උට දොලදුක"

"අනේ මාස කියද බඩට"

"මාස පහක්ලු බන්"

"කව්ද තාත්තා"

"උටත් කොයි කෙනාද කියලා හිතාගන්න බැරුවලු ඉන්නේ"

හිමාශගේ උත්තරේ එක්ක අපි තුන්දෙනාම හයියෙන් හිනාවෙන්න ගත්තා..

ටික ටික වෙලාව ගෙවෙද්දි හයට කිට්ටු උනාම ජානක මාමා තෙහස්ව එක්ක එන්නම් කියලා ගියා.. එයා කොහෙදෝ යාලුවෙක්ගේ ගෙදරක දාලාලු ආවේ මෙතන මේවා සරසගන්න...

විනාඩි පහලවෙන් එනව කිව්ව මාමා කා කී එකත් අරන් දොරන් වහන් එලියට ගියාම අපි කට්‍ටිය සෝෆා අස්සෙයි,මේස යටයි,කර්ට්න් අස්සෙයි හැන්ගුනා.. පුලුවන් නම් මුන් සිවිලම අස්සටත් රිංගයි..

කට්ටිය කිව්වට මහ ගොඩක් හිටියෙ නෑ.. දාසයක් දාහතක් වගේ තමා හිටියේ.. අපි කට්ට්ය ගෙදර ඔක්කොම ලයිට්ස් ඕෆ් කරලා හැන්ගිලා බලන් හිටියේ තෙහස් එනකන්..

මමයි ශෙවෝනුයි හිටියේ සෝෆා එක පිටිපස්සේ.. හිමාශ හිටියේ ලයිට් එක ගාව..තෙහස්ගේ තෑග්ග මං හිමාශගෙන් අහලා උගේ කබඩ් එක අස්සට දැම්මේ වැඩි ආරක්ශාවට.. මොකද ඕක බිදුනොත් එහෙම මගේ සතියක මහන්සිය මොහොතෙන් ලෙප්ට් වෙනව..

අපි කට්ටිය හැන්ගිලා බලන් ඉද්දි හෝන් සද්දයක් එක්ක කාර් එකක් වත්තට දානව ඇහුනා..

ඊට තප්පර ගානකට පස්සේ කා එකේ දොරවල් දෙකක් අරින වහන සද්දේ එක්ක ඇහුණේ ගෙදර දොර ඇරෙන සද්දේ..

"ඇයි මාමේ ලයිට් නිමලා.. කෝ හිමාශ"

තෙහස්ගේ කටහඩ අපිට ඇහෙද්දි අපි හිනාව පාලනේ කරන් හිටියේ හෙනම අමාරුවෙන්..

ජානක අන්කල් ඒකට උත්තරයක් නොදෙද්දි මන් හෙමීට රබර් ඇහැක් දාලා බැලුවා.. අහ් තෙහසයා කඩාගෙන බිදගෙන යනවා ලයිට් එක තියෙන තැනට.. යකෝ හිමාශයො තොට මූව පේන්නැද්ද ඕක දාපන් පගෝ!

මං හිතින් කෑ ගහනවත් එක්ක හිමාශ ලයිට් එක ඔන් කලාම අපි කට්ටියම හැන්ගුනු තැන් වලින් එලියට පැන්නා...

"සප්‍රා.....යිස්"

අපි මොක්කුද වගේ කෑගහලා බැලුමුත් පුපුරවලා නලාවකුත් පිම්බම තෙහස් නිකන් කරකවල අතෑරිය වගේ අපි දිහා බලන් හිටියේ..

ආ ශරි ශරි කොල්ලා සප්‍රයිස් වෙලා..

ඊලග මොහොතෙම තෙහස්ගේ මූන පුරා අර බොක්සි ස්මයිල් එකක් ඇදුනේ එයාගේ සතුට අපිට පෙන්නලා.. හනේ මේකටනෙ ඉතිම් මං වසී උනේ..

මං පැනි පෙර පෙර එයා දිහා බලන් ඉද්දි එයා අපි ගාවට ඇවිදන් ආවම හිමාශත් අපිට ලන් උනා..

"තෑන්ක්ස් බන්.."

තෙහස් සතුටට ඇස් වල කදුලු පුරවන් එහෙම කිව්වහම අපි හතර දෙනාම ගෲප් හග් එකක් දුන්නා..

වෙලාව ටික ටික ගෙවිලා යද්දි ඊලගට තිබ්බේ කේක් කපන්න.. මෙච්චරවෙලා සින්දු වලට භූමිතෙල් ගහපු ගැරඩි වගේ නටපු සෙට් එක මෙසෙ ගාවට රැස් උනා..

"HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY DEAR THEHAS
HAPPY BIRTHDAY TO YOU ...."

හැමෝම එක හඬින් අත්පුඩි ගගහ එහෙම කිව්වම තෙහස් විශ් එකක් කරලා කේක් එකේ කැන්ඩ්ල්ස් නිවල දාල කේක් එක කැපුවා.. ඒකේ මුල්ම කෑල්ල එයා දුන්නේ ජානක මාමාට..

එයා ඒක බලාපොරොත්තු උනේ නැතුව ඇති.. තෙහස් පලවෙනි කේක් කෑල්ල ජානක මාමා දිහාට දික් කරද්දි ජානක මාමගෙ ඇස් සතුටින් දිලිසුනා.. ජානක මාමට කේක් කැව්ව තෙහස් ඊලග කෑල්ල කැව්වේ හිමාශට..

හිමාශ කේක් කලා තෙහස්ව හග් කරලා විශ් කලාම තෙහස් ඊලග කේක් කෑල්ල අරන් ආවේ මගේ දිහාට.. එයා මගේ කටට ඒක ලන් කලාම මගේ හදවතේ වේගය එන්න එන්න වැඩි උනේ ඇයි කියන්න මං දන්නෑ.. මං ගල් වෙලා වගේ එයා දිහා බලන් හිටියාම එයා දිලිසෙන ඇස් දෙකෙන් මං දිහ බලල මට ඉගි කලේ ඒක කන්න කියලා.. මාත් හෙමින් සීරුවේ කෙල නොගෑවෙන්න කේක් කෑල්ල කෑවම ඊලගට ශෙවෝන්ට එයා කේක් කැව්වා..

කේක් එකනම් රහයි හැබැයි.. ස්ට්‍රෝබෙරි මික්ස් චොක්ලට් ෆ්ලේවර් එකක් ඒක..

හැබැයි එතනින් එහා කාටවත් එයා කේක් කැව්වෙ නෑ.. කේක් එක කපලා එයා පැත්තකට උනාම හැමෝම ගාල කඩාගත්ත හරක් ටිකක් කේක් දැකල නෑ වගේ කේක් එකට පැන්නේ..

ඇයි දන්නැ උන්ට කැව්වෙ නැත්තේ.. කෙල ගෑවෙයි කියලද දන්නෑ.. එහෙනම් අපිට කැව්වේ.. ම්ම් ආඩම්බරකම..

මම ආසමත් මුගේ මේ ආඩම්බරකමට..

"අඩෝ තෙහස් සින්දුවක් කියමුකෝ.. මං දැක්කා ගිටාර් එක්කුත් තියෙනවා"

කේක් කෑල්ලක් කටේ පුරවන් විනුක් එහෙම කෑගැහැවුම තෙහස් හිනාවෙලා ඔලුව වනලා එයාගේ කාමරේට ගියා.. ඊලගට එයා කාමරෙන් එලියට ආවේ ගිටාර් එකක් එක්ක..

එයා ගිටාර් එක අරන් සෝෆා එකෙන් වාඩි උනාම කේක් කකා හිටපු ඔක්කොමත් එයාගේ වටේට පුටුවලයි, බිම ටයිල් එකෙයි ඉදගෙන එකට රැස් උනා.. මමත් ගිහින් හරියටම එයාගේ ඉස්සරහ තිබ්බ සෝෆා එකෙන් වාඩි වෙද්දි ශෙවෝන් මගේ සෝෆා එකට පිටිපස්සෙන් බර උනා..

හිමාශ හිටියේ තෙහස්ට එහාපැත්තේ.. මං දැක්කා ජානක මාමත් දොරට හේත්තු වෙලා අපි දිහා බලන් ඉන්නවා..

එයා හෙමින් සැරේ අපි හැමෝටම එක බැල්මක් හෙලලා ගිටාර් එක ටියුන් කරන්න පටන් ගත්තා..

එයා ඒ දිග අත් අතරට ගිටාර් එක අරන් ඒ ඇගිලි වලින් හෙමින් සීරුවේ ගිටාර් එකේ කෙඳි සකසද්දි මම හිටියේ මට ඉස්සරහින් පේන ඒ කඩවසම් රූපේ ඇතුලේ අතරමං වෙලා..

ක්ශණිකෙන් මගේ ඔලුවට ආපු අයිඩියා එක්කට මං ශේප් එකේ ෆෝන් එක සාක්කුවෙන් එලියට ගත්තා..

ඊලගට මං කලේ සකබමරේ වගේ කැරකි කැරකි වටපිටාව චෙක් කරපු එක.. අවුලක් නෑ.. එක එකා එක එක ලෝකවල.. සමහරු කේක් එකත් එක්ක ලව් කරනවා සමහරු ෆෝන් ඔබනව සමහරු ටයිල් හූරනවා..

මං ශේප් එකේ ෆෝන් එකේ බැක් කැම් එක ඔන් කරලා තෙහස්ව පේන විදිහට ෆෝන් එක හරවගත්තා..

තෙහස්ගේ කඩවසම් රූපේ ගානට මගේ ෆොටෝ එකට කැප්චර් උනත් උනේ විලි ලැජ්ජ නැති වැඩක්..

මේ ලෝකේ නොහිටිය මං ෆොටෝ එක ගහලා තියෙන්නේ ෆ්ලෑශර් එකත් එක්ක වෙද්දි ෆොටෝ එක ක්ලික් වෙච්ච සද්දෙයි, වැදුණු ෆ්ලෑශර් එකයි එක්ක ඔක්කොගෙම ඇස් යොමු උනේ මගේ දිහාට..

වැඩේ තේරුනු මං ශේප් එකේ ෆෝන් එක තුරුලු කරගන්න ගමන් සෙට් එකට ගොන් පහේ හිනාවක් දැම්මත් උන්ට වැඩේ තෙරිලා වගේ..

"මගේ.. කට්ට.. හැට්ට කට්ට වැටුණා... ඒකයි.. හෙහ්.."

මං වචන අහුල අහුල එහෙම කියලා පට ගාලා ෆෝන් එකේ ටෝච් එක ඔන් කරන් හතරට පහට නැමිලා නැති කට්ටක් හොයන්න පටන් ගත්තම තෙහස් උගුර පෑදුවා..

"හරි එහෙනම් කියමු නේ..?"

අනේ මගෙ සුදුමාතියා මාව බේරුවා.. තෙහස්ගේ ප්‍රශ්නේ එක්ක ආපහු කට්ටියගේ අවධානේ මගෙන් නැතිඋනාම මං ලොකු හුස්මක් පාත දාලා පපුවත් අතගාගත්තා.. මට ඇහෙනවා ශෙවෝනයා හිනාවෙන සද්දෙ..

මං පිටිපස්ස හැරිලා උටත් දෙකක් රවලා ඉස්සරහ බලාගත්තා..

"උබ කියපන්"

"අපි කට්ටියම කියමු"

"නෑ උබ තනියෙන් කියපන් මුලින්"

හසිතගේ අදහසට එකග වෙච්ච තෙහස් ටිකක් වෙලා කල්පනා කරලා ඒ කෙඳි දිගේ ඇගිලි යවන ගමන් වචන වලට තනු දිය කරන්න ගත්තා..


"දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරු...."

එයා වචන වලට පන පොවන්න ගත්තම ඒ ගැඹුරු නමුත් මිහිරි කටහඬ අපි හැමෝවම අපේම ලෝකෙකට ඇදලා දැම්මා..

ඒ වචන, ඒ කටහඩ, තාලෙට ඇහෙන ඒ කෙඳි ගැටෙන සද්දෙත් එක්ක අමුතුම අවුරාවක් පැතිරෙද්දි අපි හිටියේ අපේ ලෝක වල..

සුපුරුදු විදිහටම මම මගේ ලෝකේ එයාගේ අවසරයක් නැතුව එයා එක්කම කිමිදෙද්දි මගේ ඇස් තිබ්බේ එයා ගාව..

එයා ඇස් පියාන තාල අල්ලන ගමන් සින්දුව කිව්වත් සමහර වචන කියද්දි එයා ඇස් ඇරලා අපි දිහා බැලුවා.. මම දිහත්..

"මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමි වූ..."

ඒ වචන එයා කිව්වේ මං දිහා බලාගෙන..

"මනහාරි නුරාවී නෙතු මානේ සිනාසී තව ළං වී පෙමින් දම් ගොතමී..."

ආපහු ඇස් වහගෙන තාල අල්ලපු එයාගේ මූනේ ඇදිලා තිබුනේ සැනසිලිදායක හිනාවක්..

"ගිම්හානේ තුහීන ගේනා ඔබෙන් මා නිවෙමී සදාකල් හිදිමී...
තරු යායේ පුරා හඳ වාගේ වළාවක මාගේ ආලේ ලියමී..."

ටික වෙලාවක් ගිටා එක ප්ලේ කරපු එයා ඊළඟ වචන ටික කියද්දි ඇස් ඇරියා.. ඒත් කලින් පාර වගේ ඒ ඇස් අපි හැමෝම දිහාට යොමු උනේ නෑ.. ඒ වචන ටික එක්ක එයාගේ ලා දුඹුරු මායා ඇස් දෙක කෙලින්ම පැටලුනේ මගේ ඇස් එක්ක වෙද්දි මොහොතකට මට හිතුනා එයා ඒ පද පේළි වලට පණ පෙව්වේ මං වෙනුවෙන්ද කියලා...

අවසානයේ සින්දුව අවසන් කරපු එයා මගේ දිහා බලලා හිනා උනහම මමත් හිනාවෙලා අත්පුඩි ගැහුවා.. අපි හැමෝම එයාට අත්පුඩි ගහලා තව සින්දු ඉල්ලුවත් ඊලග සින්දු ටික කිව්වේ අපි හැමෝම එකතු වෙලා...

පැය බාගයක් විතර සින්දු කිව්ව අපේ ඉතිරි වෙලාව ගෙවිලා යද්දි අපි හැමෝම පිස්සුවෙන් වගේ ඩාන්ස් කලේ..

වූෆර් එකට ෆෝන්ස් කනෙක්ට් කරලා සින්දු දාන් සෙට් එකම හොද ආතල් එකේ නැටුවා.. මම,එයා,ශෙවෝන්,හිමාශ අපි හැමෝම..

ඊටපස්සේ රෑ නවය පහු උනා කියලා මතක් කරලා යන්න ජානක මාමා වත්තේ ඉදන් ගේ ඇතුලට ආවහම අපි කට්ටිය ගෙවල් වලට යන්න තීරනේ කලා..

ආපු හැමෝම තෙහස්ට විශ් කරලා තෑග්ගත් දීලා රෑ කෑමත් කාලා ආපු වාහන වලින්ම එයාලගේ ගෙවල් වලට පිටත් උනාහම අන්තිමේට ඉතුරු උනේ මායි ශෙවෝනුයි.. අපි කොහොමත් ගෙවල් වලට කියලා ආවේ දහය වගේ වෙයි කියලා.. කොල්ලො නිසා ගානක් නෑ ඉතින්..
ඇරත් ජානක මාමත් අපේ ගෙවල් වලට කතාකලා හවස...

"එහෙනම් අපිත් යන්නම්.. හැපි බර්ත්ඩේ තෙහස්.."

ශෙවෝන් එහෙම කියලා තෙහස්ව හග් කරලා එයාගේ තෑග්ග දුන්නම මම හිමාශ එක්ක ගියේ මගේ තෑග්ග ගන්න..

කබඩ් එක ඇරලා හිමාශ තෑග්ග මගේ අතට දුන්නාම මම වෙව්ලන අත් වලින් ඒක අතට ගත්තා.. හිමාශ මගේ පිටට තට්ටුවක් දාලා කුස්සිය පැත්තට ගියත් මම තාමත් එතන ගල් වෙලා..

"තෝ ඕක අරන් ආවේ දෙන්නද නැත්තන් ඒක දිහා බලන් ඉන්නද"

ශෙවෝන්ගේ කටහඩ එක්ක මං පියවි සිහියට ආවේ..

"ද්..දෙන්න"

මගේ වචන පවා ගොළු වෙල තියෙද්දි මගේ මුලු ඇගම වෙව්ලලා සීතල වෙලා යනව මට දැනෙනවා..

අනේ මට බෑ....

"මෙහෙ වරෙන්"

මම හිතින් අඩ අඩ ඉද්දි ශෙවෝන් මාව ඇදන් ගියේ තෙහස්ගේ ඉස්සරහට..

මම තෑග්ග මට තුරුල් කරන් තෙහස් දිහා බලන් ඉද්දි තෙහස් ප්‍රශ්නාර්ථ බැල්මකින් මං දිහා බලන් ඉන්නවා..

"ඕයි"

ශෙවෝන් රහසින් මුමුනන ගමන් වැලමිටෙන් මට ඇන්නම මං පට ගාලා තෑග්ග තෙහස්ගේ ඇගේ ගහලා වචනෙන් දෙකෙන් විශ් කරලා යනවා කියාගෙන ශෙවෝන්ව ඇදන් ගෙයින් එලියට බැස්සා..

"යකෝ ඔහොමද තෑග්ගක් දෙන්නෙ"

"මං දන්නෑ ඕයි මාව වෙව්ලනවා.. පික් මී එකක් දාපන්.."

"යකෝ හිමාශට කිව්වෙත් නෑ යනව කියල"

"මගින් කෝල් එකක් දෙමු"

ශෙවෝන් පික් මී එකක් දාන ගමන් මට නෝක්කාඩු කිව්වම මං කලේ ගේ දිහා හැරිලවත් නොබලා භූතයෙක් දැකලා බයවෙච්ච එකෙක් වගේ සුදුමැලි වෙලා හිටිය එක..

විනාඩියක් යන්න කලින් කා එකක් ඇවිත් අපි ඉස්සරහින් නැවැත්තුවම අපි ඒකට නැග්ගා..

ඒ එක්කම ඩ්‍රයිවර් මාමා වාහනේ ස්ටාට් කලා..

වාහනේට නැග්ග ගමන් මං කලේ ශීට් එකට හේත්තු වෙලා බර හුස්මවල් පාත දාපු එක..

මම හුස්ම ගන්න වේගේ ඇහිලද මන්දා ඩ්‍රයිවර් මාමා කණ්ණාඩිය හරහා මං දිහා බලද්දි මං එයාට හිනා උනා.. නැත්තන් මේ මනුස්සයා මේක හොස්පිට්ල් එකකට අරන් යයි..

"දුන්නානේ?"

ශෙවෝන් එක පාරම මගේ ඇගට කඩා පැනලා මාව බදාගෙන කෑ ගහන්න ගත්තේ මගෙත් හිත ටික ටික සන්සුන් වෙද්දි..

"හ්ම්ම්"

"අඩෝ ඒකියන්නේ උබ ඒක කලා..."

මම මිමිනුවාම ශෙවෝන් ආයේ කෑගැහුවා..

"මට බයයි බ්න්"

"හ්ම් බය වෙන්න එපා.. ඌ උබව තේරුම් ගනී බන්.. අනික අද ඌ අර ෆස්ට් සෝන්ග් එක කිව්වේ උබටද කියලත් මට හිතෙනවා.."

"එහෙම හිතනවද?"

"ඔව් බන්.. අනික ඌ උබට එදා කිස් එක්කුත් දුන්නා.. එහෙම යාලුවෝ දෙන්නෑනේ බන් සාමාන්‍යෙන්.. කම්මුලට දුන්නත් නළලට දෙන්නෑනේ ඕයි"

"මන්දා බන් මට පිස්සු වගේ"

මං එහෙම කියලා බර හුස්මක් පාත දැම්මා..

"බයවෙන්න එපා.. මේ ඒකනෙමේ.. උබ දැන් ඕක ව්‍යංගෙන්නේ කිව්වේ.. ඌ ඒක තේරුම් ගනීද..?"

ශෙවෝන් මගේන් එහෙම ඇහුවම නම් ලාවට මට හිනාවක් ගියා..

"හ්ම් මගේ වෙලාව හොද නම් තේරුම් ගනී.."

මං ලාවට කියලා දැම්මත් ශෙවෝන් කලේ මගේ ඔලුවට ගහපු එක..

"මොකද බන්"

මං මූන නාලු කරන් එහෙම ඇහුවම ශෙවොන් මට රැව්වා..

"ඇයි උබ පාර කියන තාරුකයෙක්ද.. අනේ මේ.. ගනින් ෆෝන් එක.."

"ඒ මොකටද"

"ගනින්කො"

මං සාක්කුවෙන් ෆෝන් එක එලියට ගත්තා..

"මෙහෙම කරපන්.. උබ මොකක් හරි ස්ටේටස් එකක් දාපන් උට වදින විදිහේ.. ඒකියන්නේ ඌ බැරිවෙලාවත් ඉඟිය තේරුම් ගත්තේ නැත්තන් අපරාදේ නේ ඕයි.. ඒනිසා දාපන්.."

"හ්ම් ඒකත් ඇත්ත.. කොහොම එකක්ද දාන්නේ.."

"ම්ම් ආ.. එදා කිස් එක ගැන දාපන්.. උට නෝට් වෙයි එතකොට"

"ම්ම්"

ශෙවෝන්ගේ අදහසට මං කැමති උනත් මං ඒකට ටිකක් මැලි උනේ හිතේ තිබ්බ බයට.. එයා මං ගැන මොනා හිතයිද මන්දා..

මං තොලක් හපන් ඇහිබැම් ඇකිලුවම ශෙවෝන් මගේ උරහිසට අතක් තිබ්බා..

"දාපන්.. මමනේ කියන්නේ මුකුත් වෙන්නෑ...අනික මතකනේ එදා කෙල්ලෙක් නම්බර් එක ඉල්ලුවා උගේ.. පරක්කු වෙන තරමට උබට පාඩුයි.."

ඔව්.. දැන් වෙන කරන්න දෙයක් නෑ.. තෙහස් වෙන කෙනෙක්ගේ වෙනකන් මට බලන් ඉන්න් බෑ.. ඒ හින්දම තමා මම තෑග්ග හරහා එයාට ඒක කියන්න උත්සාහ කලෙත්.. ඒට් එයා ඒක තේරුම් නොගත්තොත්...

එයාව මට නැති උනොත්.....??

නෑ නෑ නෑ.. ඒක වෙන්න දෙන්නෑ මං..

හිතට හයිය ගත්තු මං ගැලරි එකෙන් ෆොටො එකක් අරන් අපේ සෙට් එකව හයිඩ් කලා..

"හිමාශටයි අන්කල්ටයි කෝල් එකක් දීපන් මං ටයිප් කරනකන්"

ඒකට ඔලුව වනපු ශෙවෝන් හිමාශට කෝල් එකක් ගන්න හැටි මං ඇස් කොනෙන් දැක්කා..

මොනවද මම දැන් මේකේ ටයිප් කරන්නේ.. ඒකත් එදා කිස් එක ගැන..

සිබින්න දෙන්න ඔය දෙතොල් උම්ම්ම්මහ්
තකි තකි තකි තකි රුම්බාහ්

කියලා දැම්මොත් අවුල්ද..

සැක්.. ඒ මොන විකාර අදහසක්ද ඒ..

මගේම ඔලුවට මං ගහ ගත්තේ ඩ්‍රයිවර් අන්කල් කන්නාඩියෙන් මාව දකිද්දි.. මට පිස්සු කියලා හිතුවද දන්නෑ.. මං ගොන් හිනාවක් දාලා ෆෝන් එකට ඔලුව ඔබාගත්තා..

අහ් හරි.. මෙහෙම දාමු..

ඔලුවට ආපු අයිඩියා එකට මං ස්ටේටස් එක ටයිප් කරන්න පටන් ගත්තා...

...

එක අහම්බයක්...;
උබේ ඇස් අස්සේ කිමිදුණු මට මාවම නැතිවුණා...

එක ස්පර්ශයක්...;
උබ අවසරයක් නැතුවම මගේ හදවතේ නවාතැන් ගත්තා...

එක උනුහුමක්...;
මගේ මුළු ආත්මෙම උනුහුම් කරලා දාන්නත් උබට පුලුවන් උනා...

එක හාදුවක්...;
රටාවකට ගැහුණු මගේ හදවතේ රිද්මය පවා උබ උදුරගත්තා...

මට මාව නැතිකරන්න තරම්..,
මට හොරා මගේ හදවතේ ලැගුම් ගන්න තරම්..,
මගේ ආත්මෙම උනුහුම් කරලා දාන්න තරම්..,
මගේ හදවතේ රිද්මය උදුරගන්න තරම්..,

කොටින්ම කිව්වොත් උබ ගාවදි මාව අතරමං වෙලා යන්න තරම්..,

මොකක්ද ඒ හැඟීම..?

අවසානයේදී මට උත්තරේ හම්බුණා....!

සමාවෙයන්...;
මට ආයේ හැරෙන්න බෑ...
මට දැනුණු තැන මම නැවතුණා...

...

මම ස්ටේටස් එක සෙන්ඩ් කලේ නියපොත්තක් හප හප..ස්ටේටස් එක දාපු ගමන් ශෙවෝන් ඒක බැලුවා..

මම ඌ දිහා බැලුවම ඌ දාගෙන ඒක කියවනවා..

ටික්කින් ඌ මං දිහාට හැරුණේ ඒ ඇස් වල ලා කදූලු පටලයක් එක්ක..

"අනේ බන්.."

ශෙවෝන් කිසි පැකිලීමක් නැතුව කා එක ඇතුලෙම මාව බදාගද්දි මාත් ඌව ආපිට බදාගත්තේ මූ නැත්තන් මට මේ දේ කරන්න බැරි බව මං දන්න නිසා..

"ඌ උබව රිජෙක්ට් කරන්නෑ බන්.. මට විශ්වාසයි.. උගේ ඇස් අද කලේ බොරුවක් වෙන්න බෑ.."

"හ්ම්ම්"

ශෙවෝන් මාව බදාගෙනම කියද්දි මම මිමිනිල්ලකින් උත්තර දුන්නම ශෙවොන් මගෙන් ඈත් උනා..

"උබ මාර රොමෑන්ටික් පොරක්නේ"

ශෙවෝන් හිනා වෙවී එහෙම කිව්වම මමත් හිනා උනා..

"උබ එහෙනම් අඩියක් ඉස්සරහට තිබ්බා..."

"ම්ම්.. තෑන්ක්ස් බන්.. උබ නොහිටින්න මං තාම එකම තැන.."

"අඩෝ ඒවා අවුලක් නෑ බන්.. උබ මගේ බොක්කනේ.. ඒකනෙමේ Star Jar එක පැලුන්නෑ කියල ශුවර්නේ..?"

"නැ නැ මං කබඩ් එකෙන් දැම්මෙත් ඒකයි.."

"ඒක හොදයි.. උබමද තරු හැදුවේ..?"

"හ්ම්ම්.. මගේ අත් වලින්ම හැදුවා.."

"උබ ගානට ගනන් කලා නේ..? එකක් හරි මිස් වෙලානම් වැඩේ අඤ්ඤ කොරොස් ඈ"

"ඔව් ඔව් ගනන් කලා දහ පාරට වඩා.."

"කීයක් දැම්මද..?"

ශෙවෝන් මගෙන් එහෙම ඇහුවම මම එයා දිහා බලලා හිනා වෙලාම උත්තර දුන්නා..

"ම්ම් මං ඒකට දැම්මා තරු......................"

.

.

.

.

.

.

.

Someone POV

"126යි..
  127යි...
  128යි...

  129යි..."

"තරු 129ක්...!!!?"

.

..

.

--------------------------------

ME IS BACK 😎

පුලා පුලා බලාසිටි මොහොත උදා උනා 😌

මේ තමයි ස්ටා ජා එක.. එතකොට මේකට දාන තරු ප්‍රමානේ එක්ක අදහස වෙනස් වෙනවා..

තරු 129 කියන්නේ "මම ඔයාට ආදරේ කරනවා" කියනවා මීනින් එක..

ඒක ඔයාට ක්‍රශ් එකට හෝ දැනටම ආදරේ කරන කෙනාටත් දෙන්න පුලුවන්.. මමත් කාලය්ක් ඕකක් හදන ගමන් හිටියා.. පස්සේ මැදදි ඩාන් ඩුන් සිද්ධියක් උන නිසා වැඩේ අතෑරල දැම්ම😒

තරු ගානට මීනින් එක වෙනස්.. යාලුවොන්ට දෙන්නත් පුලුවන් අදාල තරු ගාන එක්ක..

ඇත්තටම ළමයි ඒක හරි ලස්සන විදිහක් ආදරේ ප්‍රකාශ කරන්න..දැනටම ආදරේ කරන කෙනාට උනත්..💜️

ඔයාලත් ට්‍රයි කරල බලන්න 🌝

ආ තව ෆ්ලෑශර් එකේ සීන් එක මට ආස්ක් අව්ට් එකට කලින් ලියන්න ඕන උනත් අමතක උනා.. ඒනිසා මෙතෙන්ට දැම්මේ.. තෙහස්ගේ ලස්සන එක්ක නෙතුන්ට ෆොටො එකක් ගන්න නොහිතුනොත්නෙ පුදුමේ😒

කව්ද තරු ගනන් කලේ...?

නෙතුන්ගේ ඉඟිය තේර්ම් ගනීද...?

තේරුම් අරන් නම් උත්තටේ මොකක් වෙයිද..?

ශ්වෝන් මරු නේ...?

තෙහස් ගැන මොකද හිතන්නේ...?

එතකොට සාමාන්‍යෙන් ටොප්නෙ ආස්ක් අව්ට් කරන්නේ.. ඉතින් මං ට්‍රැක් එකෙන් පිට පැනලා බොටම් ලවා ආස්ක් අව්ට් කලා.. අවුලක් නෑනේ..?

කතාව ගැන අදහස් ඕන ලමායි 👀

එතනින් එහාට..

මම මුකුත් කියම්නෑ 🌝

බායි 😁👀

මීට- රීඩර්ස්ලට ගින්දර දීලා ෆෝන් එක ඕෆ් කරලා දාලා තඩි රෛස් එකක් ගිලින ගමන් දෙවෙනි ඉනිම මුල සිට බලන ඕතරී 😪

Continue Reading

You'll Also Like

32.8K 1.6K 21
abhira fans pls stay away from this story it's a abhirohi story ... peep into know more ...
610 54 3
සිතින් විතරක් පෙම් කරන්නම්.. දුරින් හිද ඔබ දෙස බලන්නම්.. ළංව ඉන්නට බෑ ඔබේ.. අපට අප හිමි නෑ ලොවේ.. ඔබට මා හිමි නෑ .. මටද ඔබ හිමි නෑ...🥀 ප්‍රේමය නම් ප...
10.7K 1.8K 28
අවාරෙක මෙහි ඇවිත්_ මගේ හද කියවන්න_ ලියා යමි ගැඹුරු තැන්වල_ ආදරෙයි උතුරන්න_ නෙතූ අභින්ස 🦋🤍🩸 🦋🌙❤️ Tk Akkubae_🦋✍️
2.2K 289 20
E book covers for any platform Youtube thumbnails for YT fanfictions Anything!