හුස්මක් දුරින්...

By AVIBNLeogirl

16.8K 3K 5.4K

හිතින් අල්ලා දෑත් අත්හැරි ප්‍රේමයක්... More

ආරම්භයට පෙර ~❤️
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස

12 කොටස

289 44 36
By AVIBNLeogirl


"කියන්න..."
මම ෆෝන් එක ආන්ස්වර් කරලා කනේ තියා ගන්න ගමන් කිසි උවමනාවක් නැතිව කියලා සයිලෝගෙ කෑම එක බෙදලා නිවෙන්න තිබ්බෙ මට තව ටිකකින් ක්ලාස් නිසා...

" මොකද්ද? මැරි කරනවා? ඔයා?"

"විහිළු කරන්න එපා මමා...ඔයා නොදන්නවා වුණාට ඔයා රටටම විහිළුවක් වෙලා ගොඩක් කල්...ඒ නිසා  මල විකාර කරන්න කලින් ටිකක් කල්පනා කරලා බලන්න..."
මම කේන්තියෙන් ම එහෙම කියලා දාලා කෝල් එක කට් කරන්න ගියත් මමා මාව හම්බවෙන්න අහන නිසා මම ඇස් පියාගෙන ලොකු හුස්මක් ගත්තා...

"ඉඩ තියෙන වෙලාවක එන්න...කෝල් කර කර වද දෙන්න එපා..."
මම ෆෝන් එක සෝෆා එක උඩට විසි කරලා වොශ්රූම් එකට ගියේ මම දැනටම පරක්කු නිසා...අද තේනුවත් නෑ...ඌ අම්මයි අප්පච්චියි එක්ක ට්‍රිප් එකක් ගිහින්...ට්‍රිප් එකකට වඩා උන්ගෙ අම්මගෙ ගම මාතලේ....ඉතින් ආච්චි අම්මා බලන්න ගිහින්....

"සයි....දඟ කරන්නෙ නැතිව ඉන්න හොඳද...ඔයාගෙ ටෝයියා මෙතන... මේ!?"
එයා හප කරල ම දත් පාරවල් වැදිලා තියෙන රබර් ඩයිනොසර්ව එයාට පෙන්නලා ම එයාගෙ මැට් එක උඩින් තියපු මම දොරත් වහගෙන එන්න ආවෙ ක්ලාස් යන්න හිතාගෙන...

ලිෆ්ට් එකේ එන ගමන් එදා ශාලුක ම බෙල්ලට දාපු නෙක්ලස් එක ඇඟිලි අතරෙ එහෙ මෙහෙ කර කර තනියම හිනාවෙවී ඇවිත් මම ඔලුව උස්සන්නෙ නැතුව ම ගිහින් අංකල් නතර කරගෙන ඉන්න කා එකට නැග්ගා...

අද කම්මැලි දවසක් වෙයි....

.

.

.

"ස්...ස්ස්...සුදු මැණිකේ..."
ක්ලාස් එකේ ගිහින් වාඩිවෙලා ටික වෙලාවක් යද්දි මම අහන්න අකමැති ම කටහඬකින් එපාවෙන නමක් ඇහෙද්දි මම ගැස්සිලා ගියේ ක්ලාස් එක ඇතුළෙ ඌ කොහොමද කියලා හිතන ගමන්...

"මෙහෙ බලන්න ඉතින්... ආඩම්බරයි නේ ඉතින්..."
අරූ කියවන ඒව වටේටත් ඇහෙන නිසා මම ඒ පැත්ත බලලා ඇස් දෙකෙන් රවද්දි ඌ මහ මනමාල හිනාවක් දැම්මා...

"මං ආවෙ ඇයි කියලා අහන්නෙ නැද්ද? ඕයි... නැඟිටපන්!"
දේවින්ද මගෙ එහා පැත්තෙ හිටපු ඒ ලෙවල්වලට ගමකින් මෙහෙ ඇවිත් හිටිය ළමයි දෙන්නෙක්ට තග දාද්දි උන් දෙන්නා වෙව්ල වෙව්ල නැඟිටලා දිව්වා...

"පලයන් යන්න!"
මම සද්දෙන් නොවුණත් සැරට කියද්දි දේවින්ද හිනාවෙලා මගෙ ළඟින් වාඩි වුණා...උගෙ යාළුවා ඌට එහා පැත්තෙන් වාඩිවෙද්දි මම බිත්තිය අයිනට ම වුණා...

මොනෞත්තක්ද මේ....

අද තේනුවත් නැතුව මට මූ මගෙත් එක්ක පැටලෙන්න එද්දි යකා නැග්ගා...

"එනකොටම යන්න කියන්නෙපා සුදූ... ඔයාව බලන්නමයි මම වෙලාව වෙන් කරගෙන ආවෙ...දිගටම එන්නම්... ම්ම්...කමක් නෑනෙ?"
දේවින්ද මගෙ අත ළඟින් ම ලියන ඩෙස්ක් එකට අත තියලා මූණට එබිලා අහද්දි මට ඌට රැව්වා...

" පැත්තකට වෙයන් දේවින්ද! මම උඹට කිව්වා මගෙත් එක්ක පැටලෙන්න එපා කියලා..."
මම උගෙ උරහිසට අත මිට මොලවලා තල්ලු කරන ගමන් කියද්දි ඌ හිනාවෙලා මගෙ ඔලුවට තට්ටුවක් දැම්මා...

"මොන හු-"

"ශ්ශ්....ලස්සන කොල්ලො ඔහොම කතා කරන්න හොඳ නෑ..."
දේවින්ද එහෙම කියලා මම එතන නෑ වගේ ඉස්සරහ පැත්ත බලාගනිද්දි මම ඌට හිතින් බැන බැන බෝඩ් එක පැත්ත බලාගත්තා...

.

.

.

"කියෝ..ට්..."

"ඉස්සරහ බලාගනින් මට කියලා දත් හලා ගන්නෙ නැතුව..."
දේවින්ද ගාන හදන එක පැත්තකින් තියලා කම්මුලට අත ගහගෙන මගෙ දිහා බලාගෙන ඉදලා කියද්දි මම පොත දිහා බලාගෙන බැන බැන ගාන හැදුවා...

"ගම්මිරිස් ඇටේ වගේ..."

"අත ගනින්..."
දේවින්ද මගෙ කම්මුල අතගාන්න හැදුවත් මම රවලා කියද්දි ඌ බෙල්ල කස කසා තනියම හිනාවෙවී පොත දිහා බලාගනිද්දි මට උගෙ හොම්බ කට සමතලා වෙන්න දෙකක් අනින්න හිතුණා...

.
.
.
.
.
.

"මාත් එක්ක යන්..."

"අත අතෑරපන්!!"
මම දේවින්ද අල්ලගෙන ඉන්න මගෙ අත දිහා බලලා කියද්දි අරූ තව ටිකක් තදට මගෙ මැණික්කටුව ළඟින් අල්ල ගනිද්දි මම අත අතාරව ගන්න අත ඇඹරුවත් අරූ අත අතාරින්නෙ නැති වෙද්දි මට කේන්ති ගියා...

"දේවින්ද අතෑරපන්..."

"ශ්ශ්...සුදු මැණික....මං එක්ක යන්... බස් එකේ යන්න එපා...තනියමනෙ..."
අරූ ඕනවට වඩා ළඟට එද්දි මම පැත්තකට වුණත් කාර් එකේ දොර ඇරලා දාලා දේවින්ද මාව වාහනේ ළඟට අදිද්දි මම අත ඉස්සුවෙ අත මිටි කරලම ඌට ගහන්න වුණත් මාව පිටිපස්සට ඇදිලා යද්දි මගෙ ඇස් පියවුණා....

වැටුණෙ නෑ කියලා තේරෙද්දි ඇස් ඇරියත් ඒ වේගෙටම මගෙ කම්මුලට අත පුරවලා පාරක් වදිද්දි මගෙ ඇස් දෙක ආයෙත් පියවුණා...

මට ළඟින්ම ආව පුරුදු සැර ප'ෆියුම් එක නිසා ඒ ශාලුක කියලා අඳුර ගත්තත් කනත් එක්ක ම ඔලුව පැත්තක් හිරිවැටිලා නිසා මම ඇස් පියාගෙන ම පිටිපස්සෙ බිත්තියට හේත්තු වුණා...

"උඹ ගැන...මම පස්සෙ බලාගන්නම්...I already warned you Devinda...You crossed the line...

වරෙන් යන්න!!"
ශාලුක දේවින්දගෙ කොලර් එකෙන් ඇදලා අරන් කියලා ඌව පස්සට තල්ලු කරලා මගෙ අතින් ඇදගෙන ඇවිත් කා එකේ දොරට ඇරලා ඇතුළට තල්ලු කරලා සද්දෙටම දොර වහලා ගිහින් ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩිවෙලා මගෙ දිහා බලන්නෙවත් නැතිව වාහනේ පාරට දැම්මා...

.

.

.

"හ්හ්...ක්හ්හ්..."

"දැන් තමුසෙ මොකද අඬන්නෙ...?"
ශාලුක අහද්දි මං නහය උඩට අදින ගමන් කඳුළු පිහදද්දි ශාලුක රවලා බලලා පාර දිහා බලගත්තා...

"හ්හ්..."

"අඬන එක නවත්තපන්!"
ශලුක සැර කරලා කියද්දි මට සද්දෙට ඉකි ගැහෙද්දි ශාලුක එහෙම ම ටික දුරක් ගිහින් පාර අයිනට කපලා වාහනේ නතර කළාම මාව ඉස්සරහට ඇදිලා ගියා...

"දැන් තමුසෙට අඬන්න මොකද්ද වුණෙ!!?

දුකද මම ආව නිසා අරූ එක්ක යන්න බැරි වුණ එකට!?"
ශාලුක මාව ඇදලා අරන් ශීට් එකට තද කරද්දි ඔලුව වැදුණ නිසා ම මගෙ ඇස් දෙකත් පියවුණා...

"කඳුළු පිහද ගනින් අක්ෂී! මට ආයෙ කියන්න තියන්න එපා!!"
ශාලුක අත මිටි කරලා එයාගෙ කකුලටම ගහගන්න ගමන් කියද්දි මම ඉකි ගගහා අත් දෙකෙන් කඳුළු පිහදුවත් කඳුළු පිහදනවට වඩා වේගෙන් ආයෙත් කඳුළු එද්දි මට බය හිතුණා ශාලුක ආයෙත් කෑ ගහවිද කියලා...

"ම්හ්...කාපන්..."
ශාලුක මගෙ උකුලට Perera & Sons එකේ බෑග් එකක් විසි කරලා එයාගෙ සීට් එකේ ම ඉස්සරහට හැරිලා උකුළ උඩ අත් දෙක ගුලි කරගෙන සීට් එකට ඔලුව බර කරගෙන ඇස් පියන් ලොකු හුස්මක් ගත්තා...

.
.
.
.
.

Shaluka POV

"බුලත් දෙනකන් ද ඉන්නෙ...බැහැලා ගෙදර පල-අක්ෂී?"
මම අපාට්මන්ට් කම්ලෙක්ස් එක ළඟ වාහනේ නතර කරලා කේන්තියෙන් කියද්දි සද්දයක් නැති නිසා එයා දිහා බලද්දි තමයි මම දැක්කෙ අක්ෂිට නින්ද ගිහින් කියලා...

මම එයාගෙ රතු වෙලා තියෙන කම්මුල උඩ යන්තන් ඇඟිල්ල තියද්දි ම එයා ගැස්සුණා...එතන රතුවෙලා... මූණ ඉදිමිලා ඇති...මම දන්නවා මගෙ කේන්තියත් එක්ක පාරක් කරන්න තරම් අක්ෂි හයිය නෑ....

ඒත් මම එයාට වේලාසන ම කිව්වා මට එදා වුණ දේවල් හංගනවා නම් මම මුලින් අත උස්සන්නෙ එයාට කියලා...

මම දන්නවා එදා දේවින්ද අක්ෂි එක්ක කතා කරපු දේවල්...ඒත් මොකක්හරි හේතුවකට අක්ෂි ඒක මට හැංගුවා... ඒකයි මට කේන්ති ගියේ...අද වුණත් මට අක්ෂි එක්ක ම ක්ලාස් එකෙන් එළියට බැහැපු බිම්සර කෝල් නොකලා නම්...මම වෙලාවට ආවෙ නැත්තන්.... අරුයි උගෙ බැලුවොත් වෙරි වෙලා ඉන්න යාළුවො ටිකයි මොනවයින් මොනව කරයිද කියලා දන්නෙ උන් ටික විතරයි....

"ම්හ්...කාලා නෑනේ..."
මං බෑග් එක අරගෙන පිටිපස්සෙ සීට් එකෙන් තියලා අක්ෂිට තට්ටු කළත් එයා කෙඳිරි ගගා ආයෙ නිදියද්දි මට හිනා ගියා...

සේරම කරලා...මාව කේන්ති ගස්සලා... ගුටිත් කාලා... දැන් හුරතල් වෙනවා...

මම හිනාවෙවී ම කා එකෙන් බැහැලා ඇවිත් එයාගෙ පැත්තෙ දොර ඇරලා එයාව උස්සලා අත් දෙකට ගත්තා...

දොරත් කකුලෙන් තල්ලු කරලා යන්තමට ලොක් වෙන්න වහලා එයාව අරන් එද්දි කම්පෙක්ස් එකේ ගාඩ් ඉන්න මනුස්සයා දුවගෙන ආවා...

"සර් මේ සර්ට මොනවහරි-"

" No problem... He's just drunk..."
මම එහෙම කියලා ලිෆ්ට් එක පැත්තට එද්දි අක්ෂි මගෙ බෙල්ල වටේ අත් දෙක දාගෙන තව ටිකක් මට තුරුල් වුණා...

මම මගෙ ෆින්ගර් ප්‍රින්ට් එක ස්කෑන් කරලා දොර ඇරන් ඇතුළට ආවෙ අක්ෂිගෙ අපාට්මන්ට් එකේ එයාගෙ ඇරුණාම එක්ස්ට්‍රා දීලා තියෙන්නෙ මගෙ ෆින්ගර් ප්‍රින්ට් එක නිසා...

"ශ්ශ්... It's okay...තව ටිකක් නිදා ගන්න..."
මම එහෙ මෙහෙ හැරෙන අක්ෂිගෙ අතට තට්ටුවක් දාලා එයාගෙ ශූස් දෙක ගලවලා සොක්ස් දෙකත් ගලවලා දැම්මා...ඒසී එකත් හදලා එයාගෙ මූණට වැටිලා තියෙන කොණ්ඩෙත් අතින් හදලා මම එයාගෙ මූණ දිහා බලාගෙන හිටියා...

"I'm really sorry Akshi...ඔයාව තේරෙන්නෙ නෑ වගේ ඉඳලා මම ඔයාව නොසෑහෙන්න රිද්දනවා...

ඒත් මම ඔයාව තේරුම් ගත්තත් ඔයාට රිදෙනවා ඇර වෙන දෙයක් ලැබෙන්නෙ නෑ..."
මම හෙමිහිට මුමුණලා එයාගෙ ඔලුව අතගාලා එන්න ආවෙ වාහනේ ලොක් කළේ නැති නිසා...

.

.

.

.

.

"අක්ෂී...Wake up...ඔයා බඩගින්නෙ ඉන්නෙ...අක්ෂී..."
මම කීපවතාවක් කතා කරද්දි එහෙ මෙහෙ ඇඹරිලා ඇස් ඇරපු එයා ඉක්මනට ඇඳේ වාඩිවෙලා බිම බලාගත්තා...

"කන්න එන්න...මම යන්න ඕනෙ..."
මම එයා එනකල් බලන්නෙ නැතිව එළියට ගියත් මම දොර ළඟට වෙලා හිටියා...

"ශාලුක..."
එයා මට පිටිපස්සෙන් හිටගෙන කතා කරද්දි මම ඒක ගණන් නොගෙන ම කිචන් ඒරියා එකට ආවා...මම උයන්න දන්නෑ...උපරිම හැකියාව බොන්න පුළුවන් කොෆී එකක් හදන්න පුළුවන් එක විතරයි....මම කෑම ඕඩර් කරපු එක කළේ...

මම අක්ෂිගෙ ප්ලේට් එක තියෙන්න දීලා මගෙ එක අරන් ඇවිත් සද්ද නැතිව  ලිවින්ග් ඒරියා එකේ තනි සෝෆා එකකින් වාඩිවෙලා ෆෝන් එක ඔබන ගමන් කන්න ගත්තාම අක්ෂිත් ටිකකින් ඇවිත් වාඩිවුණා....

"ඕක අත ගගා ඉන්නෙ නැතුව කනවා!"
මම ෆෝන් එකට උඩින් අක්ෂි දිහා බලලා කියද්දි එයා මගෙ දිහා බැලුවා...

"ශාලුක..."

"තාම කේන්තියෙන් ද?"

"ඔයා අහන්නෙ නැද්ද මොකක්ද වුණේ කියලා..."

"I don't care...

මම කල්පනා කළේ යාළුවා බේර ගන්නවා කියලා හිතාගෙන මම තමුසෙලගෙ ප්ලෑන් එකක් විනාස කළාද කියලා..."
මගෙන් උත්තරයක් නැතිවම එයා අහගෙන ගිය ප්‍රශ්න කීපෙකට පස්සෙ මම කියද්දි එයාගෙ ඇහිබැමි ඇකිළිලා නළල රැළි වුණා...ඇස් දෙකෙත් ලාවට කඳුළු....

"ඔයා මම ගැන හිතාගෙන ඉන්නෙ එහෙමද ශාලුක?"

"කොහොමද?"

"මම දේවින්ද එක්ක..."

"දේවින්ද තමුසෙගෙ කවුරු වුණත් මට අදාළ නෑ ඕයි...ඌ උඹව බලන් අරගෙන යන්න හදනවා වගේ පෙනුණ නිසා මම මැදට ආවෙ....හ්හ්...

අක්ෂී.... I'm asking you for a one last time....ඔයා දේවින්දට කැමතිද?"
මම හුස්මක් පහත දාලා අහද්දි එයා ප්ලේට් එක දිහා බලන් හිනාවුණා...

"නෑ..."

"ආදරෙයිද? දේවින්දට?"

"නෑ..."

"එහෙනම් මොකද්ද ඌ එක්ක...wait ඒකා ඔයාව බ්ලැක්මේල් කරනවද?"

"නෑ..."

"අක්ෂිත!!"

"මට ටිකක් තනියම ඉන්න ඕනෙ ශාලුක...මට පාඩුවෙ ඉන්න දෙන්න... ඔයා යද්දි දොර වහගෙන යන්න..."
එයා මම අහපු හැම එකකට ම නෑ නෑ කිය කියා ඉඳලා ප්ලේට් එක කටවල් දෙකකට වඩා නොකා ම සයිලෝගෙ ප්ලේට් එකට හලලා කිචන් එකට ගිහින් ටිකකින් එයාගෙ රූම් එකට ගිහින් දොර වහ ගත්තා....

මමත් පැය භාගයක් විතර වාඩිවෙලා කල්පනා කර කර ඉඳලා කන්න පිරියක් නැති නිසා කෑම එක සයිලෝට ම හලලා ප්ලේට් එක ක්ලීන් කරලා තියලා අක්ෂිතගෙ රූම් එකට ඔලුව දාලා බලලා එයා නිදි නිසා සද්ද නැතිව ම එන්න ආවෙ මගෙ පස්සෙන් ම කැරකුණ බලුතඩියට ඔලුවට තට්ටුවකුත් දාලා....

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

මුන් දෙන්නා හැමදාම වලිනෙ අප්පා...එපාවෙලාත ඔයාලට...👉👈🙂

To be continued...

Bye🌹
Sunshine 💖

Continue Reading

You'll Also Like

224 49 9
WILL YOU BE MY LOVER "There is nothing like love exists in this world its just attraction or its just 0.1% where those song writers or poet who fall...
76.6K 12.9K 129
අවිනිශ්චිත හැගීම් ජාලාවක විනිශ්චය
14.4K 2.5K 26
Zhan වසර තුනක් පාසලේ අවසන් වසරේ ඉගෙන ගනිමින් සිටින්නේ ඔහුගේ යටි අරමුණක් සිත තුළ ඇති නිසා ය. නමුත් අලුතෙන් පාසලට පැමිණෙන යිබො හට ඔහු ආදරය කරයි... zha...
13.8K 400 9
When the Marauder era got a letter from golden era saying that there is second wizarding war, and they are going to watch the life of two Potter in o...