.
.
.
"අයියෝ මගේ සහෝදරයා.. ඔයාට ගොඩක් දේවල් අමතක වෙලා වගේනේ ම්ම්.. ඉන්නකො මං මතක් කරලා දෙන්න.. ආ හරි.. මමනේ මෙතන හරි නායකයා වෙන්න ඕනේ ඒත් දැන් මේ දුර්වල එකෙක් නේ මේවා පාලනේ කරන්නේ.. මට ඕනේ මගේ තැන.. එතනට හරස් වෙන ඕනම එකෙක්ව විනාශ කරලා දාන්න මං දෙපාරක් හිතන්නෑ.. මටවඩා ජගතෙක් ඉන්න දෙන්න බෑ.."
ලුසිෆර් වියරුවෙන් වගේ එහෙම කියලා අන්තිම ටික සන්සුන්ව කියලා දැම්මේ ලියෝ මේ හැමදේම අතක් මිටිමොලවන් ඉවසගෙන ඉද්දි..
"උඹ මේ නටන නාඩගම හොදටම ඇති මල්ලි!! උබ හොදටම දන්නවනේ රජකම ගලාගෙන යන විදිහ ගැන!"
"මොකද නැත්තේ.. මම හොදටම දන්නවා.. ඉතින් ඒකනේ මම මේ උබලව චුත කරලා දාන්න ආවෙත්"
ලුසිෆර් ආයේම හිනාවෙවී කිව්වේ ලියෝගේ ඉවසීමේ සීමාව පන්නලා දාන ගමන්..
ලියෝට පුලුවන් මේ වෙලාවෙදි ලේසියෙන්ම ලුසිෆර් ට පහර දෙන්න.. මොකද ඒ විශාල කුටිය ඇතුලේ හිටියේ ඔවුන් දෙන්නා පමණයි.. ඒත් ලියෝට උවමනා උනේ තමන්ගේ පැටියව රැගෙන කැලයෙන් ඉවතට යන ග්‍රෙගොට කාලය අරන් දෙන්නයි.. ඔහු ඒ නිසාම ලුසිෆර් ගේ අවධානය තමා වෙතට පමණක් තබාගැනීමට තැත් කලා..
ලියෝ කොහෙත්ම දුර්වලයෙක් නෙවෙයි! ඒත් ඔහු තාත්තෙක් හැටියට අසරණයි..
ලියෝගේ ගින්දර පිටවෙන තද තැඹිලි පැහැයක් ගත් දෑස් ලුසිෆර්ගේ ලා තැඹිලි දෑස් සමඟ පැටලී තිබුනත් එක්වරම ලුසිෆර් ගේ ලා තැඹිලි පැහැ දෑස් දම් පැහැයෙන් දිලිසෙන්න ගත්තේ ලියෝගේ දෑස්ද කෙමෙන් කෙමෙන් දම් පැහැයට හැරවෙද්දි..
තමන්ගේ වටේට වෙන්නේ මොනවද, තමන් ගාව ඉන්නේ කව්ද කියලවත් හරිහැටි සිහියක් නොතිබුණු ලියෝගේ දෑස් මේ වෙද්දි දීප්තිමත් දම් පැහැයකට හැරවිලා තිබුණා..
ලියෝගේ ගින්දර පිට වුනු ඇස් තමන්ගේ දිහාවටම එල්ල වෙලා තියෙද්දි ලුසිෆර් ගේ මායාව ලියෝව ලේසියෙන්ම ගොඳුරු කරගත්තේ ලුසිෆර්ගේ කටකොනේන් සිනහවක් මතු කරවලා..
අඩියෙන් අඩිය ලියෝ ගාවට ආපු ලුසිෆර් ලියෝ ගාවින්ම නැවතිලා ඔහුගේ අතේ තිබුණු ශක්තිමත්,තියුණු කඩුව තම දෑතටම ගත්තත් ලියෝ ඊට හරස් උනේ නෑ...
තම දෑත මත දිදුළන කඩුව දෙස ලෝභ කමින් බලන් හිටපු ලුසිෆර් ඊළග මොහොතෙම ඒ කඩුව බිමදැම්මේ අයිතිකාරයගෙන් පිටකෙනෙක් තමන්ව ස්පර්ශ කිරීමේ වියරුවටදෝ මන්දා ඒ කඩුව ගිනිකබලක් මෙන් රත්වෙද්දි..
කඩුව දෙස තරහෙන් බැලූ ලුසිෆර් කකුලෙන් ගහලා කඩුව ඈතට විසි කරේ ලියෝ තවමත් නිශ්චලව හිටගෙන ඉද්දි..
"උබේ පුතා.. කෝ එයා.."
ඈතට විසිවෙලා අඳුරටම ඇලිලා ගිය කඩුව දෙස බලාසිටි ලුසිෆර් නැවතත් ලියෝට ලන් වෙමින් එසේ ඇසුවේ උන්මන්තකයෙක් වගේ..
තප්පර කිහිපයක් ගෙවිලා ගියත් ලියෝගෙන් උත්තරයක් නොලැබුණු තැන වියරුවැටුණ ලුසිෆර් ආයෙම එකම ප්‍රශ්නය ලියෝ වෙත යොමු කලත් ඔහු උත්තර දෙන ස්වරූපයක් පේන්න තිබුනේ නෑ..
මෝහන මායාව පුහුණු වීමේ මුල් අදියරේ හිටිය ලුසිෆර් ට තමන්ට ඕන දේ ලියෝගෙන් දැනගන්න බැරිවෙද්දි ඔහු වියරුවෙන් කෑගැහුවේ ඔහුගේ කේන්තිය මුසු කටහඬේ රාවය මුළු ශාලාව පුරාම දෝංකාර දෙද්දි..
"උබ එහෙනම් උත්තර දෙන්නේ නෑනේ.. එහෙනම් උබ ආයේ කවදාවත් කතාකරන්න ඕනේ නෑ.."
දීප්තිමත් දම් පැහැ ඇස් වලින් ලියෝ දෙස බලා සිටි ලුසිෆර් එසේ පවසා තම ඉනේ බැඳි බඳපටිය දෙසින් තියුණු කඩුවක් ඇදලා ගත්තා..
ඊළග මොහොතේ ලියෝගේ දැස් වේදනාවෙන් ඇකිලිලා ගියේ කටින් කෙඳිරිල්ලක්ද පිටවෙද්දියි..
ලුසිෆර් ගේ තියුණු කඩුව ලියොගේ පපු පෙදෙස පසාරු කරද්දි වාරු නැතිවුනු ලියෝ මුවෙන් ලේ දමමින් බිමට ඇදගෙන වැටුණේ ලුසිෆර් ඒ දිහා ප්‍රීතිය මුසු දෑස් වලින් බලන් ඉද්දි..
බිම වැතිරිලා හිටිය ලියෝගේ දෑස් ආයෙම තද තැඹිලි පැහැයකට හැරෙද්දි ඔහු තම අවසන් හුස්ම පොද රැකගැනීමට වෙරදරමින් හිටියා..
"ඊළගට උබේ පුතා.."
ලියොගේ මූනට නැවිලා එසේ පැවසූ ලුසිෆර් මහා හයියෙන් හිනාවේගනම ඒ කුටියෙන් එලියට ගියේ ලියෝගේ දෑසින් කඳුළු බිදු එක දෙක කඩාහැලෙද්දි..
"ම..මගේ පුතා..ව රකින්න..සද දෙව්දුවනි.."
අමාරුවෙන් වචන ගැටගහගත්තු ලියෝ එසේ පවසමින් තම අවස්න් හුස්ම පොද රාජසභා කුටිය මැදම නිදහස් කලා..
නමුත් පෙර කතාබහක අතුරු ඵලයක් විදිහට ලියෝ අරන් දුන්නු කාලය ප්‍රයෝජනයට ගත් ග්‍රෙගෝ මේ වෙද්දිත් මනුස්ස ලෝකයට පය ගහලා තිබුනේ ඔවුන්ගේ සුවඳක්වත් ලුසිෆර්ට නොදැනෙද්දි..
~වර්තමානය~
"එදා ලුසිෆර් අපිට පහර දුන්නේ උගේ අන්තිම ප්‍රහාරයට හරියටම අවුරුද්දකට පස්සේ.. අවසානවකට අපි කවුරුත් දැනන් හිටියේ නෑ ලුසිෆර් ඒ වෙද්දි මෝහන මායාව ප්‍රගුණ කරලා කියලා.."
බර හුස්මක් හෙලූ ඊව් එසේ පැවසුවේ විශාල ජනේලෙන් එලියට දෑස් යොමන ගමන්..
මේ වෙද්දි තෙහස් හැමදේම අගක් මුලක් නෑර තේරුම් අරන් හිටියා.. ඔහුගේ දෑස් අග කදුළු කැට නලියමින් තිබුණා.. ඔහුගේ ශක්තිමත් දෑත් වල නහර පෑදිලා ඒ අත මිටිමෙලවිලා තිබුණේ තරහටද එහෙම නැත්තන් වේදනවටද කියලා ඔහුටවත් හරි තේරුමක් තිබුණේ නෑ..
"කෝ දැන් ඌ"
තෙහස් දැඩි හඬකින් එසේ ඇසුවේ හකු පෙදෙස් එකට තෙරපන ගමන්මයි..
"අනේ මගේ පුතේ.. තරහා ගන්න එපා මගේ රත්තරන්.. කලබල වෙලා මේ කිසිදෙයක් විසදගන්න බෑ.. මුලින්ම ඔයා මේ හැමදේම පුහුණු වෙන්න ඕනේ.."
තෙහස්ගේ කටහඬත් එක්ක තෙහස් දිහාට හැරුණු ඊව් දැක්කේ කලින් හිටියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයකින් තෙහස් වේගෙන් හුස්ම ගන්න විදිහ.. ඉක්මන් කරලා තෙහස්ව බදාගත්ත ඊව් තෙහස්ගේ හිස පිරිමදිමින් ඔහුව සන්සුන් කලේ තෙහස්ගේ මේ හැසිරීම් වලින් ඇයට තම සැමියාව එකපෙලට මතක් වෙද්දියි..
තමන්ගේ අම්මාගේ වචන එක්ක හෙමින් හෙමින් සන්සුන් උන තෙහස් ආපිට අම්මව තුරුල් කරගන්න ගමන් තම දෑස් පිට අල්ලෙන් පිහලා දැම්මේ ඒ අකීකරු කදුළු බිංදු ඇස් මානෙන් මිදිලා කම්මුල් දිගේ පල්ලම් බහින්න ගත්තු නිසයි.
"ඒ..ඒත් අම්මේ තාත්තවත් මරලා දැම්මා නම් ඇයි ඌ තාමත් මේක යටත් කර නොගත්තේ.."
තෙහස් අම්මව තමන්ගේ පපුවෙන් ටිකක් මෑත් කරන ගමන් ඇහුවේ හිතේ තිබුණු ලොකු ප්‍රශ්නයක්..
"එහෙම කරන්න බෑ දරුවෝ.. අපිට නීති තියෙනවා.. ඒවා සද දෙව්දුව විසින් මවාපුවා.. ඒවා අපි කාටවත් වෙනස් කරන්න පුලුවන් දේවල් නෙවෙයි.. එයින් එක නීතියක් තමයි එක උරුමක්කාරයෙක් ඉද්දි තව කෙනෙක්ට රාජ්‍යක් පාලනය කරන්න බෑ කියන එක.."
"හ්ම් ඒකයි එහෙනම් ඌ මාව හොයන්නේ"
"මගේ පැටියා හුගක් පරිස්සම් වෙන්න ඕනේ.. මෝහන මායාව කියන්නේ ඒතරම් හොද මායාවක් නෙවෙයි.. ඒනිසාමයි තාත්තා ඒ පස්සේ පැන්නුවේ නැත්තේ.. එයාට ඕන උනේ නෑ අඳුරු මායාවන් ප්‍රගුණ කරලා නපුර දිගේ දුවන්න.."
"හරි.. ඒත් අවුරුදු 17ක් තිස්සෙ ඌ තාමත් සද්දයක් නැද්ද"
"හ්ම්ම් ඒකමයි පුතේ මට බය.. ලුසිෆර් ගේ හිතේ මොනවගේ නරක දේවල්ද වැඩ කරන්නේ කියලා මට හිතන්නත් බයයි.. ඒනිසාමයි මම ඔයාව පුහුණු කරන්න තීරණය කලේ.. අඩුම තරමේ එතකොට මගේ පුතාට පුලුවන් අපිව නැතත් තමන්වම ආරක්ශා කරගන්න"
හුස්මක් හෙලූ තෙහස් ආයෙම තමන්ගේ අම්මව තුරුල් කරගන්න ගමන් ඒ ජනේලෙන් එපිට බැලුවා..
Time Skip >> Next Day Morning
Nethun's POV (Chuti putha is back 😌)
දවස් තුනක්! දවස් තුනක් යකෝ දවස් තුනක්! අර ගොන් නාම්බව නොදැක මේ වෙද්දි දවස් තුනක් ගෙවිලා ගිහිල්ලා ඉවරයි.. මට හොදටෝම ලව් සික් එක ගහලා..
මම හිටියේ පන්තියෙ ඩෙස්ක් එකට ඔලුව ඔබාගෙන.. තෙහස්ව නොදැක ගෙවුණු ඒ දවස් තුන මට නිකන් කල්පයක් වගේ.. උබ මට මොනාද මේ කරලා තියෙන්නේ තෙහස්!
"ශෙවෝඕඕඕන්"
"ඕ"
මම ඩෙස්ක් එකේ ඔලුව ඔබාගෙනම මට එහාපැත්තේ ඉදන් හිටිය ශෙවෝන්ගේ දිහාට අතක් දික් කරලා කෑගැහුවම ඌත් ඒ ටෝන් එකෙන්ම මට ඕ ගෑවා..
"අරූ අද එන්නෙත් නෑද ඕයි"
"හිටපන් හිටපන් ඌ එනවා කිව්වනෙ තව වෙලාවත් තියෙනවනෙ"
"අනේඒඒ එන්න කියහන්කො ඕයි.. උට කියපන් මගේ බඩබොකු දාලා ගිහින් හාට් එක පුපට බැහැල පෙනහැල්ල බඩට බැහැලා කියලා ඌ නැතුව"
"අහ්ම්"
මම මගේ දුක් ගැනවිල්ල ශේවෝන්ට ඉදිරිපත් කලාම මගේ හිත හදනවා වෙනුවට ඌ කරේ උගුර පාදපු එක විතරයි..
"අහ්ම් අහ්ම් ගාන්නේ බොට මාව ජෝක් එකක්~~ අනෙ අම්ම්බේඒඒඒඒඒඒඒ"
ශෙවෝනයට හොදවයින් අමතන්නම් කියලා ඩෙස්ක් එකෙන් ඔලුව ගලවගත්තු මං උටත් කෑ ගහගෙනම නැගිට්ටට හරියටම මගේ මූණ ඉස්සරහ ග්‍රීස් යකා වගේ හිටන් හිටපු එකෙක් නිසා මගේ දෙස් තෙවිල්ල නැවතුනා..
කරුමකෙට සහෝදර සික්ක සික්කාවනි, ඒ හිටියේ ගීස් යකෙක් නෙමේ මගේ සුදුකුමාරයා.. බඩබොකු දාලා ගිය කතාවේ ඉදන් මූ මෙතන මන් ඉස්සරහ ඉන්න ඇතියි කියලා මං අනුමාන කලේ ශෙවෝන් බර දාලා උගුර පෑදුව හින්දා..
"වරෙන් යන්න රිපෝට් බුක් එක අරන් එන්න.. ඒ ගමන් උබේ අර බඩබොක්කත් හොයන් එමු"
තෙහස් එහෙම කියාගෙනම බෑග් එකත් පුටුවට අතෑරලා පන්තියෙන් එළියට ගියා.. මාත් තඩි කෙලගුලියක් ගිලාගෙන ශෙවෝන් දිහාවත් නොබලා උගේ පස්සේ ගියේ මූව දැක්ක එකට සතුටු වෙන්නද, එහෙම නැත්තන් උනු වින්නැහියට ලැජ්ජ වෙන්නද කියලා හිතාගන්න බැරුව..
-------------------
පොඩි චැප්ටර් එකක්නේ..