සංසාර සිහින | TK | Nonfiction...

By Sukii_7_

13.1K 1.5K 2.1K

| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි ද... More

පිවිසුම 💭
පළමුවන සිහිනය 💭
දෙවන සිහිනය 💭
තෙවන සිහිනය 💭
හතරවන සිහිනය 💭
පස්වන සිහිනය 💭
හයවන සිහිනය 💭
සත්වන සිහිනය 💭
අටවන සිහිනය 💭
නවවන සිහිනය 💭
දහවන සිහිනය 💭
එකොළොස්වන සිහිනය 💭
දොළොස්වන සිහිනය 💭
දහතුන්වන සිහිනය 💭
දාහතරවන සිහිනය 💭
පහළොස්වන සිහිනය 💭 bonus
දහසයවන සිහිනය 💭
දාහත්වන සිහිනය 💭
දහඅට වන සිහිනය 💭
දහනව වන සිහිනය 💭
විසි එක් වන සිහිනය 💭
විසි දෙවන සිහිනය 💭
විසි තුන්වන සිහිනය 💭
විසි හතරවන සිහිනය 💭
විසි පස්වන සිහිනය 💭
විසි හය වන සිහිනය 💭
විසි හත්වන සිහිනය 💭
විසි අට වන සිහිනය 💭
විසි නව වන සිහිනය 💭
තිස්වෙනි සිහිනය 💭
තිස් එක්වෙනි සිහිනය 💭
තිස් දෙවෙනි සිහිනය 💭
තිස් තුන්වෙනි සිහිනය 💭
තිස් හතරවැනි සිහිනය 💭
තිස් පස්වැනි සිහිනය 💭
තිස් හයවැනි සිහිනය 💭
තිස් හත් වන සිහිනය 💭
තිස් අටවන සිහිනය 💭
තිස් නව වන සිහිනය 💭

විසි වෙනි සිහිනය 💭

258 42 24
By Sukii_7_

අලුත් දවසක් උදා වෙලා තිබුණ සූරිය බණ්ඩාර වලව්ව පුරා අද සේවකයො එහෙ මෙහෙ කලබලෙන් දුව ඇවිදින අයුරු දැකගන්න පුළුවන් උනා. උදේ නවයට පමණ ලොකු හාමු රැගත් කාරය වලව්වෙන් පිට වෙලා යද්දි වලව්වේ පොඩි බේබිගේ කාමරය තුළ තිබුණෙ වෙනමම තත්ත්වයක්. උදේම අවදි වෙලා ලොකු හාමුගෙ කීමට හොඳ ඇදුමකින් සැරසුනත් මොකද සිහිනගෙ ඇදුම් දෙකත් පරිස්සමට මල්ලක දාගත්ත ආක්ෂ වලව්වේ සේවකයොත් මගඇරලා මුළුතැන්ගෙට වෙලා දවල් කෑම සකස් කරන කුමාරිහාමිට හොරා වලව්වෙන් පැනගන්න උත්සාහයක හිටියා.

තමන්ගෙ කාමරෙන් ඔලුව එළියට දාලා කිසිවෙකුත් පේන්න නොහිටිය නිසා ලොකු හුස්මක් වා තලයට මුදා හැරපු ආක්ෂ කාමරෙන් එළියට පැනගත්තා. ක්‍රියාදාම චිත්‍රපටියක මෙන් වලව් පොළවටත් නොදැනෙන්න හැන්ගි හැන්ගි ඇවිදන් ආව ආක්ෂ තම පිටුපස මග හොඳට නිරීක්ෂණය කරමින් ආවේ කොයි මොහොතක හෝ කුමාරිහාමි මතු උනොත් කියලා.

"කොහෙද මේ පුංචි මහත්තයා හොර ගමන් යන්නෙ"

පිටුපස බලාගෙන ආව ආක්ෂ බලාපොරොත්තු නොවුන විදියට තමන්ට ඉදිරියෙන් උන්න කෙනාගෙ සිරුරේ වැදිලා තරමක් පිටුපසට තල්ලු වෙද්දි ඇහුණ කටහඬට මොහොතකට ගල් ගැහිලා වගේ බලන් හිටියේ මුළුතැන්ගේ හිටපු කුමාරිහාමි කොහොමද ඉස්සරහින් මතු උනේ කියලා වෙන්නැති. තම අතේ තිබුණ බෑගයත් පිටුපසට කරලා අල්ලගත්ත ආක්ෂ කුමාරිහාමි දිහා එක එල්ලේ බලාගෙන හිටියත් ඒ හිත ඇතුළෙන් කියන්න බොරුවක් හිතන ගමන් තමයි උන්නෙ.

ආක්ෂගෙන් පිළිතුරක් නැති තැන දැඩි පෙනුමකින් කුමාරිහාමි ආක්ෂ දිහා බලන් ඉද්දි වටපිට බලපු ආක්ෂ හැදුවේ කුමාරිහාමිගෙ කතාව මගඇරලා එළියට යන්න.

"මොනවද ඔය හන්ගගෙන යන්නෙ?"

කුමාරිහාමි එහෙම අහද්දි ආක්ෂ යටි තොල හපාගත්තෙ ඊයෙ දොළේ නාන්න ගිය වගක් කුමාරිහාමි නොදැන උන්න බව මතක් වෙලා.

"ආ මේ ඇඳුම්...ඔව් ඇඳුම්."

"කාගෙද ??"

"සිහිනගෙ ඇඳුමක් අමතක වෙලා මන් අරන් ඇවිල්ලා. ඒක දීලා එන්නම්"

එහෙම කියාගෙනම වැඩි කතාවකට කලින් එතනින් මාරු වෙලා දුවල ආව ආක්ෂ ඉක්මන් කරලා වලව්වෙන් එළියට පැනගත්තට පස්සෙ තමයි ඒ කකුල් වල වේගය අඩු උනේ.

ලොකු හාමු එන්න කලියෙන් වලව්වට එන්න හිතාගෙන ඉක්මන් කරලා සිහිනගෙ ගෙවල් දිහාවට ආක්ෂගෙ කකුල් ඇදෙද්දි සිහිනගෙ අම්මා හිටියේ කඩමණ්ඩියට යන්න පාර දිගේ ඇවිදන් එන ගමන්.

"මල්ලිකා, සිහින ගෙදර ඉන්නවද?"

"ඔව් පොඩි බේබි කොල්ලා ගෙදර ඇත්තේ~~

"ආ මන් අද සිහින එක්ක වලව්වට යනවා"

මල්ලිකා තව මොනවත් කියන්නත් කලියෙන් ආක්ෂ ගොඩක් දුර ගිහිල්ලා තිබුණා.

ආක්ෂගෙ මතකය හරිනම් සිහින හම්බෙන්න මේ වෙලාව වෙද්දි ආක්ෂ හැමදාම ආවා. සමහරවිට ආක්ෂ අද තරමක් ප්‍රමාද ඇති. වෙනද මෙන් තමන් එනකන් මිදුලට වෙලා ඉන්න සිහිනව පේන්න නැති වෙද්දි කඩුල්ලෙන් පැනලා සිහිනගෙ ගෙදර දොරකඩට වෙනකන් ආව ආක්ෂ දැක්කේ සාලෙ බිම වාඩි වෙලා පොතක මොනවදෝ අදිමින් ඉන්න සිහිනව.

"අහ්ම්. සිහින වැඩක්ද?"

"අභී අයියේ..."

අදිමින් උන්න චිත්‍රයෙන් හිස ඔසවා බලපු සිහින දැක්කේ දොරකඩට වෙලා බලන් ඉන්න ආක්ෂව. ආක්ෂව දැකපු හැටියේ පැන්සලත් බිමට අතහැරලා ආක්ෂ දිහාවට දුවගෙන ආවා. ආපු වේගෙටම සිහින ආක්ෂගෙ ඇගට පනිද්දි, අතේ තිබුණ බෑගයත් අතින් අත් හැරෙද්දි කොල්ලව අල්ලගන්න ආක්ෂට පුළුවන් උනා.

"සුදු බෝලේ අයියා එනකන් බලන් හිටියද?"

"..."

"සුදු බෝලෙ මොනවද ඇන්දෙ?"

එහෙම අහන ගමන් සිහින වාඩි වෙලා හිටපු තැනට ආව ආක්ෂ සිහිනව බිමින් තියලා පොත අතට අරගත්තා. සිහින ඇදලා තිබුණ චිත්‍රෙ දිහා බලපු ආක්ෂ දැක්කේ පොඩි කොල්ලො දෙන්නෙක් ඉන්න රූපයක්.

"මේ ඉන්නෙ අභී අයියා..මේ ඉන්නෙ සිහින"

සිහින චිත්‍රයට තම චූටි ඇගිල්ල තියලා චිත්‍රෙ ඉන්න දෙන්නව ආක්ෂට පැහැදිලි කරා. ආක්ෂට තේරුම් ගන්න පුළුවන් උන විදියට තරමක් උසට ඉන්න කොල්ලගේ අතේ එල්ලිලා ඉන්න පුංචි කොල්ලෙක්ගෙ ඒ රූපෙ දිහා බලාගෙනම ආක්ෂ හිනා උනේ සිහිනගෙ ජීවිතේ තමන් කොච්චර වැදගත් කෙනෙක් වෙලාද කියලා හිතන ගමන්.

"සිහින එනවද අද අයියා එක්ක වලව්වට යන්න. අද යාලුවො දෙන්නෙකුත් එනවා"

"ඒ කවුද?"

"ගිහිල්ලම බලමුකො"

ආක්ෂ දීපු තමන්ගෙ ඇදුම් මල්ලත් කාමරෙන් ගිහින් තියපු සිහින ආක්ෂගෙ අතේ එල්ලිලා යමු කියද්දි දෙන්නම ගෙයින් එළියට බැහැලා කඩුල්ල පනින අතරට මල්ලිකාත් ගේ කිට්ටුවටම ඇවිත් හිටියා.

මල්ලිකාට කියලා ආක්ෂ සිහින එක්කරගෙන වලව්වට ආවා. ඒ එද්දිත් කුමාරිහාමි හිටියේ ඉස්තෝප්පුවට වෙලා අමුත්තො ටික වලව්වට එනකන් මග බලාගෙන. සිහින එක්ක ඉස්තෝප්පුවට ආව ආක්ෂ සිහිනවත් ඔඩොක්කුවෙන් තියාගෙන ඉස්තෝප්පුවේ වාඩි වෙද්දි කුමාරිහාමි ආක්ෂ දිහා බලන් හිටියත් මුකුත් කියන්න නොගියෙ අමුත්තො එන වෙලාවේ කලබලයක් ඇති කරන්න උවමනා නොවුන නිසා.

.

.


ටික වෙලවක් ගත වෙද්දි වලව් වත්ත ඇතුළට දාපු කාරය මිදුලෙම නතර කරද්දි කුමාරිහාමි තේ වේල ලෑස්තිද බලන්න කියලා සිහිනව මුළුතැන්ගෙට පිටත් කරේ ලොකු හාමු සිහිනව මේ මොහොතෙ ආක්ෂ එක්ක දැක්කොත් මෙතන ප්‍රශ්නයක් ඇති කරයි කියලා හිතලා.

කාරයේ දොර විවෘත කරගෙන මුළින්ම එළියට බැහැපු ලොකු හාමු කාරයේ පිටුපස දොර අරිද්දි එළියට බැස්සේ ලොකු හාමුගෙ අක්කා උන සජීවනී. ඇය අතේ සිටියේ මාස කිහිපයක පමණ පුංචි දැරියක්. ඇයත් සමගම කාරයෙන් බැස්සේ ආක්ෂගෙ වයසෙම පමණ උන පොඩි පිරිමි ළමයෙක්. ඒ දෙදෙනාම සජීවනීගෙ දරුවන් උනා.

"කොහොමද අක්කෙ?"

"හොදින් ඉන්නවා නංගියේ..කොච්චර කාලෙකට පස්සෙද නේද"

"ඒකනෙවෙන්නම්. දකින්නත් ආසාවෙන් උන්නෙ"

සියල්ලෝම කාරයෙන් එළියට බහිද්දි ඉස්සරහට ආව කුමාරිහාමි සුහදශීලීව හැමෝම පිළිගනිද්දි ආක්ෂත් පැත්තකට වෙලා බලාගෙන හිටියා.

"ආක්ෂ දැන් ගොඩක් ලොකු වෙලානෙ නංගි."

"සදෙව් පුතාගෙ වයසෙමනෙ. දෙන්නා හොඳ යාලුවො වෙයි එකටම ඉද්දි.."

ආක්ෂ පුංචි ළමයින්ට ගොඩක් ආදරේ උනා. තමන්ගෙ නැති උනා කියලා අහලා තිබුණ පුංචි නංගිව මතක් උන ආක්ෂ කුමාරිහාමි අතේ උන්න පුංචි සිගිත්තියව දෝතට ගනිද්දි ඇයත් අත පය විසි කරමින් ආක්ෂගෙ කම්මුල් ඒ පුංචි දෑතින් අල්ලගත්තේ දැකපු හැටියෙම ආක්ෂට කැමති උන බව අගවන්න වගේ.

"පුංචි කෙල්ලගෙ නම මොකක්ද??"

"සමුද්‍රා"

ඒ අතරතුරේ කුමාරිහාමිගෙ පණිවිඩේ දෙන්න පිළිකන්න පැත්තෙන් මුළුතැන්ගෙට දුවපු සිහින නැවතත් මිදුලට එද්දි දැකපු දෙයින් අතරමග නැවතුනා. ආක්ෂ හිටියේ පුංචි බිළිදියව හුරතල් කරන ගමන්. මේ ඔක්කොම බලාගෙන ඈතට වෙලා උන්න සිහිනගෙ හිත තරමක් බයෙන් පිරුණෙ ආක්ෂට මේ අලුත් යාලුවො නිසා තමන්ව අමතක වෙයි කියලා හිතලා. ඒත් සිහිනව දැකපු ආක්ෂ සිහිනට අත වනලා ලගට කතා කරේ පුංචි සිගිත්තියව පෙන්නන්න. නමුත් ලොකු හාමු ඉස්සරහට යන්න බයෙන් උන්න සිහින නොසෙල්වී බලන් ඉද්දි ආක්ෂ පුංචි නංගියවත් වඩාගෙනම සිහින ලගට ආවා.

"සිහින මේ බලන්න. අපෙ අලුත් යාලුවා"

ඒත් සිහිනගෙන් ප්‍රතිචාරයක් තිබුණෙ නෑ. සිහින මුකුත්ම නොකියා මාරුවෙන් මාරුවට බලන් හිටියේ තමන්ගෙ දිහා නොරිස්සුම් මූණකින් බලන් ඉන්න ලොකු හාමුයි කටපුරා ඇදුනු හිනාවකින් බලාගෙන ඉන්න ලොකු හාමුගෙ අක්කයි දිහා.

"කවුද මල්ලි ඒ පොඩි කොල්ලා?"

"ආ මේ මෙහේ වැඩ කරන සිරියාවතීගෙ මුණුපුරා"

"ආ...ඒකනෙ පුංචි කොල්ලෙක් කොහෙන්ද බැලුවේ. කොල්ලා හරිම හුරතල් නේද මල්ලි?"

"ඔව් ඔව්!...එන්න අක්කෙ ගෙට යමු"

ලොකු හාමු වැඩිය කැමැත්තක් නොදක්වනවා උනත් ලොකු හාමුගෙ අක්කානම් මේ වලව් මාන්නයන් කිසිවක් ඔලුවට ගහපු කෙනෙක් නොවුනා. නගරෙ ජීවිතේට හුරු උන කෙනෙක් උනත් ඇය ඉතාම කරුණාවන්ත කෙනෙක් උනා. ඉතින් ආක්ෂ සිහිනව ආශ්‍රය කිරීමේ වරදක් ඇය දුටුවේ නැහැ.

"පුතා!! නංගිවත් අරන් ගෙට එන්න"

සියල්ලෝම ගෙට ගොඩ වෙද්දි ආක්ෂට එහෙම කියලා යන්න ගියපු කුමාරිහාමිව නතර කරගත්ත ආක්ෂ පුංචි දැරියව දීලා දුවගෙන ආවෙ සිහින ගාවට.

"සිහින අයියා එක්ක එන්නෙ නැද්ද?.. මොකද මේ බය වෙලා"

"මන් අත්තම්මා එක්ක ඉන්නම්. අයියා යන්නකො"

"අප්පච්චි අද මුකුත් කියන්නෙ නෑ සිහිනට, අයියා ඉන්නෝනෙ"

"හ්ම්ම්"

හැමෝම හිටියේ සාලෙ වාඩි වෙලා. කුමාරිහාමි පුංචි කෙල්ලව වඩාගෙන එහෙ මෙහෙ ඇවිදින ගමන් හිටියා. ලොකු හාමුත් කවිච්චියේ වාඩි වෙලා තමන්ගෙ අක්කා එක්ක ආ ගිය තොරතුරු කතා කර කර හිටියා. මේ ඔක්කොම බලාගෙන ආක්ෂගෙ අතේ එල්ලිලා සිහින බයෙන් බයෙන් මැද මිදුල දිහාවට ඇදෙද්දි මුළුතැන්ගේ ඉදලා කෑම බදුන් රැගෙන කෑම කාමරේට ඇදෙන කමලා නැන්දගේ අතේ තිබුණ දීසියෙන් ආක්ෂ කේක් කෑල්ලක් උස්සද්දි කමලා නැන්දත් ඔලුව දෙපසට වනලා දෙන්නවම පහු කරගෙන යන්න ගියා.

"සිහින මේක ගන්න"

තමන් අතට ගත්ත කේක් කෑල්ල කාටත් හොරා සිහිනගෙ අතට දුන්න ආක්ෂ දිහා බලලා සිහින අත් දෙකෙන්ම ඒක අල්ලගනිද්දි ආක්ෂ ඇස් ඉගි කර පෙන්නුවේ කන්න කියලා.

"එන්න බලන්න තව මොනාද කන්න තියෙන්නෙ කියලා"

ආක්ෂ එහෙම කියලා මුළුතැන්ගේ දිහාවට යද්දි සිහිනත් ආක්ෂ පස්සෙම දුවලා ආවා.

"දරුවෝ මොකද මෙහේ?"

කුස්සියේ තේ වත් කරමින් හිටපු සිරියාවතී කුස්සියට ගොඩ උන පොඩි බේබියි තමන්ගෙ මුණුපුරායි දැකපු හැටියේ එහෙම ඇහුවේ සිහින අද ආක්ෂ එක්ක ඉන්නෙක ලොකු හාමුගෙන් මොනවගේ ප්‍රතිචාරයක් ලැබේවිද කියලා බයෙන්.

"මෙන්න මෙහේ කුස්සියට වෙලා ඉන්න. පොඩි බේබි පස්සෙ දුවන්නැතුව"

තමන්ගෙ අත්තම්මගෙ තරවටු කිරීමට ආක්ෂගෙ ලගින් ඈත් වෙලා සිහින කුස්සියේ තිබුණ පුංචි බංකුවෙන් වාඩි වෙද්දි කුස්සි ලෑල්ල උඩ කපලා කෑලි වෙන් කරලා තිබුණ කේක් තසිමෙන් ගත්ත තව කේක් කෑල්ලක් සිහිනගෙ අතේ තියලා ආක්ෂ සාලෙට ආවා.

සාලෙට එද්දි ආක්ෂව කතා කරලා තමන්ගෙ ලගින් වාඩි කරව ගත්ත ලොකු නැන්දා ඔහුගෙන් විස්තර තොරතුරු අහන ගමන් හිටියා. තමන්ගෙ පුතාවත් ආක්ෂට අදුන්වලා දුන්න ඇය ආක්ෂට ඔහු එක්ක ඇවිදින්න ගිහින් එන්න කියලා කිව්වේ සදෙව් මෙතෙක් වෙලා පැත්තකට වෙලා වාඩි වෙලා උන්න නිසා.

"කොහොමද? මන් ආක්ෂ"

"මන් සදෙව්."

පොඩි කොල්ලො දෙන්නම හිටියේ වලව්වේ වත්තෙ. නගරෙ ගොඩනැගිලි අස්සෙ හැදුන කොල්ලෙක්ට ගැමි පරිසරේ තරමක් නුහුරු එකක් උනත් සදෙව් ගමේ සුළගේ හමාගෙන එන ගැමි සුවදට පවා ආස කරා. ඈත ඉදලා හමාගෙන ආව සුළග ගතම සීතල කරගෙන හමාගෙන යද්දි ආක්ෂටත් කලින් ඒ කකුල් වලව් වත්ත පුරාම ඔහුවත් ඇදගෙන ඇවිද්දා.

"කීය වසරෙද?"

"ලබන අවුරුද්දෙ හය වසරෙ"

"ඔහ්..අපි දෙන්නම එක වයසෙ"

"හ්ම්ම්"

"ඔහොම ඉන්නකො මගෙ සිහිනව අදුන්නලා දෙන්න"

එහෙම කියපු ආක්ෂ පිළිකන්න දිහාවට ඇවිත් සිහිනව අඩගහගෙන ඉස්සරහ මිදුලට ආවේ සදෙව්ට තමන්ට ඉන්න එකම යාලුවා අදුන්වලා දෙන්න හිතාගෙන.

"මේ ඉන්නෙ සිහින."

තමන්ගෙ පිටුපස සැගවිලා අලුත් අමුත්තා දිහා බෝල ඇස් වලින් බලන් ඉන්න සිහිනව සදෙව්ට අදුන්වලා දෙද්දි සදෙව් සිහින දිහාවට අත දික් කෙරුවේ සිහිනව පිළිගන්න හිතාගෙන උනත් සිහින තව තවත් ආක්ෂගෙ අස්සෙ හැන්ගුනේ ඔහුව තාමත් හුරුපුරුදු ලෙස නොදැනුන හින්දා. සිහින ආක්ෂ දිහා තොල් දෙකත් උල් කරගෙන බලන් ඉද්දි ආක්ෂ පහළට ඇස් හරවලා සිහිනට ඔලුව වනලා පෙන්නුවේ එයා හොඳ කෙනෙක් කියන්න වගේ.

"සිහින, මේ ඉන්නෙ සදෙව් අයියා!"

ආක්ෂ එහෙම කිව්වම නම් හෙමින් සැරේ ඉස්සරහට ආපු සිහින සදෙව්ගෙ අත අල්ලගත්තා. සදෙව් මොහොතක් සිහින දිහා බලාගෙන හිටියා. තවමත් සිහිනගෙ අත සදෙව්ගෙ අතට තද වෙලා තිබුණා. සදෙව්ටත් සිහිනගෙ හුරතල් මූණ දැක්කම හැමදේම අමතක වෙන්න ඇති. හෙමින් සැරේ සදෙව්ගෙ අතට හිරවෙලා තිබුණ සිහිනගෙ අත ඒ අත් අතරින් ගලවගත්ත ආක්ෂ සිහිනගෙ පුංචි අත ඒ හීන් ඇගිලි අතර පටලවාගත්තෙ සිහින තමන්ගෙ විතරයි කියන්න වගේ.

.

.

.

දවස කෙමෙන් අහවර වීගෙන එද්දි සිහිනත් නිවසට පිටත් කරලා නැවත පැමිණි ආක්ෂ ඇග පත සෝදගෙන රෑ අදුමට මාරු උනේ නිවසේ අයත් අමුත්තනුත් සමග රෑ කෑම ගන්න.. ඒ අතරතුර ලොකු හාමු සහ ඔහුගේ අක්කා අතර ආක්ෂගෙ කොළඹ ගමන ගැන කතා බහක්ද සිදු උනා. මේ වන විට ආක්ෂගෙ කොළඹ ගමනට සියල්ල සූදානමින් තිබුණා. ඒ සදහා තිබුණෙ තවත් දින කීපයක් පමණයි.

"මන් හිතුවෙ නෑ මල්ලි ආක්ෂව කොළඹ ස්කෝලෙකට දාවි කියලා. කොල්ලත් තාම පොඩියි නෙව"

"පහු වෙලා කෙරෙන වැඩ නෙමෙයි අක්කෙ ඕවා. දැන්ම ඕවට පුරුදු උනාම හොඳයි"

"පුතා ගමනට කැමතිද මල්ලි?"

"ඒකා අකමැති වෙන්න දෙයක් නෑ අක්කෙ"

"ආක්ෂ පුතා කැමතියි නේද අපෙ අහ ඉන්න?"

ලොකු හාමු එක්ක කතාවෙ හිටපු සජීවනී ආක්ෂ දිහාවට හැරිලා එහෙම අහද්දි ආක්ෂ යන්තම් හිනා වෙලා කෑම පිගානට මූණ හරවගත්තා.

"පුතාට අපි ඉන්නවනෙ. නිවාඩුවට ඕන්නම් මන් ගෙදර එක්ක එන්නම්කො. අවුරුදු නිවාඩුවට කොහොමත් එන්න එපෑය"

එහෙම කියද්දිනම් ආක්ෂ සැනසුම් සුසුමක් වා තලයට එක් කරේ මාස කිහිපයකින් හරි සිහින බලන්න එන්න පුළුවන් වෙනවා කියන සැනසිල්ල ඒ හිතට දැනුන නිසා.

.

.

.

පහුවදා උදේ ලොකු හාමුගේ කීමට ආක්ෂගේ ගමනට සදෙව්වත් එකතු කරගන්න ආක්ෂට සිදු උනා. ඉතින් සදෙව්ට ගම පෙන්වන අරමුණින් සිහිනව බලන්න යන්නත් පුළුවන් එකේ ආක්ෂත් ලොකු අකමැත්තක් නැතුවම සදේව්ව අඩගහගෙන ආවේ සිහිනගෙ ගෙවල් පැත්තට.

"අපි මේ කොහෙද යන්නෙ?"

"සිහිනව එක්ක එන්න"

"සිහින ආක්ෂගෙ හොඳ යාලුවෙක් වගේ"

"ඔව්..සිහින 'මගේ.."

පාර දිගේ ඇවිදන් එන ගමන් කොල්ලො දෙන්නම කතා බහ කරමින්ම සිහිනගෙ ගෙවල් පැත්තට ඇදුනා. පාර දිගේ ඇවිදන් ගිය සමහර උදවියගෙ ඇස් නොයෙක්වර සදෙව් දිහාවට යොමු උනා.

"ගම ෂෝක් නේද??"

"ඇයි සදෙව් එහෙ ඉන්නෙ ගමේ නෙමෙයිද?"

"අපි ඉන්නෙ ටවුමෙ. මෙහේ වගේ නෙමෙයි එහෙ"

"හ්ම්ම්"

"මන් මෙහෙට ආසයි"

"සදෙව්ට එහේ ගොඩක් යාලුවො ඉන්නවද?"

"ඔව් ගොඩක් ඉන්නවා. ඒත් මගෙ හොඳම යාලුවා එක්ක තමයි මන් වැඩිපුරම ඉන්නෙ"

"මගෙ සිහින වගේ"

මුවගේ පිරුණු හිනාවකින් එහෙම කියමින් ඉස්සරහට ඇදෙන ආක්ෂ දිහා බලපු සදෙව්ගෙ මූණෙත් හිනාවක් ඇදුණේ ආක්ෂ සිහිනට ගොඩක් ආදරේ වග මේ ටික මොහොතට උනත් හොදින්ම තේරුම් ගිහින් තියෙද්දි. ආක්ෂ කතා කරන හැම මොහොතකම ඒ කටින් සිහිනගෙ නමත් පිටවීම එයට තවත් හේතුවක් උනා.

"ඇයි ආක්ෂ නගරෙ ස්කෝලෙ එන්නෙ. මෙහේ කොච්චර ලස්සනයි ද!?"

"අප්පච්චිට ඕන මන් ලොකු ස්කෝලෙකට යන්න."

"ඉතින් ආක්ෂ කැමැත්තෙන් නෙමෙයිද අපි එක්ක යන්නෙ"

"හ්ම්ම්"

කතාවෙන් කතාව සිහිනගෙ ගෙවල් කිට්ටුවටම දෙන්නා ඇවිල්ලා තිබුණා. කොල්ලො දෙන්නා කඩුල්ල කිට්ටුවටම එද්දි මිදුල අතුගාන ගමන් හිටපු මල්ලිකා වත්ත ඇතුළට එන හුරුපුරුදු මූණට අමතර අනික් දරුවා කවුද කියලා බැලුවා.

"කවුද පොඩි බේබි මේ අලුත් යාලුවා?"

"මේ ලොකු නැන්දගෙ පුතා, සදෙව්... මල්ලිකා, කෝ සිහින ඉන්නවද?"

"කොහොමද නැන්දෙ?"

"වරදක් නෑ දරුවෝ.... සිහින....!"

සදෙව් එක්කත් හිනා වෙලා යටහත් පහත්ව උත්තර බැදපු මල්ලිකා ගේ දිහාවට හැරිලා සිහිනගෙ නමින් අඩගහද්දි ගෙයින් එළියට දුවගෙන ආව සිහිනගෙ කකුල් ඉස්තෝප්පුවේදිම නතර උනේ ආක්ෂගෙ අලුත් අමුත්තව දැකලා.

මොහොතක් නතර වෙලා ඉදපු සිහින ආක්ෂ දිහා බලලා දුවගෙන ඇවිත් ආක්ෂගෙ අත් අතරට පැන්නා. සිහිනව වඩාගෙනම ආක්ෂ ඒ කම්මුල් මත තොල් තියලා ආයෙම ගනිද්දි සදෙව්නුත් මේ දෙන්නා දිහා දිලිසෙන ඇස් වලින් බලන් හිටියා. මල්ලිකාටනම් දැන් මේ දේවල් සාමන්‍ය දෙයක් වෙලා තියෙද්දි පොඩි බේබිට බලපෑම් කරන්නත් ඇයට නොහැකි නිසා ඇය පාඩුවේ හිටියා.

කොල්ලො තුන් දෙනාම ආවේ ඇහැළ සෙවණ යටට. ආක්ෂ සිහින එක්කලා හැමදාම එන ඇහැළ සෙවණ අද අලුත් අමුත්තව පිළිගත්තත් සිහින තවමත් ඔහුව පිළිගැනීමට සූදානම් නොවුණේ ආක්ෂ ඔවුන් නිසා තමන්ගෙන් ඈත් වේය යන බිය ඒ පුංචි හිත ඇතුළෙ නවාතැන් ගනිද්දි.

"සිහින කොහෙද යන්නෙ?"

ඇහැළ හෙවණෙ වාඩි වෙලා ඉදපු සදෙව් නියර දිගේ ආක්ෂ දිහාවට ඇවිදන් යන සිහින පස්සෙන් ආවේ තමන්ගෙ අලුත් යාලුවො දෙන්නා මොනවද කරන්න යන්නෙ කියලා දැනගන්න තිබුණ කුතුහලේටත් එක්ක.

නියර දිගේ සිහිනට වඩා වේගෙන් ඇවිදන් ආපු සදෙව් සිහින ලගටම ඇවිත් ඒ උරහිස් දෙකට අත තියද්දි ගැස්සිලා ගිය සිහින කලබල උන පාර සදෙව් කුඩා වතුර පාරට වැටුණේ මුළු ඇගම වතුරෙන් නෑවිලා යද්දි. දෙන්නටම ටිකක් ඈතින් ඉදපු ආක්ෂ සිහිනව වැටිලා කියලා හිතලා කලබලෙන් දුවගෙන ආවා. මුලින්ම සිහින ලගට දුවල ආවත් ආක්ෂ දැක්කෙ වතුරට වැටිලා තෙමිලා ඉන්න සදෙව්ව.

සදෙව්ව වතුරට වැටෙද්දි නම් සිහින හොඳටම බය උනා. ලොකු හාමුගෙන් සහ සදෙව්ගෙ අම්මාගෙන් බැනුම් අහන්න වෙයි කියලා සිහින හොඳටම බය උනා. ආක්ෂත් ඉක්මන් කරලා වතුර පාරට වැටුණ සදෙව්ට නැගිටින්න උදව් කරා.

හීතලක් මුළු ඇග පුරාම දුවමින් ඇගේ හිරිගඩු පවා පිපෙද්දි තමන්වම බදාගත්ත සදෙව් දැක්කේ ආක්ෂගෙ ඇගේ එල්ලිලා අඩන්න ඔන්න මෙන්න ඉන්න සිහිනව.

"සිහින නිසා නෙමෙයි වැටුණේ. බය වෙන්නෙපා"

"සදෙව් අපි යමු. ඔයාට සීතල අල්ලයි. එන්න සුදු බෝලේ"

සදෙව්වත් ඉස්සර කරගෙන සිහිනගෙ අතින් අල්ලගත්ත ආක්ෂ වෙලෙන් එගොඩ වෙලා වලව්වට ඉක්මන් අඩියෙන් ආවේ පාන්දරම තෙමිලා මේ සීතල කාලෙ සදෙව් අසනීප උනොත් කියලා හිතලා.

"අ..අභී අයියේ....සි..හින හි..තලා කරේ නෑ.."

"අයියා දන්නවා සුදු බෝලේ.."

තමන්ගෙ අතේ එල්ලිලා ඉදිරියට ඇදෙන ආක්ෂගේ ගානට දුවගෙන ආව සිහින ඉකිගසමින් එහෙම කියද්දි ආක්ෂ සිහිනගෙ හිත හදන්න එහෙම කිව්වත් සිහිනගෙ හිත තවමත් බයෙන් පිරිලා තිබුණා. සදෙව් වලව්ව ඇතුළට ඇවිදන් යද්දි සිහිනත් එක්කම ඇතුළට යන්න ආව ආක්ෂ වලව් දොරකඩදි නැවතුනේ සිහින ආක්ෂගෙ අතින් අදිමින් යන්න අදිමදි කළ නිසා.

"ම..ට බ..නීවි ද?"

"මගෙ සුදු බෝලෙ මුකුත් කරේ නෑනෙ"

ආක්ෂව දාලා ගෙදර යන්නත් අදිමදි කරපු සිහින ආක්ෂ පස්සෙම දැවටෙමින් හිටියේ ලොකු හාමු ඇතුළු වලව්වේ උදවිය බැන්නත් ආක්ෂ ලග තමන්ට රැකවරණයක් හැම මොහොතකම දැනුන නිසා.

"පුතා මොකද මේ!? හොඳටම තෙමිලා!?"

තෙත බේරෙමින් නානකාමරයට දුවපු සදෙව්ව දැකලා කුමාරිහාමි කලබලෙන් කතාවත් අතරමග නවත්තලා ඉදිරියට එද්දි කුමාරිහාමි තමන්ගේ පුතණ්ඩියව නතර කර ගත්තා.

"සදෙව්ව වතුර පාරට වැටුණා"

"අර කොහොමද...මොකද උනේ.."

"කලබල වෙන්නෙපා නංගි. දරුවා තෙමිලා විතරයිනෙව. තුවාලයක් වෙලා නැහැනෙ"

සදෙව්ව නානකාමරයට එක්කගෙන ගිහිපු සදෙව්ගෙ අම්මා ඔහුට ඇගපත සෝදගන්න දීලා එළියට එද්දි කුමාරිහාමි ආක්ෂගෙන් සිද්ධ උන දේ අහන ගමන් හිටියා. නමුත් සිහින සම්බන්ධ එකදු වචනයක් ආක්ෂගෙ කටින් පිට නොවුණා.

ආක්ෂගෙ පිටුපසට වෙලා කදුලු පුරෝගත්ත ඇස් වලින් ආක්ෂගෙ ඇදුම පොඩි කරගෙන ඉදපු සිහින දිහා නොරිස්සුම් බැල්මක් හෙලපු ලොකු හාමු සිද්ධ උන දේ හිතාගත්තා.

"තමුසේ!!?"

ආක්ෂගේ ඇදුම අග ගුලි කරගෙන යන්තම් ඉකි ගසන සිහිනට කෑ ගහපු ලොකු හාමු දැඩි කෝපයකින් ඇවිලෙන ගමන් හිටියා. පුංචි සිහිනව ආක්ෂට වලව්වට එක්කරගෙන නොඑන්න තිබුණා. ලොකු හාමුගෙ කෑ ගැසීමෙන් ගැස්සිලා ගිය සිහින හොඳටම බය වෙලා ඉදපු නිසාම ලොකු හාමු හිතපු දේ තවත් ඔප්පු කරමින් සිහිනගෙ ඉකිගැසීම එන්න එන්නම වැඩි උනා.

"වලව්වේ සේවකයො දැනගන්න ඕන තමන්ගෙ තරමට ඉන්න."

"මේ පොඩි දරුවව බය කරන්නෙපා මල්ලියේ. මේ දරුවා මොන වරදක් කරාටද ඒ දරුවට කෑ ගහන්නෙ"

"ඕකුන් කරට ගන්න එපා කියලා මන් හැමදාම කියනවා. අනිවාර්යයෙන් ඕක කරන්න ඇත්තෙ මේකම තමයි"

"පොඩි එවුන් සෙල්ලම් කරනකොට ඔහොම තමයි මල්ලි"

ආක්ෂගෙ ලොකු නැන්දා කොච්චර පැහැදිලි කරත් ලොකු හාමු ඒ කිසිවක් පිළිගන්න සූදානමින් හිටියේ නෑ. කිසිම දෙයක් නොවිමසා පුංචි සිහිනට කෑ ගහන්න තරම් වලව් මාන්නය ඔහුගෙ හිතේ පැළපදියම් වෙලාම තිබුණා. පොඩි කොල්ලා නිසා තමයි තමන්ගෙ අක්කගෙ පුතාට මෙහෙම දෙයක් උනේ කියන මතයෙම ඔහු හිටියා.

"අප්පච්චි!!! සිහින මොනවත් කරේ නෑ. සිහිනට බනින්න එපා!!"

මෙච්චර වෙලා කට්ටිය ඉදිරියේ මුකුත් කියාගන්න බැරිව උන්න ආක්ෂගෙ දඩබ්බර ගතියත් එළියට එද්දි සිහිනගෙ ඇඩීම බලන් ඉන්න බැරි තැනම ආක්ෂ කට ඇරියා.

"පේනවා නේද! මුන් අපෙ ළමයිගෙත් ඔලු වෙනස් කරලා තියෙන හැටි"

"අප්පච්චි මන් සැරයක් කිව්වනෙ සිහින මුකුත් කරේ නෑ කියලා.! එන්න සිහින අපි යමු"

ආක්ෂගෙ ඉවසීම අවසානයටම ඇවිත් තිබුණත් ඔහු හුගක් ඉවසීමෙන් කතා කරා. කවදාවත් නැතුව කට්ටිය ඉස්සරහ ලොකු හාමු සිහිනට එතරම් නපුරු වෙද්දි නම් ආක්ෂගෙ ඉවසීමේ සීමා පනිද්දි තවත් අතකින් සිහිනගෙ පුංචි හිත ගොඩක් රිදිලා තිබුණා. පුංචි උනත් ඒ හිතට ලොකු හාමුගෙ වචන යම් තරමක් තේරුණා. ඒ හැම වචනයක් ගානෙම සිහිනගෙ සියුමැලි හිත රිදෙන්න ගනිද්දි ඉකිගැසීමත් එන්න එන්නම වැඩි උනා. සිහින අඩනවා බලන් ඉන්න බැරි ආක්ෂ ඔහුවත් අරගෙන යන්න හදද්දි සදෙව් සාලෙ දිහාවට ආවා.

"මාමේ!! සිහින මුකුත් කරේ නෑ. මම කකුල ලිස්සලා වතුර පාරට වැටුණේ"

සදෙව්ගෙ කීමටම යන්තම් කෝපය නිවාගත්ත ලොකු හාමු සාලෙ කවිච්චියෙන් වාඩි වෙද්දි ආක්ෂ සිහින එක්ක මිදුලට බැහැලා තිබුණා. සදෙව්ගෙ අම්මත් එළියට ආවේ පුංචි කොල්ලා බය වෙලා ඇති කියලා හිතලා.

ආක්ෂ හිටියේ සිහිනව වඩාගෙන. සිහින ඒ බෙල්ල බදාගෙන ඉකිගසමින් හිටියා. සිහිනගේ පිට සියුම්ව අතගාමින් ආක්ෂ සිහිනව නලවන්න උත්සාහයක හිටියා.

"සුදු බෝලේ.. අයියට...සමාවෙන්න.."

සිහින තවමත් ඉකිගසනවා. ඒ මූණ දිගේ බේරිලා ගිය කදුලු වලින් ආක්ෂගේ කමිස උරහිස හොඳටම තෙත් වෙලා තිබුණා.

සිහිනගෙ ඉකිගැසීමේ ඉවරයක් නැති තැන ආක්ෂ සිහිනවත් අරගෙන වලව් වත්තෙ පහළට යන හැටි සජීවනී ඉස්තෝප්පුවට වෙලා බලාගෙන හිටියේ පුංචි කොල්ලා ගැන හිතේ ඇති උන අනුකම්පාවෙන්.

"කෝ මෙහෙ බලන්න."

වත්ත පහළ බංකුවේ වාඩි වෙලා සිහිනව ඔඩොක්කුවේ තියාගෙන ඉදපු ආක්ෂ සිහිනගෙ කම්මුල් දෙකම තම දෑතින් පිසදාද්දි තොල් දෙකත් උල් කරගෙන සිහින ඇස් දෙක පොඩි කරන්න ගත්තා.

"කෝ දැන් නාඩා ඉඳින්. අයියත් ඔයිපාර අඩනවා හරිද?!"

"එ..පා..."

ආක්ෂ අඩනවා කිව්වම යන්තම් වචනයක් එළියට දාගත්ත සිහිනව ලගට ඇදලා ගත්ත ආක්ෂ ඒ බෙල්ල අස්සෙ මූණ අතුල්ලමින් සිහිනට කිති කවද්දි සිහිනගෙ ඉකි ගැසීම හිනා සද්දෙකට පෙරළුණා. දෙන්නගෙ කෝළම් මැද්දෙ සිහිනගෙ ඇඩිල්ල නතර කරගන්න පුළුවන් උන ආක්ෂ ඒ මූණම තම කමිස කොනින් පිහදාලා සිහිනගෙ නලල මත තම නලල තියලා මොහොතකට ඇස් පියාගත්තා.

"සුදු බෝලේ අයියගෙ පණ. ඒ නිසා සිහින හොඳ ළමයෙක් වෙන්න ඕන හරිද?"

"සිහින හොඳයිනෙ"

"ඔව්ව්...ඒත් අයියට සිහින ලග ඉන්න බෑනෙ හැමවෙලේම. ඒ නිසා අම්මා කියන දේ අහලා පරිස්සමින් ඉන්නෝනි."

ඇස් දෙක පියාගෙනම, හිතේ තිබුණ කියාගන්න ඕනම කියලා හිතුණ දේවල් ආක්ෂ සිහිනට පැහැදිලි කරා. සිහිනත් ආක්ෂගෙන් ඈත් නොවීම ඒ දේවල් හොදින් අහගෙන හිටියා.

සිහිනගෙන් ඈත් වෙලා ඒ පුංචි නාසය උඩ තොල් තියලා ආයෙම ගත්ත ආක්ෂ උතුරා යන සෙනෙහසකින් සිහිනව තමන්ගෙ පපුවට තුරුලු කරගත්තා.

.

.

.

කාලය වේගයෙන් ගත වෙලා ගියා. ලොකු හාමුගෙ අක්කා වලව්වට ඇවිල්ලා තවත් දින තුන හතරක් ගෙවිලා තිබුණා. මේ කාලය අතරතුර සදෙව් එක්ක සිහින යම් තරමක් මිතුරු උනා. ආක්ෂ සිහිනව මේ දින කිහිපයම වලව්වට එක්ක නොඑන්න වගබලා ගත්තත් වලව්වෙන් පිටත හැමතැනකම සදෙව්වත් සම්බන්ධ කරගනිමින් ආක්ෂ සිහින එක්ක කාලය ගත කරා. වලව්වේ ඇති උන කලකෝලාහලයත් සජීවනීගෙ පෙරැත්තෙටම කාලයේ වැලි තලාවෙන් යටපත් වෙලා ගියා.

වසරක් නිම වෙලා නව වසරකට පියමනින්න තව දින තුනක් ඉතිරිව තිබුණා.

වෙනද වගේම උදෑසනම අවදි උන වලව්වේ උදවිය එක එක කාර්යයන් වල නිරත වෙලා ඉද්දි කුමාරිහාමිත් ආක්ෂගෙ ගමන් මලු සූදානම් කරමින් උන්නා. ඒ කිසිවකට හවුල් වෙන්න ආක්ෂගෙ නම් කැමැත්තක් තිබුණේ නැති නිසාම ආක්ෂ ඒ හැමදේම මගෑරලා හිටියා. ඒත් ඒ දේවල් මගෑරලා කොතරම් දවසක් මේ දෛවයයෙන් පැන දුවන්නද කියලා ආක්ෂවත් දන්නෙ නැතුවැති.

"කමලා, පොඩි බේබිගෙ බඩු ටික ඔක්කොම ලෑස්තිද?"

"ඔව් කුමාරිහාමි ඔක්කොම බෑග් වලට දැම්මා"

"හ්ම්ම්..එහෙනම් දැන් කුස්සියෙ කරන්න තියෙන වැඩක් බලාපන්"

ලෑස්ති කරපු අඩු වැඩිය හරිද කියලා තවත් වරක් පරීක්ෂා කරපු කුමාරිහාමි ඔක්කොම පැත්තකින් තියලා ආක්ෂට ගමනට අදින්න හොඳ ඇදුමකුත් ස්තිරික්ක කරවලා පිළිවෙකට නවලා තිව්වා.

"ආක්ෂ!! කොහෙද ඉන්නෙ?"

ආක්ෂ වලව්ව පුරාම පේන්නවත් නැති වෙද්දි කුමාරිහාමි වලව්ව පුරාම ආක්ෂව හෙව්වා.

"අක්කේ....අපෙ දරුවා ඉන්නවද සදෙව් එක්ක"

"නැහැ නංගියේ. සදෙව් පුතා මන් එක්කලා කාමරේ"

"හරි අක්කේ මන් බලන්නම්"

සජීවනීගෙ කාමරේ දොරට තට්ටු කරලා එහෙම අහපු කුමාරිහාමි මිදුලට බහිද්දි කාමරේට වෙලා සජීවනි ලගින්ම ඇදේ වාඩි වෙලා තමන්ගෙ පුංචි නංගිව හුරතල් කරපු සදෙව් තමන්ගෙ අම්මගෙ අතට තට්ටු කරමින් මොනාහරි ලොකු දෙයක් කියන්න කටත් හදාගත්තා.

"අම්මේ! ආක්ෂ ගෙදරින් ගිහින්ද දන්නෙ නෑ"

තමන්ගෙ අම්මට රහසි බස් මුමුණමින් එහෙම කියපු සදෙව් දිහා ප්‍රශ්නාර්ත සහගත බැල්මක් දාලා සජීවනී බලන් ඉන්න අතරෙ ඇය තමන්ගේ පුතා එහෙම කියන්න හේතු හිතුවා.

"අර මොකද දරුවෝ? හෙට යන නිසාද? ආක්ෂ පුතා ගම දාලා යන්න අකමැත්තෙන් තමා ඇත්තෙ"

"ආක්ෂ සිහිනව දාලා යන්නයි කැමති නැත්තෙ"

"කොල්ලො දෙන්න හොඳ යාලුවොනෙ, එහෙම තමයි ඉතින්"

"ඔව්ව්...සිහින එක්ක ඕන කෙනෙක්ට යාලුවෙක් වෙන්න හිතෙනවා"

"පුංචි කොල්ලා හුරතල් නම් තමයි"

සදෙව්ට ආක්ෂව ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන් උනා.ඉතින් තමන්ට දැනුන දේ තමන්ගෙ අම්මා එක්ක කියන්න සදෙව්ට කිසිම පැකිලීමක් තිබුණෙ නෑ.

.

.

මේ අතරවාරයේ ඇහැළ ගහ යට සෙවණෙ මෙතරම් කලක් ගෙවපු සුන්දර කාලය ගැන මතක් කරමින් වලව්වේ පොඩි බේබි සුසුම්ලමින් උන්නා. උදෑසනම හිරු රැස් වැටීගෙන එන යාමේ කුරුල්ලන්ගේ හඬ තවමත් ඒ අවටින් ඇසුණා. නියරට එපිටින් ගලාගෙන යන දිය කඩිත්තෙ වතුර පහරෙ හඩත් නිහඩ පරිසරය තුළ රැව් පිළිරැව් දෙමින් හොදින්ම ඇසුණා. සිහින නිසා ආක්ෂගෙ මුරණ්ඩු තද ගති පැවතුම් කිව්වත් වගේ ගොඩක් වෙනස් වෙලා තිබුණා.

වෙනද වගේම ආක්ෂගෙ ඔඩොක්කුවේ පුංචි සිහින වාඩි වෙලා හිටියා. ආක්ෂට සිහිනව මුල්ම වරට හමු උන මේ ඇහැළ සෙවණෙ සිහින සමග මේ ගත කරන මොහොත සමහරවිට කාලයකට ඔවුන් හමුවන අවසාන මොහොතක් වේවි කියලා හිතුණ නිසාමද මන්දා ආක්ෂ සිහිනව මොහොතකට වත් තමන්ගෙ ලගින් ඈතට යන්න නොදී තියාගත්තා. පිටුපසට පේන සිහිනගෙ ඒ බෙල්ල ලගට දික් උන යන්තම් කැරලි ගැසුන කොණ්ඩෙ සුළගට සෙලවෙන අයුරු ආක්ෂ බලාගෙන හිටියා.

යන්තම් හදවත පසාරු කරගෙන යන්නක් මෙන් දැනුන වේදනාවට යටි තොලත් හපාගෙන තම ගැහෙන පපුව තද කරලා අල්ලගත්ත ආක්ෂ තම පිම්මේ දුවන හදවත පාලනය කරගත නොහැකිව පපුවම අත්ලෙන් පිරිමදින අතරෙ ආක්ෂගේ සද්දයක් නැත්තෙ මොකද කියලා බලන්න සිහින ආක්ෂ දිහාවට හැරුණා.

"අභී අයියේ...අයියට ඌවා වෙලාද?"

තම පපුවම අතින් පිරිමදින ආක්ෂ දිහා එකවර හැරුණ සිහින ආක්ෂ කරපු දේ නිසා තැති ගත්තේ ආක්ෂට මොකක් හෝ අසනීපයක් කියලා හිතලා.

"නෑ සිහින ඇයි එහෙම ඇහුවේ?"

"අයියා මෙතන අතගාපු නිසා. ඌවා උනාම අම්මත් අතගානෝ ඒම"

"නෑ සුදු බෝලේ.. අයියා හොදින්"

සිහින දිහා බලලා යන්තම් හිනා උන ආක්ෂ පිටුපසින් සිහිනව බදාගනිද්දි සිහිනත් ආක්ෂගෙ අත් අතරෙ ඉස්සරහට ගුලි උනා.

සිහිනට තවමත් ආක්ෂ යන දිනයක් ගැන අවබෝධයක් නැති වෙද්දි ආක්ෂ හිටියේ තමන් හෙට සිහිනව දාලා නගරෙට යන බව කියාගන්න ක්‍රමයක් හිත හිතා.

මුළු උදය වරුවම ගෙවිලත් තවමත් ආක්ෂට සිහිනට තමන්ගේ ගමන ගැන මතක් කරන්න ක්‍රමයක් හිතාගත නොහැකිව අසරණ උනා.

"සිහින අපි දොළ පාර ගාවට යමුද?"

"දැන්?"

"ඔව් දැන් තමයි... අයියට ආසයි සිහින එක්ක අන්තිම පාරට එතනට යන්න"

"ඇයි අන්තිම පාරට??"

ආක්ෂට තමන් කියපු දේ තේරුම් යද්දි සිහිනට එය ඇහිලා අවසන්. සිහිනගෙ මූණම අදුරු වෙන්න මොහොතක් වත් ගත නොවෙන්න ඇති.

"නැහැ නැහැ සුදු බෝලේ. මේ අවුරුද්දට අන්තිම පාරට"

"ඇයි එතෝට හෙට, අයියා සිහිනව බලන්න එන්නෙ නැතිද?"

"............."

"අයියා කෝද යනවා කියපු නිසාද ඕවා කියන්නෙ?"

"සුදු බෝලෙට මතකද?"

සිහින හෙමිහිට ඔලුව උඩ පහළ කරද්දි ආක්ෂ කදුලු අතරින් සිනාසුනා.

සිහිනගෙ අතින් අල්ලගෙන වලව්ව දක්වා ආපු ආක්ෂ සිහින එක්ක ගෙට ගොඩ උනේ දෙන්නම තවමත් දවල්ට කාලා නැති හින්දා.

"කොහෙ ගිහින්ද ඔය එන්නෙ?"

"කොහෙවත් නෑ...."

"තවමත් ඔය කොල්ලා එක්ක රවුම් ගහනවද. දැන්වත් ඔය ළමයට කියන්නෙ නැද්ද හෙට යන බව"

ආක්ෂගෙ පසුපස සැගවිලා ඉස්සරහට ඇදෙන සිහිනව දැකපු කුමාරිහාමි ආක්ෂ තවමත් මේ කොල්ලා පස්සෙම ඇදෙන එක බලාගෙන ඉන්න බැරි තැන එහෙම කිව්වේ දෙන්නගෙම හොඳට.

සිහින ලොකු කරගත්ත ඇස් වලින් බලන් හිටියේ කුමාරිහාමි දිහා. ඒ කතාවෙන් සිහිනගෙ ඇස් කලබලෙන් වගේ, දැඩි පෙණුමක් ආරූඪ කරගෙන බලන් ඉන්න ආක්ෂගෙ මුහුණ පුරාම දිව්වා. ආක්ෂගෙ මුහුණම උදේ තමන් එක්ක හිටියටත් වඩා වෙනස් වෙලා...ආක්ෂගෙ ඇස් වල වේදනාව මුසු උන රෞද්‍ර පෙනුමක් දිස් උනා.

කිසිවෙකුත් ගනන් නොගෙන මුළුතැන්ගෙට ආපු ආක්ෂ සිරියාවතීට කියලා ඔතාගත්ත කෑම පාර්සලයත් අරන් වලව්වෙන් එළියට බැහැලා සිහිනගෙ අතින් අල්ලන් ඇවිදගෙන ගියා. පුංචි කෙල්ලවත් වඩාගෙන සාලෙට ගොඩ උන සජීවනිත් ආක්ෂ වලව්වෙන් පිටවෙන අයුරු යන්තම් දුටුවා. එකවරම ආක්ෂගෙ උන වෙනස්වීම හිතාගත නොහැකිව සිහිනත් ආක්ෂ එක්කම ඔහේ ඇවිදන් ඇවිත් දෙන්නම නතර උනේ දොළ පාරගාව.

"අභී අයියේ..."

"හ්ම්ම්"

"අයියා ඇත්තටම සිහින දාලා යනෝද හෙට"

"........"

"කියන්නකූ..."

සිහින ඒ අතින් අදිමින් එහෙම අහද්දි මෙච්චර වෙලා මූණ බිමට නමාගෙන ගලක් උඩ වාඩි වෙලා හිටපු ආක්ෂ වචනයක් හෝ නොකියා සිහිනව තමන්ගෙ තුරුලට ඇදලා ගනිමින් වැළද ගත්තා. ඒ වැළද ගැනීම ගොඩක් ශක්තිමත් එකක්. වැළදගෙන ඉදපු විදියටම සිහිනගෙ මූණ මත පැත්තකින් තම තොල් තද කරගෙන ඉදපු ආක්ෂ ගෙ ඒ හාදුව ඇතුළෙ ආදරය මෙන්ම දුක වේදනාවත් නොඅඩුව තිබුණා.

"අයියා එක්ක තරහා වෙන්න එපා සිහින"

සිහිනගෙන් ලැබුණෙ හිස සෙලවීමක් විතරයි. තවමත් සිහින ඒ අත් අතරට හිරවෙලා හිටියා.

ආක්ෂගෙ ඇස් වලින් බේරිලා ගිය කදුලු සිහිනගෙ කමිසෙ තෙත් කරමින් පහළට කඩාගෙන හැලුණා.

"අ...යියා...අ..ඩ..නෝ..ද?"

ආක්ෂගෙ කදුලු හීන් ඉකියක් වෙලා එළියට එද්දි සිහින කලබලා වෙලා ආක්ෂව මෑත් කරන්න උත්සාහ කරත් ඒ පුංචි ශරීරෙට තමන්ට වඩා ගොඩක් ශක්තිමත් ඒ අත් වලින් ගැලවෙන්න නොහැකි උනා.

සිහිනව බදාගෙන ඉන්න ගමන්ම එක් අතකින් තම කදුලු පිහදාගත්ත ආක්ෂ සිහිනව තමන්ගෙන් මෑත් කරා.

"අයියා හොදින් සිහින.. මේ..."

ආක්ෂ හිනා උනා. සිහින එක්ක ඉද්දි වෙනදට ඇදෙන අව්‍යාජ සිහිනව වෙනුවට ආක්ෂගෙ මූණ මත අද ව්‍යාජ සිනහවක් ඇදුනා.

සිහින එක්ක මුලු දවසම ගත කරපු ආක්ෂ සිහිනගෙ අතින් අල්ලන් ආවේ සිහිනගෙ ගෙදරට.

තමන්ගෙ බැනියම ඉතිරි වෙද්දි කමිසය ගලවලා අතට ගත්ත ආක්ෂ එය සිහිනගෙ පුංචි අත් අතර තිබ්බේ සිහින කිසිවක් තේරුම් ගත නොහැකිව බලාගෙන ඉද්දි.

"අයියට මුකුත් නැතිද??"

යන්තම් ආක්ෂ අහපු දේ තේරුම් ගිය සැනින් අත් දෙකත් උඩට කරගත්ත සිහින ආක්ෂ තමන්ගෙ කමිසෙත් ගලවනකන් බලන් හිටියා. තවමත් ඒ ඇදුම් වල එකිනෙකාගෙ දාඩිය සුවද පිරිලා තිබුණා. ඒත් ඒ කිසිවක් දෙන්නටම ගානක් නොවුණා.

සිහිනගෙ කමිසයත් ගලවලා අතට ගත්ත ආක්ෂ තමන්ගෙ කමිසෙ සිහිනට ඇන්දුවා. සිහිනට ඒ කමිසය ගොඩක් ලොකු එකක් උනා. නමුත් ආක්ෂට ඕන උනේ සිහිනගෙ සුවද රැදුනු මොකක් හෝ දෙයක් පමණයි.

"අයියා හෙට යන්න කලින් සිහිනව බලන්න එන්නම්"

වෙනදා මෙන්ම සිහිනගෙ නලල් තලෙ උණුසුම් හාදුවක් තවරපු ආක්ෂ "පරිස්සමින් ඉන්න" කියලා ඈතට වෙලා බලාගෙන උන්න මල්ලිකා එක්ක සිහිනව තනි කරලා එන්න ආවා.

වෙනද නැති ලොකු දුකකින් සිහිනව ගෙදරට ඇරලවලා ආපු ආක්ෂ වලව්වට ඇවිත් තම කාමරයට වෙලා ඇදේ ගුලි වෙලා කදුලු සැලුවා...ඒ ගලාගෙන ආපු කදුලු ආක්ෂගෙ අසරණ කමට සාක්ෂි දැරුවා....

"මන් හිතුවෙ නෑ අක්කෙ කොල්ලට මෙච්චර දුක හිතෙයි කියලා!"

ඇදේ ගුලිවෙලා ඉන්න ආක්ෂ දිහා දොර රෙද්ද මෑත් කරලා බලාගෙන උන්න කුමාරිහාමි තමන්ගේ ලගට වෙලා ආක්ෂ දිහා බලන් ඉදපු සජීවනිට එහෙම කියලා ලොකු සුසුමක් පිටකෙරුවෙ ආක්ෂ කවදාවත් මීට පෙර මෙහෙම හැසිරෙනවා නොදැකපු නිසා. නමුත් ආක්ෂගෙ කදුලු කිසිවෙක් දකින්නෙ නැතුවම රෑ පුරාම ඒ කොට්ටය තෙත් කෙරුවා...

.

.

.

──────────────────────────

ඔයාලට කතාව බෝරින්ග් වගේද ළමයි.??

අද වචන 4000 ක්...

පුංචි ඉල්ලීමක් ළමයී. පුළුවන් නම් කමෙන්ට් ටිකක් දීගෙන යන්න කතාවට. ගොඩක් අය කතාව කියවනවනේ.👉👈කමෙන්ට් 50 ක් වත් ලැබුණොත් මේ අවුරුද්දෙම තවත් කොටසක් දෙන්නම් ...🙈❤

.
ඒ වගේම වැරදි තිබුණොත් කියන්න හොඳද... මන් ඒවා හදන්නම්...

.
ඊළග සිහිනයෙන් හමුවෙනතුරු පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමෝටම ❤️‍🩹

මම
සුකී ✍️

Continue Reading

You'll Also Like

21.6K 696 29
the story takes place in Nevermore where Wednesday meet a tribrid that is Hope's twin sister who was misplaced at birth. her name is Faith Mikaelson...
22.5K 511 25
LevixReaderxJake Alternate sequel to "Meeting the Higher-ups" This is an alternate sequel to "Meeting the Higher-ups" where the AOT higher-ups went b...
12.9K 2.1K 11
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස...
10.8M 339K 71
You and Jungkook were childhood best friends. Theres just one thing...You hadn't realized he was in love with you.