සංසාර සිහින | TK | Nonfiction...

By Sukii_7_

12.9K 1.5K 2K

| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි ද... More

පිවිසුම 💭
පළමුවන සිහිනය 💭
දෙවන සිහිනය 💭
තෙවන සිහිනය 💭
හතරවන සිහිනය 💭
පස්වන සිහිනය 💭
හයවන සිහිනය 💭
සත්වන සිහිනය 💭
අටවන සිහිනය 💭
නවවන සිහිනය 💭
දහවන සිහිනය 💭
එකොළොස්වන සිහිනය 💭
දොළොස්වන සිහිනය 💭
දහතුන්වන සිහිනය 💭
දාහතරවන සිහිනය 💭
පහළොස්වන සිහිනය 💭 bonus
දහසයවන සිහිනය 💭
දාහත්වන සිහිනය 💭
දහනව වන සිහිනය 💭
විසි වෙනි සිහිනය 💭
විසි එක් වන සිහිනය 💭
විසි දෙවන සිහිනය 💭
විසි තුන්වන සිහිනය 💭
විසි හතරවන සිහිනය 💭
විසි පස්වන සිහිනය 💭
විසි හය වන සිහිනය 💭
විසි හත්වන සිහිනය 💭
විසි අට වන සිහිනය 💭
විසි නව වන සිහිනය 💭
තිස්වෙනි සිහිනය 💭
තිස් එක්වෙනි සිහිනය 💭
තිස් දෙවෙනි සිහිනය 💭
තිස් තුන්වෙනි සිහිනය 💭
තිස් හතරවැනි සිහිනය 💭
තිස් පස්වැනි සිහිනය 💭
තිස් හයවැනි සිහිනය 💭
තිස් හත් වන සිහිනය 💭
තිස් අටවන සිහිනය 💭
තිස් නව වන සිහිනය 💭

දහඅට වන සිහිනය 💭

266 35 54
By Sukii_7_

අප දෙදෙනා මුණ ගැස්වූ මේ මහ නගරේ අතැර නුඹට ගමට යන්න බෑ....

උදේ පාන්දරම මන් අයියත් එක්ක ඇවිදින්න ආවේ නුවර යන ට්‍රේන් එකට වෙලාවත් ගොඩක් තිබුණ නිසා. භාප්පා වැඩට යන ගමන්ම අපිව ඇරලවන්න ආවා. තේව් අයියත් ස්කෝලෙ ගාවින් අපිට සමුදීලා බැහැලා යද්දි භාප්පා අපිව බැස්සුවේ කොටුවෙන්. ට්‍රේන් එකට වෙලාව එනකන් අපි පිටකොටුවේ ටිකක් ඇවිද්දා.

කොළඹ කොටුවම සෙනගෙන් පිරිලා. අයියා ටිකට් අරන් එනකන් මන් බෑග් දෙකත් උස්සන් අයිනකට වෙලා බලන් හිටියා. සතියෙ දවසක් නිසා මේ වෙලාවෙ නම් කෝච්චියට සෙනග අඩු වෙයි. ටිකට් අරන් අපි දෙන්නම ඇතුළට එද්දි කෝච්චියක් නැති හිස් වේදිකාව දිහා බලාගෙනම මන් බංකුවකින් වාඩි උනා. මන් තේව් අයියට මැසේජ් එකක් දැම්මේ අපි ස්ටේෂමට ආවා කියලා. අයියට කියලා අරගත්ත කජු ගොට්ටෙන් එකින් එක කටට දාගන්න ගමන් මන් අයියගේ උරහිසට ඔලුව තියාගත්තේ මොකක්දෝ අමුත්තක් හිත පුරාම දුවද්දි.

නුවර මාතලේ සීඝ්‍රගාමී දුම්රිය.

කොටුවට ගහපු හැටියේ අයියා කෝච්චියට නැගලා ජනේලේ ගාවින් මටත් එක්ක සීට් එකක් අල්ලගත්තා. ඔව් අද මම නුවර යනවා. අවුරුදු නිවාඩුවට. උදේ පාන්දර අයියා කිව්වේ මාව ගෙදර එක්ක යන්න ආවේ කියලා. මන් පුදුම උනා ඒ වගේම කලබල උනා. ඒත් ඉතින් අයියලා දෙන්නට මන් ගියා කියලා කියන්න තේව් අයියට මන් පවරලා තමයි ආවේ. කොහොමත් ආක්ෂ අයියා එක්ක මන් තරහෙන්නෙ හිටියේ. ගෙදර යන්න තිබුණ ආසාව නිසාම මන් ස්කෝලෙත් නොයා අයියා එක්ක ආවා.

කෝච්චියට නැගලා සීට් එකක් අල්ලගත්තට පස්සෙ අයියා ආයෙත් බැහැලා ගියේ අපි දෙන්නට කන්න මොනවහරි අරන් එන්නම් කියලා. මාත් ජනේලෙන් ඔලුව දාගෙන නොයෙක් විදියෙ මිනිස්සු එහාට මෙහාට යන හැටි බලාගෙන හිටියා.

/

/

"සිහින!!"

මට ඇහුණේ සෙනග අස්සෙන් ඇහෙන හුරුපුරුදු කටහඬක්. ආක්ෂ අයියගෙ කටහඬ වගේ. ඒත් එයා කොහෙද මෙහේ. දැන් ස්කෝලෙනෙ ඇත්තෙ. මගේ හිතේ ඇදුණ එකක්ද කොහෙද. ඒත් ඒ හඩ ආයෙත් පාරක් ඇහෙද්දි මන් ජනේලෙන් ඔලුව දාලා බැලුවා. ඒ කටහඬ ආක්ෂ අයියගෙ. ජනේලෙට ඔලුව තියාගෙන හිටපු මන් ඔලුව උස්සලා බැලුවේ පුදුමෙන්.

"සිහින කොහෙද ඉන්නෙ!!"

අපේ සීට් එක ලගින්ම ප්ලැට්ෆෝම් එක දිගේ කලබලෙන් ඇවිදන් ගියේ ආක්ෂ අයියා. ස්කෝලේ යුනිෆෝම් එකෙන්. මේ වෙලාවේ එයා මොකද මෙහේ. විශාක අයියත් ඉන්නවා. එයා ආවේ මාව හොයාගෙනද. බෑග් එකත් සීට් එක උඩින් තියපු මන් කලබලෙන් දොර ගාවට දුවලා ආවා. මගෙ පපුව වේගෙන් ගැහෙනවා. මන් නොකියා ඇවිත් වැරැද්දක් ද කරේ. ඒත් තේව් අයියට කියන්න කිව්වනෙ මන්. මගෙ හිතම මොකක්දෝ හේතුවකට වේගෙන් ගැහෙද්දි මන් කෑ ගහලා අයියට කතා කරා.

"අ..අභී අයියේ!!"

මගෙ කටහඬට එයා නැවතුනා. හීයක වේගෙන් ආපස්සට හැරුණ අයියා මාව දැක්ක ගමන් මන් ඉන්න තැනට දුවලා ආවා. මගෙ ලගට දුවගෙන ආපු අයියා කෝච්චි පෙට්ටියේ දොරේ අත්වැට දෙක අත් දෙකට හිරකරගෙන හති දැම්මා. හරියට මැරතන් එකක් දුවලා වගේ. මන් නිසාද ආවේ. එයාගෙ බැල්ම දරාගන්නම බැරි තැන මන් බිම බලාගත්තා. මන් බලන් හිටියේ එයා මොනවහරි කියනකන්.

"සිහින!!..මේ බලනවා"

එයාගෙ කටහඬට මට තවත් බිම බලාගෙන ඉන්න බැරි වෙද්දි මන් ඔලුව උස්සලා බැලුවා. ඒ තරම් ඒ කටහඬ ගැඹුරුයි.

"සිහිනව හොයන්න ම්..මන් තේව්ලගෙ ගෙදරට පවා ගියා. උට ගත්තම තමයි විස්තරේ කිව්වේ. බැරි උනාද සිහින, එක තප්පරයක් අරන් මට කියලා යන්න. කිසි ගාණක් නෑ නේද තමුන් ගැන මෙච්චර වදවෙන හිතක් තියෙනවා ඒ ගැනත් පොඩ්ඩක් හරි හිතන්න ඕන කියලා. මන් එක්ක තිබ්බ තරහටද එහෙම කරේ. ඒක ද ඔ..ඔහොම යන්නෙ. මන් ආයෙ නෑවිත් ඉන්නම්. තේරුමක් නෑනේ, කොහොමත් කැමති කෙනෙක් ඉන්නවනෙ..."

ආක්ෂ අයියා නැවතිල්ලක් නැතුව කියවනවා. එයා මෙච්චර ගොඩක් කතා කරාමයි. මට දැනුනේ පිහි තුඩකින් පපුව හාරනවා වගේ වේදනාවක්. මන් එහෙම කරන්න හිතුවෙ නෑනේ. හදිසියේ නේ අපෙ අයියා ආවෙත්. අනික කවුද මන් කැමති කෙනා...කවුරු ගැනද කියන්නෙ. මන් බලන් හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව.

"ම..මන් තේව් අයියට කියලා ආවේ යනවා කියන්න කියලා"

"එතකොට ඔක්කොම හරිද සිහින?"

"අ...අයියේ.."

ආක්ෂ අයියා එහෙම ඇහුවේ ටිකක් සැරෙන්. මගෙ පපුව හිටිවැටිලා යනවා වගේ දැනුනා.

"ස්කෝලෙ ගියේ නැද්ද අයියේ?"

"ගියානම් මෙතන ඉන්නවද?"

"තාත්තා බනීවිනේ"

"ඔව්. අහු උනොත් හමගහවි මාව!."

"අනේ අයියේ.."

ආක්ෂ අයියා මෙහෙම හැසිරෙනවා මන් දැකලා නෑ. ස්කෝලෙත් කට් කරගෙන මාව හොයන්න ආවේ. ඇයි ඒ. මන් ඒ ඇස් දිහාම බලන් හිටියා. ආක්ෂ අයියගේ තාත්තා ගැන මන් අහලා තිබුණා. එයා හොඳයි වගේම ටිකක් නරකට නරක කෙනෙක්. මට බය හිතුණේ ඒකමයි. දෙයක් මතක් උනා වගේ එයා කලබලෙන් වටපිට බැලුවා.

"කොහෙද යන්නෙ. කෝ අයියා?"

"ගෙදර යනවා අයියේ. අයියා මොනවාහරි අරන් එන්න ගියා."

"ස්කෝලෙ නිවාඩු දුන්නෙත් නෑනෙ. ඇයි යන්නෙ?"

"අයියා හදිසියේ ආවේ. නිවාඩුවත් ටික දවස නිසා ගිහින් එන්නම්"

"හ්ම්....ආයෙ එන්නෙ කවද්ද?"

"නිවාඩුවෙන් පස්සෙ එන්නෙ අයියේ"

"හ්ම්......ඒ කියන්නෙ අවුරුද්දට අපි එක්ක නෑ!?"

"හ්ම්ම්..ඔ..ඔව් අයියේ.."

මෙයාට මොනවා වෙලාද මේ!. මන් අයියා දිහා හරියටම බැලුවේ ඒ වෙලාවේ. එයාගෙ ඇස් වල තිබ්බෙ ගොඩක් මහන්සි පෙනුමක්. ස්කෝලේ සුදු ෂර්ට් එක දාඩියටම ඇගට ඇලිලා තිබුණා. ඒ නලල දිගේ දාඩිය බේරිලා පහළට වැටුණා. විශාක අයියත් බෑග් දෙකක් එල්ලන් අපිට ටිකක් එහායින් බලාගෙන හිටියා. ටික දවසකටනෙ යන්නෙ. මට දැනගන්න ඕන උනා මේ හැසිරීමට හේතුව..

"අයියේ මොකද මේ"

"මුකුත් නෑ සිහින. මන් යන්නම්. පරිස්සමින් ගෙදර යන්න"

එයා හැසිරුන විදියට එයාට යන්න දෙන්න හිතෙන්නෙ නැත්තෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. මෙච්චර දවසකට මට මෙහෙම වෙලා නෑ. කලින් අයියා කියපු දේවල් නිසාද ඒ. මගෙ ඇස් ඇතුළෙ පොරකාපු කදුලු බින්දු දෙකත් ඉවසගෙන ඉන්න බැරිම තැන එළියට පනිද්දි කම්මුලේ රැදුන කදුලු, එයා දකින්න කලින් පිහදාලා දාන්න මට ඕන උනා. මන් ගැස්සිලා ගියේ කම්මුලට ආව මගෙ අත අයියා අල්ලගත්තම. ඒ අත අතහරින්නෙ නැතුවම අනික් අතින් මගෙ කම්මුල් දෙක ඇගිල්ලකින් පිහදාලා දාපු අයියා, යනවා කියලා යන්න හැරෙද්දි හිරකරගත්ත කදුලු, වාන් දැම්මා වගේ පෝළිමට කඩන් හැලුණේ මට ලොකු පසුතැවීමක් දැනෙද්දි. මගෙ හුස්ම හිරවෙනවා වගේ දැනුනා..

"අභී අයියේ...ඉන්න!!"

මන් ඒ අතින් අල්ලගත්තා. ඒ අත දාඩියෙන් පෙගිලා. යන්තම් ගැහෙනවා. මේ වගේ හැසිරීමක් ආක්ෂ අයියගෙන් දකින පළවෙනි වතාව නිසා මට දැනුනේ බයක්. මන් ඒ අතින් අල්ලගත්තම අයියා දොරේ එල්ලිලා හිටපු මාත් එක්කම ඇතුළට නැගගත්තා. අපි දෙන්නම දොරගාව පොඩි ඉඩේ නැවතුනා. මන් වටපිට බැලුවා. අපි ඉන්න හරියේ සෙනග හිටියෙත් නෑ. මන් හොඳටම බය වෙලා. ඒ අස්සේ පපුවත් වේගෙන් ගැහෙනවා. අපි අතර තිබුණේ සෙන්ටිමීටර ගානක පරතරයක්. මොහොතකට අපි වටේම දේවල් නතරවෙලා සීතල හුළගක් විතරක් අපි වටේට ගලාගෙන ගියේ අයියගෙ බැල්ම නිසා හිරිවැටෙන්න ගිය ඇගම ඒ සීත සුළං රැල්ලෙන් උන දෙයක් කියලා මගෙ හිතම මන් රවට්ට ගනිද්දි.

ඒ අත් අතරට හිර වෙලා තිබුණ මගේ අත එක පාරම අතහැරුණා. මට බැලුනේ ඒ අත දිහා. ඊළගට උන දෙයින් නම් මගෙ හදවත මොහොතකට නවතින්න ඇති. මගෙ දිහා ටිකක් බලන් ඉදපු ආක්ෂ අයියා හිතන්නවත් වෙලාවක් නොදී මගෙ ඉණවටේ අතදාලා මාව කිටි කිටියේ බදාගත්තා. ඒ මූණ මගෙ බෙල්ල අස්සෙ හන්ගගෙන මාව ඒ පපුව අස්සට තද කරගනිද්දි මගෙ ඇගපුරාම හිරියක් ගලාගෙන ගියා.

"අ...අභී අ..අයියේ"

"ෂ්ෂ්ෂ්"

මන් එයාගෙන් ගැලවෙන්න හැදුවත් එයා තව තව මාව තුරුල් කරගත්තා. මට දැනුනේ ලොකු අමුත්තක්. මොනවදෝ හැගීම් ගොඩක් හිත ඇතුළෙ කැලතෙනවා වගේ දැනෙද්දි ඒ උණුහුමට මන් තව තවත් හිර උනා. මගෙ පපුව ගැහෙන වේගෙ තව තව වැඩි උනා. මන් බය උනේ අයියටත් ඇහෙයි කියලා. ඒත් මන් එයාව ආපිට බදාගත්තෙ නැති උනත් අපි දෙන්නටම හරියන්න ඒ වැළද ගැනීම මගෙ හිතම ඇවිලුවා.

"සමාවෙන්න"

එහෙමම තප්පර ගානක් හිටපු අයියා සමාව අරගෙන කලබලෙන් මගෙන් ඈත් වෙලා කෝච්චියෙන් බැහැලා යන්න ගියා. මට පස්සෙන් යන්න ඕන උනත් මට යන්න බැරි උනා. ඒ තරම් ඉක්මන්ට එයා දුවලා යද්දි විශාක අයියත් ආක්ෂ අයියා පස්සෙන්ම දිව්වා. ඇයි එයා සමාවෙන්න කිව්වේ. එයා සොරි කියලා ඉදලා හිටලා මට කිව්වත් සමාවෙන්න කියලා කිව්වෙ පළවෙනි වතාවට. ඒ වචනෙ ඇතුළෙ ලොකු වේදනාවක් මට දැනුනා. අවසානෙදි මගෙ මුළු හිතම ප්‍රශ්න ගොන්නක අතෑරලා එයා මගෙන් ඈතට නොපෙනී ගියා.

"චූටි, මන් බය උනා සීට් එකේ නැති වෙද්දි. මොකද ඔතන කරන්නෙ."

මන් ගැස්සිලා ගියේ අපේ අයියගෙ කටහඬට. අයියා දැක්කද දන්නෙ නෑ. ඉවරයි මන්. කෑම පාර්සල් එකකුත් ඒ එක අතක තිබුණා. මන් හිතන්නෙ අයියා එන්න ඇත්තෙ දැන්.

"ආ..නෑ අයියේ නිකන්..දැන්ද ආවේ"

"ඔව්. මොකද මේ මූණ එල්ලගෙන. කොළඹ දාලා යන්න බැරි දෙයක් තියෙනවද"

"අනේ එහෙම එකක් නෑ."

"මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානම් කියන්න චූටී"

"මුකුත් නෑ අයියේ..මන් හොදින්"

"එන්න එහෙනම් වාඩි වෙමු. සීට් එකත් නැති වෙයි"

අයියත් එක්කම සීට් එකට ඇවිත් වාඩි උනත් මගේ ඇස් තිබුණේ ආක්ෂ අයියා දුවලා ගියපු දිහාවට. මගේ ඇස් ඒ රූපෙ හෙව්වා. ඇයි කියලා නොදන්නවා උනත් මට යන්න කලින් ආයෙ එක පාරක් දකින්න ඕන උනා.

"සියලු මගීන් සවන් දෙන්න.! නුවර මාතලේ සීඝ්‍රගාමී දුම්රිය තව සුළු මොහොතකින් කොළඹ කොටුවෙන් ගමන් අරඹනවා ඇතී."

දැන් ඉතින් අපි කොළඹින් යාවි. ආයෙ මට එයාව දකින්න වෙන්නෙ නිවාඩුව ඉවර උනාම. මගෙ හිතට හරි නෑ. අයියා මාව බදාගත්ත හැටි මට මතක් උනා. වාඩි වෙලා හිටපු මන් සීතලක් දැනුනා වගේ මාවම බදාගත්තේ මොහොතකට හරි ඒ දැනුන උණුහුම මතක් වෙලා. මතක් වෙන වාරයක් ගානෙ ඒ හැසිරීම මාව ප්‍රශ්න ගොඩකට ඇදලා දැම්මා.

"බැරි වෙලාවත් ආක්ෂ අයියා මට කැමති ද?"

එහෙම උනොත් මොකද කරන්නෙ. මෙච්චර දවසක් එයා මන් ගැන හොයපු විදිය, මාව පරිස්සම් කරපු හැටි, කෞෂික අයියගෙ සිද්ධිය, විකුම්ට ගහන්න ගිය එක, සහෝදරකමට කියලා මන් හිතුව ඒ ඇස් වල තිබුණ ආදරය, ඒ හැමදේම මට කැමති නිසාද කියලා හිතෙන තරමට ඒ සිද්ධීන් හැම එකක්ම එකින් එක මගෙ ඔලුවට ගලාගෙන ආවා.

ගිලිහෙන්න බලාගෙන ඉන්න කදුලු කැට ටිකත් ඇහි පිය ගහලා උඩට ඇදගත්ත මන් යුවාන් අයියගෙ උරහිසට ඔලුව තියාගත්තෙ මුළු පපුවම කීරී ගැහෙන වේදනාව නැති කරන්න නින්දකට භාර දීලා ඇස් දෙක පියා ගන්න ගමන්.

සිහින POV end.

.

.

.

ආක්ෂ POV.

සිහිනට යනවා කියලා කෝච්චියෙන් බැහැලා සෙනග අස්සෙන්ම මන් පිටවීම දිහාවට දුවගෙන ආවා. එයා යනකන් මට ඉන්න ඕන උනත් මන් හැරිලාවත් නොබලා දුවලා ආවේ තවත් බලන් ඉන්න බැරි වෙද්දි.

ඒත් මගෙ හිත මට යන්න දුන්නෙ නෑ. මන් බලන් හිටියා ඈතට ඇදෙන කෝච්චිය කොටුවෙන් පිටත් වෙන හැටි. කෝච්චිය නොපෙනී යනකන්ම මන් ඈතට වෙලා බලන් හිටියා. ඔව් මම එළියට ගියේ නෑ. සිහින තනියම කෝච්චියේ ඉද්දි අයියා ලග පාතකට එනකන් මට යන්න හිත දුන්නෙ නෑ. මන් විශාක එක්ක ඈතට වෙලා බලන් හිටියා.

සිහින යනකන් ඉදලා අම්මට කෝල් කරලා මන් ඇහුවේ තාත්තා ගෙදර ඉන්නවද කියලා.

තාත්තත් ගෙදර නෑ කිව්ව නිසා විශාක එක්ක මන් ගෙදර ආවා. එනකන්ම මන් වචනයක් වත් කතා කරේ නෑ. විශාක මන් එක්ක කතා කරන්න උත්සාහ කරෙත් නෑ. විශාකත් එක්කම මන් ගෙදර ආවා.

"ස්කෝලෙ යනවා කියලා නේද ගියේ. කොහෙ ගිහින්ද මේ එන්නෙ?"

"කොහෙවත් ගියේ නෑ අම්මේ."

"එහෙනම් මොකද මේ. විශාක පුතේ මොකද උනේ?"

"මුකුත් නෑ නැන්දෙ. ආක්ෂගෙ ඔලුව කකියනවා කියලා ස්කෝලෙන් ආවා"

"ඉතින් පුතා ආවේ මොකද?"

හරිනෙ දැන් දීපංකො උත්තර.

"තනියම එවන්න බෑනෙ නැන්දෙ මගදි කලන්තයක් වත් ආවොත්"

"මන් හිතුවා වෙන ප්‍රශ්නයක් කියලා. මන් තෙල් ටිකක් ගාලා ඔලුව අතගාන්නද"

"දැන් එපා අම්මේ."

වෙනදනම් මන් අම්මා එහෙම මගෙ ඔලුව අතගානවට ආසයි. ඒත් දැන් මට ඒ මොකටවත් කැමැත්තක් තිබුණෙ නෑ.

"ඇත්ත කියන්න දරුවො අද ස්කෝලේ ගියේ නෑ නේද?"

"හරි හරි තාත්තට කියන්නෙපා"

මන් කාමරේට ඇවිත් ඇදෙන් වාඩි වෙද්දි විශාකත් දොර වහගෙන කාමරේට ආවා.

විශාක මට එහා පැත්තෙන් ඇදේ වාඩි උනා. ඌ මගෙ උරහිසට අත තිබ්බෙ 'මොනාහරි කියාපන්' වගේ ලුක් එකකින්. මන් කල්පනා කරා. මට මෙච්චර රිදෙන්නෙ ඇයි කියලා. සිහින ගෙදර ගිය එකට වඩා මට රිදුනේ මට නොකියම ගිය හින්දා. කියලා යන්න තරම්වත් මාව වටින්නෙ නෑනෙ. ඊට වඩා අර විකුමව ලොකු උනා.

"අඩෝ මන් සිහිනට ආදරෙයි බං."

මන් විශාක බදාගෙන ඇඩුවා. "ජීවිතේ පළවෙනි වතාවට ආක්ෂ උඹ නිසා ඇඩුවා සිහින." විශාක මගෙ පිට අත ගෑවා. ඇත්තටම මන් බලාපොරොත්තු නොවුණ වෙලාවක සිහින එහෙම යන්න යද්දි මට දරාගන්න බැරිඋනා. හදිසියේවත් අන්තිම මොහොතට වත් හම්බෙන්න බැරි උනානම් මීට වඩා මට රිදේවි. ආදරේ කරනවා කියන්නෙම අනික් කෙනාට අපිව ලේසියෙන් රිද්දන්න පුළුවන් වෙනවා කියනෙක.

"ඌ ආයෙ නොඑන්න ගියා නෙමෙයිනේ බං. නිවාඩුව ඉවර වෙලා එනවනේ."

"කියලා නොගිය එකයි මට අවුල්"

"ඒක ඇත්ත."

"සිහිනට වරදක් කියන්න බෑ බං. මන් හිතන දේවල් එයාට දැනෙන්නෙ නෑනෙ"

"අනික උඹ දැනෙන්න දුන්නෙත් නෑනෙ."

"මන් හොඳ මදිද බං."

"උඹ හොඳ වැඩියි ආක්ෂ!"

යන්තම් කදුලු බේරිලා ගිය කම්මුල් දෙකක් අත් දෙකෙන්ම පිහදාගත්ත මං ඇදෙන් නැගිට්ටා.

"ඒකාගෙ යාලුවට ගැහුවේ හිතලා නෙමෙයිනේ බං. සිහින මට කෑගැහුවේ හරියට මන් ඌව මැරුවා වගේනෙ."

අර විකුම්ව මතක් වෙලා ආයෙත් මගෙ රතු කට්ට පැන්නා.

"පොඩ් උනාට ගම්මිරිස් ඇටයක්"

"යාලුවට ගහපු තරහට තමයි යනවා කියල වත් නොගියේ."

"මොනවා උනත් උඹ ඔච්චර හැගීම්බර වෙනවා මන් දැක්කමයි"

"අනේ පලයන්"

"අඩ්ඩේහ් මේ ඒක නෙමෙයි. මන් හවස් වෙනකන් මෙහේ ඉන්නද. දැම්ම ගෙදර ගියොත් අද රෑට එළියෙ තමයි නිදාගන්න වෙන්නෙ"

විශාක එහෙම කියද්දි මන් ඇදෙන් නැගිට්ටෙ ඌට ඇදුමක් හොයලා දෙන්න. එහේ මෙහේ දුවලා අපි දෙන්නම හිටියේ දාඩියෙන් පෙගිලා. ඉතින් ඌට ඇදුමක් දීලා නාගෙන එන්න කිව්ව මන් ෆෝන් එක අරන් සිහිනගෙ ෆොටෝ එක දිහා ටික වෙලාවක් බලන් හිටියා. මන් ගැස්සිලා ෆෝන් එක පැත්තකින් තිබ්බෙ විශාක බාත් රූම් දොර ඇරගෙන එළියට ආපු සද්දෙට.

ආක්ෂ POV end.

.

.

.

සිහින POV.

අපි නුවරට කිට්ටු වෙද්දි හවස දෙක විතර වෙලා තිබුණා. ට්‍රේන් එකෙන් බැහැලා නුවරට පය තියද්දි මට දැනුනේ පුදුම සතුටක් උනත් අභී අයියගෙ මතක හැමවෙලේම උඩ ආවා.

ගෙදරට එද්දි තව පැයක් විතර ගියා. අපි එනකොට ස්කෝලෙ ඇරිලා නිසා අම්මත් ගෙදර ඇවිත් හිටියා. අපි ආවත් හරි දොරකඩට වෙලා බලන් ඉදපු අම්මා ඉස්සරහට දුවලා ඇවිල්ලා මාව බදාගත්තා. ඒ උණුහුමට මගෙ හිතේ තිබ්බ ගැස්ම මොහොතකට අමතක වෙද්දි මගෙ අතින් බෑග් එක අරගත්ත අම්මා අපි දෙන්නත් එක්කම ගෙට ආවා.

අපි හිටියෙ ටවුමට ගොඩක් දුරත් නැති ලගමත් නැති පැත්තක. ඉස්සර නුවරට වඩා මෙහේ ගොඩක් වෙනස් වෙලා කියලා තමයි අම්මා නම් කියන්නෙ. අම්මත් ටවුමෙ ස්කෝලෙක උගන්නනවා. අයියත් පේරාදෙණි කැම්පස් එකේ නිසා දෙගොල්ලොම හවස් වෙද්දි ගෙදර. ගෙදර ආපු වෙලේ ඉදන් සාලෙට වෙලා විස්තර කතා කරපු මගෙන් අම්මා ස්කෝලෙ විස්තර, යාලුවො ගැන එහෙමත් ඇහුවා. තේව් අයියටත් කෝල් එකක් ගත්ත මන් ගෙදර ආවා කියලා හැමෝටම කියලා අම්මා පුංචි අම්මා එක්ක කතා කරනකන් බලන් හිටියා.

එහෙමම ටිකක් වෙලා කතා කර කර ඉදලා මාත් ඇග හෝදගෙන ඇදුමක් දාන් එන්න බෑග් එකත් අරන් කාමරේට ආවා. අම්මා කාමරේ හැමදාම අස් කරලා. ඇදට අලුත් බෙඩ්ෂීට් එකක් පවා දාලා තිබුණා. හැමදේම පිළිවෙලකට තිබුණා. බෑග් එකත් මේසෙ උඩින් තියපු මන් බාත් රූම් එකට ගියේ නාගන්න.

සුවද ගහන්න හොඳට සබන් ගාලා පැයක් විතර නාපු මන් රෑට අදින පිජාමා එක ඇදගෙන ඕඩිකොලෝන් බෝතලේ අතට ගත්තේ ටිකක් ඇදුමට හලාගන්න. ඒත් මට මතක් උනා අභී අයියා කියපු දේ. මන් මේවා නැතුවත් සුවදයි කියපු වචන මගෙ කන් ඇතුළෙ දෝංකාර දුන්නා. කණ්නාඩි මේසෙ දිහා බලන් ඉදපු මගෙ මූණෙ හිනාවක් ඇදුණා. ඒත් ඒ හිනාව තප්පරෙන් නැති උනේ අද දවස මතක් වෙලා.

"අයියා තරහද දන්නෙ නෑ"

කියලා හිත හිතම, ගමන් මහන්සියටත් එක්ක හිතත් හැදෙන්න මන් චුට්ටක්ට ඇදේ ඇල උනා..

"අයියේ......යන්නෙපා.."

අනේ බේරගන්න...

"අභී අයියේ............."

මට පැයක් දෙකක් නින්ද ගිහිල්ලා කියලා දන්නෙ මන් හීනෙන් කියවද්දි අයියා මාව ඇහැරුව නිසා.

"චූටි නැගිටිනවා. මොකද මේ"

"අ..අයියේ.."

මන් ඇදේ වාඩි වෙලා අයියා අතට දීපු වතුර එක බිව්වා. මගෙ ඇස් වල කදුලු ඇවිත් තිබුණා.

"කවුද චූටි අභී අයියා කියන්නෙ"

ආයෙමත් අර හීනෙද. අපේ අයියා එහෙම අහද්දි මන් බැලුවේ අයියා දිහා. අයියත් මන් දිහාම බලාගෙන හිටියේ උත්තරයක් ඕන වගේ.

"අභී කියන්නෙ ආක්ෂ අයියට"

"කවුද අර කොළඹ කොල්ලා??. සිහින හීනෙන් දකින්නෙ එයාවද?"

"දන්නෙ නෑ අයියේ. අභී අයියා හම්බෙන්න කලිනුත් මට හීන පෙනුනනේ. එයා වෙන්න බෑ"

මට දැනෙනවා ඒ ආක්ෂ අයියා කියලා. කොහොමද කියලා නොතේරුණත් මට දැනුනා. ආක්ෂ අයියගෙයි මගෙ හීන අතරයි ලොකු සම්බන්ධයක්. ඒත් මන් වැඩිය හිතන්න ගියේ නෑ.

"පුතා නිදිද?"

කාමරේ දොර රෙද්ද එහාට කරලා ඇතුළට එන ගමන් එහෙම අහපු අම්මා මගෙන් ඇහුවේ රෑට මොනවද කන්නෙ කියලා. අම්මටත් කැමති දෙයක් හදන්න කියලා අම්මත් එක්කම මන් කුස්සියට ආවේ උයන්න උදව් වෙන්න.

"දැන් නාලා නෙව ඉන්නෙ අන්න අරහෙට වෙලා අයියා එක්ක ඉන්න"

"අනේ මොකක්ද අම්මේ"

"මට අක්කා කිව්වා එහෙත් හැමදාම උයන්න අහනවා කියලා"

"ඉතින් මන් කැමතිනෙ. අනික පුංචි අම්මට උදව්වක් කරන්නත් ඕනනෙ"

"උඹ උයන්න ඔච්චරම ආසද?"

"ඔව්ව්"

"දවසක උඹෙ කෙල්ලට හොඳයි ඉතින්."

අම්මත් මොනවා කියනවද මන්දා. මට කොහෙද කෙල්ලො. මට එවෙලෙ ආක්ෂ අයියා මතක් උනේ ඇයි කියලා මන් දන්නෙ නෑ. මන් ගොඩක් කල්පනා කරා. ඇත්තටම අයියගෙ හිතේ මන් ගැන එහෙම මුකුත් අදහසක් තියෙද කියලා.

ඒත් මන් දෙයක් මතක් උන නිසා කාමරේට දුවලා ආවා.

"කොහෙද ඒ පාර දුවන්නේ"

"ඉන්න මන් එන්නම්"

කාමරේට දුවලා ආපු මන් දොරත් වහගෙන ඇද උඩට පැන්නේ ෆෝන් එකත් අතට ගන්න ගමන්. මන් තේව් අයියට මැසේජ් එකක් දැම්මේ ආක්ෂ අයියගෙ නම්බර් එක ඉල්ලලා. අයියා මොනවත් හිතන එකක් නැහැනේ කියලා යන්තම් හිත හදාගෙන මට එවපු නම්බර් එක මන් ෆෝන් එකේ සේව් කරගත්තා.

"අභී අයියා" කියන නමින් ඒ නම්බර් එක ෆෝන් එකේ සේව් කරලා වට්ස්ඇප් එකට ඇවිත් ඒ චැට් එක හෙව්වා.

මගේ ඇගිලි මාව අරන් ගියේ ඒ ඩීපී එකට. එයා හරිම හැන්ඩ්සම්. අද මන් දැක්ක ඒ රූපෙ නම් වෙනද නැති තරම් ලොකු වෙනසක් තිබුණා.

/

/

ආපු වෙලේ ඉදන්ම මගෙ හිත නොසන්සුන් වෙලා තියෙද්දි මගෙ හිත කිව්වෙම අයියට කතා කරන්න කියලා. මන් විනාඩි ගානක් කල්පනා කරේ කෝල් එකක් ගන්නද මැසේජ් එකක් දාන්නද කියලා හිතන ගමන්.

සිහින POV end.

.

.

.

ආක්ෂ POV.

විශාකත් හවස පහට විතර ගෙදර ගියේ ස්කෝලෙ ඇරිලා අපේ ගෙදර ආවා කියලා බොරුවකුත් හදාගන්න ගමන්. මන් නිසා අද උටත් ස්කෝලෙ කට් කරන්න උනා.

හවස අම්මා හදලා දීපු තේකත් අරන් මන් ආවේ බැල්කනි එකට. මට සිහිනව මතක් උනා. කොළඹින් ගිහිල්ලා තාම පැය ගාණක් උනත් මට ලොකු පාලුවක් දැනුනා. මන් කරපු දේ නිසා ඒකටත් තරහා වෙයිද දන්නෙ නෑ. අදුර වැටීගෙන එන ජාමෙ අද අහසත් වෙනදට වඩා අදුරු වෙලා. ලොකු වැස්සක් එන්න වගේ.

ඒත් හදිසියේම මගෙ සාක්කුවේ තිබුණ ෆෝන් එක රින්ස් ගියා. මේ වෙලාවෙ කවුද කෝල් ගන්නෙ කියලා බලන්න මන් ෆෝන් එක අතට ගත්තා. අදුරන්නෙ නැති නම්බර් එකකින් වට්ස්ඇප් කෝල් එකක්. කවුද දන්නෙ නැති නිසා සයිලන්ට් කරලා නිකන් ඉන්න හදලත් ආයේ මගේ හිත මට කිව්වෙ කෝල් එක ආන්ස්වර් කරපන් කියලා.

ඉතින් මන් කෝල් එක ආන්ස්වර් කරලා කනේ තියාගත්තා. සද්දයක්වත් නෑ. ඒත් මට කට් කරන්න හිතුණෙත් නෑ.

"හෙලෝ"

කවුරුවත් කතා කරන්නෙ නැති තැන මන්වත් කතා කරන්න ඕන කියලා මන් හෙලෝ කිව්වා. ඒත් සද්දයක් නෑ. කෝල් අරන් ආතල් දෙන පොරක්වත්ද දන්නෙ නෑ. මන් හැදුවේ කෝල් එක කට් කරන්න.

"අනේ උඹටත් පිස්සුනේ ආක්ෂ මේ කොහෙවත් යන කෝල් ආන්ස්වර් කරන්න"

එහෙම හිත හිත තේක බොන ගමන්ම ෆෝන් එක අතට ගත්ත මන් කෝල් එක කට් කරන්න ගිහිල්ලා කොහෙවත් තිබුණ ස්පීකර් එකත් ඔන් උනා.

"අභී අයියේ...."

මැලවුණු කටහඬකින් උනත් සද්දෙන් ඇහුණ වචන නිසා තා පොඩ්ඩෙන් ෆෝන් එකත් අතින් අතෑරෙන්න ගිහිල්ල නූලෙන් වැඩ දන්න නිසා අල්ලගත්තා. මට වටපිට බැලුණා. ෆෝන් එක කනේ තියාගෙනම මන් එහෙමම බැල්කනි එකෙන් දුවලා ආවේ කාමරේට. කාමරේට ඇවිල්ලා දොරත් වහපු මන් ඇදෙන් වාඩි උනේ තවමත් මේක ඇත්තද නැද්ද කියලා හිත හිත. ඒ සිහිනගෙ කටහඬ. අනික සිහින ඇරුණම මට ඒ නමින් කතා කරන්න වෙන කෙනෙක් නෑනෙ.

"සිහින...."

"ඔව් අයියේ...මේ මම"

"ගෙදර ගියාද? කොහෙද ඉන්නෙ දැන්?"

"අයියේ..."

මොකද බං අයියේ අයියේ ගාන්නෙ. මොනවහරි කියපංකො. බය වෙනවනේ. මාත් ඉතින් ඒ බවක් පෙන්නුවේ නෑ. සාමාන්‍ය විදියටම කතා කරා.

"සිහින මන් අහපු දේට උත්තර දෙන්න!"

"මන් ගෙදර ඉන්නෙ අයියේ."

"හරි සිහින. කොහෙන්ද මගෙ නම්බර් එක. තේව්ගෙන් ද ඉල්ලගත්තේ?"

"ඔව් අයියේ"

ඕක ඉල්ලගන්න ගිය කල්. උඹටත් ගෙදර යනකන්ම ඉන්න ඕන උනා මගෙ නම්බර් එක ඉල්ලගන්න. හරි ඉතින් මාත් ඉල්ලගත්තේ නෑ තමයි. ඒක වෙනම කතාවක්. බෑනෙ කරන්න ඉතින් ට්‍රැක් පනිනවනෙ.

"ඉතින් කියන්න සිහින"

"අයියා මන් එක්ක තරහද. මගෙ හිතට හරි නෑ"

"නෑ සිහින"

මන් උදේ කියපු දේවල් කොල්ලගෙ හිතට වැදිලාද. රිද්දන්න හිතුවේ නෑ බං. උඹෙ කටහඬත් මැලවිලා.

"අ..අයියේ..මන් එහෙනම් තියන්නම්."

දැන්ම තියෙන්න ඕනද. තව පොඩ්ඩක් ඉන්නවකො... කියන්න ඕන උනත් මට එහෙම කියන්නත් බැරි එකේ 'හ්ම්ම්' කියලා මන් නිකන් හිටියා.

"බුදුසරණයි අයියේ."

"මන් කැමති කෙනෙක් තවම මට නෑ"

මාත් බුදුසරණයි කියලා තියන්න ගියත් අනික් පැත්තෙන් ආයෙම ඇහුණ කටහඬ මාව නැවැත්තුවා. මට ඇහුණා හරිද. කැමති කෙනෙක් නෑලු. හිතේ තිබුණ දුක, තරහා ඔක්කොම අමතක කරලා මගෙ මූණේ හිනාවක් ඇදුනා.

"හෙලෝ.......හෙලෝ සිහින"

ම්හුක්. කෝල් එක කට් කරලා. මේ කොල්ලා නම්. ඒ කියන්නෙ සිහින කැමති කෙනෙක් ඇත්තටම නෑ. මටත් තාම කැමති නෑ තමයි. ඒත් දැන් මට අවස්තාවක් හරි තියෙනවා. ඇත්තටම මට සතුටට උඩ පනින්න හිතුණා.

"සුදු බෝලේ❤"

අන්තිමට කොහොම හරි මගෙ ඔලුවට ආපු එකම නමින් ඒ නම්බර් එක මගෙ ෆෝන් එකේ සේව් කරා.

.

.

| හසු වූ විට නෙතට....
මොහොතකට
අමතක විය ලොවම.
කියන්න කවුරුන්ද නුඹ මට.....
මොහොතකට
හදවතම නතර කළ.
නුඹම ඒ ඇයි සොදුර...
පේන්නෙ හීනයක් වී මට.
ඉතින් හදවත සොරා ගත් නුඹ....
සදහටම
වෙනවද මගෙම.!? |❤

~ ආක්ෂ අභිමන් ~

.

.

ඊළග සිහිනයෙන් හමුවෙමු 💭❤ ආදරෙයි හැමෝටම ❤️‍🩹

මම
සුකී ✍️

Continue Reading

You'll Also Like

32.9K 4.8K 15
ආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °
12.4K 2K 17
ආදරේ කියන්නෙ හුත්තක්. එච්චරයි __සිතුම් ආකාෂ් ෆ්‍රනෑන්ඩෝ
11.2K 1.7K 9
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස...
35.4K 535 53
What the title said. You are a Worker Drone BTW Slow Updates because My motivation is dying.