සංසාර සිහින | TK | Nonfiction...

Oleh Sukii_7_

13.1K 1.5K 2.1K

| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි ද... Lebih Banyak

පිවිසුම 💭
පළමුවන සිහිනය 💭
දෙවන සිහිනය 💭
තෙවන සිහිනය 💭
හතරවන සිහිනය 💭
පස්වන සිහිනය 💭
හයවන සිහිනය 💭
සත්වන සිහිනය 💭
අටවන සිහිනය 💭
නවවන සිහිනය 💭
දහවන සිහිනය 💭
එකොළොස්වන සිහිනය 💭
දොළොස්වන සිහිනය 💭
දහතුන්වන සිහිනය 💭
දාහතරවන සිහිනය 💭
පහළොස්වන සිහිනය 💭 bonus
දාහත්වන සිහිනය 💭
දහඅට වන සිහිනය 💭
දහනව වන සිහිනය 💭
විසි වෙනි සිහිනය 💭
විසි එක් වන සිහිනය 💭
විසි දෙවන සිහිනය 💭
විසි තුන්වන සිහිනය 💭
විසි හතරවන සිහිනය 💭
විසි පස්වන සිහිනය 💭
විසි හය වන සිහිනය 💭
විසි හත්වන සිහිනය 💭
විසි අට වන සිහිනය 💭
විසි නව වන සිහිනය 💭
තිස්වෙනි සිහිනය 💭
තිස් එක්වෙනි සිහිනය 💭
තිස් දෙවෙනි සිහිනය 💭
තිස් තුන්වෙනි සිහිනය 💭
තිස් හතරවැනි සිහිනය 💭
තිස් පස්වැනි සිහිනය 💭
තිස් හයවැනි සිහිනය 💭
තිස් හත් වන සිහිනය 💭
තිස් අටවන සිහිනය 💭
තිස් නව වන සිහිනය 💭

දහසයවන සිහිනය 💭

244 32 18
Oleh Sukii_7_

"උපද්‍රවයක් යනුවෙන් අදහස් කරන්නෙ ස්වභාවික හෝ මානව ක්‍රියාකාරකමක් නිසා ප්‍රජාවට, දේපළ වලට හෝ පරිසරයට හානි සිදුවිය හැකි සංසිද්ධියක්. උපද්‍රව ස්වභාවික සහ මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවෙන උපද්‍රව ලෙස වර්ග දෙකක් තියෙනවා.."

භූගෝල විද්‍යාව මැඩම් පන්තියට ඇවිත් ස්වභාවික විපත් ගැන පාඩම උගන්නන්න එන්ටර් වෙද්දි මට මතක් උනේ මං පත් වෙලා ඉන්න විපත ගැන. දැන් දවස් තුනක් වෙනවා සිහින මං එක්ක කතා කරන්නෙ නෑ.

ඒක මොන විපත් ගණයටද වැටෙන්නෙ මිස්??

ඒකත් හැබැයි විපතකට එහා ගිහින් කරේනම් හොඳ දෙයක්. සිහින මගෙන් තව දුරස් උන තරමට මට ටිකක් විතර මගෙ හැගීම් තේරුම් ගන්න පුළුවන් උනා.

මන් සිහිනට ටිකක් කැමති වගේ.

කොච්චර කතා නොකර හිටියත් බස් එකෙන් බැහැලා යන ටිකට දාන බැල්ම තියෙනවා නේද...!! ඒක තමයි බැල්ම. ගෑණුන්ට වත් නෑ ඒ තරම් මායම්.. ඒකනේ මෙච්චර කාලෙකට කෙල්ලෙක්ටවත් හොලවන්න බැරි උන ආක්ෂගෙ හිත මේ හදිසියේ පාත් උන පොඩි කොල්ලෙක් නිසා හෙල්ලිලාම ගියේ. බෝල ඇස් ලොකු කරලා බලන බැල්ම නිසා තමයි අපෙ අම්මගේ ලොකූ අද පිස්සෙක් උනේ. සමහර වෙලාවට මට ඉන්න තැනත් අමතක උනා.

ආක්ෂගේ අර හැගීම් අඩුවෙන් පේන පෞරුෂය තියෙනවා නේද ඒක නිසා තමයි මෙච්චරවත් අපෙ කොල්ලො ටිකගෙන් බේරිලා හිටියේ. සිහින වගේ උනානම් ඉවරයි. සතුටට, දුකට, ලැජ්ජාවට රෝස පාට වෙලා රතු ගැහෙන ඒ කම්මුල් සිහිනගෙ එක එක හැගීම් හරි ලේසියෙන් කියවන්න පුළුවන් පෙනුමක් සිහිනට ගෙනත් දුන්නා. ඒත් මන් ඒකට කැමති. ඒ මූණ මන් ඉස්සරහ විතරක් එහෙම රෝස පාට වෙන එකට.

මට වෙලාවකට හිතෙනවා. බුම්මගෙන ඉන්න මගෙ මූණ දැක්කම කොල්ලා බය වෙනවදත් කියලා.

ඒත් හුරුපුරුදු නැති හැගීම් ගොඩක් අස්සේ මන් හිර වෙලා. මීට කලින් කාටවත් ආදරේ කරලා නැති එක, පළවෙනි වතාවට කොල්ලෙක්ටම හිත ගිය එක, කවදහරි ගෙදරට මේ ඉන්නෙ මන් ආදරේ කරන කෙනා කියලා කිව්වම ලැබෙන ප්‍රතිචාරය, ගෙදර වෙනුවෙන් තියෙන මගෙ වගකීම් මේ හැම ප්‍රශ්නයක්ම මගෙ ඔලුවේ කැලතුණා. එක පැත්තකින් තවමත් පැහැදිලි නැති හීන. කාලෙකින් ආයෙම හීන නොපෙනුණ නිසා ඒ ගැන මන් හිතෙන් අතෑරලා දැම්මා. මේ ගමනෙ කිසි දෙයක් පැහැදිලි නෑ. එන්න එන්න හැමදේම සංකීර්ණ වෙනවා වගේ.

ඒත් අපිමයි දේවල් සංකීර්ණ කරගන්නෙ. හැමදේම දිහා සරලව බැලුවම මේ ජීවිතේ හරි ලේසියි.

හදිසියෙවත් මගේ හිතේ සිහින ගැන ආදරයක් ඇති උනොත් අනිවාර්යයෙන් දවසක මට පවුලෙ අයගෙනුයි සිහිනගෙනුයි එක්කෙනෙක් තෝරගන්න වෙයි.

මට යන්තම් ඇහුණා ස්කෝලේ පීරියඩ් එකක් මාරු වෙන බෙල් එක වැදුණා. ඊළගට තියෙන්නෙ දැන් මගේ ආසම පීරියඩ් එක.

පුස්තකාල පීරියඩ් එක. 📚

.

.

.

.

.

.

"අඩේ පොඩ්ඩක් හිටපන්කො."

මගෙ උරහිසට තට්ටුවක් දාලා අත් දෙකත් බැදන් බලන් හිටපු විශාකට මන් එහෙම කිව්වේ ඌ දැන් පුස්තකාල පීරියඩ් එක පුරාම මන් එක්ක පොත් රාක්කයක් ලගට වෙලා හිටගෙන බලාගෙන ඉන්න නිසා. වෙලාවට උටත් පොතක් හොයලා දීලා කියවපන් කිව්වේ.

"මොකක්ද බං මේකේ තේරුම"

"උඹට බැරිනම් පලයන්"

"උඹ මටනෙ ඔය කියන්නෙ"

"හරි හරී බං. උඹට මන් වෙනුවෙන් විනාඩියක් ඉන්න බැරිද?"

"උඹගෙත් ලොකු කමනේ ආක්ෂ."

මන් මේ බලන් ඉන්නෙ පුස්තකාලෙට වෙලා යස අපූරුවට පොතක් කියව කියව ඉන්න සිහින දිහා. ඔව් එදා රෑ සිද්ධියෙන් පස්සෙ මේ ටිකටම සිහින මන් එක්ක කතා කරේ නැති නිසා මන් සිහින පස්සෙම හිටියා. සිහිනටත් නොදැනෙන්න. සිහින හම්බුණාට පස්සෙ හීන පේන එකත් නැවතිලා ගියා කියලා මට මතක් උනේ ඊයේ රෑ අහසෙ තරු ගණන් කර කර කල්පනා කරපු වෙලාවේ. හරි පුදුමයි ඉතින්. තරු ගැනපු එකද. නෑ නෑ. හීන පේන්නැති එක!. ඊයෙ රෑ විශාකත් එක්ක කතා කරපු දේවල් එක්ක තමයි මටම සැකයක් ආවේ මන් සිහිනට කැමැත්තක් තියෙදෝ කියලා. මෙච්චර දවස් උන දේවල් එක්ක ආදරේ කරද්දි මනුස්සයෙක්ගෙ වෙන වෙනස්වීම් ගොඩක් මේ ටික කාලෙට මන් ඇතුළෙත් සිද්ධ වෙලා තිබුණා.

ඒක.. හරියට... සහෝදර ප්‍රේමයක් වෙන්න බැරිද?

ඒත් මන් ඒ හැගීමට ගොඩක් ආස කරා. කාටහරි කැමැත්තක් හිතුණම මේ වගේද? ඇස් මානෙක නැති හැමවෙලේම ඒ රූපෙම හොයන එක. ලග ඉද්දි හදවත සිය ගුණයක වේගෙන් ගැහෙන එක, ලග නැති උනාම පාලුවක් දැනෙන එක.. මෙහෙමද ආදරේ හිතුණම.?? එතකොට ඒක සහෝදර පෙමක් වෙන්නෙ කොහොමද නේද!?

"උඹත් එක්ක මේ කටු කනවට මට කන්න මොනාහරි අරන් දීපන්"

"උඹට කැන්ටිමම අරන් දෙන්නම් බං. පොඩ්ඩක් ඉදහන්"

"උඹ දැන්වත් ඇත්ත කියපන්. උඹ සිහිනට ලව් නේද?"

"උඹට පිස්සුද?"

"ඔව් මට තමයි පිස්සු.. ඇයි යකෝ!"

මන් ආයෙම කියව කියව හිටපු පොතත් නවත්තපු තැනට ඇගිල්ල තියලා වහලාදාලා රාක්කෙ අතරින් බැලුවේ මේසෙ වාඩි වෙලා ඉන්න සිහින දිහා. යන්න අදහසක් නෑ වගේ. බෙල් කරන්නත් තව පැය කාලක් වගේ තියෙනවානේ. කාලය රන් හා සමානයි කියන්නෙ නිකන්ද.

"ඒ උනාට උඹ ලාවට කැමතිනේ?"

"ඕන මගුලක් හිතාගනින්කො රෙද්ද"

"එහෙනම් මොන මගුලක්ද මේ කරන්නෙ?"

"ටෙස්ටින්"

"ම්..මොකක්?"

විශාකට කතා කරලා අනික් පැත්ත බලන තප්පරේ කොල්ලා මිසින්. පුංචි භූතයා!! ආයෙත් පැනගත්තා නේද. කියව කියව හිටපු පොතත් වහලා දාලා රාක්කෙ පොත් ටික අස්සෙ ගහපු මන් විශාකත් ඇදගෙන පුස්තකාලෙන් එළියට ආවේ සෙල්ලම් කරා වගේ නෙමෙයි ඉකෝන් සර් කියන්නෙ පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් අත්ත මුත්තගෙ ඉදන්ම පලු අරින පොරක් නිසා.

එළියට එද්දිම පුස්තකාලෙ ගාව පඩිපෙළේ හිටියේ අපෙ සෙට් එක. මාත් අත් දෙකම සාක්කු දෙකේ ඔබාගෙන ඉස්සරහට ඇවිදගෙන ආවා.

"උඹලා මොකද මෙහේ කරන්නෙ.?"

මනුකයා එහෙම අහද්දි මන් පඩිපෙළ ලග නතර උනේ විශාකත් මගෙ කරට අත දාගෙන නවතිද්දි. මනුක කියන්නෙත් අපෙ ක්ලාස් එකේ පොරක්. උගෙ එහෙම වල්කම් මැරකම් නැතත් ඌ එක විදියක්. ඌ ළමයි ආශ්‍රය කරේ උගෙ වාසියට. ඒ නිසා මායි විශාකයයි කොහොමත් ඌ ආශ්‍රය කරේ අතේ දුරින්. අපිත් ඕවා දන්නෙ නෑ වගේ ඉන්නවා.

"ඇයි අපිට පුස්තකාලෙ එන්න තහනම්ද ?"

"උඹ මේ ටිකේම අමුතුයි බං"

"අනේ මේ නිකන් ඉදපන්. මගුලක් කතා කරනවා."

මුන්ටත් තේරිලාද.!? විනාසයි ඉතින්.. කොහොම උනත් මන් හිතාගත්තේ මේ ගැන විශාකයා, සනුකයා, හිමරු දැනගත්තට වෙන උන් දැන නොගෙන ඉන්නෙක හොඳයි කියලා. උන් මගෙ බොක්කෙ ෆිට් එක. දැනටනම් මගෙ හැම වැඩක්ම දන්න එකම කෙනා විශාක. මොකද ඒක සිහිනටත් බලපෑමක්. විශේෂයෙන් සිහිනට ප්‍රශ්නයක් වෙයි කියන බය මට ලොකුවටම තිබුණා.

"මගුලක් නෙමෙයි බල්ලො. මම කියන්නෙ උඹ වෙනස් වෙලා."

"මේ අපේ ආක්ෂ?? උඹලට පිස්සුද බං?"

"අනේ මන්දා බං. මේ යකාට පිස්සු තදවෙලා"

"සිරාවටම බං"

"මූ දැන් මොකද අපි එක්ක වැඩිය නැත්තෙ? බැලුවොත් දෙන්නා මේක අස්සෙ!"

"උඹලා දන්නෙ නැද්ද? ප්‍රින්සිපල් මුට පුස්තකාලෙට එන ළමයින්ගෙ පැමිණීම ලකුණු කරන්න භාර දීලනේ"

සිහිනගෙ පැමිණීම හොයනෙක ගැන තමයි ඔය නම් කියන්නෙ. අරුන්ට නොපෙනෙන්න මන් විශාකට පාරක් ගැහුවේ 'විකාර නොකර ඉදපන් බං' කියන්න වගේ.

"මොකක්ද බං ඒ කතාව?"

"මේ විශාකගෙ විහිළු. එහෙම එකක් නෑ කොල්ලො. එක්සෑම් ලග නිසා වැඩ වැඩියිනෙ"

"ඒක මිසක්. යමන් යමන් එහෙනම්. තා ටිකකින් සර් කාරයත් ඒවි"

යන්තම් ඒ ප්‍රශ්නෙන් ගැලවෙද්දි අපි ටික සර් එන්න කලින් කොහොමහරි ක්ලාස් එකට පැනගත්තා.

ඉන්ටවල් බෙල් එක ගහලා සර් පන්තියෙන් එළියට ගිය ගමන් එළියට පැනගත්ත මායි විශාකයයි කැන්ටිමට ආවේ කන්න මොනාහරි ගන්න. බෙල් එක ගහපු ගමන් ඇවිල්ලත් කැන්ටිම ෆුල්. විශාකයට කෑම ගන්න කියලා මාත් අයිනකට වෙලා හේත්තුවක් දාන් හිටියා. ඔහොම ඉද්දි මන් දැක්කේ කැන්ටිම පැත්තට එන තේව් මල්ලියි සිහින මල්ලියි. සිහින දැක්ක හැටියේ ලාවට මගෙ මූණෙ ඇදුන හිනාවනම් මට නවත්තගන්න බැරි උනා.

අපිට බැරිද සිහින අඩුමතරමෙ යාලුවොවත් වෙන්න?

සිහින කැන්ටිමෙන් එළියේ කණුවක් ලග නතර වෙද්දි තේව් මල්ලි ඇතුළට ගියා. අරුන් දෙන්නා හම්බුණානම් මෙලහකට කැන්ටිම ඇතුළෙත් මරාගන්නවා ඇති. සිහින මොකක් හරි ප්‍රශ්නෙකද. ඒ ඇස් මැලවිලා වගේ. මන් මගෙ ලොකුකම පැත්තක දාලා සිහින ලගට යන්න තමයි හැදුවේ. ඒත් කොහෙද යන හාල්පාරුවෙක් මගෙ දර්ශනපථය අවහිර කරලා සිහින ඉස්සරහින් හිටගත්තේ සිහිනව කාලෙක ඉදන් දන්න යාලුවෙක් වගේ බෙල්ල වටේ අත දාගන්න ගමන්.

"යකෝ මරන්නද හදන්නෙ හුස්ම හිර කරලා. මේ ටික දවසට මැණිකක් වගේ පරිස්සම් කරේ තොට බෙල්ල මිරිකන්න දෙන්න නෙමෙයි. අහකට පල යන්න මැරුම් නොකා."

හිත යටින් මන් හිටියේ අරූගෙ හොම්බට හැටක් අනින ගමන්. මට දැනුනේ පුදුම තරහක්. ඒ පාර සිහිනගෙ කම්මුලක් මිරිකලා හොලවද්දි සිහින ඒ අත ගසලා දැම්මා මගේ ඇස් වලට අහු උනා. මගෙ කට කොනේ යන්තම් හිනාවක් ඇදුණා. යසයි. හොඳ වැඩේ කොස් ඇටයට.

"මොකද උඹට කඩිකුලප්පුව හැදිලා වගේ?"

මගේ ඇස් කෙලින්ම තිබුණෙ සිහිනයි අර කොල්ලගෙයි දිහාවට. විශාක කතා කරනවා වත් මට ගානක් උනේ නෑ. මන් හිතන්නෙ විශාකත් බැලුවේ මන් කොහෙද බලන් ඉන්නේ කියලා වෙන්නැති උගෙ කටින් පිට උනේ "හහ්" කියලා සද්දයක්.

"ඕකට තමයි ජෙලස් කියන්නෙ!"

කෑම පාර්සල් දෙකත් අතේ තියාගෙන මන් දිහා බලන් හිටපු විශාක එහෙම කියද්දි මගෙ කකුල් ඉස්සර උනා. මන් ඇවිදන් ආවේ සිහින ඉන්න දිහාවට.

"අඩෝ මන් කෝකටත් 119 ට ගහන්නද?"

"ඇම්බියුලන්ස් එකකුත් ගෙන්න ගන්න කෝකටත් කතා කරලා තිබ්බනම් හොඳයි වගේ."

"මස්සිනාට අත තියන්න. හිතේ ඇති!?"

ඇහෙන නෑහෙන ගානට මොනවදෝ මුමුණන ගමන් විශාකත් මගෙ පස්සෙන්ම සිහින දිහාවට ඇවිදන් ආවා.

මෙච්චර වෙලා තරහෙන් පුපුර පුපුර ආව මන් සිහින ලගටම එද්දි ටිකක් සාමන්‍ය අතට හැරුණා.

"සිහින! මොකද මෙතන කරන්නෙ?"

"අ..අයියේ"

ආක්ෂ POV end.

.

.

.

සිහින POV.

මන් හිටියේ කැන්ටිම ලග. කෑම අරන් එන්න ගියපු තේව් අයියා එනකන් මන් බලන් හිටියා. ඉන්ටවල් එක නිසා සෙනගත් වැඩී. එතකොටම වගේ මන් ලගට ආවේ තේව් අයියගේ ක්ලාස් එකේ අයියා කෙනෙක්. දවස් දෙක තුනක් ක්ලාස් ගාවින් යනකොට අනම් මනම් කියාගෙන යද්දිම මට එපා උන කෙනෙක්.

"සිහින තේව් එක්කද ආවේ?"

"ඔව් අයියා ඇතුළේ..මන් එහෙනම් යන්නම්.."

බෙල්ල වටේ තිබ්බ අයියගේ අත අහක් කරලා දාපු මන් යන්න එද්දි ආයෙම මගෙ ගමන නැවතුනා.

"කොහෙද යන්නෙ..තේව් තාම ආවේ නෑනෙ"

"අයියා ක්ලාස් එකට ඒවි"

"මොකද බං මේ?"

"මුකුත් නැහැ අයියේ"

මන් හිටියේ මෙතනින් පැනගන්නෙ කොයි වෙලේද කියලා හිත හිත. ඒත් මන් සාමාන්‍ය විදියට කතා කරා.

"ඒක නෙමෙයි සිහින"

"සිහින මල්ලි... කැමති කෙනෙක්..එහෙම ඉන්නවද?"

"අයියට මොකටද ඒක.."

"නිකන් කියන්නකො!"

"ම්..මං කැමති කෙනෙක් මට ඉන්නෝ"

"ඔහ්.. වාසනාවන්ත කෙල්ලෙක්. හැබැයි ඉතින් සිහිනට කෙල්ලෙක්ට වඩා~~~

කෞෂික අයියා කියාගෙන ආපු වචන අතරමග නැවතුනේ එයාගෙ උරහිස උඩ නතර උන අත නිසා. ඔව් ඒ ආවේ ආක්ෂ අයියා. මට කරදරයක් කියලා හිතෙන හැම වෙලාවකම ඒ රූපෙ මන් හොයාගෙන ආවේ හරියට අපි හම්බුණ මුල් වතාවේ වගේ.

"සිහින!! අන්න තේව් එනවා. ක්ලාස් එකට යන්න."

ආක්ෂ අයියා අපේ අයියව පෙන්නද්දි මාත් ඔලුව වනලා දුවලා ගියේ අයියා ලගට. ආක්ෂ අයියා ආවේ වෙලාවට. මාත් අපේ අයියා එක්ක ක්ලාස් එකට ආවේ තේව් අයියට සිද්ධිය කියන ගමන්.

සිහින POV end.

.

.

ආක්ෂ POV.

මන් අත දික් කරලා කැන්ටිමෙන් එළියට ඇවිත් සිහිනව හොයන තේව් මල්ලිව පෙන්නද්දි ඔලුව වනපු සිහින තේව් ලගට දුවලා ගියා. තේව්නුත් අපිව දැකලා අත වනලා සිහින එක්කම ක්ලාස් පැත්තට ගියා. තේව් එක්ක ඈතට යන සිහින දිහා ටිකක් වෙලා බලන් ඉදපු මන් අර කොස් ඇටයගෙ කරට අතක් දාගත්තේ උට හොඳට සංග්‍රහ කරන්න හිතාගෙන. මන් ඌවත් ඇදගෙන ආවේ කැන්ටිමට එහා පැත්තෙ තිබුණ පාලු පොට් එකට.

"උඹෙ නම් මොකක්ද ?"

"කෞෂික"

මූ අර ගැටපොලොස් කොට්ටෝරුවගේ එකෙක්ද මන්දා. මෙවාන්ගෙ සෙට් එකේ උන් ඕලෙවල් ක්ලාස් වලත් ඉන්න නිසා මන් බැලුවේ එහෙම එකෙක්ද කියලා. පේන විදියට මූ නම් උන්ගේ එකෙක් නෙමෙයි.. කාගෙ උනත් මට මොකෝ. අත තිබ්බෙ වැරදි කෙනාට.!

"මන් කවුද කියලා උඹ දන්නවද ?"

"ඔව්. ආක්ෂ අයියනෙ"

දන්නවානම් හොඳයි. මන් උගෙ කොලර් එකෙන් අල්ලගත්තේ මූ මනමාලකම් දදා සිහිනට කියපු ටික හොදින් හරි නරකින් හරි අහගන්න.

"මොනවද උඹ සිහින එක්ක අච්චර කුටු කුටු ගෑවේ?"

"ම්..මුකුත් නෑ අයියේ"

"මුකුත් නැති වෙන්නෙ කොහොමද යකෝ?"

මගෙ අත ඒ කොලර් එකට තව තද උනා.

"නෑ අයියේ මං සිහිනගෙන් ඇහුවේ කැමති කෙනෙක් ඉන්නවද කියලා"

"ඇයි උඹ කපු රාළද සිහිනට කවුරුවත් නැත්නම් සෙට් කරලා දෙන්න"

"න්..නෑ අයියේ."

"ආයෙ උඹ සිහින දිහාවේ කැරකිලා අහු උනොත් කරකලා උඩ අරිනවා"

"හරි අයියේ."

"අන්න ඒ බය තියාගනින්. දැන් පලයන්"

කොල්ලා දුවන්න යද්දියි මට ආයෙ මතක් උනේ මූ සිහිනගෙන් ඇහුවේ කැමති කෙනෙක් ඉන්නවද කියලානේ. කොල්ලා මොනවද කිව්වේ කියලා දැනගන්නත් එක්ක මන් අරූව ආයිත් නවත්තගත්තා.

"ආ..මේ සිහින මොකද කිව්වේ එහෙම ඇහුවම?"

"සිහින කිව්වා...එයා කැමති කෙනෙක් ඉන්නවා කියලා"

"එච්චරද කිව්වේ.?"

"හ්ම්ම්"

"හා දැන් යනවා"

මගෙ හිත වැහි වළාවක් වගේ අදුරු උනා. "සිහින කැමති කෙනෙක් ඉන්නවා? වෙන්න බෑ. සමහරවිට අරූගෙ වදෙන් බේරෙන්නම එහෙම කිව්වා වෙන්නත් පුළුවන්. "සිහිනව කෙල්ලොන්ගෙන් විතරක් නෙමෙයි කොල්ලොන්ගෙනුත් පරිස්සම් කරගන්න වෙලා තියෙන වෙලේ තව තුන්වෙනි පාර්ශවේකුත් අතරමැද්දෙන් එකතු වෙලා. දැන් ඒ කැමති එකාගෙන් කොහොමද සිහිනව පරිස්සම් කරගන්නෙ. ඒකි හරි ඌ හරි සිහිනව අරන් යයිද.
හරි ඉතින් උඹ සිහිනට ආදරේ කරන්නේ නෑනේ ආක්ෂ. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. ඒත් මන් කැමති වෙන්න පටන් ගත්තා විතරනේ. ඒත් සිහින තාම පොඩි එකෙක්නේ. එහෙම කෙනෙක් ඉන්න විදියක් කොහෙත්ම නෑ. ඔව්.." මගෙ හිතත් එක්කම වාද කරලා යන්තම් සමතයකට පත් වෙද්දි අරූගෙයි මගෙයි කතාව ඉවර වෙනකන් කවුරුවත් එනවද කියලා ඇහැ දාගෙන හිටපු විශාක මගෙ පිටට තට්ටුවක් දාද්දි උගෙ පැත්තට හැරුණ මන් ඌවත් අඩගහගෙන පන්තියට ආවා.

"කෝ උඹේ කෑම එක?"

"ඔත්තු බලනකන් මන් කෑවා යකෝ. බඩගින්නෙ හිටියේ"

"උඹනම්!!!! මේකත් කාපන් එහෙනම්"

"ඇයි මොකෝ අරූ කිව්වේ"

"සිහින කැමති කෙනෙක් ඉන්නෝලු."

"කෙල්ලෙක්ද ?"

"දන්නෑ විශාක. ඒකා කොහොමද ටොප් වෙන්නෙ බං. ඒකාගෙ හුරතලේ හැටියට. රවනකොටත් හුරතල්"

"සිහින උඹ ලගදි ගොඩක් වෙනස්. එහෙම එකේ කවුරුවත් ඉන්නවනම් එහෙම වෙයිද බං!?"

"ඒක තමයි ඕයි!"

"ඉදපන් අපි තේව්ගෙන් ෂේප් එකේ අහලා බලමු."

"ස්කෝලේ ඇරුණම සෙට් වෙනෝනෙ. උඹ හෙමින් සැරේ අහපන් හරිද?"

"හරි හරි බං."

අපි හිටියේ ස්කෝලේ බෙල් එක ගහලා ගාථ කියලා එළියට එන ගමන්. පොඩි දෙන්නා එනකන් කියලා හැමදාම හේත්තුවක් දාන් බලන් ඉන්න ස්කෝලෙ ඉස්සරහම තිබ්බ තාප්පෙ ලගට මන් ඌත් එක්කම ආවා.

"දැන්වත් කියන්නෙ නැද්ද මට"

"මොකක්ද ?"

"බල්ලෝ.......උඹට ඔහොම වෙන්නෙ සිහිනට කැමති නිසා."

විශාක එහෙම කියද්දි මගෙ මූණට ආවේ හිනාවක්..

"බලපන්. උඹට උගෙ නම කිව්වත් ඇති හිනා වෙන්න"

"උඹට සිහින වෙන එකෙක් එක්ක ඉද්දි ජෙලස්. සිහින ලගදි හදවත වේගෙන් ගැහෙනවා නේද ඕවා තමයි ආදරේ පෙරනිම්ති. දැන් බලපන් උ~~~

"හ්ම්ම්...ඔව් කැමති"

"කැහැ...කැහැ...මොකක්ද?"

"මන් සිහිනට කැමතී බං"

හිනාවෙලා එහෙම කියපු මන් විශාකගෙ බෙල්ල වටෙන් අත දාලා ඇදන් යද්දි ඌත් මොකාද එකා වගේ ඇදිලා ආවා. හිතට හරිම සැහැල්ලුවක් දැනුනා. මන් සිහිනට කැමතී. ඔව් ඒක ස්ථිරයි.

"අඩ්ඩෙහ්. ඇත්තද උඹ ඔය කියන්නෙ?"

"ඔව් බං. ආයෙ අහන්නෙපා!."

"අපි සිහිනට කියමු"

"ඒ.. පිස්සු කරන්නෙපා යකෝ"

"ඇයි උඹට ඕන ඌව වෙන එකෙක් අරන් යනවා බලන්නද"

"ඒ වගේ දෙයක් තමයි දැන් නැවැත්තුවෙ"

"උඹ වටේ ඉන්න උන්ට වැට බැන්දට සිහිනගෙ හිතේ කොහොමද උඹ ඔය වැට දාන්නෙ. සිහින වෙන කෙනෙක්ට කැමති උනොත්?."

"අපි බලමු. අයිතියක් නැත්නම් කොහොමත් මගේ වෙන්නෙ නෑනෙ බං"

"හ්ම්ම්....අන්න ඩබල එනවා.."

අපි ඉන්න තැනට ආපු තේව් මල්ලි විශාක එක්ක ඉස්සරහින් ඇවිදන් යද්දි මායි සිහිනයි ඊට පිටිපස්සෙන් ඇවිදන් ආවේ බස් හෝල්‍ට් එකට. විශාකගෙයි තේව්ගෙයි පිස්සු කතා වලට උන් දෙන්නම හිනාවෙද්දි සිහිනගෙ මූණෙත් හිනාවක් ඇදිලා තිබුණා. උන් තුන් දෙනා හිනාවෙන හැටි බලාගෙන මගෙ මූණත් හිනාවෙන් පිරුණෙ නැතුවම නෙමෙයි.

කොච්චර හිනා වෙවී ආවත් මගෙ අවධානය හැමවෙලේම සිහින දිහාවට තිබුණා කියලා මට තේරුණේ පදික වේදිකාවේ ඇවිදගෙන එන අතරට කවුදෝ මිනිහෙක් ඇගේ හැප්පෙද්දි මෙච්චර වෙලා ඉස්සරහ බලාගෙන ආව මන් ගැස්සුනා. මම සිහිනව මගෙන් එහා පැත්තට ගත්තා. සිහින බය වෙලා වගේ මන්දිහා බලන් ඉන්නවා කියලා ඇහැ කොනෙන් පෙනුනත් මන් ඉස්සරහ බලාගෙනම ඇවිද්දා.

ආක්ෂ POV end.

.

.

.

සිහින POV.

අපි ස්කෝලේ ඇරිලා ඇවිදන් එද්දි එක මොහොතක මගෙ ඇස් නැවතුනේ ආක්ෂ අයියා ලග. ආක්ෂ අයියා මගෙ හීනෙ ඉන්න අයියා වගේමයි. ඇවිදිනකොට ගාම්භීර ගතිය, කටහඬ ඒ හැමදේම සමානයි. රූපය හැර. මොකද මන් තාමත් රූපයක් දැකලා නෑ. ඒත් ඒ දෙන්නා එක වගේ කියලා හැමවෙලේම හිතෙනවනේ.

මන් අයියව මේ ටිකටම මග ඇරියේ මට එදා සැර කරපු නිසාම නෙමෙයි. ඒත් අයියා වැරදියට හිතනවද දන්නෙ නෑ. අයියගෙ දිහා බලන් කල්පනාවේ ආපු මන් ගැස්සිලා ගියේ කවුද මගෙ ඇගේ හැප්පුන නිසා.

ඒ මිනිහා ඇගේ වැදීගෙන ගිය පාර මාව පස්සට තල්ලු වෙද්දි මෙච්චර වෙලා අත් දෙකත් සාක්කුවේ ඔබාගෙන ඇවිදගෙන ආපු ආක්ෂ අයියා මගෙ උරහිසෙන් අතදාලා මාව එයාගෙන් අනික් පැත්තට ගත්තේ ඒ පැත්තෙ අපිට විරුද්ධ දිහාවට යන සෙනග අඩු නිසා. එක පාරම උන දේ නිසා මන් ගැස්සුනත් එයා දිහාම බලන් ඉද්දි මට පොඩි සතුටක් දැනුනා. ආක්ෂ අයියා හොඳ සහෝදරයෙක්.

මෙච්චර වෙලා කිසිම දේකට අවධානේ නොදී ඉස්සරහ බලාගෙන ඇවිදපු ආක්ෂ අයියා ගැස්සිලා ගියේ මේ සේරම අස්සේ මන් ඒ මිනිහගෙ ඇගේ හැප්පුන එක විතරක් හරියටම මිලි තප්පරේට ඔලුවට ගියා වගේ. අඩුම මන් එයා දිහා බලන් හිටිය එකටවත් ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ. එයා මන් දිහා බැලුවෙත් නෑ. මන් බලාගෙන හිටියා කිසිම හැගීමක් පේන්න නැති ඒ මූණ දිහා. එයා හැගීම් හන්ගන්න හරි දක්ෂයි.. මට එහෙම හිතුනා.

.

.

"අයියේ. මට බුක් ෂොප් එකට යන්න ඕන"

බස් එකට නගින්න හෝල්ට් එකේ ඉන්න අතරෙ මට මතක් උනේ ගන්න බඩු වගයක් තියෙනවා කියලා. යන ගමන් නුගේගොඩින්ම ගමු කියපු නිසා අපි නුගේගොඩට විතරයි ටිකට් ගත්තේ. මන් හිතුවේ ආක්ෂ අයියලා එහෙමම ගෙදර යයි කියලා. ඒත් එයාලත් අපි එක්කම නුගේගොඩින් බහිද්දි තමයි මන් දන්නෙ අයියලත් අපි එක්කම එනවා කියලා.

ආක්ෂ අයියයි මායි ඉස්සෙල්ලම හම්බුණ බුක් ෂොප් එක. අදත් ඒ විදියටම තියනවා. මන් මෙච්චර දවසක් ආක්ෂ අයියව මගෑරිය එක වැරදිද මන්දා. ඔය දේවල් හිත හිතම මට ඕන දේවල් තෝරන ගමන් ඇවිදපු මන් හොයාගෙන ආපු පොත තිබ්බෙ රාක්කෙ උඩම.

"උස මදිනෙ"

ෂොප් එකේ කෙනෙක්වත් පේන්න ඉන්නවද බලන ගමන් මන් හැදුවේ ඇදිලා පොත අරගන්න. මේකටත් මෙච්චර උඩ යන්න ඕන උනානේ.

"මොකද උස මදිද?"

මන් ගැස්සිලා ගියේ ඒ ගැඹුරු කටහඬට. වෙන කාගෙද ආක්ෂ අයියගේ තමයි. සපත්තු දෙකෙන් ඉස්සිලා හිටපු මන් පස්සට බර වෙලා වැටෙන්න ගියත් මන් වැදුනේ හැඩිදැඩි පපුවක. ඒ සැනින් මන් පැත්තකට උනා. කිසිම ගානක් නැතුව පොත අතට ගත්ත අයියා ඒක මගෙ පැත්තට දික් කරලා බලාගෙන හිටියා.

"මේක ගන්නවද. මගෙ අත රිදෙනවා"

මෙයාගෙ සැර. මන් ටිකක් වෙලා මාරුවෙන් මාරුවට පොතයි අයියයි දිහා බලලා එක පාරටම පොත ගන්න යද්දි අයියා මගෙ දිහාට දිගෑරගෙන හිටපු අත ආපස්සට ගත්තා. මන් ඒ මූණ දිහා බැලුවා. ඇත්තටම මට බැලුනා. එයාගෙ කටකොණේ චූටි හිනාවක් තිබ්බා.

"මට අර නමින් කතා කරොත් දෙන්නම්"

"ම්..මොන නමින්ද අයියේ!"

"එදා මට ගෝල්ෆේස් එකේදි කිව්වේ!"

"අයියා කැමති නෑනෙ"

ඇයි දැන් ඒක මට කියලා කියවගන්න ඕන වෙලා තියෙන්නෙ. අදත් සැර කරන්නද දන්නෙ නෑ. තාමත් අයියා මගෙ දිහා බලන් ඉන්නවා. මන් බැලුවේ වටපිට කවුද ඉන්නෙ කියලා. සෙනගත් නෑ ෂොප් එකේ. අපෙ අයියත් පේන මානෙක නෑ.

"කිව්වොත් පොත දෙන්නම් නැත්නම් ආයෙ මන් තියලා යන්නම්. කාටහරි කියලා අරගෙන එන්න"

"පුදුම නපුරෙක්නෙ"

"එහෙම එකක්නම් නෙමෙයි මන් ඇහුවේ"

"අනේ ඕක දෙන්නකො අයියේ"

"හා හා අරන් යමු ඉතින්"

අයියා පොත මගේ ඇගේ ගහලා පුරුදු විදියටම සාක්කුවට අත දාගෙන ඇවිදන් යද්දි මට ඕන උනේ පොත අරන් දුන්නට ස්තූති කරන්න. ඉතින් මාත් පස්සෙන්ම ආවා.

"තැන්ක් යූ අභී අයියේ"

මන් එහෙම කියනවත් එක්කම අයියා නැවතුනා. ඒත් ආපස්සට හැරුණේවත් නෑ. මුකුත් කිව්වෙත් නෑ. ටිකක් වෙලා ඉදපු එයා එහෙමම ෂොප් එකෙන් එළියට ගියා.

"මොකටද දන්නෙ නෑ කියන්න කිව්වෙ. එදා වගේම බුම්මගෙන යන්නද?" එහෙම හිතලා එළියට යන අයියා දිහා බලලා රවපු මන් කැෂියර් එකට සල්ලි ගෙවද්දි තේව් අයියයි විශාක අයියයිත් ආවේ කැෂියර් එක ලගට.

"අයියා මොනවද ගත්තේ"

"මන් නිකන් බලන්න ගියා. මෙන්න මේ පෑන් ටික ගත්තෙ.විභාගෙත් ලගයිනේ. ආපු එකේ ගත්තා"

"ඔච්චර මොකටද?"

"ඉතින් අපි දෙන්නටම"

"කෝ දෙන්න ඔය ටිකත් මන් සල්ලි ගෙවන්න"

අයියාගෙ අතින් පෑන් සෙට් එක ගත්ත මන් ඒකත් කැෂියර් එකට දෙද්දි විශාක අයියා මගෙ උරහිසට තට්ටු කරා.

"ඒක නෙමෙයි සිහින. කෝ ආක්ෂ!?"

"ආක්ෂ අයියා..මේ එළියට ගියානෙ"

"හරි හරි ඔය දෙන්නා එහෙනම් එන්න මන් එළියෙන් ඉන්නම්"

විශාක අයියත් එහෙම කියලා යද්දි බඩු ටිකත් අරන් අයියයි මායිත් එළියට ආවා. ස්කෝලෙට ඕන කරන බඩු වලටයි මට හදිසියකට ඕන උනොත් කියලා අම්මා ගානක් හැම මාසෙම පොතට දානවා. ඉතින් මට හැමවෙලේම පුංචි අම්මට කරදර කරන්න ඕන උනෙත් නෑ.

සිහින POV end.

.

ආක්ෂ POV.

"අම්මේ............!!"

"මොකද දරුවෝ මේ!?"

මන් ගෙදර ආපු ගමන් මිදුල අතුගාන ගමන් හිටපු අම්මගෙ ලගට දුවලා ඇවිත් අම්මව සයිඩ් හග් කරේ අතේ තියෙන ඉදලෙන් පාරක් කන්න බලාගෙන. අද ආක්ෂ සතුටින්නේ අම්මා.. මන් සිහිනට කැමති.. අනික් දේ සිහින මට ආයෙත් ඒ නමින් කතා කරා.

"මොකද මේ කවදාවත් නැතුව"

කැමැත්තක් හිතුණම මෙච්චර සතුටුයි නම් සිහින මගේම උන දාට මන් පපුව පැලිලා මැරෙයිද මන්දා. අම්මට කොහොමද කියන්නෙ මන් මෙච්චර සතුටින් ඉන්න හේතුව. ඉතින් මන් වෙන දෙයක් කියලා ඉක්මනට ගෙට පැනගත්තා.

"ලබන සතියේ එක්සෑම් නේ අම්මේ දන්නෙ නැද්ද?"

"ඉතින් එක්සෑම් නිසා සතුටින් ඉන්නව දැක්කමයි මන්"

"නැහැ නැහැ. ඉතින් ඒ සතියෙන් පස්සෙ ෆ්‍රීනේ"

"අනේ මන්දා මේ ළමයිනම්"

අම්මත් තව මොන මොනවදෝ කියද්දි දුවලා ඇවිත් කාමරේ ඇදට වැටුණ මන් අත පය හතර, හතර අතට විහිදුවලා ඇදේ වැතිරිලා හිටියේ සිවිලිම දිහාවටම මගෙ ඇස් රැදිලා තියෙද්දි.

බස් එකේ එන ටිකටත් මන් කතා කරන්න හැදුවත් කොල්ලා බොරුවට බුම්මගෙන හිටියේ නම කියලත් මන් ගනන් නොගෙන ආපු නිසා. කොහෙද ඉතින් මටත් ඒ කටින් මගෙ නම ඒ විදියට පිට වෙද්දි ඉන්න තැනත් අමතක උනානේ. ඇයි ඇහුවම මටත් රවලා ජනේලෙන් එළිය බලාගත්ත සිහිනව මට තාමත් මැවිලා පේනවා වගේ. මට හිතුණා අර පිම්බිලා තියෙන කම්මුල් දෙක අල්ලලා පොඩිකරන්න. ඒත් බස් එකේ නිසා මන් ඉවසන් ආවා.

ආදරේ කරනකොට හැමදේම හරි ලස්සනට පේනවලු නේද. අද මට හැමදාම කොටු ගණන් කරලා එපා වෙච්ච සිවිලිමත් හරි ලස්සනට පේනවා වගේ. ආආආහ්හ්හ්... සිහින උඹ මට මේ මොකක්ද කරේ...

"ආක්ෂ ඇයි බං උඹ කොල්ලෙක් නිසා හදවත් රෝගියෙක් උනේ?." මන් මගෙන්ම අහගන්න ගමන් ඇදේ පෙරළුණේ, පෙරළුණු පාරට ඇදෙනුත් බිමට වැටෙද්දි.

.

.

.

────────────────────────────────

ආක්ෂ බිමට වැටුණේ නෑ ළමයි. බෙඩ්ෂීට් එකේ එල්ලිලා බේරුණාලු. මට කිව්වා ඕගොල්ලොන්ට කියන්න කියලා.

ඔන්න අද කලින්ම ආවා. කොහොමද අද කොටස? අදහසක් ප්වීස්ස්ස්...👉👈

.

.

ඊළග සිහිනයෙන් හමුවෙමු 💭❤ ආදරෙයි හැමෝටම😙❤

මම
සුකී ✍️

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

12.9K 2.1K 11
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස...
18.1K 45 22
This is the second instalment to my 3 Part series of Books about a Young Blonde Teen Girl who suddenly starts to loose control of her bladder and bow...
38K 5.5K 16
ආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °
188K 20.1K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...