සංසාර සිහින | TK | Nonfiction...

By Sukii_7_

13.3K 1.5K 2.2K

| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි ද... More

පිවිසුම 💭
පළමුවන සිහිනය 💭
දෙවන සිහිනය 💭
තෙවන සිහිනය 💭
හතරවන සිහිනය 💭
පස්වන සිහිනය 💭
හයවන සිහිනය 💭
සත්වන සිහිනය 💭
අටවන සිහිනය 💭
නවවන සිහිනය 💭
දහවන සිහිනය 💭
එකොළොස්වන සිහිනය 💭
දහතුන්වන සිහිනය 💭
දාහතරවන සිහිනය 💭
පහළොස්වන සිහිනය 💭 bonus
දහසයවන සිහිනය 💭
දාහත්වන සිහිනය 💭
දහඅට වන සිහිනය 💭
දහනව වන සිහිනය 💭
විසි වෙනි සිහිනය 💭
විසි එක් වන සිහිනය 💭
විසි දෙවන සිහිනය 💭
විසි තුන්වන සිහිනය 💭
විසි හතරවන සිහිනය 💭
විසි පස්වන සිහිනය 💭
විසි හය වන සිහිනය 💭
විසි හත්වන සිහිනය 💭
විසි අට වන සිහිනය 💭
විසි නව වන සිහිනය 💭
තිස්වෙනි සිහිනය 💭
තිස් එක්වෙනි සිහිනය 💭
තිස් දෙවෙනි සිහිනය 💭
තිස් තුන්වෙනි සිහිනය 💭
තිස් හතරවැනි සිහිනය 💭
තිස් පස්වැනි සිහිනය 💭
තිස් හයවැනි සිහිනය 💭
තිස් හත් වන සිහිනය 💭
තිස් අටවන සිහිනය 💭
තිස් නව වන සිහිනය 💭

දොළොස්වන සිහිනය 💭

261 37 23
By Sukii_7_

"අම්මේ...මෙහෙ එන්නකො."


උදේ පාන්දරම මටත් කලින් ඇහැරිලා ලෙස්ති වෙන්න ගන්න තේව් අයියා මගෙ නලලට අත තියලා බලලා දෙතුන් පාරක් කෑ ගහද්දි මාව නින්දෙන් ඇහැරුණා. මට දැනුනෙ මුළු ඇගම වෙව්ලලා යන සීතලක්. වෙලාව කීයද කියලවත් හරියට දන්නෙ නෑ. පාන්දර පහ පහු වෙලා ඇති. ඇහැරුණ හැටියේ ලයිට් එළියට ඇස් දෙක හුරු වෙනකන් ඇස් අඩවන් කරගෙන හිටියේ නැගිටගන්නත් පණක් නැති වෙද්දි.. අයියගෙ කෑ ගැහිල්ලට පුංචි අම්මත් කාමරේට දුවගෙන එනවා අඩවන් වෙන ඇස් වලින් මට පෙනුනා.

"මොකද ළමයෝ"

දොරෙන් ඇතුළට එන හැටියේ පුංචි අම්මා එහෙම ඇහුවේ ටිකක් කලබලෙන්. තේව් අයියා කතා කරපු විදියට පුංචි අම්මා බය වෙන්නැති. මාත් යන්තම් ටිකක් කෙලින් වෙන්න බලද්දි තේව් අයියා මට ඇද විට්ටමට හේත්තු වෙන්න උදව් කරා.

"සිහිනට හොඳටම උණ"

"කෝ බලන්න"

මගේ ලගින්ම ඇදේ කොනකින් වාඩ් වෙලා මගෙ නලලට අත තියලා බලද්දි දැනුන රස්නෙට පුංචි අම්මා ඉදගත්ත තැනින් නැගිට්ටෙ කලබලෙන්.

"ගිනි කබලෙට රස්නෙයිනේ ළමයො. පුතේ ලෑස්ති වෙලා සිහින එක්ක එන්න. අපි හොස්පිට්ල් යමු."

එහෙම කියලා පුංචි අම්මා කලබලෙන් එළියට යද්දි හෙමින් සැරේ මාව නැගිට්ටුව අයියා මූණත් යන්තම් සෝදවලා ආයෙම කාමරේට එක්ක ආවා. මාව ඇදේ ඉන්දවලා මගෙ කාමරේට දුවලා ගියපු අයියා ආයෙම ආවේ ඇදුමකුත් අතේ තියාගෙන.

අයියා හදන්නෙ මට ඇදුම අන්දවන්නද!? රෑට ඇදපු කමිසෙ ගලවලා අලුත් කමිසයක් දාන්න හදද්දි මන් ලැජ්ජාවෙන් උනත් මුකුත් නොකියා හිටියා. මන් පුංචි කාලෙ ඉදන් එහෙමයි. මගේ අයියා ඉස්සරහ වත් මම ඇදුමක් මාරු කරල නෑ. ටිකක් තේරෙන වයසෙ ඉදන් තව කෙනෙක් ඉස්සරහ ඇදුම් මාරු කරනෙක වගේ දේවල් වලදි මට දැනුනේ ලැජ්ජාවක්.. මන් හිතුවේ ඒක මගෙ වරදක් කියලා. ඒත් අයියා හැමවෙලේම මට තේරුම් කරපු නිසාම මන් ඒක වරදක් විදියට හිතනෙක අතෑරලා දැම්මා. අයියා මන් ගැන දන්න නිසාම මන් ගැන කවදාවත් තරහක් හිතලා නෑ. ඒත් තේව් අයියා! එයා මොනවා හිතයිද කියලා මන් ඒක ගැන කියන්නැතුව ඉන්න හිතුවේ දැන් ඇදුම් මාරු කරගන්න කියලා මට පණක් තිබුණෙත් නැති නිසා. ඒත් මගෙ අත් දෙක නොදැනුවත්වම මගේ පපුවට ගිහින් තිබුණා.

"මොකද සිහින? සීතලයිද?"

"ටිකක්"

උඩ ඇදුම විතරක් මාරු කරලා සීතලට ජර්සියකුත් අන්දපු අයියා මාව ඒ ඇගට බර කරගෙන පඩිපෙළ බහිද්දි භාප්පා කාරෙක ස්ටාර්ට් කරන් එළියේ හිටියා. අපි ඔක්කොම ආවේ ලගම තිබුණ හොස්පිට්ල් එකට.

මාව ඩොක්ටර් ගාවට ගනිද්දි ටිකක් බය හිතුණත්, ඩොක්ටර් මාව චෙක් කරලා එළියට එව්වේ පුංචි අම්මටයි භාප්පටයි එතන නවතින්න කියලා. මොකද දන්නෙ නෑ. හේතුවක් හිතාගන්න බැරුව මොහොතක් ඒ දෙන්න දිහා බලන් ඉදලා පුංචි අම්මත් අපිට එළියෙන් ඉන්න කියපු නිසාම එළියට ආපු අපි දෙන්න එතනම තිබුණ බංකුවේ වාඩි උනා. මන් අයියගේ උරහිසේ ඔලුව තියාගෙන හිටියේ කෙලින් ඉන්නවත් ඇගට පණක් නැති වෙද්දි. තේව් අයියයි මායි එළියට වෙලා හිටියේ ඒ දෙන්නට ඩොක්ටර් මොනවා කියනවද කියලා කල්පනා කර කර. ඒ ඉන්න අතරෙ ටික වෙලාවකින් පුංචි අම්මලා එළියට ආපු නිසා තේව් අයියා මාත් එක්කම නැගිට්ටා.

"යමු ළමයිනේ"

"අම්මේ, මොකක්ද ඩොක්ටර් කිව්වේ??"..

පුංචි අම්මලා එළියට ආපු හැටියේ එහෙම ඇහුවේ තේව් අයියා. උත්තරයක් දැනගන්න ඕන නිසාම මාත් පුංචි අම්මා දිහාම බලන් හිටියා.

"ගෙදර ගිහින් කතා කරමුකො දැන් යමු."

"මොකක් හරි ප්‍රශ්නයක් ද!?" මගේ යටි හිත මගෙන් එහෙම ඇහුවා. පුංචි අම්මගෙ මූණෙත් තිබුණේ බැරෑරුම් පෙනුමක්.

ගෙදර ඇවිල්ලා ටිකක් වෙලාවක් ගත වෙද්දි බෙහෙත් ටිකයි වතුර වීදුරුවකුයි අරන් ආපු පුංචි අම්මා ඒක මගෙ අතට දීලා මන් ඒ ටික බොනකන් කාටදෝ කෝල් එකක් අරගෙන ෆෝන් එකත් කනේ තියාගෙනම ඇදෙන් නැගිට්ටා. ඇදේ හාන්සි වෙලා හිටපු මම නලලට දාපු පැලැස්තර කෑල්ලත් අතින් පොඩ්ඩක් හදලා බලන් හිටියේ පුංචි අම්මා ෆෝන් එකත් කනේ තියාගෙන ඇද ඉස්සරහින් එහෙට මෙහෙට යන දිහා.

"හෙලෝ අක්කෙ"

කෝල් එක ආන්ස්වර් උන හැටියේ එහා පැත්තෙන් ඇහුණේ අපේ අම්මගෙ කටහඬ. අම්මට කියන්නද යන්නෙ. දැනගත්තොත් දැන් මෙහේ දුවන් එයි. මට උන කියලා දැනගත්තොත් ගොඩක් බය වෙයි. ලොකු අම්මා විස්තරේ කියලා කට ගන්න උනේ නෑ අම්මගෙන් මන් හිතපු දේම උත්තරේට ලැබුණා.

"මන් එන්නද අක්කේ කොල්ලට ගොඩක් අමාරුයිද?"

"නෑ සකූ බය වෙන්නෙපා අපි බෙහෙත් ගත්තා ටිකකින් ඇරිලා යයි."

"දෙයියනේ මේ කොල්ලට මොනවා වෙනවද මන්දා"

"උන ගත්තා විතරයිනේ සකූ. උඹ දැන් වැඩක් බලාගනින් කෙල්ලේ. කොල්ලා බලාගන්න මෙහේ අපි ඉන්නවනෙ"

"ඩොක්ටර් මොකද කිව්වේ අක්කෙ?"

"මුකුත් විශේෂ දෙයක් නෑ නංගි. බෙහෙත් ටික හරියට ගන්න කිව්වා. ආයෙ උන ගත්තොත් එක්ක එන්න කිව්වා."

මගේ දිහා බලලා එහෙම කියපු පුංචි අම්මා කාමරේ දොරත් අඩවල් කරගෙන එළියට ගියේ අම්මා එක්ක කතාවෙ ඉද්දිමයි. ඇයි ඒ? මගෙ හිතේ ඇති උනේ කුතුහලයක් වගේ දෙයක්.. පුංචි අම්මා එළියට ගියේ මන් ඉස්සරහ කියන්න බැරි මොනාහරි කියන්න තියෙනවා වගේ. මොකක් හරි වැරැද්දක්ද? ඒත් උණ විතරනෙ. දන්නෙ නෑ මොකක් උනාද කියලා. උන එන්නෙ හීනෙන් බය උන දාට කියලා දන්නවා උනත් මීට කලින් මේ විදියට උණ ගැනිලා නැති නිසා මගෙ හිතත් ටික ටික බයකින් වෙලිලා ගියා.

මන් නිසා අයියට ස්කෝලේ යන්නත් බැරි උනා. භාප්පයි පුංචි අම්මයි අද කොහෙද යන්නත් හිටියේ. හිතලා හිතලා ඇගටත් මහන්සි වෙද්දි මන් ඇස් දෙක පියාගත්තෙ ටිකක් නිදාගන්න. බෙහෙත් සැරටම මට හොඳටම නින්ද ගිහින් තිබුණා.

.

.

තේව් අයියා ලගටම වෙලා සාත්තු කරපු නිසා හවස් වෙද්දි මගෙ උණ අඩු වෙලා තිබුණා. අයියා මගෙ කාමරේම ඉදන් පොත් පාඩම් කරන ගමන් මන් ලාවට කැස්සත් මන් ලගට දුවන් ඇවිල්ලා උණත් බලලා බෙඩ්ෂීට් එකත් හදලා ආයෙත් ගිහින් වැඩ කරන බව මට අඩ නින්දෙ උනත් දැනුනා. අයියා පව්. මට කොච්චර ආදරේද.

ඒ අතරෙ මන් ගැස්සිලා ගියේ අයියාගේ ෆෝන් එක රින්ස් යද්දි. අයියා බාත් රූම් එකට ගියානෙ. දැන් මොකද කරන්නෙ. ඇදේ ඉදන්ම ඇදිලා ෆෝන් එක ගන්න යද්දිම කෝල් එක කට් උනා. දෙපාරක් විතර රින්ස් යද්දි ගන්නෙ කවුරු උනත් හදිසියක්ද දන්නෙ නෑ කියලා මන් ආන්ස්වර් කරේ සේව් නැති නම්බර් එකක් නිසා බයකුත් හිතේ තියෙද්දි. ෆෝන් එක ආන්ස්වර් කරලා කතා කරන්න උනේ නෑ. ලයින් එකේ එහා පැත්තෙන් දෙන්නෙක් මොන මොනවදෝ කතා කරනවානම් ඇහුණා.

"[අඩෝ ස්පීකර් දාපන් මටත් අහන්න]

"[ඉදපන් පොඩ්ඩක්]"

"[අඩෝ ආන්ස්වර් කරා බං..අහ්ම්] හෙලෝ...."

මන් ටිකක් වෙලා මුකුත් කතා කරගන්න බැරුව බලන් ඉද්දි යන්තම් හෙලෝ කියලා ඇහුණා. තා පොඩ්ඩෙන් රෝන්ග් නම්බර් එකක් කියලා හිතලා තියනවා. ඇයි අනේ ඒ දෙන්නට කතා කරගන්නද අයියට කෝල් ගත්තෙ. මාත් ඉතින් යන්තම් වචනයක් කිව්වා.

"හෙලෝ"

සිහින pov end.

.

.

ආක්ෂ pov.

අපි හිටියේ ප්‍රැක්ටිස් ඉවර කරලා ස්කෝලෙන් එළියට එන ගමන්. ස්පෝර්ට්මීට් එකට දවස් දෙකක් තියාගෙන තේව් මල්ලි ප්‍රැක්ටිස් වලට නැති වෙද්දි ආපු තරහට හොඳ දෙකක් කියන්න හිතාගෙන මන් කෝල් එකක් ගත්තා. ස්කෝලේ ගේට් එක ගාවට එනකන්ම රින්ස් ගියපු කෝල් එක කට් උනේ උගෙන් ප්‍රතිචාරයක් නැති වෙද්දි. මන් ඉතින් ආයෙම ගත්තා. එහෙන් විශාකයා ස්පීකර් දාහන් කිය කිය මැරෙන්න හදනවා..

"ඉදපන් පොඩ්ඩක්"

උට හෙමින්සැරේ කොදුරපු මන් ආයෙම ෆෝන් එකට අවධානෙ දෙද්දි,

"හෙලෝ"

එහා පැත්තෙන් ඇහුණ කටහඬ තේව් මල්ලිගේ නම් නෙමෙයි කියලා අහපු ගමන්ම මට තේරුණා. ඒත් ඒ කටහඬ... මං ටිකක් වෙලා ගල් ගැහිලා බලාගෙන ඉද්දි මට ලාවට ඇහෙනවා ඒ කොල්ලා ආයෙම හෙලෝ කිව්වා... විශාකයත් මට එකක් ගහලා ෆෝන් එක පෙන්නුවේ කතා කරපං කියලා..

"හෙලෝ...මේ තේව් මල්ලිද??"

මාත් ඉතින් නොදන්න ගානට අහල දැම්මා.. විශාකයා එහෙන් ස්පීකර් දාන්න කිය කිය අනිනවා. මුටත් ඉතින් ගායනෙ...මාත් ඉතින් ස්පීකර් දාලා අහන් හිටියේ කොල්ලගෙන් ඊළගට ලැබෙන උත්තරේ ලැබෙනකන්.

"නෑ..අයියා නම් බාත් රූම් එකේ."

හරිම සියුමැලි කටහඬක්. හොඳට අහලා පුරුදුයි වගේ.. කවුද කියලා දැනගන්න තිබුණ උවමනාවටත් එක්ක මන් කතා කරන කෙනාගෙන් ඇහුවේ එයා කවුද කියලා.

"මේ කවුද කතා කරන්නෙ ???"

"උඹට ඒකෙන් වැඩක් නෑනේ උඹ අරූට ෆෝන් එක දෙන්න කියපං. උට මල්ලිලත් නෑනේ. දුරින් නෑදෑ වෙන මල්ලි කෙනෙක් වෙන්නැති."

"උඹ ඉදපන්කො පොඩ්ඩක්"

එහෙන් විශාකයත් මැද්දෙන් පැනලා කියවනවා. අම්මපා මූත් එක්ක මුකුත් කරන්න බෑනේ.

බීප්....බීප්....බීප්......

"කට් කරා ඕයි. "

අපි දෙන්නගේ කියවිල්ල නිසාද මන්දා කොල්ලා කෝල් එක කට් කරා...හරිනෙ අමාරුව. කොහෙද පණිවිඩේ දෙන්නත් බැරි උනා.

"ආයෙ ගනින් බං."

මාත් ආයෙම ඩයල් කරල ස්පීකර් දාපු පමාවට කෝල් එක ආන්ස්වර් වෙද්දි,

"හලෝ කවුද කතා කරන්නෙ."

ඒ පාරනම් තේව් මල්ලිම තමයි.

"ආ මල්ලි මන් ආක්ෂ. මං උඹට ගත්තෙ අද ප්‍රැක්ටිස් ආවේ නැත්තෙ ඇයි අහන්න."

"අහ්...අම්.... අයියද...මේ නම්බර් එක කාගෙද??"

"ආ ඕක මගෙ අනික් නම්බර් එක. මොකෝ බං ආවේ නැත්තෙ. දවස් කීයද ස්පෝර්ට්මීට් එකට."

“මේකයි මල්ලිට පොඩ්ඩක් සනීප නෑ අයියේ ඒකයි.”

: “ඉතින් උඹ නාවේ.?”

: “අම්මත් ගෙදර නෑ තනියම දාලා එන්න බෑනේ.”

: “අර කලින් කතා කරේ මල්ලි වෙන්නැති?? මල්ලිට මොකෝ?? “

කියල විශාකයා අහද්දි,

"ඔව්..උණ හැදිලා"

"කොච්චි කරල, උඹලයි මල්ලි මෙහේ අරන් වරෙන් බං."

”ඇයි උඹ දොස්තර ද අයියේ.“

"අපෝ නෑ. ආක්ෂ අයියගේ තාත්තා නම් දොස්තර කෙනෙක්.“

: මොන දොස්තර ද?

: දත් දොස්තර. ඇයි?

: එහෙනම් වැඩක් නෑ.

"උඹ පොඩ්ඩක් මැදින් ඇඩ් නොදා හිටහන් මන් කතා කරනකන්."

මන් විශාකගෙ කනට කරලා එහෙම කියලා ආයෙම ෆෝන් එක ලං කරගත්තා.

: ඇයි උඹෙ මල්ලිට මොනව වෙලා ද බං?

: මල්ලි සමහරදාට රෑට හීනෙන් භය වෙනවා අයියේ. එහෙම දවසට පහුවදාට උණ. ඊයෙ රෑ තදටම උන ගත්තා. ගෙදර තනියම නිසා දාලා එන්න බැහැනෙ."

"හ්ම්ම් එහෙමත් එකක් ද?? හෙට අනිවාර්යයෙන් ග්‍රවුන්ඩ් එකට වරෙන් හරිද."

: හ්ම්ම්. හරි අයියේ.

කතාවෙන් කතාව පණිවිඩේත් දීලා ඊට එහාත් කතා කරපු අපි දැනගත්ත විදියට උන්ලැයි ඔය කියන මල්ලි නුවර පැත්තෙලු. ඕ ලෙවල් වලට තමයි කොළඹ ස්කෝලෙට ඇවිත් තියෙන්නේ.. ඒ කියන්නෙ කොළඹ ඇවිත් වැඩි දවසක් නෑ තාම... තේව්ට වඩා අවුරුද්දක් බාලයිලූ... අප්පට සිරි ඒ කියන්නෙ කොල්ලා අපේ සිතූගෙ වයසේ. ඒකා නැවතිලා ඉන්නෙ තේව්ලගෙ ගෙදර. ගමේ හැදිච්ච කොල්ලෙක් නිසාද කොහෙද අච්චර අහිංසක පාට. හුරතල් කටහඬක් තිබුණෙත්. තේව්ලගෙ අම්මගෙ නංගි කෙනෙක් වෙච්ච කොල්ලගෙ අම්මලා ඌ මෙහේ එවල තියෙන්නෙත් තේව්ලගෙ පවුල ඒකව පණ වගේ බලාගන්න නිසාලු... සැක්.... යකෝ එච්චර දෙයක් දැනගත්තට නමවත් අහගත්තෙ නෑනේ... මේ ටිකේ මොලේ වැඩ කරන්නේම අනික් පැත්තට ද කොහෙද.

ප්‍රැක්ටිස් ඉවර කරල අපි හිටියේ බස් හෝල්ට් එකේ. ස්කෝලෙන් එළියට බහිද්දි පහටත් කිට්ටු කරලා තිබුණා.

" ඔය නෙතු හමු වන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා....."

මන් හිටියේ සින්දුවකුත් මුමුණ මුමුණ පාර දිහා බලාගෙන. අර කොල්ලව ආයෙ මුණ ගැහෙන එකක් නැද්ද කියලා මන් කල්පනා කරා. අහම්බෙන් හරි එක පාරක් ආයෙ හම්බුණොත් නම් පුතෝ ඔය පුංචි භූතයට ආයෙ කොහෙවත් යන්න දෙන්නෙ නෑ. ඇයි යකෝ මාව කොච්චර රස්තියාදු කෙරෙව්වද!? මට උඹ ගැන හරි අමුතු හැගීම් දැනෙන්නෙ බං. අඩුම අපි අදුරන්නෙ වත් නෑ. ඒත් කාලෙක ඉදන් අදුරනවා වගේ. දෛවයත් මාර සෙල්ලම් තමයි කරන්නෙ. ආදරේ කරලා නැති නිසා ආදරයක් හිතුණම මොනවගේද කියලා මට හිතාගන්න බෑ. අනික එහෙම උනත් ඒ කොල්ලෙක්. මන් ඒ ගැන හිතන හැම පාරකම මගෙ කල්පනාව ඉවර වෙන්නෙ ඒ කොල්ලෙක් නේද කියන තැනින්. කොල්ලෙක්ට ආදරේ කරන්න බැරි නෑනේ. ඒත් මගෙ හිත තාම ඒක පිළිගන්නේ නැහැනේ. මගෙ කල්පනාව බිදිලා ගියේ විශාක කතා කරපු නිසා.

"බස් එකක් එනවා බං. යමං."

හොඳටම හවස් වෙලා නිසා මේ වෙලාවට බස් වල නම් ඇගිල්ලක් ගහන්න ඉඩ නැතුවැති.

"ඒ බං මේකෙ නොයා ඊළග එකේ යමුද?"

"මේකෙ යමං බං. රෑ වෙන්නත් ලගයි."

පිටකොටුව කොට්ටාව බස් එකක් එද්දි මං ඇහුවේ විශාකයගෙන්. මේ වෙලාවට බස් වල වැඩ ඇරිලා යන එවුන්ගෙන් පිරිලා....

"සැක් බලහංකො සෙනග."

"කරන්න දෙයක් නෑ බං යමං."

අපි දෙන්නම අද වෙනදට වැඩිය මලු එල්ලගෙන. සදුදා සපෝර්ට්මීට් නිසා ඔක්කොම හෝදලා ලෑස්ති කරගන්න ඕන. ප්‍රැක්ටිස් කරන්න ඇදපු සූට්, සපත්තු බෑග් එල්ලගෙන බැරි මරගාතෙ බස් එකට නැගගද්දි හිටගන්නවත් ඉඩක් නෑ. සෙනග. එහෙන් කොන්දොස්තරයා විලාප තියනවා.

"ආ මල්ලිලා ඔහොමම පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යන්නකො. ඔය මැද්දෙ ඉඩ තියෙන්නේ."

"ඉඩ තියෙනවා මගුලක්."

යකෝ කෑ ගහනකොට ටිකක් හෙමින් කෑ ගහන්න බැරිද කන පල්ලෙ ඉදන් බෙරිහන් දෙන්නේ... කකුල් දෙකටත් ලොක් වැටිලා තියෙන වෙලේ තා පොඩ්ඩෙන් කන් දෙකෙත් අගුලු වැටෙනවා. කොන් දොස්තරයටත් බැන බැන අපි දෙන්නම කොහොම හරි ගෙදරටම එනකොට කකුල් දෙකක් නෑ වගේ. අම්මාහ්හ්...පංචිකාවත්තෙන් තමයි කකුල් දෙකක් ගන්න වෙන්නෙ ආක්ෂ පුතාට...

ගෙදර ආපු හැටියේ ඇග පත හෝදන් ඇදට වැටුණ මට එහෙමම නින්ද ගිහිල්ලා කියල දන්නෙ අටට විතර විශාකලගෙ අම්මා ඇවිත් කන්න ඇහැරවද්දී.... විශාකත් මට එහා පැත්තෙ දපලා නිදි. මූ නිකන් ගාෆීල්ඩ් වගේ. කනවා නිදාගන්නවා මොකක් හරි පිස්සුවක් නටලා ඉන්නවා. දවල්ටත් කාපු නැති එකේ අද තිබ්බ මහන්සියටත් එක්ක මාත් හිටියේ මාර බඩගින්නක. ඉක්මනට කාලා ඇවිල්ලා මන් ආයෙම ඇදට වැටුණා...

ආක්ෂ pov end.

.

.

සිහින pov.

පහුවදා උදේ අවදි වෙනකොට මන් දැක්කේ තේ කෝප්පයත් අරගෙන මගෙ දිහාවට එන අයියව. කවදාවත් නැතුව අද මන් නැගිටිද්දි හත විතර වෙලා තිබුණා.

"සිහින. කොහොමද හොඳට නින්ද ගියාද?"

"ඔව් අයියේ. අද කොහෙහරි යන්නද අයියා.?"

"ඔව් අපේ බාස්කට් බෝල් ටීම් එක සෙට් වෙනවා ග්‍රවුන්ඩ් එකට. සිහිනත් එනවද.?"

"අනේ බෑ අයියේ. ඔයාලා ගිහින් එන්නකො. මන් පස්සෙ දවසක එන්නම්."

"තාම ඇගට අමාරුයි ද?"

"දැන්නම් නෑ අයියේ. අසනීපෙන් ඉද්දි එක්ක ගියා කියලා අයියටත් බනීවි. අනික් එක ටිකක් මහන්සිත් වගේ."

"ඒනම් අපි පස්සෙ දවසක කොහෙහරි යමු."

"හරි අයියේ."

අයියා ගෙනත් දීපු තේක ටීපෝව උඩින් තියපු මන් වොෂ් රූම් එකට ගිහින් මූණ කට හෝදන් එළියට එද්දි තේව් අයියගේ කාමරේට ආවේ පුංචි අම්මා.

"පුතේ ටිකක් කතා කරමුද??"

"හා පුංචි අම්මේ. කෝ තේව් අයියා"

"අන්න භාප්පගෙ කාර් එකේම එල්ලිලා ගියා"

මාත් එහෙමම ආවේ කාමරේට. ඇවිල්ලා තියලා ගියපු තේකත් අතට අරන් ඇදෙන් වාඩි වෙද්දි පුංචි අම්මත් ලගින් වාඩි උනා. මගේ හිතේ තිබුණේ තිගැස්සමක් එක්ක කුතුහලයක්. පුංචි අම්මට මොනවද කතා කරන්න තියෙන්නෙ. ඊයෙ සිද්ධිය ගැනවත්ද? මාත් පුංචි අම්මා කතා කරනකන් බලන් හිටියා. මොනවදෝ කල්පනා කරපු එයා කතා කරන්න කට හදා ගනිද්දි මාත් අතේ තිබුණ තේකෙන් උගුරක් බිව්වා.

"ළමයෝ! පුතාට හීන පේනවද?"

"ඔව් පුංචි අම්මේ ඇයි ඒ!?"

"ඩොක්ටර් කිව්වේ පුතා හීනෙන් බය වෙන්නෙ අතීත මතකයක් වද දෙන නිසා වෙන්න පුළුවන් කියලා"

"අතීත මතකයක්!!"

මගෙ ඇස් පුදුමෙන් පුංචි අම්මගේ දිහාවට එල්ල වෙද්දි එයා මගෙ ඇස් දිහාම බලන් හිටියා. ඒ ඇස් වල තිබුණේ ප්‍රශ්න ගොන්නක්.

"ඔව් දරුවෝ"

"ඒත් පුංචි අම්මේ මට හීනෙන් පේන දේවල් කලින් මට වෙලා නැහැනේ."

"පුතාලයි අම්මත් මට ඕකම කිව්වා දරුවෝ"

"හ්ම්ම්"

මන් හිතුවා වගේ පුංචි අම්මා අපෙ අම්මත් එක්ක ඒක ගැන තමයි කතා කරලා තියෙන්නෙ. මට මොකක් හරි ලෙඩක්ද. මෙහෙම හීන පේන එක. ඒක ද පුංචි අම්මා කලබල වෙලා තියෙන්නෙ. නෑ එහෙනම් අම්මයි පුංචි අම්මලයි ඔහොම ඉන්නෙ නෑ. මටත් පිස්සුනේ. හීන පේන එක ලෙඩක් වෙන්නෙ කොහොමද. ඇත්තටම එතකොට ඒ මතකයක්ද කියලා මට හිතුණා.

"මොකක්ද ප්‍රශ්නේ පුංචි අම්මේ!?"

"ප්‍රශ්නයක් නෑ දරුවෝ. බය වෙන්නෙපා. ආයේ එහෙම උනොත් අපි වෙන ඩොක්ටර් කෙනෙක් බලමු."

"හරි පුංචි අම්මේ"

"දැන් එහෙනම් කාලා වැඩක් කරගන්න. හවසට අයියා ආවම ක්ලාස් ටික බලලා සදුදා ඉදන් ක්ලාස් යන්න පටන් ගන්න පුළුවන් නේ"

"හරි පුංචි අම්මේ"

"සදුදට ස්පෝර්ට්මීට් බලන්න යනවා නේද?"

"ඔව් පුංචි අම්මේ යන්න ඕන"

"කොහෙද මීට් එක තියෙන්නෙ.?"

"ස්ටේඩියම් එකක් ගත්තා කියලා අයියා කිව්වා"

"තාම මෙහේ පුරුදුත් නැති එකේ අයියා එක්කම ඉන්න හරිද"

"හරී"

එහෙම කියලා මගෙ ඔලුව අතගාපු පුංචි අම්මා බීලා ඉවර උන මගෙ තේ කෝප්පෙත් බලෙන්ම මගෙ අතින් අරගෙන කාමරෙන් එළියට යද්දි හුස්මක් පහළ දාපු මන් පොත් මේසෙන් වාඩි උනේ පාඩම් කරන්න.

.

.

පැය ගාණක් පාඩම් වැඩ කරපු මන් ෆෝන් එක අරන් වෙලාව බලද්දි හවස හතරයි විස්සයි. අයියා නම් තාමත් නෑ. උදේ ගිය ගමන්මයි. තේව් අයියා ගැන හිත හිත ඉද්දි මගේ අයියගෙන් කෝල් එකක්. මගෙ මූණ හිනාවකින් පිරුණේ අයියා එක්ක ගොඩ දවසකින් කතා කරන්න බැරි උන නිසා. ෆෝන් එකත් අරගෙන බැල්කනි එකට ආපු මන් ආන්සවර් කරලා ෆෝන් එක කනේ තියාගත්තේ කතා කරන ගමන්මයි.

"අයි..යේ....."

"සිහින මොකද කරන්නෙ?, උණ අඩුද දැන්? අම්මා කිව්වා අසනීපෙන් කියලා! ඉඩක් ලැබුණ හැටියේ මන් ගත්තේ. මගෙ කොල්ලට කොහොමද දැන්?"

"අයියේ...!! ඔච්චර ප්‍රශ්න ඇහුවම මන් කොහොමද උත්තර දෙන්නෙ අනේ."

"හරි හරි ඉතින් එච්චර ඇහුවේ නෑනේ"

"දැන් මට හොඳයි අයියේ. අයියට කොහොමද"

"ලබන සතියෙ එන්ඩ් එක්සෑම් කොල්ලො. වැඩ වැඩ හුස්මක් ගන්න නෑ"

"හොදට පාඩම් කරන්න එහෙනම්"

"හරි හරි. එන නිවාඩුවට මන් එන්නම් බලලා යන්න"

"ඔය ඇත්තමද?"

"ඔව් ඔව්"

"ඒක නෙමෙයි අයියේ...."

"කියන්න සිහින. මොකක් හරි ප්‍රශ්නයක්ද"

"මේකයි. මට අර පේන හීන. අතීත මතකයක් නිසා වෙන්න පුළුවන් කියලා ඩොක්ටර් පුංචි අම්මට කියලා තියෙනවා. අම්මා අයියට කිව්වෙ නැද්ද ඒ ගැන."

"නැහැනේ. පෙරේදා ආව ගමන් මන් තාම ගෙදර ගියේ නෑ. කෝල් ගත්ත වෙලෙත් කිව්වේ මල්ලි අසනීපෙන් කියලා විතරයි."

"අර මොකද ගෙදර ගියේ නැත්තෙ?"

"මන් මේ යාලුවෙක්ගෙ බෝඩිමේ නැවතුනා පාඩම් කරන්න"

"මට ගෙදර මතක් වෙනවා."

"අනේ කොල්ලො. විභාගෙ කරාම ගෙදර එමුකො.".............

"සිහින මන් එහෙනම් පස්සෙ ගන්නම් හොඳද. බුදුසරණයි කොල්ලො"

"හරි අයියේ. බුදුසරණයි."

කරන්න ඕන දේවල් උපදෙස් කෝටියක් විතර කියලා අයියා කෝල් එක කට් කරේ. අයියා ඔහොමමයි. හැමදාම අහලා පුරුදු උනත් ඒ ටික අහන්නත් මන් හරිම ආසයි. කෑවද බිව්වද, පරිස්සමින් යන්න, ගියාම මැසෙජ් එකක් දාලා තියන්න, ප්‍රශ්නයක් උන ගමන් කවුරු නැතත් ලගින් ඉන්න එක. ඒ වගේ දේවල් පුංචි පුංචි දේවල් උනත් ඒ ඇතුළෙ උතුරන්න ආදරේ තිබුණා. පැය භාගයක් විතර අයියා එක්ක කතා කරලා කියලා දන්නෙ වෙලාව බැලුවම. ඒ වෙද්දි මන් හිටියෙත් බැල්කනි එකෙන් කාමරේට ඇවිල්ලා නිසා මන් එහෙමම පහළට ආවේ ගෙදරත් කිසිම සද්දයක් තිබුණෙ නැති නිසා.

පුංචි අම්මගෙ කාමරේ දොර ඇරලා තිබුණ නිසා මන් දැක්කේ එයා නිදාගෙන ඉන්නවා. මන් එහෙමම මිදුලට ආවා. මිදුල පුරාම ඇවිදපු මන් ගේට් එකත් ඇරන් ආවේ පාරට. යන්තම් අදුර වැටීගෙන එන වෙලාවේ ලේන් එකේ මිනිස්සු පාර පුරාම. මාත් ඉතින් පාර දිහාම බලාගෙන හිටියා. මගෙ ඇස් එක පාරට එල්ල උනේ අහසට. වළාකුළු නැති හිස් අහසෙ ලාවට මතු වෙලා පෙනුන හඳ දිහා බලාගෙන ඉද්දි මම ගැස්සිලා ගියේ මගෙ උරහිසට වැදුන පාරට.

"අයියේ......මන් භය උනා"

"මොකද අහස දිහා කන්න වගේ බලන් ඉන්නෙ"

"නිකන් හඳ දිහා බලන් හිටියේ"

"ඇයි හදේ කවුරුහරි පේනවද?. කෝ බලන්න"

අයියටත් විහිළු. කවුරුහරි පේනවද අහුවම මට මතක් උනේ හීනෙන් පෙනුන මන් අයියා කියලා කතා කරපු කෙනාව. රූපයක් නොදැක්කත් එයා ලස්සන ඇති කියලා මට හිතුණා. ඇයි මට එයාව මතක් උනේ.

"සිහින............"

මගේ මූණ ඉස්සරහින් අයියා අත එහේ මෙහේ ගෙනියද්දි මන් හරි සිහියට ආවා. මගේ මූණට එබිලා බලන් හිටපු අයියා හරියට බලන් හිටියේ මගෙ මොකක් හරි හොරයක් තියෙනවා වගේ. ඒ හිනාව. හරි නරකයි හුම්ම්.

"කවුරු ගැනද සිහින හිතුවේ."

"ක..කවුරුවත් නෑ අයියේ"

"කියන්නකො සිහින මොකක්ද අනේ"

මට යන්තම් කිති කවන ගමන් එහෙම කියද්දි ඉන්න බැරි තැනම මගෙ කටින් පිටඋනා.

"මන් හීනෙන් දැකපු අයියව"

එතකොට තමයි අයියගේ වැඩේ නැවතුනේ.

"කොල්ලෙක්ද. මන් හිතුවා කෙල්ලෙක් ගැන කියලා."

"අනේ අයියේ....!"

විහිළුවට වගේ මන් ගහන්න පන්නද්දි අයියත් ගේ ඇතුළට දුවපු නිසා මාත් අයියා පස්සෙන්ම ගෙට ආවා.

සිහින pov end.

.

*****

.

ආක්ෂ pov.

හවස මන් ගෙදර එද්දි අම්මයි නංගී විතරයි ගෙදර හිටියේ. අම්මලා දවල් වෙද්දි ගෙදර ඇවිල්ලා තිබුණා. තාත්තානම් හොස්පිට්ල් යන්න ඇති. මන් එද්දි අම්මා නම් සැටියේ වාඩිවෙලා පත්තරයක් බලනවා. මන් ගෙට ගොඩ උන හැටියේ පත්තරෙන් ඔලුව අහකට අරන් මගෙ දිහා බලපු අම්මා කෑ ගැහුවේ මගේ හැටි බලන්න කියලා. ඔව් ඉතින් ග්‍රවුන්ඩ් ගිහිල්ලා දගලලා ප්‍රැක්ටිස් පාරක් දාද්දි ලස්සනට ඉදීය. කෙලින්ම බාත් රූම් එකටම යන්න කියපු නිසා මන් බැලුවේ කෙලින්ම යන්න. ඒත් කොහෙද වංගු තියෙනවනේ. අම්මට ඒක කියන්න ගිහිල්ලා තා පොඩ්ඩෙන් පත්තරෙනුත් දමලා ගහනවා.

හෙමින් සැරේ මාරු වෙලා යන එක හොදයි කියලා තේරුණ මන් කාමරේට දුවලා එන ගමන් සිතූගෙ කාමරේට එබුනේ මේකි පාඩම් කරනවද ෆෝන් එකේ මගුල් බල බල ඉන්නවද දන්නෙ නැති නිසා. ඒකි ඉන්නවා කාමරේ කණ්ණාඩි මේසේ ගාවට වෙලා බෙල්ලෙ තියෙන මාලයක්ද මොකක්ද බල බල. මේකිට ඉතින් ඕවා තමයි රාජකාරි. මන් එහෙමම කාමරේට ඇවිල්ලා බෑග් එකත් බිමට අතෑරලා බාත් රූම් එකට රිංග ගත්තෙ අද නම් පැයක් වත් නානවා කියල හිතාගෙන.

නාලා කොණ්ඩෙත් පිහද පිහද පහළට එද්දි කාමරෙන් එළියට ආපු සිතූ මගෙ ඉස්සරහට පැන්නේ මගෙ අත කෙලින්ම ඒකිගෙ කනේ නතර වෙද්දි.

"ආව්ව්..අයියේ අතාරිනවකො"

"ඔය වැඩේ නවත්තන්නෙම නෑ නේද"

"හරි හරි ඒක නෙමෙයි හලෝ මේ බලනවකො මේක ලස්සනයි ද කියලා"

"මොකක්ද"

ඔලුව පිහද පිහද ඉදලා තුවාය අහකට ගන්න ගමන් මන් එහෙම ඇහුවේ මේකි මෙච්චර ලස්සනද අහන්නෙ මොකක්ද බලන්න. මගේ ඇස් නැවතුනේ සිතූගෙ අත් අතර රැදිලා තිබුණ දේ. මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.

"මේක කොහෙන්ද තමුසෙට"

"මොකක්ද හලෝ හොදින් අහනෝකෝ. හොදින් ඇහුවොත් කියන්නම්"

"විකාර නැතුව කියනවා සිතූ"

"හරි හරි මට ඕක නුවර ගිය වෙලේ එහේ ආච්චි අම්මෙක් දුන්නෙ"

"මේක ගොඩක් වටින එකක්නෙ. තමුසෙට නිකන් දෙයිද ඕවා"

"මන් දන්නෙ නෑ ඉතින්. එයා තාත්තා අදුනන කෙනෙක් වෙන්නැති"

"හ්ම්ම්. ඕක මට දෙනෝකෝ."

"මට බෑ"

"දෙනවා!!...වෙන ඕන දෙයක් ඉල්ලනෝ දෙන්නම්"

"ඇත්තට...!!?? හිතලා බලන්නම්"

කපටි විදියට හිනා උන සිතූ කාමරේට ගිහින් දොර වහ ගනිද්දි මන් කල්පනා කරේ ඒකිගෙ හිනාවේ හැටියට "අනේ අයියේ මට අර කොල්ලො හත් දෙනා ගෙනත් දෙනෝකෝ" කියලා කිව්වොත් වහ බොන්නවත් වහ බෝතලයක් දැම්ම ගෙනත් තියාගත්තොත් හොඳයි කියලා. තාමත් මගෙ හිත නොසන්සුන්. වෙන මොනවා හිතුවත් තාමත් මගෙ හිත දැකපු දේ නිසා අසාමාන්‍ය විදියට ගැහෙද්දි කල්පනා කර කරම මන් හෙමින් සැරේ පඩිපෙළ බැස්සා. ඒක හොඳට පුරුදුයි. මේ ඔක්කොම අහම්බයක්ද? දේවල් පුරුදුයි වගේ දැනෙන එක!. මන් කල්පනා කරේ ඒ වගේ එකක් කලින් දැක්කේ කොහෙදිද කියලා. අවසානෙ පඩිපෙළ අවසානෙදි මගෙ කකුල් එහෙමම නතර උනා. මට දෙයක් මතක් උනා...

.
"හරිනේ...මට ඒක අමතක උනේ කොහොමද?"

"ඔව්..ඒක වගේම තමයි."

.

──────────────────────────

අදහසක් දෙන්න ළමයී????

~ යුවාන් කණිෂ්ක ~

.

වෝට් කමෙන්ට් කරන වගෙම කතාව කියවන හැමෝටම ගොඩාක් ආදරෙයි...❤️‍🩹 ඊළග සිහිනයෙන් හමුවෙමු 💭❤

මම
සුකී_✍️

Continue Reading

You'll Also Like

7.9K 246 22
ft. Stray Kids on Crack! [currently in 50% hold and 50% re editing] #675 in JYP *aite aite chogi happy ;-;* #742 in JYP #1 in JeongSung omg kamsa y'a...
19.9K 529 7
Yasmin Monroe signs up for Love Island 2024 looking to find her perfect match.
127K 1.7K 159
The hatred between Ariana Grande and Jack Gilinsky triggers a bad idea. HIGHEST RANK: #1 Jackj
13K 1.2K 86
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා ය...