සංසාර සිහින | TK | Nonfiction...

By Sukii_7_

13.4K 1.5K 2.3K

| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි ද... More

පිවිසුම 💭
පළමුවන සිහිනය 💭
දෙවන සිහිනය 💭
තෙවන සිහිනය 💭
පස්වන සිහිනය 💭
හයවන සිහිනය 💭
සත්වන සිහිනය 💭
අටවන සිහිනය 💭
නවවන සිහිනය 💭
දහවන සිහිනය 💭
එකොළොස්වන සිහිනය 💭
දොළොස්වන සිහිනය 💭
දහතුන්වන සිහිනය 💭
දාහතරවන සිහිනය 💭
පහළොස්වන සිහිනය 💭 bonus
දහසයවන සිහිනය 💭
දාහත්වන සිහිනය 💭
දහඅට වන සිහිනය 💭
දහනව වන සිහිනය 💭
විසි වෙනි සිහිනය 💭
විසි එක් වන සිහිනය 💭
විසි දෙවන සිහිනය 💭
විසි තුන්වන සිහිනය 💭
විසි හතරවන සිහිනය 💭
විසි පස්වන සිහිනය 💭
විසි හය වන සිහිනය 💭
විසි හත්වන සිහිනය 💭
විසි අට වන සිහිනය 💭
විසි නව වන සිහිනය 💭
තිස්වෙනි සිහිනය 💭
තිස් එක්වෙනි සිහිනය 💭
තිස් දෙවෙනි සිහිනය 💭
තිස් තුන්වෙනි සිහිනය 💭
තිස් හතරවැනි සිහිනය 💭
තිස් පස්වැනි සිහිනය 💭
තිස් හයවැනි සිහිනය 💭
තිස් හත් වන සිහිනය 💭
තිස් අටවන සිහිනය 💭
තිස් නව වන සිහිනය 💭

හතරවන සිහිනය 💭

422 52 63
By Sukii_7_

ඇහිපිය ගහන පමාවට සතිඅන්තෙත් ගෙවිලා යද්දි ආක්ෂගෙ හිතට වද දුන්න ඒ හීනෙ මතකත් ටිකෙන් ටික මතකෙන් ගිලිහෙද්දී, ඒ මතක හිත අස්සෙ තාමත් නොදන්න තැනක තැන්පත් වෙලා තියෙනවා ද නැද්ද කියන්න දැනගෙන හිටියේ ආක්ෂගෙ හිතම තමයි.

────────────────────────────────

"මනුෂ්‍යයෙක් වෙන්න තරම් බොහෝමයක් පින් කරල කර්ම ශක්තියකින් ඉපදුන අයෙක්ට මනුෂ්‍ය ජීවිතයේ සම්පූර්ණ ආයුෂ ගත කරන්න බැරුව වෙනත් බලවත් කර්මයකින්, (හදිසි අනතුරු වලින් වගේ) මැරුණ අයෙක් නම් කර්ම ශක්තිය ප්‍රබල නිසාම නැවතත් මනුස්ස ආත්මයක්ම ලබනවා... බොහෝමයක් වෙලාවට පුනරුප්පත්තිය කියන අයගේ ජීවිත, එහෙම හදිසි අනතුරුවලින් මැරුණ අය. ඉතිං කෝටියකින් සිය දෙනෙකුට වගේ වෙන ඉතාම දුර්ලභ දෙයක් තමයි ඒ. එහෙම ආත්මයක් ගානේ අපි පතාගෙන ආව අය ආදරේ කරන අය වේවා, වෛරක්කාරයෝ වේවා, නැතිනම් ණය කාරයෝ වගේ නො‍යේකුත් විධිවලින් සංසාරයේ හඹා ගෙන එනවා......."

ආක්ෂ Pov.

යන්තම් සාලෙ දිහාවෙන් ඇහෙන බණ පදේටත් කන්දීගෙනම මං ඇඳෙන් බැස්සේ හය වෙද්දි වත් බස් එක අල්ලගන්න බැරි උනොත් වෙලාවට ඉස්කෝලෙට යනවා බොරු නිසා.

ඇඳේ කොනක තිබුන ෆෝන් එක අතට ගත්ත මං, මගේ අපාය සහායකට මැසේජ් එකක් දාලා එහෙමම බාත්රූම් එක අස්සට රිංග ගත්තෙ තාමත් අර බණ දේශනාව සද්දෙන් ඇහෙද්දි. ඔන්න දැන් ඉතිං මගේ හිත වැඩ පටන් ගන්න වෙලාව. ඇත්තටම හාමුදුරුවෝ කියන විදියට පුනරුත්පත්ති වෙනවා ඇත්ද කියන කල්පනාව දිගටම ගලාගෙන යද්දී කාමරේ තිබ්බ ෆෝන් එක මහ සද්දෙන් රින්ස් යන්න ගත්තෙ මායි මගෙ හිතයි එක්ක තිබ්බ විවාද තරගෙත් අතරමග කඩාකප්පල් කරලා. කඩාගෙන බිඳගෙන නාන කාමරෙන් එළියට පැන්න මම ෆෝන් එක අතට ගද්දිම කෝල් එක කට් වුණා කියහන්කො.

: යකඩෝ හයට කාලයි නේද

කියලා සද්දෙන්ම මගේ කටින් පිට වෙද්දි, "ඒක තමයි මූ කෝල් ගන්න ඇත්තෙ" හිතන ගමන් එහෙමම ඌට කෝල් එකක් ගහල ෆෝන් එක කන ලගට ගන්නවත් වෙලාව නොදී ආන්සර් වුන කෝල් එකේ එහා පැත්තෙන් ඇහුනේ,

: අඩෝ උඹ මොන මගුලක් කරනවද බං වරෙන් ඉක්මන්ට. මම බස් හෝල්ට් එක ගාව දැන් කීයෙ ඉඳලා ද!!!

කියල වෙද්දි,

: හරි බං මේ දැන් එන්න හදන්නෙ.

: උඹත් ඉතින් මාව තම්බනවනේ. හරි හරි ඉක්මනට වරෙන්.

කියපු ඌ කෝල් එක කට් කරද්දි ෆෝන් එක ආයෙම ඇඳට විසි කරපු මම ලේස්ති වෙන්න පටන් ගත්තා. තියෙන හදිස්සියට යට එකත් අමතක වෙයිද දන්නෙ නෑ. " හපොයි තව පොඩ්ඩෙන් පොඩි ආක්ෂත් අහුවෙනවා ශිපර් එකට. මේ හාමුදුරුවන්ටත් බණ කියන්න වෙන වෙලාවක් නැති උනානේ" හිත හිතම දඩිබිඩි ගාලා ලේස්ති වුණ මම පහළට දුවගෙන එද්දි අම්මා නම් කෑම ටික මේසෙට අරිනවා...තාත්තත් තාම ගිහිල්ලා නැතුවැති. නංගිවත් ස්කූල් එකෙන් දාන ගමන් කාර් එකේම යන තාත්තට මොන හදිස්සියක්ද. එහෙමම මේසෙ උඩ තිබ්බ දීසියෙන් සැන්විච් පෙත්තක් ගත්ත මම ඒකත් කටේ ඔබාගෙනම අම්මටත් යනවා කියලා කියාගෙනම එළියට පැන්නෙ අම්මා තව මොන මොනවදෝ කියනවා මැකී ගෙන යන හඬකින් ඇහෙද්දි.

එහෙමම බස් හෝල්ට් එකට එද්දිත් විශාකයා ඉන්නවා හෝල්ට් එකට වෙලා. මුට දැන් මලේ මල පැනලා ඇත්තේ. කුකුළ් කේන්ති කාරයා උනාට මොකද මූ ඉතින් අපායට උනත් මන් එක්ක ඒවි. බොක්කෙ ෆිට් එකනේ ඉතින්.

එහෙමම විශාකයගෙ කරට අත දාගත්ත මන් ෆෝන් එක ගත්තෙ වෙලාව බලන්න. වෙලාව 6.05 ඉතින් වැඩි වෙලා ගිහින් නෑ.

: උඹ මොකද පරක්කු.

ආපු ගමන් ඌට තිබ්බ ප්‍රශ්නෙ ඒක වෙද්දි,

: උදේම බණ පදයක් ඇහුවා. ඒකයි පරක්කු වුණේ.

කියල මාත් කින්ඩියට වගේ කියල දැම්මා.

: අඩෝ උඹ බණත් අහනවද. අනේ නිකන් හිටපන්. උඹ අහන බණ මං කියන්නෑ තොට.

: පලයං යන්න.

ආයෙමත් මගෙ හිත පුනරුප්පත්තිය දිහාවටම දුවන්නේ ඇයි කියල මන් මගේ හිතෙන්ම ඇහුවත් කොහෙද මගේ හිතෙත් ඔක්කොම ලොකුකම් මටම වෙනකොට පුනරුප්පත්තිය බැරිනම් ඕන එකක් හිතන්න කියල මාත් පාඩුවේ ඉද්දි,

: අඩෝ අන්න බස් එකක් එනවා.

විශාකයා ගේ කතාවෙන් මාත් හැරිල බැලුවේ බස් එක එන පැත්ත.

: 138 ක් නැගහන්.

මන් කියද්දි, ඉස්සර වුණ ඌත් එක්කම මාත් බස් එක පැත්තට දිව්වා. බස් එකට නතර කරන්නවත් නොදී නැගගත්ත අපි කතාවෙන් කතාව ඉස්කෝලෙ ලගට එද්දිත් හතයි කාලත් පහු වෙලා.

ගේට්ටුවෙන් ඇතුළ් වෙද්දිම ඉන්න ප්‍රිෆෙක්ට්ස්ලා ටිකටත් සැලියුට් එකක් දෙන ගමන්ම මායි විශාකයයි කෙළින්ම ආවේ පන්තියට. කෙළින්ම කිව්වට ඉතින් වංගු එහෙම තිබ්බා. ඒ එද්දිත් පන්ති නායක තේනුකයා ඉන්නවා කණ්ණාඩි පොළගා වගේ පන්තිය ඉස්සරහට වෙලා. පන්තියෙ උන්ගේ නම් ලකුණු කිරිල්ලේ ඉදලම වැඩබලන මොනිටර් උන්නැහේ කණ්ණාඩි දෙක අස්සෙන් අපි දිහා බලපු බැලිල්ල නම් මට ඇල්ලුවෙ නෑ. මොන මරාලයක්ද දන්නෙ නෑ කියල හිතන ගමන් විශාකයත් එක්කම ඇතුළට එද්දි,

: උඹල දෙන්නා මොකද පරක්කු. අද උඹලට අතුගාන්න තියෙන දවස.

: අපි කවද්ද බං පන්ති අතුගෑවේ. ඕන්නම් ඩස්පිය දීපන් ගිහින් දාලා එන්නම්.

ඒකත් රවුමක් දාලා එන්න චාන්ස් එක නිසා එහෙම කිව්ව මන් පන්තිය ඇතුළට ගිහින් ඩෙස්ක් එක උඩින් බෑග් එකත් දාලා විශාකයත් ඇදගෙන ඩස්පියත් උස්සන් එළියට පැනගත්තෙ මොනිටරයගෙ කෑ ගැහිල්ල ගානකටවත් නොගෙන....

ඒ ලෙවල් ක්ලාස් තිබ්බේ ගේට් එකට කිට්ටුවෙන්ම වෙද්දි ආර්ට් ක්ලාස් එක තිබ්බෙත් දෙවෙනි තට්ටුවේ. කුණු දාන තැන තිබ්බේ පහළට බහිනවත් එක්කම එහා කෙළවරේ වෙද්දි කෙළින් යන්නවත් ඉඩ නොතියා වටයක් ගහන්න තියලා පාර මැද්දෙම ස්ටාෆ් රූම් එක හදපු එකාගෙ අම්මා අප්පත් මට මතක් වුණා.

: "දැන් උඹමනේ රවුමක් දාන්න බලන් හිටියේ..දැන් ඉතින් පලයන් ආක්ෂ" ඔය බනින්නේ මගෙ හිත තමයි. උඹටත් මන් අහන එකක් ඇරුණම අනික් ඔක්කොටම දෙන්න උත්තර තියෙනවා.

දැන් ඉතින් හතයි තිහත් වෙලා රැස්වීමට බෙල් එක ගහද්දි තාමත් කුණු අස් කරන සිරිමත් පන්තියේ අපිව ගුරෙක් එහෙම නොදකිත්වා කියල හිත හිතාම අපි දෙන්නත් කයියක් ගහන් අපේ වැඩේට බැස්සා.

.

.

.

සදුදා කියන්නෙම ඉතින් එපාම කරපු දවසක්. අව්වෙ කරවෙවී උදේ රැස්වීමේ කතා ටික අහන් ඉන්න අපිට මල් දීලා වදින්නෝන හරිනම්. ඩස්පිය පන්තියේ දාපු මන් විශාකයත් එක්ක අපේ පෝළිමේ අගිස්සට යන්තම් සෙට් වුණා. පෝළිම් ගැහිලා මුළු ඉස්කෝලෙම ග්‍රවුන්ඩ් එකට එකතු වෙද්දි අපෙ පන්තියත් කොහෙන් හරි කොණකටම සෙට් වෙලා තිබ්බා. අපි ඉතින් කොහෙ ගියත් කොනේ. ආර්ට්ස්නේ. දැන් ඉතින් සීරුවෙන්ම ඉදපංකො. පිටිපස්සටම වෙලා ජාතියේ මුරදේවතාවො ටික වගේ බලන් ඉන්න ප්‍රිෆෙක්ට්ස්ලා ටික දැන් ඉතින් අපේම උන් නිසා ලොකු අවුලක් නෑ. ඒත් ඉතින් ඉස්කෝලෙම වැදගත් පොරක් වෙච්ච මේ ආක්ෂ පිස්සු නැටුවම හරි නෑනේ. නේද. මන් වැදගත් ඇයි කියල ඔයාලට පස්සෙ දැනගන්න ලැබෙයි ඉතින්.

තාමත් එහෙන් පිනා ජාතිය අමතනවා. එහෙන් විශාකයා හැරි හැරි මගේ දිහා බලනවා. මාත් ඉතින් "මොකද බං" කියල අහන්න ඇහි බැම උඩට ඉස්සුවා,

: "අඩෝ, මන් කලන්තෙ දාන්නම් උඹ මාව එක්ක පලයන්"

ඒ අස්සේ මුටත් ඉතින් ආතල්.

"හප හප ඉන්න චුයින්ගම් එකක්වත් තිබ්බනම් මේ වෙලාවේ" මගේ හිතට ආපු එකම දේ ඒක වෙද්දි, මන් පිටිපස්ස හැරිලා රදීශ ගෙන් කනට කරල "අඩෝ හප හප ඉන්න චුයින්ගම් එකක්වත් උඹ ලග නැද්ද. කම්මැලියි යකෝ." කියද්දි වටපිට බලල, මෙන්න මූ සාක්කුවෙන් අරන් චුයින්ගම් දෙකක් මට දික් කරනවා. "යකෝ මූව මරන්න එපැයි. තනියම කන්නේ. අපිටත් දුන්නම මක් වෙනවද. ඔහොමත් කැත වැඩ කරනවද යකෝ." හිතුව විතරයි කිව්වෙ නෑ ඉතින්. විශාකයටත් එකක් දික් කරපු මන් කවරෙ ගලවල චුයින්ගම් එක කටේ ඔබා ගත්තා. දැන් ඉතින් කොළේ දාන්නේ රදීශගෙ කටටද කියල හිතන ගමන් වටපිට බලද්දි හෙඩා ඉන්නවා අත්දෙකත් බැදගෙන රීරී යකා වගේ. එහෙමම කොළේ සාක්කුවේ ඔබාගත්ත මන් ආයේම පිනාගේ කතාව අහන් ඉන්නවා වගේ පොඩි ඇක්ටින් පාරක් දැම්මේ මොනා උනත් තව ටික වෙලාවනෙ කියල හිතලා..

අන්තිම පීරියඩ් එක වෙද්දි මන් හිටියෙ අන්තෙටම කලකිරිලා. මන් හෙමින් සැරේ බැලුවේ මගෙ එහා පැත්තෙ ඉදන් නිදි කිරා වැටෙන විශාකයා දිහා. මූ නම් හොඳටම පාඩමට සමවදිලා වගේ. හෙමින් සැරේ උට වැලමිටෙන් ඇන්න මන් ඇස් වලින් උට පෙන්නුවේ අපේ සාහිත්‍ය මිස් ඉන්න පැත්ත. ඒ වෙද්දිත් මිස් ගේ උකුසු ඇස් තිබ්බේ අපේ පැත්තට වෙද්දි අපිත් ආයේම පොතට මූණ ඔබා ගත්තා. එහෙන් සාහිත්‍ය මිස්ගේ මිහිරි අදෝනාව ඇහෙද්දි විශාකයත් මොන මොනවදෝ කුටු කුටු ගානවා යන්තම් මගේ කනට වැටුණා.

: මොකාද යකෝ අන්තිම පීරියඩ් එකේ සාහිත්‍යය වැනි අනර්ඝ විෂයක් දාපු එකා.....

මුගේ කටේ මසුරන් දාන්නෙපැයි යකෝ. ඉඳලා ඉඳලා වැදගත් ප්‍රශ්නයක් ඇහුවමද කොහෙද. මන් ෂේප් එකේ කලිසම් සාක්කුවට අත දාලා ඔරලෝසුව අරන් බලද්දි එකයි කාලයි. මේ විනාඩි පහළව තමයි යකෝ ඉවසන්නම බැරි. ආයෙම ඔරලෝසුව සාක්කුවට ඔබාගත්ත මන් සාහිත්‍යය මිස් දැන් පාඩම ඉවර කරයි දැන් ඉවර කරයි කියල බලාගෙන ඉන්නවා ම්හුක් දැන්ම ඉවර කරන්න කල්පනාවක් නෑ වගේ..විශාකයත් පොත දිහා බලාගත්ත ගමන්මයි. මූ ඒ ටිකටත් නිදිද කොහෙද පරයා.

යන්තම් එකයි විසි පහේ බෙල් එක වදිද්දි ගැස්සිලා ගිය විශාකයා "අඩෝ ඉවරද බං" කියල අහද්දි " නෑ නෑ උඹ තා ටිකක් නිදාගනින්" කිව්ව මං පොත් ටිකත් බෑග් එකට අහුර ගනිද්දි විශාකයත් මරන්න ගෙනියන හරකා වගේ නැගිට්ටේ "අද මට මූව උස්සගෙන ගෙදර යන්න වෙයිද" කියන සැකෙත් මගේ හිතේ ඇතිවෙද්දි.

ඔක්කොම ටික පන්තියෙන් එළියට පැනගන්න දගලද්දි මායි විශාකයයිත් සේරටම කලින් පන්තියෙන් එළියට පැනගත්තෙ යුද්ධයක් දිනපු සෙබලු දෙන්නෙක් වගේ. කවුද යකෝ කූඹි ගුලකට ගල් ගැහුවේ. කූඹි ටිකක් ඇවිස්සිලා වගේ පහළට ඇදෙන කොල්ලො ටික අස්සෙන් අපිත් යන්තන් පහළටම බැහැ ගත්තා. එහෙන් තව බරක්.

: "අඩෝ විශාකයා මන් මෙහෙමම වොෂ්‍ රූම් එකට දුවලා එන්නම්. උඹ බෑග් එකත් තියන් මෙතන හිටපන්."

කියද්දි රවල බලපු විශාකයා,

: " උඹට ඔය බර ගෙදර යනකන් ඉවසන් ඉන්නම බැරිද යකෝ"

: බැරි නිසානේ යකෝ කියන්නේ. ඉදපන් මන් ඉක්මන්ට එන්නම්.

කියපු මන් හනිකට වොෂ් රූම් එක අස්සට පැනගද්දි ඔහේ සිහියක් නැතුව කලබලේ දුවන් ආපු මගේ ඇගේ යන්තම් මගේ උරහිසට වත් උස නැති පොඩි කොල්ලෙක් ඇගේ හැප්පුණත් ඒ තරම් සැරට වැදුනේ නැති නිසාද මංදා කොල්ලා හැරිලවත් නොබලම එළියට දිව්වා. මට මූණවත් බලාගන්න නොදී සොරිත් නොකියම ඒ පොඩි කොල්ලා එළියට දුවද්දි මටත් මොකද කියල මගේ වැඩේ කරගන්න මාත් ටොයිලට් එක අස්සට රිංගගත්තා. වැඩේ කරගෙන එළියට එද්දි විශාකය ඉන්නවා ඉස්සරහට වෙලා. මූට මං කිව්වේ එතනම ඉන්න කියල නේද. අනේ ඉතින් මුට කියන කට හොදයි. කමක් නෑ ඔන්න ඔහේ ආව එකේ මුගෙන්ම අහල බලනවා.

: "අඩෝ උඹ මෙතනින් පොඩි කොල්ලෙක් දුවන් යනවා දැක්කද.?"

: නෑ බං මාත් දැන්නේ මෙතනට ආවේ. ඇයි මොකෝ අවුල?

අපරාදෙ ඉතින් මගෙ වචන ටික.

: නෑ නෑ බං. පොඩි කොල්ලෙක්. ඇගේ හැප්පිලා තව සොරිත් නොකියා ගියේ..

: අනේ මං දන්නවනේ. උඹ වෙන්නැති සිහියක් නැතුව ගිහින් හැප්පෙන්න ඇත්තේ. තිබ්බ අමාරුව මන් දැක්කනේ.

හරිනේ ඉතින් මූට පාප මිත්‍රය නොකිය වෙන මොකක් කියන්නද.

: "හරි හරි දැන් යමන් ඉතින්. උඹට හරි හදිස්සියනේ තිබ්බේ"

එහෙම කියන ගමන් විශාකයාගේ කරට අතකුත් දාගත්ත මන් ඌත් එක්ක ගෙදර එන්න ගත්තට මොකද, මොකක්දෝ හේතුවකට මගේ හිතනම් මට අරන් එන්න අමතක වුණාද මන්දා.......

ආක්ෂ Pov end.

.

.

3rd person pov-

"මොකද සිහින පරක්කු උනේ.."

" මන් වොෂ් රූම් එකට ගියා අයියේ"

"හරි නේද එහෙනම් යමු"

සිහින එනකන් ගේට් එක ලගට වෙලා හිටපු තේව්, සිහින ආපු හැටියේ කතාව පටන් ගත්තෙ සිහින ටිකක් පරක්කු උන නිසා.. ඊට පස්සෙ දෙන්නම ආවේ බස් හෝල්ට් එකට...

"අද පළවෙනි දවස කොහොමද"

"හොඳයි අයියේ වැඩ ටික කරගත්තා"

කතාවෙන් කතාව හෝල්ට් එකට ආපු දෙන්නා බස් එකට නැගගද්දි කයියක් ගහගෙන ටිකක් ඈතින් එන ආක්ෂටයි විශාකටයි නම් තේව්, සිහින දෙන්නව දකින්න උනේ නෑ....

3rd person pov end.

.

Sihina pov.

නුවර මන් ගියපු ස්කෝලෙට වඩා ගොඩක් ලොකු උන කොළඹ ස්කෝලේ අපේ ක්ලාස් තිබ්බෙ ස්කෝලේ එහා කොනටම වෙන්න තිබුණ ගොඩනැගිල්ලෙ උඩ තට්ටුවේ. තේව් අයියගෙ ක්ලාස් තිබුණේ අපෙ එකට එහා පැත්තෙම නිසා මට ලොකු බයක් දැනුනේ නෑ...

උදේ පාන්දරම තිබුණ රැස්වීමේදී ස්කෝලේ හෙඩ් දීපු දේශනෙන් පස්සේ ස්කෝලේ ගැන ටිකක් දේවල් අල්ලගත්තට මොකද මේක හරියට වංකගිරියක් වගේ.. ස්කෝලේ ඉවර වෙලා වොෂ් රූම් එකට එන්න ආපු මන් එක පාර හැප්පුනේ කාගෙදෝ ඇගක. බිම ඉදලා උඩටම මන් බලන් ආවා...උඩ සාක්කුවේ ගහලා තිබුන බැජ් එක නිසා ඒ ප්‍රිෆෙක්ට් කෙනෙක් කියලා අදුනගන්න නම් වැඩි වෙලාවක් ගියේ නෑ.....

"බලාගෙන යන්න මල්ලි"

කලබලේට ඇගේ හැප්පුනේ මන් නිසා මාත් සමාව අරගෙන ආයෙම එන්න හැරුණා..

"අලුතෙන්ද ආවේ"

මගේ ගමන එහෙමම නැවතුනේ ඒ අයියා ආයෙම කතා කරපු නිසා....

"ඔව් අයියේ"

"කොහෙද ඔය පැත්තෙ දුවන්නේ"

"අයියේ මේ වොෂ් රූම්-

"අර ඉස්සරහ තියෙන වොෂ් රූම්ස් යූස් කරන්න"

මන් ඊයෙ පාවිච්චි කරලා තියෙන්නේ පොඩි උන්ගේ වොෂ් රූම් ද?? මන් හිතන්නේ ඒවා හය - නවය පන්ති වල පොඩි ළමයින්ගේ ඒවා...කවුද දන්නේ තිබුණ හදිසියට මන් ඊයේ ගියේ ඒකට..

තේව් අයියත් බලන් ඇති නිසා ප්‍රිෆෙක්ට් අයියටත් ස්තූති කරලා මන් දිව්වේ වොෂ් රූම් එකට. වොෂ් රූම් එකෙන් එළියට එනකොටම ආයෙත් කවුද මන්දා ඇගේ හැප්පුනා... අද නම් හැප්පෙනවා වැඩියි වගේ... ස්කෝලේ අරිලා ළමයි ඔක්කොම යන නිසා ඒ පැත්තෙ වැඩිය කට්ටියක් හිටියෙත් නෑ... දුවගෙන ආපු කෙනා ඇගේ වැදුනත් මන් තිබ්බ හදිසිය නිසා ඉක්මනට ආවේ අයියත් බය වෙලාද දන්නෙ නැති නිසා.......

මන් එනකොට අයියා ගේට් එක ගාව බලාගෙන ඉන්නවා... අයියටත් විස්තරේ කියන ගමන් අපි ගෙදර ආවා... ක්ලාස් එකක් තාම හොයාගත්තෙත් නැති නිසා ගෙදර ඇවිල්ලා පාඩම් වැඩක් කරගන්න තමයි තිබුණේ.....

අපි ගේට් එකෙන් ඇතුළ් වෙනවත් එක්කම ඉස්තෝප්පුවෙ පත්තරයක් බල බල හිටපු පුංචි අම්මා ඔලුව උස්සලා අපි දිහා බලලා කණ්ණාඩි දෙකත් ගලවලා පත්තරේ එක්කම පැත්තකින් තියලා තිබ්බා.....

"කොහොමද ළමයෝ අද ස්කෝලේ"

"වරදක් නෑ පුංචි අම්මේ"

"මොනාහරි අඩුපාඩු තියේනම් අයියා එක්ක ටවුන් ගිහින් අරන් එන්න"

"දැනටනම් මුකුත් නෑ පුංචි අම්මෙ"

"අම්මේ මාර බඩගිනී"

"දෙන්නම ලෑස්ති වෙලා එන්නකො මන් බත් බෙදලා තියන්නම්"

"හරී..."

අයියා නාලා ආවට පස්සේ මාත් නානකාමරේට ආවේ ඉක්මනට නාගන්න. ගිනි දවාලේ උනත් වතුර ටික ඇගට වැටෙද්දි දැනුන සීතල නිසා මගෙ හිතට එකපාර මතක් උනේ ස්කෝලේ දිත් ඔය විදියටම වොෂ් රූම් ගාවදි මගෙ පපුව ටිකක් නොසන්සුන්ව ගැහෙන්න ගත්ත හැටි.... සමහරවිට එකපාර ඇගෙ හැප්පුන නිසා බය වෙන්නැති......

තේව් අයියට අද ක්ලාස් එකක්....අයියත් ක්ලාස් යන නිසා මායි පුංචි අම්මයි විතරයි ගෙදර හිටියේ. මාත් ඉතින් හවස් වරුවෙ වැඩක් කරලා කුස්සියට ආවේ පුංචි අම්මට උදව් කරන්න හිතාගෙන.....

"මොකද ළමයෝ... මොනාහරි ඕනද"

"පුංචි අම්මට උයන්න උදව් කරන්න ආවේ"

"අනේ මෙන්න මෙහෙ ඉන්න ළමයෝ. මට පුළුවනෑ පුතාගෙන් වැඩ ගන්න."

"අනේ පුංචි අම්මේ මන් ආසයිනේ"

"සිහින එහෙදීත් උයනවද??"

"උදව් කරනවා ඒත් අම්මත් පුංචි අම්මා වගේ තමයි."

මට අම්මා මතක් වෙලා මූණට ලා හිනාවක් එද්දි පුංචි අම්මා ලගට ඇවිල්ලා මගෙ ඔලුව අතගාලා ෆ්‍රිජ් එක ඇරලා අරගත්ත කිරි පැකට් එකක් මගේ අතට දීලා ආයෙම වැඩ කරන්න ගත්තා...

"බඩගිනි ඇතිනේ කෑම හදනකන් ඕක බොන්නකො"

මාත් ඒකත් අතේ තියාගෙනම කුස්සියේ තිබුණ බැම්ම කෑල්ල උඩින් වාඩි වෙලා බලාගෙන හිටියා....අම්මගෙන් අද කෝල් එකක් ආවෙත් නෑ තවම...ඒකේ සිහියෙන් හිටපු මන් ගැස්සිලා ගියේ පුංචි අම්මගෙ කටහඬට.....

"ඕක බොන්න දරුවෝ"

"හරි පුංචි අම්මේ"

"අද අම්මා කතා කරේ නැද්ද ඒකද ඔය මූණ එල්ලගෙන"

පුංචි අම්මා එහෙම අහද්දිම කිරි පැකට් එක බිබී හිටපු මන් ඔලුව උස්සලා බැලුවා... හරි පුදුමයි. මේ අම්මලා හිත් කියවනවද කියලා...

"අම්මා තවම වැඩ ඇති"

පුංචි අම්මත් උයන ගමන්ම මන් එක්ක කතා කර කර හිටියා... තවත් ටික වෙලාවක් යද්දි මගේ ෆෝන් එකට ආපු කෝල් එක අම්මාගෙන්... මගේ මූණේ ඇදුනේ හිනාවක්... මන් අම්ම එක්ක කතා කරලා පුංචි අම්මට ෆෝන් එක දුන්නේ අම්මට පුංචි අම්මා එක්කත් කතා කරන්න ඕන කියපු නිසා.... ඒ වෙනකොට ලාවට එළියේ වැස්සකුත් පටන් අරන් තිබ්බා...අයියලා තාමත් නෑ.....

ඒ අස්සේ ගෙදර බෙල් එක වදිද්දි මන් බැලුවේ පුංචි අම්මා දිහා....පුංචි අම්මත් අපෙ අම්මා එක්ක බර කතාවෙ නිසා මන් ඉස්සරහට ගියේ දොර අරින්න හිතාගෙන. අයියලාද දන්නෙ නෑනේ....

"ආආආආඅහ්හ්හ්හ්....."

"ආආහ්හ්"

දොර අරිද්දිම ඉස්සරහ දොර ගාව හිටියේ කළු පාටින් පොරවගත්ත කෙනෙක්. අඩ අදුරේ නිසා හරිහැටි අදුනගන්න බැරි වෙද්දි මන් ගල් ගැහිලා වගේ බලන් හිටියා... මන් හිතන්නෙ මන් හොඳටම බය උනා... එක පාර මගෙ ඔළුවේ වැඩ කරන්න ගත්තේ හීන වල පේනවා වගේ කළු ඇදගත්ත මිනිහෙක් වෙද්දි මට කෑ ගැස්සුනා... මගේ කෑ ගැහිල්ලටද මන්දා එයාටත් කෑ ගැස්සුනා... පොඩ්ඩක් ඉන්න... ඒ තේව් අයියගේ කටහඬ නේද!!

"මොකද ළමයෝ උනේ!!!"

මට ආයෙම බැලුනේ සාලෙ දිහාවට දුවන් එන පුංචි අම්මා දිහා... පුංචි අම්මගේ අතේ තියෙන ෆෝන් එකෙන් මට තාමත් අම්මගේ කටහඬ ඇහෙනවා... මන් හිතන්නේ අම්මත් කලබල වෙලා.....පුංචි අම්මා ආයෙම අම්මා එක්ක කතා කරලා මොන මොනවදෝ කියලා කෝල් එක කට් කරලා ෆෝන් එක මේසේ උඩින් තිබ්බා...

"සිහින...මේ මම"

ආයෙමත් මන් දොර දිහාවට ඔලුව හැරෙව්වා...තේව් අයියා... ඒ ටිකට රේන්කෝට් එක ගලවලා අතට අරගෙන හිටපු අයියා මගේ උරහිසට අත තියලා හොලවද්දි මන් හරි සිහියට ආවා... රේන් කෝට් එකක් දා ගෙනද හිටියේ... මන් බය උන තරමක්..

"පුංචි අම්මේ.!!"

"ආ මේ වතුර එක බොන්න දරුවෝ!!"

මන් බය උන නිසාද කොහෙද වතුර වීදුරුවක් මගෙ අතට දීපු පුංචි අම්මා තේව් අයියා අතේ තිබ්බ රේන් කෝට් එක අතට ගන්න ගමන් කතා කරද්දි භාප්පත් ගරාජ් එක පැත්තෙ ඉදන් ඇතුළට ආවා....

"තෙමුණද ළමයෝ...මේ රේන් කෝට් එකක් කොහෙන්ද??"

"මගදි වැස්ස පටන් ගත්තෙ අම්මේ...නතර වෙන පාටක් නැති නිසා ලග තිබුණ ෂොප් එකකින් ගත්තෙ"

"මහත්තයත් ආවද"

"තාත්තා එක්ක තමයි ආවේ අම්මේ"

"මන් මේ බයික් එක දාන්න ගිහින් කෑ ගැහිල්ලට දුවන් ආවේ"

වතුර එකත් බීලා කෝප්පෙත් අතේ තියන් මන් එහෙමම අයියා පස්සෙ ඇතුළට ආවා...

"සිහින මොකද මේ යකෙක් දැකලා වගේ"

"යකෙක් දැක්කනම් තව හොඳයි අයියේ..."

මන් හිටියේ තාමත් තිගැස්මේ වෙද්දි තේව් අයියා අහපු දේට අසිහියෙන් හිටපු මගෙ කටින් ලාවට පිට උන දේ ඇහුනේ නැති නිසාද මන්දා තේව් අයියා හැරිලා ආයෙම මට කතා කරා..

"මොකක්ද සිහින..."

" නෑ නෑ මුකුත් නෑ අයියේ"

එහෙම කියපු මන් මේසේ උඩ තිබුණ මගේ ෆෝන් එකත් අරන් කමරේට පැනගත්තෙ අම්මට කතා කරන්න හිතාගෙන. අම්මත් බය වෙන්නැති මගෙ වැඩ නිසා.... අම්මට මන් විස්තරේ කියද්දි අයියා නම් පැත්තක ඉදන් හිනා වෙනවා... ඔක්කොම දන්න නිසා වෙන්නැති මෙයාටනම් හිනා... අම්මයි අයියයි එක්ක කතා කරලා ස්කොලේ යන්න ලේස්ති කරපු මන් රෑට කාලා එහෙමම කාමරේට ආවේ නිදාගන්න උනත් මගේ හිත එක තැනක තිබුණෙම නැති කොට මන් ජනේලේ ඇරගෙන අහස දිහා බලන් හිටියා... අද අහසෙ හඳත් හැන්ගිලා...වැස්ස ටිකක් පායලා තිබුණත් අහස වළාකුළු වලින් පිරිලා.. ටික වෙලාවක් අහස දිහා බලන් ඉදලා හිත ටිකක් හැදුන වෙලේ ලයිට් එකත් ඕෆ් කරලා මන් ආයෙම ඇදට ආවා....

───────────────────────────

ඊළග සිහිනයෙන් හමුවෙමු ♡

මම
සුකී_ ♡

Continue Reading

You'll Also Like

50.7K 6.6K 55
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
517K 10.3K 53
The Romano family always had one saying 'Family over anything' Which they stuck to, especially after the disappearance of their youngest daughter...
1.2M 44.5K 41
Jungkook bullies Taehyung for having a "Perfect" and a "Happy" life. But little does he know about Taehyung's dead mother and his abusive father... {...
35.1K 587 27
I never found many kaeya angst on Wattpad, so I decided to add another story myself. ! PLEASE READ ! ⬇️ Warnings ⚠️ • Suicide Attempt • Death •...