සංසාර සිහින | TK | Nonfiction...

Bởi Sukii_7_

13.4K 1.5K 2.3K

| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි ද... Xem Thêm

පිවිසුම 💭
පළමුවන සිහිනය 💭
තෙවන සිහිනය 💭
හතරවන සිහිනය 💭
පස්වන සිහිනය 💭
හයවන සිහිනය 💭
සත්වන සිහිනය 💭
අටවන සිහිනය 💭
නවවන සිහිනය 💭
දහවන සිහිනය 💭
එකොළොස්වන සිහිනය 💭
දොළොස්වන සිහිනය 💭
දහතුන්වන සිහිනය 💭
දාහතරවන සිහිනය 💭
පහළොස්වන සිහිනය 💭 bonus
දහසයවන සිහිනය 💭
දාහත්වන සිහිනය 💭
දහඅට වන සිහිනය 💭
දහනව වන සිහිනය 💭
විසි වෙනි සිහිනය 💭
විසි එක් වන සිහිනය 💭
විසි දෙවන සිහිනය 💭
විසි තුන්වන සිහිනය 💭
විසි හතරවන සිහිනය 💭
විසි පස්වන සිහිනය 💭
විසි හය වන සිහිනය 💭
විසි හත්වන සිහිනය 💭
විසි අට වන සිහිනය 💭
විසි නව වන සිහිනය 💭
තිස්වෙනි සිහිනය 💭
තිස් එක්වෙනි සිහිනය 💭
තිස් දෙවෙනි සිහිනය 💭
තිස් තුන්වෙනි සිහිනය 💭
තිස් හතරවැනි සිහිනය 💭
තිස් පස්වැනි සිහිනය 💭
තිස් හයවැනි සිහිනය 💭
තිස් හත් වන සිහිනය 💭
තිස් අටවන සිහිනය 💭
තිස් නව වන සිහිනය 💭

දෙවන සිහිනය 💭

550 60 76
Bởi Sukii_7_


"අඩ්ඩේහ් අහපන්කො බං!!"

"ඕ..ඕ කියපන්"

"උඹ කාලා කාලා නිදා වැටි වැටි ඉදපන්"

"නිදි නෑ බන් ඇස් පියන් ඉන්නවා විතරයි.."

"පේනවා මට."

උපන්දිනේට කියලා අම්මා හදපු කෑම ටිකටත් වැඩේ දීල විශාකයයි මායි දෙන්නම සාලේ සෝෆා එකේ වාඩි වෙලා කතාවක් දාන් හිටියේ ටීවී එකත් ඔහේ ප්ලේ වෙද්දි.....

"අහපන්කො බන් මන් දැකපු හීනේ..."

"අනේ උඹ ඕක කියන්නද මට එන්න කිව්වේ.."

"නැතුව ඉතින්"

"උඹට වෙන වැඩ නැද්ද බන්. හීන දැක දැක ඉන්නේ."

"පලයන්. උඹව යාලු කමෙන් අස් කරා."

විශාකයා නිදි කිරා වැටි වැටි මගෙ කතා අහන් ඉද්දි තද උන මන් උට එකක් ගහලා එහෙම කියද්දි මගෙ දිහා අමුතු විදියට බලපු ඌ සෝෆා එක දිගේම මගෙ දිහාවට එන්න ගද්දි මාත් පස්සෙන් පස්සට ගියේ හිතාගන්නවත් බැරි විදියට විශාකයා කරන සමහර වැඩ නිසා මූ එන පොටනම් හොඳ නැති වග තේරුණාම....

"අනේ මගෙ සූකිරි බෝලේ...!!"

මූ එහෙම කියන ගමන් මගෙ දිහාවට එද්දි පස්සෙන් පස්සට ගිය මාත් සෝෆා එකේ ගැට්ටටම ඇවිත් තියෙද්දි මාත් උට කෑ ගහන්න ගත්තා.....

"මොන මගුලක්ද!!! එන්නෙපා ලගට......

මෙන්න අම්මාමාමාමා...මූ මට අතවර කරනවා....."

මාත් එහෙම කෑ ගහගෙනම උට දීපු පා පහර නිසා විසිවෙලා ගිහින් සෝෆා එකේම පත බෑවුණ ඌ ඒ පාර දමාගෙන හිනා වෙනවා...යකෝ....මූ මරන්න එපැයි....ආක්ෂ පුතා බය උන තරමක් අම්මාහ්... ආතල් එකට උනත් හොඳට රගපෑමේ හැකියාවනම් අපි දෙන්නටම එක වගේ පිහිටලා තියෙද්දි අපි දෙන්නගේ නාට්‍යය ඉවර උනේ අපේ අම්මා කෑ ගහගෙන සාලෙ දිහාවට එද්දි......

"මොකද ළමයිනේ මේ කෑ ගැහිල්ල."

එහෙම කියාගෙන සාලෙ දිහාවට ආපු අම්මා රිමෝට් එකත් අරන් ටීවී එක ඕෆ් කරලා ඉනට අත් දෙකත් ගහගෙන අපි දිහා බලන් ඉද්දි අපි දෙන්නත් ඔහේ බලන් හිටියා......

" මුකුත් නෑ නැන්දේ මේ ආක්ෂට පිස්සුනේ"

" අරහෙ තාත්තා මොකක්ද ලොකු වැඩක දරුවෝ..කෑ ගහලා යකා කරගන්න තමයි ඔය හදන්නේ"

විශාකයා එහෙම කියද්දි මගෙ දිහාවට හැරිලා එහෙම කියපු අම්මා සෝෆා එකේ ටීපෝව උඩ තිබුණ හිස් දීසියත් අතට අරන් යන්න හැරෙද්දි මන් ආයෙම කතා කරා...

" මට බනින්නේ.මෙන්න මූට කියන්න."

මන් එහෙම කියද්දි ඔලුව දෙපැත්තට වනපු අම්මා කුස්සිය දිහාවට යද්දි මන් අතත් මිට මොලවලා විශාකයට ගහන්න වගේ පෙන්නුවේ මූත් මට දමාගෙන ඇද කරද්දි.......

අම්මා ඕෆ් කරලා ගියපු ටීවී එක ආයෙම ඔන් කරගත්ත මන් බලන්න හොඳ ෆිල්ම් එකක් තෝරද්දි අපේ නන්ගිත් කොහෙදෝ ඉදලා කඩාගෙන පැන්නා..

: උඹ මොකද ආවේ ගිහින් පොතක් බලාගනින්.

කියපු මන් ඔක්කොම තරහ ඒකිගේ පිටින් යවද්දි මටත් රවපු ඒකි හරි බරි ගැහිලා සෝෆා එකෙන් වාඩි උනා....

: අයියේ හොඳ රොමෑන්ටික් ෆිල්ම් එකක් දාන්න.

: මොන ‍රොමෑන්ටික් එකක්වත් බලන්නෙ නෑ. අපි බලන්නෙ ඇක්ෂන් ෆිල්ම්.

: මොකක්ද හලෝ.

: ඔන්න සුද්දි කියනෙකේ මොකක් හරි දාපන් බන්.

: ඔය රොමෑන්ටික් ෆිල්ම් හරියන්නෙ නැහැ බන්.

ආසාවට කියලා රොමෑන්ටික් ෆිල්ම් බලන්නෙ නැති මගෙ ෆිල්ම් ලෝකෙම පිරිලා තිබුණේ ඇක්ෂන් ෆිල්ම් ෆැන්ටසි ෆිල්ම් වලින්... ඔය ලව් කරනේවා බලලා හරි ගියේ කාටද බන්. මේවා බැලුවා කියලා උඹට හරි ගියානේ ආක්ෂ නේද? නැතුව ඒවා බලලා තමයි මේ ගැම්මට ඉන්නෙ....

ඒ අස්සෙ ෆිල්ම් එකකට වාද කර කර හිටපු අපි එක පාර මීයට පිම්බා වගේ බලන් හිටියේ තාත්තා පඩිපෙළ බැහැගෙන එනවා දැකපු නිසා... කොහෙහරි යන්න වගේ....කුස්සියේ ඉදන් එළියට ආපු අම්මත් පඩිපෙළ ලගදිම තාත්තා එක්ක කතා කරන දිහා මාත් බලන් හිටියා...පේන විදියට අලුත් පේෂන්ට් කෙනෙක්ද කොහෙද. ඒක බලන්න තමයි ඔය තකහනියක්ම දුවන්නේ......

අපේ තාත්තා කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකක ටිකක් ප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙක්... ඩොක්ටර් සතීෂ් වික්‍රමාරච්චි. අපේ අම්මා නම් ඉතින් ගෘහණියක්. ඒ උනාට හොඳට ඉගෙන ගෙන තිබුණ එකේ අම්මට හොඳ රස්සාවකට යන්න තිබුණා...අපේ අම්මා මිසිස්.ගන්ගා වික්‍රමාරච්චි... කොළඹ නිසා වැඩිය නෑදෑ සම්බන්ධතා තිබ්බෙ නැති අපි දැනගෙන හිටියේ අපේ ආච්චිඅම්මා ගැන විතරයි. නෑදෑ පරම්පරාව ගැන කතා කරනවට තාත්තගෙ ඉස්සර ඉදන්ම තිබුණ අකමැත්ත නිසාම අපිත් ඒවා හොයන්න ගියේ නෑ....

තාත්තත් අපිට යනවා කියලා එළියට බහිද්දි මායි විශාකයයිත් සිතූට ඕන මගුලක් බලාගන්න කියලා උඩහට ආවේ හවස ක්ලාස් එකට යන්න තියෙන වැඩ ටික කරලා දාන්න හිතාගෙන....

පැය දෙක තුනක්ම අපි දෙන්නගේ ආතල් වැඩ අස්සේ ඒ වැඩ ටිකට යට කරපු අපි දෙන්නා මූණකට හෝදගෙන ලෑස්ති වෙලා අම්මටත් යනවා කියාගෙනම එළියට බැස්සේ ක්ලාස් යන්න හිතාගෙන...

විශාකයලයි ලේන් එකත් පහු කරගෙනම හෝල්ට් එකට ආපු අපි නැගගත්ත බස් කට්ට ක්ලාස් එක ගාවට එනකොටත් පෝළිමට ළමයි පන්ති ඇතුළට දාන්න පටන් අරන්... කාඩ් ලකුණු කරන අයියා ඉන්න අහට කිට්ටු වෙනකොටත් පන්ති පටන් ගන්න විනාඩි ගානක් ඇති..... යන්තම් අගත් නොවන මැදත් නොවන පේළියක වාඩි උන මායි විශාකයයි පන්තිය වටේම ඇහැ දාලා බැලුවේ සර් කාරයා කොහෙහරි ඉන්නවද කියලා.....ම්හුක්..

යන්තම් එකයි දහය වෙද්දි පන්තිය ඔක්කොම පිරිලා ඉවර උන ගමන් ඇතුළට කඩන් වැදුන වෙලේ ඉදලා උගන්නලා උගන්නලා යන්තම් පැය දෙකකට පස්සේ විනාඩි තිහක ඉන්ටවල් එකක් දුන්න සර් පන්තියෙන් එළියට ගියපු නිසා මාත් ඔලුව ගහගත්තේ සර්ගේ පාඩමේ හොඳකමට ආපු නිදිමත නැති කරගන්න හිතාගෙන...විශාකයත් මගේ පොත අරගෙන මොන මොනවදෝ ලියන්න ගද්දී මටත් යන්තම් නින්ද යාගෙන ආවා.....

.

: "එපාහ්...යන්නෙපා....

යන්නෙපාආආආ"

: ඒ ආක්ෂ නැගිටපන්...මොකද මේ.....

නින්දෙන්ම මන් වෙව්ල වෙව්ල මුමුණන්න ගත්ත නිසා බය වෙලාද කොහෙද විශාකයා මාව අල්ලලා හොලවන ගමන් මට කතා කරද්දි මාත් එක පාර ගැස්සිලා ඇහැරුණා......

: මොකද බන් උනේ.....

: හීනයක් දැක්කා බන්!!

කියපු මන් ඔලුව උස්සපු ගමන් වටේටම ඔලුව දාලා බැලුවේ පන්තියේ ළමයි ඉන්නවද කියලා...දෙතුන් දෙනෙක් ඇරුණම අනික් ඔක්කොම එළියට ගිහින් ඉද්දි පන්තියේ හිටපු ටික දෙනත් මගෙ දිහා කන්න වගේ බලන් හිටියා...මාත් ඒ ඇස් මගෑරලා විශාකය දිහා බලද්දි ඌත් කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නවා...ඔක්කොම හොඳයි ඉතින්....

: "හොඳ හීනයක් නම් වෙන්න බෑ"

: මන් උඹට කිව්වනේ බන් කොහෙද උඹ ඇහුවේ නෑනෙ"

: මොකක්ද දැක්කෙ කියපන් ඔච්චර බයවෙන්න.

"පාලු කැලෑවක්... කවුද මිනිස්සු කට්ටියක් පොඩි කොල්ලෙක්ට ගහලා වද දෙනවා දැක්කා බන්. මමත් එතන හිටියා. මන් ඒ කොල්ලව බේරගන්න පැන්නා... එච්චරයි මට මතක....කිසිම දෙයක් මූණක්වත් පැහැදිලි නෑ ඕයි..."

: "එතකොට උඹ යන්නෙපා කියලා කෑ ගැහුවේ මොකද බන්."

: "අනේ මන්දා බන්"

: "හරි හරි බන් හීනයක් විතරනේ. අමතක කරලා දාපන්"

: "හ්ම්ම්"

එහෙමම බෝතලේ කට තියාගෙන එක හුස්මට බීපු මම ආයෙම පොතට මූණ ඔබා ගත්තත් හිත තිබුණේ වෙනහක වෙද්දි විශාකය කතා කරනකන් මන් හිටියේ පාඩමේ සිහියෙන් නම් නෙමෙයි කියලා මට එවෙලේ තේරුණා....

ක්ලාස් ඉවර වෙද්දි හටයත් කිට්ටුයි. මායි විශාකයයි නුගේගොඩ ඉදලා එහෙමම ආවේ ස්පෝර්ට්ස් බඩු ගන්න ෂොප් එකකට...තාත්තා උපන්දිනේ වෙනුවෙන් කැමති දෙයක් ගන්න කියලා දීපු සල්ලි වලින් මට ඕන උනේ බාස්කට් බෝලයක් ගන්න... ඉතින් මේ හවසම මන් ඌවත් ඇදගෙන ෂොප් එකක් හොයාගෙන ආවා.....

ෂොප් එක ඇතුළට ආපු අපි දෙන්නා බාස්කට් බෝල් තෝරද්දි කඩේ වැඩ කරන කෙල්ලෙක්ද මන්ද අපි දිහා කන්න වගේ බලන් ඉන්නවා මන් ඇස් කොනෙන් දැක්කත් අහක බලාගත්තෙ ඔය කෝළම් වලට වෙලාවක් නැති නිසා.... විශාකයත් ඒ අස්සෙ උට මොන මොනවදෝ තෝරද්දි මාත් තව තව අඩුපාඩු වගයක් බලලා ඒවත් අරගෙන විශාකයත් එක්ක ආවේ කැෂියර් එකට.... ඒ එන ටිකටත් අපි දිහා අර කෙල්ල බලන් ඉන්නවා මන් දැක්කා......

: අඩෝ අර කෙල්ල උඹ දන්න කවුරුහරි ද???

: මොන කෙල්ලද බන්.??

: අඩෝ එකපාර බලන්නෙපා හිමීට බලපන්

මන් එහෙම කියනකොටත් මූ අංශක 90 ටම හැරිලා බලලා ඉවරයි... මගෙ අත කෙලින්ම ආවේ ඉතින් මගෙ නලලට.... මූට කිව්වට හොඳයි නිකන් හිටියානම්.....

: අඩෝ ඒ කවුද බන් ඒ...

: ඒක තමයි යකෝ මාත් අහන්නෙ.

අතත් වන වන කතා කරන ඒ කෙල්ල මන් එහෙම අහද්දිම වගේ අපේ පැත්තට ඇවිදගෙන ආවා... මන් ආයෙම වටපිටත් බැලුවේ මේකි කතා කරන්නේ වෙන කාටහරි ද දන්නෙ නෑනේ... නිකන් චාටර් වෙන්නෙ නැත්නම්... ආපු ගමන් විශාකයා එක්ක කතා කරන්න ගත්ත කෙල්ලයි විශාකයයි දිහා මන් බලන් හිටියේ දැන් මෙතනට උඩින් පාත් උනේ නිකන් මන් වගේ....

: හලෝව් විශාක.....!!!

මන් සොනාලි...අදුරගත්තෙ නැද්ද?? ප්‍රයිමරියෙ??

: අහ්හ් හා හා සොනාලි...ඔව් මතකයි..

: මේ ආක්ෂ නේද

මාත් ඉතින් යන්තම් හිනා වෙලා අහන් හිටියට මට නම් මෙලෝ මතකයක් තිබුණේ නෑ. මට අමතකම වෙන දේ තමයි අනික් අයගෙ නම්... විශේෂයෙන්ම ඉතින් කෙල්ලොන්ගේ... අනික ඉතින් අපි දෙන්නට කෙල්ලො යාලුවො කියලා හිටියෙත් එකයි. ඒකිත් පළවෙනි දවසෙම විශාකයගෙයි මගෙයි මැද්දෙ වාඩි වෙන්න ඇවිල්ලා හොඳ පාරක් කාලා ඊට පස්සෙම අපි ඉන්න තැනටනම් ආවේ නෑ. ඒක මතක් වෙලා යන්තම් මට හිනා යද්දි මුන් දෙන්නම මගෙ දිහා බලන් ඉන්නවා... මාත් හිනා වෙලා බඩු ටිකට පේ කරද්දි මූ තාමත් කතාව.. අපි දෙන්නම ප්‍රයිමරි ගියේ මික්ස් ස්කූල් එකකට නම් තමයි. ඒත් ඉතින් ශිෂ්‍යත්වෙ පාස් වෙලා බෝයිස් එකට ගිහින් මෙච්චර කාලෙකට පස්සේ ඉතින් කාටද ඕවා මතක තියෙන්නේ....

: ඉතින් කොහොමද දෙන්නට.?

: වරදක් නෑ බන්...උඹට කොහොමද?

මුන් දෙන්නා නිකන් අදුරනවා වගේ කතාව. " දැන් මන් විතරයි ද මේකිව දන්නෙ නැත්තෙ"... "අපි යන්නම්" කියපු විශාකයා යන්තම් බඩු ටිකට සල්ලි ගෙවලා ඉවර උන හැටියෙ මාවත් ඇදගෙන එළියට පැනගත්තා....

: කවුද බන් ඒ??

: මන් දන්නේ කොහොමද බන්

මේකා එහෙම කියලා මගෙ පිටටත් ගගහ හිනා වෙද්දි තමයි මට වැඩේ තේරෙන්න ගත්තේ....

: දැන් උඹ කතා කරේ යකෝ😒

: ඉතින් මට මතක නැහැ බන්.

: උඹ නම් මාර යකෙක් තමයි.

: යමන් යමන් දැන් 😂

: "කරන මගුලක් කියලා කරපන් බන්. හෝන්දු මාන්දු වෙනවනෙ."

:"කියලා කරන්න වෙලාවක් තිබ්බද බන් ඒකි එක පාරම කඩා පැන්නනේ."

මොනා උනත් ඒ කෙල්ල පව්.. මන් කිව්වේ, ඇක්ටින් නම් ඉතින් විශාකයා තමයි... එහෙමම බස් හෝල්ට් එකට එනකනුත් මුගෙ වැඩ වලට හිනා වෙවී ආව මායි විශාකයයි යන්තම් ඉඩ තිබ්බ බස් එකේ අස්සට රින්ගලා කොහොමහරි ගෙදර එන්න ආවේ මොකේ ආවත් මේ වෙලාවට සෙනග නිසා.... මායි විශාකයයි ගෙදරට එද්දිත් අට විතර වෙලා තිබුණ නිසා එහෙමම කාමරේට පැන ගත්ත මන් බඩු ටිකත් එහෙමම තියලා වොෂ් එකකුත් දාගෙන පහළට ආවේ රෑට කන්න. තාත්තත් දවාලෙ ගිය ගමන් තාම නැති වෙද්දි අපි තුන් දෙනත් කාලා විසිරිලා ගියේ අද දවසට තිත තියන ගමන්....

"හෝව් හෝව්....එහෙම ඉවර වෙන්නෙ නෑ ඉතින්..." පාඩම් කරල තමයි ඉතින් දවස ඉවර කරන්නේ..... කාමරේට ආපු මන් පොත් මේසෙන් වාඩි වෙලා ලේස්ති උනේ පාඩම් කරන්න... පැය තුන හතරක් පාඩම් කරලා ගෙදර වැඩ ටිකත් කරපු මන් ඉතිපිසෝ ගාථාවත් කියන ගමන් ඇදට පැන්නේ අද නම් හීන පේන්න එපා කියලා හිතන ගමන්......

.

.

මාස කීපයක් ඔහොම ගෙවිලා යද්දී තුන්වෙනි වාරෙ එක්සෑම් එකත් සෙට් වෙලා තිබුණ නිසා අපි දෙන්නට නම් විකාර වලට ඉඩක් තිබුණේ නෑ...ඒවත් නැතුව කම්මැලියි අෆ්ෆා... කොහෙද ඉතින් විභාගෙ අනාගන්නත් බෑනේ....ඒ ටිකේම විශාකයා එක්කො අපෙ ගෙදර නැත්නම් මන් විශාකයලගෙ ගෙදර...මාරුවෙන් මාරුවට ගෙවල් වලදි සෙට් වෙලා පාඩම් කරපු අපි දෙන්නගෙ දවසෙන් බාගෙකට වඩා ගෙවුණේ ක්ලාස් වලටයි, බස් වලටයි, පාඩම් වැඩ වලටයි වෙද්දි මේ කාලේ කියන්නේ ඉතින් මානසික සෞඛ්‍යය අඩියටම වැටෙන කාලයක්...දොස්තර මහත්තයත් ගෙදරම ඉන්න නිසා අපිට ඒක ගැනනම් ලොකු බයක් ආවේ නෑ. එක්සෑම් එකත් ගොඩදාගත්ත අපේ දෙසැම්බර් නිවාඩුවත් නොදැනිම ගෙවිලා යද්දි අලුත් අවුරුද්දකටත් කිට්ටු කරලා තිබුණා...

ආක්ෂ pov end.

.

3rd person pov.

වසරක නිමාවේ අග්ගිස්සෙහි හුන් කාලය වේගයෙන් දිව යමින් උන්නේ නව වසර පිළිගැනීමට ඇති එකදු දවසත් ඉතාම දීර්ඝ බව හගවමිනි. මුළු නගයක්ම කාර්යබහුල බවින් ගිලගෙන තියෙන උදෑසනක කොළඹ නගරයට බොහෝ ඈතින් වූ නුවර නගරයේ ග්‍රාමයක එක් සාමාන්‍ය නිවසක නගරයේ මෙන් තිබූ කලබලය නම් පුංචි කොල්ලෙක්ගේ.......

"අම්මා.....!!"

"මොකද ළමයෝ කෑ ගහන්නේ...."

"මේ බඩු ටික ඔක්කොම හරිද බලන්නකො"

"හරි හරි ළමයෝ දැන් ඔය තුන්වෙනි පාර නේද බලන්නේ. පුංචි අම්මා ඕන දෙයක් තිබුණොත් එහෙන් අරන් දේවි."

"ඒත් අනේ"

"කෝච්චියට පරක්කු වෙයි ළමයෝ ඉක්මන් කරන්න"

"හරි හරි අම්මා......"

හා හා පුරා කියලා පාන්දරම ලොකු ගමනක් යන්න ලෑස්ති උන පුංචි කොල්ලෙක් කවදාවත් හිතන්නෙ නැතුවැති මේ ගමන තමන්ගෙ මුළු ජීවිතේම වෙනස් කරයි කියලා.......

.

සිහින pov.

පාන්දරිම ගෙදරින් පිටත් උන මායි අම්මයි දුවගෙන ආවේ කෝච්චිය අල්ලගන්න. උදේ 6.30 වෙද්දි ගමන පටන් ගන්න සෙංකඩගල මැණිකේ එනකන් මායි අම්මයි බංකුවක වාඩි වෙලා මාත් කොත්මලේ කිරි එකකට වැඩේ දෙන ගමන් හිටියේ.... මම සිහින විහංස ඒකනායක. මට තාම අවුරුදු 15 යි. අද මගෙ ජීවිතේ මන් නොහිතපුම දවසක්. අම්මා, අයියා දෙන්නගෙන්ම ඈත් වෙලා මන් මේ ගමන යන්නෙ කොළඹ ලොකු ස්කෝලෙක ඉගෙන ගන්න. අම්මාගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්න.

මගේ අම්මා සකුනි ඒකනායක. අම්මා නම් ගුරුවරියක්. අපේ තාත්තා ගැන කතා කරන්න මට මතකයක් නෑ.... මන් කැමතිත් නෑ... මොකද තාත්තා මාව දාලා ගිහින් තිබුණෙ මන් ගොඩක් පුංචි කාලේ..... තව මට ඉන්නෙ අයියා කෙනෙක්... අයියා යුවාන් කණිෂ්ක ඒකනායක. ගෙදරින් එද්දි මාව බලන්න කොළඹ එන්නම් කියපු අයියගේ පොරොන්දුවත් මන් හිතේ තියාගත්තේ පොඩි කාලෙ ඉදලම මට තාත්තා කෙනෙක් උන අයියා නැතුව ඉන්නෙ කොහොමද කියලා මතක් වෙලා මගෙ ඇස් වලට කදුලු පිරෙද්දි.... අයියා දැන් පේරාදෙණිය කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දේ ඉගෙන ගන්නවා.... මටත් ඕන උනේ අයියා වගේ කැම්පස් යන්න...පුංචි කාලේ ඉදන් තිබුණ හීනේ ඒක වෙද්දි අම්මටත් ඕන උනා මාව කොළඹ ලොකු ස්කෝලෙකටම දාන්න.....

අම්මගෙ උරහිසකට බර වෙලා කල්පනාවෙ හිටපු මන් ගැස්සිලා ගියේ කෝච්චියේ හඩට. සෙනග අස්සේ යන්තම් කෝච්චියට නැගගත්ත අම්මයි මායි බඩු මලු තුනත් යන්තම් උඩහට දාලා මන් ජනේලේ ගාව සීට් එකේ වාඩි වෙද්දි අම්මා මට එහා පැත්තෙ වාඩි උනා.

ඒත් දැන්නම් මගෙ මුළු හිතම මොකක්දෝ නොදන්න හැගීමකින් පිරිලා යනවා වගේ... කවදාවත් නුවරින් පිට ගිහිල්ලා නොතිබුණ මන් කොළඹ වගේ ලොකු නගරෙක කොහොමද තනියම ඉන්නේ කියලා හිතද්දි මුළු හිතම බයකින් පිරිලා ගියත් ඒ හිත ටිකක් හරි හැදුනේ චූටි අයියත් මන් එක්කම ඉන්න නිසා... කොළඹ මොනවගේ ඇත්ද කියලා දැකගන්න තිබුණ ආසාවත් හිතේ කොනක තියෙද්දි මන් අම්මගෙ උරහිසට බර වෙලා ආයෙම ඇස් පියාගත්තෙ මේ උණුහුම මට කාලෙකට මගඇරෙයි කියලා දැනුන දුකටත් එක්ක....

.

.

"චූටි පුතා.....කෝ නැගිටින්න දරුවෝ....."

අම්මගෙ උරහිසෙන් මන් ගැස්සිලා ඇහැරුනා....තාම හරියකට පැහැදිලි රූපයක් මගෙ ඇස් වලට අහු නොවුණත් ඇස් දෙකත් අත් දෙකෙන්ම පොඩිකරපු මන් ජනේලෙන් ඔලුව දාලා ඈත අහස දිහා බැලුවේ අහස උසට නැගගත්ත ගොඩනැගිලි පේළියත් මගෙ ඇස් වල ට අහු වෙද්දි.

"ආවද අම්මා...."

"ඔව් ළමයෝ. කෝ නැගිටින්න"

.

පිටකොටුව ස්ටේෂන් එකට කෝච්චිය ඇවිත් නතර කරපු හැටියේ මායි අම්මයි බඩු මලු දෙකත් එල්ලන් කෝච්චියෙන් බහිද්දි මන් යන්තම් අම්මගේ ඇගේ එල්ලුනේ දැනුන බයටත් එක්ක.

මාත් එක්කම ස්ටේෂන් එකෙන් එළියට ආපු අම්මා බස් එකක් හෙව්වේ පුංචි අම්මලාහ තියෙන්නේ මහරගම ද කොහෙද කියපු නිසා...138 බස් එකක් හොයලා බඩු ටිකත් දාලා නැගගත්ත මන් අම්මා ලගින්ම වාඩි වෙලා ජනේලෙන් එළිය බලාගත්තේ නුපුරුදු හුළගක් මාව වෙලාගනිද්දි....

: "අම්මා... එහෙට ගොඩක් දුරද"

:"නෑ ළමයෝ මේ වෙලාවේ හැටියට නම් පැයකින් වගේ එන්න පුළුවන් වෙයි කියල තමයි අක්කා නම් කිව්වේ"

"හ්ම්ම්"

.

මහරගමින් බැහැලා අපි ගෙදර ලගට එනකොටත් පුංචි අම්මයි අයියයි හිටියේ ගේට්ටුව ගාව. ඈතට උනත් එයාලා අපිව පිළිගන්න උනන්දුවෙන් ඉන්න බවක් නම් පෙනුනා...තට්ටු දෙකේ ගෙයක් උන පුංචි අම්මලගෙ ගෙදර තිබුණ මිදුල නම් ගොඩක් පොඩි එකක් කියලා පෙනුනේ අනික් ගෙවල් වල වගේ ලොකු ලොකු තාප්ප දාලා නොතිබුණ නිසා....අපේ වීල් එක දැක්ක ගමන් ඒ අපි කියලා හිතලා වෙන්නැති මෙච්චර වෙලා ගේට් එක ගාව හිටගෙන හිටපු පුංචි අම්මා ෆෝන් එකට ඔලුව ඔබාගෙන හිටපු තේව් අයියගෙ අතට ලාවට පාරක් දුන්නා මන් බලාගෙන. ඒ කරලා සැදී පැහැදී ලේස්ති උන එයා වීල් එක ගේට් එක ගාව නවත්තද්දිම ඉස්සරහට ඉස්සරහට දුවගෙන ආපු පුංචි අම්මා මන් එක්කත් කතා කරලා අපෙ බඩු මලු ටිකත් අරගෙන අම්මා එක්ක කතා කර කරම ගෙට යද්දි මාත් අයියත් එක්ක අම්මා පස්සෙන්ම ගෙට ඇදුනා...

───────────────────────────

අදසක් දෙන්න ළමයි කතාව යන විදිය හොඳද නැද්ද කියලා ❤️‍🩹

ඊළග සිහිනයෙන් හමුවෙමු.❤

මම
සුකී_♡

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

4.6K 893 16
සුදු කඩුපුල...🕊️🖤 Published :- 2023/09/24 "ඇයි මේ මගේ කඩුපුලට පිනි වැටිලා....ම්ම්ම්...පින්න වැටෙන්ඩ තරම් මොනවද මගේ පැටියා බුදුන් ඉස්සරහ ඉදන් ප්‍ර...
35.1K 587 27
I never found many kaeya angst on Wattpad, so I decided to add another story myself. ! PLEASE READ ! ⬇️ Warnings ⚠️ • Suicide Attempt • Death •...
14.2K 1.4K 86
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා ය...
1.2M 44.5K 41
Jungkook bullies Taehyung for having a "Perfect" and a "Happy" life. But little does he know about Taehyung's dead mother and his abusive father... {...