කමෙන්ට් ගෝල් 50
"ඒයි කොල්ලො!! තමුසෙට මාව විහිලුවක් වගේද පේන්නෙ?"
ඔහු තරහෙන් කෑ ගහනකොට බය උන ජන්කුක් නිල් පාට අහිංසක ඇස් දෙක බෝල කරගෙන ඔහු දිහා කන්න වගේ බලන් ඉන්නකොට ඔහු සුසුමක් හෙළුවා.
"ඔය විදියට බලන එක නතර කරනවා"
තාමත් ඇස් දෙක ලොකු කරගෙන ඉන්න ජන්කුක් රවපු ඔහු , තමන්ගෙ ලොකු මල්ල අවුස්සා භාගෙට ඉවර උන බියර් බෝතලයක් ඇදලා ගත්තා. එය බාල සන්නායම් නාමයක් පවා නැති බියර් වර්ගයක් උනත් ආඩම්බරයෙන් එය අතට ගත්ත ඔහු එය ආඩම්බරයෙන් මුවට තියාගෙන බොන්නට උනෙ ජන්කුක් ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නකොට.
උගුරු කීපයක් උගුරෙන් පහලට යවපු ඔහුගෙ දුඹුරු පාට නොසන්සුන් ඇස් දෙක තමන් දිහා කන්න වගෙ බලාගෙන ඉන්න ජන්කුක් ට යොමු උනා.
" තමුන්ටත් ඕනෙ වෙලාද ඔය?"
ඔහු අහනකොට ජන්කුක් හිමීට හිස දෙපැත්තට වනලා බිම බලා ගත්තෙ ඔහු සුසුමක් හෙලලා බියර් බෝතලය පැත්තකින් තියනකොට.
"දැන්"
ඔහු ජන්කුක් ගෙ මුහුණට ලං උනත් වෙනත් මිනිස්සු වගේ ජන්කුක් ඔහුගෙන් ඈත් නොවුන එක පිලිබද ඔහු සතුටු උනෙ ජන්කුක් ගැන ඔහුට පැහැදීමක් ඇති වෙනකොට.
"ඇත්ත කියනවා මට. තමුන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හරි නගරේ පිරිසිදු කිරීමෙ කමිටුවෙන් නම් , මාව නගරයෙන් එලියට ඇදලා දාන්න නම් තමුන් යන්නෙ දැන්මම මෙතනින් අකුලගෙන ගියොත් හොඳයි. මම තමුන්ලගෙ පුටු රත් කරන මහලොකු නිලධාරීන්ට වඩා දහස් ගුණයක් නිරෝගී!"
ඔහු යටිගිරියෙන් කෑ ගැහුවත් ජන්කුක් ඔහුට උත්තරයක් නොදී අහිංසක විදියට ඔහු දෙස බලාගෙන ඉන්නකොට ඔහු කල්පනා කලා.
"මේකා සෞඛ්ය අමාත්‍යාංශයෙන් නෙවෙයිද?"
ඔහු තමාටම කියා ගන්න ගමන් ජන්කුක් දෙස බැලුවා. ජන්කුක් තවමත් නිශ්ශබ්දයි.
"ඇයි මේකා ගල් ගිල්ලා වගේ බලන් ඉන්නෙ. බැරි වෙලාවත් මානසික රෝගියෙක්වත්ද?"
ඔහු ජන්කුක් ගෙ හුරතල් අහිංසක මුහුණ , රෝස පැහැති කම්මුල් , තද දුඹුරු පාට නලල පුරා විසිරුනු කැරලි කොණ්ඩය , ජන්කුක් ගෙ සියුමැලි සම සෙමින් අධ්‍යනය කරන ගමන් තමාටම මුමුණා ගත්තා.
"පේන විදියට.... සල්ලි තියනවා වගෙ"
ඔහු තමාටම මුමුණා ගත්තෙ ඔහුගෙ සියුම් අධ්‍යයනයෙන් පස්සෙ.
"ඒක නෙවෙ.. තමුන්ගෙ නම මොකක්ද කිව්වෙ?"
ඔහු තදින් අහනකොට ජන්කුක් ඔහු දෙස අහිංසක විදියට බලලා හිනා උනා.
"ජන්කුක්"
"ජන්කුක්..!! හොඳයි. අඳුනා ගන්නකො මම ජිමින්. දැන් කියනවා තමුන්ට මොන වගෙ දෙයක්ද ඕනෙ?"
ජිමින් ජන්කුක් දෙස බලන ගමන් අහනකොට ජන්කුක් ජිමින් එක්ක අහිංසක විදියට හිනා උනෙ ඔහුගෙ බලාපොරොත්තු උතුරන නිල් පාට ඇස් වලින් ජිමින් දිහා බලන ගමන්.
"සුරඟන රැජිනව හම්බවෙන්න. ජිමින් එයාව අඳුනනාවාද?"
ජන්කුක් අහනකොට ජිමින් ඔලුවට අත තියා ගත්තෙ ජන්කුක් තාමත් ඔහුට විහිළුවක් කරනවා කියලා හිතාගෙන.
"මේ බලනවා. මම කාර්යබහුල මනුස්සයෙක්. විකාර කියන්නෙ තමුන්ට ඕනෙ දේ ඉක්මනින් කියනවා"
ජිමින් ජන්කුක් ගෙ ඇගට කඩාගෙන පනිනකොට ජන්කුක් ගැස්සුනත් ජන්කුක් ගෙ බලාපොරොත්තු පිරිණු ඇස් දෙක දැක්ක ජිමින් ගෙ හිත මොහොතකට උණු උනා. ජන්කුක් ගෙ ඇස් වල තිබුණෙ අඩන්න ලං උන පෙනුමක්.
කිසිවක් නොකිව්ව ජිමින් එහෙමම බිම බලාගෙන ටිකක් කල්පනා කලා.
"ඒක නෙවේ තමුන් ඇත්තටමද සුරඟන රැජින ගැන කියන්නෙ"
ඔහු අහනකොට ජන්කුක් හිමීට ඔලුව හෙලෙව්වෙ ජිමින් පුදුමෙන් ඔහු දෙස බලාගෙන ඉන්නකොට. ජිමින්ට දැණුනෙ මුලු ලෝකෙටම පිස්සු හැදිලා වගේ.
"සුරඟන රැජින හම්බවෙන්න යන්න තමුන් පොඩි එකෙක්ද?"
ජිමින් සම්ච්චල් සහගත විදියට ඇහුවේ ජන්කුක් තොල් උල් කරගෙන ඔහු දිහා බලනකොට.
"එතකොට ජන්කුක් ට පුලුවන් ඇත්ත මනුස්සයෙක් වෙලා ප්‍රොෆෙසර් ව මැරි කරන්න. එතකොට ප්‍රොෆෙසර් ජන්කුක් ට ආදරය කරන්න පටන් ගනී"
ජන්කුක් ගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳෙනවා බලාගෙන හිටපු ජිමින් ටිකක් වෙලා කල්පනා කලෙ ජන්කුක් කිව්ව තේරුම් ගැනීමට අපහසු ප්‍රකාශය ගැන.
"ඇත්ත මනුස්සයෙක්? ඇයි තමුන් ඇත්ත මනුස්සයෙක් නෙවේද?"
ඔහු අහනකොට ජන්කුක් හිමීට ඔලුව වැනුවෙ ජිමින්ට හිනා යනකොට. ඔහුගෙ ඔලුවෙ වැඩ කරපු එකම දේ ජන්කුක් කරන්නෙ විහිලුවක් කියලා විතරයි. ජන්කුක් ගෙ කම්මුලක් අල්ලපු ඔහු ජන්කුක් ගෙ කම්මුල මිරිකුවත් ඔහුට ජන්කුක් ව දැණුනෙ ඇත්ත මනුස්සයෙක් වගෙ නිසා ජන්කුක් පිස්සෙක් කියලා ඔහු තීරණය කලා. ජන්කුක් ගෙ ඇඳුම් දිහා බලපු ඔහුට ජන්කුක් වැදගත් පවුලක පුද්ගලයෙක් කියන එක තේරුම් ගන්න අමාරු උනෙ නැහැ ~ ඔහුගෙ ඇදුම් ඉහළම පෙලෙ සන්නායම් නාමයක් හිමි කර ගත්ත ඒවා.
"කොහෙද යන මෝඩයෙක් ද කොහෙද?" ජිමින් තමාටම මුමුණා ගත්තා.
"තමුන් මට ගෙවීමක් කරනවා නම් මම තමුන්ට සුරඟන රැජිනව පෙන්වන්නම්"
ජිමින් කියනකොට ජන්කුක් වේගයෙන් හිස සැලුවේ ජන්කුක් ට තිබුණු උනන්දුව ගැන ජිමින්ට පුදුම හිතෙනකොට.
"තමුන්ගෙ ඔය කමිසෙ මට දෙනවාද? මට පුලුවන් සුරඟන රැජින ව පෙන්වන්න"
ඔහු කියනකොට ඉක්මනින් හිස සැලුව ජන්කුක් දෙවරක් නොසිතා ජිමින්ට ටී ෂර්ට් එක ගලවා දිග් කලෙ ජිමින් ගෙ ඇස් ලොකු වෙනකොට.
"තමුන් ඔය විහිළුවක් නෙවෙ නේද කරන්නෙ? නිව්යෝර්ක් වල රාත්‍රිය ගොඩක් සීතලයි"
"මේක අරන් ජන්කුක් ට සුරඟන රැජින ව මට මුණගස්වනවාද?"
ජන්කුක් අහිංසක විදියට අහනකොට ජිමින් සුසුමක් හෙළුවා. ජිමින්ට ජන්කුක් සුරඟන රැජින කියලා කියද්දීම ඔලුවට ආවේ නිව්යෝර්ක් වල ප්‍රසිද්ධියක් උසුලපු පල්ලියක් උන සැඩ්ල්බැක් කතෝලික පල්ලියේ තිබුණු සුරංගනාවිකයකගෙ පිලිරුව. ඈ සුරඟන රැජින නිරූපනය නොකලත් එය විශාල ප්‍රතිමාවක් උනා වගේම ඒ පල්ලියෙ කොතෙන් දැල්වුණු එලි ඔවුන් සිටි ස්ථානයට පවා පෙනුනා.
"ජන්කුක් ට පේනවාද අර නිල් පාට එලිය. එතනට යන්න ජන්කුක් ට සුරඟන රැජින හම්බ වෙයි"
ජිමින් හිමින් කියනකොට ජන්කුක් ඉක්මනින්ම නැගිට්ටා. ජිමින් දෙස එක් වරක් ස්තූති පූර්වකව බැලූ ඔහු වචනයක් හෝ නොදොඩා සුරංගනාවියගෙ ප්‍රතිමාව දෙසට දුව යන්නට වූයේ නිරුවත් උඩු කයෙන්මයි.....
___
ජන්කුක් සුරඟන රැජිනගෙ ප්‍රතිමාව ඉදිරියේ නිශ්ශබ්දව බලාගෙන හිටගෙන සිටියා. ඇගෙ හිස කෙස් පපුව දක්වා වැටී තිබුන අතර ඈ දිගු ගවුමක් හැඳෙගන සිටියා. ඇගෙ සුන්දර මුහුණෙ වූගෙ අහිංසක සිනාවක්. ඇගෙ හිසෙ ඔටුන්නක් පලදා තිබූ අතර ඈ ජන්කුක් ට සාපේක්ෂව බොහෝ විශාල වූවා. ජන්කුක් ට දැණුනෙ ඇය සැබෑවටම සුරඟන රැජින කියලා. කවුරුත් නැති පාලු පල්ලිය ඉස්සරහ ජන්කුක් හිටගෙන ඈ එක්ක හිනා උනා.
"සුරඟන රැජින"
ජන්කුක් හිමීට ඔහුගෙ හුරුබුහුටි දෑත් වලින් ඇගෙ ගවුම අත ගෑවෙ බයෙන් බයෙන් උනාට ඈ තවමත් ජන්කුක් දෙස සිනාමුසුව බලාගෙන හිටපු නිසා ජන්කුක් ගෙ බය අඩු උනා.
"සුරඟන රැජින... මම ජන්කුක්"
ජන්කුක් කීවේ අහිංසක විදියට හිනා වෙලා. සුරඟන රැජින තවමත් ජන්කුක් ට උත්තරයක් දුන්නෙ නැති නිසා ජන්කුක් කල්පනා කලා.
"සුරඟන රැජින හැමදේම දන්නවා නෙ. ජන්කුක් රොබෝ කෙනෙක් කියලා දන්නවා නේද සුරඟන රැජින? නැත්තං සුරඟන රැජින දන්නෙ මනුෂ්‍යයො ගැන විතරද?"
ටිකක් කල්පනා කරපු ජන්කුක් ඈ එක්ක හිනා උනා
"ඒකට කමක් නෑ. සුරඟන රැජින දන්නවාද ප්‍රොෆෙසර් ටේහ්‍යුන්... මම එයා හදපු රොබෝ... ජන්කුක්"
ජන්කුක් ලස්සනට හිනා වෙලා ඇය දෙස බලාගෙන ඇගෙ ඇඳුම අල්ලා ගත්තා.
"ජන්කුක් ට ඇත්ත මනුස්සයෙක් වෙන්න ඕනෙ. පිනෝකියොට උදව් කලා වගෙ සුරඟන රැජින ට පුලුවන් නේද ජන්කුක් ටත් උදව් කරන්න"
ජන්කුක් මිමිණුවත් සුරඟන රැජින කිසිවක් කීවේ නැති නිසා ජන්කුක් ගෙ හුරතල් මුහුණ දුකෙන් ඇද උනා.
"සුරඟන රැජින. ජන්කුක් ට උදව් කරන්නකො. එතකොට ජන්කුක් ට පුලුවන් ඇත්ත මනුස්සයෙක් වෙලා ප්‍රොෆෙසර් ට ආදරය කරන්න. එතකොට ප්‍රොෆෙසර් ජන්කුක්ව මැරි කරයි. "
ජන්කුක් ඇස් දෙක පියාගෙන කීවත් ඇගෙන් උත්තරයක් නැහැ. ජන්කුක් ගෙ බලාපොරොත්තු කඩාගෙන වැටිලා ජන්කුක් ට දුක හිතුනත් ජන්කුක් සුරඟන රැජිනගෙ රූපය දිහා ඇස් පිය නොහෙළා එක එල්ලේ බලාගෙන හිටියෙ ඇගෙන් පිලිතුරක් ලැබෙනකම්....
ජන්කුක් ට සුරඟන රැජිනක් ගෙනත් දෙමුද
🥺✌️.
කතාව ගැන මොකද හිතෙන්නේ....