High School Romance | TK ✓

By vk_panther

63.8K 13.4K 4.8K

"මම තමුසෙට ආදරෙයි මෝඩයෝ" -ටේහ්‍යුන්- "මම බොට කැම... More

02- කෝල් එක
03- ඔටෝ බුක් එක පාර්ට් වන්
04- ඔටෝ බුක් එක පාර්ට් ටූ
05- වඩේ ලොරිය
06- මැද ඇගිල්ල
07- ඇපල් මල
08- තට්ටයා
09- staircase
10. බිස්කට්
not an update
11.පලිගැනීම
12. හාවා
12. හාවා II
13. පස්ස
14. ගෙදර සොයා යෑම
15. මුද්ද
16. ලං කරලා අඹරන්න
17. හිල
questions
18. නිසි පුළුලුකුල
19. අපිට වැසිකිළියක්
20. යුන්ගී
21- අවසානය
questions and answers
ගං කබරාගෙ සටහන
special chap

01- ජන්කුක්

6.5K 697 518
By vk_panther

ඒ ඇස් දෙක මාව පිස්සෙක් කලා!!!!!!!!

ඇස් විතරක් නම් මදෑ.... ඒ දත් සැට් එක, ඒ හිනාව ඒ හැම දේම මාව පිස්සෙක් කලා..........

"ඔයා මගෙ නම් ජීවිතේ මල්....... එන්න මගෙ පණ ඔයාගෙ කට පෙඩ්ඩක් හපන්න 😊"

මම ජිමින්ගෙ තොල් දෙකට ඇස් දෙක පියාගෙන තොල් දෙකත් උල් කරගෙන නැමුනා

"පල බල්ලො යන්න.... ගිය ආත්මෙ කරපු මොන කරුමයක් පල දීලද මේ වගේ යාලුවෙක්ම මට ලැබුණෙ..... නොද........කින් බල්ලා... සික් කට ගනින් එහාට...."
ජිමින් මාව එහාට තල්ලු කරන ගමන් කෑ ගැහුවා.

"බෑ..... එයාට මගෙ තොල් දෙක ඇලජික් උනොත්... ඔයා තමා ටෙස්ට් කරන්න ඉන්න එකම කෙනා"
මම කිව්වෙ ජිමින්ව ආයෙ ඇද ගන්න ගමන්.

"ටේ මේක පන්තියක්, මිනිස්සු බලනවා"

"ඉතින්?"

"අනේ හොබී මූ මාව දූෂණය කරන්න හදනවා😭"
ජිමින් උගුර යටින් කෑ ගහනකොට ජිමින්ට එහා පැත්තෙ හිටපු හොබියා එබුනා.

"මොකෝ මෙතන වෙන්නෙ?" හොබියත් හිනා වෙවී අහනවා.

"මේ ඉන්නෙ හොබියා.... උඹ හොබියගෙන් ඕක ටැස්ට් කරපන් 🙂"
ජිමින් තරහෙන් කෑ ගහන ගමන් මාව තල්ලු කරලා එයා කර කර හිටපු වැඩේට අවදානෙ දුන්නා.

"අනේ මට එයාව ගෙනත් දෙන්නකෝ 😫"
මගෙ කෑ ගැහිල්ල විලාපයක් උනා.

"ඔය කන්දොස්කිරියාව නවත්තපන් ටේ. මූත් එක්ක ඉදලා මගෙ වම් කණ මට දැනෙන් නෑ"
ජිමිනත් උගෙ අදෝනාව පටන් ගත්තා.

ඔයාලා බලනවා ඇති මේ කවුරු ගැනද මම කතා කරන්නෙ කියලා.

වෙන කවුද😍


න්
කු
ක්

මගෙ නවය වසරෙ ඉඳන් ප්‍රේම පුරාණේ. මගෙ ආදරේ.......

එයාට ගොඩක් අය පිස්සු වැටිලා හිටියා තමා. මමත් එක්කෙනෙක්.

ඔය හැමෝම කියන හාවා කියන නමත් ජන්කුක් ට දැම්මෙ මම තමා 🤭

එයා මගෙ ලෝකෙ. මගෙ එකම ආදරේ.....

ඒ හිනාවට ආදරේ හිතුනා........
බවෙන් බවයේ පතා ආයෙමි 😌

ඒ පොඩි පරහක් තියේ... චුට්ටි ම චූටි එකක්.

ජන්කුක් ට කෙල්ලෙක් ඉන්නවා.
අපේ ඉස්කෝලේ නම් නෙවේ..........

මම එයාට ලව්
එයා අරයට ලව්
අරයත් එයාට ලව්
මං පව්

ආ... ඕවත් ප්‍රශ්නද මල්ලි. ජන්කුක් ගෙ දෛවය පුරාණ ඉෂිවරු පවා පුස්කොළ පොත් වල ලිව්වෙ කිම් ටේහ්‍යුන් එක්ක.

කොහෙන් කොහොම හරි මගෙ ආත්මීය ප්‍රේමය නිසා ප්‍රශ්න වැටුනෙ මගෙ අතීජාත මිත්‍රයො සැට් එකට.

ජිමින්, හොබී, ජින්........
ඇයි දෙයියනේ නවය වසරෙ ඉදන් අද වෙනකම් මුන් සැට් එක මගෙ අදෝනාව අහගෙන හිටියා කියලා හිතෙද්දී මගෙ පපුව හෝස් ගාලා යනවා.

කොහෙන් කොහොම හරි බැරිම තැන එකදවසක් හොබියා ජන්කුක් ට කියලා මම එයාට කැමතියි කියලා.

මෙන්න මම පන්තියට එනකොට ජන්කුක්, යුන්ගී, නම්ජුන් සැට් එක නිකන් මහසොහොන් දිෂ්ටිය වැදුනා වගෙ හක හක ගාලා හිනා වෙනවා.

මුගෙ ආච්චි ට හාල් ගරන්න. මම නම් එදා හොබියා එක්ක තරහ උනා.

පිටින් තරහා පෙන්නුවාට ඇතුළාන්තයෙන් හොබියා කරපු දේට මම ගෞරව කලා. ඇයි යකෝ මමනෙ දන්නෙ ඕක කියා ගන්න බැරිව මම කාපු කට්ට 😖.

ජින් මට  ෂේප් එකේ පස්සෙ කිව්වේ......

ජන්කුක් කියලා මම නිකන් ගං කබරයා වගෙ කියලා

කමක් නෑ ගං කබරයි ලස්සන ඇති🙂.

මට මගේ නොවන, මගේම ආදරයක් තිබුනා😫

එදා සිට මම මගෙ මුලු හදවතින්ම විතරක් නෙවෙයි, අක්මාවෙන් ,ආමාශෙන් , උණ්ඩුකපුච්ඡයෙනුත් ජන්කුක් ගෙ ගං කබරයා❤️.

"මේ බලහන්, කැඩෙන කැඩෙන වාරයක් පාසා දැල වියන්න මකුලුවා සේ බිදෙන බිදෙන වාරයක් පාසා හදාගන්න ඔබේ......... හිස් තැන් පුරවන්න ටේ"
හොබියා පත්තරයක තියෙන එකක් කියෝනවා.

"මොකක් ද?" මමත් අහලා දැම්මා.

"ජන්කුක් උඹත් එක්ක යාලු උනොත් උඹටත් හැමදාම රෑට ඒක හදා ගන්න තමා වෙන්නෙ"
හොබියා හිනා වෙවී කියනකොට මටත් තේරුනෙ පස්සෙ.

නොදකින් අසමත්ජාති යාලුවො 😑

හදාගනින් උඹේ අහවල් තැන... අනේ මුගෙ පස්ස කුණු වෙයන් 😒



"අනේ හෙට බර්ත් ඩේ එක මගෙ ජන්කුක්ගෙ... එයා  කෝ........"
මම කෑ ගහන්න පටන් ගත්තේ ජන්කුක් අද ඉස්කෝලේ ඇවිත් නැති නිසා.

"අද නෑ ඌ" ජින් දිවත් දික් කරලා කිව්වා.
සික් මූ නෙ නියම ගං කබරයා.

"ජන්කුක් ට තෑග්ගක් ගන්නවා මම😌. මොකක් ද හොඳ"
අපි ඉස්සරහට ඉස්සරහ හිටියෙ ජන්කුක් ගෙ යාලුවෝ සෙට් එක නිසා මම හිමීට කෙඳිරුවා.

"යට කලිසමක් දීහන් 😁"
ජිමිනා ගත් කටටම කියාපි.

"තොගෙ අම්මට................." මම කියන්න ගියත් මට ආව අදහස මාව නැවැත්තුවා.

"නෑ බං... ඔය ජන්කුක් ගෙ යට කලිසමේ හැමතැනම හිල්, පුස් කාලා. උඹට හනිමූන් ගිහිල්ලා නගර සභා අත්දැකීම් ලබා ගන්න ඕනෙ නැති නම් දැන්ම එකක් අර ගනින්" ජිමිනා තාම කියවනවා.

ඒ මම නම් උගෙ මගුලක් අහගෙන හිටියෙ නෑ. මගෙ සිහිය තිබ්බෙ මගෙ කුප්ප ප්ලෑන් එකට.

ටිකක් ඉන්න. ජිමිනා ජන්කුක් ගෙ යට කලිසම දැක්කේ කොහොමද🤔

ආ ඌ කොහොම හරි දකින්න ඇති😊

විනාඩි කීපයක් යන්න කලින් මම මගෙ ප්ලෑන් එක ක්‍රියාත්මක කලා. ඔව්. ජන්කුක් මගෙ වෙන්න බෝයි ෆ්‍රෙන්ඩ් තමා. එහෙමයි කියලා මගෙ ආතල් සීමා කරන්න ඕනෙද?

නෑ පිං වතුනි නෑ....




ඔව්....



අපි ජන්කුක් ට යට කලිසමක් ගන්න පන්තියෙන් සල්ලි එකතු කලා😁.

යුන්ගිලා සැට් එකත් හිනා වෙනවා නිකන් මොක්කුද වගේ.......

"ටේ.... මෙන්න රුපියල් පහක්" යුන්ගියා හිනා වෙන ගමන් මට රුපියල් පහක් දෙනකොට මම බොහොම භක්තියෙන් ගත්තා.

"තැන්කූ යුන්ගි 😁"

"ආ..... මෙන්න..... මගෙනුත්" නම්ජුන් රුපියල් දෙකක් දුන්නෙ හිනා වෙන ගමන්.

කවදා වෙච්ච වැඩද මේවා .

"ටේ..... ඕවා පැටලෙනවා... මෙන්න මෙහෙ බෝඩ් එකේ නම් ටික ලියහන්"
ජිමිනා කෑ ගහන නිසා මම හැරිලා බැලුවා.

කිරි අප්පට බල්ලො බුරපි කිව්වාලු

මූ බෝඩ් එකෙ හෙන තඩියට ලියලා.

'ජන්කුක් ගෙ යට කලිසම සඳහා මූල්‍යාධාර'

කියලා.

ජන්කුක් දැක්කා නම් මාව මරලා හංගලා අඬ අඬ හොයයි ☹️.

එක්කො කමක් නෑ. ආයෙ මෙහෙම අවස්තාවක් එන්නෙත් නෑ.

මාත් ගිහින් ලිව්වා.

යුන්ගි- රුපියල් පහයි.
නම්ජුන්- රු. 2යි
ජිමින්- රු.1යි.

"ඕයි ටේ...." ජින් මට සත විසි පහක් විසි කලා.

හුටා... දැන් සත විසිපහක් හොයා ගන්නත් අමාරුයි.

මමත් ලිව්වා

ජින්- සත විසිපහයි.

කොහොම හරි පන්තියෙන්ම සල්ලි එකතු කරලා රුපියල් 178.25ක් හොයා ගත්තා.

"මේ මේක නිකන් එකක් දීලා බෑ...."
හොබියා කිව්වා.

"ඔතලා දෙමුද 🤔"

"ජන්කුක් දැන් ගත්තොත් ටේගෙ යට කලිසම ඉහෙන් බස්සයි"
හොබියා මට ගහ ගහ හිනා වෙනවා.

"අපි රත්තරං පාට යට කලිසමක් දෙමු, මගෙ කොල්ලාට බාල බඩු දෙන්න බෑ"
මමත් කියලා දැම්මා

"හෑ... රත්තරං? කලු පාට එකක් ගන්නවත් මෙතන සල්ලි මදි"

"ඕවා ප්‍රශ්නද මල්ලි..... අපි රත්තරං පාට දිලිසෙන පෑනක් අරන් පාට කරමු😁"
මමත් ගැම්මට කිව්වා.

"පාට පෑන් කෝ බන්?"
ජිමිනා ෆුල් සිරා අහනවා.

"මෙහෙමයි..... අපි ජිමිනාගෙ යට කලිසමක් අරන් ජීවානුහරණය කරලා රත්තරං පාට දිලිසෙන පෑනක් කඩෙන් අරන් පාට කරමු......."

මගෙ ප්‍රකාශයත් එක්ක ජිමිනා මගෙ බඩට දුන් ශොට් එකට මගෙ ආමාශෙ මහාන්ත්‍රය එක්ක පැටලුනා, ඒ එක්කම ජන්කුක් ගෙ යටකලිසම් ජෝගියත් ඉවර උනා.

අදටත් ජන්කුක් එයාට යටකලිසමක් ගන්න සල්ලි එකතු කලා කියලා දන් නෑ😁.

































මෙය සත්‍ය කතාවක් වග ඔබ විශ්වාස කරනවාද 😽.

ටොප් බොටම් හොයන් යන්න.

මොනා හරි කොටන් යන්න. මම උදේ නැගිට්ට ගමන් ලිව්වෙ හොදද දන්නෑ 😬

Continue Reading

You'll Also Like

5.8K 1.4K 14
බන්ග්ටැන් කියන්නේ හත්දෙනෙක්. චරිත හතක්. පාට හතක්. ඒත්, 'එක කණ්ඩායමක්.' . . . . . . . . . . T H E W A L K I N G D E A D Awards: 🌟3RD PLACE in...
3.6K 1K 12
එකදිගට ඇද හැලෙන වැස්සත් එක්ක එන සීතල අස්සෙ ඔහු දෙයක් හොයනවා. උනුහුමක් පුංචි උනුහුමක් , ඒත් ඒ උනුහුම දැන තමන්ට අයිති නැති බව මතක් වනවිට යුන්ගි නැගිට...
40.2K 5.9K 38
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
97.4K 19.2K 60
ශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත...