18

816 171 32
                                    

JK අර සිද්ධිය වුන දවසෙන් පස්සෙ කාමරෙන් එලියට බැස්සෙ නෑ. දවස් දෙක තුනක් ගියත් තාමත් තත්වෙ ඒ විදියමයි. JK කාමරෙන් එලියට ආවත් නැතත් කොල්ල ගැන හොයල බලන්න hyung ලා අමතක කරේ නෑ. කාමරේ දොර ඇරියෙ නැතිවුනත් අහන දේකට වචනෙන් දෙකෙන් හරි උත්තර දීපු නිසා ටිකක් හරි සැනසීමෙන් හිටියා. අනිත් අයටත් මේ වෙච්ච දේට මාර දුකයි. ඒත් එයාලත් මොනව කියල කරන්නද?  හැබැයි කවුරුවත්ම දැනගෙන හිටියෙ නෑ කොල්ල කලින් දවසෙ රෑ හැමෝටම හොරෙන් එලියට ගිහින් soju අරන් ආපු බව. වෙනද වගේම Jimin උදේම ගිහින් කොල්ලට කතා කරේ අදවත් මේකව එලියට ගන්න පුලුවන් වෙයිද කියල බලන්න. පහුගිය දවස් ටිකේ හරියට කෑමක් බීමක් ගත්තෙ නැතුව කැමරේට වෙලා දොර ලොක් කරගෙන හිටිපු නිසා හැමෝටම ඕන වුනේ කොල්ලව එලියට අරං දෙකක් ඇනල හරි කාපං කියල කියන්න. ඒත් කොල්ල අද එයි හෙට එයි කියල කට්ටිය ඉවසුවා.

Jimin කතා කරත් කොල්ලගෙන් අද සද්දයක් නෑ. තව ටිකක් සද්දෙන් කතා කරත් කොල්ලගෙන් no reply. Jimin ට ටිකක් පුදුමයි. මොකද වෙනදට කතා කරද්දි Jk ගෙන් මොකක්හරි උත්තරයක් තිබුනා. වෙන මොකුත්ම නැත්තම් "අනේ hyung වදයක් නොවී ඉන්නවද" කියල හරි කෑගැහුවා. කොල්ල මේ ටිකේම නිදි මැරුව කියල Jimin දන්නව මොකද රෑට කොල්ලගෙ කාමරෙන් ඉකිගහන සද්දෙ ඇහෙනවා. ඒ නිසා අදවත් යන්තම් නිදි ඇති කියල Jimin ට නිකමට හිතුනා. ප්‍රශ්නයක් නෑ වගේ පෙනුන නිසා Jimin මේක අනිත් අයට කියන්න ගියෙ නෑ. ඒත් කොල්ලගෙ කාමරේ දිහාට ඇහැගහන් හිටියෙ කොයි වෙලාවක හරි මේකා එලියට එයි කියල Jimin ගෙ හිත කියපු නිසා. තව පැය 3 -4 බලන් ඉදල බැරිම තැන ජීමින් ගිහින් කොල්ලට කතා කරත් කලින් වගේම කිසිම සද්දයක් නෑ. Jimin ට ඇත්තටම බය හිතුනා. Jk දවස් කීයක් කොහොම නිදි මැරුවත් කවදාවත් මෙච්චර වෙලා නිදාගෙන නෑ.  ඒක එයාගෙ පුරුද්ද. මෙතන මොකක්දෝ වැරැද්දක් තියන බව Jimin ට ඉවෙන් වගේ තේරුන නිසා එයා ඉක්මනට අනිත් අයට කතා කරා. Jiminගෙ කටේ සද්දෙ කොච්චර ද කිව්වොත් අනිත් පස්දෙනා එතනට ආවෙ විදුලි වේගෙන්. Jimin උදේයි දැනුයි වෙච්ච දේ එවෙලේම අනිත් අයට කිව්වා. ඒ දේවල් වලට අනිත් අයටත් බය හිතුනා. ඒත් කෝකටත් කියල අනිත් අයට කීප සැරයක්ම කොල්ලට කතා කරන්න උත්සහ කරත් වැඩක් වුනේ නෑ. දොර අරිමු කියල කතා වුනත් දොර ඇතුලෙන් ලොක් කරගෙන හිටපු නිසා අන්තිමට සිද්ධ වුනේ දොර කඩල ඇතුලට යන්න.

දෙවියනේ.. දොර ඇරන් ඇතුලට ගිය තප්පරේම කොල්ලො ටිකට හූස් ගැවුනා. කොල්ල ඇඳ ගාව බිම වැටිල. කාමරේ හැම තැනම හිස් වුන soju බෝතල් විසිරිලා. Jk ට සිහිය තිබ්බෙ නෑ.. ඇඟත් සීතලයි අත් දෙකට ලාවට නිල් වෙලා. කොල්ලව උස්සගෙන කට්ටය දිව්වෙ car එක ගාවට. Tae වාහනේ පුලුවන් තරම් ඉක්මනට drive කරේ ලඟම තිබ්බ hospital එකට. Hospital staff එක මෙයාලව ටිකක් අඳුනනවා. Doctors ලා ඇවිත් Jk ව ඉක්මනට check up එකකටම ඇතුලට ගත්තා. අනිත් ඊය waiting area එකට වෙලා doctors ලගෙ report එක එනකම් බලන් හිටියා.
Jk ව check කරල ඉවර වුණාට පස්සෙ doctor ඇවිත් hyung ලා එක්ක කතා කරා.

Doctor :" Sir, බය වෙන්නෙපා. Mr. Jeonට ටිකක් වැඩිපුර alcohol ශරීර ගත වෙලා. එයා පහුගිය ටිකේම කලා නෑ. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ. මේක serious issue එකක් නෙවෙයි. අපි දැනට එයාට අවශ්‍ය බෙහෙත් දීලා එයාව ward එකට transfer කරා. සිහිය ආවම discharge කරන්න පුළුවන්."

RM :" Thank you doctor."

Doctor :" ඒත් Mr.Kim මට දැනගන්න පුළුවන් ද Mr.Jeon ට මේ තරම් drinks ගන්න තරම් එයාට තිබ්බ ප්‍රශ්නෙ මොකක්ද කියල?"

Doctor එහෙම ඇහුවෙ එයා Jk ව ටිකක් personally දන්න නිසා. RM ඩොක්ටර්ට හැමදේම කිව්ව. ඒ විස්තරෙ ඇහුවට පස්සෙ doctor ගෙ නිගමනය වුනේ Jk ට depression කියන එක. ඒත් ඒක සැකයක් විතරයි. මොකද මුකුත් අහල දැනගන්න Jk ට තාම සිහිය ඇවිත් තිබ්බෙ නෑ. Doctor කිව්ව කලබල නැතුව ඉන්න. ඒත් ටිකක් විමසිල්ලෙන් කියල. ඒක ඇහුවට පස්සෙ කොල්ලො ටිකට ගොඩක් upset. හැමෝම ප්‍රාර්ථනා කරේ Jk ට depression හැදෙන්න එපා කියලා...

_________________________________________

Author's Note...

සමාවෙන්න එදා ඔයාලා තව update එකක් ඉල්ලලා තිබ්බ නේද? අනේ මට type කරගන්න බැරි වුනා.😢.

අද ඉතින් update කරා ඔන්න.
ඔයාලගෙ අදහස් Comment එකකින් කියන්න.

I 💜 U
#stay_safe
#stay_gold

Miss Right of the Mafia Boss [Completed]Where stories live. Discover now