26

883 172 72
                                    

Jk යස්ස මූණකුත් හදාගෙන නෝන්ඩියට වගේ කියාගෙන කියාගෙන ගියා. මොන සද්දෙ දැම්මත් Shin Su ව දැකපු වෙලාවෙ නම් බලන්නෙපැයි...   කොල්ලගෙ කන කටේ. Heartbeat එකත් රේස් කරපු බයික් එකක් වගේ... ඒත් සෑහෙන කාලෙකට පස්සේ එයාව හම්බුන ගමන් ඒ විදියට කතා කරපු එකටත් කොල්ලට ටිකක් අවුල්. ඒ වුනාට ඉතින් කොල්ලොනේ.. තියන කැටයම් සේරම දාගෙන Jk පොඩ්ඩක් සීන් එකේ හිටියේ...

Shin Su නම් ආපු වෙලාවේ ඉදන් බිම බලාගෙනම හිටියා. එයා හරිම nervous විදියට අත්දෙක අඹර අඹර හිටියෙ. කෙල්ල බිම බලන් හිටපු නිසා අඬනව නොදැක්කත් කදුලු බිමට වැටෙනව Jk දැක්ක. කොල්ලට දුකයි. අතට cannula ගහල තිබ්බ නිසා හෙමීට Shin Su ගෙ අතින් අල්ලන් එයා ලඟට ඇදල ගත්තා.

Jk :" කෝ බලන්න චණ්ඩි රැජින අඬනවද????..... Yah.. Yoon Shin Su... මොකද මේ අඬන්නෙ? මං දිහා බලාගෙන උත්තර දෙනවකෝ..."

Shin Su මුකුත් කියන්නෙ නැතුවම Jk ව බදාගත්තෙ එයාගෙවත් අවසරයක් නැතුව. Jk ටත් කෙල්ල මෙහෙම කරේ ඇයි කියල හිතාගන්න බැරි වුනත් එයාට එහෙමම ඉන්න දීල එයාව hug කරා.

Shin Su :" Jk... plz... plz.. මට සමාවෙන්න. මං දන්නවා මං එදා හැසිරුනු විදිය වැරදියි. මං කරපු හැමදේටම සමාවෙන්න. ඔයාව reject කරාට සොරි. මං දන්නවා ඔයා මං නිසා කොච්චර විඳෙව්වද කියල.  ඔයා තරමටම නම් නෙවෙයි වෙන්නැති ඒත් මාත් ගොඩක් දුක් වින්දා. මං දන්නවා ඔයා මාත් එක්ක ගොඩක් තරහින් ඉන්නෙ කියල. ඔයාගෙ තරහ සාධාරණයි.  මං හිතන්නෑ ඔයාට මාව ආයෙ ඔයාගෙ යාලුවෙක් විදියටවත් දකින්න ඕනෙ ඇති කියල...මං දන්නෑ ඔයා ගාව මට දෙන්න තරම් සමාවක් ඉතුරුවෙලා තියද කියලවත්.... ඒත් plz මට සමාවෙන්න මෙහෙම කියනවට.. I missed you.... I missed you soooo much. මෙතනින් එහාට මට මුකුත් කියන්න අයිතියක් නෑ කියල දන්නවා. ඒත් plz ආයෙ බොන්න එපා. ඔයා ආයෙ විඳවන්න ඕනෙ නෑ. තමන්වම විනාස කරගන්න එපා මං නිසා...මට ඒක විතරක් පොරොන්දු වෙන්න පුළුවන් ද ඔයාට? ඔයා දෙන ඕන දඬුවමක් පිලිගන්නම්... ඒත් plz  මට සමාව දෙන්න..."

Shin Su එයාගෙ හිතේ තියන දේවල් සේරම කිව්වට පස්සෙ එයා hug එක break කරා. Shin Su ට තාම Jk react කරපු නැති නිසා හරිම awkward ගතියක් දැනුනා. කෙල්ල ඒ නිසා එතනින් යන්න හැදුවත් Jk එයාව නැවැත්තුවා. අතින් ඇදපු පාර කෙල්ල ඇද උඩ ඉන්දවුනා. කෙල්ලට පුදුමෙනුත් පුදුමයි. Shin Su තාම බිංකුණඩි බිම බලාගෙන. ටයිල් පොලවෙ මැණික් ගල් හොයනවද මංද...
අම්මෝ මෙයාගෙ ලැජ්ජාව කියල විහිලු කරන ගමන් නිකටින් අල්ලලා තමන්ගෙ පැත්තට හරව ගත්තා. Jk ගෙ bunny හිනාව දැක්ක ගමන් අඬල අඬලම ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා තිබ්බ Shin Su ගෙ මූණට ලස්සන චූටි හිනාවක් ආවා. Jk කෙල්ලගෙ මූණෙ තිබ්බ කඳුලු පිහිදැම්මා.

Jk :" මේ Shin Su.... ඔයා දැන් ටිකකට කලින් මං දෙන ඕන දඩුවමක් බාරගන්නවා කියල කියනවා වගේ මට ඇහුනෙ ඇත්තටමද?"

කෙල්ල ඔව් කියන්න වගේ ඔලුව වැනුව.
Jk බර සාරෙටම දඬුවම් කල්පනා කරනවා.

Jk :" හරි එහෙනම්.. මේක තමයි ඔයාගෙ දඩුවම. හැබැයි ඒක හරි පොඩි දෙයක්. මං ප්‍රශ්නයක් අහනවා. ඔයා ඒකට උත්තර දෙන්න ඕන. එතකොට ඔයාට දඬුවමත් ලැබෙනවා සමාවත් ලැබෙනවා. තව ඔයාගෙ අර පොරොන්දුවටත් මං එකඟ වෙන්නම්.. කැමතිද? "

Shin Suට හිත ඇතුලෙන් wtf වගේ හිතුනත් ඕනෙ දෙයක් අහපු දෙන් කියල ඒකටත් ඔලුව වනල හා කිව්වා....

_________________________________________

Author's Note....

ඕයේ.... තව ටිකයි....

ඔහොම ඉන්න මං අනිත් එකත් දාන්නම් රෑට..

Jk මොනවගේ ප්‍රශ්නයක් අහයි කියලද හිතන්නෙ?

😘Happy Tae Day Wooki Kookies😘

I 💜 U
#stay_safe
#stay_gold

Miss Right of the Mafia Boss [Completed]Where stories live. Discover now