15

848 174 41
                                    

ඊයේ රෑ ඉදන් තාම මුකුත් කාලා බීලත් නැතුව තුවාල වල තිබ්බ අමාරුවත් එක්ක Shin Su ටිකක් දුර්වල වෙලා හිටියේ. දැන් මේ දේවල් ගැනත් හිතල ගොඩාක් stress වෙලා හිටපු නිසා කෙල්ල එකපාරට කලන්තෙ දැම්මා. Jk එක පාරටම ඉස්සරහට පැනල කෙල්ලව වැටෙන්න නොදී අල්ල ගත්තා. එයාගෙ අතින් හෙමීට gun එක අරගෙන කොල්ලගෙ සාක්කුවට දාගත්තා. Shin Su ව පරිස්සමින් ඇඳේ හාන්සි කරාට පස්සෙ Jin එයාව check කරා. ලාවට උණ ගතියක් ඇරෙන්න වෙන අවුලක් තිබ්බෙ නෑ. කෙල්ලට එහෙමම rest කරන්න දීලා කට්ටියම එතනින් ගියා.

වහාම meeting room එක එකතු වුණු එයාලා කතා කරේ Shin Su ගෙ ප්‍රශ්නෙ ගැන. දැන් Shin Su ට ඕනෙම වෙලාවක Black Eagles ලා ගැන media වලට එලිකරන්න පුලුවන්. අනික එයාලා අතින් Shin Su ට වෙච්ච දේයි කෙල්ල කලින් කියපු කතාවයි ඇහුවට පස්සෙ Shin Su එහෙම නොකරයි කියලා හිත හදාගන්න කාටවත් බැරි වුණා. හැබැයි Shin Su ඒ විදියට Black Eagles ලගෙ ඇත්ත identities එලියට දුන්නොත් personally වගේම professionally ත් ගොඩක් දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙන බව හැමෝම දැනන් හිටියා. කෙල්ල තවදුරටත් මෙහෙ ඉන්නෙ නැති බවත් එයාව තවදුරටත් මෙහෙ තියාගන්න බැරි බවත් කට්ටිය හොඳින්ම දැනන් හිටපු නිසා වෙන දේකට මූණ දෙන්න බලාගෙන තමන්ගෙ වැඩවලට busy වුණා.

Jk එයාගෙ වැඩ ටික ඉවර කරල Shin Su කාමරේ pass කරන් එලියට යන්න හදනකොට කෙල්ල නැගිටලා ඉන්නවා දැක්කා. දවල්ට කන බොන වෙලාවත් පහුවෙලා නිසා කොල්ල ආයෙම කුස්සියට ගිහින් කෙල්ලට කන්න මොනවහරියි කිරි වීදුරුවකුයි අරන් ගියා. කෑම එක night stand එක උඩින් තියල දොරට හේත්තු වුණු Jk කෙල්ලට කන්න කතා කරත් Shin Su මූණ වත් බලන්නෙ නැතුව කන්න බෑ කිව්වා.

JK :" Shin Su.. පණ්ඩිත නැතුව මේක කන්න ලමයෝ. මං දන්නවා ඔයා මාව මරන්න තරම් ලොකු තරහකින් ඇත්තෙ. ඒත් ඔයා ඉස්සෙල්ලා මොනවහරි කාලා ඉන්න ඕනේ. නැත්නම් තව ලෙඩ වෙයි"

Shin Su :" බෑ.. මං කන්නෙ නෑ. කවුද දන්නෙ ඕකට මොන ජාතියෙ වහ දාලා තියද කියල.. අනික plz JK මං ගැන ඔච්චර care කරනව වගේ කරන රඟපෑම නවත්තන්න."

Jk :" yaah yaah.. Shin Su.. පොඩ්ඩක් කට වහන් ඉන්න පුලුවන් ද? විකැර කියවන්න ලෑස්ති වෙන්න එපා. මට තමුන් ව මරන්න ඕන නම් මං ඔයාව මෙච්චර පරිස්සම් කරනවද? අනික ඔයාව මරනව නම් මට ඔයාව එතනම මැරෙන්න ඇරල දාල එන්න තිබ්බ. මට ඔයාව මරන්න වුවමනාවක් නෑ. අනික මං රඟපාන්නෙ නෑ. Plz තේරුම්ගන්න I really really love you.

_________________________________________

Author's Note. ....

Jk ගෙ confession එකට Shin Su කොහොම react කරයිද?
Comment එකක් දාන්න

මගේ chapters ගොඩක් පොඩියි හොදද? හේතු 2ක් තියනෝ. 1) මං මාරම කම්මැලි 2) දිගට type කරොත් මට ඔන තැනින් කුතුහලේ අවුස්සලා නවත්තන්න බැරි නිසා 😂.

ඔන්න ඉතින් ඒ නිසා double update එකක් දුන්නා. මේක හෙට දාන්න මං ලියපු එක. කමක් නෑ ඔන්න ඔහේ දාලා දානවා. ඔබට සතුටුයිද දැන්? 😂😂😂😂

I 💜 U
#stay_safe
#stay_gold

Miss Right of the Mafia Boss [Completed]Where stories live. Discover now