23

819 163 37
                                    

Yoongi කාටද මංද call කරන්න 4n එක සාක්කුවෙන් එලියට ගත්ත වෙලාවෙ missed calls alerts වගයක් තියෙනවා දැක්ක. ඒ alerts Shin Su ගෙන්. මෙච්චර වෙලා phone එක silent තිබුන නිසා එයාට ඇහිල නෑ. එයා අනිත් අයටත් ඒක කිව්ව. බලනකොට හැමෝගෙම 4ns වල Shin Su ගෙ missed call alerts තිබුනා. Ho Seok මොකද්ද වෙලා තියෙන්නේ කියල බලන්න Shin Su ට call back කරා.

Shin Su: "Yeobosaeyo.. hobi oppa!!! මම Shin Su. Oppa ඔයාලා hospital එකේද ඉන්නෙ?"

Ho Seok : "ආ..ඔ.. ඔව් Shin Su..."

Shin Su :"  Yah oppa... කුකී....නෑ මේ... Jk ට දැන් කොහොමද? එයාට ගොඩක් තුවාලද? "

Ho Seok :" ඔව් ටිකක් විතර... එයා දැනට ICU ඉන්නෙ. Doctors ල නම් කිව්වෙ එයාගෙ තත්ත්වය ටිකක් Serious කියල.. ඒත්... ඔයා කොහොමද දන්නෙ.. news එක දැක්කද?"

කෙල්ල news එක දැකපු වෙලාවෙ ඉදන් කඳුළු control කරන් හිටියත් Ho Seok කොල්ලගෙ තත්ත්වය serious කිව්ව වෙලාවෙ ඉදන් ඒ කදුලු තවත් control වෙලා හිටියෙ නෑ. Shin Su ට ඇඬුනා. මහ හයියෙන් කෑ ගහල අඩන්න ඕනෙ වුනත් line එක එහා පැත්තෙ හිටපු Ho Seok ට ඇහෙයි කියන බයට කට අතින් තද කරල වහගත්තා. Ho Seok, Jk ගැන කියල ටික වෙලාවක් යනකං කෙල්ලගෙන් සද්දයක් නොතිබ්බ නිසා කොල්ලටත් ටිකක් upset...

Ho Seok  :" Shin su......"

Ho Seok :" Yaaaaaaaaahh Yoooooonnnnnn Shinnnnnnnnnn Suuuuuuuu...!!!!."

Shin Su :"  ඕ.. ආ.. hobi oppa... මං මේ hospital එකට එන ගමන් ඉන්නෙ.  මගෙන් වෙච්ච වැරදි වලට සමාවෙන්න. Plz මට එන්න එපා කියන්න එපා.. plz.. මට එකම එක පාරක් Jk ව බලන්න දෙන්න. Plz මට සමාව දීල මට එන්න දෙන්න..."

කෙල්ල අඬ අඬම කතා කරපු විදියට Ho Seok ට දුක හිතුනා. Call එක hold කරපු එයා කෙල්ල කියපු දේ අනිත් අයටත් කිව්වෙ එයාලගෙ අදහසත් මොකද්ද කියල බලන්න. Yoongi නම් කෙල්ල එනවට ටිකක් අදිමදි කරා. ඒත් අනිත් අය කිව්වෙ ටිකක් වෙනස් කතාවක්. " කමක් නෑ කෙල්ලට එන්න දෙමු. දැන් Jk ට කෙල්ලව පේන්නෙත් නැති එකේ අවුලක් වෙන එකක් නෑනේ" කියල. මොකද එයාල හොඳටම දැනන් හිටියා Shin Su එදා කොල්ලව reject කරාට  Jk ට ආදරේ කරපු බව.

Call එක ඉවර වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ Shin Su hospital එකට ආවා. Jk ව බලන්න යන්න කලින් කෙල්ල අනිත් 6 දෙනාගෙන් සමාව ඉල්ලුවා එදා කෑ ගහල රණ්ඩු වෙලා ගියපු එකට. කෙල්ල තවත් දේවල් එයාලා එක්ක කතා කරා. ඒ අතරේ පහුගිය කාලෙ Jk හැසිරුනු විදියත් කෙලීල දැනගත්තා. Shin Su ට තමන් ගැනම ලැජ්ජාවක් , තරහක් , වගේම ලොකු දුකක් ඇති වුනා. අද Jk මෙහෙම ඉන්නෙ තමන් නිසා නේද කියන එක කෙල්ලගෙ හිතට වද දුන්නා. මේ හැමදේම අහල ඉවර වෙද්දි කෙල්ල ඇඬුවෙ නෑ කෙල්ලට ඇඬුනා. Shin Su කියපු දේවල් ගැනත් හිතල අනිත් අය එයාට සමාව දුන්නා. ඒත් අද Jk මෙහෙම ඉන්නෙ මේ කෙල්ල නිසා නේද කියල hyung ලගෙ හිත් කිව්වත් එයත් එයාගෙ වැරදි වලට ඇති තරම් විඳවපු බව දන්න නිසා  කාටවත් තවත් කෙල්ලට බනින්න ඕන වුනේ නෑ.  කෙල්ල ගියාට පස්සෙ මොකද්දෝ හේතුවකට RM ගෙ අනුදැනුම පිට V කෙල්ල ගැන විස්තර හොයල තිබුනා. ඒ නිසා කෙල්ලත් කොච්චර විඳෙව්වද කියල එයාල දැනන් හිටියා.

Shin Su ICU එකේ දොර ගාවට ගිහින් හෙමීට කවුලුවෙන් එබිල බැලුවා. Jk හිටපු විදිය දැකපු ගමන් කෙල්ල කලන්තෙ දැම්මා. Jimin කෙල්ලව අල්ල ගත්තෙ නැත්තම් Shin Su බිම. Shin Su ට කවදාවත් Jk ව මේ විදියට දකින්න ඕන වුනේ නෑ. එයාටත් doctorලා treatment කරා. එයාගෙ ඇඟ ටිකක් weak වෙලා වගේ තිබුන නිසා IV එකත් එක්කම Shin Su normal වුනා. රෑ වෙන්න ආවත් තාම කොල්ලට සිහිය ආවෙ නෑ. අනිත් 6 දෙනා වගේම Shin Su ත් එතන තිබුන waiting area එකට වෙලා බලන් හිටියෙ Jk කොයි වෙලේ හරි නැගිටියි කියල. කාගෙවත් මූණට blackness ඇරෙන්න කිසිම emotion එකක් තිබුනෙ නෑ.  කොල්ලො ටිකට Jk ව මෙතන තනියම දාලා යන්න හිත දුන්නෙම නෑ. Shin Su ටත් කොච්චර ගෙදර යන්න කියල කිව්වත් කෙල්ල ගියේ නෑ. එක එක්කෙනා හිටි ගමන් නැගිටලා ගිහින් අර කවුලුවෙන් එබිල Jk දිහා බලනෝ ආයෙ ඇවිත් වාඩි වෙනවා. පැය ගාණක් යනකම් ICU ගාවින් ගියපු ඕනෙ කෙනෙක්ට දකින්න පුලුවන් වුනේ එච්චරයි. Unit එකේ ඉදන් doctor කෙනෙක් එලියට ඇවිත් Namjoon එක්ක කතා කරා. අනිත් අයත් එතනට වෙලා විස්තරෙ අහන් හිටියා.

Doctor  :" I'm sorry Mr.Kim,  Mr. Jeon ගෙ තත්ත්වය ටිකක් Serious...මං ඒ කතාව ඔයාලට කලිනුත් කිව්වනේ.. ඒත් එයාට තව පැය දෙකක් තුනක් ඇතුලත තව operation එකක් කරන්න තියනවා. මොකද එයාගෙ ඔලුව ටිකක්  තදින් damage වෙලා."

Shin Su : "  Doctor... ඒ operation එකෙන් පස්සෙ  එයාට අනිවාර්යයෙන්ම හොඳ වෙයි නේද????"

Doctor :" I'm sorry agussi..අපිට ඒක නිශ්චිතවම කියන්න පුළුවන් කමක් නැහැ. 50 : 50  වගේ තමයි sure කරන්න පුලුවන්. ඒ නිසා ඕනෙම ප්‍රතිඵලයකට ඔයාලා සූදානම් වෙලා ඉන්න"

_________________________________________

Author's Note.....

"ඕනෙම ප්‍රතිඵලයකට සූදානම් වෙලා ඉන්න"

I 💜 U
#stay_safe
#stay_gold

Miss Right of the Mafia Boss [Completed]Where stories live. Discover now