22

799 163 42
                                    

"මෙරට සුප්‍රසිද්ධ සමාගමක් වන Power Play සමාගමෙහි CEO වන Jeon Jung Kook මහතා ගමන් ගත් මෝටර් රථය Seoul අධිවේගී මාර්ගයේදි  තවත් මොටර් රථයක් සමග ගැටේ. මෙම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එලෙස මියගොස් ඇත්තේ Ilsan ප්‍රදේශයේ Yoon Nam Seok නමැති  පුද්ගලයෙකි. ඔහුගේ බීමත්කම නිසා මෙම අනතුර සිදුව ඇති අතර මේ අනතුරින් බරපතල තුවාල ලැබූ Jungkook මහතා ඇතුළු අනෙක් පුද්ගලයන් දෙදෙනා Seoul මහා රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල බවත් ඔවුන් දැඩි සත්කාරයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබන බවත් Newsline අප කල විමසීමකදී දැනගන්නට ලැබුනා.  එම අනතුර අසල තිබූ කැමරාවක සටහන් වී තිබුනු අයුරුයි..."

News එක in detail දුන්නා. අවාසනාවකට හැමෝම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරපු දේම තමයි වෙලා තිබුනෙ. දෙවියනේ... Jk ගෙ car එකයි වෙනත් car එකකුයි තමයි වැදිල තියෙන්නේ.. ඒ වාහනේ ඔක්කොම 3 දෙනෙක් ඉදල ඒ driver තමයි නැතිවෙලා තියෙන්නෙ. වැරැද්දත් ඒ driver ගෙ. ඒ car එකේ ආපු අනිත් දෙන්නටයි Jk ටයි හොඳටම තුවාල. අර car එක වැදුන වැදිල්ලට Jk ගෙ car එක විසිවෙලා ගිහින් පෙරලිලා තිබ්බ විදිය අර cctv video එකේ තිබුනා. Emergency service එකෙන් ඇවිත් කට්ටියව hospital අරන් ගිහින් තිබුනා.

ඒ news එක දැකපු ගමන් කට්ටියට කට උත්තර නැති වුනා. Trip එක වහාම cancel කරපු එයාලා හැරෙන තැපෑලෙන් බඩු ටික pack කරන් ආපහු Seoul යන්න පිටත් වුනා. Car තුනකින් ආවට Jk එකක් අරන් ගියපු නිසා ඉතුරු car දෙකෙන් කට්ටිය ගමන පිටත් වුනා. ගමන අතරමග තමයි කට්ටිය අදාල අදාල අයට කතා කරල විස්තර කිව්වෙ. Tae එයාගෙ මාමට කතා කරල විස්තරෙ කියල ආයෙ ගේ බාරගන්න කිව්ව. Jimin Jk ගෙ secretary ට කතා කරල විස්තර ටික කියල කලබල වෙලා hospital එකට එන්න එපා කිව්වෙ කෙල්ලෙක් එක පාරටම panick වෙලා මේ රෑ hospital එකට දුවන් එන එක හොඳ නැති නිසා. Secretary ත් Jimin කියපු දේ අහල office එකේ වැඩ ටික handle කරන්නම් කියල පොරොන්දු වුනා.

කට්ටයම පුලුවන් ඉක්මනට hospital එකට ගියා. ඒ යනකොටත් කොල්ල icu එකේ.. කොල්ලො ටිකට හරිම දුකයි. Namjoon ගිහින් එතන හිටපු doctor කෙනෙක් එක්ක කතා කරන්න ගිය අතරෙ Jin & Yoongi ගියා paperworks වල වැඩ ටික බලන්න. ඔලුව ටිකක් තදට damage වෙලා නිසා කොල්ලගෙ තත්ත්වය ටිකක් serious කියල doctor කිව්ව. කට්ටය  ICU එකේ දොරේ තිබ්බ කවුලුවෙන් එබිල බැලුවා. මුලු ඇගටම වයර් කෑලි set කරල ඇඟෙන් බාගයක්ම bandage කරං සිහිනැතුව හිටපු කොල්ල දැක්ක ගමන් කාගෙ කාගෙත් ඇස් වල කඳුලු පිරුනා. කාගෙත් පොඩි එකා වගේ හිටපු දැන් ඉන්න විදිය ටිකක් දරාගන්න අමාරුයි. කොච්චර හැඩි දැඩි කොල්ලෙක් වුනත් ඒ අයියල 6 දෙනාට Jk කියන්නෙ තාමත් එයාලගෙ පොඩි එකා වුනා. Jimin එතන එහා පැත්තේ තිබ්බ bench එකෙන් වාඩි වෙලා අත්දෙකෙන් මූණ වහගත්තත් කොල්ලට ඇඬුනා. Jimin මෙහෙම අඬනව බලන් ඉන්න බැරි කමට Tae ගිහින් Jimin බදාගෙන එයාව calm කරන්න try කරා. Tae ගෙ ඇස් වලින් කඳුලු වැටෙන්න හැදුවත් එයා පුදුම කට්ටක් කාලා අඬන්නෙ නැතුව හිටියෙ දුකක් නැතුව නෙවෙයි... සේරම එක්ක අඬන්න ගත්තොත් මේක melodramatic නාට්‍යක් වෙනවනේ.. අන්න ඒ නිසා කොල්ල හිත හයිය කරන් හිටියා. එයා විතරකී නෙවෙයි හැමෝම එහෙමයි. පැයක් දෙකක් ගියත් තාම කොල්ලට සිහිය එන පාටක් තිබ්බෙ නෑ. ඒත් අර 6 දෙනා කොහෙවත් නොයා එතනට වෙලා බලාගත්තු අත බලාගෙන හිටිය. කාටත් හරිම මහන්සියි. ඒත් කොල්ල ඇස් අරිනකම් එයාලට එතනින් යන්න හිත දුන්නෙම නෑ...

ඔය හැමදේම වෙන අතරතුරේදි media වලිනුත් ආවා. අඩුවෙලා තිබ්බෙත් එච්චරයි 😂.  මෙයාලට ඒවටත් උත්තර දෙන්න සිද්ද වුනා. Company 7 ක CEO ලා වුනත් මෙයාලා හොඳම යාලුවො කියල media වුනත් දන්නවා. ඊට හපන් Jk ගෙ office එකේ මිනිස්සු. සැරෙන් සැරේට call කරල "sir.. අපේ boss ට කොහොමද" කිය කිය අහනවා. මොනා වුනත් කට්ටය කොල්ලගෙ අම්මටයි තාත්තටයි මේ කිසි දෙයක් එකපාර කියන්න ගියේ නෑ. එයාලා හිටියෙ America  වල . ඒ නිසා එයාලව බය කරල තකහනියක් Korea ගෙන්න ගන්න කට්ටිය කැමති වුනේ නෑ.. කොල්ල කොහොම හරි හොඳ වෙයි කියන බලාපොරොත්තුව හැමෝගෙම හිත්වල තිබ්බ... ඒත් ඉතින් කවුද දන්නෙ ඉස්සරහට මොනාවෙයිද කියල.....

________________________________________

Author's Note....

Calm down ma dear wooki Kookies 😆.....

ඔයාලා හිතන්නෙ Jk මැරෙයිද ජීවත් වෙයිද?

Shin Su කෝ?

I 💜 U
#stay_safe
#stay_gold

Miss Right of the Mafia Boss [Completed]Tempat cerita menjadi hidup. Temukan sekarang