16

833 176 38
                                    

.....I really love you "

ඒ වචන ටික ඇහුනට පස්සෙ Jk ගෙයි Shin Su  ගෙයි කටවල් බාගෙට ඇරුනෙ මේ වෙච්ච දේ හිතාගන්න බැරුව. Jk කිසිම මොහොතක මේ විදියට confess කරන්න බලාපොරොත්තු වුනේ නෑ. අනික Shin Su කවදාවත් Jk confess කරයි කියල හිතුවෙත් නෑ. දෙන්නටම ගොඩක් පුදුමයි. Shin Su කොල්ලට ආදරේ කරත් එයාගෙ හිතේ තිබුණ තරහ ඒ ආදරෙත් යට කරගෙනයි තිබුනේ. කෙල්ල emotionless ඇස් වලින්  Jk දිහා තත්පර කිහිපයක් බලාගෙන ඉදල මේසේ උඩ තිබ්බ කිරි එක අරන් එක හුස්මට බීගෙන බීගෙන ගියා. දඩාං ගාලා glass එක මේසේ උඩ තිබ්බ Shin Su එයාගෙ wardrobe එක ගාවට ගිහින් කාමරේ කොනක තිබ්බ travelling bag එකට ඇඳුම් අහුරන්න පටන් ගත්තා. Jk මේ හැමදේම දිහා මුකුත් නොකිය බලං හිටියා. ඒත් කෙල්ල ඇඳුම් pack කරද්දී තමයි කොල්ලට තේරුනේ ඊලඟට වෙන්න යන්නෙ එච්චර හොඳ දෙයක් නෙවෙයි කියන එක. කොල්ල හෙමීට ගිහින් කෙල්ලගෙ අතින් අල්ලල එයාව තමන්ගෙ පැත්තට හරව ගන්න හැදුවත්  කෙල්ල අත ගසල දාලා තමන් කර කර හිටපු වැඩේ කරා.

Jk :" Shin Su.. ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ? එදා වුනේ අත්වැරදීමක්. මම ඔයාගෙන්  සමාව ගත්තනේ. Plz සමාව දෙන්නකෝ...."

Shin Su :"  හහ්... ඔයා මාර කතානේ කියන්නෙ. දැන් ඔයා කියන්නෙ  ඒක අත්වැරදීමක්  කිව්වම මං සමාව දෙන්න ඕන කියලද?  ඕයා කවදහරි මාව මරල ඉවරවෙලත් sorry ඒක අත්වැරදීමක් කිව්වොත් මං ඒකට සමාව දෙන්න ඕනද? ආ?..."

Jk: "Yaaah.. Yoon Shin Su------"

Shin Su :" ඇයි මොකද??? කොහොමත් ඇත්ත තිත්තයි නේ..."

Jk:"  plz.. මට ඔයා එක්ක රණ්ඩු වෙන්න ඕන නෑ. මාව දාලා යන්න එපා Shin Su...plz.. Shin Su don't leave me... I love you..."

Shin Su :" Yah.. Jk.. stop the drama plz...දැන් ඔයා හිතන්නෙ ඔයා මට ආදරෙයි කිව්වම මං ඔයාට  සමාව දීල ඔයාව පිලිගන්න ඕන කියලද? ඒව හදේ"


Jk:" ඔයාට කැමති දෙයක් ඔයා හිතාගන්න. ඒත් ඊට කලින් පොඩ්ඩක් මං කියන දේ අහන් ඉන්න. මං ඔයාගෙන් සභාව බලාගෙන කවදාවත් ඔයාට ආදරේ කරේ නෑ. එදා මං මගේ අතින් ඒ වෙච්ච වැරැද්දට කොච්චර විඳෙව්වද කියල දන්නෙ මම ම විතරයි. ඔයගෙ responsibilities මං බාරගෙන ඔයත් එක්ක කැලය ගත කරද්දි තමයි මටත් නොදැනීම මං ඔයාට ආදරේ කරනව කියල. නැතුව මං ඔයාට කවදාවත් හිතල ආදරේ කරල නෑ. එදා ඉදන් මේ මොහොත වෙනකම්ම මං මට පුළුවන් හැම විදියකටම ඔයාව පරිස්සම් කරා. මං විතරක් නෙවෙයි hyung ලා හැමෝමත් ඔයාට ආදරේ කරෙ එයාලගෙම පොඩි නංගි කෙනෙකුට වගේ. ඔයා ඒක දන්නවා කියල මං දන්නවා. එදා ඒ party එකට ඔයාට යන්න දුන්නෙ ඔයා ගොඩක් ආසාවෙන් හිටපු නිසා මිසක් මං කැමැත්තකින් ඔයාට යන්න දුන්නෙ නෑ. ඒ tracker එක මං ඔයාගෙ bag එකට set කරේ අනතුරක ඉවක් දැනුන නිසයි. මං ඔයාට මේ දේවල් ගැන කියන්න කොච්චර උත්සාහ කරත් ඒ හැම වෙලාවෙම ඔයා වෙන කතාවක් ඇදල අරන් මට කියන්න දුන්නෙම නෑ.  I need you Shin Su... because I love you.. ඒත් මං දැන් හොඳටම දන්නවා ඔයාට මං ගැන තියෙන්නෙ ලොකු වෛරයක් කියල. මට ඔයාව නවත්තන අයිතියක් නෑ. කමක් නෑ.. ඔයාට කැමති දෙයක් ඔයා කරන්න. මං මෙතනින් එහාට තවත් මුකුත්ම කියන්නෑ. ඒත් අන්තිම වතාවටත් කියන්න තියෙන්නෙ මේ වෙච්ච හැමදේටම I'm sorry"

Shin Su : " I'm sorry Jk... මට ඔයාට සමාව දෙන්නත් බෑ.. සමාව දෙන්නෙත් නෑ.  Let me go. අනික මේකත් හොඳින් මතක තියාගන්න. I don't want you because I don't love you. ඔව් ඔයා හරි I hate you kook.. I really really hate you"

Shin Su පුලුවන් තරම් හිත හයිය කරන් එක පාරම ඒ වචන ටික කියල දැම්මා. ඒත් කෙල්ලගෙ යටි හිතට ඕන වුනේ  ඒ විදියට react කරන්න නෙවෙයි. ඇත්තටම කෙල්ලට ඕන වුනේ.. කොල්ලව බදාගෙන පපුවට ඔලුව තියන් කෑ ගහල අඩන්න. ඔයා අඩන්න එපා jk මං ඔයාට මේ හැමදේටම සමාව දුන්න කියල කියන්න.. ඔයා විතරයි නෙවෙයි මැණික මාත් ඔයාට පණ තරම් ආදරෙයි කියන්න.. අපි මේ හැමදේම අතෑරල මුල ඉදන් පටන් ගමු කියන්න... ඒත් කෙල්ලට කියවුනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. කෙල්ලගෙ ඔලුව වෙන කවුරු හරි කෙනෙක් control කරනව වගේ කෙල්ලට දැනුනේ. ඒත් Jk.... කොල්ලට දැනුනෙ කවුරු හරි එයාට පිහියෙන් ඇන්නට වඩා වේදනාවක්. ඒත් එයා ඉවසගෙන හිටියට කොල්ලට හොරාට ඒ ඇස් වලින් කඳුලක් දෙකක් රූරා වැටුනා. මේ දෙන්නගෙ සංවාදේ ටිකක් හයියෙන් හයියෙන් ඇහුන නිසා අනිත් අයත් ඒ පැත්තට එන ගමන් හිටියෙ මොකද්ද මේ වෙන්නෙ කියල බලන්න. කෙල්ල එයාගෙ බඩු ටික pack කරගෙන Jk ට ගස්සල කාමරෙන් එලියට බහින්න හදනකොටම අනිත් අයත් එතනට ඇවිත් ඉවරයි. අනිත් අය කතා කරන්න කලින් කෙල්ල කතා කරා.

Shin Su: " මම යනවා. මාව නවත්තන්න උත්සාහ කරන්න එපා. මොකද ඔයාලට එහෙම අයිතියක් නෑ. එදා ඔයුල භාව මරන්න හැදුව කියල මට පොලිසියට කියන්න ඕන වුනත් මං එහෙම කරන්නෙ නෑ. අනික මං ඔයාල ගැන media වලට එලි කරන්නෙත් නෑ. මං දන්නවා මං එහෙම කරොත් ඔයාලට ගොඩක් ප්‍රශ්න වලට මූන දෙන්න වෙනව කියල. මං එහෙම කරන්නෙ වෙන මුකුත් නිසා නෙමෙයි... එදා ඔයාල අතින් ඒ සිද්දිය වුනාට ඒ මොහොතේ ඉදන් මට මැරෙන්න නොදී මාව බලාගත්තනේ. ඒත් මං ඔයාලට සමාව දෙන්නෙ නම් නෑ. අදින් පස්සෙ මං ගැන හොයන්න එපා. මං කියල කෙනෙක් හිටියෙ නෑ කියලා හිතන්න. එහෙනම් මං ගියා. පරිස්සමෙන් ඉන්න. හැමොටම bye..  "


_________________________________________

Author's Note....

Update කරන්න පරක්කු වුනාට සොරි...
මෙතනින් එහාට මොනා වෙයිද?

ඊලග චැප්ටර් එක ඉක්මනින් දෙන්න බලන්නම් ☺

I 💜 U
#stay_safe
#stay_gold

Miss Right of the Mafia Boss [Completed]Where stories live. Discover now