100 Ways chapter 12💟

Começar do início
                                    

ම්ම්......එසේද..chun mei විමසුවා....
එසේ තමයි..jia er නැගී සිටියා...
ඔබ මෙහි පැමිණ කොපමණ වේලාද...jia er විමසුවා ....
දැන් හෝරාවකටත් ආසන්නයි...මා සවස් වීමට පෙර පිටවිය යුතුයි...chun mei වාද්‍ය භාණ්ඩය රැගෙන නැගී සිටියා.....
මා එසේනම් පිටත් වන්නම්...සුබ දවසක්...chun mei jia er ට හිසනමා ආචාර කොට මඳ දුරක් ගමන්කලා.....

Chun mei......jia er හදිසියේ ඇයට කතා කලා...chun mei නැවතී හැරී බැලුවා...
Jia er ඈ අසලට පැමිණියා....

ඇයි ඔබතුමා මට කතා කලේ...ඇය විමසුවා...
මට යමක් දැනගැනීමට අවශ්‍යයි...jia er ඇගේ මුහුණ දෙස බලාගෙන පැවසුවා...
විමසන්න.....

ඔබ පැවසුවා නේද...ඔබ යුධ සෙබලෙකුට සෙනෙහස දැක්වීමට කැමති බව...මතකද...ඔහු විමසුවා....
එහෙමයි...chun mei පුදුමයෙන් මෙන් පිලිතුරු දුන්නා.....

Chun mei.........jia er ඇගේ දෑස් දෙස බැලුවා...
ඔහුගේ තියුණු දෙනෙත් වල අමුතු හැඟීමක් ගැබ්වී තිබූ බව chun mei නොදැන සිටියා නොවේ....
ඔබ ඒ පැවසූ දෙය...තවමත් ඔබ කිරීමට සූදානම්ද.....jia er ඈ දෙස බලාගෙනම විමසුවා......

Chun meiගෙ සිත ඔහුගේ එම හදිසි පැනය නිසා කලබලයට පත් වූවා...ඇගේ හදවත ඉතා වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තා...jia er ගේ දෑස් තවමත් ඈ වෙත එල්ල වී තිබුනේ ඇගේ පිලිතුර බලාපොරොත්තුවෙන්........

එ.....එහෙමයි...chun mei ගොතගසමින් පැවසුවා....
Jia erගේ මුවෙහි ඉතා කඩවසම් සිනහවක් ඇඳුනා.....

මා එසේ නම් පිටවන්නම්...සේනාධිපතිතුමා...ඇය නැවත යාමට හැරුනේ කලබලයෙන්...නමුත් ඇයට වඩා jia er ගේ ශක්තිමත් දෑත වේගවත් වුනා...

Jia er ඈට යාමට නොදී තමාවෙතට ඇදගත්තේ වේගයෙන්.......
සේ....සේනාධිපතිතුමා....chun mei මිමිණුවා...

Chun mei....මට ඒ අවස්ථාව ලබාදීමට ඔබ අකමැතිද....chun mei ගේ දෑතින් අල්ලාගත් jia er විමසුවා....
ආ...........chun mei සෙමින් හිස ඔසවා ඔහුගේ මුහුණ දෙස බැලුවා...එහි යම් නොඉවසිලිමත් බවක් ඇඳී තිබුනා.....

Chun mei....මට කිසිදු දිනක තරුණියක් පිලිබඳ මෙවැනි හැඟීමක් දැනී නැහැ...
ඔබයි පලමුවැන්නිය...ඔබයි මා සිත්ගත් පලමුවැන්නිය...jia er පැවසුවා...
සේනාධිපතිතුමනි.................
ඉතින්...පවසන්න...ඔබ සෙනෙහස දැක්වීමට කැමති යුධ සෙබලා වීමට මා සුදුසුද....jia er ඈ අත නොහැරම විමසුවා....
Chun mei ලැජ්ජාවෙන් මෙන් බිම බලාගත්තා...

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Onde histórias criam vida. Descubra agora