53

107 25 140
                                    

"හෙලෝ අයියෙ,
උඹේ තාත්තද කොහෙද හොස්ටල් එකට ඇවිත් මෙන්න උඹව හොයනවා!"

චුක්කාගෙ කෝල් එක මාව දිව්‍ය ලෝකෙ ඉඳන් දඩස් ගාලා මහ පොළවට ඇදගෙන ආවා.

"ආ...
හරි හරි!
උඹ කියපංකො මං එන්න රෑ වෙනවා කිව්වා කියලා.
මොකුත් සංග්‍රහ කරන්න, කාමරේට එක්ක යන්න ඕනෙ නෑ.
විස්තරේ කියලා ශේප් එකේ අයින් වෙයං!"

මං කිව්වෙ නැත්තම් ඕනවට වඩා කතාවට ගිහින් ඕනෙ එකයි එපා එකයි සේරම තාත්තගෙ කනට යන්න පුළුවන් නිසා.

ඊලඟට මං කෝල් එක කට් කරලා හසූ දිහාවට හැරුනා.
මගේ සුදු පූස් පැටියා ඇස් දෙකත් බෝල කරගෙන මෙන්න ඉතින් බලාගෙන ඉන්නවා.

"දැන් මොකද කරන්නෙ අද්වි?
ශේප් එකේ හොස්ටල් එකට යාගන්න බැරි වෙයිද?"

මේකා දැනටම බය වෙලත් ඉවරයි.

"ඒ මොකටද?"

මං ඇහුවෙ ගනන් ගන්නැති තාලෙට ඇඳ උඩින් වාඩි වෙන ගමන්.

"තාත්තා ඇවිල්ලා කිව්වෙ!"

"අනේ ඉතින් අපිට මොකෝ....."

කතාව ඉවර කරගන්න වුනේ නෑ.
ෆෝන් එක ආයෙමත් රිං වෙන්න ගත්තා.
ඒ තාත්තා.

තාත්තගෙ කෝල් එක ඉවර වෙන්න ටිකක් වෙලා ගියා.
මං කොහෙද ඉන්නෙ?
කීයටද එන්නෙ?
තාත්තා රෑට කෑම එකක් ගෙනවා.
ගෙදරින් එන්න කලින් කිව්ව දේවල් මතකයි නේද?

ඔහොම ඔහොම මහා පතාර හෑල්ලක් කියවලා කියවලා එයා කට් කලේ.

කැම්පස් එකේ තියෙන කුප්පිය ඉවර වෙන්න රෑ වෙන නිසා කෑම එක චුක්කට දීලා ගෙදර යන්න කියලා මං තාත්තට කිව්වා.
හැබැයි දැන් ෆැකල්ටියටත් ගිහින් මාව හොයන්න බැරි හාදයෙක් නෙමෙයි තාත්තා කියන්නෙ.
ඒත් කමක් නෑ.
ඕන තැනක හොයලා හොයලා අන්තිමට ගෙදර යන්නැතෑ.

හැබැයි කෝල් එක කට් කරලා අනිත් පැත්ත හැරුනා විතරයි මාව ගැස්සිලා ගියා.

"ආ..."

මට කෑගැස්සුනා.

"ආ....
ඇයි ඇයි මොකද්ද?"

මොකෙද්දෝ මන්දා හොල්මනක් කොර ගහ ගහම මගේ පැත්තට දුවගෙන
ඇවිත් මගේ ඇඟ දිගේ නගින්න පටන් ගත්තා.
මට හිනා ගියා.
අනේ ඉතින් ලෝකෙ හොල්ලන්න පොර ටෝක් දෙන පරාස්සයෙක් නේද මේ!

කඩතොළුWhere stories live. Discover now