47

106 24 173
                                    

"බලාගෙන හිටපං!
තොගෙ තාත්තාගෙන් ගන්න බැරි පලිය අපි තෝව මරලා හරි ගන්න එක ගන්නවාම තමයි!"

"දැන් මොකද්ද.......
හෙලෝ...
හෙලෝ......!!!"

ඌ මට කතා කරන්න නොදී කෝල් එක කට් කලා.
මොකාද මූ?

මං ඌට ආයෙමත් ගත්තා.
ඒත් දැන් ඒ නම්බරෙක බිසී.

මං අත් දෙකෙන්ම ඔළුව පොඩි කරගන්න ගමන් ආයෙම ආපස්සට හැරුනා.

මේ මොකද්ද මේ වෙන්නෙ?
ආකාශ්?
ඌව මරන්න තරම් තරහක් තිබුනෙ කාටද?
උන් හිතන හැටියට මේ ඔක්කොම අපේ තාත්තගෙ වැඩද?
ඒත් ඇයි?
ඔය වගේ අවධානම් වැඩ කරලා තාත්තා මොකටද නිකං බොරුවට අමාරුවෙ වැටෙන්න හදන්නෙ?

ඉස්සර වෙච්ච දේවල් වලට නම් හේතු තිබුනා.
ඒත් දැන්?

අනේ මන්දා!
මේ හැමදේම මහා අවුල් ජාලාවක් වගේ.
හැබැයි ඔය කොයි දේටත් වඩා මට දැන් බය හසූ ගැන.

කලින් ඇක්සිඩන්ට් එක කොහොම සිද්ද වුනාද කියලත් අපි හරියටම දන්නෙ නෑ.
ඒ ගැන තියෙන්නෙත් සැකයක් විතරයි.
දැන් එහෙන් ආකාශ්ටත් මොනවා හරි දෙයක් වෙලා.
මේවා ඇත්තටම මොකක්හරි ප්ලෑන් එකකට සිද්ද වෙන දේවල් නම් ඊලඟ ගොදුර හසූ වෙන්න බැරිකමක් නෑ.

මගේ ඇඟ පුරාම හීනියට දාඩිය බින්දු මතු වෙද්දි මාව වෙව්ලලා ගියා.
හසූ...
ඌව එකම එක මොහොතකටවත් තනි කරන්න හොඳ නෑ!

මම ආපහු අනිත් පැත්තට දුවගෙන ගියා.

"අද්වී!
අද්වී!!!"

මම දොර අරිනවත් එක්කම හසූ මගේ ඇඟට පැන්නා.

"ඇයි?
ඇයි?
මොකද වුනේ?"

අපි දෙන්නම එකටම කෑගැහුවා.

හොඳට මගේ දිහා බලපු  හසූ මාව හැම පැත්තටම හරව හරව මොකද්දෝ මන්දා විකාරයක් කරන්න පටන්ගත්තා.

"මොනවත් වුනාද අද්වි?
කවුරුහරි කරදර කරන්න හැදුවද?"

"මට?
නෑ!
ඇයි එහෙම ඇහුවෙ?"

මං ඇහුවෙ පුදුම වෙලා.
මං මේ බය වෙලා ඉන්නෙ හසූ ගැන.
ඒ අස්සෙ මේ මොනවද මූ මේ කියවන්නෙ?

හසූ මගේ ඇස් දෙක දිහා එක එල්ලෙම බැලුවෙ මං කියන්නෙ ඇත්තද බොරුද කියලා ඌට විශ්වාසයක් බෑ වගේ.

කඩතොළුWhere stories live. Discover now