52

82 26 63
                                    

"ඇත්තටම උඹට මාව එපා කියලා හිතුනද අද්වි?
ඉපදෙන ආත්මෙකටවත් මුණ ගැහෙන්න ඕන නෑ කියලා හිතුනද?
ඒත් ඒක මට හරිගස්ස ගන්න ඕනෙ අද්වි?
මං මොනවා කලොත්ද අපිට හැමදාමත් එකට ඉන්න පුළුවන්?"

බෝනික්කෙක් මගේ බෙල්ල අස්සෙ ඉඳන් මුණු මුණු ගානවා.
අනේ ඉතින් කෝලම!

"මොනවා කලාටත් නෙමෙයි!"

"එහෙනම්?"

"මං කියන්නෑ!"

"මං කවදාවත් එහෙම කරන්නෑ.
ඒත් මට බය හිතුනා අද්වි.
අනික මං අංකල්ට ඇවිත් උඹව එක්කගෙන යන්න කිව්වෙත් නෑ.
මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා විතරයි කිව්වෙ.
එයාට කිව්වොත් උඹේ ආරක්ශාව ගැන නොබලා ඉන්නෙ නෑනෙ.
මං මෙහේ කකුලකුත් කඩාගෙන උඩ බලාගෙන ඉන්න අතරෙ උන් උඹට මොනවම හරි කරදරයක් කලොත් මොකද කරන්නෙ?
ගන්න පුළුවන් හැම උදව්වක්ම අපේ පැත්තට ගන්න විතරයි අද්වි මට ඕන කලේ!"

"හ්ම්..."

"ඇත්තටම මං උඹව රවට්ටන්න නෙමෙයි හැදුවෙ.
අංකල් මෙහෙට එනවා කිව්වම මට කරගන්න දෙයක් නැති වුනා.
එයා කියද්දි උඹට ආරක්ශාව තියෙන්නෙ ඒ ගේ ඇතුලෙ විතරයි කියලා මං කොහොමද අද්වි උඹව බලෙන්ම තියාගන්නෙ?"

"ඒත් උඹට මට කියන්න තිබුනා.
උදේ නැගිටලා මං කොච්චර බය වුනාද කියලා දන්නවද?"

"කිව්වනම් උඹ අංකල්ට කියන්න දෙන්නෙ නෑනෙ.
බය වෙන්න දෙයක් නෑ කිය කිය බලං ඉන්නවනෙ!"

"කොහොම වුනත් උඹ කරපු වැඩේ වැරදියි!"

හසූ නිල් පාට වෙලා ගියා.
ඇස් දෙක බෝල ගෙඩි දෙකක් වුනා.

"අද්වී... මට සමාව දෙන්නම බැරිද?"

"ම්හු!"

"මං.. මං...
ඕනම දෙයක් කරන්නම්!
ඇත්තමයි!"

"පොඩ්ඩක් කට වහහෙන හිටපංකො බං.
කොච්චර වෙලාවකින්ද මෙහෙම සැනසිල්ලෙ හුස්මක් ගන්නෙ කියලා උඹ දන්නවද?

හසූව බදාගෙනම මං ඇස් දෙක පියාගත්තා.
ඒ වුනාට ඒ මල කෝලම මගේ ලඟින් නැගිටලා යන්න හැදුවා.
මූත් එක්ක බෑ.

"යන්නෙපා සුදු පූසො!
මට ඕනෙ මෙන්න මෙහෙම තුරුල් වෙලා ඉන්නනෙ!"

කඩතොළුWhere stories live. Discover now