43

112 31 177
                                    

"වෙන මොකක්වත් නෙමෙයි.
ඕක ඔය කොල්ලගෙ කාලකණ්ණිකම.
අම්මයි, තාත්තයි දෙන්නම මලා.
ඉන්න හිටින්න තිබ්බ තැනත් විනාස වුනා.
දැන් බලපං අඩුමගානෙ උඹලටවත් වගතුවක් තියෙනවද කියලා.
හරි හමං රස්සාවක් නෑ!
ආසාවට කොහේවත් යන්න, රසට කෑමක් කන්න අතේ පිච්චියක් රැඳෙන්නෑ!
ඔහොම ජීවත් වෙතැහැකිද බං?"

"කනවා නම් කාපං.
නැත්තම් නිකං හිටපං.
අපිට උඹව හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ!"

"මදහස්!!
උඹ ලොකු එකා නේද?
පොඩි එවුන් එක්ක හැම මගුලටම රණ්ඩුවට නොයා උන් ඉල්ලන දෙයක් දීලා දාලා පාඩුවෙ පැත්තකට වෙලා හිටපංකො!"

"මේ කේක් කෑලි දෙක ගෙනාවෙ පොඩි උන් දෙන්නට!"

"පුතා,
උඹේ දේවල් තනියෙං කරගන්න පුරුදු වෙයං බං දැන්.
අපිට හැම මගුලටම පස්සෙං එන්න බෑ."

"හැම එකටම අඬන්න තියාගන්නැතුව කනක් ඇහිලා ඉන්න දීපං කොල්ලො.
උඹ ගෑනියෙක්ද?
අර පොඩි උන් දෙන්නගෙන් නෑනෙ මෙහෙම වදයක්!"

"එපා!
එපා!
අනේ ගහන්නෙපා!"

"ඌ නිසා උඹලා දෙන්නගෙ ජීවිත නිකම්ම විනාස වෙලා ගියා.
මට හිතෙන්නෙ, උඹලට වගතුවක් වෙන්න නම් දැන්වත් ඌව මේ ගෙදරින් පිටමන් කරන්නම ඕනෙ."

"ලොකු පුතා!
උඹ ඉස්කෝලෙ හොස්ටල් එකේ නතර වුනා නම් ලේසියි."

"මදහස්!!!
කොල්ලො එක්ක ගහගන්න යන්නෙ දැන් උඹ ඉලන්දාරියෙක්ද ආ??
රස්තියාදුකාරයෙක්,මිනීමරුවෙක් වෙන්නද ඕනෙ?
උඹට නම් ඕනෙ මගුලක් කරගත්තට අපිට කමක් නෑ.
හැබැයි එහෙම නම් මේ පොඩි එවුන් දෙන්නවවත් අපිට හදාගන්න දීලා ගෙදරින් එලියට බැහැලා පලයං!"

"උඹලා මේ නැහෙන නැහිල්ලට අරූ කවදාහරි පොඩි උන් දෙන්නටවත් බැලුවොත් හොඳයි.
ඒ වුනාට ඉතින් අනුන්ගෙ එවුන් කවදාවත් තමන්ගෙ වෙන්නෑ."

"උඹ වගේ මුරණ්ඩු කොල්ලෙක්ව හදපු අපිට තමයි පොල් පිත්තකින් ගහන්න ඕනෙ!"

කඩතොළුUnde poveștirile trăiesc. Descoperă acum