51

96 26 136
                                    

"ඔය මිනිස්සු අපේ හැමදේම විනාස කරන්න හැදුවෙ!"

"මම ඔය කිසිම දේකට සම්බන්ධ නෑ පුතා.
තමන් කරපු දේවල්වල අස්වැන්න තමයිමිනිස්සු නෙලාගත්තෙ!
මට විතරක් නෙමෙයි.
තව කීදෙනෙකුට ප්‍රශ්න ඇති කලාද?"

"පුතා නොදන්නවා වුනාට ඔය ළමයත් එදා ඉඳන්ම අපිට කලේ හතුරුකම් විතරයි.
පොඩි කාලෙ ඉඳන්ම ඔළුවට විස කවපු ළමයෙක්!
තාත්තගෙ ඉගැන්නුම් බහට පුතාව වතුරෙ ගිල්ලන්නත් හැදුවා.
අහල පහල මිනිස්සු දැකලනෙ වාසනාවට වගේ බේරගත්තෙ."

"ආකාශ් කියලා කෙනෙක් නෑ පුතා.
ඒ ඔය මදහස් කියන කෙනා තමන්ගෙ වාසියට හදාගත්ත චරිතයක්!
ඕන නම් හොස්පිට්ල් එකට කෝල් කරලා බලන්න.
එහෙම කිසිම කෙනෙක් නෑ!"

"දැන් ඊලඟට ඌ පුතාව රවට්ටගෙන ගේ අස්සට පැනගන්න බලයි.
නැත්තම් අපේ බිස්නස්වලට සම්බන්ධ විස්තර මොනවම හරි ක්‍රමේකින් හොයාගන්න බලයි.
ඒ නිසා පරිස්සම් වෙන්න!
පලිගන්න බලාගෙන ලං වෙච්ච එකෙකුගෙ උගුල්වලට අහුවෙන්න එපා!"

තාත්තා කියපු දේවල් එක්ක මගේ මොළේ විකාර වෙලා ගියා.
එයාට අනුව හසූ කරන්නෙ බොරුවක්.
ඇක්සිඩන්ට් එක,
කකුල කැඩුන එක,
ඒ ඔක්කොම බොරු!
ඌ අනුකම්පාව ගන්න රඟපානවා.

මේ ප්‍රශ්නෙ එන්න එන්නම නූල් බෝලයක් වගේ පැටලෙනවා.
තාත්තා කියන්නෙ ඇත්ත නම් හසූගෙ තාත්තගෙ මරණෙට අපේ කිසිම සම්බන්දයක් නෑ.
ඒ සාක්ශි ඔක්කොම හසූම හදපු ඒවා.
ඒවා ඌම මට දෙනවට වඩා වෙන
ක්‍රමේකින් ලැබෙන්න සලස්වන එක වාසිදායක නිසා ආකාශ් කියලා කෙනෙක්ව හදලා අහම්බෙකින් වගේ ලැබෙන්න සලස්වනවා.

හොස්පිට්ල් එකේදි රිපෝට් මාරු කරලා කකුල කැඩුනා කියලා බොරුවක් කරනවා.

ඌ මාවම හොයාගෙන එන්නෙ,
මට ලං වෙන්නෙ,
ආදරෙයි කියලා පෙන්නන්න හදන්නෙ, ඔක්කොම බොරුවට.
පලිගන්න ක්‍රමයක් හදාගන්න විතරයි.

කඩතොළුWhere stories live. Discover now