හසූ..
හසූ...
අනේ දෙයියනේ හසූ...මම කාමරෙන් එලියට දුවගෙන ගියේ පිස්සුවෙන් වගේ.
"අම්මේ!
අම්මේ!
කෝ මගේ කාරෙකේ යතුර?"මං ගේ දෙදරන්න කෑගැහුවා.
"පුතා!
මොකද මේ කෑගහන්නෙ???""අනේ අම්මෙ මට කතා කර කර ඉන්න වෙලාවක් නෑ.
කෝ යතුර???""යතුර මොකටද දැන්?
කොහේ යන්නද?
ගෙදර ආවා විතරයිනෙ!"ආ...ශ්!
මේ මිනිස්සුත් එක්ක කතා කරලා වැඩක් නෑ දෙයියනේ!මං එලියට බැහැලා දුවන්න පටන් ගත්තා
"පුතා!
පුතා!
කොහෙද ඔය දුවන්නෙ??
ඉන්න මං නිහාල්ට කෝල් එකක් දෙන්නම් ඇවිත් ඕනෙ තැනක එක්ක යන්න කියලා!
ළමයො!
ඔහොම දුවන්න එපා!
කකුල හොඳ වුනා විතරයි නේද?"අම්මා කෑගහන සද්දෙ ඇහෙද්දි මං තව හයියෙන් දිව්වා.
අංකලයත් එක්ක කාරෙකේ යන්න පුළුවන් ගමනක් නම් මං යතුර ඉල්ලන්නෑනෙ අම්මෙ!
මේ ගමන මට යන්න ඕනෙ ඒ මිනිහට දැනගන්න නොදී!"අයියෙ,
අනේ ඉක්මනට පේරාදෙණියට යං!"පාරෙ ආපු ත්‍රීවීලර් එකකට අත දාලා නවත්තපු මං ඇතුලට නැග්ගා නෙමෙයි පැන්නා.
ඊලඟට ෆෝන් එක ඇදලා අරන් චුක්කා මල්ලිගෙ නම්බරෙකට කෝල් එකක් ගන්න හැදුවට ඒක කරගන්න මට බෑ.
මොකද මාව හොඳටම වෙව්ලනවා.හසූ...
අනේ හසූ...
මං මේ හැමදේම උඹ වෙනුවෙන් කරද්දි මාව දාලා යන්න නම් හීනෙකින්වත් හිතන්න එපා!"හෙලෝ!
හෙලෝ! අනේ මල්ලි මගේ කොල්ලට කොහොමද?
ඌ හොඳින් ඉන්නවා නේද?""උඹ කොහෙද අයියෙ?
එන ගමන්ද?""ඔව් යකෝ ඔව්!
අනේ ඌට කොහොමද කියපංකො බං.""ඌ ඉන්නවා අයියෙ.
දැන් වෝඩ් එක ඇතුලට අරන් ගියා.
උඹ හෙමීට වරෙන්කො.
අපිත් හොස්පිට්ල් එකේනෙ ඉන්නෙ.
ඒ නිසා බය වෙන්න එපා!""ඌ කතා කරනවද?
මාව හොයනවද?
කලබල කරනවද?
ඌට මොකද වෙන්නෙ කියලා මට කියපං බං!!!
කිසිම දෙයක් හරියට නොදැන මාව පිච්චෙනවා වගේ!""අයියෙ!
උඹ කලබල නොවී වරෙන්කො බං.
අපිත් තාම හරියට මොකුත් දන්නෙ නෑ.
විස්තරේ අහගෙන අපිවත් එලියට දැම්මා.
ඒත් බය වෙන්න දෙයක් නෑ.
මෙතන හැමෝම ඌව බලනවනෙ.
ආවට පස්සෙ අපි විස්තර අහලා බලමු!
මං එහෙනම් තියන්නම්.
ඇතුලෙන් මොනවත් කිව්වොත් අහගන්න ඕනෙනෙ."